ජගත් මානව හිමිකම් කවුන්සිලයේ 48 වැනි සැසිවාරය තවත් සති හයකින් රැස් වෙයි. එහිදී, ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් තවදුරටත් දැඩි පිළිවෙතක් අනුගමනය කිරීමට එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය මාන බලමින් සිටී.
රාජ්‍යතාන්ත්‍රිකමය වශයෙන් සිදු වූ අතපසුවීම් සහ දැඩි පිළිවෙතක් පෙරදැරිව රටවල් සමග කටයුතු කරන්නට, විශේෂයෙන්ම බටහිර රටවල් සමග, යාම නිසා ගෙවුණු මාර්තු මාසයේ දී, පැවැති ජගත් මානව හිමිකම් කවුන්සිල සැසිවාරයේ ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරිපත්ව සම්මත වූ යෝජනාව නිසා පමණක් නොව, වෙනත් කාරණා නිසා ද උද්ගතව තිබෙන ගැටලුවලට ශ්‍රී ලංකාවට මෙවර මුහුණදීමට සිදුවනු ඇත. එම යෝජනාවේ එක් කොටසක් වූයේ සාක්කි එකතු කිරීමට, විශ්ලේෂණය කිරීමට සහ සංරක්ෂණය කිරීමට බලය හිමි වෙනම කාර්යාලයක් පිහිටුවීමට මානව හිමිකම් මහකොමසාරිස්වරයාට බලය හිමිකර දී තිබීමය. බරපතළ අන්දමින් සිදුවන මානව හිමිකම් කඩවීම් සහ අන්තර්ජාතික මානවවාදී නීතියේ කඩවීම් සම්බන්ධයෙන් අනාගත වගවීම තහවුරු කිරීම සඳහා, ඒවායේ වින්දිතයන් සහ ගැලවීගත්තවුන්ට අවශ්‍ය උපදේශනය සැපැයීම සඳහා සහ මෙම කාරණා හා අදාළ අධිකරණමය ක්‍රියාමාර්ගවලට, එම ක්‍රියාමාර්ග සඳහා පහසුකම් සැලසීමට හැකි සාමාජික රටවල සහභාගිත්වය සහ සහාය ලබාගැනීම සඳහා, යනාදිය එම කාර්යාලය පිහිටුවීමේ අරමුණ බැව් සඳහන් කැරිණ.
පාලක සන්ධානයේ නායකයන් විශ්වාසයෙන් සිටියේ අයවැය කප්පාදු කිරීම් සිදුවෙමින් තිබීම නිසා, අනාගත වගවීමේ යාන්ත්‍රණය ක්‍රියාත්මක කරවීමක් සිදු නොවනු ඇතිය කියාය. කොටින්ම, විදේශ කටයුතු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සන්ඩේ ටයිම්ස් හා අදහස් දක්වමින්, ජගත් මානව හිමිකම් කවුන්සිලයේ අයවැය සියයට 50කින් කප්පාදු කර තිබෙන බව පැවැසුවේය. ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් සම්මත කරගැනුණු යෝජනාවලිය ක්‍රියාත්මක කිරීම සඳහා වෙනම කාර්යාලයක් පිහිටුවීමට කවුන්සිලය ගත් උත්සාහය මේ නිසා යම් පසුබෑමකට ලක්ව තිබෙන්නේ යැයි ඔහු කීවේය. මේ පිළිබ සම්පූර්ණ වාර්තාවක් තමා නිව් යෝර්ක්හි ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිතයාගෙන් බලාපොරොත්තුවෙන් සිටින බව අමාත්‍යවරයා සඳහන් කළ ද එසේ අරමුදල් කප්පාදුවක් සැබෑවටම සිදුව තිබේ දැයි යන්න සම්බන්ධයෙන් ඉන් අනතුරුව ඔහු කිසිදු අවස්ථාවක කිසිදු අදහසක් පළ කළේ නැත.
කෙසේ වුවත්, ජගත් මානව හිමිකම් කවුන්සිලය 2021 සහ 2022 වසර සඳහා ඉල්ලා තිබූ අතිරේක අරමුදල්වලට අනුමැතිය හිමිව තිබෙන බව සන්ඩේ ටයිම්ස් හට දැනගැනීමට හැකි විය. කලින් ඉල්ලා සිටි ඩොලර් මිලියන 2.8ක මුදල, 2021 වසරේ දී ඩොලර් මිලියන 0.737ක් සහ 2022 වසරේ දී ඩොලර් මිලියන 2.1ක් ලෙස ලබාදීමට සැලසුම් කර ඇත. සාමාජිකයන් 13 දෙනකුගෙන් සමන්විත මෙම විශේෂ ලේකම් කාර්යාලය පිහිටුවීම දක්වා ගෙවෙන කාලය සඳහා එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ පස්වැනි කමිටුව, අදාළ අරමුදල් අනුමත කර තිබෙන බව රාජ්‍යතාන්ත්‍රික ආරංචි මාර්ගයක් පැවැසුවේය. එහි ඉදිරි වසරවල කටයුතු සඳහා කෙසේ අරමුදල් වෙන් කෙරෙනු ඇතිදැයි යන්න තවමත් පැහැදිලි නැත.
නව ලේකම් කාර්යාලය සඳහා සාමාජිකයන් බඳවා ගැනීමේ කටයුතු ආරම්භ කිරීමට මානව හිමිකම් මහකොමසාරිස්වරයාගේ කාර්යාලය දැනටමත් පියවර ගෙන අවසන්ය. එහි ඉහළම තනතුර, අන්තර්ජාතික අපරාධ නීතිය හෝ අපරාධ විමර්ශන කටයුතු සහ නඩු විභාග සම්බන්ධයෙන් අත්දැකීම් ඇති ජ්‍යෙෂ්ඨ නීති උපදේශකවරයෙක්ට ලබාදීමට නියමිත අතර, ඔහු කාර්යාලයේ අනෙක් කණ්ඩායම සමග සම්බන්ධීකරණය කරමින් තොරතුරු සහ සාක්කි එකතු කිරීමේ මූලෝපාය ක්‍රියාත්මක වන ආකාරය අධීක්ෂණය කරනු ඇත. මෙසේ එකතු කරගන්නා තොරතුරු, ගබඩා කිරීම, සංරක්ෂණය කිරීම සහ විශ්ලේෂණය කිරීම මධ්‍යගත තොරතුරු ගබඩාවක නියාවෙන් කටයුතු කරන සාමාජික පිරිසක් අතින් සිදුවනු ඇත.
යුක්තිය විශ්වීය වශයෙන් පසිඳලිය යුතුව තිබෙන්නේ යැයි වන ප්‍රතිපත්තිය යටතේ සහ අදාළ සිදුවීම සිදුව තිබෙන රටෙන් බාහිර වෙනත් රටක සිට එම සිදුවීම සම්බන්ධයෙන් වන අධිකරණමය ක්‍රියාමාර්ග ක්‍රියාත්මක කිරීමටත්, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මාර්ගෝපදේශ අනුව අනෙක් වගවීම් යාන්ත්‍රණ සම්බන්ධයෙන් අවධානය යොමු කිරීමටත්, පවතින අවස්ථා සම්බන්ධයෙන් ඔවුන් සොයා බලනු ඇත්තේ මෙසේ එක්රැස් කරගන්නා සාක්කි අනුවය. ජ්‍යෙෂ්‍ඨ නීති උපදේශකවරයෙක් සහ නීති උපදේශකවරයන් දෙදෙනෙක් ද කාර්යමණ්ඩලයට අයත් වෙති.
