මොහොට්ටිගේ දොන් ධර්මදාස රාජපක්ෂ හෙවත් මරදානේ චොප්පේ අයියාට සහෝදරයෝ හතර දෙනෙකි. ඔවුහු ලෝර්ඞ්, ප‍්‍රියරත්න, මුනිදාස හා පොඩි මහත්තයා වෙති.
මරදානේ චොප්පෙ |
”පස් දෙනාම චණ්ඩි තමයි. පස් දෙනාටම මිනිස්සු බයයි. ඒ වගේම ආදරෙයි. චොප්පේ තමයි ඉතින් කට්ටියගෙම ලොක්කා” චොප්පෙට ලැබුණ ගරු සැලකිල්ල තමයි අනික් සහෝදරයන්ටත් ලැබුණේ මරදාන කරුණාදාස ලර්නස් අධිපති එල්. කරුණාදාස මහතා කීවේය.
විහාර මහාදේවි උද්‍යානය විවෘත කළදා එම විහාර මහාදේවි උද්‍යානය සෙනග අතුරු සිදුරු නැතිව පිරී ගියේය. උත්සව සංවිධාන කටයුතු භාරව හිටියේ එවකට කොළඹ නියෝජ්‍ය නගරාධිපතිව සිටි නන්දසේන කුරේ මහතාය. පසු කාලෙක දී කොළඹ උප නගරාධිපති සහ ජනාධිපති වූ ආර්. පේ‍්‍රමදාස ජනාධිපතිවරයාගේ කැබිනට් මණ්ඩලයේ අමාත්‍යවරයකුව සිටිමින් ප‍්‍රබල දේශපාලන භූමිකාවක් රඟ දැක්වූ සිරිසේන කුරේ මහතාගේ වැඩිමහල් සොහොයුරා නන්දසිරි කුරේ මහතාය. අතුරු සිදුරු නැතිව පිරී සිටි සෙනග මෙල්ලකර ගනිමින් උත්සවයේ කටයුතු ආරම්භ කිරීමට නන්දසේන කුරේ මහතා නොගත් උත්සාහයක් නැත. එහෙත් එම උත්සාහය ගඟට කැපූ ඉනිමෙන් අපතේ ගියේය. සෙනග හසුරුවා ගැනීමට නොහැකිවීමෙන් උත්සවයේ කටයුතුද අවුල්වන තත්ත්වයක් ඇතිවිය.
චොප්පෙ සිටියේ වේදිකාව අසලය. ඔහු වේදිකාව ඉදිරිපිටට ආවේය.
”තමුසෙ මෙහාට එනවා ඕයි” ඒ විධානය චොප්පෙගෙන් නියෝජ්‍ය නගරාධිපතිවරයාටය. නියෝජ්‍ය නගරාධිපතිවරයා වේදිකාවෙන් මෑත් විය. සැනෙකින් වේදිකාව මතට ගොඩවුයේ චොප්පේය. වේදිකාවට නැග ගත් චොප්පෙ අත්දෙක එසැවූවා පමණි. පිරිස් නිහඬ වූහ. අල්පෙනෙත්තක් බිමට වැටෙන ශබ්දය වුවද ඇසෙන තරමට නිහඬ බව ප‍්‍රබලය. උත්සව කටයුතු එතැන් පටන් කිසිදු බාධාවකින් තොරව පවත්වාගෙන යෑමේ පරිසරයක් නිර්මාණය විය.
”දැක්කානේද චොප්පෙට තිබුණ සැලකිල්ල. ඒ සැලකිල්ල මම මේ වනතෙක් වෙන කාටවත් තියෙනවා දැකලා නෑ” කරුණාදාස මහතා කියයි.
”ඇයි අපේ තාත්තා නේද සුගතදාස ස්ටේඩියම් එක විවෘත කිරීමේ උත්සවයේ ප‍්‍රධාන අමුත්තා වුණේ එහෙම කතාවක් මම අහලා තියෙනවා.” එක්සත් ජාතික පක්ෂයේ කොළඹ නගර සභා මන්ත‍්‍රී එම්. කිත්සිරි රාජපක්ෂ මහතා විමසුවේය. ඒ කරුණාදාස මහතාගෙනි.
”ආ ඔව් නේ” කරුණාදාස මහතා ද මතකය අලූත් කරගත්තේය.
”චොප්පෙ තමයි රාග බෝල සෙල්ලම දාලා සුගතදාස එක ඕපන් කළේ” කරුණාදාස මහතා කීවේය.
රාග බෝල යනු වේවැල්වලින් තැනූ බෝලයකි. එම බෝලය බිම නොවට්ටා මුළු සිරුර පුරාම ගමන් කරවීම රාග බෝල සෙල්ලමය. සැබෑ හපනෙකුට හැර එය කළ නොහැකි බව අවිවාදිතය. එබඳු හපනුන් අතර චොප්පෙ අයියා ඉදිරියෙන්ම සිටියේය. දහස් සංඛ්‍යාත ජනතාවක් අයාගත් මුවින් යුතුව එදෙස බලා සිටියහ.
