IMG-LOGO

2025 අප්‍රේල් මස 19 වන සෙනසුරාදා


ජාත්‍යන්තරයේ දෙබිඩි පිළිවෙත්


එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ ශ්‍රී ලංකාවට එරෙහි යෝජනාව මේ දිනවල සාකච්ඡා වෙමින් තිබේ. එම යෝජනාව ගෙන ඒමට පිඹුරුපත් සැකසූ කණ්ඩායම වෙනුවෙන් එය ජිනීවාහි මානව හිමිකම් කාර්යාලයට බාර දෙනු ලැබුවේ මහා බ්‍රිතාන්‍යය මගිනි. පසුගිය සතිය අවසාන වනවිට රටවල් 40කට අධික සංඛ්‍යාවක විදේශ අමාත්‍යවරුන් සහ නියෝජිතයන් අදාළ යෝජනාව සම්බන්ධයෙන් තම රට රාජ්‍යවල ස්ථාවරය පැහැදිලි කර තිබිණි. එම යෝජනාව ඡන්දය විමසීමකට යොමුකරනු ඇතිදැයි ඉදිරි දිනවල දී තීරණය වීමට නියමිතය.

අදාළ යෝජනාවට පදනම් කරගෙන තිබෙන්නේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස්වරිය වන මිෂෙල් බැචලේ විසින් සම්පාදනය කරන ලද වාර්තාවයි. මේ වාර්තාවේ අන්තර්ගතය සහ ඊට අනුකූලව ගනු ලැබීමට යෝජිත පියවර පිළිබඳව කල්තබාම බැචලේ අනතුරු ඇඟවීමක් කර තිබිණි. එම වාර්තාවේ ශ්‍රී ලංකාවේ යුද්ධය හා සම්බන්ධ මානව හිමිකම් කඩ කිරීම්වලට වගවිය යුතු නිලධාරීන්ට එරෙහිව ගනු ලැබීමට අපේක්ෂිත පියවර අතර සංචාරක සම්බාධක පැනවීම් සහ දේපළ තහනම් පිළිබඳව ද සඳහන් විය. කෙසේ වුවද ශ්‍රී ලංකාවට එරෙහිව මේ ආකාරයට තම ඇඟිල්ල ඔසවන මහා බ්‍රිතාන්‍යයත් අමෙරිකාවත් තමන්ගේ රටවල් වෙනුවෙන් නීති විරෝධී යුද ගැටුම්වලට යොමු කෙරුණු සොල්දාදුවන්ගේත් නිලධාරීන්ගේත් ආරක්ෂාව සඳහා කටයුතු කර ඇත්තේ මීට වඩා හාත්පසින්ම වෙනස් ආකාරයකට බව ප්‍රසිද්ධ රහසකි.

ශ්‍රී ලංකාවේ ස්ථාවරය පැහැදිලි කරමින් විදේශ ඇමති දිනේෂ්  ගුණවර්ධන මහතා විසින් කරනලද කරුණු ඉදිරිපත් කිරීමේදී මේ කාරණා කෙරෙහි අවධානය යොමුකර තිබිණි. කෙසේ වුවද මානව හිමිකම් කොමසාරිස්වරිය සිය වාර්තාව සැකසීමේ දී ඒක පාර්ශ්වීය වශයෙන් රැස් කරගත් කරුණු කෙරෙහි වැඩි අවධානයක් යොමුකර ඇති බව හොඳින්ම පෙන්වා දෙන උදාහරණ දෙකක් තිබේ. යුද්ධය අවසන් කාලයේ දී කොළඹ බ්‍රිතාන්‍ය මහා කොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක තොරතුරු නිලධාරියා සපයා තිබූ වාර්තාව ඉන් එකකි. ලු‍තිනන් ඇන්තනී ගේෂ් නම් එම නිලධාරියාගේ වාර්තාව අනුව 2009 ජනවාරි 01 සිට මැයි මාසය දක්වා කොටින්ද ඇතුළුව මියගිය පිරිස 7000කට අඩු බව තහවුරු කර තිබිණි. එසේ වුවද ඒ කාලයේ සිටි එක්සත් ජාතීන්ගේ මහා ලේකම් බන් කී මූන් එවකට සකසා තිබූ වාර්තාවේ සඳහන් වන්නේ අදාළ කාලය තුළ සිවිල් වැසියන් ඇතුළු 40000 කට අධික පිරිසක් මියගොස් ඇති බවය. එහෙත් එවකට කොළඹ සිටි ඇමෙරිකානු තානාපති කාර්යාල ආරක්ෂක තොරතුරු නිලධාරියා වූ ලු‍තිනන් කර්නල් ලොරන්ස් ස්මිත් ද තම වාර්තාවේ සඳහන් කර ඇත්තේ මරණ සංඛ්‍යාව 7000ක් බවය. මේ සංඛ්‍යා ලේඛන පරස්පරයෙන් පෙන්නුම් කරන්නේ ශ්‍රී ලංකාවට එරෙහිව මානව හිමිකම් කොමසාරිස් කාර්යාලය වෙනම හඬකින් කතා කිරීම හැර වෙන කුමක්ද?