මෙම නව ලේකම් කාර්යාලයට වෙන් කළ අමතර අයවැය, පස්වැනි කමිටුව හරහා එසේ ඉදිරිපත් කැරුණු ආකාරයෙන්ම සම්මත කර ඇත්නම්, ඉතා කනගාටුදායක ලෙස එයින් පෙනී යන්නේ එකී මූල්‍යමය අවශ්‍යතාවලට එරෙහිව පෙනී සිටීමට සහ කරුණු ඉදිරිපත් කිරීමට නිව් යෝර්ක්හි ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිතයාගේ කාර්යාලය සහ විදේශ කටයුතු අමාත්‍යාංශය අපොහොසත්ව තිබෙන බවය. එසේ නොකිරීමට හේතුව ඇතැම් විට, සැබෑ අවබෝධයක් නොමැති ඇතැමෙක්, මෙම ලේකම් කාර්යාලයේ නියෝජිතයන්ට ශ්‍රී ලංකාවට ඇතුළු වීම තහනම් කිරීම මාර්ගයෙන් එහි කටයුතු අඩපණ කළ හැකි යැයි සිතීම වීමට ඉඩ තිබෙන අතර, එවැනි ක්‍රියාමාර්ගයක් අනුගමනය කළහොත් සැබෑවටම සිදුවන්නේ අන්තර්ජාතික වශයෙන් ශ්‍රී ලංකාව තවදුරටත් හුදෙකලා වීම පමණකි. එපමණක් නොව, ඉතා වටිනා සාක්කි රැසක් දැනටමත් තමන් සතුව තිබෙන බව මානව හිමිකම් මහකොමසාරිස්වරයාගේ කාර්යාලය ප්‍රකාශයට පත් කර තිබීම ද මෙතැන දී අමතක නොකළ යුත්තකි. එවැනි තත්ත්වයක, ශ්‍රී ලංකාවට එරෙහිව ද්වීපාර්ශ්වික වශයෙන් වාරණයක් පැනවීමට ඇතැම් රටවල් කටයුතු කිරීමට ඉඩ ඇත. කරුණු මෙසේ හෙයින්, දැන් කාලය පැමිණ තිබෙන්නේ මමත්වය සහ උද්දච්චකම පැත්තකට දමා, සිහි බුද්ධියෙන් යුතුව ශ්‍රී ලංකාවේ ආර්ථිකය තවදුරටත් ගොහොරුවේ ගිලී යෑමට ඉඩ නොදී ආරක්ෂා කරගැනීමට වග බලාගැනීමටය.
ප්‍රධාන කණ්ඩායමේ අවධානය
එක්සත් රාජධානියේ නායකත්වය යටතේ ක්‍රියාත්මක වන ප්‍රධාන කණ්ඩායම මේ දක්වා සාකච්ඡාවට ගෙන තිබෙන කරුණු සැලකිල්ලට ගැනීමේ දී, ඔවුන් පසුගිය මාර්තු මස ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් අනුගමනය කළ ස්ථාවරයේ මේ දක්වාම නිල වශයෙන් වෙනසක් සිදුව නොමැති බව පැහැදිලිය. ඔවුන් එම සාකච්ඡාවල දී, අවධානය යොමු කර තිබෙන කාරණා අතර, සිවිල් සමාජ සංවිධාන ක්‍රියාධරයන්ට සහ විපක්ෂ දේශපාලන පක්ෂවල සාමාජිකයන්ට අඩන්තේට්ටම් කැරෙමින් පවතින්නේ යැයි වන චෝදනා, ඝාතන සම්බන්ධයෙන් මරණ දඬුවම නියමව සිටින්නන්ට සමාව දෙමින් තිබෙන හෙයින් නීතිය හා සාමය විනාශ වෙමින් පවතින්නේ යැයි වන චෝදනා ආදියත්, අතුරුදන්වූවන් සම්බන්ධයෙන් වන කාර්යාලය මේ දිනවල ක්‍රියාත්මක වෙමින් පවතින ආකාරයත් ප්‍රධානය. මෙම කාරණා සම්බන්ධයෙන් ගැටලු මතු කිරීමෙහිලා පොදු එකඟතාවක් සහ අවබෝධයක්, ප්‍රධාන කණ්ඩායමේ සාමාජිකයන් අතර ඇත.
එක්සත් ජනපදයේ නික්ම යෑමෙන් පසුව ජගත් මානව හිමිකම් කවුන්සිලයේ ප්‍රධාන චරිතයක් බවට පත්ව සිටින එක්සත් රාජධානිය ප්‍රධාන කණ්ඩායමේ නායකයා ලෙස මේ වනවිට සිය උත්සාහය වඩාත් පුළුල් කර ඇත. ගෙවුණු සතියේ එක්සත් රාජධානියේ රජය, ශ්‍රී ලංකාවේ මානව හිම්කම් සහ ප්‍රජාතන්ත්‍රවාදී වටිනාකම් ප්‍රවර්ධනය කිරීම සඳහා වන ව්‍යාපෘති යෝජනා ඉදිරිපත් කරන ලෙස සිවිල් සමාජ සංවිධානවලට ආරාධනයක් කළේය. ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේ හැකියාව පවතින සිවිල් සමාජ සංවිධාන සහ වෙනත් පාර්ශ්වකරුවන්ට, ශ්‍රී ලංකාවේ මානව හිමිකම් සහ ප්‍රජාතන්ත්‍රවාදී වටිනාකම් ප්‍රවර්ධනය කිරීම සඳහා වන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට අවැසි අරමුදල් ලබාගැනීමේ අවස්ථාවක් පවතින්නේ යැයි ඔවුන්ව දැනුම්වත් කිරීම එහි අරමුණ යැයි සඳහන් විය.
මෙහිලා, කොළඹ මහකොමසාරිස් කාර්යාලය වැඩි අවස්ථාවක් ලබාදෙන්නේ, පහත සඳහන් තේමාවලටය.
