IMG-LOGO

2025 අප්‍රේල් මස 05 වන සෙනසුරාදා


ජාතිකත්වය හිස ඔසවන ලෝකය

ඩොනල්ඩ් ට්‍රම්ප්ට වෙඩි තැබීම මේ වන විට එරට රහස් සේවයේ පූර්ණ අසමත්කම මත වූවක් බව තහවුරු වී තිබේ. ඒ අනුව රහස් සේවයේ ප්‍රධානී කිම්බලර් ශියැට්ල් වෙත ධුරයෙන් ඉවත්වන ලෙස හැම අතින්ම පීඩනය එල්ල වී ඇත. කෙසේ වෙතත්, තම අපේක්ෂකත්වය පවා දැඩි අභියෝගයට ලක්ව ඇති ජනාධිපති ජෝ බයිඩන් ප්‍රකාශ කළේ තමාට ඇය පිළිබඳ පූර්ණ විස්වාසය තිබෙන බවයි.

බයිඩ්න්ගේ එම ප්‍රකාශය පිළිබඳ කිසිවකු පුදුම විය යුතු නැත. කිම්බලර් යනු බයිඩ්න් උපජනාධිපති සමයේ ඔහුගේ ආරක්ෂාව භාරව සිටි ප්‍රධානියා ය. 2021 වසරේ විශ්‍රාම ගිය ඇය 2022 වසරේ දී නැවත වරක් ගෙනැවිත් රහස් සේවයේ ප්‍රධාන තනතුරට පත් කරනු ලැබුවේ ජනාධිපති බයිඩ්න් විසින්ය.

හිටපු ජනාධිපති ට්‍රම්ප්ට වෙඩි තැබීම සඳහා වෙඩික්කරු යොදාගත් ගොඩනැගිල්ලේ වහලය මත ආරක්ෂාවට කිසිවකු රඳවා නොසිටියේ ඇයිදැයි විමසූ විට ඇය ප්‍රකාශ කළේ එම වහලය දැඩි බෑවුමකින් යුතු එකක් නිසා එසේ නොකළ බවයි. කෙසේ වෙතත්, ඝාතකයා එම වහලය මත රැඳී සිටිය ආකාරය හා අපගේ පියවි ඇසට එම වහලයේ බෑවුම දකින විට අධ්‍යක්ෂකවරියගේ ප්‍රකාශය පුදුමය දනවනසුළු බව කිවයුතුයි. ඇත්ත වශයෙන් ම ඇය විසින් හෝ රහස් සේවය විසින් හෝ හිතාමතාම ට්‍රම්ප්ට අනතුරක් කිරීමට හැකිවන පරිසරයක් නිර්මාණය කළ බවට වන චෝදනාව මේ ව්‍යාජ හේතුව නිසා තවත් තහවුරු විය.

අපට මෙම සිදුවීම හා ඉන් පසුව සිදුවෙමින් තිබෙන සිදුවීම් දාමය හරහා බොහෝ දේවල් ඉගෙනගත හැකි ය. පළමුවැන්න නම් ඇමරිකාව පිළිබඳ අප සිතාගෙන සිටින ආකාරයයි. අප වැනි රටවල බොහෝ අය සිතන්නේ ඇමරිකාව වැනි රටවලට වැරදි සිදුවිය නොහැකි බවයි. ඒවාහි දේශපාලනය අපට ළඟාවීමට හෝ නොහැකි ලෙස දියුණු බවයි. එමෙන්ම නිලධාරීන් පණ එපා කියා වැඩ කරන බවයි. ඇමරිකාවේ මේ වැනි සිදුවීම් ඉතා බහුල ය. මීට පෙර මෙවැනි දේශපාලන ඝාතන රැසක් සිදුව තිබේ. එහෙත් අප එම රට දෙස බලන්නේ ඒ මතින් නොවේ. අප විසින් ඇමරිකාව ලෙස නිර්මාණය කරගත් මිථ්‍යාවක් මතින් ය.

