ගෑස් හිඟය පිළිබඳ ගැටලුව විසඳා ගැනීම සඳහා ප්‍රධාන ආයතන සමඟ සාකච්ඡා කරමින් සිටින බව කැබිනට් ප්‍රකාශක, ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පසුගියදා පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී ප්‍රකාශ කළේය.
රටේ පවතින ගෑස්, කිරිපිටි, වාහන අමතර කොටස්, සීනි, පරිප්පු හිඟයට විසඳුම් ලබාදෙන්නේ නැද්දැයි මාධ්‍යවේදියකු නැගූ පැනයට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා එසේ සඳහන් කර තිබිණි. රටපුරා ගෑස් අලෙවි මධ්‍යස්ථාන රැසක ගෑස් මිලදී ගැනීම සඳහා පෝලිම් පවතින බව මාධ්‍ය ඔස්සේද වාර්තා කරනු ලැබීය.
අමාත්‍යවරයා එසේ ප්‍රකාශ කරන විට ලිට්රෝ ගෑස් සමාගමේ සභාපති තෙෂාර ජයසිංහ මහතා අපගේ ‘ලංකාදීප’ය කළ විමසීමකදී ප්‍රකාශ කර තිබුණේ රට තුළ කිසිදු ගෑස් අර්බුදයක් ඇති නොවන බවය. රටට අවශ්‍ය කරන සියලුම ගෑස් සැපයීමට තම සමාගමට හැකියාව තිබෙන බවත් ඔහුගේ ප්‍රකාශයේ සඳහන් විය. පසුගිය දින දහය තුළ පමණක් ගෘහස්ථ ගැස් සිලින්ඩර අනූපන්දහසකට වඩා දෛනිකව නිකුත්කර ඇති බවත් එය වෙනත් දිනවලට සාපේක්ෂව අතිරික්තයක් බවත් ඔහු තවදුරටත් කියා තිබිණි.
මෙය හතර බීරි කතාවකි. කැබිනට් ප්‍රකාශක අමාත්‍යවරයා රටේ ගෑස් හිඟය පිළිබඳ ගැටලුව විසඳා ගැනීමට සාකච්ඡා කරන බව ප්‍රකාශ කරද්දී රටට ගෑස් සැපයීමේ වගකීම පැවරී ඇති ලිට්රෝ සමාගමේ සභාපති පවසන්නේ කිසිදු අර්බුදයක් නොමැති බවය. මහජනතාව පවසන්නේ තමන් පෝලිම්වලට පැමිණ සිටින්නේ ඇඟේ අමාරුවට නොව නිවෙසේ ගෑස් අවසන් වීම හේතුවෙන් උයා පිහා ගැනීමට නොහැකි වීම නිසා බවය. භාණ්ඩ හිඟවන විට පෝලිම් ඇතිවීම ‘ශක්‍රයාගේ පුතා වයිමාට’ වුවද වැළැක්විය නොහැකි බව යථාර්ථයයි.
මේ අතර ලාෆ්ස් ගෑස් කිලෝ 12.5 සිලින්ඩරයක මිල රුපියල් 363කින් ඉහළ දැමීමට පාරිභෝගික කටයුතු අධිකාරිය එම සමාගමට අවසර දී ඇති බව ප්‍රකාශයට පත් වී තිබේ. ඒ අනුව එම සමාගම ඉදිරියේදී ක්‍රියාකරන ආකාරය අනුව ගෑස් පෝලිම් ඇතිවීම හෝ නැතිවීම තීරණය වනු ඇත.
කිරිපිටි හිඟවන විට හෝ නැත්තටම නැතිවී ගියහොත් හෝ තාවකාලිකව ප්ලේන්ටියෙන් වුවද ජාම බේරාගැනීමට හැකියාව තිබේ. එහෙත් ගෑස් නැති වීමේදී එවැනි තාවකාලික පිළිතුරක් නැත. කොළඹ ඇතුළු ප්‍රධාන නගර සහ අර්ධ නාගරික ප්‍රදේශවල පමණක් නොව ඈත ගම් දනව්වල වුවද ගෑස් නැත්නම් බොහෝ දෙනකුට උයා පිහා ගැනීම කෙසේ වෙතත් ප්ලේන්ටියක් හදා ගැනීමට හෝ හැකියාවක් නැත.
දර භාවිතයෙන් නිවෙස්වල ඉවුම් පිහුම් සිදුකළ කාලය අවසන් වී බොහෝ කල් ඉක්ම ගොසිනි. එවැනි විකල්පයකට නාගරික හෝ අර්ධ නාගරික වැසියන්ට ඉඩක් ඇත්තේම නැත. මහල් නිවාස සහ පර්චස් පහේ හයේ ඉඩම් කැබලිවල ඉදිකරගත් බොහොමයක් නිවෙස්වල දර ළිපක් ගැන සිතන්නටත් බැරිය. ගෑස් ලිපට හුරුවීමෙන් පසුව භූමිතෙල් උඳුන්වලට මාරුවීමද කළ හැක්කක් නොවේ. මේ නිසා ගෑස් හිඟයට එකම පිළියම ගෑස් ප්‍රමාණවත් තරම් සැපයීම පමණි. මෙවැනි අවස්ථාවක උයා පිහා ගැනීමට විකල්ප හඳුන්වාදීමට යාම මහජනතාවගේ කෝපය ඇවිස්සීමට පමණක් හේතුවන බව සියලුදෙනා තේරුම් ගත යුතුය.
