සෞභාග්‍යයේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ කිරෙන් සපිරි දැයක් පිළිබඳ සඳහන් කර ඇත. එය කොතෙක් දුරට යථාර්ථයක් කරගත හැකිද, ඒ සඳහා කළ යුතු දෑ මොනවාද? ඒ සඳහා යා යුත්තේ කෙසේද යන්න පිළිබඳව ශ්‍රී ලංකා පශු සම්පත් සංවර්ධන මණ්ඩලයේ සභාපති මෙන්ම සබරගමුව විශ්වවිද්‍යාල කෘෂි විද්‍යා පීඨ පීඨාධිපති මහාචාර්ය මංජුල සුමිත් මාගමගේ මහතා සමග කළ සාකච්ඡාවකින් මෙම ලිපිය සකසා ඇත.
ශ්‍රී ලංකාවේ කිරි කර්මාන්තය ගොඩනැගී ඇත්තේ ස්ථම්භ තුනකිනි. ඒ
1. කුඩා කිරි ව්‍යවසායකයා
2. මධ්‍ය පරිමාණ කිරි ව්‍යවසායකයා
3. මහා පරිමාණ කිරි ව්‍යවසායකයා
මෙම ස්ථම්භ තුනේ නියෝජනයෙන් වසරකට නිපදවනුයේ කිරි ලීටර් මිලියන 420 ත් 450ත් අතර ප්‍රමාණයකි. දෙකෝටියකට වැඩි ජනතාවගෙන් නැවුම් කිරි පරිභෝජනය සඳහා දිනකට අවම වශයෙන් මිලි ලීටර් 100 කට වැඩි ප්‍රමාණයක් පරිභෝජනයට ලබා දේ නම් වෛද්‍ය පර්යේෂණ ආයතනයේ නිර්ණායක අනුව දළ වශයෙන් වසරකට කිරි ලීටර් මිලියන 780 ක ප්‍රමාණයක් අවශ්‍යවේ. බටර් චීස්, යෝගට් ආදී සියල්ල එක්වූ විට කිරි ලීටර් මිලියන 1300 ක් පමණ අවශ්‍ය වේ.
මෙම අවශ්‍යතාවන්ගෙන් දැනට ලංකාවේ කිරි නිෂ්පාදන 35% කි. ඉතිරි 65% පිටරටින් ගෙන්වනු ලබන අතර ඒ සඳහා වසරකට රුපියල් බිලියන 54 - 58 අතර මුදලක් වැයවේ.
මේ අනුව ලංකාවේ කිරි කර්මාන්තයේ වටිනාකම දළ වශයෙන් බිලියන 35 ක් පමණ වේ. මින් 90% ක් කිරි සපයනුයේ කුඩා පරිමාණයේ කිරි ව්‍යවසායකයින්ය. සතුන් 02 සිට සතුන් 20 දක්වා වන ව්‍යවසායකයින් මෙම මුළු නිෂ්පාදනයෙන් (ලීටර් මිලියන 420 න්) 90% ක් සපයනු ලබයි.
මහා පරිමාණ කිරි ගොවිපළවල් 3 ක් පවතී. ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩල ගොවිපොළ, අඹේවෙළ/ නවසීලන්ත ගොවිපොළ හා වටවල ගොවිපොළ ඊට අයත්ය. සතුන් 1000 කට වැඩි ගොවිපොළ වන්නේ ඉහත කී ගොවිපොළ තුන පමණි. ඉන් මුළු නිෂ්පාදනයට දායක වන්නේ 3.5% ක් පමණි.
