IMG-LOGO

2024 ඔක්තෝබර් මස 05 වන සෙනසුරාදා


ඡන්දෙන් පසු ඌවේ මැර සෙල්ලම්

27_SLMA_P16_Back

 3    

මැතිවරණ ප‍්‍රතිඵල නිකුත් වු විට ඌව පළාතේ  ප‍්‍රකාශිත ඡුන්ද සංඛ්‍යාවෙන්  34,9906 ක් එක්සත් ජනතා නිදහස් සන්ධානය ලබාගෙන තිබුණි.  එක්සත් ජාතික පක්ෂයට ලැබී තිබුණේ ජන්ද 27,4773 කි. තුන්වන බලවේගය බවට පත්වෙමින් ජනතා විමුක්ති පෙරමුණ ජන්ද 36,580 ක් ලබාගැනීමට සමත් විය. වැඩිම මනාපලාභියා ලෙස මනාප ජන්ද 17,3993 ක් ලබාගත් පළාත් සභා මැතිවරණ ඉතිහාසයේ වැඩිම මනාප ප‍්‍රතිශතලාභියා ලෙස හරින් වාර්තාවක් තැබුවේය. මොරණගාල දිස්ත‍්‍රික්කයේ වැඩිම මනාපලාභියා වුයේ  එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ඇමති අපේක්ෂක වු හිටපු ඌව මහ ඇමති ශෂින්ද්‍ර රාජපක්ෂ මහතාය. එම මනාපය 96,619 කි.


බදුල්ල දිස්ත‍්‍රික්කයේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ වැඩිම මනාපලාභියා වුයේ  ඌව පළාත් සභාවේ හිටපු ඇමතිවරයෙකු වූ අනුර විදානගමගේ මහතාය. ඔහුගේ මනාපය 59,316 කි. මොණරාගල දිස්ත‍්‍රික්කයේ එක්සත් ජාතික පක්ෂයේ වැඩිම මනාපය ලැබුවේ  ජේ. එම්. ආනන්ද කුමාරසිරිය. එම මනාපය 24,421 කි.


හිටපු ඇමැතිවරු වූ අනුර විදනාගමගේ, කුමාරසිරි රත්නායක සහ සෙන්දිල් තොණ්ඩමාන් මනාපයෙන් ඉහළ සිටියත් බුද්ධදාස 5 වැනි තැනට වැටී ඇත.
බන්දුසේන, මානෙල්, ගුණතිලක, අජිත් දේශප‍්‍රිය, සුමිත් සමයදාස, නිමල්, අජිත් ලියනගේ, දයාරත්න බණ්ඩාර, අනිල් වැලිවිට, සිරිසේන යන එක්සත් ජනතා සන්ධනායේ හිටපු මන්ත‍්‍රිවරු ද එක්සත් ජාතික පක්ෂයේ  දැඩි කතාබහට ලක්වු මැතිවරණයට දින කීපයකට පෙර ආසන සංවිධායක ධුරයෙන් ඉවත්වු කුලතුංග ද මනාපයෙන් පරාද වූහ.

 

4


එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් සිට පළාත් සභාව විසුරුවා හැරීමට දින කීපයකට පෙර සන්ධානයට එක්වු රවි ගුණවර්ධන මෙන්ම ඊට දිනකට පෙර ආණ්ඩු පක්ෂයේ සිට එක්සත් ජාතික පක්ෂයට එක්වු මිහිමල් මුණසිංහ ද මනාපයෙන් පැරැදී තිබේ.


මේ අතර පැතිමාරු දිනයේම ආණ්ඩු පක්ෂය රැුක ගැනීම සඳහා, සන්ධානය ශක්තිමත් කිරීම සදහා ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය සමග එක්වු  බව පවසමින් ආණ්ඩු පක්ෂයේම රැුඳුන උදය කුමාරට අත්වුයේ අල්ලපු අත්තත් පය ගැසූ අත්තත් යන දෙකම අහිමි වීමය. ඔහුට කිසිම පක්ෂයකින් පසුගිය මැතිවරණයට නාමයෝජනා නොලැබීම නිසා  හිතේ අමාරුවට මොණරාගලින් ස්වාධීනව තරග කළ උදය කුමාර ද පරාදවිය.


