‘‘පුතේ’’, ”හොඳට ඉගෙනගෙන ලොකු මහත්තයෙක් වෙලා නංගිටයි මල්ලිටයිත් හොඳට ඉගැන්නුවාම මගෙ පුතාට පුළුවන් මේ ගෙදර ගණ දෙවියො වඩම්වන්න.’’
විදේශ රටවල සේවය සඳහා යන අපේ රටේ ශ‍්‍රමිකයන්ගෙන් සියයට 48ක් කාන්තාවන්ය. එයින් සියයට 85 ප‍්‍රමාණයක් විදේශගතවන්නේ ගෘහ සේවය සඳහාය. විදේශගතවන කාන්තාවන් බහුතරයක් වාර්තාවන්නේ කුරුණෑගල දිස්ත‍්‍රික්කයෙනි. අඩු ආදායම්ලාභී වීම, අවශ්‍යතාවලට ගැළපෙන පරිදි ජීවන රටාවකට හුරුවීමට ඇති නොහැකියාව හා අනෙකුත් සමාජමය ගැටලූ ඊට ප‍්‍රධාන වශයෙන් බලපායි. අනෙක් අතට ආර්ථික සම්පත් බෙදීයෑමේ අසමතුලිත බව මේ සියල්ලට ප‍්‍රධානතම හේතුවයි.
එහෙත් ඉන්දියාවේ කාන්තාවෝ කිසි දිනෙක විදේශ රටවල ගෘහ සේවය සඳහා නොයති. තවත් බොහෝ රටවල ගෘහ සේවය සඳහා කාන්තාවන් පිටත්කර හැරීමට පෙර ඇය ගෘහ සේවයට යවන නිවසේ හාම්පුතාට ගිවිසුමක් අත්සන් තැබීමට සිදුවේ. ගිවිසුම නිසා ගෘහ සේවිකාවන්ට හිරිහැර සිදුවීම යම් පමණකට මගහැරෙනු ඇතැයි කිව හැකිය.
වෙනත් රටවල ගෘහ සේවයේ තත්ත්වය වුවත් ලංකාවේ තත්ත්වය නම් ඊට හාත්පසින්ම වෙනස්ය. එනම් මෙරටට විශාල ලෙස විදේශ විනිමය ප‍්‍රමාණයක් උපයා දෙන ගෘහ සේවයේ මේ වන විටත් විශාල ඛේදවාචක ගණනාවක් වාර්තා වී හමාරය. එනම් දහසකුත් පැතුම් හද දරාගෙන විදෙස් ගතවන කාන්තාවන් වැටුප් නොලැබීම, ශාරීරික හිංසාවන්ට ලක්වීම, ලිංගික හිංසාවන්ට ලක්කිරීම හා ජීවිත හානි සිදුකිරීම වැනි අමානුෂික තත්ත්වයන්ට මුහුණදීමට සිදුවී ඇත. සමාජය තුළ එවැනි චරිත බොහොමයක් අපට දැකිය හැකිය. පසුගිය දිනෙක විදෙස් ගතවී ගෘහ සේවයේ නියුතු අයේෂා දිල්රුක්ෂි නම් අවුරුදු විසි පහක තරුණිය එරටෙහිම මිය ගියේ ද ගෘහ සේවයේ ප‍්‍රචණ්ඩකාරී තත්ත්වයට සාක්ෂි සපයමිනි. එම නිසා අපි ඇගේ තොරතුරු සොයා ටී වත්ත, බේස්ලයින් මාවත, බොරැුල්ල යන ලිපිනයෙහි පිහිටි ඇගේ නිවස සොයා ගියෙමු.
”මට දරුවො තුන්දෙනෙක් ඉන්නවා. අයේෂා තමයි බාලම. මගෙ රත්තරං අයේෂා දුව තමයි මාව බලා ගත්තෙ. මීට මාස හය හතකට කලින් වගේ මගෙ ඔපරේෂන් එකක් කළා. ඒ හැමදේටම සල්ලි වියදම් කළෙත් එයා තමයි. මම කුලී ගෙදරක තමයි ජීවත් වෙන්නෙ. ඒ හැමදේම හොයල බලලා මාව බලාගත්තෙ මගෙ අයේෂා දුව.
