නිදහසින් පසු ශ්‍රී ලාංකේය දේශපාලනයේ වැදගත්ම හැරවුම් ලක්ෂ්‍ය ලෙස මෙවර ජනාධිපතිවරණය සැලකිය හැකිය. එයට ප්‍රධාන හේතුව, ගත වූ වසර 76 ක කාලයේදී මෙරට සමාජය, දේශපාලනය, ආර්ථිකය සහ සංස්කෘතිය යන ප්‍රධාන කුලුනු සතර පරාභවයට යෑමය. 1978 දී විධායක ජනාධිපති ක්‍රමය හඳුන්වා දුන්දා සිට අද දක්වාම පවතින්නේ අවිනිශ්චිතතාවකි. එවැනි ක්‍රමයක් රටට අදාළ ද යන ප්‍රශ්නය තවමත් වලංගුය.
ශ්‍රී ලංකාව මුහුණ දී සිටින සමාජ, ආර්ථික, දේශපාලනික සහ සංස්කෘතික පරිහානිය පටන් ගත්තේ 1977 න් පසුව බව මගේ පෞද්ගලික මතයයි. 1978 න් පසු හඳුන්වා දුන් විවෘත ආර්ථිකය නිසා දේශීයත්වය, දේශීය ආර්ථිකය මේ සියල්ල විනාශ විය. එම විනාශය තවමත් සිදු වෙමින් තිබේ. මෙම විධායක ජනාධිපති ක්‍රමය නිසා අපි 1978 සිට බැට කමින් සිටිමු. තනි මිනිසකුට සියලු බලතල පවරා දීමට තරම් ආසියාතික රටවල මිනිස්සු අනාථ වී නොසිටියහ. අපේ සමාජයේ පැවති විස්තීරණ පවුල් ක්‍රමයේ තිබූ සාමූහික විඤ්ඤාණය තනි පුද්ගලයකු වටා අධික ලෙස බලය ගොනු කිරීමෙන් නැති වී ගියේය.
මේ සන්දර්භයේ මෙවර ජනාධිපතිවරණය හුදු ජනාධිපතිවරයකු පත් කර ගැනෙන මැතිවරණයක් පමණක් නොවන බව මගේ නිරීක්ෂණයයි. එමෙන්ම මෙය ලංකාවේ පවත්වන අවසන් ජනාධිපතිවරණය වේවා යන්න මගේ ප්‍රාර්ථනයයි. හරයාත්මක ප්‍රජාතන්ත්‍රවාදයක් ස්ථාපිත කිරීමට නම් නැවතත් පැරැණි අගමැති ප්‍රමුඛ පාර්ලිමේන්තු ආණ්ඩුක්‍රමයට යා යුතුය.
දෙවැනුව, මෙම ජනාධිපතිවරණය ආර්ථික වශයෙන් රටට වැදගත් වෙන්නේ ඇයිදැයි විමසා බැලිය හැකිය. 2022 දී රට දරුණු ආර්ථික අර්බුදයකට ලක් වූ පසු පවත්වන පළමු ඡන්දය වෙන්නේ ද මේ වසරේ පැවැත්වෙන ජනාධිපතිවරණයයි. ශ්‍රී ලංකාවේ ආර්ථිකය පිළිබඳ අවධානය යොමු කළ හොත්, 1950 ගණන්වල බ්‍රිතාන්‍යයට පවා ණය දිය හැකි තරම් ශක්තිමත් ආර්ථිකයක් අපට තිබිණි. එවකදී ලංකාව සිංගප්පූරුවේ ආදර්ශ රාජ්‍යය ද විය. එසේ තිබූ රට දැවැන්ත ආර්ථික අගාධයකට ඇද වැටුණේ ඇයි දැයි ප්‍රශ්නයකි. එසේ වූයේ ප්‍රමාණවත් පරිදි ආර්ථික විශේෂඥයන් රටේ නොසිටි නිසා නොවේ.