උදයකුමාර සහ මිහිමල් යන දෙදෙනාම විමල් වීරවංශගේ ජාතික නිදහස් පෙරමුණෙන් පසුගිය පළාත් සභාවට තේරී පත්වු අය වීමද විශේෂත්වයකි.
ජනතා විමුක්ති පෙරමුණේ සුදත් බලගල්ල හා සන්ධානයෙන්  තරග වැදුන කඳුරට ජනතා පෙරමුණේ අරවින්ද් කුමාර් ද මෙවර   මනාපයෙන් පැරැුදී ඇත.
හාලිඇලදී සන්ධානය පරාජයට පත්විය මෙම මැතිවරණ කොට්ඨාශයේ උත්සව ගණනාවකට  ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාද සහභාගි විය. ඒවා සදහා පැමිණ සිටි ජනතාව අතිවිශාල බව දෑසින්ම දුටුවෙමි. ඔවුන් ජනාධිපතිතුමා ගැන ආඩම්බරයෙන් කී කතාවන්ද අසන්නට ලැබිණ. ඇතැම් ස්ථානයක මහ සෙන`ග දුටු ජනාධිපතිතුමා ආරක්ෂකයන්ට පාලනය කර ගත නොහැකි ලෙස ආරක්ෂාව පවා නොතකා ජනතාව අතර ගිය අයුරු  ඉතා ආකර්ෂණීය විය.


ජනාධිපතිතුමාට එතරම්ම ආදරය කළත්  ප‍්‍රදේශයේ දේශපාලඥයන්ට එම ළෙන්ගතුකම නැති බව හාලිඇල මැතිවරණ කොට්ඨාශය පාරාජයවීම තුළින් පසක් වන්නේය.

5


බදුල්ල මැතිවරණ කොට්ඨාසය ශ‍්‍රී ලංකා නිදහස්් පක්ෂයට අහිමි වන බව මැතිවරණය ආරම්භයේ සිටම රජය පවා දැන සිටියේය. එයට හේතු වුයේ් හරින් ප‍්‍රනාන්දුගේ මහ ඇමැති අපේක්ෂක සම්ප‍්‍රාප්තියයි. මැතිවරණ ප‍්‍රතිඵලවලින් පසු මාධ්‍ය හමුවකදී දයාසිරි ජයසේකරද පැවසුවේ තරුණ ආකර්ෂණය  බදුල්ල පරාජයට හේතුවක් වු බවයි.


මැතිවරණ ඉතිහාසයේ කවදාවත් නොමැකෙන කළු පැල්ලමක් ඉතිහාසයට එක්වුයේ ඉකුත් 22 වනදාය. මැර පිරිසක් හාලිඇල නගරයේ තිබූ තම කාර්යාලය කඩා කටවුට් ගිනි තබමින් සිය පාක්ෂිකයන්ට සිදුකරනු ලබන හිංසාකාරී කි‍්‍රයාවන් පිළිබඳව විමසා බැලීම සඳහා එම ස්ථානයට එක්සත් ජාතික පක්ෂයේ ප‍්‍රධාන අමාත්‍යධුර අපේක්ෂක හරීන් ප‍්‍රනාන්දු මහතා තම ආධාරකරුවන් සමඟ ගියේ බියෙන් සැකෙන් ජීවත්වෙන පාක්ෂිකයන්ට සවියක් වෙන්නටය. එහිදී පාක්ෂිකයන් සමඟ සාකච්ඡුා කළ හරීන් ප‍්‍රනාන්දු මහතා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ප‍්‍රචණ්ඩකාරි කි‍්‍රයා වහාම නතර කිරීමට මැදිහත් වන ලෙසට විදේශ රැුකියා ප‍්‍රවර්ධන හා සුබ සාධන අමාත්‍ය ඩිලාන් පෙරේරා මහතා හමුවීමට පැමිණි මොහොතේ ප‍්‍රාදේශීය සභාව අසළ රැුඳී සිටි එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ප‍්‍රචණ්ඩකාරී පිරිස් කඩුපොලූ රැගෙන ඉදිරියට පැමිණ පහරදීමට පටන් ගැණුනි.


හරින් ප‍්‍රනාන්දු මහතාගේ ජීවිතයට හානියක් කිරීමට පැමිණියත් ඔහුගේ ආරක්ෂක නිලධාරින්ගේ දක්ෂතාව මත හානියක් සිදු කිරීමට නොහැකි වුවත් ඔහුගේ වාහන හතකට පමණ මැරයන් එල්ල කළ ගල් පහරවල්වලින් අලාභහානි සිදුවිය.


