IMG-LOGO

2024 සැප්තැම්බර් මස 30 වන සඳුදා


ජංගම දුරකතනය නිසා දරුවන්ගේ කියැවීමේ රුචිය අඩුවෙලා

පරිවර්තන කෘති රැසක් මෙරට පාඨකයන්ට දායාද කළ සම්මානලාභී ලේඛකයකු වන චූලානන්ද සමරනායක මහතා පරිවර්තනය කළ නවතම කෘතිය ‘ගස් නගින්න කියාපු දවස’ නම් යොවුන් නවකතාව ග්‍රැෆිකෙයා ප්‍රකාශනයක් ලෙස පසුගියදා එළිදැක්වුණි. මෙය දකුණු අප්‍රිකානු ලේඛකයකු වන ජාකෝ ජාකොබ්ස්ගේ කෘතියක සිංහල පරිවර්තනයකි. මතු දැක්වෙන්නේ මෙම කෘතිය පදනම් කොටගෙන චූලානන්ද සමරනායක මහතා සමඟ අප කළ සංවාදයක සටහනකි.


• ‘ගස් නගින්න කියාපු දවස’ යොවුන් සාහිත්‍ය කෘතිය සිංහල පාඨකයාට සමීප කළ යුතු යැයි ඔබ කල්පනා කළේ එහි කවර විශේෂතා සැලකිල්ලට ගෙනද?
    
ලංකාව කියන්නෙ හැම එකම පටලවාගත්ත රටක්. සමහර දේශපාලකයො බණ කියනවා. සමහර ආගමික නියෝජිතයෝ දේශපාලනය කරනවා. සමහර කලාකාරයෝ කලාව අතඇරල දේශපාලකයන්ට කඩේ යනවා. සාහිත්‍යයත් ඒ වගේම තමයි. සම්මාන පොර, කල්ලි කණ්ඩායම් වගේ නොයෙක් පැටලිලි.
    
ඒ අතරේ අපේ යෞවන පරපුර අපට මගහැරෙනවා. අපි සාහිත්‍යයෙන් ළමයින් සහ යෞවනයන්ට ආමන්ත්‍රණය කරන ප්‍රමාණය අඩුයි. පසුගිය කාලෙ ප්‍රියාන් ආර්. විජේබණ්ඩාර ඇතුළු කීප දෙනෙක් කළ මැදිහත්වීම අගය කරන්න ඕනෑ. හැබැයි අපේ යෞවන සාහිත්‍යයේ තියෙන එකම ප්‍රශ්නයක් තමයි අපි යෞවනයන් කුඩා දරුවන්ට වගේ සලකන්න යන එක. අපි මේ යෞවන වයස තේරුම් ගන්නෙ නෑ. ඒ නිසා අපි යෞවනයන්ට ලියන්න හදන්නෙ පුංචි දරුවන්ට ලියන මට්ටමින්. හැම තිස්සෙම අපට අවශ්‍ය යෞවනයන් හොඳ ළමයින් කරන්න.
    
ඒකෙ වරදක් නෑ. හැබැයි සාහිත්‍ය කියන්නෙ ඊට වඩා පුළුල් කාර්යයකට. අපි ලියන්නෙ දෙමළ ළමයාට සිංහල ළමයා උදවු කරන, පොහොසත් ළමයා දුප්පත් ළමයාට උදවු කරන වගේ අතිශය සරල ඕලාරික කතා. අපේ යෞවන සාහිත්‍යය මීට වඩා වෙනස් විය යුතුයි. ඒ ගැන අවබෝධයෙන් ලියන සීමිත ලේඛක පිරිස තවත් මැදිහත් වීම් කරන්න ඕනෑ වගේම අපි ඒ අය අගයන්න ඕනෑ. ඉතින් ඔය වගේ පසුබිමක තමයි මට පොත් ගැරිල්ලකදි ජාකො ජාකොබ්ස්ගේ ‘ගස් නගින්න කියාපු දවස’ පොත හමුවෙන්නෙ. ඒක මාව තදින්ම බැඳලා ගත්තා.