ඉතිරි 6.5% දායක කරනුයේ කිරි ගවයින් 25ත් 300ත් අතර ඇති මධ්‍ය පරිමාණයේ ව්‍යවසායකයින් විසිනි. මේ අනුව නිෂ්පාදනයෙන් 90% කට දායක වන කුඩා පරිමාණ කිරි ව්‍යවසායකයා ආරක්ෂා කිරීම ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලයේ වගකීම බවට පත්වේ. කුඩා පරිමාණ කිරි ව්‍යවසායකයාට අභිජනන සතුන් ලබා දීම පශු සම්පත් මණ්ඩලයේ මූලික වගකීමයි. සමහර අවස්ථාවල කිරි ගොවියාගේ කිරි දෙනුන්ට එක පිට පිරිමි සතුන් ජනනය වන බැවින් ඒ ගැහැණු සතුන්ගේ අඩුව සඳහා මණ්ඩලය එම අවශ්‍යතාවයට උසස් ආරයේ ගැහැණු පැටවුන් ලබාදිය යුතුයි.
පශු සම්පත් මණ්ඩලයට මහා භාණ්ඩාගාරයෙන් වැටුප් සහ නඩත්තුව සදහා වාර්ෂික මුදල් වෙන් කිරීමක් සිදු නොවේ. මසකට ආයතනයේ වැටුප් සඳහා පමණක් ලක්ෂ 800 ක් පමණ වැයවේ. වසරකට වැටුප් ගෙවීමට පමණක් බිලියනයක් වැයවන අතර සත්ව ආහාර සැපයීමට තවත් බිලියනයක් වැයවේ.
කිරි නිෂ්පාදන ආශ්‍රිත හඳුනාගත හැකි ගැටලු කීපයක් වේ. වාර්ෂිකව එක දෙනකුට එක පැටවකු ලැබිය යුතු වුවද එසේ නොලැබීමේ ප්‍රවණතාවක් ඇති අතර සත්ව ආහාර හිඟය සමග ඇති මන්දපෝෂණ තත්ත්වය මෙහි ප්‍රබල ගැටලුවක්ව පවතී. ගවයාගේ ආහාර ජීර්ණයට ක්ෂුද්‍ර ජීවීන් වැදගත් වන අතර එම ක්ෂුද්‍රජීවීන්ට ජීර්ණයට පහසු උපස්ථර තිබෙන කුඩා කැබලි ආහාර ලබාදිය යුතුය. මෙම ක්ෂුද්‍රජීවීන්ට පහසු උපස්ථරමය ආහාර ලබා නොදීමෙන් සහ ආහාරවල පවතින ගුණාත්මක භාවය අඩුවීමත් මත සතුන් මන්දපෝෂිත තත්වයෙන් පෙළීම හැකි ඉක්මනින්ම විසදාගත යුතුය. ලංකාවේ සිටින ගවයින්ගෙන් 60% - 75% මන්දපෝෂිත තත්වයෙන් පෙළෙයි.
ගවයන් සතුන් සඳහා දෙන ආහාර සලාකය යම් කාලයකට සහනයක් (අඩු මිලට) ලබාදීම, පෞද්ගලික හා රාජ්‍ය අංශයේ සහභාගීත්වයෙන් ඉහළ ගණයේ තෘණ, සයිලේජ් වැනි ආහාර සහ පැය 24 පුරා සතුන්ට පිරිසිදු ජලය ලැබෙන ක්‍රමයක් සකසා දීම සහ කිරි එකතු කිරීම විධිමත් කිරීමෙන් වසරක කාලයකදී අද නිපදවන කිරි ප්‍රමාණයට අමතරව කිරි ලීටර් ලක්ෂයක් වැඩිකර ගැනීමට හැකියාව පවතී.
බොහෝ අය සිතනුයේ සතුන් පිටරටින් ගෙන්විය යුතු බව, දෙමුහුන් ඉහළ ගණයේ සතුන් අවශ්‍යයි යන්න මිස ඉන්නා සතුන්ගෙන් උපරිම පළදායීතාව ලබා ගැනීම කෙරෙහි අවධානය යොමු කර නොමැත. විය යුත්තේ ඉන්නා සතුන්ගෙන් උපරිම ධාරිතාවක් ලබාගන්නා අතර ඉහළ ආරේ වඩා කාර්යක්ෂම හා ප්‍රතිඵලදායී අභිජනන ප්‍රතිපත්තියකින් දේශීය කිරි ගවයකු නිර්මාණය කිරීමයි. ලංකාවේ සත්ව නිරෝධායන නීතිරීති අනුව ඉන්දියාවෙන් හා පකිස්ථානයෙන් සත්තු ගෙන ඒමට එතරම් පහසු නොවේ. බොහෝවිට අවසරය ලැබෙන්නේ නවසීලන්තයෙන්, ඕස්ට්‍රේලියාවෙන් මෙන්ම ඩෙන්මාර්කය වැනි රටවලින් ගෙන්වීමට පමණක් වන අතර එම සත්වයන් ඇතැම් දේශගුණික කලාපයන්ට පමණක් යෝග්‍යවේ. අප රටට යෝග්‍ය පරිදි අභිජනනය ක්‍රියාවලිය තුළින් දේශීය කිරිගවයෙකු නිර්මාණය කිරීම මෙහි දී වැදගත් වන්නේ එම නිසාය.