සියල්ල මෙසේ සිදු වෙද්දී ලංකාදීප ප‍්‍රාදේශීය මාධ්‍යකරු චන්දන කුරුප්පුආරච්චි මහතාගේ වීඩියෝ කැමරා කාචය තුළ සියලූ දසුන් සටහන් විය. මේ අතර තවත් මාධ්‍යවේදීන් කිහිප දෙනෙකුගේ කැමරාද කි‍්‍රයාත්මක විය. ප‍්‍රාදේශීය මාධ්‍යවේදීන් වශයෙන් මාධ්‍යවේදියකු සතු යුතුකම ඉටු කළේ කිසිදු පක්ෂ භේදයකින් තොරවය. එහෙත් මැරයන් කිහිප දෙනෙකුගේ උකුසු ඇසට චන්දන කුරුප්පු ආරච්චි මහතා හසුවීමත් සමඟ ඔහු ගමන්ගත් තී‍්‍රවිල් රථයට පහරදී ඉදිරි වින්ඞ්ස්කී‍්‍රන් කඩා දමා මාධ්‍යවේදී සහෘදයාද එළියට ඇද ඔහුගේ මුහුණට ගල් පහරක් එල්ලකොට තිබේ. එයින් නොනැවතුණු මැරයන් අප මාධ්‍යවේදියා සතු වටිනා කැමරා යන්ත‍්‍රයටද අලාභහානි කළේ සිදුවූ සියල්ල සමාජයෙන් වසන්කර තැබීමටයි.


මෙහිදී මාද්‍යවේදී පාලිත ආරියවංශ මහතාගේ වාහනයටද ගල්ප‍්‍රහාර එල්ලවිය. වාහනයේ වීදුරු බිඳී වැටුණි.
එහෙත් ප‍්‍රචණ්ඩකාරීන්ගේ හැසිරීම මාධ්‍යයෙන් වසන් කිරීමට ගත් උත්සාහය ව්‍යර්ථ කිරීමට ඔවුහු අසමත් වූහ. ලේ පෙරාගෙන වුවත් කැමරා යන්ත‍්‍රයේ අවශ්‍ය දසුන් පටිය රැුක ගැනීමට අප මාධ්‍යවේදියාට හැකිවීමෙන් සත්‍ය හෙළිදරව් කර ගැනීමට හැකිවී තිබේ.

 


මොණරාගල
ඌව ඉතිහාසයේ අතිශයම ¥ෂිත මැතිවරණය ඉකුත් පළාත් සභා මැතිවරණය බව එහි නිරීක්‍ෂණ කටයුතුවල නියැලි සංවිධාන රැුසක් ඒ පිළිබඳව තම අවසන් වාර්තාව ඉදිරිපත් කරමින් පවසා සිටී. ඔවුන් පෙන්වා දුන්නේ මැතිවරණ අනපණත් තුට්ටුවකට මායිම් නොකොට මැතිවරණ නීතිරීති මෙපමණ උල්ලංඝනය කළ පූර්ව හා පශ්චාත් මැතිවරණ ප‍්‍රචණ්ඩ කි‍්‍රයා මෙතරම් බහුල වූ මැතිවරණයක් ඌවේ මෙතෙක් නොපැවති බවයි. එහෙයින් මෙවර මැතිවරණ ප‍්‍රතිඵලයද සැබෑ ජනමතය වෙනස් කළ කිසියම් විකෘතියක් බව ඔවුන්ගේ අදහස වී තිබේ.


ඌව පළාත් සභා මැතිවරණයට බදුල්ල හා මොනරාගල දිස්ති‍්‍රක්ක සඳහා නාමයෝජනා භාරදුන් දිනයේ සිට මැතිවරණය අවසන් වූ ඉකුත් 20 දා වනවිට මැතිවරණ ප‍්‍රචණ්ඩ කි‍්‍රයා හා මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් පිළිබඳ පැමිණිලි 400 කට වැඩි ප‍්‍රමාණයක් තම සංවිධානවලට ලැබී තිබුණු බව මැතිවරණ නිරීක්‍ෂණ සංවිධාන පවසති. කැෆේ සංවිධානය පවසන්නේ, මැතිවරණය පැවැත්වූ දා පමණක් තම සංවිධානයට ඌව පළාතෙන් පැමිණිලි 102 ක් පමණ ලැබුණු බවයි. ඉන් පැමිණිලි 21ක්ම පහරදීම් හා තර්ජනය කිරීම් සම්බන්ධ පැමිණිලි බව ඔවුහු කියති.


2014 ඌව පළාත් සභා මැතිවරණය පැවතියේ ඉතා භීෂනකාරී වට පිටාවක බව විපක්‍ෂ කණ්ඩායම්වලද අදහස වී ඇත. මැතිවරණයට පෙර හා පසු විපක්‍ෂයේ දේශපාලන පක්‍ෂ, විශේෂයෙන් එක්සත් ජාතික පක්‍ෂය හා ජනතා විමුක්ති පෙරමුණ එම භීෂණයේ ගොදුරු බවට පත්වූ බව ඔවුහු කියති. නමුත් ආණ්ඩු පක්‍ෂය පවසනුයේ යම් යම් ස්ථානවල සිද්ධීන් කීපයක් වාර්තා වුවත් සමස්තයක් ලෙස මෙවර මැතිවරණය ඉතා සාධාරණ හා සාමකාමී එකක් වූ බවයි.