1977 න් පසු හඳුන්වා දුන් විවෘත ආර්ථික ක්‍රමය යටතේ බලයේ සිටි අය තමන්ගේ ආධාරකරුවන්ට ව්‍යාපාරිකයන්ට වාසි සැලසෙන අයුරින් කටයුතු කළ හෙයින් දේශීය කර්මාන්ත සියල්ල වැසෙන තත්වයකට පත් විය. ආර්ථික ශරීරයක ප්‍රධාන නිල අහිමි වූ පසු නැවත ඒ ගැන කතා කිරීමෙන් ඵලක් නැත. මෙම ආර්ථික ක්‍රමය යටතේ දේශපාලනඥයන්ගේ හයියෙන් ඉහළට පැමිණි ව්‍යාපාරිකයෝ දිගටම ගසා කෑහ. ශ්‍රී ලංකාව මුහුණ දුන් ආර්ථික අර්බුදයට බලපෑ එක් හේතුවක් වෙන්නේ එයයි. ආර්ථික අර්බුදයට හේතුව ආර්ථිකයම නොවේ. දේශපාලනය යනු ව්‍යාපාරයක්ය, බාර් විවෘත කිරීමය, කොන්ත්‍රාත් ලබා ගැනීමය යන ආකල්පයෙන් කටයුතු කළ දේශපාලනඥයන් ප්‍රධාන පක්ෂ දෙකෙන්ම බිහි වූ නිසා මේ අර්බුදය තීව්‍ර විය.
අනෙක් අතට බොහොමයක් ව්‍යාපාරිකයෝ බදු නොගෙවති. එවිට අධ්‍යාපන, සෞඛ්‍ය, යටිතල පහසුකම් දියුණු කිරීම සඳහා මහා භාණ්ඩාගාරයට මුදල් ලැබෙන්නේ නැත. ආර්ථිකයේ දී වැදගත් වෙන්නේ නිෂ්පාදනය සහ ලාභ ඉපයීම පමණක්ම නොවේ. එහිදී මිනිසුන්ගේ ගුණාංග කරන ආයෝජනයට සාපේක්ෂව උපයන ලාභය කොපමණදුරට සාධාරණ ද යනාදී දේවල් ද වැදගත්ය. එහෙත් මේ සියලු දේවල් විවෘත ආර්ථිකය හඳුන්වා දීමෙන් පසු නැති විණි. විවෘත ආර්ථිකයෙන් හොරකමට මග විවර විණි. මේ ක්‍රමය යටතේ පාර්ලිමේන්තුවට වැඩි වශයෙන් තේරී පත් වූයේ ක්ෂණික ක්‍රම ඔස්සේ මුදල් උපයන මුදලාලිලා පිරිසක් මිස දුර දක්නා නුවණින් කටයුතු කළ හැකි අය නොවේ. ආර්ථික අර්බුදය ගැන කතා කළ යුත්තේ මානව සාධකය ද සමගය.
මෙවැනි තීරණාත්මක මැතිවරණයක් අබිමුව ඡන්දදායකයන්ගේ වගකීම ගැන ද විපරම් කළ යුතුය. දේශපාලනය ආගමක් නොවෙන හෙයින් ඡන්දදායකයන් මෙසේ හැසිරිය යුතු යැයි යනාදී වශයෙන් අනුශාසනා ලබාදීමේ හැකියාවක් නැත. අවුරුදු 76 ක් සහ පරම්පරා හතරක් තිස්සේ බැට කමින් සිටින ජනතාවට ඡන්දයකදී තමන්ගේ වගකීම කුමක්දැයි විශේෂයෙන් මතක් කිරීම අවශ්‍ය නොවේ. අද අත්‍යවශ්‍ය භාණ්ඩවල හිඟයක් නැතත් 2019/20 කාලයේ ඒවාට ගෙවූ මිල ගණන්වලට වඩා තුන් හතර ගුණයක වැඩි මිලක් ගෙවීමට ජනතාවට සිදු වී තිබේ. 2010-2019 කාලයේ ජනතාවට තිබුණේ මර බියයි. එවක පැවතියේ දේශපාලන අසංස්කෘතියකි. 2019 දී තෝරා ගත් ජනාධිපතිවරයා ගත් අදූරදර්ශී තීන්දු තීරණ නිසා මිනිස්සු දුක් වින්දහ. ගත වූ කාලයේදී ජනතාව දුක් විඳි නිසා මෙම ජනාධිපතිවරණයේදී වගකීමෙන් කටයුතු කළ යුත්තේ කෙසේදැයි ඔවුන්ට කියා දිය යුතු නැත. වඩාත් පුළුල් අවබෝධයකින් යුතුව කටයුතු කරමින් පෞද්ගලික ලාභ අරමුණු පසෙකලා මෙවර ජනාධිපතිවරණයේදී ඡන්දදායක වගකීම ඉටු කරනු ඇතිය යන්න මගේ ප්‍රාර්ථනයයි.