රට තුළ ගෑස් හිඟවීමට ප්‍රධාන හේතුව මෙතෙක් මෙරට ගෑස් අලෙවියේ දෙවැනි ස්ථානයේ පසුවූ ලාෆ්ස් ගෑස් සමාගම ගෑස් අලෙවියෙන් ඉවත් වීමය. එම සමාගම එතැනට තල්ලු වූයේ සති ගණනාවක් තිස්සේ සිදුකළ අනතුරු ඇඟවීම්වලින් පසුව බවත් ඔවුන්ගේ ඉල්ලීම්වලට බලධාරීන්ගෙන් කිසිදු විසඳුමක් නොලැබීම හේතුවෙන් එම තීන්දුව ගත් බවත් රහසක් නොවේ. ලාෆ්ස් සමාගම ව්‍යාපාරික කටයුතු අත්හරින විට රුපියල් බිලියන ගණනින් බැංකුවලට ණය වී සිටි බවටද වාර්තා පළවිය. බිලියන ගණන් අතින් පාඩු කරගෙන කිසියම් සමාගමක් ගෑස් ගෙන්වා බෙදාහරිනවා නම් ඒ සමාගමේ අයිතිකරුවන්ට මොළේ අමාරුවේ හොඳම එක තිබිය යුතු බවට විවාදයක් නැත. එහෙත් අවාසනාවකට මෙන් මේ තත්ත්වය යථා පරිදි තේරුම් ගැනීමට බලධාරීහු අසමත්ව සිටිති. නැතහොත් උවමනාවෙන් තේරුම් නොගෙන සිටිති. ප්‍රතිඵලය රට තුළ ගෑස් හිඟයක් නිර්මාණය වී ජනතාවට පෝලිම්වල කාලය කා දැමීමට සිදුව තිබීමය.
ලාෆ්ස් සමාගම තමන්ට පාරිභෝගික අධිකාරියෙන් ලබාදී ඇති මිල ඉහළ දැමීමේ අවසරය අනුව ගෑස් ගෙන්වා බෙදාහැරීම ආරම්භ කළහොත් එය පාරිභෝගිකයන්ට සේම එම සමාගමේ සේවය කළ පිරිස්වලටද සහනයක් වනු ඇත. එහෙත් ඒ සමඟ ලිට්රෝ සමාගමද මිල වැඩිකළහොත් එය ජීවන බරින් අධිකව මිරිකී සිටින ජනතාවගේ පීඩනය තවදුරටත් වර්ධනය කරනු ඇති බවද සඳහන් කළ යුතුය.
අඩුම තරමින් මිල වැඩිකර හෝ ගෑස් සැපයීම යථා තත්ත්වයට පත් කිරීමට නිසි පිළියම් නොයෙදුවහොත් පෝලිම් ඇතිවීම වළක්වාගත නොහැක. මෙය කිරි පිටි හිඟයටද එකසේ අදාළය. ආනයනික කිරිපිටි මත පනවා තිබෙන බද්ද සම්පූර්ණයෙන් ඉවත් කිරීමට රජය තීරණය කර ඇත්තේ එයට විසඳුමක් වශයෙන් විය යුතුය. එහෙත් එම විසඳුම කිරිපිටි සමාගම් නොපිළිගන්නේ නම් කිරිපිටි හිඟයද දිගටම පවතිනු ඇත. එසේ වුවහොත් රට යළිත් පෝලිම් යුගයක් කරා ඇදෙමින් පවතින බවට මහජනතාව තුළ බරපතළ සැකයක් සහ බියක් මතුවන බවට කතා දෙකක් නැත.
(***)
ට්‍රම්ප්ගේ වෙෙළඳ කම්පනය ගෝලීය පිළිවෙලට දැවැන්ත පහරකි. එය නියෝජනය කරන්නේ 1970 ගණන්වලදී බ්‍රෙට්න්වුඩ්ස් ක්‍රමය අවසන් වීමෙන් පසු ඇති වූ විශාලතම බිඳවැටීමය
ශ්රී සුගත තථාගත සම්මා සම්බුදු රජාණන් වහන්සේ පන්සාළිස් වසරක් මුළුල්ලේ දේශනා කොට වදාළ ස්වාසුදහසක් ශ්‍රී ධර්මස්කන්ධයේ පහස ලැබුවුවා වූ පරම පූජනීය අතිඋ
ක්‍රිස්තුන් වහන්සේගේ මුළු මහත් මෙලෝ දිවිය, මනුෂ්‍ය පුත්‍රයකු සේ අත් විඳි ජීවිතය හමාර වන හෝරාව ක්‍රමිකව පැමිණෙමින් තිබේ. කල්වාරිය මත සිදුවෙමින් පැවති
සිංහල හා හින්දු අලුත් අවුරුදු උණුසුම තවමත් පහව ගොස් නැත. කුමන ආර්ථික ගැටලුකාරිත්වයක් තිබුණත් අපේ රටේ ජනතාව අලුත් අවුරුද්දට සූදානම් වූයේ ඒ සියලු අගහිඟ
ලෝකයේ ඉතාම ජනප්‍රිය එසේම පෝෂණීය පානයක් වන්නේ දියර කිරිය. එය ජනප්‍රිය වීමට හේතුව වන්නේ එහි ඇති පෝෂණීය ගුණය සහ විශ්වාසවන්ත භාවය නිසාය. එහෙත් ශ්‍රී ලංකාව
ශ්රී ලංකාවට පැමිණි ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා එම නිල සංචාරය නිමකර අනුරාධපුර ගුවන්තොටුපොළෙන් ඉන්දියාව බලා පිටත්ව ගියේ තවත් සුවිශේෂ කටයුත්තක
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ගෑස් සහ කිරිපිටි මැවූ පෝලිම් ක්‍රමය දිගටම යයිද?