IMG-LOGO

2024 සැප්තැම්බර් මස 22 වන ඉරිදා


ජාත්‍යන්තර ගනුදෙනුවලදී සිත් රිදවීම්වලින් වළකිමු

කොළඹ වරායේ නැගෙනහිර කන්ටේනර් පර්යන්තය (ජැටිය) සම්බන්ධ ඉන්දියාව සමඟ ගිවිසුමෙන් ශ්‍රී ලංකාව ඉවත් වී තිබේ. ඒ වෙනුවට ශ්‍රී ලංකා වරාය අධිකාරිය යටතේ එය සංවර්ධනය කර පවත්වාගෙන යාමට රජය තීන්දු කර තිබේ. ඒ සමඟ බටහිර ජැටිය ඉන්දීය රජය සහ ජපාන රජය මගින් නම්කරනු ලබන පාර්ශ්ව සහ වරාය අධිකාරිය එක්ව රාජ්‍ය සහ පෞද්ගලික ව්‍යාපෘතියක් ලෙස සංවර්ධනය කිරීමටද රජය තීන්දුවක් ගෙන තිබේ. ඒ සම්බන්ධයෙන් ඉන්දියාවේ ප්‍රතිචාරය කුමක්දැයි තවම දැනගන්නට නැත.

ශ්‍රී ලංකාවේ රජය නැගෙනහිර ජැටිය සම්බන්ධයෙන් එවැනි තීන්දුවක් ගන්නා තැනකට තල්ලු‍ වූයේ වරායට සම්බන්ධ සියලු‍ වෘත්තීය සමිති සෙසු බලවේග ගණනාවක්ද එකතුකර ගනිමින් පවත්වාගෙන ගිය අඛණ්ඩ උද්ඝෝෂණයට පිළිතුරක් වශයෙන් බව පැහැදිලිය. එම උද්ඝෝෂණවලට සහාය දැක්වූ රජය ඇතුළේ විවිධ මත දරන පක්ෂ නායකයන් විසින් ඇතිකරන ලද බලපෑම් රජය මේ තීන්දුව ගැනීමට හේතු වී යැයි සිතාගැනීම අපහසු නැත. නැගෙනහිර ජැටිය සම්බන්ධයෙන් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා මීට පෙර ප්‍රකාශ කර තිබූ ස්ථාවරයට සහමුලින්ම වෙනස් තීන්දුවක් ගැනීමට රජයට සිදුවීම එම බලපෑම කොතරම් බලවත් දැයි පෙන්නුම් කරයි.

රටේ දේශීය සම්පත් ආරක්ෂා කර සංවර්ධනය කිරීමේ ප්‍රතිපත්තිය වෙනුවෙන් පෙනී සිටීමට මෙරට වෘත්තීය සමිති ව්‍යාපාරයට සහ ජාතික බලවේගවලට තිබෙන අයිතියට අපි ගරුකරමු. රටේ සම්පත් විකුණාගෙන කන තැනකට රටක් පත්විය යුතු නැත. එහෙත් රට සංවර්ධනය කිරීමේදී ජාත්‍යන්තරයද සම්බන්ධ කර ගනිමින් විවිධ ක්‍රමෝපාය අනුගමනය කිරීමට රජයකට තිබෙන අයිතියද ඒ සමඟ පිළිගත යුතු වෙයි. විශේෂයෙන් ඉන්දියාව වැනි අසල්වැසි බලවත් රාජ්‍යයක් සමඟ ඇතිකරගන්නා ලද වෙළෙඳ ගිවිසුමකින් ඉවත්වීමට එකවර තීරණය කිරීම කිසිසේත් සුදුසු නැත. නැගෙනහිර ජැටියට සම්බන්ධ ගිවිසුමේ අනෙක් පාර්ශ්වකරු වන්නේ ජපානයයි. ජපානයද මේ රටේ සංවර්ධන කාර්යයේ ප්‍රමුඛ දායකත්වයක් ලබාදෙන රටකි. මෙසේ පාර්ශ්ව තුනක් එකතු වී ඇතිකරගත් ජාත්‍යන්තර වෙළෙඳ ගිවිසුමකින් ආරාධිත පාර්ශ්ව දෙකටම නොදන්වා තනි මතයට ඉවත්වීම ශ්‍රී ලංකාවේ ප්‍රතිරූපයට හානියක් මිස යහපතක් වන්නේ නැත. එහි අහිතකර බලපෑම අනාගතයට බලපාන ලෙස ක්‍රියාත්මක වීමට ඉඩ තිබෙන බවද පෙන්වා දිය යුතුය.