තේමාවලට අයත් වන ක්ෂේත්‍ර එකක් හෝ කිහිපයක් අදාළ කරගැනෙන ව්‍යාපෘතිවලටය. (උදාහරණයක් ලෙස - සමාජ පැවැත්ම ප්‍රවර්ධනය සහ සංවර්ධනය කිරීම සඳහා හෝ මානව හිමිකම් ක්‍රියාධරයන් සහ ජනමාධ්‍යවේදීන් ආරක්ෂා කරගැනීම සඳහා මාධ්‍ය සමග කටයුතු කිරීම)
ගැටුම් සංවේදීතාව, ස්ත්‍රී පුරුෂ සමාජභාවය සහ පරිසරය වැනි තේමාවලට අවධානය ලබා දී තිබීම,
ක්‍රියාකාරකම් පදනම් විය යුත්තේ පහත දැක්වෙන ප්‍රමුඛතා තේමා මතය. එම එක් එක් තේමා යටතේ පවතින ඉලක්කගත අංශ හඳුනා ගැනීමට සහ එසේ හඳුනා ගන්නා අංශ මත සැලසුම් කරන ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් කරුණු දැක්වීමට, මේ සම්බන්ධයෙන් උනන්දුව ඇති අයවලුන් කටයුතු කළ යුතු වේ.
ශ්‍රී ලංකාවේ මාධ්‍ය නිදහස වෙනුවෙන් වන ක්‍රියාකාරකම්වලට ද අපි අවස්ථාව දෙන්නෙමු. මේ යටතට පහත ඒවා අන්තර්ගත කළ හැකිය.
සහාය අවශ්‍ය යැයි හඳුනා ගන්නා අංශවල සිදුවන ජනමාධ්‍ය ක්‍රියාකාරකම් සඳහා සහාය දැක්වීම (ඩිජිටල් සහ භෞතික ආරක්ෂාව, ගුණාත්මකභාවයෙන් උසස් වාර්තා, තොරතුරු සහ දත්ත මත පදනම් වන ගවේෂණාත්මක මාධ්‍යකරණය වැනි) මේ සඳහා ක්‍රියාකාරකම් ලෙස - ජනමාධ්‍යවේදීන්ගේ කුසලතා සංවර්ධනය කිරීම සඳහා වන වැඩසටහන් හෝ ජනමාධ්‍යකරණයේ පිළිගත් සහ හොඳම පිළිවෙත් ප්‍රසිද්ධ කිරීමට සහාය දැක්වීම සහ එවැනි කාරණා ගැන දැනුම බෙදා ගැනීම ආදිය දැක්විය හැකිය.
ජාති-ආගමික හා ආගමික මට්ටමින් රටේ පවත්නා ආතතිවලට විසඳුම් නිර්දේශ කරන ව්‍යාපෘති යෝජනා භාරගැනීමට අප කැමැතිය. මේ යටතට,
පර් යේෂණය සහ ලේඛනගත කිරීම හරහා ආගමික සහ ජාති-ආගමික ආතති සහ ගැටුම් ඇති කරවන කාරණා සම්බන්ධයෙන් අවබෝධය සහ අවධානය වර්ධනය කරවීම (ජන කොට්ඨාස මට්ටමින් සහ එක් එක් ජන කොට්ඨාස අතර)
අධ්‍යාපනය හරහා ගැටුම් කළමනාකරණය ප්‍රවර්ධනය කිරීම සහ එහිලා ප්‍රාදේශීය සහ ජාතික මට්ටමේ බලධාරීන් සමග අත්වැල් බැඳගෙන කටයුතු කිරීම යනාදිය ගත හැකිය.
අවශ්‍යතා සපුරාලන හොඳම යාන්ත්‍රණය කුමක්දැයි හඳුනා ගැනීමට සැපැයුම්කරුවන් අවධානය යොමු කළ යුතුය. එහිලා, කුසලතා සංවර්ධනය කිරීමේ වැඩසටහන්වලට (ඍජුව හෝ පුහුණුවරුවා පුහුණු කිරීම ආකෘතිය අනුගමනය කරමින්) සහ වඩා නිර්මාණාත්මක වැඩසටහන්වලට-ජාල නිර්මාණය කිරීම හෝ යම් ක්ෂේත්‍රයක් පදනම් කරගෙන ක්‍රියාත්මක කෙරෙන වැඩසටහන් හෝ අදාළ නිෂ්පාදන හෝ සම්පත් නිර්මාණය කිරීම හෝ (උදා- තාක්ෂණික මෙවලම්) වැනි යොමු විය හැකිය. අදාළ ක්‍රියාකාරකම්, කොරෝනා වසංගත අවදානම සැලකිල්ලට ගෙන සැලසුම් කළ යුතු වේ.
වැඩසටහන් ක්‍රියාත්මක කිරීමේ සාර්ථක පාර්ශ්වයක් වීමට නම්, 2021 ඔක්තෝබර් මාසයේ සිට එම කටයුතු ආරම්භ කර, 2022 මාර්තු මාසයේ අර්ධයක් වනවිට සියලුම ව්‍යාපෘති කටයුතු අවසන් කළ යුතු වේ. (මෙය අවසාන මුදල් නිකුත් කිරීම්වලට බලපාන කාරණයකි).
සන්නිවේදනය හා සම්බන්ධ ව්‍යාපෘති මාස 2ක අමතර අනුමත කිරීමේ ක්‍රියාවලියකට යටත් කෙරේ. සිය වැඩකටයුතු සැලසුම් කිරීමට සහ නිර්මාණය කරගැනීමට ප්‍රථම, සැපැයුම්කරුවන් මෙම ප්‍රමාදය ගැන අවධානය යොමු කළ යුතුය.
තනි පුද්ගල වියදම් සහ ක්‍රියාකාරකම් වියදම් ඇතුළුව මේ සඳහා වන අයවැය පවුම් 60,000ක් පමණ වනු ඇතැයි යන්න අපගේ අදහසයි. වැඩසටහන් ක්‍රියාත්මක කිරීම සඳහා පාර්ශ්ව කිහිපදෙනෙක් සමග අත්වැල් බැඳගැනෙන ව්‍යාපෘති යෝජනා ඉදිරිපත් කළ යුත්තේ එක් තනි කොන්ත්‍රාත්කරුවෙක් යටතේය. හදිසි අවශ්‍යතා වෙනුවෙන්, අමතර වියදම් වෙනුවෙන්, සුළු පරිමාණ මුදල් පරිමාණයක් ලෙස හෝ ආදී ලෙස මූල්‍ය සහාය දැක්වීමට අපට හැකියාවක් නොමැත. පරිපාලන වියදම් සමස්ත ව්‍යාපෘති වියදමෙන් සියයට 10 නොඉක්මවිය යුතුය.
