මෙවර කිවිදා දැක්මක් ලියන්නේ රටේ පාලනයේ සමහර ක්‍රියා නිසා ආණ්ඩුව විවේචනයට පත් වෙමින් පවතින වෙලාවකය. මේ සතියේ ආරම්භයේදීම සිදුවූ විදුලි විසන්ධිය මේ විවේචනයේ එක හේතුවක් බවට පත්වී ඇත. හදිසියේ විදුලිය ඇණ හිටීමත් සිදුවූ පළමු අවස්ථාව මෙය නොවේ. එහෙත් අනෙක් කාලවලට වඩා මේ කාලයේ සිදුවන එවැනි සිදුවීමක් කෙරෙහි ජනතාවගේ අවධානය වැඩිවී තිබෙන්නේ ‘‘වත්මන් ආණ්ඩුවට වරදින්නට බැරි බව’’ ආණ්ඩුවේ අයම රටට දේශනා කරමින් සිටින නිසාය.
වත්මන් ආණ්ඩුවට සිදු වී තිබෙන්නේ තමන්ගේ හැකියාවේ ප්‍රමාණය ගැන අධි තක්සේරුවක් සමාජගත කිරීමේ අර්බුදයට මුහුණ දෙන්නටය. මෙය හරියට සමාන වන්නේ ‘‘තමන්ට පනින්නට බැරි උසකින් ලණුව ඇඳ පනින්නට බැරිව වැටෙන උස පැනීමේ ක්‍රීඩකයකුගේ’’ ඉරණමටය. මේ ගානට ලණුව බැඳගෙන තිබෙන්නේ ඒ අය විසින්මය. ඒ ගානට පනින්නට බැරි වුණ ගමන් මුළු රටම එක පැත්තට වී ආණ්ඩුවේ නොහැකියාව කියන්නට පටන් ගත්තේ ඒ නිසාය.
රජයේ නිවාසවල නොවසන්නට, සුඛෝපභෝගි වාහනවල නොයන්නට, හොඳ හෝටල්වලින් නොකන්නට සීමා සලකුණු කරගනු ලැබුවේ ඔවුන් විසින්මය. අනෙක් අතට ‘‘මීට පෙර ආණ්ඩු සියල්ලම වැරදි කළෝය සහ අපිත් එක්ක ඒවා හරියන්නේ නැතිය’’ වැනි අදහසක් සමාජ ගත කර තිබෙන්නේත් ආණ්ඩුව විසින්මය. දැන් හදිසි විදුලි කඩා වැටීමක් මුළු රටේම, දවසක් පුරා සිදුවීම ජනතාවගේ දෝෂ දර්ශනයට ලක් වෙන්නේ මේ තත්වය යටතේය. ‘‘කාට වැරදුණත් ජ.ජ.බ. ආණ්ඩුවට වරදින්න බැරි’’ යැයි සමාජ අවිඥානයක් ගොඩ නැගී ඇත්තේ ඉහත තත්වය තුළය. එවැනි සන්දර්භයක, මහා පරිමාණ විදුලි කඩා වැටීමක වගකීම රිළවකු පිට හෝ දැමීම හැර වෙන විකල්පයක් නැති තැනට වැඩ සැලසී ඇත.
මෙහිදී විශේෂයෙන් සඳහන් කළ යුතු කාරණයක් ඇත. එනම් ජනාධිපති අනුර දිසානායක මහතා තමන්ට ජනතාවගෙන් ලැබුණු වගකීම පිළිබඳව බරපතළ අවධානයකින් වැඩ කරන්නට උත්සාහ ගන්නා බවය. රටේ ජනතා ආකර්ෂණයක් තිබුණේ ඔහුට මිස පැරණි ජ.වි.පෙ. වැනි පක්ෂයකට නොවන බව ඔහු හොඳින් දන්නා බව මාගේ අදහසය. ඒ තත්වය තුළ මේ ජනවරමට ගැළපෙන පාලනයක් ගොඩනැගීමේ වගකීම ඔහුට තිබෙන බව සැබෑවක්ය. එවැනි වගකීමක් අනෙක් ඇමැතිවරුන්ට නැතිවා පමණක් නොව ඒ අය කරන දේවල්වලින් ආණ්ඩුව බේරා ගත්තට සිදුවී තිබෙන්නේ ද ජනාධිපතිතුමන්ටමය.