අප අත්දැක ඇති පරිද්දෙන් මැතිවරණයක් ළං වනවිට ද්‍රව්‍යමය ආධාර ඇතුළු නොයෙක් දෑ ලබා දෙමින් ඡන්දදායකයන්ගේ ඡන්දය ලබාගැනීමට දේශපාලනඥයෝ කටයුතු කරති. බස් රථ සහ කෑම බීම ලබා දෙමින් ජනතාව දේශපාලන රැස්වීම්වලට ගෙන්වීම ද සුලභය. මැතිවරණයක් ආසන්න වෙද්දී දේශපාලනඥයෝ දාන පාරමිතාව පිරීමට පටන් ගනිති. දාන පාරමිතාව ආගමික අර්ථයෙන් කළ හැකිය. එහෙත් දේශපාලනයට එය නොගැළපේ. අල්ලසකි. ජනතාව ඒ පිළිබඳ අවධියෙන් සිටීම වැදගත්ය. ඡන්දදායකයන් මෙවර ජනාධිපතිවරණයේදී තම වගකීම ඉතිහාසගත වෙන අයුරින් ඉටු කරතියි මම විශ්වාස කරමි.
ජනාධිපතිවරණයට තරග කරන ප්‍රධාන අපේක්ෂකයන්ගෙන් කවුරුන් බලයට පත් වුව ද රට ගොඩනැගීම වෙනුවෙන් ඉටු කිරීමට ඇති අභියෝග ලේසි පහසු ඒවා නොවේ. ප්‍රබල ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ ඇති කිරීමකින් තොරව ඉදිරියට යා නොහැකි බව අවබෝධ කරගත යුතුය. දැවැන්ත අර්බුදයකින් යාන්තමට එළියට පැමිණ තවමත් අපි මතුපිට අතගාමින් සිටිමු. පාලන බලය පිළිබඳ කිසිදු ස්ථාවරභාවයක් නොතිබූ වේලාවක යාන්තමට ගැට ගසා ගැනීමට හැකි වුව ද මෙතෙක් දේශපාලනයේ ස්ථාවරභාවය ඇති කර ගැනීමට අපොහොසත් වී තිබේ.
නිශ්චිත ජනාධිපතිවරයකු සහ අමාත්‍ය මණ්ඩලයක් පත් වී ශක්තිමත් පාර්ලිමේන්තුවක් පත් කර ගැනුණ ද, මේ අර්බුදයෙන් ගොඩ යෑම පහසු ව්‍යායාමයක් නොවේ. එසේ ගොඩගිය රටවල් ලෝකයේ නැත. අවම තරමින් වසර 10 ක් හෝ 15 ක් ඒ සඳහා ගත වේ. එමෙන්ම කවුරුන් ජනාධිපති වශයෙන් පත් වුවද දැනට තාවකාලිකව ගෙවීම අත්හිටුවා ඇති ණය වසර දෙකකින් පසුව නැවත ගෙවීමට සිදු වේ. ණය නැවත ගෙවීමට නම්, අපි වැඩියෙන් ආදායම් ඉපැයිය යුතු වෙමු. නැතිනම් තවත් ණය ගැනීමට සිදු වේ.
ජාත්‍යන්තර වෙළෙඳපොළ අපේ පාලනයෙන් තොරව ක්‍රියාත්මක වෙන එකකි. එය හැසිරෙන ආකාරය අනුව අලුතින් පත්වෙන ජනාධිපතිවරයාට සහ ආණ්ඩුවට කටයුතු කිරීමට සිදු වේ. නිදසුනක් ලෙස ඉන්ධන ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල ගණන් වැඩි වුවහොත් අපට ද ඒවායෙහි මිල ගණන් ඉහළ දැමීමට සිදු වේ. මේ චක්‍රයට පිටුපා කටයුතු කළ නොහැකිය. ජාත්‍යන්තර වෙළෙඳපොළේ චක්‍රය කැරකෙන ආකාරයට කටයුතු කිරීමට සිදුවීම අපට විශාල අභියෝගයකි. රනිල් වික්‍රමසිංහ, සජිත් ප්‍රේමදාස, අනුර කුමාර දිසානායක සහ නාමල් රාජපක්ෂ යන අයගෙන් කවුරුන් බලයට පත් වුවත් මේ අභියෝගයට මුහුණ දීමට සිදු වේ. එහෙත් අනුර කුමාර දිසානායක බලයට පත්වුව හොත් මේ පොදු අභියෝගවලට අමතරව ඔහුට තවත් අමතර අභියෝගයකට මුහුණ දීමට සිදුවනු ඇත. එනම්, දැනට දේශපාලන පිටියේ ප්‍රතිවාදීන් ලෙස හැසිරෙන සියලු දෙනා කළුකඩකාරයන් සමග එකතු වී අලුත් ජනාධිපතිවරායට බාධා කිරීමය. භාණ්ඩ ආනයනය සීමා කර වෙළෙඳපොළේ භාණ්ඩ හිඟයක් ඇති කිරීම ආදී කළ හැකි සියලු බාධා ඇති කරනු ඇත. මේ තත්වය දේශපාලනයේදී හඳුන්වන්නේ ප්‍රතිවිප්ලවය වශයෙනි.
