ජනාධිපතිවරණය කල් දැමීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නායකත්වය දරන එක්සත් ජාතික පක්ෂය උත්සාහ ගන්නා බවට විරුද්ධ පක්ෂ පසුගිය මාස කිහිපයක් තිස්සේ චෝදනා කරමින් සිටියි. එහෙත් දැන් නම් ජනාධිපතිවරණය කල් දැමීමේ සියලු මාවත් ඇහිරී ඇති බව පෙනේ.
මැතිවරණ කොමිසමේ සභාපති ආර්.එච්.ඒ.එල්. රත්නායක මහතා ඊයේ ජනාධිපතිවරණය නිල වශයෙන් ප්‍රකාශයට පත් කළේය. ඒ අනුව අගෝස්තු 15 වැනිදා අපේක්ෂකයන්ගේ නාම යෝජනා භාර ගැනීමට නියමිත අතර ජනාධිපතිවරණය සැප්තැම්බර් 21 වැනිදා පැවැත්වෙනු ඇත.
ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා හා සමඟි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පසුගිය වසරේම ඔවුන්ගේ ජනාධිපතිධුර අපේක්ෂකත්වය නිවේදනය කොට තිබිණි. සමගි ජනබලවේගය සමග අමනාප වී සිටින එම පක්ෂයේ සභාපති ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා හා අධිකරණ ඇමැති ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා තමන්ද තරග වදින බව පෙරේදා ප්‍රකාශ කළහ. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙනුවෙන් ඒ මහතාගේ මැතිවරණ සම්බන්ධීකරණ කමිටුවේ සභාපති වශයෙන් පසුගිය පෙබරවාරි 20 වැනිදා පත් කරනු ලැබූ ජනාධිපති නීතිඥ රෝලන්ඩ් පෙරේරා මහතාත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් කීර්තිරත්න මහතා තමන් වෙනුවෙනුත් ඊයේ මැතිවරණයට තරග කිරීම සඳහා ඇප මුදල් තැන්පත් කළහ.
කෙසේ වෙතත් තවත් කරුණු කිහිපයක් තවමත් අපැහැදිලිව තිබේ. ආණ්ඩුව මේ වන විටත් ගැසට් පත්‍රයේ පළකොට ඇති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් ජනාධිපතිවරණයට බලපෑමක් ඇතිවේද? එමගින් ජනාධිපතිවරණය කල් යනු ඇත්ද පොලිස්පතිවරයාගේ පත්වීම සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය දුන් තීන්දුව ආණ්ඩුව නොපිළිගැනීම නිසා ව්‍යවස්ථාමය අර්බුදයක් ඇතිවේද එය ජනාධිපතිවරණයට බලපානු ඇත්ද යනු එවැනි අවිනිශ්චිතතා කිහිපයකි.
දැන් පෙනෙන ආකාරයට නම් යෝජිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් ජනාධිපතිවරණයට සෘජුව බලපෑමක් ඇතිවන බවක් නොපෙනේ. කලින් විරුද්ධ පක්ෂ බිසිය අදහස් පළ කළේ මෙම සංශෝධනය හේතුවෙන් ජනාධිපතිවරණය කල් යා හැකිය කියාය.
අඛණ්ඩව සංශෝධනය කරන්නට යන්නේ ව්‍යවස්ථාවේ 83 (ආ) අනු ව්‍යවස්ථාවයි. 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ජනාධිපතිවරයාගේ හා පාර්ලිමේන්තුවේ නිල කාලය වසර හයේ සිට වසර පහ දක්වා අඩු කරනු ලැබ තිබේ. එහෙත් ජනාධිපතිවරයාගේ හා පාර්ලිමේන්තුවේ නිල කාලය වසර හයකට වඩා වැඩි කරන්නේ නම් ඒ සඳහා වූ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකකට වැඩි ඡන්දයකින් සම්මත වී ජනමත විචාරණයක් මගින් ජනතා අනුමැතිය ද ලබා තිබිය යුතු යැයි 83 (ආ) අනුව්‍යවස්ථාවේ කොන්දේසියක් පනවනු ලැබ තිබේ. එහි ‘‘වසර හයකට වඩා’’ යනුවෙන් සඳහන් වචන ‘‘වසර පහකට වඩා’’ යනුවෙන් වෙනස් විය යුතුය. මන්දයත් දැන් ජනාධිපතිවරයාගේත් පාර්ලිමේන්තුවේත් නිල කාලය වසර පහක් වන බැවිනි.