මේ සම්බන්ධයෙන් උනන්දු වන පාර්ශ්ව, එහිලා ඔවුන් ව්‍යාපෘතියක් හරහා මැදිහත් වන ආකාරය, වැඩසටහන් ක්‍රියාත්මක කෙරෙන ආකාරය සහ ඒ හරහා මුදලට අගයක් ලැබෙන ආකාරය ආවරණය කැරෙන ආකාරයට ඔවුන්ගේ අයැදුම්පත් ඉදිරිපත් කළ යුතුය. යෝජිත ක්‍රියාකාරකම්, ඒවායින් අපේක්ෂා කෙරෙන ප්‍රතිඵල සහ ව්‍යාපෘතිය අවසන් වූ පසුව එම ප්‍රතිඵලවල තිරසාරභාවය අරඹයා වැදගත් වන පශ්චාත් ව්‍යාපෘති මැදිහත්වීම් සහ ක්‍රියාකාරකම් ආදිය, පුළුල්ව ඉදිරිපත් කිරීමට ලංසු තබන්නන් කටයුතු කළ යුතුය. කොරෝනා තත්ත්වය යටතේ, අවදානම් සහගත අවස්ථා සහ එවන් අවස්ථාවක හානි අවම කරගැනීම සඳහා අනුගමනය කෙරෙන සැලසුම් ආදිය ඔවුන් සැලකිල්ලට ගත යුතු වේ. සියලු ව්‍යාපෘති කටයුතු 2022 මාර්තු මස අර්ධය වනවිට අවසන් කළ හැකි බවට ඔවුන් සිය හැකියාව පෙන්විය යුතු ද වේ. අයැදුම්පත සමග, ව්‍යාපෘතියේ එක් එක් ක්‍රියාකාරකම් සහ ඒවාට දැරිය යුතු වන පිරිවැය සඳහන් ඇමුණුමක් ද ඉදිරිපත් කළ යුතුය.
මානව හිමිකම් සහ වෙනත් ක්ෂේත්‍ර සම්බන්ධව තොරතුරු සහ අදහස් ලබාගැනීමට එක්සත් රාජධානිය අවධානය යොමු කර තිබේ යැයි මෙම ව්‍යාපෘතියෙන් මනාව පැහැදිලි කරගත හැකිය. කෙසේ වුවත්, ඇතැම් අය මෙම නව ව්‍යාපෘතිය අර්ථ දක්වන්නේ, එක්සත් රාජධානියේ මානව හිමිකම් කඩවීමේ සිදුවීම් සිදුව ඇතැයි චීනය ජගත් මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් කළ යෝජනාවලියකට සහාය දැක්වූ එකම පොදුරාජ්‍ය මණ්ඩලීය රට ශ්‍රී ලංකාව වීම මුල් කරගෙන, එක්සත් රාජධානිය දැක්වූ ප්‍රතිචාරයක් ලෙසය. ඒ කෙසේ වුවත්, මෙම ව්‍යාපෘතිය හරහා නව ලේකම් කාර්යාලයට ඉතාම වැදගත් වනු ඇති, මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් වන තොරතුරු තව තවත් රැස් කරගැනීමට අවස්ථාව සැලසෙනු ඇත.
මේ කාරණා මෙසේ සිදුවෙමින් තිබෙද්දී ජගත් මානව හිමිකම් කවුන්සිලය හමුවේ ඇති ගැටලු සම්බන්ධයෙන් පාලක සන්ධානය මෙවර සැබෑ ලෙසම නැවත සිතා බලමින් සිටින පසුබිමකය. මීට සති දෙකකට පෙර ට්විටර් පණිවුඩයක් නිකුත් කළ ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා එහි මෙසේ සඳහන් කළේය.
“තිරසාර සාමයක් සහ සංහිඳියාවක් පවත්වා ගැනීම සඳහා වගවීම සහ මානව සංවර්ධනය තහවුරු කැරෙන බව සහතික කිරීමට එක්සත් ජාතීන්ගේ සංවිධානය සමග කටයුතු කිරීමට අපි කැපව සිටින්නෙමු. අවශ්‍ය ආයතනික වෙනස්කම් සිදුකිරීම හරහා, පවත්නා ප්‍රජාතන්ත්‍රවාදී සහ නෛතික රාමුවේ වන ගැටලු විසඳාගෙන, නීතිය හා සංහිඳියාව සහතික කිරීම සඳහා අපි කැපව සිටින්නෙමු.”
මෙම කාර්යය භාරදීමට නියමිතව ඇත්තේ මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාටය.
කෙසේ වුවත්, ගැටලුව ඇත්තේ වෙනත් තැනකය. ඒ, විදේශ කටයුතු අමාත්‍යාංශයේය. ගෙවුණු මාර්තු මාසයේ ජගත් මානව හිමිකම් කවුන්සිලයේ දී, ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් වූ යෝජනාවලිය අනුමත වූ තැන සිට මේ දක්වාම, ඒ සම්බන්ධයෙන් රජයේ ස්ථාවරය රටේ ජනතාවට හෝ අන්තර්ජාතික ප්‍රජාවට හෝ පැහැදිලි කරදීමක් මේ දක්වාම සිදුව නොමැත. එහෙත් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහකොමසාරිස්වරිය ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් පිළියෙළ කර තිබූ වාර්තාවට, පිටු 30කින් සමන්විත පිළිතුරක් යැවීමට නම් විදේශ කටයුතු අමාත්‍යාංශය පියවර ගත්තේය. මානව හිමිකම් මහකොමසාරිස්වරියගේ වාර්තාවෙන් එළැඹ තිබෙන නිගමන සහ සිදුකර තිබෙන නිර්දේශ ශ්‍රී ලංකා රජය ප්‍රතික්ෂේප කරන බව සඳහන් වූ එහි, එම නිගමනවලට සහ නිර්දේශවලට ඇය එළැඹ තිබෙන්නේ වැරැදි හෝ පදනම් විරහිත තොරතුරු මත පිහිටා බවත්, එම තොරතුරු ලබාගෙන තිබෙන්නේ ගැටලුකාරී මූලාශ්‍ර සහ මාධ්‍ය මගින් බවත් චෝදනා කර තිබිණ. එසේ කර තිබීමෙන්, ජගත් මානව හිමිකම් කවුන්සිලය පිහිටුවීමට මුල් වූ එක්සත් ජාතීන්ගේ මහ සමුළුවේ සම්මත 60 251 යෝජනාවලියේ ප්‍රතිපත්ති- විශ්වීයභාවය, අපක්ෂපාතීභාවය, තෝරාගැනීමක් සිදු නොකිරීම, නොසලකා හැර ඇතැයි ද එහි සඳහන් විය. මේ ආකාරයේ තවත් කරුණු ගණනාවක් එහි වූ අතර, එම සියල්ලම කැටි කොට ගනිමින් ශ්‍රී ලංකාව දක්වා තිබුණේ, මෙම වාර්තාව සකස් කිරීමේ දී මානව හිමිකම් මහකොමසාරිස්වරිය ඇයගේ බලසීමාවෙන් පිටතට ගොස් තිබෙන බව යන්නය.
මෙවන් තත්ත්වයක, ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහකොමසාරිස් කාර්යාලය ඉහත සඳහන් කළ ආකාරයේ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට සූදානමින් සිටීම, ඔවුන්ම ඉදිරිපත් කර තිබෙන යෝජනාවලියකින් චූදිතයෙක් බවට පත්කර තිබෙන රටේම අභ්‍යන්තර ක්‍රියාවලියට අතපෙවීමට කැරෙන විවෘත උත්සාහයක් වේ. මෙහිලා, විදේශ කටයුතු අමාත්‍යාංශය තවමත් කිසිදු ප්‍රතිචාරයක් දක්වා නොතිබීම අරුමයක්ය.
