ලංකාවේ ජාතික වීරවරයන් අතර ඞී.ආර්. විජයවර්ධන සුවිශේෂි චරිතයකි. එසේ කියන්නට සිදු වන්නේ ඔහුට සමකාලීන ජාතික වීර ලැයිස්තුව නිරීක්ෂණය කිරීමෙනි. ඒ සියලූ පිරිස් කොටස් දෙපිරිසකට බෙදිය හැකිය. මුල් කණ්ඩායම නිශ්සරණාධ්‍යාසයෙන් රට ජාතිය ආගම් ආරක්‍ෂා කර ගැනීමට කැපවූ පිරිස වෙති. ඞී.ආර්. විජයවර්ධන ඊට උදාහරණයකි. දෙවැනි කණ්ඩායම නිදහස් සටන හරහා රාජ්‍ය බලය අපේක්‍ෂා කළෝ වෙති. දෙවැනි කණ්ඩායමට දිය හැකි සරල උදාහරණය එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායකය.
බණ්ඩාරනායකට වඩා පහසුවෙන් ඞී.ආර්. විජයවර්ධනට දියසේන කෙනකු වන්නට තිබිණ. හෙතෙම එ දවස ලංකා දේශපාලනය අපේක්‍ෂා කළ හතර කුලය පාරිශුද්ධ ප‍්‍රභූ චරිතයක් විය. ඔහු නුමුහුන් සිංහල බෞද්ධයකු විය. ධනවතකු විය. එංගලන්තයේ නේවාසිකව අධ්‍යාපනය ලබා සුදුසුකම් ලත් බැරිස්ටර් වරයකු විය. සිංහල කතාවෙහි ව්‍යක්ත විය. උඩරට කීර්තිමත් රදළ පවුලකින් පෙළවාසියක් කර ගත්තකු විය. ඊට අමතරව අවශ්‍ය නම් ඌවේ කැරැල්ලේ සිය මී මුත්තා කළ කාර්ය භාරය උද්දීපනය කරමින් සුවිශේෂ ආකර්ෂණයක් ද ලබාගත හැකිව තිබිණි.
එහෙත් මේ කිසිදු සාධකයක පැවැත්ම ඩී.ආර්. විජයවර්ධන දඩමීමා කර ගත්තේ නැත. හෙවත් බොරුවෙන් ජනතාව මුලා කොට ඔවුන්ගේ පිටේ යාමට සිතුවේත් නැත.
ඩී.ආර්. විජයවර්ධන යනු අරමුණ මැනවින් තේරුම් ගත් විරල ගණයේ ජාතික වීරයකු විය. හෙතෙම නිදහස් සටන් ව්‍යාපාරයේද කිසිවකුට ඉටු කළ නොහැකි මෙහෙවරක නිරත විය. සිය කාර්ය සාධනයෙහි නියැලී සිටිනාතර සියලූ ඉෂ්ඨාර්ථ තමන් වටා එක් රැස් වන ලෙස කටයුතු කිරීමට ඔහු වග බලා ගත්තේය. ඉන් පසුව ඔහු සියල්ල තමන්ට රිසි ආකාරයට හැසිරවීය.
ප‍්‍රවෘත්ති පත‍්‍ර ව්‍යාපාරය විසිවැනි සියවසේ මුල් භාගයෙහි සුවිශාල ලාභදායි ආයෝජන ක්‍ෂේත‍්‍රයක් නොවීය. එහෙත් ඩී.ආර්. විජයවර්ධන සිය දේශයේ නිවහල් පැවැත්ම මුල් කොට එම අවදානම් කාර්යයකට උරදෙන ලද්දේ වෙයි.
එහෙත් ඔහු එකී ව්‍යාපාරය ආරම්භ කොට ව්‍යාපාරයක් ලෙස දියුණු කළේය. ඒ හේතු දෙකක් නිසාවෙනි. පළමුවැන්න තමන් කරන කවර දෙයක් වුවද, පිළිවෙළක් ඇතිව කරන හෙයිනි. දෙවැන්න සිය අරමුණ බිඳ නො වැටෙනු සඳහාය. පත‍්‍රයක් ප‍්‍රකාශන මාධ්‍යයක් පරාධීන රටක නිදහස අවුලූවා ලන අවියක් මෙන්ම නිදහස් රටක අනාගතය සුරක්‍ෂිත කරන සන්නාහයක් බව ද ඩී.ආර්. විජයවර්ධන දැඩිව විශ්වාස කෙළේය.