අනිත් කරුණ නම් ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ ප්‍රශ්නයි. ඇමරිකාව වැනි රටවල් මේ අංශයෙන් ද සාමාන්‍ය රටකට දෙවැනි නොවේ. ඇතැම් විට සාමාන්‍ය රටකට වඩා අන්ත ය. එහි යුද ඉතිහාසය ගැන බලන විට එය ඉතා පැහැදිලි ය. ඇෆ්ගනිස්ථානය, ඉරාකය හා ලිබියාව වැනි රටවල් ආක්‍රමණය කොට විනාශ කර දැම්මේ මේ ඉතා මෑත ඉතිහාසයේ ය. හැත්තෑ ගණන්වල වියට්නාමයට ද එය කළේ ය. ඉරාක ආක්‍රමණය සපුරාම ව්‍යාජ හේතු මත කළ බව මේ වන විට පැහැදිලිව තහවුරු වී තිබේ. සදාම් හුසේන්ට ජනඝාතක අවි කිසිදා තිබුණේ නැත. එහෙත් ඒවා තිබෙන බවට ව්‍යාජ හේතු දක්වා එම රට ආක්‍රමණය කොට, තම රටවල සමාගම්වලට අවශ්‍ය ලෙස තෙල් හා ගෑස් සම්පත කොල්ලකෑමට කටයුතු කළේ ය. මෙම යුද්ධවල දී මිලියන ගණනක් සාමාන්‍ය ජනතාව මියගිය ද ඒවාට කිසිදු වගවීමක් නැත. වන්දියක් නැත. එසේ මියගිය අය මරණය ම හිමි “කාලකන්නි” ලෙස හුවා දක්වා ඇත. අද ගාසා තීරයේ මියෙන අයට ද එවැනි මතයක් ගොඩනගා තිබේ. එය හඳුන්වන්නේ අවමානුශීකරණය (dehumanization)  ලෙස ය. එසේ කළ විට කිසිවකුගේ ජීවිතයට හානි කිරීම බල්ලන් බළලු‍න් මරන්නා සේ ය.

ඩොනල්ඩ් ට්‍රම්ප් එන්නේ සියවස් දෙක තුනක් තිස්සේ ඇමරිකාව ඇතුළු බටහිර කඳවුර විසින් ආරම්භ කරන ලද අසාධාරණ යුද්ධ හා මිලිටරිමය මැදිහත්වීම් අවසන් කරන අදහසින් ය. ට්‍රම්ප්ගේ පසුගිය ජනාධිපති ධුර කාලය තුළ කිසිදු යුද්ධයක් ඔහු ආරම්භ කළේ නැත. යුද්ධයක් ආරම්භ කරන තැනට වැඩ කටයුතු කළේ ද නැත. ඒ වෙනුවට දශක ගණනාවක් තිස්සේ යුද්ධයකට ආසන්න අවස්ථාවක සිටින උතුරු හා දකුණු කොරියාව අතර යුද උණුසුම අඩු කිරීමේ අටියෙන් ඔහු උතුරු කොරියාව සමග මිතුදම් වැඩිදියුණු කරගැනීමට අවශ්‍ය පදනම දැම්මේ ය. කෙසේ වෙතත්, ට්‍රම්ප් 2020 පරාජයවීමත් සමග ඇමරිකානු විදේශ ප්‍රතිපත්තිය නැවතත් ගෝලීයවාදීන්ට හිමි වූ අතර එතැන් පටන් එක පිට එක යුද්ධ ආරම්භ විය. විශේෂයෙන්ම රුසියා-යුක්‍රේන යුද්ධය යනු ඇමරිකා-නේටෝ කඳවුරේ පැහැදිලි අසමත්වීමකි. නේටෝව නැගෙනහිරට ව්‍යාප්ත කිරීමේ ව්‍යාපෘතිය රුසියාව යුද්ධයට තල්ලු‍ කළේ ය. තම එළිපත්තේ තිබෙන යුක්‍රේනයේ නේටෝ මිසයිල එසවෙනවාට රුසියාව කැමැති වන්නේ නැත. මූලික ම ප්‍රශ්නය නම්, 1949 දී සෝවියට් රුසියාවට එරෙහිව තැනූ නේටෝව, සෝවියට් රුසියාව 1991 දී අවසන් වීමෙන් පසුත් පවතින්නේ මන්ද යන්නයි. එය පැවතීමට පවා සාධාරණ හේතු නැති පසුබිමක තවත් ව්‍යාප්ත කිරීම කෙසේ නම් සාධාරණීකරණය කරන්නේ ද?