රට සංවර්ධනය කිරීම අපට පමණක් තනිවම කළ හැක්කක් නොවේ. එසේ කළ හැකිව තිබිණි නම් අපේ රට නිදහස ලබා ගෙවී යන 73 වැනි අවුරුද්දේත් මේ තරම් ආර්ථික වශයෙන් දරුණු අවපාතයකට වැටී සිටින්නේ නැත. තවමත් මේ රටේ දියුණු වූ පොදු ගමනාගමන සේවාවක් නැත. ජනතාව විදුලිබිලට ගෙවන්නේ ලොවේ සෙසු රටවලට සාපේක්ෂව ඉතාම ඉහළ මිලකි. එවැනි බිලක් ගෙව්වත් විදුලිබල මණ්ඩලය වාර්ෂිකව රුපියල් බිලියන සිය ගණනින් පාඩු ලබන රාජ්‍ය ආයතනයක් බවට පත්ව තිබේ. මේ එක් උදාහරණයක් පමණි.

මේ තිත්ත යථාර්ථය අමතක කොට සෑම ජාත්‍යන්තර ආයෝජනයක්ම රටේ සම්පත් විකිණීමක් වශයෙන් හුවා දක්වමින් සිදුකරන පටු දේශපාලනය මේ රටට අනර්ථයක්, හානියක් මිස යහපතක් වන්නේ නැත. ඉන්දියාව සහ ජපානය සමඟ ගිවිසුමෙන් ශ්‍රී ලංකාව තනි මතයට ඉවත්වීමෙන් ඒ බව පෙන්නුම් කරන බව අපගේ වැටහීමය. ජාත්‍යන්තර ගනුදෙනුවලදී සියලු‍ පාර්ශ්වවල ගෞරවය රැකෙන බවට වගබලා ගැනීම සෑම රටකම වගකීමකි. එම වගකීම අප රට අතින් මෙහිදී ගිලිහී ගොස් ඇති බව පැහැදිලිය.

අමාත්‍ය මණ්ඩලය මගින් මේ තීණ්දුව ගනු ලැබුවේ ‘‘ඒකමතිකව’’ බවද වරාය බාර අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතාගේ ප්‍රකාශයේ සඳහන් විය. ඉන්දියාව සහ ජපානය සමග එළැඹි ගිවිසුමෙන් ඉවත් වීමෙන් පසුව රජය මගින් වරායේ නැගෙනහිර ජැටිය සංවර්ධනය කර පවත්වාගෙන යන බවද එම ප්‍රකාශයේ සඳහන්ය. කෙසේ වුවද නැගෙනහිර ජැටියේ කන්ටේනර් ව්‍යාපාරික ධාරිතාවෙන් සියයට 70ක් මෙහෙයවනු ලබන්නේ ඉන්දීය සමාගම් මගින් බවද මෙහිදී අමතක නොකළ යුතුය. ඉන්දියාවේ ‘‘ජ්‍යෙෂ්ඨ’’ ආරංචි මාර්ගයක් උපුටා දක්වමින් ‘‘ද හින්දු’’ පුවත්පත සඳහන් කර තිබුණේ ‘‘ත්‍රෛපාර්ශ්වික ගිවිසුමක් පවතින බැවින් ශ්‍රී ලංකාව මේ ගිවිසුම සම්බන්ධව ඒකපාර්ශ්වික තීන්දුවක් නොගනු ඇතැයි ඉන්දියාව බලාපොරොත්තු වන බවය. එහෙත් දැන් ශ්‍රී ලංකාව තනි මතයට ජාත්‍යන්තර ගිවිසුමකින් ඉවත් වී තිබේ. එවැනි තීන්දු ගනිමින් රටේ ගුවන්තොටුපොළ විවෘත කර පිටරටින් ආයෝජකයන් එනතුරු අපි බලා සිටිමු. තව කොතරම් කලක් අපි මෙසේ සිටිමුද?