‘• ‘ජාකෝ ජාකොබ්ස්’ නමැති ලේඛකයා සහ ඔහුගේ කෘතිවල පවත්නා විශේෂත්වය ඔබ දකින්නේ කොහොමද?
    
ජාකෝ ජාකොබ්ස් කියන්නෙ දකුණු අප්‍රිකාවෙ ළමයින් සහ යෞවනයන්ට කෘති 190කට වඩා රචනා කළ නිර්මාණකරුවෙක්. ඔහුගේ විශේෂත්වය තමයි ඔහු තම කෘති හරහා ආවරණය කරන පුළුල් වපසරිය. ඔහු ලියන්නෙ අප්‍රිකාන්ස් භාෂාවෙන්. එහෙම ලියපු කෘති අතරින් සීමිත සංඛ්‍යාවක් ඉංග්‍රීසියට පරිවර්තනය වෙලා තියෙනවා. ඔහු දකුණු අප්‍රිකාවේ ඉතාම ජනප්‍රිය පුද්ගලයෙක්. ඔහුගේ කෘති තුළ තිබෙන විශේෂත්වය තමයි ඔහු තමන්ගේ පාඨකයා කවුද කියලා හරියට තේරුම් ගැනීම. ඔහු යෞවන සහ ළමා යන දෙපාර්ශ්වයටම ලියනවා. හැබැයි මේ දෙපිරිසේ වෙනසත් ඔහු හොඳට වටහාගෙන තමයි ඒක කරන්නේ.
    
අපේ රටේ නම් තවමත් ළමා පොත් විතරක් කියවන වැඩිහිටියො මම දැකලා තියෙනවා. වැඩිහිටියන්ට පමණයි කියන තේමාව යටතේ ප්‍රදර්ශනය වන සිනමාපට නරඹන්න බැරිව ඇඹරෙන වැඩිහිටියන් අනන්තවත් මම දැකල තියෙනවා. ජාකෝ තමන් ආමන්ත්‍රණය කරන යෞවනයන්ගේ යෞවන ලෝකය පුළුල් කරමින් ඔවුන් අනාගතය සඳහා සූදානම් කරනවා.


• යෞවනයන් වෙනුවෙන් ලිවීමේදී ජාකෝ වැනි ලේඛකයන්ගේ අවධානයට ලක්වූ තේමාත්මක වෙනස්කම් සහ වෙනස් රචනා උපක්‍රම මොනවාද? දරුවන්ගේ පෞරුෂ වර්ධනය සඳහා ඒවා කොයිතරම් දුරට බලපානවාද?
    
ජාකෝගේ ලිවීම වටහා ගන්න ‘ගස් නගින්න කියාපු දවස’ කෘතියම හොඳ උදාහරණයක්. මේ කෘතිය සමකාලීන දකුණු අප්‍රිකාව ඉතා හොඳින් චිත්‍රණය කරනවා. ගෝත්‍ර විශාල සංඛ්‍යාවක්, සුදු-කළු භේදය තදට තිබුණ පසුබිමක්, අදටත් බැට කන ආර්ථිකයක්. ඒඩ්ස් ඇතුළු බරපතළ රෝග සහ වසංගතවලින් පීඩා විඳින පරිසරයක් සහිත සමාජය මේ කෘතියෙන් අනාවරණය කෙරෙනවා. එසේම තවමත් පුපුරු ගහන වර්ගවාදයේ තුවාල, මත්ද්‍රව්‍ය උවදුර, මධ්‍යම පන්තියේ අර්බුද, දරුවන් සහ මවුපියන් අතර දුරස්කම, විවාහ සංස්ථාවල දෙදරා යාම දරුවන්ට බලපාන ආකාරය, පියා අහිමි පවුලක දියණියකගේ පෞරුෂය වර්ධනය කරන්න මවකගේ කැපවීම, පොදු අරමුණක් කරා ජනතාවගේ සාමූහික එක්වීම, පවුලක වෙසෙන දරුවන් අතර පෞරුෂ ගැටලු ආදී වශයෙන් මේ කෘතිය ආමන්ත්‍රණය කරන වපසරිය ඉතා විශාලයි.
    
