IMG-LOGO

2024 සැප්තැම්බර් මස 27 වන සිකුරාදා


ජන අභිලාෂය වැඩද? කතාවද?

ජනාධිපතිවරණය ළඟදී පැවැත්වෙන බැවින් වෘත්තීය සමිති ඇතුළු සමහර සංවිධාන සිතන්නේ වර්ජන සහ උද්ඝෝෂණ පැවැත්වීමෙන් තමන්ට ඕනෑම දෙයක් රජයෙන් දිනාගත හැකිය යන්නයි. වෛද්‍යවරුන් රට හැර යාම වැළැක්වීම සඳහා ආණ්ඩුව ඔවුන්ට මාසිකව රුපියල් 35,000ක දීමනාවක් ලබා දුන්නේය. දැන් සෞඛ්‍ය සේවාවේ අනෙකුත් සියලු‍ම සේවකයන්ට ද වෛද්‍යවරුන්ට ලබා දුන් දීමනාව ඉල්ලා වර්ජනයක් ආරම්භ කර තිබේ.

රට හැර යන බවට පසුගියදා චෝදනාවට ලක්වූ තවත් පිරිසක් වූවෝ විශ්වවිද්‍යාල ආචාර්යවරුය. එම ආචාර්යවරුන්ට ලබා දෙන අධ්‍යයන දීමනාව වැඩි කිරීමට රජය කටයුතු කළේය. දැන් එම දීමනාව ඉල්ලා විශ්වවිද්‍යාල පරිපාලන නිලධාරීන් ද, අනධ්‍යයන සේවකයන් ද වැඩ වර්ජනයක් ආරම්භ කර ඇත.

ශ්‍රී ලංකාව පුදුම රටකි. වෛද්‍යවරුන්ට ලබා දෙන දීමනාව සුළු සේවකයන්ට ද ලබා දිය යුතුව ඇත. ආචාර්ය මහාචාර්යවරුන්ට වැඩි කළ වැටුප් එහි උද්‍යාන සේවකයාට ද ලබා දිය යුතුව ඇත. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැහැදිලිව ප්‍රකාශ කළේ මෙම වර්ෂය තුළ රජයේ සේවකයන්ගේ වැටුප් තවදුරටත් වැඩි කිරීම සඳහා හැකියාවක් නැති බවයි. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හැමදාම ප්‍රකාශ කළේ ජනතාවට රටේ සැබෑ තත්වය පෙන්වා දිය යුතුව ඇති බවයි. වර්ජනය කරන තරමටම සේවකයන්ගේ වැටුප් වැඩි කිරීම සඳහා ශක්තියක් රජයේ භාණ්ඩාගාරයට නැත. මේ වසර තුළ සියලු‍ම රජයේ සේවකයන්ට රුපියල් 10,000කින් පඩි වැඩි කරනු ලැබීය. එසේ තිබියදී රජයේ සේවකයන්ට තව තවත් දීමනා වැඩි කරන ලෙස ඉල්ලා සිටීම කෙතරම් සාධාරණ ද, එවැනි දීමනා ලබා දීම කෙසේ නම් කෙළවර කළ හැකිද යන කාරණය ගැනද සිතා බැලිය යුතුව ඇත.

ඒ අතරම, සමහර දේශපාලන පක්ෂ ජනාධිපතිවරණයේදී තමන්ට බලාපොරොත්තු වූ ආකාරයට ඡන්දය නොලැබෙන බව දැන ගැනීමෙන් පසු දැන් රට අවුල් කිරීමේ කුමන්ත්‍රණයකට අර අදින බවක් ද පෙනී යයි. සෑම අංශයකම වැටුප් වැඩි කිරීම වැනි ප්‍රශ්න මතු කර වැඩ වර්ජනය කිරීමට පොළඹවා, ඒ තුළින් රජයේ පාලනය දුර්වල වී ඇතැයි මහජනතාව තුළ මතයක් ඇති කිරීම මෙම දේශපාලන පක්ෂවල උත්සාහය වී ඇති බව පෙනේ. ආණ්ඩුව ආර්ථික අර්බුදය හැකි සෑම ආකාරයකින්ම කළමනාකරණය කරගෙන රට තුළ ජන ජීවිතය සාමාන්‍ය තත්වයකට පත් කිරීමට උත්සාහ දරද්දී මෙම දේශපාලන පක්ෂවල අභිප්‍රාය වී ඇත්තේ වෘත්තීය ක්‍රියාමාර්ග ඔස්සේ ජනතාව පීඩනයට පත්කර, ඒ තුළින් දේශපාලන වාසි ලබා ගැනීම බව පෙනේ.