අම්මට හැමදාම කුලී ගෙවල්වල ඉන්න බෑනෙ.... මම රට ගිහින් එන්නම්. ඇවිල්ලා අපි ගෙයක් හදමු. එතකොට අපි හැමෝටම ඒ ගෙදර සතුටින් ඉන්න පුළුවන් කියලා තමයි අයේෂා රට ගියේ. රට ගියාට පස්සෙ මට හැමදාම ?ට කතා කළා. දවසක් කතා කළාම කිවුවා වැඩ කරන ගෙදර බාබගෙ (ගෙදර අයිතිකාර මහත්තයගෙ* ඇඳුමක් මදිනකොට පිච්චුණා. ඒකට හොඳටම ගැහුවා කියලා. මම කිවුවා කරදර නම් පුතේ ගෙදර එන්න. අපට ගෙවල් ඕනෙ නෑ. තියෙන විදිහකට ජීවත් වෙමු කියලා.
අයේෂා මට අන්තිමට කතා කරපු දවසෙ කිවුවා මාස තුනක වැටුප් දුන්නෙ නෑ කියලා. මම තාමත් හිතන්නෙ නෑ අයේෂා දුව නැති වුණා කියලා. අනේ මාව බලාගත්ත රත්තරං දරුවා.’’
පසුගිය දිනකදී ඩුබායිහිදී සියදිවි නසාගත් අයේෂා දිල්රුක්ෂිගේ සීතල සිරුර මේ වන විට මිහිදන් කොට හමාරය. ඇගේ මරණය සියදිවි නසාගැනීමක් බව මරණ පරීක්ෂණයේදී තීන්දු කර ඇත. ඇයට නිවසේ තිබූ කරදරකාරී බව පවසා තිබීමත්, මාස ගණනාවක් වැටුප් නොලැබීමත්, මුදල්, කනකර කිසිවක් නොමැතිව සුදු රෙදි කඩකින් ඔතා එවූ නිරුවත් මළ සිරුරත්, ඇගේ ගෙල ප‍්‍රදේශයේ තිබූ තුවාල කැළල් කිහිපයත් පීඩාකාරී ජීවිතයේ ලකුණු කියාපෑමක් නොවන්නේ ද?
අද වන විට ප‍්‍රමිතියකින් තොරව බාල වයස්කාර දැරියන් සහ වෙනත් කාන්තාවන් ගෘහ සේවය සඳහා යොමු කරන ආයතන බොහෝය. ඇතැම් ආයතන විසින් කිසිදු පුහුණුවකින් තොරව ව්‍යාජ ලේඛන සාදා ගෘහ සේවය සඳහා කාන්තාවෝ පිටරට යවනු ලැබෙති. එම නිසා එවැනි ආයතන පිළිබඳ සමාජයේ ඔබ දැනුම්වත් විය යුතුය. එම නිසාම අපි අයේෂාගේ විදෙස්ගත වීම පිළිබඳ කරුණු සොයා බැලූවෙමු. එහිදී ඇගේ විදෙස් ගමන් බලපත‍්‍රයේ තොරතුරු අනුව ඇය ගෘහ සේවයට යොමු කළ ආයතනයට කතා කළෙමු.
එහිදී අපට දැනගත හැකි වූයේ මෙවැනි කරුණකි.
අයේෂාගේ ලිපිලේඛනවල තිබූ තොරතුරු අනුව වගඋත්තරකරුවන්ගේ ස්ථානයේ තිබූ ලිපිනය සොයා ජයා මාවතේ සැරිසැරුව ද එවැනි ලිපිනයකින් ලියාපදිංචි වූ කාර්යාංශයක් එහි නොතිබුණි. එහි තිබූ දුරකතන අංකය ඔස්සේ අදාළ පුද්ගලයකු සම්බන්ධ වුණි ද ඔහුගේ කතාව වූයේ හාත්පසින්ම වෙනස් වූවකි. ඔහු ප‍්‍රකාශ කොට සිටියේ, අයේෂාගේ විදෙස්ගතවීම සහ ඇයගේ මරණය පිළිබඳව කිසිවක් නොදන්නා බවය. තවද ඔහු සමග කළ
කතාවේදී ඔවුන් නුවර ප‍්‍රදේශයේ කාර්යාලය පවත්වාගෙන යන බවත්, අයේෂාගේ විදෙස් ගමන් තොරතුරු පත‍්‍රයට සපයා තිබූ ලිපිනය ව්‍යාජ ලිපිනයක් බවත් පැහැදිලි විය.