සභානායක බිමල් රත්නායක මහතා පාර්ලිමේන්තුවේ හැසිරෙන්නේ එතුමන්ට රටේ ජනතාව බලය දුන්නා වැනි දර්ශනයක් පෙන්වමින්ය. සමහර ඇමතිවරුන් මාධ්‍යයට කරුණු කියන්නේ කිසිදු වගකීමකින් තොරවය. මේ සියල්ල හමුවේ ජනාධිපතිවරයාට සිදුවී තිබෙන්නේ සියලු වැඩ තනියෙන් කරන්නටය. ‘‘චීනයට, ඉන්දියාවට ගොස් ආධාර සෙවීමේ සිට කටුකුරුන්දට ගොස් ජනතාවට කරුණු කීම දක්වා’’ සියල්ල ඔහුට කරන්නට සිදුවී තිබෙන්නේ මේ නිසාය.
අරමුණ ක්‍රියාවක් කරන්නේ කෙසේද?
අපේ රටේ රාජ්‍ය පාලනයට සම්බන්ධ එක් වැදගත් කාරණයක් වන්නේ ‘‘අරමුණෙක්/ප්‍රතිපත්තියක් ක්‍රියාවක් බවට පත්කිරීමේ’’ බරපතළ නොහැකියාවක් තිබීමය. මෙහිදී මාගේ පෞද්ගලික අත්දැකීමක් සටහන් කිරීමට කැමැත්තෙමි.
මා සහභාගි වූ එක් විදේශ පුහුණුවක සිටි ඇමරිකානු මහාචාර්යවරයෙක් රාජ්‍ය ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම පිළිබඳ පුහුණු සැසියක කී කාරණයක් වූයේ තුන්වැනි ලෝකයේ රටවල තිබෙන බරපතළ රාජ්‍ය පාලන ගැටලුවක් වන්නේ ‘‘Idea එකක් Action බවට පත් කිරීමට’’ හැකියාවක් නැති ප්‍රතිපත්ති සම්පාදකයන් හා රාජ්‍ය නිලධාරීන් සිටීම කියාය. රාජ්‍යයක වැදගත් කාරණා දෙකක් වන්නේ ප්‍රතිපත්ති සැදීම සහ එම ප්‍රතිපත්තිය ක්‍රියා බවට පත් කිරීමය. මෙරට සිදුවන්නේ එක්කෝ ප්‍රතිපත්ති වැරදියට ගැනීමය. නැත්නම් ගන්නා ප්‍රතිපත්ති ක්‍රියාවට නංවන්නට හැකි අය නොමැතිවීම්ය.
අනුර දිසානායක ජනපතිගේ සාකච්ඡා සහ ප්‍රතිපත්ති තීරණ ගැනීම් දිනපතා රූපවාහිනිවල පෙන්වමින් තිබේ. මේ ආකාරයේ සාකච්ඡා ගෝඨාභය රාජපක්ෂ මහතාද දිනපතාම සිදුකළ බව බොහෝ අයට මතකය. එහෙත් මෙසේ ගනු ලබන තීරණ ක්‍රියා බවට පත් කරන්නේද යන්න විමසීම ඉතාමත් අවශ්‍යය.
මෙරට තුළ නැත්තේ ප්‍රතිපත්ති තීරණ ගන්නා අය නොව ඒවා ක්‍රියාත්මක කරන්නට දක්ෂ අයය. වත්මන් රජයේ සමහරුන් රාජ්‍ය නිලධාරීන් සියලු දෙනා වැරදිකරුවන් කරමින් කරන සමහර ප්‍රකාශ නිසා වැඩක් කළ හැකි නිලධාරීන් වුවත් සිටින්නේ නිරීක්ෂණ මට්ටමකින් මිස ‘‘එක හිතින්’’ නොවේ. ඒ නිසා ගනු ලබන බොහෝ තීරණ හමස් පෙට්ටියට යාමේ විශාල ඉඩක් තිබෙන බව මාගේ අදහසය.
අදහස හා ප්‍රතිපත්ති තීරණය කඩදාසියෙන් එහාට ගමන් කර ‘‘ක්‍රියාවක්’’ බවට පත් කිරීමේ වැඩ සටහනක් හදා ගන්නේ නැතිව හුදු කථා පැවැත්වීමෙන් පමණක් කිසිදු ප්‍රතිසංස්කරණයක් සිදුවන්නේ නැත.
ආණ්ඩුවේ ‘‘පිටගම්කාරයෝ’’ ආකල්පය.