ඇමෙරිකා - කැනඩා හැසිරීම හා ප්‍රතිචාර
මාර්තු මස පැවැති ජගත් මානව හිමිකම් කවුන්සිල සැසිවාරයේ දී, පෙර සඳහන් කළ ආකාරයේ පිළිවෙතක් අනුගමනය කිරීමෙන් පසුව, සැප්තැම්බරයේ නැවතත් එම කවුන්සිලය සමග කටයුතු කිරීමට සිදුව තිබීම ශ්‍රී ලංකා රජයට අභියෝගයකි. එය විශේෂයෙන්ම, එකී යෝජනාවලියේ අන්තර්ගතව තිබෙන කාරණාම, අන්තර්ජාතික මට්ටමින් විවිධ රටවල සහ කලාපවල ද පිපෙමින් තිබෙන නිසාය. ගෙවුණු මැයි මාසයේ දී එක්සත් ජනපද කොංග්‍රසයේ සාමාජිකයන් 6 දෙනෙක්, ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් වූ යෝජනාවලියක් කොංග්‍රසය හමුවට ඉදිරිපත් කිරීමට පියවර ගත්හ.
දෙමළ නිජ භූමියක් ගැන ද යම් සඳහනක් පැවැති එය, මේ වනවිට තිබෙන්නේ එරට විදේශ සබදතා පිළිබඳ කමිටුවේ අධ්‍යයනයට ලක්වෙමිනි. නිජ භූමිය වැනි සඳහන් එම කමිටුවේ දී යෝජනාවලියෙන් ඉවත් කිරීමට ඉඩ තිබෙතත්, එසේ වී යැයි මෙම යෝජනාවලිය කොංග්‍රස් මණ්ඩලය හමුවට ඉදිරිපත් වේ ද හෝ නොවේදැයි නිශ්චිතව කියා සිටීමට නොහැකි බව මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ රාජ්‍යතාන්ත්‍රික ආරංචි මාර්ග සඳහන් කළේය. ඩෙබෝරා කේ. රොස්, බ්‍රැඩ් ෂර්මන්, බිල් ජොන්සන්, ඩැනී කේ. ඩේවිස් සහ කැතී මැනිනන්ග් යන කොංග්‍රස් මණ්ඩල සාමාජිකයෝ මෙම යෝජනාවලිය ඉදිරිපත් කළහ.
ඇමෙරිකාව මුලින් ගෙනා යෝජනාව
ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් එක්සත් ජනපද කොංග්‍රසය හමුවට යෝජනාවලියක් ඉදිරිපත් වූ තෙවැනි අවස්ථාව වන්නේ මෙයයි. 2011 මාර්තු මාසයේ දී සෙනට් සභික පැට්‍රික් කේසී ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඉදිරිපත් කළ යෝජනාවලියක් ඒකමතිකව සම්මත වූ අතර, එය ගොඩනංවා තිබුණේ ප්‍රධාන කාරණා 4ක් මතය.
ශ්‍රී ලංකාවේ මානව හිමිකම්වල වගවීම නියාමනයට ලක් කෙරෙන යාන්ත්‍රණයක් හඳුන්වා දෙන්නැයි එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයාගෙන් ඉල්ලා තිබූ එයින් අවධානය යොමුකර තිබූ එම එක් කරුණක් වූයේ, ශ්‍රී ලංකාවේ යුද සමයේ සහ ඉන් පසුව සිදුව ඇතැයි වාර්තා පළව තිබෙන යුද අපරාධ, මිනිස්කමට තරම් නොවන අපරාධ සහ වෙනත් මානව හිමිකම් කඩවීම් සම්බන්ධව දෙපාර්ශ්වයටම නැගී තිබෙන චෝදනා සම්බන්ධයෙන් වගවීම තහවුරු කැරෙන සහ නිර්දේශ ඉදිරිපත් කිරීමට හැකිවන පරිදි, ශ්‍රී ලංකා රජය, අන්තර්ජාතික ප්‍රජාව සහ එක්සත් ජාතීන්ගේ සංවිධානය එක්ව අන්තර්ජාතික වගවීම් යාන්ත්‍රණයක් ස්ථාපිත කළ යුතුව ඇතැයි යන්නය.
2019 ජූනි මාසයේ දී එක්සත් ජනපද කොංග්‍රස් මණ්ඩලය එච්.රෙස්.442 නම් යෝජනාවලිය සම්මත කරගත්තේය. 2009 මැයි මාසයේ අවසානය දුටු, ශ්‍රී ලංකාවේ වසර 10ක් පුරා පැවැති යුද්ධය ගැන අවධානය යොමුකර තිබිණ. එයින්, දිවි අහිමිවූවන් සිහිපත් කරන අතරවාරයේම, සංක්‍රාන්තික යුක්තියට, සංහිඳියාවට, නැවත ගොඩනැගීමට, වන්දි ගෙවීමට සහ රටට සිදුකළ යුතුව තිබෙන වෙනස්කම් සිදුකිරීමට සහාය පළ කර තිබිණ. සියලුම ශ්‍රී ලංකා පුරවැසියන්ට තිරසාර සාමයක් සහ සෞභාග්‍යවත් අනාගතයක් සහතික කිරීමට නම් ඉහත අවශ්‍යතා සැපිරීම අනිවාර්යය අවශ්‍යතාවක් බව එයින් දක්වා තිබිණ.
ද්‍රවිඩ ඩයස්පෝරා ඉල්ලීම කැනඩාව ඉවත දමයි
අන්තර්ජාතික අපරාධ අධිකරණය ඉදිරියට ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් පවතින තත්ත්වය ඉදිරිපත් කරන්නැයි දෙමළ ඩයස්පෝරා කණ්ඩායම් කළ ඉල්ලීමක් කැනඩා විදේශ කටයුතු අමාත්‍ය රොබ් ඔලිෆන්ට් පසුගිය සතියේ ප්‍රතික්ෂේප කළේය. දෙමළ ඩයස්පෝරා කණ්ඩායම් දියත් කළ පෙත්සම් ව්‍යාපාරයක් සම්බන්ධයෙන් අදහස් දැක්වූ ඔලිෆන්ට්, ජගත් මානව හිමිකම් කවුන්සිලයේ දී ශ්‍රී ලංකාව අරබයා අනුමත වූ යෝජනාවෙන් ශ්‍රී ලංකාව අන්තර්ජාතික යුද අධිකරණය හමුවට ගෙනයාම දක්වන යාන්ත්‍රණයක් ඉදිරිපත් කර නොමැති බව පැවැසුවේය. රෝම ප්‍රඥප්තිය හෝ ජාත්‍යන්තර යුද අධිකරණයේ භාවිතාව හෝ පිළිගෙන නොමැති නම් කිසියම් රටකට අදාළ කරුණු අන්තර්ජාතික යුද අධිකරණය හමුවට ගෙන යා හැක්කේ එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයට පමණි. කෙසේ වෙතත්, ඔහු මෙසේ ද අදහස් දැක්වීය.