ඉහළ ගණයේ ආහාර නොමැතිවීම, නිසිලෙස ක්‍රියාත්මක වන සත්ව රෝග සඳහා සහනදායී ලෙස දේශීය වශයෙන් නිෂ්පාදිත ඖෂධ ලබාදීම, නිසි කලට රෝග වැළක්වීමේ එන්නත් ලබාදීමේ නිසි ක්‍රියාවලියක් නොමැතිවීම යන කරුණු ගැන වඩා වැඩි අවධානයක් යොමුකර යුතුය. මුඛ හා කුර රෝග තත්වය නිසා වාර්ෂිකව කිරි සහ අනෙකුත් නිෂ්පාදන මගින් රුපියල් මිලියන ගණනක් මෙම ව්‍යාපාරයට අහිමිවේ. සත්ව රෝග වැළැක්වීමට විදේශ රටවල් මූලික කරගත් එන්නත් ගෙන්වීමේ ව්‍යපෘතිවලට මුල්තැන දීමත් දේශීය වශයෙන් නිපදවීමට උනන්දුවක් සහ අනුබල දීමක් හෝ දිරිගැන් වීමක් නොමැති වීමද මීට බලපෑ හේතූන් අතර වේ.
මේ සඳහා පශු පර්යේෂණ ආයතනයක් ගන්නොරුව පිහිටා ඇති අතර මෙරටට අවශ්‍ය ප්‍රතිකාර එන්නත් නිපදවීම හා බුරුළු ප්‍රදාහය සහ කිරි වැරීම සඳහා වන ඖෂධ නිපදවීමේ හැකියාව පවතී. දක්ෂ සැලකිය යුතු පර්යේෂකයන් පිරිසක්ද ඒ සතුව ඇති බව නොරහසකි. 2015 වසර වන විට මෙම ඖෂධ හා එන්නත් නිපදවීම සිදුකර ඇතත් මේ වන විට එය ඉතා පසුගාමී තත්වයක පවතී. පිටරටින් එන්නත් ගෙන්වීම සිදුවන අතර එම එන්නත්වල සාර්ථකත්වය අවම මට්ටමක පවතී. මිලද ඉතා අධිකය. මෙනිසා මෙම කර්මාන්තයේ නිරතව ඇති පිරිසට වැය ඉතා අධිකය. එම අධික පිරිවැය නිසා සතුනට අවශ්‍ය බෙහෙත් හේත්, එන්නත් ලබාදීමට යම් ආකාරයක මැළිකමක් දැක්වීමේ ප්‍රවණතාවයක් ගොවීන් අතර පවතී. මෙම ඖෂධ දේශීය වශයෙන් නිපදවා යම් සහනදායී මිලකට ලබාදීමේ වැඩපිළිවෙළක් දියත්වේ නම් කිරි ව්‍යවසායකයාට සහනයක් වේ.
වාර්ෂිකව 250,000 ක් (දෙලක්ෂ පනස් දහසක්) සතුන්ගෙන් කිරි ගන්නවා යනු පැටවුන් ද එම ප්‍රමාණයක් බිහිවීම සිදුවන අතර ඉන් 50% ක් පිරිමි සතුන් වේ. මෙම උපදින පිරිමි සත්තු ඉවත් කළ යුතු අතර මීට අමතරව සෑම ගොවිපළකම සිටින වැඩිහිටි සතුන්ගෙන් 20% පරිභව ඝාතනය සඳහා (මස් පිණිස) ඉවත් කරනු ලබයි.