එය බෙහෙවින් අවදානම් සහගත විය. මක් නිසාද යත්, හෙතෙම යටත් විජිත පුරවැසියෙකු වූ නිසාය. එසේම ඔහු සිය ව්‍යාපාර ආරම්භ කළ 1914-1918 කාල වකවානුව බෙහෙවින් තීරණාත්මක වූ හෙයිනි. එය ලංකා නිදහස් සටන ඉතිහාසයේ තවත් අවදානම් කාල පරාසයක් විය. මේ යුගයේ ඇතැම් ජාතික වීරයන් හිරේ විලංගුවේ වැටුණා පමණක් නොව මරණයෙන්ද වන්දි ගෙවා තිබිණ.
මේ පසුබිම ගැන නොසිතා ඔහු සිය ධනය පමණක් නොව තම ජීවන පැවැත්ම පවා අවදානමකට ලක් කෙළේය. ඩී.ආර්. විජයවර්ධන රට වෙනුවෙන් සැලසුම් කොට කළ කාර්ය භාරය වෙනත් කිසිදු ලාංකික දේශ පේ‍්‍රමියකු අතින් සිදු නොවීය.
කේම්බි‍්‍රජ් විශ්ව විද්‍යාලයෙන් උපාධි ලබා ගත් ඔහු ලංකාවට පැමිණියේ මොනවා හෝ කිරීමේ කල්පනාවකින් නොවේ. විජයවර්ධන චරිතය තුළ ඊට බොහෝ සාක්‍ෂි වෙයි. ඔහු 1915 පමණ වන විට අනාගත පත්තරයක් සඳහා අවශ්‍ය සුළුපහේ පුස්තකාලයක්ද පිළියෙල කරමින් සිටියේය.
ඔහුගේ දෝනියන් නාලිනී වික‍්‍රමසිංහට අනුව එංගලන්තයේ පළාත් පාලන ආයතනයක දුෂණ සම්බන්ධව අඟල් හතරක්වත් තරම් නොවූ කුඩා ප‍්‍රවෘත්තියක් සහිත පත්තර කෑල්ල (paper cutting)ක්ද ලංකාවට රැගෙන ආඅඩුම කුඩුම අතර තිබී පසුව හමුවී ඇත. ඒ ලංකාවට නිදහස නො දීමට මේ රටේ දුෂණ පවතී යයි බි‍්‍රතාන්‍යයන් කියා සිටියොත් එංගලන්තයේත් හොරු ඇතැයි ඒ ඔවුන්ට ආපසු දමා ගැසීමේ ආයුධයක් ලෙසය.
ඩී.ආර්. විජයවර්ධන වර්ෂ 1886 පෙබරවාරි මස 23 වැනි දින උපන්නේය. 1950 ජුනි 13 වැනි දින දිවංගත විය.
මෝදර පිහිටි ශාන්ත තෝමස් විද්‍යාලයෙන් (ගල් පල්ලියේ ස්කෝලෙන්) මූලික අධ්‍යාපනය ලැබීය. ඒ පාසල් අවදියේ ඔහුගේ සමකාලීනයන් වූයේ එෆ්.ආර් සේනානායක සහ ඩී.ඇස්. සේනානායක ආදීන්ය. ඉන් පසුව විජයවර්ධනයෝ උසස් අධ්‍යාපනය සඳහා එංගලන්තයේ කේම්බි‍්‍රජ් විශ්ව විද්‍යාලයට ඇතුළු වූහ. වර්ෂ 1912දී උසස් අධ්‍යාපනය නිමවා අධිනීතිඥයකු ලෙස හෙතෙම පෙරළා ලංකාවට පැමිණියේය. ඔහු කෙටි කලකින් අලූත් කඬේ උසාවි පද්ධතියේ ජ්‍යෙෂ්ඨ නීතිඥයන් අතර පි‍්‍රය මනාප තරුණ නීතිඥයකු ලෙස නීති වෘත්තියෙහි යෙදී ඇත. ඒ කාලය තුළ ද ඔහු රටේ නිදහස සම්බන්ධව එංගලන්තයේ යටත් විජිත භාර ලේකම් වෙත නියෝජිත කණ්ඩායම් යැවීමේ සම්බන්ධීකාරකයකු ලෙස වෙහෙසුණු බවට සාක්‍ෂි ඇත. ඊට හේතුව එදවස ආණ්ඩු ක‍්‍රම ප‍්‍රතිසංස්කරණයෙහි පුරෝගාමියෝ නීතිඥවරු වීමය.