ජාතික ගීය සහ ජාතික කොඩිය
73 වැනි නිදහස් දිනයේදී ජාතික ගීය සිංහල භාෂාවෙන් පමණක් ගායනා කෙරෙනු ඇතැයි රජය ප්‍රකාශ කරයි. පසුගිය වසරේදී ද ජාතික ගීය ගායනා කෙරුණේ සිංහල භාෂාවෙන් පමණි. යහපාලන රජය කාලේ නිදහස් දිනයේදී ජාතික ගීය සිංහල සහ දෙමළ භාෂාවලින් ගායනා කිරීමෙන් මෙරට ප්‍රතිසංධාන වැඩපිළිවෙළේ එක් තීන්දුවක් අර්ථවත් කෙරිණි. 1948 නිදහස් දින පළමු සැමරුම් අවස්ථාව උදා වනවිටද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ජාතික ගීයේ දෙමළ භාෂා පරිවර්තනය සඳහන්ව තිබිණි. එසේ තිබියදීත් දෙමළ භාෂාවෙන් ජාතික ගීය ගැයීමේ වැරැද්ද කුමක්ද යන්න පැහැදිලි නැත.

රටේ ප්‍රධාන භාෂාව වන සිංහල සහ ඊළඟට වඩාත්ම භාවිත වන නිල භාෂාව වන දෙමළ භාෂාවෙන් ජාතික ගීය ගායනා කිරීම නවත්වා දැමීම ජාතීන් අතර අනන්‍ය විශ්වාසය සහ ගෞරවය රැක ගැනීමට හේතුවනවාද එය තවදුරටත් ඇත් කිරීමට හේතුවනවාද යන්න කල්පනාවට ගැනීම යහපත් යැයි අපි සිතමු. මෙරට සුළුජාතීන් පීඩාවට පත්කරන බවට චෝදනා කරමින් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධානය අවි අමෝරාගෙන සිටින තත්ත්වයක් තුළ එවැනි තීන්දු ගැනීමෙන් සිදුවන්නේ එම මතය තවදුරටත් තහවුරු වීමක් බව අපගේ වැටහීමය.

(***)

 



අදහස් (8)