කුමක් හෝ හේතුවකින් 2015 වසරේ දී 19 වැනි සංශෝධනය කෙටුම්පත් කිරීමේ දී මෙම වෙනස සිදු වී නැත. ආණ්ඩුව දැන් 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත මගින් එම වෙනස කරන්නට යන බව පවසයි.
ජනාධිපතිවරයාගේත් පාර්ලිමේන්තුවේත් නිල කාලය 2015 වසර පහ දක්වා අඩු කරන විටම 83 (ආ) අනු ව්‍යවස්ථාව ද ඊට අනුකූලව වෙනස් නොකිරීමේ හේතුව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජනාධිපති නීතිඥ ආචාර්ය ජයම්පති වික්‍රමරත්න පසුගිය සෙනසුරාදා පැහැදිලි කොට තිබිණි. ඒ ඔහු සම්බන්ධයෙන් ජනාධිපති වික්‍රමසිංහ මහතා කළ ප්‍රකාශයකට පිළිතුරු වශයෙන් නිකුත් කරන ලද නිවේදනයකිනි.
ගාල්ලේ බෙලිගහ ඉදිකරනු ලැබූ නව අධිකරණ සංකීර්ණය විවෘත කිරීමේ උත්සවයට ඉකුත් 19 වැනිදා සහභාගි වූ ජනාධිපතිවරයා කලින් ව්‍යවස්ථා සංශෝධන කටයුතු නීති විශාරදයකු වූ හිටපු ව්‍යවස්ථා කටයුතු ඇමැති කේ.එන්. චොක්සි මහතාට භාර කළ බවත් ඔහු මියගිය නිසා 19 වැනි සංශෝධනය කෙටුම්පත් කිරීමේ කටයුත්ත නීතිඥ ජයම්පති වික්‍රමරත්න මහතාට භාර දුන් බවත් වික්‍රමරත්න මහතාගේ අත්දැකීම් අඩු බව නිසා මෙම 83 (ආ) අනු ව්‍යවස්ථාවේ ‘‘වසර හයකට වඩා’’ යන්න ‘‘වසර පහකට වඩා’’ යනුවෙන් වෙනස් වී නැති බවත් පැවසීය.
ඊට පිළිතුරු වශයෙන් පසුදා නිවේදනයක් නිකුත් කළ අචාර්ය ජයම්පති වික්‍රමරත්න මහතා 19 වැනි සංශෝධනය කෙටුම්පත් කළේ තමන් ඇතුළු පස් දෙනකුගෙන් සමන්විත කණ්ඩායමක් බවත්, එවක අගමැතිවරයා වූ රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අමාත්‍ය උප කමිටුවක් එම කටයුත්ත අධීක්ෂණය කළ බවත් සඳහන් කළේය.
එසේම එවක ජනාධිපති වූ මෛත්‍රීපාල සිරිසේන මහතා ජාතික හෙළ උරුමයට දුන් මැතිවරණ පොරොන්දුවක් අනුව ජනමත විචාරණයක් අවශ්‍ය නොවන පරිදි 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය කෙටුම්පත් කළ බවත් ඉහත කී 83 (ආ) අනු ව්‍යවස්ථාව ජනමත විචාරණයකින් තොරව සංශෝනය කළ නොහැකි බව 83 (අ) අනුව්‍යවස්ථාවේ සඳහන් වන හෙයින් එය වෙනස් නොකොට එසේම තිබෙන්නට හැරිය බවත් එය වැරදීමක් නොවන බවත් ආචාර්ය වික්‍රමරත්න විස්තර කොට තිබිණි.
සැබෑවකි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 1,2,3,6,7,8,10,11 හා ‘‘මෙම ව්‍යවස්ථාවේ’’ යමක් සංශෝධනය කරන්නට නම් ඒ සඳහා පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ දී තුනෙන් දෙකකට වැඩි ඡන්දයකින් සම්මත වී ජනමත විචාරණයක් මගින් ජනතාවගේ අනුමැතියද ඊට ලබාගත යුතු යැයි 83 (9) අනුව්‍යවස්ථාව පවසයි. මෙහි ‘‘මෙම ව්‍යවස්ථාවේ’’ යන්නෙන් අදහස් කෙරෙන්නේ 83 ව්‍යවස්ථාවයි. (සාමාන්‍ය ව්‍යවහාරය අනුව 83 වැනි වගන්තියයි.)