ලංකාවේ පවතින එක් ස්වයංපෝෂිත කර්මාන්තයක් ලෙස ගවමස් කර්මාන්තය සැලකේ. ලංකාවේ වාර්ෂික ගවමස් ඉල්ලුම මෙට්‍රික් ටොන් 30,000 කි.
2019 වසරේ පිටරටින් ගෙන්වා ඇති ප්‍රමාණය මෙට්‍රික් ටොන් 119 කි. ඊට වැයවී ඇති මුදල මිලියන 116 කි. දේශීයව මස් අනුභව කරන්නන්ට පිටරටින් මෙම මස් ආනයනයට වාර්ෂිකව රුපියල් බිලියන 30 ක් වැයවේ. මෙම පිරිමි සතුන් සහ වාර්ෂිකව ඉවත් කරන සතුන්ගෙන් (සත්ව අපහරණ ආදායම නොලැබී යාමෙන්) කිරි ව්‍යවසායකයාට ආදායමක් නොලැබුණහොත් එම ගොවිපළවල් පාඩු ලබන තත්වයට පත්වේ.
නැතහොත් දේශීය සත්ව අපහරණ කර්මාන්තය බිඳවැටීමත් සමග බිලියන 35 ක් වන දේශීය කිරි කර්මාන්තය කඩා වැටීමත් සිදුවේ.
බිලියන 54 ක් කිරිපිටි ආනයනය සඳහා වැයකරන අතර දේශීය කිරි හා ගව අපහරණ කර්මාන්තය ලෙස ගත්කල මුළු වටිනාකම රුපියල් බිලියන 120 කි. මෙම කර්මාන්තය සඳහා ප්‍රතිපත්ති සැකසීමේදී මෙම ආර්ථික දත්ත විශ්ලේශණය නොකිරීම කණගාටුවට කරුණකි.
ගව අපහරණය නතර කිරීම තුල ආර්ථික හානිය එසේ වන විට වසරකට සතුන් ලක්ෂයක් අත්හැරීම තුළ සමාජ ගැටලුවක් ඇතිවේ. වසරකට සතුන් ලක්ෂයකට අභයදානය දීම සහ ඔවුන්ට ආහාර සපයන්නේ කෙසේද? කිරි ලබාදෙන සතුන් 250,000 (දෙලක්ෂ පනස් දහසකට) කට ආහාර සලාකය ලබා දිය නොහැකි පසුබිමක පවතින රට වාර්ෂිකව තවත් අමතර අපහරණ සතුන් ලක්ෂයක් රැකබලා ගන්නට මහා භාණ්ඩාගාර ආර්ථිකය ශක්තිමත්ද යන්න ප්‍රශ්නයකි. දළ වශයෙන් මේ සඳහා රුපියල් බිලියන 6 ක් වැයවේ.
අන්තර් ජාතික නියමයන්ට අනුකූලව සතුන් අපහරණ නීතිය ක්‍රියාත්මක කිරීම ශ්‍රී ලංකාව වැනි රටකට කෙතරම් ආර්ථික වාසියක් අත්වනු ඇත්දැයි ප්‍රතිපත්ති සම්පාදකයින් කල්පනා කර බැලිය යුතුය. කිරි කර්මාන්තය නංවාලීමට නම් කාරණා 3ක් සම්පූර්ණ කළ යුතුය.