2024 සැප්තැම්බර් 21 වැනිදා පැවැත්වෙන ජනාධිපතිවරණයෙන් අනුර කුමාර බලයට පත්වුවහොත් එයට විප්ලවය යන අර්ථය මාක්ස්වාදියකු හැටියට මම නොදෙමි. එහෙත් එම මැතිවරණයේදී යම් වෙනසක් ඇති වුවහොත් පරාජයට පත්වෙන සියලු ප්‍රතිගාමී බලවේග එකට එකතු වී අලුත් පාලනය කඩාකප්පල් කිරීමට මාන බලනු ඇත. නව පාලනයේ ජනප්‍රියත්වය හීන කර වසරක කාලයකදී යළිත් මැතිවරණයකට යෑමට ඔවුන් උත්සාහ කරනු ඇත. ජාතික ජන බලවේගයට මෙම අභියෝගයට මුහුණ දීමට සිදු වෙනු ඇත.
(***)
සාකච්ඡා සටහන - උපුල් වික්‍රමසිංහ
පෙරදිග ධාන්‍යාගාරය යන්න ඇසූ සැණින් කාගේත් මතකයට නැගෙන්නේ මහා පරාක්‍රමබාහු සමයේ අප රට හැදින් වූ නමයි. වචනයේ අර්ථය අනුව ගතහොත් පෙරදිග ලෝකයටම අවශ්‍ය තරම
ජාතික ජන බලවේගයට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක් ඉක්මවා යන ආසන 159ක අද්විතීය ජයග්‍රහණයක් ලබා දෙමින් 2024 පාර්ලිමේන්තු මැතිවරණය නිමාවට පත්විය. එහිදී සමඟි ජන බ
ජ.වි.පෙ මූලිකත්වය ගත් මේ 2024 පාර්ලිමේන්තු මැතිවරණයේ ජා.ජ.බ නැතිනම් “මාලිමා” ජයග්‍රහණය සැබවින්ම ඓතිහාසික ජයග්‍රහණයකි. ඔවුන්ගේ දේශපාලනය මා නොපිළිගත්තද, ඔ
මාස දෙකකට පෙර, සැප්තැම්බර් 21 වැනිදා පැවැති ජනාධිපතිවරණයේ ප්‍රතිඵල අනුව පෙරේදා පැවැති පාර්ලිමේන්තු මැතිවරණයේ ප්‍රතිඵල තේරුම් ගැනීම තරමක් දුෂ්කරය.
මේ වන විට මැතිවරණ ප්‍රතිඵල ලැබෙමින් තිබේ. සත්‍ය වශයෙන්ම ඡන්දය දැමීමට ගිය ප්‍රතිශතය කෙසේ වෙතත් මෙවර මැතිවරණයට පෙර කාලය තුළ නම් ජනතාව අතර උනන්දුවක් තිබු
තථාගතයන් වහන්සේ තමන් වහන්සේ විසින්ම මනාව අවබෝධ කරගත් ධර්මය තම ශ්‍රාවක පිරිසට සමීප කරවීම සඳහා විවිධ ක්‍රමෝපාය භාවිත කර ඇති ආකාරය ඉතා ප්‍රකටය. එම දේශනා
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ඡන්දයට පණදෙන අභියෝග
Bandara Tuesday, 20 August 2024 02:30 PM
77ට කලින් හොඳට තිබුණ ව්‍යාපාර ජනසතු කිරීම තමා ආර්ථික පසුබෑමට හේතුව. උදාහරණයක් විදියට තේ වතූ.