චොප්පෙට පොලිසිය නඩු පිට නඩු දැම්මේය. ඒ එමගින් හෝ ඔහු කොටුකර තබා ගැනීමටය. එහෙත් පොලිසිය ගත් උත්සාහය නිෂ්ඵල විය. එයට හේතුව පොලිසිය පැමිණිල්ල ගොනු කළද සාක්ෂි දීමට කිසිවකු හෝ ඉදිරිපත් නොවීමය.
කරුණාදාස මහතා |
”ඒ කාලයේ හිටියා සුවාරිස් නඩුකාර හාමුදුරුවෝ. ඬේවිඞ් නඩුකාර හාමුදුරුවෝ කියලා. බොහොම සැර ඒ වගේම ප‍්‍රසිද්ධ නඩුකාර හාමුදුරුවෝ දෙන්නෙක්. පුදුමේ කියන්නේ ඒ නඩුකාර හාමුදුරුවෝ දෙන්නත් චොප්පෙගෙ අවමගුල් උත්සවය පෙරහැරේ ගමන් කළා. මොනවගේ ගෞරවයක් චොප්පේට තියෙන්න ඇද්ද කියලා හිතාගන්න පුළුවන්ද?” කරුණාදාස මහතා අසයි.
එක් දිනක් චොප්පේ උසාවි ගියේය. සාක්ෂි දීමට කිසිවෙක් නොසිටියහ. එහෙයින් ඒ නඩුව අහක ගියේය.
අනතුරුව කතා කළේ චොප්පේමය. ඒ තමන්ගේ නීතිඥයාටය.
”මට තව නඩු පනස් දෙකක් තියෙනවනේ. ඒ ටිකත් ඔක්කොම දාල අදම ඉවර කරමු” චොප්පෙ තමන්ට එරෙහිව තියෙන නඩු අවසන් කරගත්තේ එසේය.
විශේෂත්වයකි!
චොප්පේ විත්ති කූඩුවෙන් බැස එළියට ගිය සැණින් මුළු අධිකරණ ශාලාවම හිස්වීමය.
”බලනකොට උසාවියේ ඉඳලා තියෙන්නේ චොප්පෙගෙ හිතවතුන් හා චොප්පෙ බලන්න ආපු අයයි. චොප්පේ උසාවි යන දවසට මුළු කොළඹම තියෙන ටැක්සි චොප්පෙ පස්සෙන් උසාවි යනවා. ඒ එකක්වත් කියවලා කරගන්න දේවල් නොවෙයි. මිනිස්සු තමන්ගේ කැමැත්තෙන්මයි ඉදිරිපත් වුණේ. මොකද චොප්පෙ කවදාවත් පොඩි මිනිසුන්ට හිංසාවක් කළේ නෑ. ඒ අයට පිහිට වුණා විතරයි” කරුණාදාස මහතා කියයි.
මරදාන පොලිසියේ අපරාධ විමර්ශන අංශයට අලූත් ස්ථානාධිපතිවරයෙක් ආවේ ඔය අතර කාලයේදීය. තරුණ ජවාධික මෙම පොලිස් නිලධාරියාගෙන් නීති විරෝධී කටයුතුවලට කිසිදු බුරුලක් ලැබුණේ නැත. එබඳු ගති ගුණෙන් හෙබි මෙම පොලිස් නිලධාරියාට මරදානේ චොප්පෙ දැකබලා ගැනීමේ සිතක් පහළ විය. අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපතිවරයා වන හෙයින් චොප්පෙ තමන්ගේ කීමට අවනතව තමන්ගේ විධානයට යටත්වනු ඇතැයි ඔහු සිතුවේය. එසේ සිතු ඔහු පොලිස් කොස්තාපල්වරයකු කැඳවා මරදාන චොප්පෙට පොලිසියට එන ලෙස දන්වන්නැයි කීවේය.
”ඌට ඕනෑනම් එන්න කියාපන්” චොප්පෙගෙ පිළිතුර එය විය.
එම පිළිතුර එලෙසින්ම අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපතිවරයාට දැන්විණි. එහෙත් ඔහු පසුබා නොගියේය. දෙවැනි වරටත් ඔහු චොප්පෙට පොලිසියට එන ලෙස විධානය කළේය. චොප්පෙගෙ පිළිතුර ද පෙර පරිදිම විය. තෙවැනි වරටත් චොප්පේට විධානයක් යැවිණි. එහෙත් චොප්පෙගෙ පිළිතුර වෙනස් නොවීය. කුමක් හෝ බරපතළ යමක් සිදුවීමට ඉඩ තිබෙන බව පමණක් කාටත් අවබෝධ විය.