ට්‍රම්ප්ට අවශ්‍ය වන්නේ මේ යුද උන්මාදය අවසන් කිරීමට ය. එසේ කොට නැවතත් තමා දෙස බැලීමට ඇමරිකාව යොමුකිරීමට ය. ඔහු පවසන ලෙස ඩොලර් ට්‍රිලියන 33ක ණයකන්දක් මත සිටින ඇමරිකාවට තවදුරටත් මෙසේ ඉදිරියට යා නොහැකිය. අනිවාර්යයෙන්ම තම දේශීය ආර්ථිකය ශක්තිමත් කර නොගන්නට තමා අනිවාර්යයෙන්ම ආර්ථික වශයෙන් ද, පසුව යුදමය වශයෙන් ම චීනයට පරාජය වන බව ට්‍රම්ප්ගේ මතයයි. ඇමරිකාවේ අවාසියට මේ වන විට ඩොලරය ද ලොව පුරා අතහරින තැනට පත්ව තිබේ. පසුගිය මාසයේ සෞදි අරාබිය හා ඇමරිකාව අතර තිබූ ඩොලර් ගිවිසුම කාලය ඉකුත් වූ අතර, මේ වන විට ඩොලර් නොවන මුදල්වලින් ඉන්ධන විකිණීමට සෞදියට හැකියාව තිබේ. මේ වන විට රුසියාව හා චීනය වැනි රටවල් තම මුදල්වලින් තෙල් ගනුදෙනු කිරීමට සෞදියට යෝජනා කර ඇත. ඩොලරයට මේ ලෙස ඉල්ලු‍ම අඩුවීම යනු එහි ශක්තිය බාලවීමයි. ඇමරිකාවට තවදුරටත් සිතූ සිතූ ලෙස ඩොලර් අච්චු ගසා එළියට දැමීමට හැකිනොවනු ඇත.

ට්‍රම්ප්ට එරෙහිව අවි එසවෙන්නේ ද ඉහත ගෝලීයවාදී ප්‍රවාහයට එරෙහිව ඔහු ගමන් කරන නිසා ය. යුරෝපා හවුල තුළ මේ වන විට විශාල ට්‍රම්ප් භිතියක් හටගෙන තිබේ. නේටෝව තුළ ද එසේ ය. ට්‍රම්ප් පවසා සිටින්නේ, තමාට ඇමරිකානු ආරක්ෂාව අවශ්‍ය නම්, තවදුරටත් ඇමරිකානු මුදල් මත පිනට යැපීම නතර කොට අවශ්‍ය ප්‍රමාණයට මුදල් වියදම් කළ යුතු බවයි. යුරෝපය දැන් අමාරුවෙන් ඊට අනුගත වෙමින් තිබේ. ඔවුන්ගේ අයවැයෙන් සියයට 2ක් ආරක්ෂාව සඳහා යෙදවීමට මේ වන විට බොහෝ යුරෝපා රටවල් කටයුතු කරමින් තිබේ. කෙසේ වෙතත්, එය එන්නේ නිකං නොවේ. තම රටවල කරනු ලබන සුබසාධන හා වෙනත් සංවර්ධන කටයුතු අතහරිමින් ය. ඒ අනුව එය දේශපාලන ප්‍රතිවිපාක සහිත තීන්දුවකි.

ලංකාව වැනි රටවලට ට්‍රම්ප්ගේ පැමිණීම ගුණදායක ය. මන්ද ඒ තුළ ඇමරිකාව අප වැනි රටවලට අභ්‍යන්තරයට ඇඟිලි ගැසීම බොහෝ සේ අඩුවීමට හැකි නිසාය. ව්‍යාජ ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යපෘති වෙනුවෙන් බව කියමින් රටවල ආණ්ඩු පෙරළීමට කටයුතු නොකරනු ඇත.

ලංකාවේ ත්‍රස්තවාදයට එරෙහි යුද්ධය අවස්ථාවේ දී ද බලයේ සිටියේ රිපබ්ලිකානු ආණ්ඩුවකි. ඔවුන් ඕනෑවට වඩා ලංකාවට බලපෑම් කිරීමට කටයුතු කළේ නැත. එවක බලපෑම පැමිණියේ බ්‍රිතාන්‍ය සහ යුරෝපා හවුලේ රටවලිනි. එවක බලයේ සිටි ජනාධිපති ජෝර්ජ් ඩබ්ලිව් බුෂ්, ට්‍රම්ප් තරම් ම ජාතිකවාදී ප්‍රතිපත්තියක නොසිටි බව කිව යුතු ය. ඔහුට ද ගෝලීය න්‍යාය පත්‍රයක් තිබුණි. එහෙත් ඒ ද අල් ඛයිඩා විසින් එල්ල කරන ලද සැප්තැම්බර් 11 ප්‍රහාරය නිසා ය. කෙසේ වෙතත්, ට්‍රම්ප් වැනි මාත්‍රාවක් ඇමරිකාවට ඉතා විරල එකකි.