 


”අපි දන්නවා යූ.එන්.පී. එක මැතිවරණ පවත්වලා තියෙන්නේ කොහොමද කියලා. ඒ අර්ථයෙන් ගත්තම මේ මැතිවරණය ඉතාම සාධාරණයි. මාධ්‍ය මගින් ඌව පළාතේ ප‍්‍රචණ්ඩ කි‍්‍රයා සිද්ධවෙනව කිව්වට මම එහෙම දෙයක් දැක්කේ නැහැ.


පොල් සංවර්ධන අමාත්‍ය හා මොනරාගල දිස්ති‍්‍රක් පාර්ලිමේන්තු මන්ත‍්‍රී ජගත් පුෂ්ප කුමාර මහතා මාධ්‍යයට පැවසීය.


ඌව පළාත් සභා මැතිවරණයට නාමයෝජනා භාරදීමෙන් පසු බදුල්ල දිස්ති‍්‍රක්කය තුළ පූර්ව මැතිවරණ ප‍්‍රචණ්ඩ කි‍්‍රයා වාර්තා වූයේ සුළු වශයෙනි. ඒවාද එතරම් බරපතළ සිද්ධි නොවුනි. නමුත් මොනරාගල දිස්ති‍්‍රක්කය තුළ මැතිවරණ කාර්යාලවලට ගිනි තැබීම් විපක්‍ෂ දේශපාලන පක්‍ෂ කි‍්‍රයාකාරිකයන්ට පහරදීම් තර්ජනය කිරීම් බියවැද්දීම් විශාල වශයෙන් වාර්තා විය. ඒ අනුව මැතිවරණය දා කවුරුත් බලාපොරොත්තු වූයේ බදුල්ලට සාපේක්‍ෂව මොනරාගල දිස්ති‍්‍රක්කය තුළ ගැටුම් බහුල විය හැකි බවකි. එහෙයින් මැතිවරණ නිරීක්‍ෂණ කණ්ඩායම්වල වැඩි අවධානයද පැවතියේ මොනරාගල දිස්ති‍්‍රක්කයටය. නමුත් මැතිවරණය පැවතිදා විපක්‍ෂ කණ්ඩායම් ඉලක්ක කරගත් ප‍්‍රහාර වැඩි වශයෙන් වාර්තා වූයේ බදුල්ල දිස්ති‍්‍රක්කයේ වීම විශේෂයකි.