එක් අතකට මේ කෘතිය යෞවනයන්ට වගේම වැඩිහිටියන්ටත් ඉතාම වැදගත් පොතක්. හැබැයි විචාරශීලී කියැවීමක් ඉල්ලන පොතක්. මේක අපේ සාම්ප්‍රදායික රාමු ඇතුළෙ ඉඳලා සදාචාර බැමි අතර හිරවෙලා කියවන්න හදනව නම් ඒක අසාර්ථක කියැවීමක්. මේ කෘතිය තුළ ජාකෝ ‘මාර්නස්’ සහ ‘ලෙයිලා’ගේ චරිත ගොඩනගන ආකාරය යෞවන පෞරුෂ වර්ධනය ගැන කදිම අභ්‍යාසයක්.


• අතීතයට සාපේක්ෂව ලෝක යොවුන් සාහිත්‍යයේ දැකිය හැකි නව ප්‍රවණතා මොනවාද? ශ්‍රී ලංකාවේ යොවුන් සාහිත්‍යය තුළට ඒ ප්‍රවණතා බද්ධ වී තිබෙනවාද?
    
නූතන ලෝකය තුළ යෞවන සාහිත්‍යය ඉතා ශීඝ්‍රයෙන් වර්ධනය වෙනවා. අපේ ළමා කාලයේ අපට මේ සම්බන්ධයෙන් තිබුණෙ රුසියානු සහ සෝවියට් කෘති පමණයි. අනෙක් කලාපවල සාහිත්‍යය අපට ආවෙ අඩුවෙන්. හැබැයි අද වනවිට අනෙක් කලාපත් අපට විවර වෙලා ඉවරයි. ඒ රටවල සාහිත්‍යය අතරේ යෞවනයන් උදෙසා රචනා කෙරෙන ඉතා වටිනා සාහිත්‍ය කෘති බොහොමයක් තියෙනවා. අපේ වගකීම වෙන්නෙ ඒවා හැකි තරම් ලංකාවට හඳුන්වා දෙන එක.
    
මා පරිවර්තනය කරමින් ඉන්න එක කෘතියක් ගැන විතරක් මේ වෙලාවෙ කියන්නම්. ඒ දෙවන ලෝක සංග්‍රාමය අවධියේ යුදෙව් දරුවන් විශාල සංඛ්‍යාවකගේ ජීවිත ගලවගන්න වැඩ කරපු ඉරිනා සෙන්ඩ්ලර් කියන කාන්තාව ගැන ලියැවුණ පොතක්. මම මේ පොත පරිවර්තනය කරන්න තියෙන අදහස කිව්වාම එහි රචකයා බොහොම කැමැත්තෙන් පරිවර්තන අයිතියත් දුන්නා. මේ කෘතියත් ජාකෝගේ කෘතිය වගේම අගනා නිර්මාණයක්. ඒක එක අතකින් යුදෙව් සංහාරයේ බරපතළකම ගැන කියන අතරේ මනුෂ්‍යත්වය වෙනුවෙන් ජීවිත පරිත්‍යාගයෙන් වැඩ කරන කතක් අගයන්න යෞවනයන් පිරිසක් යොමු වන ආකාරයත් අපූරුවට ඉදිරිපත් කරනවා. මේ කෘතියත් සමකාලීන ජීවිතයේ බොහෝ ප්‍රදේශ ආවරණය කරන අතරේ පෞරුෂ වර්ධනය ගැනත් අගනා පාඩමක් කියා දෙනවා.