1915 කැරැල්ල ඇතිවන විට ඩී.ආර්. විජයවර්ධනගේ දිනමිණ පත‍්‍රය රට පුරා ජනතාව කියවමින් සිටියේය.
මේ ඓතිහාසික සංසිද්ධියේ දී ඔහුගේ වැඩිමහල් සොහොයුරු ඇලෙක්සැන්ඩර් විජයවර්ධන ද, සර් ඩී.බී. ජයතිලක, ඩබ්ලියු. ඒ. ද සිල්වා, ඞී.ඇස්. සේනානායක සහ සී, බටුවන්තුඩාවේ සමග බි‍්‍රතානය පාලකයන් සැකපිට සිරගත කොට තිබිණි. මේ අර්බුදකාරී යුගයේ අදහස් ප‍්‍රකාශනය තහංචි පනවා තිබිණි. රට සංසුන් වූ වහාම ඩී.ආර්. විජයවර්ධන වැදගත් යයි කල්පනා කළ සියලූ ලේඛන සහ කතු වැකි ප‍්‍රසිද්ධ කිරීමට වග බලා ගත්තේය.
මේ සිද්ධිය චිත‍්‍රනය කරන්නේ ඩී.ආර්. විජයවර්ධන නම් පුවත් පත් ව්‍යාපාරිකයා තුළ සැඟවී සිටි සටන්කාමී පත‍්‍ර කලාවේදියාගේ ආක‍්‍රමණික ස්වරූපය වෙයි.
එකල රාජ්‍ය මන්ත‍්‍රණ සභාව ව්‍යවස්ථාදායකය වුණාට සැක නැත. එය සාකල්‍යයෙන්ම සුදු ආණ්ඩුකාරයා විසින් පත් කරනු ලැබු රජයේ සුදු නිලධාරීන් සහ ජාතීන් වෙනුවෙන් පත් වූ යුරෝපීය සහ බර්ගර් ජාතිකයන්ගේ පමණක් සමන්විත එකක් විය. එහි දේශීය ලාංකික නියෝජනයක් හෙවත් රටේ බහුජන වුවමනා සඳහා නිල වේදිකාවක් තිබුණේම නැත.
ඩී.ආර්. විජයවර්ධනගේ මේ ජවාධික ක‍්‍රියා ශූරත්වය ලංකා ජාතික සංගමයේ ලේකම් පදවියට ඔසවා තැබීමට හේතු විය. ඒ වන විට ඔහු යන්තම් විසිහත් වියට ලැබුවා පමණකි. එය සිදුවුණේ 1917 ඔක්තෝබර් මස 23 වැනි දාය.
ලංකා ජාතික සංගමයේ ලේකම්වරයා ලෙස ඩී.ආර්. විජයවර්ධන සමග ආණ්ඩු ප‍්‍රතිසංස්කරණ සඳහා සර් ජේම්ස් පීරිස්, සර් පොන්නම්බලම් අරුනාචලම් ආදීන් පෙළ ගැසුණේ මෙසේය.
ඔහු සර් පොන්නම්බලම් අරුනාචලම් ලවා කොළඹ වික්ටෝරියා ශාලාවෙහි, ‘‘අපේ දේශපාලන ඕනෑකම්’’ යනුවෙන් ප‍්‍රසිද්ධ කතාවක් කරවීය. එය විසිවැනි සියවසේ ලංකා නිදහස් සටනෙහි පළමු වෙඩිල්ල විය. එය රට තුළ ආන්දෝලාත්මක දේශනයක් විය. සර් පොන්නම්බලම් අරුනාචලම් සිය කතාව අවසන් කළේ නිහඬවත් බාහිර පෙනුමෙන් තොරවත්, වැඩ කරන නමුත්, ඔහු ස්වාභාවධර්මයේ බල වේගයක් මෙන් ක‍්‍රියාශීලී යයි ඩී.ආර්. විජයවර්ධන ජාතියට හඳුන්වා දෙමිනි. ඒ විශිෂ්ට දමිළ පුරවැසියා තම සිංහල ප‍්‍රතිවාදියා පරදවා මුළු ජාතියේම සංකේතය ලෙස රාජ්‍ය මන්ත‍්‍රණ සභාවට පිවිසියේ මේ පදනම යටතේය.