අද ශ්‍රී ලංකාවට එරෙහිව මානවහිමිකම් කඩකළ බවට චෝදනා එල්ල කරන මහා බ්‍රිතාන්‍යයත් අමෙරිකාවත් ඉරාක ආක්‍රමණයේ දී තමන්ගේ රටවල හමුදා නිලධාරීන් අතින් සිදු වූ දරුණු ගණයේ මානව හිමිකම් කඩවීමේ චෝදනාවලින් ඔවුන් ගලවා ගැනීම සඳහා මේ වනවිට තමන්ගේ රටවල විශේෂ නීති රීති පවා සම්පාදනය කරගෙන තිබේ. ඉරාකය ආක්‍රමණය කරමින් සිදුකළේ නීති විරෝධී යුද්ධයක් බවට සුප්‍රකට චිල්කොට් වාර්තාවෙන් හෙළි කිරීමෙන් පසුව මහා බ්‍රිතාන්‍යය කළේ එම වාර්තාව මානව හිමිකම් කොමිසමට යොමුකිරීම නොවේ. තම හමුදා නිලධාරීන් ගලවා ගැනීම සඳහා අණ පනත් සම්මත කරගැනීමය. තම රටේ කිසිම හමුදා නිලධාරියකු අධිකරණය ඉදිරියට පැමිණ වීමට ඉඩ නොතබන බවට එරට අගමැතිවරුන් වරින්වර ප්‍රකාශ කළේ ඒ අනුව යමිනි. ඔවුන්ගේ ප්‍රකාශවලින් පසුව ජාත්‍යන්තර අපරාධ අධිකරණය ද පසුගියදා ප්‍රකාශ කර තිබුණේ බ්‍රිතාන්‍ය සොල්දාදුවන්ට එරෙහිව කිසිදු පියවරක් නොගන්නා බවය. එහෙත් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් මිෂෙල් බැචලේගේ වාර්තාවේ එක් නිර්දේශයක් වන්නේ ශ්‍රී ලංකාවේ යුද අපරාධ චෝදනාවලට ලක්වූ නිලධාරීන් ජාත්‍යන්තර අපරාධ අධිකරණය ඉදිරියට පැමිණ විය යුතු බවය. මෙය රාජ්‍ය තාන්ත්‍රික මූලධර්ම පවා අමු අමුවේ උල්ලංඝනය කරන අසාධාරණ සහ අයුක්ති සහගත දෙබිඩි ප්‍රතිපත්තියක් බව පුන පුනා කිව යුතු නොවේ.

මානව හිමිකම් කොමසාරිස්වරියගේ වාර්තාව පදනම් කර ගනිමින් ඉදිරිපත් වන අවසන් සංශෝධිත යෝජනාවට ඇතුළත් වන කරුණු මොනවාදැයි තවම තහවුරු වී නැත. එහෙත් ජාත්‍යන්තර භූ දේශපාලනික අවශ්‍යතා වෙනුවෙන් ඇමෙරිකාව මහා බ්‍රිතාන්‍යය ඇතුළු බලවත් රටවල් දෙබිඩි රංගනයක යෙදී සිටින බව ශ්‍රී ලංකාවට එරෙහිව කටයුතු කරන ආකාරයෙන් පැහැදිලි වෙයි. එවැනි ප්‍රතිපත්තියක සිටිමින් ජාත්‍යන්තර ත්‍රස්තවාදයට එරෙහිව සිදු කරන අරගලවල දී තමන් ද සහාය දක්වන බවට බලවත් රටවල් කරන ප්‍රකාශ මහා විහිළුවකි. ලොව භයානකම ත්‍රස්තවාදය අවසන් කළ ශ්‍රී ලංකාවේ හමුදාවලට එරෙහිව චෝදනා නැගීමත් මහා බ්‍රිතාන්‍යය ඇතුළු බලවත් රටවල් එවැනි චෝදනා එල්ල වූ තම හමුදා බේරා ගැනීමට නොපැකිලිව ඉදිරිපත් වීමත් පෙන්වාදී ඇත්තේ එම කටුක යථාර්ථයයි.

(***)



අදහස් (11)

ජාත්‍යන්තරයේ දෙබිඩි පිළිවෙත්

SUNILEVER MILANO Thursday, 04 March 2021 09:12 AM

ජෙප්පන්ද? සමගි ජන බලවේගයේ පුතාණෝගේ පක්ෂයද? උත්තර බඳින්නේ නැත.