• පොදුවේ ගත්තාම සාහිත්‍ය වර්ගීකරණය කිරීමේදී ළමා සාහිත්‍යයට අමතරව වෙනම යොවුන් සාහිත්‍යයක් බෙදා දැක්වීම අනවශ්‍ය බව ඇතැම් විචාරකයන්ගේ අදහසයි. ඊට ඔබේ අදහස කුමක්ද? යොවුන් සාහිත්‍යය හඳුනාගත හැකි සීමා මායිම් මොනවාද?

යෞවනයා සහ ළමයා කියන්නෙ දෙදෙනෙක්. යෞවන අවධියට ආවේණික විශේෂතා තියෙනවා. විශේෂයෙන්ම ඒ අවධිය ලිංගික හැඟීම්, නායකත්වය කෙරේ වන යොමුවීම වගේ බොහෝ දේ සිත තුළ අවදි වන කඩඉමක්. ඒත් මේ යෞවනයාව වටහා ගන්න අපේ වැඩිහිටි පරපුර බොහෝ විට අසමත්. ඔවුන් යෞවනයකු දිහා හැමවිටම බලන්නෙ කුඩා දරුවකු දිහා බලන විදිහට. හරියට කොයි මොහොතෙ හරි වැරදි පාරට වැටෙයි කියන මහා බයකින්. ඒ ගැන අපි පරිස්සම් වෙන්න ඕනෑ තමයි. හැබැයි ඒ බය නිසා අපි කරන්නෙ යෞවනයාගේ නිදහස සීමා කරන එක.
    
මේකෙන් වන අහිතකර ප්‍රතිඵල ඉතාම දරුණුයි. ඒක යෞවන පෞරුෂ වර්ධනයට ඍජුව බලපානවා. මං නම් හිතන්නෙ අපි අපේ යෞවනයන්ට හැකි තරම් ඉඩ විවර කරන්න ඕනෑ කියලයි. ඒ අතර ඔවුන් දෙස සෙනෙහසින් සහ අවශ්‍ය මොහොතේ මගපෙන්වන්න සූදානමින් ඉන්න ඕනෑ. මා නම් එහෙම නිදහස දෙන්න සූදානම් පියකු හා මවක සිටීමේ වාසනාව ලබපු කෙනෙක්. ඒ නිසාම මගේ දරුවන්ටත් ඒ නිදහස දෙන්න මට හැකියාව ලැබුණා.
    
අපි විශේෂයෙන්ම මෙන්න මේක වටහා ගන්න ඕනෑ. විනය කියන්නෙ නියෝග පිළිපැදීම නොවෙයි. මේ දවස්වල කොතලාවල පනතත් එක්ක මේ සංවාදය තදට කෙරෙනවා. ඉතා දක්ෂ ළමයා සහ යෞවනයා කියන්නෙ තම ගුරුවරයා ඇතුළු වැඩිහිටි සමාජය නිසි ලෙස ප්‍රශ්න කරන්න, ඔවුන්ට නිසි ලෙස අභියෝග කරන්න සූදානම් කෙනෙක්. මට්ටම් ලීයෙන් කපරාරුව කපනවා වගේ යෞවන සහ තරුණ පරපුර හික්මවන්න බෑ. අපි කරන්න හදන්නෙම ඒක.

අපේ ඇතැම් උගත් සහ බුද්ධිමත් කියන අය මේ විනය කියන එකේ වල්ගෙන් අල්ලාගෙන දඟලන හැටි දැක්කාම පිළිකුල් හිතෙනවා. ළමා සහ යෞවන සාහිත්‍ය කෘති නිර්මාණයේදී නිර්මාණකරුවාට තමන් ආමන්ත්‍රණය කරන අවධිය ගැන මනා අවබෝධයක් තිබිය යුතුයි. එවිට ඔහුටම තම කෘතියට අදාළ සීමා තීරණය කරන්න පුළුවන්. මේ සීමා කියන්නෙ ඒ අවධියට අදාළ වන ඒවා මිස අටුවම් බැහැපු සම්මත නොවෙයි. ඒ සම්මත ඇතුළෙ ඉඳගෙන යොවුන් සාහිත්‍යය දියුණු කරන්න බෑ.