”මම මුලින්ම සේවය කරපු ගෙදර නෝනා ගොඩක් සැරයි. කන්න දෙන්නෙ නෑ. ඒ ගෙදර ළමයි හයක් හිටියා. මම උදේ නැගිටලා ගෙදර ඔක්කොම වැඩ කරලා ළමයි පාසල් යවන්න ඕන. ඒ ගෙදර කුකුල් කොටු අටක් තිබුණා. ඒ කුකුල් කොටුවල වැඩත් කරන්න ඕන.
හරියට පඩි ගෙවන්නෙත් නෑ. පොඞ්ඩ බැරිවෙනකොට ගහනවා. ඇඟ පුච්චනවා. ඇඟිලි පුරුක් කඩනවා. මගෙ කොණ්ඩෙ දිගට තිබුණා. ඒ කොණ්ඩෙත් කපල දැම්මා. ජීවිතේ බේරගෙන ආවෙ ගොඩක් අමාරුවෙන්. මට දරුවො හතර දෙනෙක් ඉන්නවා. තුන් දෙනෙක් බැඳලා.
ආබාධිත දරුවකුත් ඉන්නවා. මනුස්සයා රස්සාවක් කරන්නෙ නැහැ. පුංචි ගේ කෑල්ලක් හදාගෙන අසරණ කෙල්ලවත් බලාගන්නයි මට ඕන වුණේ. මගෙ දරුවන්ටත් ප‍්‍රශ්න. එයාලගෙ ජීවිත පිළිවෙළක් කරන එකත් මගෙ අරමුණ වුණා. ඒත් ඒ හැම දෙයක්ම හීන විතරක් වුණා. මට මේ පාර නම් හොඳ තැනක් හම්බවුණා. දැන් මම නිදහසේ ඉන්නවා. හොඳ තැනක් හම්බවුණොත් හොඳයි. වගකීමක් නැති අමනුෂ්‍යයො ඉන්න තැනකට ගියොත් ඒ ගෑනුන්ට දහදුක් විඳින්න වෙනවා.’’
ලතා තවමත් විදෙස් රටක ගෘහ සේවයේ නිරත වන්නීය.
ව්‍යාජ හැඳුනුම්පතක් සාදා ගෘහ සේවයට යොමු කළ බාල වයස්කාර රිසානාගේ සෝචනීය මරණය පසුගිය වසරේදී සිදුවිය. ඇය මැරෙන දෙස බලා සිටීම විනා අපට ඇය වෙනුවෙන් කිසිවක් කළ නොහැකි විය. එරට වරදට දඬුවම වූ මරණ දඬුවම ක‍්‍රියාත්මක විය. එහෙත් පාසල් යන වයසේ සිටි ළමයකු වූ ඇය ව්‍යාජ හැඳුනුම්පතක් සාදා රැුකියාවට යොමු කළ ආයතන අද රිසානා වැනිම යුවතියන් එවැනි ව්‍යාජ ක‍්‍රම මගින් පිටරට යවන බව සත්‍යයකි. එය එසේ නම් ළමා කාලය ළමයකු ලෙස යෙදවිය යුතු රිසානාලා වැනි දුප්පත් දැරියන්ගේ ජීවිත එසේ අකලට මිලින වීමට ඉඩදී අප බලා සිටිය යුතු ද? මෙවැනි කරුණුවලදී නීතියට මෙන්ම වැඩිහිටි සමාජයටත් විශාල වගකීමක් පැවරී ඇති බව අමතක නොකළ යුතුය.
මෙවැනි වූ දහසකුත් හේතු සාධක නිසා ගෘහ සේවයට යන කාන්තාවන් ක‍්‍රමයෙන් අඩු වී යන බව සංඛ්‍යාත්මකව දැක ගත හැකිය. එනම් 2012 වසරේ විදෙස් රැුකියා සඳහා ලියාපදිංචි වී ඇති ප‍්‍රමාණය දෙලක්ෂ අසූදහස් තුන්සිය තිස් එකකි. ඉන් එක්ලක්ෂ දහනවදහස් පනස් එකක් ගෘහ සේවිකාවෝය. එක්ලක්ෂ හතළිස් තුන්දහස් හත්සිය අසූ හතරක් පිරිමි ගෘහ සේවකයෝය.