එසේ වුව ද, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා රජයේ වැටුප් වැඩි කළ හැකි ආකාරය පිළිබඳව පසුගියදා ඉතා පැහැදිලි අදහසක් ඉදිරිපත් කළේය. ඒ, මැයි 12 වැනිදා අරලියගහ මන්දිරයේදී පැවැති ජාත්‍යන්තර හෙද දින සැමරුම් උත්සවය සහ ශ්‍රී ලංකා හෙද විශ්වවිද්‍යාලය ආරම්භ කිරීමේ උත්සවය අමතමිනි. එහිදී ජනාධිපතිවරයා ප්‍රකාශ කර සිටියේ, 2024 වර්ෂයේදී රටේ ආර්ථිකය සියට 3 කින් පමණ වර්ධනය වනු ඇති බවත්, එම වර්ධනයත් සමග රාජ්‍ය සේවකයන්ගේ වැටුප් වැඩි කිරීමට හැකියාව සහ අවස්ථාවක් ලැබෙන බවත්ය.

රජය විසින් මේ දක්වා අනුගමනය කරන ලද ආර්ථික ප්‍රතිපත්තිය හේතුවෙන් රටේ ආර්ථිකය නිවැරැදිව කළමනාකරණය කරගැනීමට හැකි වී තිබේ. 2019 සිට ගත වූ වසර පහ තුළ රටේ ආර්ථිකයේ වර්ධනයක් සිදු වූයේ 2021 වර්ෂයේදී පමණි. අනෙක් වසර හතරේදීම ආර්ථික වර්ධනය ඍණ මට්ටමක පැවැති අතර, නිදහසින් පසු ශ්‍රී ලංකා ඉතිහාසයේ ඒ ආකාරයට දිගු කලක් ආර්ථිකය සංකෝචනය වූ ප්‍රථම අවස්ථාව ලෙස ද මෙය හැඳින්විය හැක. එසේ වුව ද, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඇතුළු තවත් ජාත්‍යන්තර සංවිධාන විසින් පුරෝකථනය කර ඇත්තේ, 2024 වර්ෂයේදී ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනයක් සිදු වන බවයි.

පෙරදී මෙන් හිතුමතේ රාජ්‍ය සේවකයන්ගේ වැටුප් වැඩි කිරීමේ හැකියාවක් නොමැති බව පෙන්වා දුන් ජනාධිපතිවරයා, එයට හේතු ද විස්තර කළේය. විස්තීරණ ණය මුදල් නැති වූ විට රජයට මුදල් අච්චු ගැසීමට දැන් පුළුවන්කමක් නැත. එසේම, රජයේ බැංකුවලින් මුදල් ණයට ගෙන ඒවා සිතූ පරිදි වියදම් කිරීමේ හැකියාවක් ද නැත. එවැනි තත්වයක් තුළ රජයට කළ හැක්කේ රටේ ආර්ථික වර්ධනයක් ඇති කර වැඩි වන ආදායමෙන් වියදම ද වැඩි වන ආකාරයට කටයුතු කිරීමයි. එසේ නොකර මුදල් සැපැයීම වැඩි කිරීමේ හැකියාවක් රජයට නැත.