:       16       12

නුවන් Thursday, 04 March 2021 10:46 AM

මහා බලවතුන් කළ යුද්ධ කිසිවක් මෙතෙක් නිමාවී නැත. ඉරාකයේද, ඇෆ්ගනිස්තානයේ ද, සිරියාවේ ද ඇති කළ මෑතකාලීන යුද්ධ හොඳම උදාහරණයන්ය. ඒවායින් පරාජය ලැබුවේ ද, හෙම්බත් වූයේ ද එම මහා බලවතුන්මය.. එනයින් බලන කළ අප රටේ කොටි සංවිධානය යුදමය වශයෙන් පරාජය කිරීම ඔවුන්ට දරා ගැන්මට නොහැකිය. අපේම යුද විරුවන් පාවා දීම පසුගිය රජය නොකර තිබුණා නම් තත්වයෙන් මෙතරම් අමාරු නොවන්නට ඉඩ තිබුණා. පලිගැන්මට යොදනා කාලය යෙදවිය යුත්තේ සංහිඳියාව ඇති කිරීමටය.

:       8       20

සමන්ත Friday, 05 March 2021 06:49 AM

මේ කියන්නෙත් බොරුනේ. එක්කෝ ඇත්ත දැනගෙන වහන්න බොරු හදනවා. නැත්නම් ජනතාව නොමග යවන්න බොරු දැනගෙන කියනවා. අැත්ත තමයි මේ ජිනීවා වැඩේ කරගෙන ආවේ මහින්ද ජනාධිපති වෙලා ඉන්න කාලේ කියන එක. 2009 දී බෑන් කී මූන් මහා ලේකම් සමග වගවීම සහ යුද අපරාධ පසිඳලීම සඳහා මහින්ද ගිවිසුමක් ගැහුවා. ඒ ගිවිසුම නිසා රට ජාත්‍යන්තර යුද අධිකරණයට යන පාර විවෘත වුණා. යහපාලන රජය කාලේ ඒ ගින්න සමනය කරලා අර විදුලි පුටුවට යනෝ කියමින් කෑ කෝ ගහපු රාජපක්ෂලාව බේරගත්ත එක. හොඳයි එහෙම නෙමේද වුනේ? නිකම් බොරු කියලා, නයි නටවලා බලය ගත්තා වගේ රටක් කරන්න බැරි බව මුන්දැලාට දැන්වත් තේරෙන්න ඕනේ.

:       3       5

අමල්Friday, 05 March 2021 09:04 AM

බොරුවෙන් වැසූ යතාර්ථය...

:       1       4

සමන්ත Thursday, 04 March 2021 11:37 AM

ඇයි මේ බොරු ජනගත කරන්න හදන්නේ? එහෙම ඔය කියන විදිහේ දෙබිඩි පිළිවෙතක් නෑනේ..! ඇත්ත කතන්දරේ තමයි ඒ අදාල රට වැරදි කරපු මිනිස්සුන්ට දඬුවම් ලබාදීමට අපොහොසත් නම්, ජාත්‍යන්තර සමාජයට ඒ සඳහා මැදිහත් වෙන්න අයිතියක් තියෙනවා. නැත්නම් ස්වභාවධර්මය පවා කිපෙනවා. බොරු තර්ක වලින් යුක්තිය යටපත් කරන්න බෑ. එය රටේ ඉදිරි ගමනට බාධාවක්. අනික මිෂෙල් බැචලේ කියන්නේ මේ දිනේෂ් ගුණවර්ධන කියන තාලේ චරිතයක් නෙමේ. සැල්වදෝර් අයන් දේ වගේ ප්‍රගතිශීලී පාලකයෝ හිටපු රටක් වන චිලීයේ දෙසැරයක්ම හිටපු ජනාධිපති... අපි අපේ රටට ආදරෙයි නම් රැකගත යුත්තේ රට මිසක් අපරාධකරුවන් නොවේ. යුද්ධය සහ අපරාධ යනු එකක් නොවේ දෙකකි...

:       30       15

NuwanFriday, 05 March 2021 09:27 AM

සහතික ඇත්ත. ගමේ මරණාධාර සමිතියක ඉන්නවා නම් අපිත් සමිතියේ සාමාජිකයන්ගේ මළගෙවල් වලට උදව් කරන්න බැඳිලා ඉන්නවා. එහෙම බැරි නම් ඒකෙන් අස්වෙන්න ඕනෑ. නමුත් කන්නෙත් ණයට නම් එහෙම කරන්න හයියක් නැතිනම් සාධාරණ විදිහට නීත්‍යානුකූලව වත් ජීවත් වෙන්න ඕනෑ.