සතුන්ට අවශ්‍ය පෝෂණය, ජලය සහ සැපපහසුව ලබාදීම, සත්ව රෝග නිවාරණය සහ ඖෂධ එන්නත් නිසිකලට සහනදායී ලෙස ලබා දීමට අවශ්‍ය උපරිම පහසුකම් සැලසීම, කෘතීම සිංචන ක්‍රියාවලිය යාවත්කාලීන කොට ලිංග නිර්මිත ශුක්‍රාණු භාවිතය, කලල බද්ධය වැනි ව්‍යාපෘති මගින් උසස් ආරයේ දේශීය කිරිගවයෙකු දේශීයව නිර්මාණය කිරීම සහ වසර අසූවකට අධික කාලයක් තුළ විවිධ අභිජනන මට්ටම් වලින් අභිජනනය සිදුකොට ඇති සතුන් සඳහා පුළුල් වශයෙන් ජානමය විශ්ලේශනයක් (Gene Sequencing) කොට සියලු සත්ව නිෂ්පාදන දත්ත ඩිජටලීකරණය කිරීම වැනි ක්‍රියවලියක් හරහා මෙම සර්වකාලීන දැක්ම යථාර්තයක් කිරීමෙන් පමණක් දේශීය කිරි නිෂ්පාදනය සෞභාග්‍යයේ දැක්මට අනුව කිරෙන් සපිරි රටක් යන්න සඵල කර ගැනීමට හැකිවනු ඇත.
(සටහන - බෙලිහුල්ඔය ප්‍රින්ස් රත්නායක)
ප්‍රවීණ ගත්කරුවකු සහ ලේඛකයකු වූ පියදාස වැලිකන්නගේ මහතා ඉකුත් 25 වැනිදා අභාවප්‍රාප්ත විය. මේ ලිපිය ඒ නිමිත්තෙනි.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙම නොවැම්බර් මස 17 වැනිදා සිට 23 වැනිදා දක්වා ශ්‍රී ලංකාවේ විස්තීර්ණ ණය ගිවිසුම සම්බන්ධයෙන් පැවැති සමාලෝචනය අවසන් වී තිබේ. ඒ අ
පෞද්ගලික හා අර්ධ රාජ්‍ය අංශයේ සේවය කරන විශ්‍රාම වැටුප් ක්‍රමයකට හිමිකම් නොමැති සේවක පිරිස් සඳහා අනිවාර්ය විශ්‍රාම දායක මුදල් ක්‍රමයක් ලෙස 1958 අංක 15 දරන
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් විසින් පසුගිය දා ශ්‍රී ලංකාව සමග දැනට ක්‍රියාත්මක වැඩසටහනට අදාළව තුන් වැනි සමාලෝචනය නොබෝදා සිදුකරන ලදී. මූල්‍ය
මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේ දී ඉතිහාසයේ පළමු වතාවට සිදුවීම් ගණනාවක් දැකගත හැකි විය. ඒවා ජාතික ජන බලවේගය පිහිටු වූ වාර්තා ලෙසද ඇතැමුන් හඳුන්වනු දුටුව
මහ මැතිවරණය නිමා වී ඇත. නව පාර්ලිමේන්තුව ද පළමු වතාවට ඊයේ රැස්වූයේය. ජාතික ජන බලවේගයේ දේශපාලන වැඩසටහන විධායකය සහ ව්‍යවස්ථාදායකය යන ක්ෂේත්‍ර දෙකේම ශක්
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ගවයන්ට අභයදානය දී කිරි කර්මාන්තය නැංවිය හැකිද
නදීකා නිර්මලී Friday, 04 December 2020 09:00 PM
කාලීන වශයෙන් වැදගත් කතිකාවක්. කිරි ගව කර්මාන්තය සහ ගව මස් නිෂ්පාදනය එකිනෙක බැදී පවතී. එක් අංශයක අඩාල වීම අනික් අංශයේ පරිහානියට හේතුවේ. ගව මස් අනුභව කිරීම නොකිරීම යන්න විවිධ කරුණු මත වෙනස් වුවත් ගව මස් සඳහා ද මෙරට ඉල්ලුමක් පවතී.
nisar Wednesday, 09 December 2020 05:40 AM
පොරොන්දු වු පරිදි ගව මස් තහනම ක්‍රියාත්මක කරන්න. සංඛ‍්‍යා දත්ත අදාළ නැත. නැත්නම් අපි පෙළපාළි යනවා.