මැතිවරණය දා ප‍්‍රථම පහර සමන්තට
ඌවේ මැතිවරණයදා ප‍්‍රථම ප‍්‍රහාරය එල්ල වූයේ ඌව පළාත් සභාවට ජනතා විමුක්ති පෙරමුණෙන් මහ ඇමති අපේක්‍ෂකයා ලෙස ඉදිරිපත්ව සිටි සමන්ත විද්‍යාරත්න මහතාගේ නිවසටය. ඒ මහතාගේ රිදීමාලියද්ද ප‍්‍රදේශයේ පිහිටි නිවසට යාබදව තනා තිබූ ජ.වි.පෙ. පක්‍ෂ කාර්යාලයට එදින අලූයම 1.00 ට පමණ කිසියම් කණ්ඩායමක් පැමිණ කාර්යාලය කඩා බිඳ දමා ගොස් තිබුණි. අනතුරුව එදිනම පාන්දර 5.30 ට පමණ සුදුපාට කැබ් රථයකින් පැමිණි පිරිසක් එම කඩා දැමූ පක්‍ෂ කාර්යාලයට ගිනි තබා පලාගොස් තිබූ බව සමන්ත විද්‍යාරත්න මහතා මහියංගනය පොලිසියට කළ පැමිණිල්ලේ සඳහන් විය.
අනතුරුව එදින සිදුවූ බරපතළම සිද්ධිය වූයේ බණ්ඩාරවෙල නගරාධිපති චමින්ද විජේසිරි මහතාට බණ්ඩාරවෙල පොලිසිය තුළදීම රජයේ නියෝජ්‍ය ඇමතිවරු දෙදෙනකු ඇතුළු ආධාරකරුවන් පිරිසක් පහරදීමයි. නගරාධිපතිවරයා බණ්ඩාරවෙල x පුනාගල මාර්ගයේ ඇති මහානාම විද්‍යාලයේ පිහිටුවා තිබූ ඡුන්ද මධ්‍යස්ථානයකදී තම ආධාරකරුවකුට ආණ්ඩු පක්‍ෂයේ පිරිසක් පහර දෙන බවට ලද තොරතුරකට අනුව එහි ගොස් එම ආධාරකරුවා රැුගෙන බණ්ඩාරවෙල පොලිසියට පැමිණ ඒ පිළිබඳව පොලිසියට පැමිණිලි කරමින් සිටියදී පොලිසියට කඩා වැදුණු නියෝජ්‍ය ඇමතිවරුන් දෙපළක් වන සරණ ගුනවර්ධන හා අරුන්දික ප‍්‍රනාන්දු යන මන්ත‍්‍රීවරුන් සමග බණ්ඩාරවෙල නාගරික මංත‍්‍රීවරයකු ඇතුළු පිරිසකුත් පහර දුන් බව ඒ මහතා පොලිසියට කළ පැමිණිල්ලේ සඳහන් වේ. මෙම පහරදීමෙන් තුවාල ලැබූ නගරාධිපතිවරයා බණ්ඩාරවෙල මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ඔහුගේ ආරක්‍ෂාව හා වැඩිදුර ප‍්‍රතිකාර සලකා බදුල්ල මහ රෝහල වෙත මාරුකර යවා තිබුණි. නගරාධිපතිවරයා තවමත් සිටින්නේ ප‍්‍රතිකාර ලබමිනි. මේ සිද්ධිය සම්බන්ධව නගරාධිපතිවරයාට පහර දුන් බවට චෝදනා ලැබ සිටි නියෝජ්‍ය ඇමතිවරයකු මාධ්‍ය වෙත පවසා තිබුණේ නගරාධිපතිවරයාගේ ආධාරකරුවකු තම ආධාරකරුවකුට පහර දී තිබුණ බවත් ඒ අනුව එම සිද්ධිය පැමිණිලි කිරීමට බණ්ඩාරවෙල පොලිසියට ගිය අවස්ථාවේ මෙම ගැටුම සිදුවූ බවත්ය. කෙසේ නමුත් එම සිද්ධිය සම්බන්ධව කිසිවකු පොලිසිය විසින් අත්අඩංගුවට නොගත් අතර පසුව පොලිස්පතිවරයා විසින් නිසි ලෙස රාජකාරි ඉටු නොකිරීම සම්බන්ධයෙන් බණ්ඩාරවෙල මූලස්ථාන පොලිසියේ ස්ථානාධිපති ලෙස කටයුතු කළ ප‍්‍රධාන පොලිස් පරීක්‍ෂක එස්.කේ. කරුණාසේන මහතා එම තනතුරෙන් ඉවත්කර වහාම කි‍්‍රයාත්මක වන පරිදි තිඹිරිගස්යාය පොලිස් ක්ෂේත‍්‍ර බළකා මූලස්ථානයට මාරුකර යවා තිබුණි.

6

2
දියතලාව, කහගොල්ල, අඹතැන්න වත්ත ආසන්නයේදීද මීට සමාන තවත් සිද්ධියක් වාර්තා විය. එක්සත් ජාතික පක්‍ෂයේ ඌව පළාත් මහ ඇමති අපේක්‍ෂක හරින් ප‍්‍රනාන්දු මහතාගේ පවුලට අයත් ජීප් රථයක් දියතලාව දෙස සිට බණ්ඩාරවෙලට එමින් සිටියදී දකුණු පළාත් සභා අමාත්‍ය ඞී.වී. උපුල් හා ඔවුන්ගේ ආධාරකරුවන් පිරිසක් වාහනවලින් පැමිණ මාර්ගය හරස්කර නවතා තම ජීප් රථයෙන් ඇද පහරදුන් බව ජීප් රථයේ රියදුරු ලෙස කටයුතු කළ එස්.කේ. නිමල්සිරි යන අය බණ්ඩාරවෙල පොලිසියට කළ පැමිණිල්ලක සඳහන් වේ.


ගලඋඩදීත් පහර දෙති
මැතිවරණය දා ගලඋඩ ඡුන්ද මධ්‍යස්ථානය ආසන්නයේදී ද සිදුවීමක් වාර්තා විය. ඒ බදුල්ල දිස්ති‍්‍රක්කය නියෝජනය කරන ඇමතිවරයකු හා ඔහුගේ අනුගාමිකයන් පිරිසක් නැගෙනහිර පළාත් සභා එ.ජා.ප. මංත‍්‍රීවරයකු වූ චන්දන ප‍්‍රභාත් මහතාට පහරදීමේ සිද්ධියයි.


එහිදී මෙම පහරදීම සිදුකළ පිරිස් පළාත් සභා මංත‍්‍රීවරයාගේ පෞද්ගලික ගිනි අවියද පැහැරගෙන ගොස් තිබුණි. පසුව පොලිසිය මෙම පහරදීමට සම්බන්ධ පිරිස් අත්අඩංගුවට නොගෙන අතුරුදහන් වූ ගිනි අවිය පහර කෑමට ලක්වූ පළාත් සභා මංත‍්‍රීවරයාට සොයා දී එම ප‍්‍රශ්නය යට ගසා තිබුණි.


