ශ්‍රී ලංකාවට එරෙහි ජාත්‍යන්තර පරීක්ෂණය පැවැත්වීම සඳහා පත් කරන ලද ජාත්‍යන්තර පරීක්ෂණ කොමිසමේ සාමාජිකයන්ට රට අභ්‍යන්තරයට පැමිණීවීමට ඉඩ ලබා නොදෙන බව ආණ්ඩුව පවසයි. ජනාධිපතිවරයා පවසන්නේ ඒ සම්බන්ධ තීරණය ගැනීම සඳහා පාර්ලිමේන්තුවට අවස්ථාව ලබාදෙන බවයි. කෙසේ වෙතත් වැඩි ඉඩ තිබෙන්නේ එම කොමිසමේ සාමාජිකයන්ට රටට ඒමට ඉඩ නොදීමේ තීරණය බලගැන්වීමට බව පැහැදිලිවම පෙනෙන්නට තිබේ. එවැන්නක් සිදුවුවහොත් විය හැක්කේ කුමක් ද යන්න විමසමින් ජිනීවා නුවර හිටපු ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත ආචාර්ය දයාන් ජයතිලක මහතා සමග කළ කථාබහක සටහන මෙසේ ය.
ජාත්‍යන්තර පරීක්ෂණ කමිටුවට ලංකාවට එන්නට ඉඩදීම පිළිබඳව මත තුනක් තිබේ. ඉන් එක් මතයක් වන්නේ එයට ඉඩ දිය යුතු බවය. දෙවැන්න වන්නේ එම කමිටුවට ලංකාවට පැමිණීමට ඉඩ නොදිය යුතු බවය. තුන්වැනි මතය වන්නේ ජාත්‍යන්තර පරීක්ෂණ කණ්ඩායමට පැමිණීමට ඉඩ ලබා නොදිය යුතු අතර ඒ සමගම ලංකාණ්ඩුව විසින් කරනු ලැබ යුතු යම් යම් ප‍්‍රතිසංස්කරණ ඇති බවයි. එම තුන්වැනි මතය මගේ මතයයි.
මෙම පරීක්ෂණ කොමිසමට ලංකාවට පැමිණීමට ඉඩ ලබා දුනහොත් විශාල ප‍්‍රශ්නයක් ඇතිවීමට පුළුවන. එසේම එයට එන්නට ඉඩ ලබා නොදුන හොත් ද විශාල ප‍්‍රශ්නයක් ඇතිවිය හැකිය. ඊට හේතුව ලංකාවට නොපැමිණ ජාත්‍යන්තර මට්ටමින් අදාළ පරීක්ෂණය පැවැත්විය හැකි නිසාය. දැනටමත් අප දන්නා විදියට යුද්ධය පැවති සමයේ සහ ඉන් ඉක්බිතිව යුද අපරාධ සිදු වුණාය කියන චෝදනාව ලන්ඩන් නුවර පවත්වන ලද විශාල ජාත්‍යන්තර සමුළුවකදී ලංකාවට එරෙහිව එල්ල වී හමාරය. බි‍්‍රතාන්‍යයේ විදේශ ලේකම්වරයා වූ විලියම් හේග් මහතා පවා ඒ ගැන ලංකාවට චෝදනා එල්ල කර තිබේ. මෙම ජාත්‍යන්තර පරීක්ෂණ කොමිසම පිට රටවල සිටින ලාංකික සම්භවයක් සහිත පිරිස්වලින් ඊනියා සාක්ෂි ලබාගන්නවා ඇත. ඊට අමතරව නොයෙකුත් ආණ්ඩු සහ එක්සත් ජාතීන්ගේ නිලධාරීන් සතුව තිබෙන තොරතුරු මෙන්ම සැටලයිට් තොරතුරු ද ලබා ගැනීමට යුහුසුළු වනු ඇතැයි අපට අනුමාන කළ හැකිය. ගෙදර ගියොත් තෝ නසී මග හිටියොත් අඹු නසී වැනි තත්ත්වයකට අද ලංකාණ්ඩුව මුහුණ දී සිටියි.