Aruna Manchanayaka Wednesday, 09 December 2020 07:44 AM
මේ ලිපිය හොද පැහැදිලිකිරිමක්
Kamal Koyrala Thursday, 10 December 2020 10:54 AM
අභය දානය මොකටද සර්...? අගමැතිතුමා ගව ඝාතනය තහනම් කළා නේද?
NMWednesday, 16 December 2020 01:32 AM
සෞභාග්‍යයේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ කිරෙන් සපිරි දැයක් ප්‍රකාශ වුවත්එය ප්‍රයෝගිකව කිරීමට හැකිද? නැත, දේශපාලන ප්‍රතිපත්ති ප්‍රකාශන සම්පාදනය කරන්නවුන්, උපදෙස්දෙන පුද්ගලයන්, දේශපාලකයන් සියල්ලෝම රටේ ජනතවට කියා සිටින්නේ ලංකාවේ 100% කිරි නිපදවා කිරෙන් රටම ස්වයංපෝෂිත කල හැකිබවකි. මෙය සිදුකරන ආකාරය පිලිබදව කියන්නෝ සහ අසන්නෝ පවා කොතෙක් දුරට එය යථාර්ථයක් කරගත හැකිද, ඒ සඳහා කළ යුතු දෑ මොනවාද? ඒ සඳහා යා යුත්තේ කෙසේද කියා නොදන්නේය. ලංකාවේ 100% කිරි නිපදවා කිරෙන් රටම ස්වයංපෝෂිත කල හැකිය. නමුත් අවසානයේ කිරි ලබාදෙන එළදෙනුන්ට සිදු කරන්නේ කුමක්ද ? ලෝකයේ දියුණු රටවල කිරි ලබාදෙන එළදෙනුන් නිසි කාල සීමාවන්ට පැමිණිවිට එම දෙනුන් දහස් ගණනින් ගව ඝාතනාගාර වෙත යැවීම සිදු වේ. මාංශ නිෂ්පාදනය $ බිලියන ගණනක් එම රටවලට උපයෙනවා පමණක් නොව ලක්ෂ ගණනක් රැකියාවන් පවා සිනිරතව සිටි ලංකාවේ එසේ කිරීමට නොහැක. කිවයුතුදේ, කලහැකිදේ රටට කෙලින් නොකියා අදුරේ අතපත ගන්නේ මන්ද ?
දිලාන් Saturday, 12 December 2020 07:30 AM
ඉන්දියාව කියන්නේ ගව සම්පතින් ප්‍රයෝජන ගන්න අපිට වඩා ගොඩක් ඉදිරියෙන් සිටින රටක්. අන්න ඒ රටේ කර්ණාට ප්‍රාන්තේ වගේම තවත් ප්‍රාන්ත කිහිපයකම ගව ඝාතනය විතරක් නෙමෙයි ගව මස් ප්‍රවාහනය පවා තහනම් කරලා තියනවා. අපේ ඇඩ්වයිසර් ඔස්තාර්ලා හිතන්නේ වැඩිපුර ඉපදෙන පිරිමි ගව පැටව් ඉන්නේ කට්ටියගේ කෑම පිගානේ තියාගන්න කියලා. මේ ඊනියා ආර්ථික ඔස්තාර්ලට මුලින්ම උගන්වන්න ඕනෑ ආර්ථික ලාභයට පෙර ගවයන්ට ආදරේ කරන්න, සලකන්න...
anuraSunday, 13 December 2020 02:43 PM
ඩෙංගු මදුරු මර්ධනය, ධීවර කර්මාන්තය, පළිබෝධනාශක භාවිතය, වහා තහනම් කළ යුතුය. මාර්ගවල දඩාවතේ යන සුනඛයන් හට නිවාස සාදා දී උන්ව පෝෂණය සඳහා ජනතාවගේ මුදල් වහාම වෙන් කළ යුතුයි.
sampath Saturday, 12 December 2020 01:37 PM
පොතේගුරාලා කියපු දේවල් කරලා රටට වෙච්ච එක හොදක් කියන්න දන්න කෙනෙක්... අපේ රටෙ අවුරුදු දහස් ගණනක් හරක් හැදුවා.. ඒත් ඒ සතුන් මරාගෙන කන ක්‍රමයක් තිබුණේ නැහැ. පෘතුගීසි ඇවිත් අපිට ඒ කාලෙ ඉගැන්නුවා. පස්සෙ කාලෙ ඒක දිගටම කරන් ආව විදෙස් විනිමය ගිනි තියලා කිරිපිටි මාෆියාව එළියට ආවා. ලෙඩ්ඩු හැදිලා ඖෂධ මාෆියාව අහුවුණා. දැන් සනීපද?