රටේ ආර්ථිකයේ ශීඝ්‍ර දියුණුවක් ඇති කරගත යුතුය. ඒ අතරම, අප විදේශවලට යවන අපනයන ප්‍රමාණය විශාල ලෙස වැඩි කරගත හැකි ආකාරයේ අපනයන ආර්ථිකයක් වෙත ද අප ගමන් කළ යුතුව ඇත. ආර්ථික ස්ථාවරභාවය ඇති කිරීමට මෙන්ම ආයෝජකයා සහ පාරිභෝගිකයා ද සුරක්ෂිත තත්වයකට පත්කිරීම සඳහා ද අවශ්‍ය නීති රීති රජය විසින් සම්මත කරගත යුතුව ඇත. එමගින් ස්ථාවර ආර්ථිකයක් ඇති කිරීමට ද, දේශපාලන වෙනස්කම් හේතුවෙන් වහා වෙනස් වන ආකාරයෙන් ආර්ථික කටයුතු වෙනස් වීම්වලට ලක්වීම වැළැක්වීමට ද ඉඩ ලැබෙනු ඇත. හොඳම උදාහරණය, ජපන් ආධාර මත ගොඩනැගීමට ගිය කොළඹ සැහැල්ලු‍ දුම්රිය මාර්ග ව්‍යාපෘතියයි. ආණ්ඩු දෙකක් අතර ආර්ථික සහයෝගිතා ගිවිසුම් මත ආරම්භ කරන ලද එම දුම්රිය ව්‍යාපෘතිය රජය වෙනස් වීමත් සමග නවතා දමනු ලැබීය. එක අතකින් ඒ හේතුවෙන් රටට ඉතා වැදගත් ආර්ථික සංවර්ධන ව්‍යාපෘතියක් නැතිව ගිය අතර, අනෙක් අතින් ව්‍යාපෘතිය අවලංගු කිරීම හේතුවෙන් අතිවිශාල වන්දි මුදලක් ජපානයට ගෙවීමට ද ශ්‍රී ලංකාවට සිදුව ඇත. දේශපාලන වෙනස්කම් සමග ඇති වන විධිමත් නොවන ආකාරයේ තීන්දු හේතුවෙන් රටට මුහුණ දීමට සිදු වන බරපතළ තත්වය අවබෝධ කරගැනීමට ඉන් ඉඩ ලැබෙනු ඇත.

මීට පෙර රජය විසින් ශ්‍රී ලංකාවේ මහ බැංකුව පිහිටවූ 1949 අංක 58 දරන මුදල් නීති පනත වෙනස් කර ශ්‍රී ලංකා මහ බැංකුව පිළිබඳ නව පනතක් සම්මත කරගනු ලැබීය. එමගින් ශ්‍රී ලංකා මහ බැංකුව මූල්‍ය ප්‍රතිපත්ති පිළිබඳ පූර්ණ ස්වාධීනතාවකින් කටයුතු කළ හැකි ආයතනයක් බවට පත්කරනු ලැබීය. ආණ්ඩුවට අවශ්‍ය පරිදි මහ බැංකුව විසින් මුදල් අච්චු ගැසීම මෙම පනත සම්මත වූ පසුව නතර විය. එසේම, එම පනත මගින් ආණ්ඩුවට අවශ්‍ය පරිදි අයවැය හිඟය පියවා ගැනීම ආදිය සඳහා රජයේ බැංකුවලින් ණය ගැනීමට තිබූ හැකියාව ද අවසන් කරනු ලැබීය.

මේ ආකාරයට ශ්‍රී ලංකා මහ බැංකුවේ ස්වාධීනතාව තහවුරු කරන ලෙස ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාවට අවධාරණය කළ අතර, එමගින් කවර රජයක් බලයට පත්වුව ද රටට හිතකර අන්දමින් ආර්ථික ප්‍රතිපත්ති පවත්වාගෙන යෑම සහතික කිරීමක් එමගින් සිදු විය. උදාහරණයක් ලෙස ශ්‍රී ලංකා මහ බැංකුව විසින් පසුගිය කාලපරිච්ඡේදයේදී ශ්‍රී ලංකාවේ විදේශ විනිමය අනුපාත හැසිරවූ ආකාරය දැක්විය හැකිය. රටේ විදේශ විනිමය වෙළෙඳපොළේ පවත්නා ඉල්ලු‍මට හා සැපැයුමට අදාළ වන ආකාරයෙන් විනිමය අනුපාතිකය තීරණය වීමට මහ බැංකුව ඉඩ හැරියේය. ඒ හේතුවෙන් ඩොලරය රුපියල් 300කට ආසන්න මිලක් දක්වා අඩු වූ අතර, රුපියල ශක්තිමත් විය. ඒ හේතුවෙන් රුපියල් යොදවා ඩොලර් මිලදීගෙන රටේ විදේශ විනිමය සංචිත ප්‍රමාණය ඉහළ නැංවීමට ශ්‍රී ලංකා මහ බැංකුවට හැකි විය.