සංහිඳියාව සහ දිගු කාලීන සෞභාග්‍යයක පැවැත්මට ස්වාධීන සහ විශ්වසනීය අධිකරණ ක්‍රියාවලියක පැවැත්ම ඉතා වැදගත් වන බවත්, එය වින්දිතයන්ගේ විශ්වාසය දිනාගෙන තිබීම ද වැදගත් බවත් යන්න කැනඩාවේ අදහස වේ. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහකොමසාරිස්වරයාගේ මෙම නව පියවර, වගවීම සම්බන්ධයෙන් වන අනාගත ක්‍රියාවලි ස්ථාපිත කිරීම සඳහා සවිමත් පදනමක් සපයනු ඇත. එමෙන්ම, රෝම ප්‍රඥප්තියට සහ අන්තර්ජාතික අධිකරණයට අනුමැතිය ලබා දී නොමැති සියලු රාජ්‍ය නොවන පාර්ශ්වවලින්, එසේ කිරීමට උනන්දු වන ලෙසත් කැනඩාව ඉල්ලා සිටී.
ඔටාවාහි නව ශ්‍රී ලංකා මහකොමසාරිස්වරයා ලෙස පත්වීම් ලැබ තිබෙන හර්ෂ නවරත්න මහතාට ඉතා විශාල වැඩකොටසක් සිදුකිරීමට තිබේ. කැනඩාව, මාර්තු යෝජනාවලියේ ද පාර්ශ්වකරුවෙකි.
ත්‍රස්ත මර්දන පනතට සිදු කෙරන සංශෝධන පිළිබඳව පැහැදිලි කිරීමක් රජය සිදුකළ ද මාර්තුවේ මානව හිමිකම් කවුන්සිල යෝජනාවලියේ මෙන්ම යුරෝපා පාර්ලිමේන්තුවේ වැඩි කතාබහට ලක්ව තිබෙන ගැටලුව වන්නේ එය නොවේ. අඩුම තරමින් ශ්‍රී ලංකා රජය, සංහිඳියාව සහ මානව හිමිකම් සම්බන්ධයෙන් පවතින ගැටලු විසඳුම් කරා ගෙන යෑමේ සමත් කාර්ය සැලැස්මක් හෝ එය ක්‍රියාවට නැංවීම සම්බන්ධයෙන් අවධානය යොමු කළ යුතුව තිබිය යුතුය. එළැඹෙන සැප්තැම්බර් සැසිවාරවල දී එවැනි පියවරක් අනුගමනය කිරීමට රජය කටයුතු කළහොත් එය, රජය බටහිර බෙර පදයට නටමින් සිටිනවා මිස ජාතියේ වුවමනාව පරිදි කටයුතු කරමින් සිටින්නේ නැත යන අදහස තවදුරටත් තහවුරු කරනු ඇත.
ආර්ථිකය පීඩනය
මෙවන් තත්ත්වයක් ගොඩනැගෙමින් පවතින්නේ රටේ විදේශ සංචිත ඉතා බරපතළ මට්ටමින් පහළ යමින් තිබීමේ ප්‍රතිඵලයක් ලෙස ආර්ථික තත්ත්වය ද ඒ හා සමාන අයුරින්ම බරපතළ අතට හැරෙමින් පවතින වාතාවරණයකය. ගෙවුණු සතියේ රජය රුපියල් බිලියනයක තවත් ණය වාරිකයක් ගෙවීය. මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ, දිශා දෙකක් ඔස්සේ සිය වැඩකටයුතු ආරම්භ කර තිබෙන අතර, ඉන් එකක් වන්නේ නොවැම්බර් මස ඉදිරිපත් කෙරෙන අයවැය පිළියෙළ කිරීමයි. රටේ බිඳවැටෙමින් පවතින ආර්ථික තත්ත්වය ගැන වඩා හොඳ අවධානයක් සහ අවබෝධයක් ඇති කරගැනීම අනෙකයි. ආයෝජකයන්ට සහ ආයතනවලට උපදෙස් ලබාදෙන ශ්‍රේණිගත කිරීමේ ආයතන ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් සිදුකර තිබෙන ඇතැම් නිරීක්ෂණ ඉතා බරපතළය. මෙම නිරීක්ෂණ, ආයෝජකයන්ට රට කෙරේ පවතින විශ්වාසය මත ඉතා ප්‍රබල බලපෑමක් එල්ල කරන අතරවාරයේම, අන්තර්ජාතික මූල්‍ය වෙළෙඳපොළෙන් ණය ලබාගැනීමේ දී, ඉහළ පොලියක් ගෙවීමට සිදුවන තැනට මෙන්ම එහි දොරටු ශ්‍රී ලංකාවට සම්පූර්ණයෙන්ම වසා දැමෙන තැනටත් පත්කරවීමට ද සමත්ය. මෙම තත්ත්වය හමුවේ, රජයට තිබෙන එකම විකල්පය වන්නේ එම නිරීක්ෂණ පදනම් විරහිත තත්ත්වයට පත්කරවීමය. එහෙත් එහිලා, මේ දක්වා ගෙන තිබෙන පියවර කිසිවක් සාර්ථකව නොමැත.
අවසාන වතාවට අන්තර්ජාතික ස්වෛරී බැඳුම්කර වෙළෙඳපොළට ගෙවීමට තිබූ ඩොලර් බිලියන 1ක මුදල ගෙවූ ජුලි මස 19 වැනිදාට දින කිහිපයකට පෙර, අන්තර්ජාතික ශ්‍රේණිගත කිරීමේ ආයතනයක් වන මූඩීස් ආයතනය, ශ්‍රී ලංකා රජය සීඒඒ1 මට්ටම දක්වා පහතට ගෙන ආවේය. එසේ කළ වහාම වාගේ, ඉතා ඉහළ වට්ටම් සහිතව මහා පරිමාණයෙන් මුදල් ගනුදෙනු සිදුවනු හඳුනාගත හැකි විය. මෙය මාස 6ක කාලයක් ඇතුළත මූඩීස් ආයතනය ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඍණාත්මක ඇගයීමක් කළ දෙවැනි අවස්ථාවයි. මීට මාස කිහිපයකට පෙර, ෆිච් රේටින්ග්ස් ආයතනය, ශ්‍රී ලංකාව ණය ගෙවීම් පැහැර හැරීමේ තත්ත්වයක් ඇතැයි නිගමනය කරමින්, රට සීසීසී කාණ්ඩය දක්වා පහත දැමීමට පියවර ගත්තේය. ශ්‍රී ලංකාව ණය ගෙවීම් පැහැර හරින රටක් බවට පත්වීමේ තත්ත්වය තවදුරටත් වර්ධනයව ඇතැයි ඒ සම්බන්ධව වාර්තාවක් කළ ප්‍රකට බ්ලූම්බර්ග් සඟරාව, කොරෝනා වසංගත තත්ත්වය ශ්‍රී ලංකාවේ විදේශ සංචිත ගොඩනගා ගැනීමේ කටයුතුවලට දැඩි බාධාවක් එල්ල වී තිබේ යැයි ඉන් වැඩිදුරටත් අවධානය යොමු කර තිබිණ.