මෙහිදී සඳහන් කළ යුතු තවත් වැදගත් කාරණයක් වන්නේ ආණ්ඩුව තවමත් හැසිරෙන්නේ ‘‘මේ බලය තමන්ට අයිති නැති එකක්’’ වගේ හැඟීමෙන් බවයි. ජනාධිපති තනතුර පමණක් නොව තුනෙන් දෙකක පාර්ලිමේන්තුවක් ඔවුන්ට ලැබී ඇත. එය සුළු පටු බලයක් නොවේ. ඒ බලය හරහා රටට ශක්තිමත් දේශපාලන හා ආර්ථික ප්‍රතිසංස්කරණයක් කළ හැක්කේ, ‘‘තමන් බලයේ මේ මොහොතේ අයිතිකාරයා’’ ලෙසින් සීතිමෙන් මිස ඒ බලයට පිටින් සිටිනවා යැයි සිතීමෙන් නොවේ. බලයට පිටගම්කාරයෙක් වගේ සිටීමෙන් සිදුවන්නේ නිලධාරීන් කිසිදු දෙයක් නොකරන තැනට පත්වීම බව මාගේ අදහසයි.
මේ පිටගම්කාරකම පටන් ගෙන තිබෙන්නේම ආණ්ඩුවේ ඇමතිවරුන් තමන්ගේ නිලධාරීන්ට වඩා යටින් සිටින සේ පෙනෙන්නට සැලැස්වීමෙන්ය. නිවාස ප්‍රශ්නයම බලන්න. පොලිස්පති, හමුදාපතිවරුන් තිදෙනා, අගවිනිසුරුවරු, මහ බැංකු අධිපති ඇතුළු ප්‍රධාන නිලධාරීන් සිටින්නේ අති විශාල, නවීකරණය කරන ලද බංගලාවලය. ඒ අමාත්‍යාංශවල ඇමතිවරු සිටින්නේ එක්කෝ කුලියටය. නැත්නම් ගමේ නිවාසයකය. නිලවාහන ප්‍රශ්නයත් එසේමය. අමාත්‍යාංශ ලේකම්වරයාගේ සිට සියලු ඉහළ නිලධාරීන් පාවිච්චි කරන්නේ ඉතාමත් සුඛෝපභෝගී රථ වාහනය. ඇමතිවරයා යනවා යැයි කියන්නේ කැබ් රථයේය. ඒ ඇමතිවරුගේ කැමැත්ත මත කැබ් රථයේ යාමේ වැරැද්දක් නැත. එහෙත් මේ චර්යාවෙන් ආණ්ඩුවේ නිලධාරීන්ට දැනෙන්නේ මේ ආණ්ඩුවේ ප්‍රධානීන් ආණ්ඩුවේ නැහැ’’ වගේ හැඟීමක්ය. මේ තත්වය නිසා අමාත්‍යාංශයේ යටට කාන්දු වන්නේ යම් ආකාරයක විසිරුණු හැඟීමක්ය. තමන්ගේ නියෝගය ක්‍රියාත්මක නොවේය යන අදහසක් ඇමතිවරුන්ට ද ඇති වන්නේ මේ පිටගම්කාර චර්යාව නිසාය. මේ තත්වය වෙනස් කර ගන්නේ නැතිව කිසිදු ප්‍රතිසංස්කරණයක් කළ හැකි යැයි මා සිතන්නේ නැත.
ජාතික න්‍යාය පත්‍රයක්
ජාතික ජනබලවේගය විසින් මැතිවරණ ප්‍රකාශයක් ඉදිරිපත් කර ඇති අතර ජනතාව ඡන්දය දුන්නේ ඒ වැඩ සටහන ක්‍රියාත්මක කිරීමට යැයි සිතීම නිවැරැදිය. එහෙත් මැතිවරණ ප්‍රකාශයක් එහෙම පිටින්ම ක්‍රියාත්මක කිරීමේ හැකියාවක් නැති නිසා එහි තිබෙන පොරොන්දු මත නිර්මාණය කරන ප්‍රතිපත්ති සහ ක්‍රමෝපාය ගොඩ නගා ගැනීම අත්‍යාවශ්‍යය. ඉංග්‍රීසියෙන් මෙය කියන්නේ manifesto-policy- strategy කියාය. මැතිවරණ ප්‍රකාශයෙන් ඒ ඒ වසර සඳහා ක්‍රියාත්මක කළ යුතු ප්‍රතිපත්ති නිර්මාණය කර ගැනීම සහ ඒවා ක්‍රියාත්මක කිරීමේ ක්‍රමෝපායක සැලැස්මක් සකස් කිරීම අත්‍යවශ්‍යය. එසේ නොකොට හැම අමාත්‍යාංශ ලේකම්වරයාටම ජ.ජ. බලවේගයේ මැතිවරණ ප්‍රකාශය ලබාදීමෙන් ඒ කිසිදු පොරොන්දුවක් ඉටු කළ හැකි යැයි මා සිතන්නේ නැත. එවිට සිදුවන්නේ යමක් සිදු නොවීමට හේතු කියන්නටය. මීට පෙර ආණ්ඩුවලට දොස් කියන්නටය. වගකීම වෙනත් අයකු පිට තබන්නටය. වගකීම දෙන්නට වෙනත් කෙනකු නොමැති නම් රිළවකු පිට හෝ එය ගැට ගසන්නටය.