83 (ආ) අනු ව්‍යවස්ථාවද 83 ව්‍යවස්ථාවේ කොටසකි. එහෙයින් එහි ‘‘වසර හයකට වඩා’’යන්න ‘‘වසර පහකට වඩා’’ යනුවෙන් වෙනස් කරන්නේ නම් තුනෙන් දෙක මෙන්ම ජනමත විචාරණයක් ඒ සඳහා අවශ්‍ය වේ. ඒ නිසා 2015දී මෙම අනු ව්‍යවස්ථාව වෙනස් නොකළ බව ආචාර්ය වික්‍රමරත්න පවසයි. එහෙත් දැන් ආණ්ඩුව 22 වැනි සංශෝධනය මගින් එය වෙනස් කරන්නට යයි. දැනුදු ඒ සඳහා ජනමත විචාරණයක් පැවැත්විය යුතු බව එමඟින් ඉතා පැහැදිලි වේ.
එහෙත් එමඟින්ද ජනාධිපතිවරණය කල් දැමීමට සිදුවේ යැයි සිතිය නොහැකිය. එහෙත් එම ජනමත විචාරණය හැකි ඉක්මනින් පැවැත්විය යුතු යැයි ආණ්ඩුව මැතිවරණ කොමිසමට බලකොට ඉල්ලා සිටියහොත් එයද ජනාධිපතිවරණය පැවැත්වෙන දිනවලම පැවැත්වීමේ දුෂ්කර තත්වයකට එම කොමිස පත්වේ.
මේ අතර මෙම යෝජිත සංශෝධනය මඟින් ආණ්ඩුව ජනාධිපතිවරණය කල් දැමීමට උත්සාහ කරන බවට විරුද්ධ පක්ෂ කරන චෝදනාව නිසා ජනාධිපතිවරණය පවත්වා අවසාන වන තෙක් එම සංශෝධනය පිළිබඳ පනත් කෙටුම්පත ගැසට් පත්‍රයේ පළ කිරීමෙන් වළකින ලෙස අධිකරණ ඇමැති විජයදාස රාජපක්ෂ මහතා ඉකුත් 18වැනිදා තම අමාත්‍යාංශයේ ලේකම්වරයාට උපදෙස් දුන්නේය. එහෙත් මෙම කෙටුම්පතේ තමන්ට හදිසි අවශ්‍යතාවක් තිබෙන නිසාදෝ ජනාධිපති වික්‍රමසිංහ මහතා එය පළ කරන ලෙස එදිනම උපදෙස් දුන්නෙන් එය එදිනම ගැසට් පත්‍රයේ පළවිය.
ඉන්පසු අධිකරණ ඇමැතිවරයා එම කෙටුම්පත පිළිබඳ ඉදිරි ක්‍රියාමාර්ග ජනමාධ්‍යයට පැහැදිලි කළේය. එය ගැසට් පත්‍රයේ පළවී සතියකින් පාර්ලිමේන්තුවේ න්‍යාය පුස්තකයට ඇතුල් වන බවත් ඉන්පසු ඒ සම්බන්ධයෙන් ජනතාවට පෙත්සම් ඉදිරිපත් කරන්නට තවත් සති දෙකක් ලැබෙන බවත් ඒ කටයුතු අගෝස්තු අවසානය දක්වා සිදුවනු ඇති බවත් ඔහු සඳහන් කළේය.
ඒ අනුව ගත් කල හදිසි පනත් ලෙස වුවද එය පාර්ලිමේන්තුවේ දී සම්මත කර ගැනීමට ආණ්ඩුවට අවස්ථාව ලැබෙන්නේ අගෝස්තු අවසානයේදීය. එහෙත් එය ව්‍යවස්ථා සංශෝධනයක් වන හෙයින් ඊට පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ගෙන් තුනෙන් දෙකකට වැඩි පිරිසකගේ එනම් මන්ත්‍රීවරුන් 150කගේ ඡන්ද ලැබුණොත් පමණක් එය සම්මත වනු ඇත.