ඌව පළාත් සභා මැතිවරණය අවසන් වීමෙන් පසු එහි ප‍්‍රතිඵල නිකුත් වූයේ ඉකුත් 21 දාය. ඊට අනුව එක්සත් ජනතා නිදහස් සංධානය තියුණු ජයක් ලබමින් ඌව පළාතේ බලය ගිලිහී යාමට නොදී රැුක ගැනීමට සමත් විය. මෙම ඡුන්ද ප‍්‍රතිඵලය නිකුත් වී පැය 24ක් ගතවීමට මත්තෙන් ඌව පළාතේ විපක්‍ෂ කි‍්‍රයාකාරිකයින් ඉලක්ක කරගෙන ප‍්‍රහාර මාලාවක් එල්ල විය. ඉන් පළමු ප‍්‍රහාරය එල්ල වූයේ හල්දුම්මුල්ල ප‍්‍රාදේශීය සභාවේ මංත‍්‍රී (එ.ජා.ප.) කරුණාරත්න මහතාටය. 21 දා අලූයම් හල්දුම්මුල්ල සීලතැන්න ප‍්‍රදේශයේදී හල්දුම්මුල්ල ප‍්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ඇතුළු එක්සත් ජනතා නිදහස් සංධානයේ ආධාරකරුවන් පිරිසක් තමන්ට කඩුවකින් පහරදුන් බව ඔහු හපුතලේ පොලිසියට කළ පැමිණිල්ලේ සඳහන් විය. මෙම ප‍්‍රහාරයෙන් මංත‍්‍රීවරයාට බරපතළ තුවාල සිදුවිය. පොලිසිය මීට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීමක් සිදු නොකළ අතර ප‍්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ඇතුළු පිරිසක් මෙම සිද්ධිය සම්බන්ධයෙන් හපුතලේ පොලිසියට පසුව භාර විය. එහිදී මෙම සභාපතිවරයා පවසා ඇත්තේ තමන් මෙම සිද්ධියට සම්බන්ධයක් නැති බවය. කෙසේ නමුත් ඔවුන් බණ්ඩාරවෙල මහේස්ත‍්‍රාත් අධිකරණය හමුවට පැමිණීමෙන් පසු බණ්ඩාරවෙල මහේස්ත‍්‍රාත් ජෙයරාම් ට්‍රොස්කි මහතා සැකකරුවන් රුපියල් 5000 බැගින් වූ මුදල් ඇප හා රුපියල් ලක්‍ෂ 02 බැගින් වූ ශරීර ඇප මත මුදා හැර තිබුණි.


මැතිවරණයෙන් පසු අනෙක් බරපතළම ප‍්‍රහාරය එල්ල වූයේ වැල්ලවාය ප‍්‍රාදේශීය සභාවේ විපක්‍ෂ නායක රෝයි කාලිංග මහතාටය. ඒ මහතා ඉකුත් පළාත් සභා මැතිවරණයේ එ.ජා.ප. අපේක්‍ෂකයෙකු ලෙසද ඉදිරිපත්ව සිටියේය. වැල්ලවාය, ඇතිලිවැව, දඹේඅරාව ප‍්‍රදේශයේදී ඩිෆෙන්ඩර් වර්ගයේ ජීප් රථයකින් පැමිණි පිරිසක් කළ මෙම පහරදීමෙන් රෝයි කාලිංග මහතාටත් ඔහුගේ මිතුරෙකු වූ දිලාන් තිලකරත්න යන අයටත් බරපතළ තුවාල සිදුවිය. රෝහල් තොරතුරුවලට අනුව මෙම පහරදීම නිසා රෝයි කාලිංග මහතාගෙත්, ඔහුගේ මිතුරාගේත් දෙඅත් දෙපාවලට බරපතළ ලෙස හානි සිදුව ඇත.