මේ නිසා රටේ බරපතළ ජනවරමක් හරහා ගොඩ නගපු වතමන් ආණ්ඩුව ස්වකීය පොරොන්දු පත්‍රය බිමට දැමීමට කටයුතු කළ යුතු බව මාගේ යෝජනාවය. එහිදී රටේ ආර්ථික ක්ෂේත්‍රය ගොඩ නගන්නේ කෙසේදැයි මෙතෙක් කියූ සංකල්ප ප්‍රායෝගිකව ක්‍රියාත්මක කරන්නට උත්සාහ කළ යුතුය. දේශපාලන ප්‍රතිසංස්කරන ක්‍රියාත්මක කිරීමට උත්සාහ දැරිය යුතුය. එහිදී ඇතිවන සංවාදය තමන්ට එරෙහිව සිදුකරන හතුරුකමක් ලෙසින් නොසැලකිය යුතු බවද සඳහන් කළ යුතුය.
(***)
මහාචාර්ය
චරිත හේරත්
මන්නාරම සහ පූනරින් හි ඉදිකිරීමට යෝජිතව තිබූ අදානි සුළං බලාගාරවලින් ජනනය වන සෑම කිලෝවොට් පැයකම බලශක්ති ගාස්තුව ඇමරිකානු ශත 5.50 ට වඩා අඩු මට්ටමකට සකස් කළ
මෙවර කිවිදා දැක්මක් ලියන්නේ රටේ පාලනයේ සමහර ක්‍රියා නිසා ආණ්ඩුව විවේචනයට පත් වෙමින් පවතින වෙලාවකය. මේ සතියේ ආරම්භයේදීම සිදුවූ විදුලි විසන්ධිය මේ විව
කෘතහස්ත දේශපාලඥයකු හා විද්වතකු වූ ශ්‍රීමත් ඩී.බී. ජයතිලක මහතාගේ 157 වැනි ජන්ම දිනය අදට යෙදේ. මේ ලිපිය ඒ නිමිත්තෙනි.
නව රජය ආරම්භ කළ “ක්ලීන් ශ්‍රී ලංකා” වැඩසටහන පිරිසුදු ශ්‍රී ලංකාවක් පිළිබඳ ජන මනසක් නිර්මාණය කිරීම සඳහා බලපාන සාධනීය කරුණකි. එය හුදෙක්ම පාරිසරික පිරිස
විදුලිය යනු රටක දෛනික ක්‍රියාවලිය පවත්වා ගැනීම සදහා අත්‍යවශ්‍ය සාධකයකි. රට තුළ විදුලි ඇණහිටීමක් සිදුවුවහොත් එයින් රටට සිදුවන පාඩුව අතිවිශාලය. ඒ මගින
මේ දිනවල රටේ ප්‍රධාන මාතෘකාවක් බවට පත්ව ඇත්තේ වී සහ සහල් පිළිබඳ ගැටලුවයි. එය වී සහල් සටනක් බවට පරිවර්තනය වෙමින් තිබෙන බවක් පෙනෙන්නට ඇත. රටේ වී වගා කරන ගො
ශ්රී ලංකාවේ අංක එකේ පාරිභෝගික ඉලෙක්ට්‍රොනික සන්නාමය වන Samsung සිය නවතම දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාව ශ්‍රී ලංකාවට හදුන්වාදෙන ලදි.
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
ජාතික න්‍යාය පත්‍රයක් අවශ්‍ය ඇයි?