මරදාන පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපතිවරයා තීරණයක් ගත්තේය. ඒ චොප්පෙ හමුවීමට යාමටය. ඒ ගමන ඔහු ගියේ තනිවමය. නිරායුධව ඔහු මරියකඬේට ගියේය.
”කෝ චොප්පෙ?” ඔහු විමසුවේය.
”කාමරයේ ඉන්නවා” කෙනෙක් කීවේය. පොලිස් නිලධාරියා කෙළින්ම චොප්පෙගෙ කාමරයට ගියේය. චොප්පෙ කාමරයේ සිටියේය. පොලිස් නිලධාරියා සහ චොප්පෙ අතර අඩි තුන හතරක පරතරයකි. දෙදෙනාම ඇසිපිය නොසෙල්වා මුහුණට මුහුණ බලාගෙන සිටියහ. කුමකින් කුමක් සිදුවිය හැකිදැයි තේරුම්ගත නොහැකි තත්ත්පර කිහිපයක් ගෙවී ගියේය. ඒ ගැඹුරු ගුප්ත නිහඬතාව බිඳ දැම්මේ චොප්පේය.
එක්වරම පොලිස් පරීක්ෂකවරයා වෙත කඩා පිනූ චොප්පෙ අයියා පොලිිස් පරීක්ෂකවරයාගේ නිල ඇඳුමේ කොළරයෙන් අල්ලා ගත්තේය. පොලිස් පරීක්ෂකවරයා තෙවරක් කැරකැවූ චොප්පෙ ඔහු බිත්තියට තද කළේය. පොලිස් පරීක්ෂකවරයා කිසිවක් නොකීවේය. අවසානයේදී චොප්පෙ ඔහු මුදා හැරියේය.
”ඒ පොලිස් පරීක්ෂකවරයාට අපි කියන්නේ සින්ගා කියලා. ඒ කාලේ පොලිස් ස්ථානාධිපතිව හිටියේ ලොයිඞ් පෙරේරා මහත්තයා. සින්ගා ගිහින් ලොයිඞ් පෙරේරා මහත්තයාට සිද්ධිය කියලා තියෙනවා. ඒ වෙලාවේ ලොයිඞ් පෙරේරා මහත්තයා සින්ගාගෙන් අහලා තියෙන්නේ ඇයි අයිසේ තමුසේ චොප්පෙව හම්බ වෙන ගියේ” කියලයි. එදායින් පස්සේ සින්ගා චොප්පෙට කරදර කරන්න ආවේ නැහැ” කරුණාදාස මහතා කීවේය.
මිනිසුන් අතර වීරයකු වුවද චොප්පෙට පොලිසියෙන් ගැලවීමක් නොවීය. චොප්පෙටත් ඔහුගේ පරිවාර සේනාංකයටත් එරෙහිව ඇතැම්හු පොලිසියට පැමිණිලි කළහ. ඒ පැමිණිලි විභාග කිරීමට යන පොලිස් නිලධාරීන්ට බොහෝ විට සිදුවන්නේ චොප්පෙගෙන් ගුටි කා පැමිණීමටය. මේ නිසාම පොලිස් නිලධාරීන් අතර චොප්පෙ නමින් වෛරයක් දළුලා ලියලමින් තිබිණි.
චොප්පේ සිටි අවදියේ මරදාන පොලිසියේ සේවය කළ දැන් විශ‍්‍රාම සුවයෙන් පසුවන ඩබ්ලිව්.ඒ සිරිවර්ධන මහතා ඒ සම්බන්ධයෙන් කියන්නේ මෙබඳු කතාවකි.
”පැමිණිල්ලක් විභාග කරන්න චොප්පේ ගාවට පොලිස් නිලධාරියෙක් ගියාම චොප්පෙ කරන්නේ ඒ පොලිස් නිලධාරියාගේ හිස්වැස්ම ගලවා ගන්න එකයි. ඊට පස්සේ එයා වෙලාවක් කියනව. ඒ වෙලාවෙට ඒ කියපු තැනට ගියාම අර හිස්වැස්ම ලැබෙනවා. මේක පොලිස් නිලධාරියාට ලොකු නින්දාවක්. සමහරවිට අහිංසක පෙනුමක් තියෙන පොලිස් නිලධාරියෙක් පාරේ හිටියොත් ”ඒයි මෙහෙ වරෙන්” කියලා ඒ පොලිස් නිලධාරියාට කතා කරනවා. පොලිස් නිලධාරියෙකුට එහෙම කතා කරන්න බැහැනේ. ඒ නිසා ඒ ගැන ප‍්‍රශ්න කරන්න පොලිස් නිලධාරියා චොප්පෙ ළඟට යනවා. ගිය ගමන් චොප්පෙ කරන්නේ අරවිදියටම හිස්වැස්ම ගලවා ගන්න එකයි. බලන් ඉන්න අය හිතන්නේ පොලිස් නිලධාරියා ළඟට ගෙන්වාගෙන එයාගේ හිස්වැස්ම ගලවාගත්තා කියලයි. එහෙම වුණාම චොප්පේ මිනිස්සු අතර වීරයෙක් වෙනවා. ඇත්ත තමයි ඔහු පොලිසියට නම් බය නෑ.”