මැතිවරණයදා ප‍්‍රදේශයේ එක්තරා අපේක්‍ෂකයකුගේ ආධාරකරුවන් පිරිසක් මැතිවරණ නීති උල්ලංඝනය කරමින් ඇතිලිවැව ප‍්‍රදේශයේ ඡුන්ද මධ්‍යස්ථානයක් ආසන්නයේ මනාප අංක ඡුන්ද දායකයින්ට බෙදන බවට ලැබුණ තොරතුරකට අනුව එහි ගොස් එම කි‍්‍රයාවට විරෝධය පළකර තිබේ. එහිදී දෙපාර්ශවය අතර තද බහින් බස් වීමක්ද සිදුව ඇත. මෙම සිද්ධිය මත තමන්ට පහරදීමට කිසියම් පිරිසක් සූදානම් වන බවට ලැබුණ තොරතුරකට අනුව ඔහු නිවසින් පිටව ගොස් දඹේඅරාව ප‍්‍රදේශයේ ඔහුගේ මිතුරෙකු සමග සිටියදී සුදුපාට ඩිෆෙන්ඩර් වර්ගයේ ජීප් රථයකින් පැමිණි පිරිසක් පොලූ මුගුරුවලින් ඉතා අමානුෂික ලෙස පහරදුන් බව ඔවුන් වැල්ලවාය පොලිසියට කළ පැමිණිල්ලේ සඳහන් වේ. මේ වනවිටත් වැල්ලවාය ප‍්‍රාදේශීය සභාවේ විපක්‍ෂ නායක රෝයි කාලිංග මහතා සහ ඔහුගේ මිතුරා රෝහල්ගතව ප‍්‍රතිකාර ලබමින් ඇතත් මීට සම්බන්ධ කිසිවකු අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත්ව නැත.ජනතා විමුක්ති පෙරමුණේ අපේක්‍ෂකයන් දෙදෙනෙකුගේ නිවෙස්වලටද මැතිවරණ ප‍්‍රතිඵල නිකුත් වීමෙන් පසු ඩිෆෙන්ඩර් වර්ගයේ ජීප් රථවලින් පැමිණි පිරිසක් මැතිවරණ ප‍්‍රතිඵල නිකුත් වීමෙන් පසුදා රාති‍්‍රයේ පහරදී තිබුණි. ඔබ්බේගොඩ x දඹගල්ල මාර්ගයේ පදිංචිව සිටි අනුර කුමාර වික‍්‍රමසිංහ මහතාගේ නිවසට හා මොනරාගල මදුරකැටිය පොලිස් මුරපොළ ඉදිරිපිට ඇති පරණ පල්ලිය ගුරුගේ විජේසිරි මහතාගේ නිවෙස්වලට මෙම පහරදීමෙන් හානි සිදුව තිබුණි.


ජනතා විමුක්ති පෙරමුණේ මෙවර පළාත් සභා මංත‍්‍රී අපේක්‍ෂකයකු මෙන්ම ජ.වි.පෙ. කි‍්‍රයාකාරිකයකු වන පරණපල්ලිය ගුරුගේ විජේසිරි මහතාගේ නිවසට වෙඩි තැබිම් හා පහරදීම් රැුසක් මීට ප‍්‍රථමවද සිදුකර තිබූ නිසා මැතිවරණ කොමසාරිස්වරයාගේ උපදෙස් මත ඒ මහතාගේ නිවෙස ඉදිරිපිට පොලිස් මුරපොළක්ද පිහිටුවූ අතර එම පොලිස් මුරපොළ තිබියදීම මෙසේ එම නිවසට ප‍්‍රහාරයක් එල්ලවීම විශේෂත්වයකි. ජනතා විමුක්ති පෙරමුණට සම්බන්ධවූ සමාජවාදී ශිෂ්‍ය සංගමයේ විශ්වවිද්‍යාල සිසුන් සිව්දෙනෙකු ඩිෆෙන්ඩර් වර්ගයේ ජීප් රථයකින් පැමිණි පිරිසකගේ පහරකෑමට ලක්වූ එක් අයෙකු පැහැර ගැනීමට ලක් වන්නේද එම සිසුන් පිරිස විජේසිරි මහතාගේ සහයට පැමිණ දේශපාලන කටයුතුවල නියැලෙමින් සිටියදීය. කෙසේ නමුත් මෙම සිද්ධිය සම්බන්ධයෙන් කිසිවකු මෙතෙක් අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත්ව නැත.


මැතිවරණය අවසන් වීමෙන් පසු ඊට ඉදිරිපත් වූ විරුද්ධ පාක්ෂික අපේක්‍ෂකයන්ට හා විරුද්ධ පාක්‍ෂිකයන්ට එරෙහිව මොනරාගල දිස්ති‍්‍රක්කය තුළ කි‍්‍රයාත්මක වෙමින් තිබූ ප‍්‍රචණ්ඩත්වය පාලනයට මැතිවරණයේ තේරීම් භාර නිළධාරියා වශයෙන් දිස්ති‍්‍රක් ලේකම්වරයාටද මැදිහත්වීමට සිදුවිය. මොනරාගල දිස්ති‍්‍රක් ලේකම් ඒ. පතිනාදන් මහතා මැතිවරණ කොමසාරිස්වරයාට ලියුමක් ඉදිරිපත් කරමින් ඉල්ලා තිබුණේ විරුද්ධ පාක්‍ෂික අපේක්‍ෂකයන්ට අඩුම තරමේ මැතිවරණය අවසන් වී සතියක් හෝ යනතෙක් ඔවුනට ආරක්‍ෂාව සපයාදීමට මැදිහත්වන ලෙසයි.