• අද පවත්නා තත්ත්වය අනුව එදාටත් වඩා දරුවන් පොතපතින් ඈත් වෙමින් තිබෙන බව පැහැදිලියි. පොතපත කියැවීමට දරුවන් යොමු කළ යුත්තේ ඇයි? ඊට අවශ්‍ය වන්නේ කවර අන්දමේ වැඩපිළිවෙළක් ද?

වර්තමානය කියන්නෙ ධනවාදයේ දඬු අඬුවට වැඩිහිටියන් සහ බාලයන් එක සේ ග්‍රහණය වන බරපතළ අර්බුදකාරී සමයක්. විශේෂයෙන්ම තාක්ෂණ මෙවලම්වල ආධිපත්‍යය හමුවේ ළමා සහ යෞවන පරම්පරා විශාල පසුබෑමකට ලක්වෙමින් තිබෙනවා. කොවිඩ් අර්බුදයත් එක්ක ආපු දුක් ගැනවිල්ලක් වුණේ මෙතෙක් සීමා සහිතව යෞවනයන් සහ ළමයින් අත තිබ්බ ස්මාර්ට් ෆෝන් එක ඔවුන් අත පත්වීම සමඟ නිර්මාණය වුණ ප්‍රශ්න. විශේෂයෙන් ළමයින් විවිධ ගේම්වලට ඇබ්බැහි වීම. අපේ කියැවීමේ රුචිය පිරිහීමත් මේකට බලපානවා. හැබැයි එහෙම කියලා අපට තාක්ෂණය අයින් කරන්න බෑ. ඒ සඳහා දරන උත්සාහය ගේන්නෙ ඊටත් වඩා නරක ප්‍රතිඵල.

ඒ නිසා අපි මේ මෙවලම් ආශ්‍රයෙන් අපේ ළමයින්ගේ ලෝකය වඩා පොහොසත් කරන්න උත්සාහ කරන්න ඕනෑ. විශේෂයෙන්ම ජංගම දුරකතනය, ලැප්ටොප් එක ආදී මෙවලම් ළමා සහ යෞවන පරම්පරාවන්ගෙ කියැවීමේ රුචිය වර්ධනය කරන්න අපට භාවිත කළ හැකියි. උදාහරණයක් හැටියට ඊ-බුක්ස් වගේ දේවල්. මෙතන ප්‍රශ්නෙ වෙලා තියෙන්නෙ ළමයින්ටත් වඩා වැඩිහිටියන් මේ මෙවලම්වල අවාසනාවන්ත ගොදුරු බවට පත්වීමයි. ඉතින් ඒ අය කොහොමද ළමා සහ යෞවන පරපුරට මඟ පෙන්වන්නේ. අපි ඉස්සරවෙලාම අපි නිවැරැදි වෙලා මේ වැඩේ පටන්ගන්න ඕනෑ. වැඩිහිටි පරපුර නිර්මාණශීලී නම් අපට ලේසියෙන් ඊළඟ පරපුර නිර්මාණශීලී කරන්න පුළුවන්. මෙතන ප්‍රශ්නෙ තියෙන්නේ අපේ අතේ. අපි තමයි ළමයින්ව වැරැදි භාවිතාවන්ට හුරු කරන්නෙ.
    