මෙම සංඛ්‍යාව 2013 වසරේ අනූ හයදාස් නවසිය දක්වා පහළ බැස ඇති අතර, 2014 වර්ෂයේ අසූ අටදාස් හයසිය හැට එක දක්වා පහත වැටී ඇත. මෙය 2012ට සාපේක්ෂව 2014දී සංඛ්‍යාත්මකව පහත වැටීමකි.
මෙවැනි හේතු සාධක නිසා විදෙස් සේවයේ ඇති ගැටලූ සහගත බව කතා කළ යුතුමය. එනම් 2012 වසරේ එකඟ වූ වැටුප් නොගෙවීම, අසනීප වීම, සේවා ගිවිසුම් කඩ කිරීම්, ශාරීරික හා ලිංගික හිංසාවන්ට ලක්වීම්, මරණයට පත්වීම් සම්බන්ධ පැමිණිලි 10,220ක් විදේශ සේවා නියුක්ති කාර්යාංශයට ලැබී ඇත.
2012 වසරේ ස්වභාවික මරණ 219ක් හා අනතුරු මරණ 58ක් වාර්තා වී ඇති අතර 2013 හා 2014 වර්ෂවලද එම ප‍්‍රචාරණයන්හි වැඩි වෙනසක් වී නොමැත. එනම් 2013 වසරේ මරණ 298ක් වාර්තා වී ඇති අතර, 2014 වසරේ මරණ 294ක් වාර්තා වී ඇත. මීට අමතරව මරණ දඬුවමට අසුවී සිටින පිරිස් ද වෙති.
මේ කරුණු සේම ගෘහ සේවයට යන පිරිසට අමානුෂික ලෙස සලකන රටවල් පිළිබඳව ද අප කතා කළ යුතුය. එනම් ඉන් පළමු තැන සරියා නීතිය කි‍්‍රයාත්මක සෞදි අරාබියට හිමි වන අතර දෙවන තැන කුවේට් රටට හිමිවේ. ජෝර්දාන් තුන්වෙනි තැන ගෙන ඇත. අඩුම පැමිණිලි ප‍්‍රමාණය වාර්තා වන රට කොරියාව බව විදේශ සේවා කාර්යාංශයේ අන්තර්ජාලයට ඇතුළත් කර ඇති සංඛ්‍යාලේඛනවලින් පෙනී යයි.
තොරතුරු සැපයීම පිළිබඳ විශේෂ ස්තුතිය. සමාජ සේවා අමාත්‍ය රන්ජන් රාමනායක මහතාගේ පාර්ලිමේන්තු ලේකම් ජගත් මහතාට.
මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේ දී ඉතිහාසයේ පළමු වතාවට සිදුවීම් ගණනාවක් දැකගත හැකි විය. ඒවා ජාතික ජන බලවේගය පිහිටු වූ වාර්තා ලෙසද ඇතැමුන් හඳුන්වනු දුටුව
මහ මැතිවරණය නිමා වී ඇත. නව පාර්ලිමේන්තුව ද පළමු වතාවට ඊයේ රැස්වූයේය. ජාතික ජන බලවේගයේ දේශපාලන වැඩසටහන විධායකය සහ ව්‍යවස්ථාදායකය යන ක්ෂේත්‍ර දෙකේම ශක්
බ්‍රිතාන්‍ය යටත්විජිත සමයේ සිට මෙරට භාණ්ඩ අපනයනය සිදු වුණි. එදා සිට අද දක්වාම මෙරට ප්‍රධාන අපනයනික බෝග ලෙස හඳුනාගන්නේ තේ, පොල්, රබර් ය. එහෙත් එම පිළිගැන
ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රමුඛ ජාතික ජන බලවේගය මෙවර මහ මැතිවරණයේ දී ජනතාවගෙන් ඉල්ලා සිටියේ ‘පොහොසත් රටක් ලස්සන ජීවිතයක්’ ජනතාවට උරුම කර දීම සඳ
පෙරදිග ධාන්‍යාගාරය යන්න ඇසූ සැණින් කාගේත් මතකයට නැගෙන්නේ මහා පරාක්‍රමබාහු සමයේ අප රට හැදින් වූ නමයි. වචනයේ අර්ථය අනුව ගතහොත් පෙරදිග ලෝකයටම අවශ්‍ය තරම
ජාතික ජන බලවේගයට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක් ඉක්මවා යන ආසන 159ක අද්විතීය ජයග්‍රහණයක් ලබා දෙමින් 2024 පාර්ලිමේන්තු මැතිවරණය නිමාවට පත්විය. එහිදී සමඟි ජන බ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ගෘහ සේවයට යන කාන්තාවන් ආරක්ෂිත ද?