ජාත්‍යන්තර ගනුදෙනුවලදී සිත් රිදවීම්වලින් වළකිමු

සමිත සේනක අලුත්ගමගේ Wednesday, 03 February 2021 09:32 AM

අද ලොව කිසිම රටකට තනිව ජීවත්විය නොහැකිය. එයට හේතුව නම්, ලොව විශ්ව ගම්මානයක් හෙවත් globle village එකක් බවට පත්වී තිබේ. ජංගම දුරකතනයේ පටන් එහි සියළු දේ යොදාගන්නා අප සමහර දේ සඳහා අපගේ දැඩි අකමැත්ත පැවසේ. හරි වැරැද්ද පෙනෙනුයේ අපගේ දැමීමේ හා දැන උගත්කමේ හැටියටය. උදාහරණයකට, අපගේ දුම්රිය දෙපාර්තමේන්තුව ගතහොත්, ඊට යටවී තිබෙන ඉඩම් ප්‍රමාණය, අකාර්යක්ෂම සේවක මණ්ඩල ආදිය නිසා එයින් ඇතිවනුයේ අඩු ඵලදායීතාවකි. එහෙත්, එය විදෙස් සමාගමක් හා සම්බන්ධවී ලාබ ලබන අයුරින් සකස්කිරීම කරන්නේ නම්, රට හා ජනතාවට ප්‍රථිඵල ගෙන ආවත්, ජනතාව එක්වරම එයට විරුද්ධ වෙයි. ඉන්දියානු ගිලන්රථ සේවය පිහිටුවීමේදී එකල විපක්ෂ දේශපාලකයන් නොකීවේ නොකළේ මොනවාදැයි සිතා බැලීමෙන් ඔවුන් සැමගේ බොළඳ බුද්ධිය ගැන මොනවට පැහැදිලි වෙයි. අද එම ගිලන්රථ සේවාවෙන් වෙන අති මහත් සේවාව ඔවුන් අගයන්නේ නැත. රටක් දියුණු කිරීමට බොහෝවිට බාධා කරනුයේ දේශපාලන කුහකයන් හා ඒ ගැන හරි අවබෝධයක් නැත්තන් බව පෙනේ. සියල්ලන් කියනා අයුරින් නැටීමට සැරසෙනවා වෙනුවට රටත් බේරාගෙන වාණිජ අරමුණුත් දිනාගැනීමට රජයකට හැකිවිය යුතුය. ඒත්, එය මේ රජයට හකිවේ දැයි අපි නොදනිමු...

:       2       6

vinividaThursday, 04 February 2021 12:41 AM

ලංකාව දියුණු කිරීමට නම් ලංකාව ගෝලීය දේසපාලනය සහ ගෝලීය ආර්ථිකය සමග බද්දව කටයුතු කළයුතුවේ. එසේ කිරීමට නම් කුහක බොරු දේශප්‍රේමීත්වයෙන් මිදිය යුතුවේ. ගෝලීය දේශපාලනය සහ ගෝලීය ආර්ථිකය පිළිබඳව කිසියම් වූ දැනුමක් නොමැති දේශපාලන කණ්ඩායම් විසින් මේ වනවිට ලංකාව දේශපාලන, ආරක්ෂක මෙන්ම ආර්ථික අර්බුදයක් කරගෙන යමින් සිටියි. මෙය ඔවුන්ගේ නොදැනුවත්කම නිසා හෝ දේශපාලන අරමුණකින් ක්‍රියා කළද සමස්ත මිලියන 22ක ජනතාවගේ අනාගතය පමණක් නොව සමස්ත රටම විනාශයට ගෙන යන්නාවූ යුනියන් මාෆියා කණ්ඩායම්ද රටට වන විනාශයට වගකිව යුතුවේ. යුනියන් මාෆියා රටේ වරාය ඔවුන්ගේ පුද්ගලික බූදලයක් බවට මේ වනවිට පත්කොට ගෙන ඇත. එහි සේවය කරන්නේ රටේ දේශපාලන අධිකාරිය මෙන් පවුල් හිතවතුන් ඥාතීන් වේ.

:       0       0

ECT Wednesday, 03 February 2021 09:34 AM

අයිස් ගහන යූනියන් කාරයින් මහා වීරකමක් කළා කියලා හිතන් ඇති. නැගෙනහිර ජැටිය තව කාලෙකට ඔය තියන තැනින් අඟලක්වත් දියුණු වෙන්නේ නෑ... ඒ වෙනුවට බටහිර ජැටිය බලන් ඉද්දි දියුණු වෙයි. නැගෙනහිර ජැටියේ ඔය තියන කෑල්ල හදලා දැන් අවුරුදු 7කට වැඩියි. තාම ඒක හරියට ක්‍රියාත්මක කරගන්න බැරිවුණු වරාය කරයි ඕක... නිලධාරිවාදයයි, අයිස් ගහන්න බලන් ඉන්න... බත් පැකට් එකටත් වර්ජන කරන යූනියන් කාරයොයි එක්ක ඕක දියුණුම කරයි. බලාගෙන ඉන්න. කොළඹ වරාය තව දියුණු කරගන්න තිබුණු අගනා අවස්ථාවක් විනාශ කරගත්තේ... රැජිණ පාලම පෞද්ගලීකරණය කිරීමෙන් කොළඹ වරාය දියුණු වෙච්ච හැටි හොයලා බැලුවා නම් තේරෙයි මේ ගත්තේ මෝඩ තීරණයක් කියලා.. අපි බලන් ඉඳිමු...