:       1       1

Dhammika perera Thursday, 04 March 2021 04:16 PM

මොකක්ද මේ ලංකාවට විරුද්ධව මානව හිමිකම් කවුන්සිලය ක්‍රියාත්මක වෙනවා කියන්නේ?

:       1       3

chandima Thursday, 04 March 2021 05:57 PM

එක්සත් ජාතීන්ගේ සංවිධානෙට කවුද ජාත්‍යන්තරේ කියන්නේ..? ඒක බළල් අතක්නේ..

:       2       2

69lakshaya Thursday, 04 March 2021 06:06 PM

කිසිම ප්‍රශ්නයක් නැහැ. අපේ නායකතුමන්ලා විදුලි පුටුවට වුණත් රට වෙනුවෙන් වුණත් යනවා කියලා තියෙන්නේ.

:       3       1

Deepal Nirosh Monday, 08 March 2021 05:19 AM

යුද ජයග්‍රහණය පිළිබඳ නොමැකෙන වෛරයකින් පසුවන බටහිර රටවල් අප රටට එරෙහිව අඛණ්ඩව ගෙන එන යෝජනාවලියක් මේක... අප කළ යුත්තේ මේ තත්ත්වයට මුහුණදීමට සුදුසු යාන්ත්‍රණයක් සකසා ගැනීමයි.

:       0       0

Rata Perata Monday, 08 March 2021 07:36 AM

අපේ රටට වින කරන පාලකයන්ගේ දෙබඩි පිළිවෙත ගැන කතා කරන්න කවුරුවත් නැහැ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

විශේෂාංග

ශ්‍රී ලංකාව ගෝලීය වෙළෙඳ කම්පනය
2025 අප්‍රේල් මස 18 103 0

ට්‍රම්ප්ගේ වෙෙළඳ කම්පනය ගෝලීය පිළිවෙලට දැවැන්ත පහරකි. එය නියෝජනය කරන්නේ 1970 ගණන්වලදී බ්‍රෙට්න්වුඩ්ස් ක්‍රමය අවසන් වීමෙන් පසු ඇති වූ විශාලතම බිඳවැටීමය


දළදා වහන්සේ සියැසින් දැකගැනීමේ ආනිශංසය
2025 අප්‍රේල් මස 18 374 0

ශ්‍රී සුගත තථාගත සම්මා සම්බුදු රජාණන් වහන්සේ පන්සාළිස් වසරක් මුළුල්ලේ දේශනා කොට වදාළ ස්වාසුදහසක් ශ්‍රී ධර්මස්කන්ධයේ පහස ලැබුවුවා වූ පරම පූජනීය අතිඋ


මාගේ දෙවියනි ඔබ මා අත්හැරියේ මක්නිසාද?
2025 අප්‍රේල් මස 18 117 0

ක්‍රිස්තුන් වහන්සේගේ මුළු මහත් මෙලෝ දිවිය, මනුෂ්‍ය පුත්‍රයකු සේ අත් විඳි ජීවිතය හමාර වන හෝරාව ක්‍රමිකව පැමිණෙමින් තිබේ. කල්වාරිය මත සිදුවෙමින් පැවති


භාරත ආසියා මොඩලය
2025 අප්‍රේල් මස 18 115 0

සිංහල හා හින්දු අලුත් අවුරුදු උණුසුම තවමත් පහව ගොස් නැත. කුමන ආර්ථික ගැටලුකාරිත්වයක් තිබුණත් අපේ රටේ ජනතාව අලුත් අවුරුද්දට සූදානම් වූයේ ඒ සියලු අගහිඟ


ගොවියා රවටන පාරිභෝගිකයා සනසන ස්වයංපෝෂිත කිරි නාඩගම
2025 අප්‍රේල් මස 17 285 0

ලෝකයේ ඉතාම ජනප්‍රිය එසේම පෝෂණීය පානයක් වන්නේ දියර කිරිය. එය ජනප්‍රිය වීමට හේතුව වන්නේ එහි ඇති පෝෂණීය ගුණය සහ විශ්වාසවන්ත භාවය නිසාය. එහෙත් ශ්‍රී ලංකාව


පම්බන් පාලම ඉන්දු-ලංකා යාකරන මුහුදු මාවතේ ඇරැඹුමද?
2025 අප්‍රේල් මස 17 545 0

ශ්‍රී ලංකාවට පැමිණි ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා එම නිල සංචාරය නිමකර අනුරාධපුර ගුවන්තොටුපොළෙන් ඉන්දියාව බලා පිටත්ව ගියේ තවත් සුවිශේෂ කටයුත්තක


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 101 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 224 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 392 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site