අවශ්‍ය වූ සියලූ ශක්තීන් ඔවුන් විසින් ගොනු කරන ලද්දේ සාමාන්‍ය පුරවැසි සංවිධානයක් ලෙසය. ලංකාවේ ආණ්ඩු ක‍්‍රම ප‍්‍රතිසංස්කරණවාදි හඬ දිනමිණ පත‍්‍රය හරහා රටක් ජාතියක් අවදි කළේය. එය DAILY NEWS පත‍්‍රය හරහා හිරු නොබසින අධිරාජ්‍යයේ බිහි දොර අසල දෝංකාර දුන්නේ යළි යටත් විජිත පාලනයට භූමි කම්පා ඇති කරවමිනි.
දිනමිණ සහ DAILY NEWS ඒ වන විට ඩී.ආර්. විජයවර්ධනගේ ප‍්‍රවෘත්ති පත‍්‍ර ව්‍යාපාර සතු විශිෂ්ට ප‍්‍රකාශන විය. මෙසේ අධිරාජ්‍යවාදීන් ලවා ආරම්භ කරවූ 1920 ප‍්‍රතිසංස්කරණය. ඩොනමෝර් කොමිෂන් සභාව, සෝල්බරි කොමිෂන් සභාව ආදී ආණ්ඩු ක‍්‍රම ප‍්‍රතිසංස්කරණ පිටුපස සිටි ඩී.ආර්. විජයවර්ධන සටන අත් නොහැර සිටියේය. එය කෙළවර වුණේ සෝල්බරි ආණ්ඩු ක‍්‍රමය හරහා මේ රට ස්වාධීනත්වය ලැබීමෙනි. සෝල්බරි කොමිෂමේ කොමසාරිස්වරුන් මේ රටෙන් නික්ම යාමට පෙර විජයවර්ධනගේ ආගන්තුකයන් ලෙස එක් සති අන්තයක් දියතලාව සුප‍්‍රකට ආකේඩියා නිවාසයෙහි ගත කළ බව කියැවේ.
සෝල්බරි සාමි වරයා විසින් 1945 අපේ‍්‍රල් මස 06 වැනි දින විජයවර්ධනයන් අමතා ලියූ ලිපියේ මෙසේ දැක්වේ. ‘‘හෙට උදේ අප පිටත්ව යන බැවින් ඔබට ආයුබෝවන් කීමටත්, මටත් කොමිෂමටත් ඔබ කළ සියල්ල ගැන අපේ අවංක ස්තුතිය පිරි නැමීමටත් මේ ලිපිය ලියමි. දුෂ්කර ප‍්‍රශ්නයක් විසඳීමේදී ඔබ අපට දුන් උපදෙස් සහ ආධාර ඉතාමත් උපකාරි විය හැකිය. අද ඬේලි නිවුස් පත‍්‍රයෙහි අප ගැන කාරුණිකවූත්, උදාරවූත්, වචන වලින් ලියා තිබුණ කතු වැකිය අපට කොතරම් ප‍්‍රසාද ජනක වී ද යත් මම ඒ ගැන ඔබට කෘතඥ වෙමි.’’
අපේක්‍ෂා කළ ප‍්‍රතිසංස්කරණ සම්බන්ධව බි‍්‍රතාන්‍යයේ කල් මැරීම ඩී.ආර් විජයවර්ධන මෙසේ සිය මිත‍්‍ර ග‍්‍රහණය තුළ සිර තිබුණි. ඩී.ආර්. විජයවර්ධනගේ සහ ඞී.ඇස්. සේනානායකගේ අපේක්‍ෂාව වූයේ බි‍්‍රතාන්‍ය සම්ප‍්‍රදායයේ කැබිනට් මණ්ඩලයක් සහිත පාර්ලිමේන්තු ආණ්ඩු ක‍්‍රමයකි. එය මග හැර යාමට සෝල්බරි කොමිෂමට නොහැකි විය.