ඌවේ මැතිවරණය දැන් අවසන්ය. එහිදී ඇති වූ බොහෝ සිද්ධීන් ඉතා අමිහිරි හා අප‍්‍රසන්නය. ජාතියක් ලෙස කනගාටුදායකය. මින් සිදුවන්නේ මැතිවරණ හා දේශපාලනය කෙරෙහි ජනයා තුළ ඇති විශ්වාසය තවදුරටත් ඈත්වීම පමණි. ඉදිරියේ ඇත්තේ පළාත් සභාමෙන් නොව ජාතික මැතිවරණ දෙකකි. එය පක්‍ෂ, විපක්‍ෂ කාටත් තීරණාත්මකය. මේ නිසා ඉකුත් පළාත් සභා මැතිවරණයට වඩා එම මැතිවරණය තුළ ප‍්‍රචණ්ඩත්වය වැඩිවෙනු ඇති බවට මැතිවරණ නිරීක්‍ෂණ කණ්ඩායම්වලද අදහස වී ඇත.


m



අදහස් (0)

ඡන්දෙන් පසු ඌවේ මැර සෙල්ලම්

විශ්ව Tuesday, 07 October 2014 08:27 AM

ලංකාවත් ඉන්දියාව පකිස්ථානය ගණයටම වැටිලා (නදී)

:       0       0

කුමා Tuesday, 30 September 2014 06:34 AM

මෙවා බලලා මොනවා කියන්නද කියලා හිතා ගන්න බැ මෙි මිනිස්සුන්ට ජන්දේ දෙන අපියි ලොකුම මොඩයෝ(දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

ප්‍රභාකරන් දරුකමට හදාගත් කොටි කෙල්ල
2024 ඔක්තෝබර් මස 04 4937 1

ජෝන් මේරි බවින්සා කියන්නේ එල්ටී.ටී.ඊ. සංවිධානයේ නායකයාව සිටි වේළුපිල්ලේ ප්‍රභාකරන් දරුකමට හදාගත් දරුවාය. ප්‍රභාකරන් දරුකමට දරුවකු හදා වඩාගත් බව දැනග


සත්‍යෙයන් අසත්‍යයට ගොදුරුවීම
2024 ඔක්තෝබර් මස 04 672 3

අලු‍ත් ආණ්ඩුවේ ක්‍රියාකාරිත්වයෙන් පැහැදිලි වන්නේ, ඔවුන් ද 2015 වසරේ යහපාලන ආණ්ඩුව සිය කැමැත්තෙන්ම වැටුණු වළට වැටීම තෝරාගෙන සිටින බවයි. ජනාධිපතිවරයාගේ


ලෙයට ලෙය ඉල්ලන ඉරාන - ඊශ්‍රායල ගැටුම
2024 ඔක්තෝබර් මස 03 1247 0

ඉරානය ඊශ්‍රායලයට පහර දුන්නේය. ලොව විශාලතම ෂියා මුස්ලිම් රාජ්‍යය වන ඉරානයත්, ලොව එකම යුදෙව් රාජ්‍යය වන ඊශ්‍රායලයත් පිහිටා ඇත්තේ කිලෝ මීටර් 1,700 ක පමණ දුරක


කාලයට ගැළපෙන ඡන්ද ක්‍රමයක්
2024 ඔක්තෝබර් මස 03 111 0

ජන්දදායකයා මැතිවරණ ක්‍රියාවලියට සම්බන්ධ වීම ප්‍රජාතන්ත්‍රවාදයේ ඉතාමත්ම උසස් ගුණාංගයකි. එය නියෝජන ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මක වීමට අත්‍යවශ්‍ය ක


සෑම කවියක්ම දේශපාලනිකයි
2024 ඔක්තෝබර් මස 02 198 0

ප්‍රවීණ කවියකු, තීරු ලිපි රචකයකු, නවකතාකරුවකු, කෙටිකතාකරුවකු, මෙන්ම ප්‍රකට විචාරකයකුද වන බුද්ධදාස ගලප්පත්ති මහතාගේ නවතම කෘති දෙකක් වන සමුදුර අසා සිටී


ආණ්ඩුවේ විපක්ෂයේ වගකීම
2024 ඔක්තෝබර් මස 02 266 2

ජනාධිපති තරගයෙන් රනිල් වික්‍රමසිංහ මහතා පරාජයට පත්විය. 2022 රට මුහුණදුන් ආර්ථික අර්බුදය අවස්ථාවේදී රට භාර ගැනීමට කිසිවකු නොසිටිය ද ඔහු එම අභියෝගය භාරගෙ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39056 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25560 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 316 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1073 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 376 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site