මුබාරක් Thursday, 14 May 2015 11:42 PM
රට ගිය අය යවන මුදල් වලට මෙන් ඔවුන්ටත් මුහුණු දෙකක් තිබේ .අපි දන්නේ ඉන් එකක් පමණි අනිත් මුහුණ උන් පර්දාවෙන් වහගෙන ඉන්න නිසා දවසක් මගේ අතට ආ බෙහෙත් තුණ්ඩුව බලනවිට එය ලංකාවේ අවරුදු 18 ක තරුණියක් .එයාගේ කකුල් දෙකම හොඳටම ඉදිමිලා තිබුන ඊත් එක්කම අත්දෙක තුවාල වෙලා තිබුන මා ඈ හා සිංහලෙන් කතාකළ මා ශ්‍රී ලංකාවේ බව දැනගත් විට ඈ නොදැනුවත්වම ඇඩුණා. ඈ ඇවිත් දවස් 10යි මුලුදවසේම හිටගෙන වැඩ කරනවා නිදාගන්න පුළුවන් වෙන්නේ පාන්දර 2 උදෙන්ම 4 ට කලින් නැගිටින්න ඕනේ. එහෙම දිගටම හිටගෙන වැඩකළ නිසා .එයාගේ මැඩම් කීවේ එම බෙහෙත්වල වියදම පඩියෙන් කපනවා කියල .ඇමති තුමියෙනි මැදපෙරදිග යන අයට ඔවුන්ගේ ස්වාමින් විසින් ඔව්න්ට අසනීප වූ විට බෙහෙත් ගන්න රක්ෂණ ලබා දිම අනිවාර්ය කරන්න .ලොකු සහනයක් මොකද මෙහෙ බෙහෙත් මිල අධිකයි (බ)
චන්ද්‍රසිරි Saturday, 16 May 2015 09:05 AM
මේක කිසිම රජයකින් විසඳන ප්‍රශ්නයක් නෙමෙයි (නි)
සෙනරත් බණ්ඩාර Saturday, 16 May 2015 12:16 PM
ඇත්තටම කියනවනම් අපි කියන දේවල් ගඟට ඉනි කපනවා වගේ වැඩක්.ගොඩක් අරාබි රටවල ඉන්නේ තවකෙක් වෙනුවෙන් හිත උනුවෙන්නේ නැති මිනිසුන් කොටසක්.නමුත් ඔය අතර හොඳ මිනිසුන් නොසිටිනවා නොවේ.අතලොස්සක් පමණයි.මේ කරුණ කිව යුතුමයි.සමහර පිරිමින් තම නිවෙස්වල සිටින මෙහෙකරියන්ගෙන් තමන්ගේ අවශ්‍යතාවයන් ඉටු කරගැනීමට කටයුතු කරනු ලබනවා.තම රටෙන් පිට විදේශ රටකට පැමිණි පසු තමන්ට සිදුවන ගහට පිළිබඳව තව කෙනෙකුට දැනුම් දීමට හැකියාවක් ඔවුන්ට නැහැ.මන්ද යත් ඔවුන් වැඩට යොදවන නිවැසියන් සමහර අවස්ථාවල දුරකතනයක් හෝ භාවිතයට නොදීම නිසා වෙනත් අයෙකු හා තම දුක් ගැනවිලි කීමට අවකාශ නොලැබීමයි.මෙවැනි තත්වයන් උඩ මා සියලු අහිංසක අම්මල අක්කල නංගිලා හැමෝගෙන්ම ඉල්ලා සිටින්නේ විදේශ ගත වීමට පෙර දෙවරක් හිතන්න. ඔබට හැකිනම් ලංකාවේ තියෙන ගාර්මෙන්ට් එකක හෝ සේවය කරන්න.එයින් ලැබෙන මුදලින් ඔබට සතුටු විය හැක. මෙම අදහස පළකරන්නේ නම් ඔබට ස්තුති වන්ත වෙමි. (කේ)