පාර්ලිමේන්තුවේ දී මන්ත්‍රීවරුන් අණ පනත්වලට පක්ෂව හෝ විරුද්ධව හෝ ඡන්දය දෙන්නේ ඒවායේ ප්‍රකාශිත අරමුණු අනුව නොව පාර්ලිමේන්තුව තුළ ඔවුන් බෙදී ඇති ආකාරය අනුවය. මෙතෙක් කාලයක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ අවශ්‍යතාව අනුව ඉදිරිපත් වූ පනත් හා යෝජනා සියල්ලට පක්ෂව පොදුජන පෙරමුණේ නායකත්වය තවමත් පිළිගන්නා කණ්ඩායම ඡන්දය දී ඇත. එහෙත් වික්‍රමසිංහ මහතාගේ ජනාධිපති ධූර අපේක්ෂකත්වය පිළිබඳව එම කණ්ඩායම තුළද දැන් බෙදීමක් ඇති වී තිබෙන නිසාත් මෙම පනත් කෙටුම්පත කුමක් හෝ ආකාරයකට ජනාධිපතිවරණයට ද සම්බන්ධ බවත් බොහෝ දෙනා සිතන නිසාත් තම කණ්ඩායම මුළුමනින්ම මෙම පනතට ඡන්දයට දෙනු ඇත්ද? යන්න ප්‍රශ්නයකි. ඒ අනුව එය තුනෙන් දෙකකට වැඩි ඡන්දයෙන් සම්මත වීම සැක සහිතය.
එය එසේ සම්මත නොවුණහොත් පාවිච්චි කිරීම සඳහා වහාම පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ ලියකියවිලි සකස් කරනු ලැබ ඇතැයි දැනට පොදුජන පෙරමුණෙන් වෙන්වී සිටින එම පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී වලේබොඩ මහතා පවසා තිබිණි. එය සත්‍යයක් නම්, හා ඒ අනුව පාර්ලිමේන්තුව විසුරුවා හැරුණහොත් පළමු වතාවට වත්මන් පාර්ලිමේන්තුවට පත්වූ මන්ත්‍රීවරුන් රැසකට මන්ත්‍රී විශ්‍රාම වැටුප නොලැබී යනු ඇත. ඒ අනුව ඔවුන් පක්ෂ භේද නොතකා මෙම පනතට පක්ෂව ඡන්දය දීමට ඉඩ ඇත.
කෙසේ වෙතත් මහ මැතිවරණයක් සඳහා මේ වසරේ මුදල් වෙන් කොට නැති හෙයින් මේ වසරේ එම මැතිවරණය පැවැත්වීමේ අදහසක් නැතැයි ජනාධිපතිවරයා පවසා තිබිණි. පාර්ලිමේන්තුවේ සාමාන්‍ය බහුතරයකින් පරිපූරක ඇස්තමේන්තුවක් සම්මත කරගෙන ඒ සඳහා මුදල් ලබාගත හැකි වුවත් ඊටද පොදුජන පෙරමුණේ සහාය අවශ්‍ය වේ.
කෙසේ වෙතත් යෝජිත ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත අගෝස්තු අවසානයේ දී පාර්ලිමේන්තුවේ දී සම්මත වුවහොත් ව්‍යවස්ථාවේ 80 (අ) අනු ව්‍යවස්ථාව අනුව එය ඊළඟට ජනමත විචාරණයකට යොමු කළ යුතුවේ. ඒ සඳහා අනෙකුත් මැතිවරණවලට මෙන්ම මසක පමණ ප්‍රචාරක කාලයක් දිය යුතුවේ. ඒ අනුව එම ජනමත විචාරණය පැවැත්විය හැකි වනු ඇත්තේ සැප්තැම්බර් අවසානයේදීය. දැනට පවතින තත්වය අනුව ජනාධිපතිවරණය පැවැත්වීමට නියමිතව ඇත්තේ ද සැප්තැම්බර් අවසානයේදීය.