ඩී.ආර්. විජයවර්ධන සත්‍ය වශයෙන්ම සියල්ල කළේ තම රට ගැන ඇතිවූ කැක්කුමෙනි. ඔහුගේ ලේක් හවුස් පත‍්‍ර සම්ප‍්‍රදාය ඒ ජාතික සේවාව ඔහුට හිමි කළ ඇතුරු පලයක් ලෙස කල්පනා කිරීම ඔහුට කරන ගෞරවයකි.
ඩී.ආර්. විජයවර්ධන මේ රටේ තරුණ පෙළට ආදරය කෙළේය. රට යනු තරුණ පෙළ බව ඔහුගේ දැඩි විශ්වාසය විය.
වරක් තරුණයකු රැකියාවක් අපේක්‍ෂාවෙන් ලේක් හවුසිය වෙත පැමිණියේය. ඔහු තම සුදුසුකම් තහවුරු කිරීමට ගෙනා විවිධ ලේඛනයක තොරතුරකින් ඩී.ආර්. විජයවර්ධන තිගැස්සිණ. රැකියා අපේක්‍ෂක තරුණයා සරසවි සිසුවෙකි. තරුණයා රැකියාවක් අපේක්‍ෂා කළේ ආර්ථික හේතු නිසා තව දුරටත් අධ්‍යාපන කටයුතු කළ නොහැකි තැනය. තරුණයාගේ අධ්‍යාපනය විජයවර්ධන නිවැරදිව තේරුම් ගත්තේය. රැකියාවක් දීම වෙනුවට ඒ තරුණයාට අධ්‍යාපන කටයුතු සඳහා ශිෂ්‍යත්වයක් පිරි නැමීය. උපාධිය ලබා හෙතෙම ලේක් හවුස් ආයතනයට බැඳිය යුතුය යන්න එකම කොන්දේසිය විය. එහෙත් රජයේ අනුග‍්‍රහයෙන් විදේශ ශිෂ්‍යත්වයක් ලැබේ නම් සියලූ කොන්දේසි වලින් ඔහු මුදා හැරෙන බවට ව්‍යතිරේකයක් ද, ඊට ඇතුළත් විය. විජයවර්ධනගේ සද්භාවි භාවිතාව තිබුණේ ඒ ව්‍යතිරේකය තුළය.
වරෙක් දිනමිණ පත‍්‍රය දැඩි අවදානමකට ලක්විය. එහිදී පියදාස සිරිසේන මහතා ඩී.ආර්. විජයවර්ධනට ශක්තියක්ව සිටියේය. ඔහු එය හැමවිටම කෘතවේදීව සිහිපත් කරනු ලැබුවා පමණක් නොව පියදාස සිරිසේනයන් ඔත්පලවූ පසුව මාස්පතා රුපියල් 250/= ක් ලියුම් කවරයක රුවා ගෙන ඔහුගේ සුවදුක් බලන්නට යාම සිරිතක් කරගෙන සිටියේය. ඒ ඔහුගේ හැටිය.
හෙතෙම සිංහල පොතපත පළ කරවීමෙහි උත්සුක විය.
දොන් රිචඞ් විජයවර්ධනගේ අත ගත්තේ සපරගමුවේ තුන් කෝරලේ රටේ මහත්තයා වූ ජේ.එච්. මීදෙනියගේ දෙවැනි දියණියයි. මීදෙනිය පවුලේ වැඩිමහල් දුවණිය ඇසිලින් මොලමුරේ ආර්යාව වූවාය. විවාහයෙන් පසුව ඔවුන්ගේ ස්ථිර පදිංචිය වූයේ කොළඹ හුණුපිටියේය. එම නිවස කුඩා කිරි පට්ටියකින් ද, සමන්විත අර්ථාන්විත සිංහල නිවෙසක් වූ බව පෙනේ.
රවීන්ද්‍රනාත් තාගෝර්, ශ්‍රී නේරු ආදීන් සිය රාජ්‍යතාන්ත‍්‍රික භාවය අමතක කොට විජයවර්ධන පවුල මුණ ගැසීමට පැමිණි බව ප‍්‍රකට කරුණකි.