මෙම ජාත්‍යන්තර පරීක්ෂණයම එදා 2009 දී නවි පිල්ලෙ මහත්මිය ක‍්‍රියාත්මක කරන්නට උත්සාහ ගත් නමුත් එවකදී ලංකාවට එම අභියෝගය සාර්ථකව පරාජය කිරීමට හැකි විණි. ඊළඟට අවුරුදු පහක් තිස්සේ ලංකාණ්ඩුව විසින් කළ නොකළ දේ නිසාය අද මෙලෙස මුළු රටම මේ තත්ත්වයට පත්ව තිබෙන්නේ. මේ සියල්ල සැලකිල්ලට ගත්විට අපට නිගමනය කළ හැක්කේ මෙයයි. එනම් මෙම පරීක්ෂණ කණ්ඩායමට ලංකාවට පැමිණීමට ඉඩ ලබා දුනහොත් ලංකාව ප‍්‍රතිපත්තිමය වශයෙන් බරපතළ වැරැද්දක් කරනවා ඇත. ලංකාවේ ස්වෛරීභාවය පසාරුකරගෙන යන අන්දමට ලංකාවේ ත‍්‍රිවිධ හමුදාව සහ හැම සටන් බිමක්ම හාරා අවුස්සන තත්ත්වයට අප විසින්ම පසුබිම සකස් කරනු ලබනවා ඇත. එබැවින් පැහැදිලිවම එවැන්නක් නොකළ යුතුව තිබේ. නමුත් එයින් පමණක් සෑහීමකට පත් විය නොහැකිය.
මේ ජාත්‍යන්තර පරීක්ෂණය එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ ඡුන්දයකින් සම්මත වූ යෝජනාවකි. එය පරාජය කිරීමට තිබෙන එකම අවස්ථාව වන්නේ තවත් ඡුන්දයකදී බහුතර ඡුන්දයකින් මෙම වරම ඉරා දැමීමයි. එසේ කිරීමට නම් කවුන්සිලයේ බහුතර රටවල් ප‍්‍රමාණයක සහයෝගය දිනා ගැනීමට ලංකාණ්ඩුව සමත් විය යුතුය. එවැනි දෙයක් කිරීමට නම්, සමස්ත ආසියාවෙත්, තුන්වැනි ලෝකයේ රටවලත් පුළුල් එක්සත් පෙරමුණක් යළිත් වතාවක් 2009 වසරේ මැයි මාසයේ මෙන් ඉදිකිරීමට අවශ්‍යය. නමුත් එය කිරීමට කිසිලෙසකිනිදු නොහැකි වන්නේ ඉන්දියානු සහයෝගය දිනා ගැනීමට ලංකාණ්ඩුව අසමත් වී ඇති බැවිනි. මෝදි අගමැතිතුමාගේ ආගමනයෙන් එවැනි අවස්ථාවක් යළිත් උදාවී තිබේ. නමුත් මෝදි මහතා පැහැදිලිව මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාට පවසා ඇති පරිදි ඉන්දියාවේ සහයෝගය ලබා ගැනීමට නම් ගෙවිය යුතු අවම දේශපාලන මිලක් ඇත. එනම්, දහතුන්වැනි සංශෝධනය පරිපූර්ණ වශයෙන් සහ යුහුසුළුව ක‍්‍රියාත්මක කිරීමත්, ඉන් ඔබ්බට යෑම සඳහා සාකච්ඡා කිරීම සඳහාත්ය. එම අවම දේශපාලන මිල ගෙවන්නට කැමති නැත්නම් ඉන්දියාවේ සහයෝගය යළිත් ලබාගැනීමට ලංකාවට හැකිවන්නේ නැත. එසේ කිරීමට නොහැකි වේනම් මේ භයානක ජාත්‍යන්තර පරීක්ෂණය නොපිට පෙරළීමට නැත්නම් අවම වශයෙන් ත‍්‍රිවිධ හමුදාව සහ ලංකාව එයින් ආරක්ෂා කර ගැනීමට ආණ්ඩුවට හැකිවන්නේ නැත.
කළ යුතුව තිබෙන්නේ යළිත් වතාවක් ඉන්දියාව සමග එක මතයකට පැමිණ ශක්තිමත් සන්ධානයකින් දකුණු ආසියාවේ සහ ආසියාවේ සහයෝගය ලංකාව වටා ගොතා තුන්වැනි ලෝකයේ සහයෝගය ලංකාවේ ආරක්ෂක පවුරක් බවට පත්කර ඒ ජාත්‍යන්තර පරීක්ෂණය පරාජය කිරීමය.