මූඩිස් ආයතනයේ ශ්‍රේණිගත කිරීම සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කළ මුදල් අමාත්‍යාංශය එය, කාලය ගැන අවබෝධයක් නොමැතිව, විනිශ්චය ගැන අවබෝධයක් නොමැතිව සිදුකළ ශ්‍රේණිගත කිරීමක් බවත්, එනිසා එය පිළිගත නොහැකි බවත් පවසා සිටියේය. කෙසේ වුවත්, තවත් ප්‍රකට ශ්‍රේණිගත කිරීමේ ආයතනයක් වන ගෝල්ඩන් සාච්ස් ආයතනය, මෑත කාලීන ණය අභියෝග කෙසේ හෝ ජයග්‍රහණය කිරීමේ හැකියාව ශ්‍රී ලංකාවට පවතින බවට තමන්ට විශ්වාසයක් ඇතැයි සඳහන් කළේය. සිය ගණනය කිරීම්වලට අනුව, 2021 වසරේ සිදුකළ යුතු සියලු ගෙවීම් ඒ අයුරින් පහසුවෙන්ම සිදු කිරීමට ශ්‍රී ලංකාවට හැකියාව තිබෙන බව ප්‍රකාශයක් නිකුත් කරමින් සඳහන් කළ එම ආයතනය, පවත්නා විදේශ සංචිත, විනිමය හුවමාරු ගිවිසුම් සහ දැනට නිවේදනය කර තිබෙන මුදල් උපයා ගැනීමේ වෙනත් මාර්ග මෙම වසරේ සිදුකළ යුතු වන ගෙවීම් සඳහා ප්‍රමාණවත් මුදලක් රටට සොයාදෙනු ඇතැයි වැඩිදුරටත් කියා සිටියේය.
කෙසේ වෙතත්, ඔවුන් අනතුරු ඇඟවීමක් ද එහි සිදුකර තිබිණ. 2021 වසරට ඔබ්බෙන් වන ගෙවීම් අදාළ පරිදි සිදුකිරීම, අතිරේක අරමුදල් සපයා ගැනීමකින් තොරව අතිශය දුෂ්කර කාර්යයක් වනු ඇතිය යන්න ඔවුන්ගේ නිගමනය වී තිබූ අතර, 2021 වසරට අදාළ වන සියලු ගෙවීම් සිදුකර අවසන් වූ පසුව ද ඩොලර් බිලියන 6.4ක විදේශ සංචිතයක් (ඇස්තමේන්තුගත) රට සතුව පවතිනු ඇති වුවත්, එයින් ඔබ්බට පවතින ගෙවීම් සිදු කිරීම සඳහා අතිරේක අරමුදල් සපයාගත යුතුව තිබීමේ වැදගත්කම පෙන්වා දී තිබිණ.
ශ්‍රේණිගත කිරීමේ ආයතනවල නිරීක්ෂණ සම්බන්ධයෙන් හෝ විදේශ සංචිතවල තත්ත්වය සම්බන්ධයෙන් හෝ මුදල් අමාත්‍යවරයා ප්‍රසිද්ධියේ අදහස් දක්වන්නේ නැත. එම කාර්යය භාරගෙන සිටින්නේ රාජ්‍ය අමාත්‍ය නිවාඩ් කබ්රාල් මහතාය. ඉදිරි මාස 3ක කාලය සඳහා ලැයිස්තුගත කර තිබෙන මුදල් ලැබීම් අනුව ඩොලර් මිලියන 2,650ක මුදලක් රටට ලැබීමට ඇතැයි ඔහු කීවේය. එම ලැබීම් පහත අයුරින් වේ.
ඉන්දියාව සමග ඇතිකරගන්නා විනිමය හුවමාරුවකින් ඩොලර් මිලියන 400ක්
බංගලාදේශය සමග ඇතිකරගන්නා විනිමය හුවමාරුවකින් ඩොලර් මිලියන 250ක්
චීන සංවර්ධන බැංකුවෙන් ලබාගන්නා ණයකින් ඩොලර් මිලියන 300ක්
අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ විශේෂ මුදල් වෙන්කිරීමකින් ඩොලර් මිලියන 800ක්
විදේශ විනිමය වෙළදපලෙන් මහ බැංකුව ඉදිරි මාස 3ක කාලය ඇතුළත සිදුකරන මිලයට ගැනීම්වලින් ඩොලර් මිලියන 200ක්
දේශීය බැංකු මිලයට ගෙන ඇති අන්තර්ජාතික ස්වෛරී බැදුම්කරවලින් මෙරටට ගලා ඒමට නියමිත ඩොලර් මිලියන 300ක්
පූර්ණ වශයෙන් භාවිතයට ගෙන නොමැති සම්පත්, නිසි අයුරින් භාවිතයට ගැනීම හරහා මෙරටට ගලා එනු ඇතැයි අපේක්ෂිත ඩොලර් මිලියන 400ක මුදලක්,
චීනය සමග ඩොලර් මිලියන 1500ක විනිමය හුවමාරුවකට ඇතුළත් වීම සම්බන්ධයෙන් ද, මහ බැංකුව එරට සමග එකඟත්වයක් ඇතිකරගැනීමට සමත්ව තිබෙන බව සඳහන් කළ රාජ්‍ය අමාත්‍යවරයා, එය ද, මෙම මුදල් අතරට ඇතුළත් කරගත හැකි බව පෙන්වා දුන්නේ ය. එහෙයින්, මේ සියල්ල රටේ විදේශ සංචිතවලට අදාළ කරගත හැකියැයි ඔහු පැවසුවේ ය. කෙසේවුවත්, මුදල් රාජ්‍ය අමාත්‍ය නිවාඩ් කබ්රාල් එක් ප්‍රධාන කාරණයක් මගහැර ගොස් තිබෙන බවක් පෙනෙන්නට ඇත. එය නම්, සිදුකළ ආනයනය සඳහා දේශීයව මෙන්ම අන්තර්ජාතිකවත් ගෙවීම් සිදුකළ යුතුව තිබෙන බවය. ශ්‍රී ලංකා බැදුම්කර මෙන්ම විදේශ විනිමය පදනම් කරගෙන සිදුවන බැංකු ගනුදෙනු, කොන්දේසියකින් තොරව නැවත නිකුත් කිරීමට, සිදුකිරීමට, හැකිවනු ඇතැයි ද, ඔහු සිතයි. එහෙත් ඊට උදාහරණයක් ගතහොත් විනිමය හුවමාරුවක් ලෙස ඉන්දියාවෙන් ලබාගැනීමට නියමිත ඩොලර් මිලියන 400ක මුදලින් පසුව, නැවත වරක් එලෙස එරටින් මුදල් ලබාගැනීමට හැකියාවක් නැත. එසේ කිරීමට නම්, ශ්‍රී ලංකා රජය අන්තර්ජාතික මූල්‍ය අරමුදල සමග ගිවිසුමකට එළැඹිය යුතුව ඇතැයි ඉන්දියාව අවධාරණය කර තිබීම ඊට හේතුව වේ.