ඩී.ආර්. විජයවර්ධනගේ අභාවය පිළිබඳව සෝල්බරි සාමිවරයා විජයවර්ධන මැතිනිය වෙත එවූ ලිපියේ මෙසේ දක්වා තිබුණි. ‘‘සිය රටේ අභිවෘද්ධිය ගැන මෙතරම් වැඩ දායකවූත් බොහෝ බලයක් පා ක‍්‍රියා කළ අය කවර රටක වුවද දුර්ලභ වෙති. ලංකාව ඔබේ ස්වාමි පුරුෂයාට කොතරම් ණය ගැතිද යන බව කෙනකුට කවදාවත් අවබෝධ කර ගත නොහැකි බව තරම්ය. අවුරුදු පහකට පෙර ලංකාණ්ඩු ප‍්‍රතිසංස්කරණ කොමිෂමේ සභාපති වරයා හැටියට මට ඔහුගෙන් ලැබුණු ප‍්‍රඥා ගෝචර උපදේශත්, ඔහුගේ විශිෂ්ඨ දුරදර්ශි භාවයත්, අගය කළ නොහැකි තරම්ය.’’
මේ විවාහයෙන් විජයවර්ධන දෙමහල්ලන්ට දු දරුවන් සිව් දෙනෙකි. ඔවුන් පිළිවෙලින් සීවලී විජයවර්ධන, නාලනී (විජයවර්ධන) වික‍්‍රමසිංහ, රාණි (විජයවර්ධන) ගෝමස්, කුසුමා (විජයවර්ධන) ගුණරත්න සහ රංජිත් විජයවර්ධන වෙති. දොන් පිලිප් විජයවර්ධනගේ පුත‍්‍රයා නමින් දොන් රිචඞ් විජයවර්ධන විය. දොන් රිඩච් විජයවර්ධන ඩී.ආර්. විජයවර්ධන විය. ඔහුගේ පැටිපස් පරානය සීවලීලා, නාලනීලා, රාණිලා, කුසුමලා, රංජිත්ලා මිස ඇලෙක්සන්ඩර්ලා රිචඞ්ලා වුණේ නැත. ඔහුගේ ස්වදේශික චින්තනය එවැන්නකි.
බටහිර අධ්‍යාපනය ලැබූ විජයවර්ධනයන් සිංහල සිරිත් විරිත් අනුගමනය කිරීමට කිසි විටෙක පසුබට වී නැත. ඔහු සිය ලේක් හවුස් මන්දිරයට ගෙ වැදුණ අවස්ථාවේ කිරි ඉතිරීමේ චාරිත‍්‍රය මහත් ආඩම්බරයෙන් කළ බව කියැවේ. ඔහු වචනාර්ථයෙන්ම සැදැහැති බෞද්ධයකු විය. වාර්ෂිකව හේවිසි හොරණෑ හඬවා සධාතුක කරඬුව පෙරටු කොට උඩුවියන් පාවාඩ සහිතව මහා සංඝයා වහන්සේ වැඩමවා සංඝික දන් දුන් බව කියැවේ. සිය ජීවිතය පිළිවෙලකට ගෙවීමට හුරුවූ විජයවර්ධනව ඔහුගේ මිතුරන් විසින් හඳුන්වා ඇත්තේ ඩැන්ඩි ඩික් යනුවෙනි. තම ගේ දොර පෞරාණික ලී බඩුවලින් පුරවා අලංකාර කිරීමට ඔහු මහත් රුචියක් දැක්වූ බව දු දරුවෝ කියති.
ඔහු බෙහෙවින් සෘජු පැවැත්මක් ඇතිව සිටි බව සමකාලීනයන්ගේ මතයයි. ඊට හොඳම නිදසුන කැලණිය අසුන පිළිබඳ ගැටලූවයි. මුලින් දුන් වචනයක් වෙනස් කිරීමට අකමැති වූ හෙතෙම සිය සොහොයුරියගේ දරුවාට එරෙහිව තරග වැදුණ ඊ.ඩබ්ලිව්. පෙරේරාට ආධාර කෙළේය.