පාස්කු ඉරිදා සංහාරයට අදට වසර හයකි. මෙම ප්‍රහාරය පිරිමින්, කාන්තාවන් සහ ළමුන් ඇතුළු ජීවිත 269 ක් බිලිගත් ඛේදවාචකයක් වන අතර, එම අවස්ථාව වන විට ඔවුන්ගෙන් බොහ
පාස්කු ඉරිදා ඛේදජනක ප්‍රහාරයට වසර හයක් ළඟා වන අවස්ථාවේදී, ශ්‍රී ලංකාව තවමත් පැටළී සිටින්නේ පිළිතුරු නොලැබෙන ප්‍රශ්න, ප්‍රමාද වූ නඩු පැවරීම්, දේශපාලන ම
ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සියලු රටවලට අප්‍රේල් 05 වැනි දා සිට බලපාන ලෙස ඔවුන්ගේ ආනයන තීරු බදු සියයට 10 දක්වා ඉහළ දැමීමේ නිල විධානයකට මෙම අප්‍රේල් 02 වන දි
කොළඹ මධ්‍යම බස් නැවතුම්පොළේ බෝධිය ආසන්නයේ නවතා තිබූ කාර් රථයක අටවන ලද අධිබලැති බෝම්බයක් පුපුරා ගියේ 1987 වසරේ අප්‍රේල් මස 21 වැනිදා සවස් යාමයේය.
ට්‍රම්ප්ගේ වෙෙළඳ කම්පනය ගෝලීය පිළිවෙලට දැවැන්ත පහරකි. එය නියෝජනය කරන්නේ 1970 ගණන්වලදී බ්‍රෙට්න්වුඩ්ස් ක්‍රමය අවසන් වීමෙන් පසු ඇති වූ විශාලතම බිඳවැටීමය
ශ්රී සුගත තථාගත සම්මා සම්බුදු රජාණන් වහන්සේ පන්සාළිස් වසරක් මුළුල්ලේ දේශනා කොට වදාළ ස්වාසුදහසක් ශ්‍රී ධර්මස්කන්ධයේ පහස ලැබුවුවා වූ පරම පූජනීය අතිඋ
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ජාත්‍යන්තර පරීක්ෂණයට බෑ කීවොත් සිදුවෙන්නේ කුමක්ද?
සිංහ Friday, 20 June 2014 10:36 AM
සියළු පක්ෂ සමග සාකච්චා කළා නම් හොඳයි නේද? (නදී)
හරීන්ද්‍ර ශූරිය Tuesday, 24 June 2014 12:08 PM
මම හිතන්නේ දයාන් ජයතිලක මහත්මයා කියන දෙය හරි කියලා. ඉන්දියාව ලන්කරගන්නේ නැතිව මොකුත් කරන්න බැහැ. හැබැයි අපි දැන් ඈතට ගිහින් ඒ අවස්ථාවෙන්. (නදී)
රොෂාන් Monday, 23 June 2014 11:21 AM
ඉතා වටිනා ලිපියක්. හැබැයි මෙතුමා නරේන්ද්‍ර මෝඩි භීතිතාවෙන් පෙළෙනවා. (නදී)
නලින් Thursday, 19 June 2014 01:25 PM
ලංකාවට විතරක් ඈයි මේ අරියාදු. ලංකාව ඈර අනිත් සියලුම රටවල් පාරිශුද්ද ද ? විශේෂයෙන් බටහිර රටවල්? (නදී)
ඉසුරන්දි Monday, 23 June 2014 01:36 PM
මේ අවස්ථාවේදී තමයි සියලුම රටවැසියන් ඒකමතිකව තීරණයකට එලඹිය යුත්තේ. නැතුව තම තමන්ගේ දේශපාලන වාසි වෙනුවෙන් නෙමෙයි තීන්දු තීරණ ගත යුත්තේ.(නදී)
සම්පත් Wednesday, 18 June 2014 04:49 PM
අපිත් බලාසිටින්නේ වෙන්නේ මොකක්ද කියලා තමයි (නි)