අපේක්ෂා කළ පරිදිම, රාජ්‍ය සේවයේ වැඩකටයුතු සදුදා දිනයේ සිට නැවතත් සාමාන්‍ය පරිදි ආරම්භ කිරීමට රජය අදහස් කරගෙන සිටී. කොරෝනා වසංගත තත්ත්වය මර්දනය කරමින් සිටිනාතරවාරයේම, රට සාමාන්‍යකරණය කිරීම අරමුණු කරගෙන ක්‍රියාත්මක කැරෙන ප්‍රමුඛතා වැඩසටහනක එක් පියවරක් ලෙස මෙය සිදුවන අතර, එයත් සමග නැවත වරක් සංචාරක කර්මාන්තය බලගන්වා විදේශ විනිමය ඉපැයුම් ඉහළ නංවාගැනීමට ද, රජය අවධානය යොමුකර ඇත.
ගුරු විරෝධතා
කෙසේවුවත්, විරෝධතා සහ වැඩවර්ජන මෙයට යම් බාධකයක් වී ඇත. ගුරු සහ විදුහල්පති වෘත්තීය සමිති එක්ව රට පුරාම විරෝධතා ව්‍යාපාර දියත් කර ඇත. ගුරුවරුන් තවදුරටත් මාර්ගගත ක්‍රමය ඔස්සේ ඉගැන්වීම් කටයුතු සිදුකිරීමෙන් ඉවත්ව සිටින අතර, ගෙවුණු සිකුරාදා වනවිට ඔවුන් එසේ ඉවත්ව සිටි දින ගණන 19ක් විය. විසඳුම් ලබාදෙන්නැයි ඔවුන් ඉදිරිපත් කර තිබෙන ගැටලු අතර, වසර 24ක් පුරාවට ගුරුවරුන්ට සහ විදුහල්පතිවරුන්ට බලපා තිබෙන බව කියන වැටුප් විෂමතාවයේ ගැටලුව ප්‍රධාන වේ. කමිටුවක නිර්දේශ ක්‍රියාත්මක කිරීම හරහා මෙම ගැටලුව විසඳන ලෙස වෘත්තීය සමිති බලකරමින් සිටී.
කොරෝනා වයිරසය තවදුරටත් පැතිරෙමින් තිබෙන තත්ත්වයක, වැඩ වර්ජනය කරන බවට නැගෙන තර්ජනයන් රට සාමාන්‍යකරණය කිරීම සදහා රජය ගන්නා උත්සාහය හමුවේ ඇති ප්‍රබල බාධක වේ. රාජ්‍ය සේවයේ ඇතැම් සේවා අත්‍යාවශ්‍ය සේවා බවට පත් කැරුණේ වැඩි ඈතක දී, නොවේ. එහෙත් ඉන් රාජ්‍ය සේවකයන් පසුබටව සිටින බවක් පෙනෙන්නට නැත. ඒ නිසාම, රජය ඉදිරියේ ඇති අභියෝගය විශාලය.
(***)
(පරිවර්තනය:- කෝවිද ගුණසේකර)
මහ මැතිවරණය නිමා වී ඇත. නව පාර්ලිමේන්තුව ද පළමු වතාවට ඊයේ රැස්වූයේය. ජාතික ජන බලවේගයේ දේශපාලන වැඩසටහන විධායකය සහ ව්‍යවස්ථාදායකය යන ක්ෂේත්‍ර දෙකේම ශක්
බ්‍රිතාන්‍ය යටත්විජිත සමයේ සිට මෙරට භාණ්ඩ අපනයනය සිදු වුණි. එදා සිට අද දක්වාම මෙරට ප්‍රධාන අපනයනික බෝග ලෙස හඳුනාගන්නේ තේ, පොල්, රබර් ය. එහෙත් එම පිළිගැන
ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රමුඛ ජාතික ජන බලවේගය මෙවර මහ මැතිවරණයේ දී ජනතාවගෙන් ඉල්ලා සිටියේ ‘පොහොසත් රටක් ලස්සන ජීවිතයක්’ ජනතාවට උරුම කර දීම සඳ
පෙරදිග ධාන්‍යාගාරය යන්න ඇසූ සැණින් කාගේත් මතකයට නැගෙන්නේ මහා පරාක්‍රමබාහු සමයේ අප රට හැදින් වූ නමයි. වචනයේ අර්ථය අනුව ගතහොත් පෙරදිග ලෝකයටම අවශ්‍ය තරම
ජාතික ජන බලවේගයට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක් ඉක්මවා යන ආසන 159ක අද්විතීය ජයග්‍රහණයක් ලබා දෙමින් 2024 පාර්ලිමේන්තු මැතිවරණය නිමාවට පත්විය. එහිදී සමඟි ජන බ
ජ.වි.පෙ මූලිකත්වය ගත් මේ 2024 පාර්ලිමේන්තු මැතිවරණයේ ජා.ජ.බ නැතිනම් “මාලිමා” ජයග්‍රහණය සැබවින්ම ඓතිහාසික ජයග්‍රහණයකි. ඔවුන්ගේ දේශපාලනය මා නොපිළිගත්තද, ඔ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජගත් මානව කවුන්සිලය මේ එන්නේ මොකටද?
කනිෂ්ක Saturday, 07 August 2021 08:49 PM
මානව හිමිකම් කවුන්සිලයේ 48 වැනි සැසිවාරය තවත් සති හයකින් රැස් වෙයි... ඒ වෙනුවෙන්මදෝ මන්දා ගොවියන්ද, ගුරුවරුන්ද, සෞඛ්‍ය සේවයේ අයද වැඩ වර්ජන සඳහා යොදවා ගැනිණි. මානව හිමිකම් කවුන්සිලය රැස්වීමට ආසන්න වන විට නොයෙක් සංවිධාන බොහෝ දේ කරයි. ඇතැම් විට ඔවුන් බලාපොරොත්තු වන්නේ බිල්ලක් විය හැකිය. එවැනි උපක්‍රම වලට අප රට හසු නොවීමට ප්‍රවේශම් විය යුතුයි...
RaveendraSunday, 08 August 2021 08:12 AM
ඔබගේ නිරීක්ෂණයන් ඉතාමත්ම නිවැරදිය.මානව හිමිකම් නමැති මගුලේ සැසිවාරය ලං වෙනවිට ලෝකයේ තෝරා බේරාගත් රටවල් කීපයකම හතු පිපෙන්නා සේ උද්ගෝෂණ විරෝධතා පසුපස සිටින්නේ කව්රුන්ද යන්නවත් නොතේරෙන දේශපාලුවන් ඒවාට තව තව උදව් කිරීමත් කනගාටුවකි.. මේ මොහොතේත් අප රටේ සිදුවන්නේ ඔබ සදහන් කල දෙයම වීම අවාසනාවකි.
udugama.p Saturday, 07 August 2021 09:49 PM
මේක ආච්චිගේ වයසේ වැරද්දක් වෙන්න ඕනේ .හරිම දරුණු වයසකනේ එයා ඉන්නේ
Chandima Sunday, 08 August 2021 03:42 AM
ඒ රටේ ඩෙල්ටා වයිරසය නැතිලුද ?