:       4       8

RaveendraWednesday, 03 February 2021 10:25 AM

ඔබගේ අදහස් ඉතාමත්ම නිවැරදිය. වංක සේවකයින් සිටින කිසිඳු ආයතනයක් දියුණුවීමක් ගැන අප නම් කිසිදා අසා නැත. වංකව උපයාගන්න මුදල්වලින් තම අඹුදරුවන්ගේ කුසගිනි නිවීමත් මෙලොවදීම තමාට ප්‍රතිඵල ලබාගත හැකි "පව්කාරකමකි".

:       1       3

PrasadWednesday, 03 February 2021 01:53 PM

ඔබේ අදහස හරි.. ඒත් පොඩි අඩුපාඩුවක් තියෙනවා... රටක පාලකයින් සම්බන්ධයෙන්ද මෙය අදාළයි නේද?

:       0       2

Raveendra Wednesday, 03 February 2021 10:14 AM

රටේ පවතින යතාර්ථය පිළිබඳව සමබර විග්‍රහයක්. මෙම වෘත්තීය සමිති ජයග්‍රහණය පිළිබඳව අප තුළ නම් පවතින්නේ ඉතාමත්ම අපැහැදිලි අදහස්ය. මක්නිසාදයත් එකදු වෘත්තීය සමිතියක් ප්‍රසිද්ධියේ සඳහන් කර තිබේද "අප වෙහෙස මහන්සිවී" අපගේ නැගෙනහිර පර්යන්තය සංවර්ධනය කර රටේ දියුණුවට ඍජුවම දායකවන බවට? සේවකයන්ගේ අලස බව, සේවකයන්ගේ මන්දගාමී බව මගින් කෙසේ තම ආයතනය සංවර්ධනය කරන්නේද යන්න බාලාංශ දරුවෙකුට වුවද තේරෙන යථාර්තයකි. අප කිසිවිට රටේ සම්පත් විකුණා බඩගොස්තරය විතරක් ගැන පමණක් සිතමු යන්න කිසිවිට නොකියන්නෙමු. වංකව සේවය කර වංකව අතිකාල මුදල්, අර බටා, මේ බටා වංකව ලබාගෙන අපගේ දූ දරුවන්ගේ කුසගින්න නිවන්නේ නම් අප පව් කාරයින්ය. උපන් රටට ණය කාරයින්ය. අපගේ දරුවන්ටද කියා දෙන්නේ හොරකමින්ම ජිවත්වෙයන් දරුවනේ යන්න නොවේද? එල්ලෙන්න වැලේ වැල් නැති රතුහැට්ටකාරයින්ද මෙම සටනේදී දියව් දියව් කිව්වත් තමන් එම සේවකයින්ට කිසිදා කියා තිබේද තම සේවය නිසිලෙස ඉටුකරමින් තම අයිතිවාසිකම්, ආයතනය ආරක්ෂා කිරිම පිළිබඳව සටන්වලට පැමිණෙන ලෙස? පිළිතුර නැත.

:       1       3

නුවන් Wednesday, 03 February 2021 12:17 PM

ආයෝජනය යන්න විකිණීමක් නොවන බව දැනදැනත් ඔවුන් සියලුදෙනා කළේ ප්‍රශ්නය සංකීර්ණ කර ගැනීමක්. බොහෝ අයට අවබෝධ වී ඇති කල ක්‍රියාවේ තරම... එහෙත් බලය නැති අය කුහක සතුටක් ලබනවාත් ඇති...