නුවන් සමරකෝන් Saturday, 16 May 2015 01:22 PM
අපි කවුරුත් දන්නා විධියට අපේ කාන්තාවන් කිසිම කෙනෙකු අසාවෙන් නෙමෙයි විදෙස් රටක් වහල් මෙහෙවර සඳහා යන්නේ. මෙහිදී මා ගෘහ සේවය වහල් මෙහෙවර ලෙස හැදින්වුයේ එහි තිබෙන නියම තත්වය එය නිසයි. යම් කාන්තාවකට තමන්ගේ ජීවන තත්වය නගා ගැනීමේ අයිතියක් ඇතත් එය කොයි ආකාරයෙන් කර ගත යුත්තේ කෙසේදැයි දැනුමක් නැත. එහි ප්‍රතිපලය, ඔවුන් නාරා දුකකට ඇද වැටීමයි. රජයෙන් මෙයට පිළියම් යෙදිය හැකියි. අපි කවුරුත් දන්නා පරිදි, පිලිපින් රජය ඒ ගැන හොඳින් ක්‍රියා කරනවා. අපේ රජයට එය කල නොහැක්කේ ඇයිදැයි දන්නේ දෙවියන්ම පමණි. (කේ)
ශෂි Friday, 15 May 2015 12:28 PM
මේක නතර වෙන්න ඕනේ. ඇයි අපේ අය අනිත් රටවල්වල වහලු විදියට වැඩකරන්න ඕනේ? නිදසෙන් පසු අපේ කපටි, ජාතිවාදී දෙසපලනයෝ රටේ අනාගතය ගෙන නොතෙක කරපු දේවල්වලින් , අසමගියෙන්. අපි දුප්පත් වුනා.(හේ)
කමනි Friday, 15 May 2015 01:26 PM
ලංකාවේ කාන්තාවන් සෞදි ගෙවල් වල සේවයට යන එක රජයෙන් තහනම් කරනවානම් එක ලොකු දෙයක්. මොකද අපේ කාන්තාවන් මෙවන් තාඩන පීඩන වලට ලක් විය යුතු නැහැ. (අ)
කුමාර Friday, 15 May 2015 07:31 PM
මටත් ගොඩක් කණගාටුවෙන් වුණත් කියන්න දෙයක් තියනවා. අපේ අහිංසක අම්මලා අක්කලා නංගිලා පිටරටවල වහල් වැඩට යවන එක දැන්වත් නවත්වන්න ඕනෑ. ඔවුන් විදින අනේකවිධ දුක්කන්දරාවන් දන්නේ රට ඉන්න සමහර අය විතරයි.අපේ විදේශ සේවා එක දන්නේ ගුවන් තොටුපොළෙන් එනකොට ලියාපදිංචි වෙලාද බලන්න විතරයි. (සමහර ඉතාම හොඳ නිලධාරීන් ඉන්නවා). දැන්වත් ඔය අපේ රටේ අනාගතය පිටරටවල වහල් වැඩට යවන එක නවත්වන්න. මේවා තමයි යහපාලනයෙන් කෙරෙන්න ඕනෑ.නැතුව කොහෙවත් යන අලි අල්ලන එක නොවෙයි. (නි)
කමණි Saturday, 16 May 2015 05:04 AM
කුමාර කියන කතාවට මමත් එකඟවෙනවා. අපේ රටේ තිබෙන සම්පත් වලින් කාන්තාවන්ට රැකියා අවස්ථා හදො දෙන්න පුළුවන්. ඒකට රජය පුද්ගලික අංශය මැදිහත් වෙන්න ඕනැ. කාන්තාවෝ පිටරට ගෙවල් වල මෙහෙකාරකමට යවන එක රටේ සංවර්ධනය නෙමෙයි (නි)