මේ අතර, ට්‍රම්ප් පාලනයක් තුළ අපට අභියෝග නැත්තේ ද නොවේ. ඒ නම්, මනාප ක්‍රමයට ඇමරිකාවට කරන භාණ්ඩ අපනයනවලට ඇතැම් සීමා වැටීමට පුළුවන. මන්ද ට්‍රම්ප්ගේ ක්‍රමය වන්නේ දේශීය ඇමරිකානු ව්‍යාපාර වර්ධනය කිරීමයි. ඒ අනුව ඔහු ඇතැම් වාණිජ කලාපවල ආරක්ෂණවාදී පිළිවෙතකට යොමුවීම අපේක්ෂා කළ හැකි ය. තවද ඔහු චීනය සමග ද තීව්‍ර තරගයකට අවතීර්ණ වන බවට දැනටමත් ඉඟි පළ වී තිබේ. එය ද වක්‍රව අපට බලපාන බව අමුතුවෙන් කිවයුතු නොවේ.

මේ සියල්ල මෙසේ තිබිය දී, ජාතිකත්වය මුල් කරගත් දේශපාලන ප්‍රවණතාවකට ලෝකයම ගමන් කරමින් තිබේ. ට්‍රම්ප් එහි අමරිකානු පෙනී සිටීමයි. මුළු යුරෝපය තුළ ම එම ප්‍රවණතාව මේ වන විට කැපී පෙනෙන අතර ජූනි මාසයේ යුරෝපා පාර්ලිමේන්තු මැතිවරණ ප්‍රතිඵල හා පසුගිය දා අවසන් වූ ප්‍රංශ මහමැතිවරණයෙන් ද එය ගම්‍ය වේ. ඇත්ත වශයෙන් ම මෙම රටවල් සංවර්ධනය වූයේ ම මේ ජාතිකවාදී ක්‍රමය තුළයි. ඔවුන් නැවත වරක් ඒ තුළට ගමන් කරමින් සිටීම සිත්ගන්නාසුලු දෙයකි. මැතිවරණයක් ආසන්නයේ සිටින ලංකාවේ ද, අභියෝග මැද වුව එවැනි ප්‍රවණතාවක් ඉදිරියේ දී දැකගත හැකිවනු ඇත.

 

(***)
සබරගමුව විශ්වවිද්‍යාලයේ
ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය
මහින්ද පතිරණ



අදහස් (1)

ජාතිකත්වය හිස ඔසවන ලෝකය

Sirimal Saturday, 20 July 2024 11:53 AM

මහින්ද පතිරණ යනු රට බංකොලොත් කල ගෝටාභය ගෙන ඒමට මුල් වූ අයෙකි. දැන් ඔහු නාමල් රාජපක්ෂ මේ රටේ නායකයා විය යුතු බව කියයි. ඔවුන්ගේ ජාතිකවාදි කියාගන්නා වංචනික පුද්ගලයන් තවත් මේ රටට අවශ්‍ය නැත.

:       8       8

ඔබේ අදහස් එවන්න

 

 
 

විශේෂාංග

නරේන්ද්‍ර මෝදිගේ ශ්‍රී ලංකා සංචාරය
2025 අප්‍රේල් මස 04 108 1

අනුර කුමාර දිසානායක මහතා, ජනාධිපති ධුරය බාර ගැනීමෙන් පසු, පළමු විදෙස් සංචාරය සඳහා තෝරා ගත්තේ අසල්වැසි ඉන්දියාවය. ඒ අනුව, පසුගිය 2024 දෙසැම්බරයේ, නවදිල්ලි


පොරොන්දුවල අතරමං වූ ආණ්ඩුව
2025 අප්‍රේල් මස 04 157 1

ජනාධිපතිවරයා පළාත් පාලන ඡන්දය ඉලක්කගත කර සිදුකරන ලද කතා කීපයක් අසා සිටි මෙම ලියුම්කරුට හැඟී ගියේ ඔහුගේ හඬ ජවය දැන් දැන් දුර්වල වී ඇති බවයි. එහි විශ්වාස