:       2       3

එරා Wednesday, 03 February 2021 01:30 PM

පසුගිය රජය ගිවිසුම මගින් යෝජනා කලේ නැගෙනහිර පර්යන්තය පාලනයට පමණක් වෙනම සමාගමක් බිහි කිරීමටයි. නමුත් මේ රජය ආයොජනයක් කියා කො⁣ලේ වහමින් උත්සාහ කලේ 49% ක කොටස් විකිණීමටයි. එම නිසා පසුගිය රජය අත්සන් කළ ගිවිසුම අනුව කටයුතු කළා නම් මේ කිසි අවුලක් නැත. පසුගිය රජය සමග වූ ගිවිසුම ක්‍රියාත්මක කළා නම් ⁣නැගෙ⁣නහිර පර්යන්තයේ 1%ක් වත් කොටස් පිටරටට විකිණෙන්නේ නැත. කොමිස්වලට මෙ රජයේ බලධාරීන් යට වුණාදැයි සැක සහිතයි...

:       2       2

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

ජනපතිවරණ ඉතිහාසයේ එදා - අද වෙනස
2024 සැප්තැම්බර් මස 21 448 0

මීට පෙර ලිපියක අප සඳහන් කළ ආකාරයට අද පැවැත්වෙන ශ්‍රී ලංකාවේ නව වැනි ජනාධිපතිවරණය මෙතෙක් පැවැත්වුණු ජනාධිපතිවරණ අටටම වඩා කරුණු ගණනාවකින් වෙනස්ය.


විශ්ව ශක්තිය ගැබ්වූ නාලන්දා ගෙඩිගේ
2024 සැප්තැම්බර් මස 20 983 0

මාතලේ, නාලන්ද ගෙඩිගේ යනු මෙරට මධ්‍ය කේන්ද්‍රය ලෙස සලකනු ලබන ස්ථානයේ පිහිටි පෞරාණික මෙන්ම සුන්දර පරිසර පද්ධතියකින් හෙබි හරි අපූර්වතම ස්ථානකි. නාලන්ද


සඟසතු කළ මුල්ම වලව්වේ කතාව
2024 සැප්තැම්බර් මස 20 906 0

අඹගහපිටිය වලව්ව හෙවත් සහබන්ධු වලව්ව බලපිටිය මුදලි පෙළපතේ පැරැණිම වලව්වකි. විහාරස්ථානයට පූජා කළ ලංකාවේ මුල්ම වලව්ව ලෙස මෙය සැලකේ. උපසම්පදාව ජනසතු කරම


රටට හානිකර විධායක ජනපති ක්‍රමය
2024 සැප්තැම්බර් මස 20 161 0

නීතියේ ආධිපත්‍යය යනු සියලු‍‍ම පුද්ගලයන්, ආයතන සහ සංවිධාන නීතියට යටත් බවත් එහි නිර්දේශවලට වගකිව යුතු බවත් සහතික කරන මූලික මූලධර්මයකි. එසේම රටක් පාලනය ව


රටට අවශ්‍ය ව්‍යවස්ථා සංශෝධන
2024 සැප්තැම්බර් මස 19 104 1

නව වැනි විධායක ජනාධිපතිවරයා තෝරා පත්කර ගැනීම තව දින දෙකකින් සිදුවීමට නියමිත අතර පෙර පරිදිම මෙවර ජනාධිපතිවරණ තුළත් රටට ගැළපෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක


වික්ටෝරියා රැජිනගේ සංචාරක නිවහනේ ඓතිහාසික වෙන්දේසිය
2024 සැප්තැම්බර් මස 18 987 0

වික්ටෝරියා රැජිනගේ ප්‍රියතම සංචාරක නිවහන වූ ඉතාලියේ ‘‘පල්මියෙරි විලා” ඇමෙරිකානු ඩොලර් මිලියන 55 (ශ්‍රී ලංකා රුපියල් කෝටි 1660 ක් පමණ) ක මුදලකට විකිණීමට තී


වැඩි දෙනා කියවූ පුවත්




ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 16084 13


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 79 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 258 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 132 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site