විජයවර්ධන පරපුර ඌව කැරැල්ලේ සිටම මේ රටේ දේශපාලනයෙහි නියාමක චරිතයන් පණ ගැන්වුහ. 56 පෙරළිය පටන් ගත්තේ ලේක් හවුස් පත‍්‍ර ගිනි තබමිනි. 1964 ලේක් හවුසිය රජයට ගන්නට වෑයම් කෙළේය. 70 පසු ලේක් හවුසිය රජයට පවරා ගත්තේය. එහෙත් විජයවර්ධන පවුල රටට හිමි කළ පුවත් පත් කලා සම්ප‍්‍රදාය අහිමි කළ නොහැකි විය. පසුව උපාලි විජේවර්ධන පත‍්‍ර කලාවට අත ගැසීය. එහි ප‍්‍රතිඵලය ඔහු ජාතියට අහිමි වීමය. ඉන් පසු ඩී.ආර්. විජයවර්ධනගේ පුත් රංජිත් විජයවර්ධන විජය පුවත් පත් සමාගම ආරම්භ කෙළේය. වරක් රංජිත් විජයවර්ධනට විධායක ජනාධිපතිවරයකු ප‍්‍රසිද්ධ වේදිකාවේ සිට තර්ජනය කෙළේය. එහෙත් විජයවර්ධනලාගේ පත‍්‍ර තවම ජාතිය කියවති.
විජයවර්ධන සහ ශ්‍රී ලංකාවේ ප‍්‍රවෘත්ති පත‍්‍ර ඉතිහාසයේ තවත් දෛවෝපගත සංසිද්ධියක් ඇත. එනම් 1947 දවසක ලංකාදීප පත‍්‍රය ආරම්භ කරන ලද්දේ ලේක් හවුස් පත‍්‍ර සමූහයට තරගයක් දීම සඳහාය.
එහෙත් අද ඩී.ආර්. විජයවර්ධන පවුලේ වර්තමාන හිමිකරුවන් ලංකාදීප පත‍්‍රය සිය පරිපාලනය යටතේ සාර්ථකව පවත්වා ගෙන යති. මෙම ලිපිය ලිවීමේදී ඞී.ආර් විජයවර්ධන මහතාගේ කණිටු පුත් රංජිත් විජයවර්ධන මහතා විසින් ලබා දෙන ලද සහාය අගය කොට සලකමි.
මහ මැතිවරණය නිමා වී ඇත. නව පාර්ලිමේන්තුව ද පළමු වතාවට ඊයේ රැස්වූයේය. ජාතික ජන බලවේගයේ දේශපාලන වැඩසටහන විධායකය සහ ව්‍යවස්ථාදායකය යන ක්ෂේත්‍ර දෙකේම ශක්
බ්‍රිතාන්‍ය යටත්විජිත සමයේ සිට මෙරට භාණ්ඩ අපනයනය සිදු වුණි. එදා සිට අද දක්වාම මෙරට ප්‍රධාන අපනයනික බෝග ලෙස හඳුනාගන්නේ තේ, පොල්, රබර් ය. එහෙත් එම පිළිගැන
ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රමුඛ ජාතික ජන බලවේගය මෙවර මහ මැතිවරණයේ දී ජනතාවගෙන් ඉල්ලා සිටියේ ‘පොහොසත් රටක් ලස්සන ජීවිතයක්’ ජනතාවට උරුම කර දීම සඳ
පෙරදිග ධාන්‍යාගාරය යන්න ඇසූ සැණින් කාගේත් මතකයට නැගෙන්නේ මහා පරාක්‍රමබාහු සමයේ අප රට හැදින් වූ නමයි. වචනයේ අර්ථය අනුව ගතහොත් පෙරදිග ලෝකයටම අවශ්‍ය තරම
ජාතික ජන බලවේගයට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක් ඉක්මවා යන ආසන 159ක අද්විතීය ජයග්‍රහණයක් ලබා දෙමින් 2024 පාර්ලිමේන්තු මැතිවරණය නිමාවට පත්විය. එහිදී සමඟි ජන බ
ජ.වි.පෙ මූලිකත්වය ගත් මේ 2024 පාර්ලිමේන්තු මැතිවරණයේ ජා.ජ.බ නැතිනම් “මාලිමා” ජයග්‍රහණය සැබවින්ම ඓතිහාසික ජයග්‍රහණයකි. ඔවුන්ගේ දේශපාලනය මා නොපිළිගත්තද, ඔ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජාතියක් නැංවීමට අතදුන් ඩී.ආර්. විජයවර්ධන