අනෙක් අතට ජාතික මට්ටමේ මැතිවරණයක දී මැතිවරණ කොමිසම කළ යුතු සියලු කටයුතු ජනමත විචාරණයකදී ද කළ යුතු වේ. ඒ සඳහා ජාතික මට්ටමේ මැතිවරණයකට වැයවන මුදලට සමාන මුදලක් අවශ්‍ය වේ. ජනාධිපතිවරණයේ දී ඡන්ද පත්‍රිකා මුද්‍රණය සඳහා පමණක් රුපියල් කෝටි 80ක් වැයවන බව ජනමාධ්‍යවල පළවිය. එහෙයින් ජනමත විචාරණයකට ද රුපියල් කෝටි දහසකට ආසන්න මුදලක් වැයවනු ඇතැයි අනුමාන කළ හැකිය. මේ වසරේ මුදල් වෙන් කරනු ලැබ ඇත්තේ ජනාධිපතිවරණයකට පමණකැයි ජනාධිපතිවරයා පවසා ඇති තත්වය යටතේ ජනමත විචාරණයක්ද මේ වසරේ පැවැත්විය නොහැකිවනු ඇත.
එසේ පැවැත්විය හැකි වුවද මෙම ව්‍යවස්ථා සංශෝධනයෙන් ජනාධිපතිවරයා හෝ එජාපය ජනාධිපතිවරණය කල් දමා ගැනීමට අපේක්ෂා නොකරන බව පක්ෂයේ නායකයෝ කියති. එසේ නම් මුදල් නැතැයි කියා නීතිය අනුව පැවැත්විය යුතුව තිබූ පළාත් පාලන මැතිවරණ දින නියමයක් නැතිව කල් දැමූ රටේ ජනාධිපතිවරයාගේ හා පාර්ලිමේන්තුවේ නිල කාලය ‘‘හය වසරකට වඩා’’ නොව ‘‘පස් වසරකට වඩා’’ දීර්ඝ කිරීමට ජනමත විචාරණයක් අවශ්‍ය යැයි කියන ව්‍යවස්ථා සංශෝධනයක් නීතියක් බවට පත්කර ගන්නට රුපියල් කෝටි දහසක් පමණ වියදම් කළ යුතු ද.?
(*** එම්.එස්.එම්. අයුබ්)
පෙරදිග ධාන්‍යාගාරය යන්න ඇසූ සැණින් කාගේත් මතකයට නැගෙන්නේ මහා පරාක්‍රමබාහු සමයේ අප රට හැදින් වූ නමයි. වචනයේ අර්ථය අනුව ගතහොත් පෙරදිග ලෝකයටම අවශ්‍ය තරම
ජාතික ජන බලවේගයට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක් ඉක්මවා යන ආසන 159ක අද්විතීය ජයග්‍රහණයක් ලබා දෙමින් 2024 පාර්ලිමේන්තු මැතිවරණය නිමාවට පත්විය. එහිදී සමඟි ජන බ
ජ.වි.පෙ මූලිකත්වය ගත් මේ 2024 පාර්ලිමේන්තු මැතිවරණයේ ජා.ජ.බ නැතිනම් “මාලිමා” ජයග්‍රහණය සැබවින්ම ඓතිහාසික ජයග්‍රහණයකි. ඔවුන්ගේ දේශපාලනය මා නොපිළිගත්තද, ඔ
මාස දෙකකට පෙර, සැප්තැම්බර් 21 වැනිදා පැවැති ජනාධිපතිවරණයේ ප්‍රතිඵල අනුව පෙරේදා පැවැති පාර්ලිමේන්තු මැතිවරණයේ ප්‍රතිඵල තේරුම් ගැනීම තරමක් දුෂ්කරය.
මේ වන විට මැතිවරණ ප්‍රතිඵල ලැබෙමින් තිබේ. සත්‍ය වශයෙන්ම ඡන්දය දැමීමට ගිය ප්‍රතිශතය කෙසේ වෙතත් මෙවර මැතිවරණයට පෙර කාලය තුළ නම් ජනතාව අතර උනන්දුවක් තිබු
තථාගතයන් වහන්සේ තමන් වහන්සේ විසින්ම මනාව අවබෝධ කරගත් ධර්මය තම ශ්‍රාවක පිරිසට සමීප කරවීම සඳහා විවිධ ක්‍රමෝපාය භාවිත කර ඇති ආකාරය ඉතා ප්‍රකටය. එම දේශනා
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ඡන්දය එදා කී දේ අද කියන දේ
පොඩිඑකා Monday, 29 July 2024 03:13 PM
පාඨකයා එවන කලු විවේචන පළකරන්න කශේරුකාවේ ඇදයක් ඇත්දැයි නොදනී...