Saman Monday, 14 December 2020 02:52 AM
මම හිතන්නේ මෙක ඇත්ත කතාවක් කියලා... ඉතින් අපට මෙ ගැන වඩාත් හොදින් හිතන්න වෙනවා.
Asanka Monday, 14 December 2020 02:52 PM
කිසිම ප්‍රායෝගික යමක් කර නැති, තම පැවැත්මට මව්පියන් පවා විකිණීමට පසුබට නොවන මෙවන් අධමයින්ගෙන් මිට වඩා දෙයක් බලාපොරොත්තු විය නොහැක. මොහුගේ තර්කය අනුව ගත් කල රටක විශ්‍රාමිකයින් ද එරට ආර්ථිකයට බරක් වන නිසා මරා දැමිය යුතු වේ. මිහිතලය තමන්ට පමණක් අයත් දෙයක් බවත්, අනෙක් සියලුම ජීවින් තමාගේ පැවත්මට පමණක් යැයි සිතන මෙවන් මුග්ධයන් හමුවේ... කොරෝනා වැනි උවදුරු තව තවත් වර්ධනය වන බව අරුමයක් නොවේද?
ජනකMonday, 21 December 2020 07:48 AM
හරි ඔබතුමා කියන්න බලන්න ඒ අතිරික්ත හරක් කළමනාකරණය කරන විදිහ.
AsankaTuesday, 22 December 2020 02:53 AM
ඔබතුමා ඊට කලින් වැඩිවන මිනිස් ගහණය ගැන මොකද කියන්නේ...? ලෝකයට දරා ගැනීමට අපහසු අයුරින් එය වර්ධනය වෙලා නේද? එක් මිනිසෙක් තම ජීවිත කාලය තුළ කොතරම් ස්වභාවික සම්පත් ප්‍රමාණයක් පරිභෝජනය කරන්නෙහිද? තම අධි පරිභෝජනය උදෙසා කොතරම් ගවයන් ප්‍රමාණයක් අභිජනනය හෝ වෙනත් ක්‍රම මගින් බිහි කරනවද? තම පරිභෝජනය සඳහා අසාමාන්‍ය සත්ව ගහණයක් නිර්මාණය කර, නැවත ඔවුන් මස් පිණිස යොදා ගැනීම සාධාරණී කරණය කිරීම ගැන මිනිසා ලැජ්ජා විය යුතු නොවේද? මිනිස් ගහණය වර්ධන වේගය අඩු කිරීමෙන් හා අධි පරිභෝජනය නැවැත්වීමෙන් පමණයි මෙවැනි ගැටළු වලට විසඳුම් සෙවිය හැක්කේ... නමුත් සිදුව ඇත්තේ තම ජනවර්ගය උසස් යයි සිතමින් වඩවඩාත් තම වර්ගයා බෝ කිරීමට එළැඹීමයි. මිනිසාගේ ආත්මාර්ථය නිසා කිසිම දිනෙක මෙවැනි වැඩ පිළිවෙලකට යොමු නොවනු ඇති... ස්වභාව ධර්මයේ රීතීන්ට කිසි ගරුසරුවක් නොදක්වන මිනිසාට, ස්වභාව ධර්මය මගින්ම නිසි දඬුවම් ලැබීම නොවැළැක්විය හැකිද?
සෙනෙවිරත්න Tuesday, 22 December 2020 01:53 PM
රාජපක්ෂවරු මේ කරන්නෙ රැවටීමක් බව ඔබ සියලු දෙනාමත් ගව සංහතියත් දැනගත යුතුය