සහල් මිල පාලනයට වැඩපිළිවෙළක් නැද්ද?
2025 අප්‍රේල් මස 04 50 0

ශ්‍රී ලංකාවේ මෑත කාලයේ සහල් අර්බුදයක් පැන නැගී ඇති අතර, එයට විසඳුම් ලබා දීමට රජය අපොහොසත් වී ඇත. අපේ ප්‍රධාන ආහාරය සහල් වන අතර, තුන් වේල බත් කන ජාතියක් සි


ඉන්දු - ශ්‍රී ලංකා සබඳතා කඩයිම්
2025 අප්‍රේල් මස 04 42 0

ශ්‍රී ලංකාවේ මහකොමසාරිස් සංතෝෂ් ජා මහතා සමඟ ඉන්දීය අග්‍රාමාත්‍ය ශ්‍රී නරේන්ද්‍ර මෝදි මහතාගේ ශ්‍රී ලංකා නිල සංචාරය (2025 අප්‍රේල් 4-6) පිළිබඳව පැවැත් වූ සම


සූර්යබල විදුලියට බාධා ඇයි?
2025 අප්‍රේල් මස 02 927 1

වහලය මත සවිකරන සූර්යබල විදුලි පද්ධති මගින් නිෂ්පාදනය කෙරෙන විදුලිය මිලදී ගැනීමේ දී ‌ලංකා විදුලිබල මණ්ඩලය මෙතෙක් ගෙවන ලද මිල ගණන් විශාල ලෙස පහළ දැමීමට


උ.පෙළ දෙපාරක් ෆේල් වෙලත් පේරාදෙණියට ආවේ නාට්‍යවලට ආශාවෙන්
2025 අප්‍රේල් මස 01 1084 0

සිංහල නාට්‍ය කලාවේ අමරණීය යුගයක් නිර්මාණය කරමින් එහි සන්ධිස්ථානයක් ඇති කළ මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර මහතාගේ නාට්‍යාවලිය තුළ නිශ්ශංක දිද්දෙනිය න


මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී පාද අඩවිය පිරිසිදුව තබාගැනීමට සියපත ෆිනෑන්ස් වෙතින් නිර්මාණශීලී විසඳුමක් 2025 අප්‍රේල් මස 04 136 0
ශ්‍රී පාද අඩවිය පිරිසිදුව තබාගැනීමට සියපත ෆිනෑන්ස් වෙතින් නිර්මාණශීලී විසඳුමක්

නව්‍යකරණයෙන් පිරිපුන් හෘද්‍යාංගම මූල්‍ය සේවාවක නියැලෙමින් ශ්‍රී ලාංකිකයන්ගේ විශ්වාසය දිනූ සියපත ෆිනෑන්ස් පීඑල්සී ආයතනික සමාජ සත්කාරක වැඩසටහන් මා

Hello Dada කියලා කියන්නේ Say Prime චැනල් එකෙන් නිෂ්පාදනය වුන පළවෙනි මිනි සීරීස් එක. 2025 මාර්තු මස 31 380 1
Hello Dada කියලා කියන්නේ Say Prime චැනල් එකෙන් නිෂ්පාදනය වුන පළවෙනි මිනි සීරීස් එක.

මිනි සීරීස් කන්සෙප්ට් එකෙන් සීරීස් කිහිපයක්ම නිර්මාණය කරපු අධ්‍යක්ෂකවරයෙක් තමයි ජෝ දිසානායක. Hello Dada අධ්‍යකෂණය සිදු කරන්නේද ඔහු විසින්ම. බොහෝ ජනප්‍රිය

ප්‍රයිම් සමූහය වෙතින් PrimeMax: අවම මූලික ගෙවීමක් සහ ඇදහිය නොහැකි මාසික වාරිකයක් සමගින් දේපළ සඳහා ආයෝජනය කිරීමට අනගි අවස්ථාවක් 2025 මාර්තු මස 21 906 0
ප්‍රයිම් සමූහය වෙතින් PrimeMax: අවම මූලික ගෙවීමක් සහ ඇදහිය නොහැකි මාසික වාරිකයක් සමගින් දේපළ සඳහා ආයෝජනය කිරීමට අනගි අවස්ථාවක්

ප්‍රයිම් සමූහය ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ පෙරළියක් සිදුකරමින් නව ගෙවීම් ක්‍රමවේදයක් හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේ ය.

Our Group Site