උදාහරණයක් හැටියට වැඩිහිටියන්ට ගරු කිරීම කියල දකින දකින වයසින් විතරක්  වැඩිහිටියන් වෙන අයට දණ නවන සංස්කෘතිය අපි නවත්වන්න ඕනෑ. ළමයෙක් දණ නවන්න ඕන, එසේ දණ නවන්න සුදුසු කෙනෙක් ළඟ විතරයි. ඉස්සර අපට ඉගැන්නුවේ පිදිය යුත්තන් පිදීම කියලා. අද පුදනකොටම කාපි යකා වගේ අයටත් වඳින්න අපි අපේ දරුවන්ව යොමු කරනවා. මේකට අපේ අධ්‍යාපන ක්‍රමය වග කියන්න ඕනෑ. ඔබ වැඩපිළිවෙළක් ගැන අහපු නිසා කියන්නම්, ඉස්සරලාම අපි අපේ අධ්‍යාපන ක්‍රමයෙ විප්ලවීය වෙනසක් කරන්න ඕනෑ. ඒක තමයි පළමු අවශ්‍යතාව.  

(*** සංවාද සටහන - ගාමිණි කන්දේපොළ)



අදහස් (0)

ජංගම දුරකතනය නිසා දරුවන්ගේ කියැවීමේ රුචිය අඩුවෙලා

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

මැදපෙරදිග හෙල්ලුම් කෑ නසරැල්ලා ඝාතනය
2024 සැප්තැම්බර් මස 30 717 0

ලෙබනනයේ ෂියා මුස්ලිම් හිස්බුල්ලා සංවිධානයේ මහ ලේකම්වරයා, එසේත් නැතිනම් නායකයා ෂෙයික් හසන් නසරැල්ලා ඝාතනය කිරීමට ඊශ්‍රායලය සමත් විය. 64 හැවිරිදි නසරැල


දේශපාලනයේ පෙරළිකාරයා - කළුගංතොට සිංහයා
2024 සැප්තැම්බර් මස 30 349 0

හිටපු අමාත්‍යවරයකු අභාවප්‍රාප්ත කුමාර වෙල්ගම මහතාගේ අවසන් කටයුතු අද (30) සවස මතුගම ආදාහනාගාරයේ දී සිදු කෙරේ මේ ලිපිය ඒ නිමිත්තෙනි.


අලුත් දැක්මක නව යුගයක ආරම්භය
2024 සැප්තැම්බර් මස 30 121 0

නිදහසට පසු යුගය තුළ ශ්‍රී ලාංකික දේශපාලන ඉතිහාසයේ පළමු වතාවට සාම්ප්‍රදායික වම හෝ දකුණ හෝ බලයට එන දේශපාලනය වෙනුවට අලුත් බලවේගයක් නිර්මාණය වී තිබේ. ඉකුත


උපන්ගෙයි අවලංගු වන පුහු තර්ක
2024 සැප්තැම්බර් මස 28 4249 2

පසුගිය ජනාධිපතිවරණ සමයේදී ඉදිරිපත් වූ ඉතාමත් ප්‍රබල තර්කය වූයේ 2019 ජනාධිපතිවරණයේ දී සියට 3.16ක ඡන්ද සංඛ්‍යාවක් ලැබූ ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිස


මගේ හිතේ කොනකවත් තිබුණේ නෑ
2024 සැප්තැම්බර් මස 27 12671 0

අගනුවර පුරෝගාමී කතෝලික පාඨශාලාවක් වන කොළඹ 13, ශාන්ත බෙනදික්ත විද්‍යාලයේ ‘වාර්ෂික සිංහල සාහිත්‍ය කලා උළෙල අද (27) පස්වරු 2.30 ට විද්‍යාලයීය රංග ශාලාවේදී පැවැ


මීළඟ පොරය කොයිබටද?
2024 සැප්තැම්බර් මස 27 680 0

මෙවර කිවිදා දැක්ම ලියන්නේ ජනාධිපතිවරණය නිමාවට පත් වී තිබෙන මොහොතකය. අනුර කුමාර දිසානායක මහතා රටේ ජනාධිපති ධුරයට පත්වීම හරහා ජාතික ජනබලවේගයේ ප්‍රතිපත


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38274 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25215 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 260 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 853 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 301 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site