රාමක‍්‍රිෂ්ණා යනු එකල කොටහේන හොල්ලාගෙන හිටපු චණ්ඩියාය. යකෙකුටවත් බය නැති චණ්ඩියෙක් ලෙස ඔහුද ප‍්‍රචලිතව සිටියේය. මේ රාමක‍්‍රිෂ්ණ නමැති චණ්ඩියා මරදාන චොප්පෙට විවෘතව අනතුරු ඇඟවීමක් කළේය. ඒ ප‍්‍රසිද්ධ ස්ථානයකදී චොප්පෙව මරාදමන බවටය. ඒ සඳහා ඔහු දිනයක්ද තැනක්ද ප‍්‍රසිද්ධියට පත් කළේය.
මුළු මරදානම හෙල්ලී ගියේය. ඒ හෙල්ලිල්ල මරදානට විතරක් සීමා නොවීය. මුළු රටේම ඉන්න චණ්ඩින් අතරට ඒ ආරංචිය ගියේය. එහෙම ගියේ කොහොමදැයි තවමත් කිසිවෙක් නොදනිති. එහෙත් එය එසේම සිදුවිය. එහි ප‍්‍රතිඵලය කුමක්ද? ඉන්පසුව සිදුවූයේ කුමක්ද?
ඒ කතාව සමගින් තවත් කතා ලබන සතියට
මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේ දී ඉතිහාසයේ පළමු වතාවට සිදුවීම් ගණනාවක් දැකගත හැකි විය. ඒවා ජාතික ජන බලවේගය පිහිටු වූ වාර්තා ලෙසද ඇතැමුන් හඳුන්වනු දුටුව
මහ මැතිවරණය නිමා වී ඇත. නව පාර්ලිමේන්තුව ද පළමු වතාවට ඊයේ රැස්වූයේය. ජාතික ජන බලවේගයේ දේශපාලන වැඩසටහන විධායකය සහ ව්‍යවස්ථාදායකය යන ක්ෂේත්‍ර දෙකේම ශක්
බ්‍රිතාන්‍ය යටත්විජිත සමයේ සිට මෙරට භාණ්ඩ අපනයනය සිදු වුණි. එදා සිට අද දක්වාම මෙරට ප්‍රධාන අපනයනික බෝග ලෙස හඳුනාගන්නේ තේ, පොල්, රබර් ය. එහෙත් එම පිළිගැන
ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රමුඛ ජාතික ජන බලවේගය මෙවර මහ මැතිවරණයේ දී ජනතාවගෙන් ඉල්ලා සිටියේ ‘පොහොසත් රටක් ලස්සන ජීවිතයක්’ ජනතාවට උරුම කර දීම සඳ
පෙරදිග ධාන්‍යාගාරය යන්න ඇසූ සැණින් කාගේත් මතකයට නැගෙන්නේ මහා පරාක්‍රමබාහු සමයේ අප රට හැදින් වූ නමයි. වචනයේ අර්ථය අනුව ගතහොත් පෙරදිග ලෝකයටම අවශ්‍ය තරම
ජාතික ජන බලවේගයට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක් ඉක්මවා යන ආසන 159ක අද්විතීය ජයග්‍රහණයක් ලබා දෙමින් 2024 පාර්ලිමේන්තු මැතිවරණය නිමාවට පත්විය. එහිදී සමඟි ජන බ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
චණ්ඩි දෙන්නකුගේ සටන
ජයන්ත කුලතුංග Tuesday, 11 March 2014 08:23 PM
චෝප්පේ කියන්නෙ හිත හොද මිිනිහෙක් (දී)
කැනඩා දිසා Saturday, 08 March 2014 10:30 AM
මෙන්න නියම චන්ඩි ....(නදී)
සිරි Tuesday, 11 March 2014 01:09 PM
අනේ ඒ කාලෙත් ඒ වගේ අය ඉදල තියනවා නේද ? (නදී)
ඉන්දික ගම්පහ Friday, 07 March 2014 07:07 AM
ඇයි මෙහෙම වෙන්නේ? (නදී)
පැතුම් Monday, 24 March 2014 04:13 PM
කෝ අනිත් කොටස? මේ සතියේ පල උනේ නැනේ. (අ)