මේ ආකාරයටම ශ්‍රී ලංකාවේ අනාගත ආර්ථික වර්ධනය සහ ආර්ථික ස්ථායිතාව සහතික කෙරෙන තවත් පනත් තුනක් ජුලි මාසයේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ඇත. ඒවා නම්, රාජ්‍ය ණය කළමනාකරණ පනත, රාජ්‍ය මුදල් පනත සහ ආර්ථික පරිවර්තන පනත යන පනත් තුනයි. මෙවැනි නීති සම්පාදනය කිරීමෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා බලාපොරොත්තු වන්නේ රටේ මූල්‍ය පාලනය විධිමත් කිරීමත්, වගකීම සහ වගවීම තහවුරු වන ආකාරයෙන් ඉදිරියේදී දේශපාලකයන්, රාජ්‍ය නිලධාරීන් සහ මහජනතාව කටයුතු කරන තත්වයකට ගෙන ඒමත්ය. මීට පෙර පැවැති රාජ්‍ය මුදල් රෙගුලාසි වෙනුවට සියලු‍ කටයුතු නීතිය මගින් පාලනය කිරීමට එම පනත්වලින් විධිවිධාන සලස්වා ඇත.

මැතිවරණ කොමිෂන් සභාව විසින් 2024 වසරේ සැප්තැම්බර් 17 වැනිදා සහ ඔක්තෝබර් 17 වැනිදා අතර ජනාධිපතිවරණය පැවැත්වෙන බව නිවේදනය කර තිබේ. ඒ අනුව, එම කාලපරිච්ඡේදය තුළ අනිවාර්යයෙන්ම ජනාධිපතිවරණය පැවැත්වෙන බව දැන් තහවුරු වී තිබේ. මැතිවරණ කොමිසම එවැනි නිවේදනයක් නිකුත් කිරීමට පෙරම ජනාධිපතිවරයා මේ වසරේ අනිවාර්යයෙන්ම ජනාධිපතිවරණය පැවැත්වෙන බව ප්‍රකාශ කර සිටියේය. කෙසේ වුව ද, ඉදිරි ජනාධිපතිවරණය පිළිබඳව ඒ ආකාරයේ තහවුරුවක් ලබා දී තිබියදී ජනාධිපතිවරයාත්, අනෙකුත් දේශපාලන පක්ෂත් කටයුතු කරන්නේ වෙනස් ආකාරයකට බව පෙනේ.

සමගි ජන බලවේගයත්, ජාතික ජන බලවේගයත් ජනාධිපතිවරණ සටන ආරම්භ කර ඇති අතර, ඒ වෙනුවෙන් බොහෝ කටයුතුවල නිරත වී ඇති බව පෙනේ. එසේ වුව ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තවමත් ජනාධිපතිවරණ සටන ආරම්භ කර නැති අතර, පුරුදු පරිදි රජයේ කටයුතු මෙහෙයවමින් ආර්ථික අර්බුදය විසඳීම, ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරීම සහ මහජනතාව මුහුණ දී සිටින පීඩාවන්ට සහන සැලසීම අරමුණු කරගෙන කටයුතු කරන බව පෙනී යයි. ඉහත කී නීති ප්‍රතිසංවිධාන මේ අවස්ථාවේදී ගෙන ඒමෙන් පැහැදිලි වන්නේ, ඔහු ප්‍රමුඛතාව ලබා දී ඇත්තේ ජනාධිපතිවරණ සටන ගැන නොව රටේ ස්ථාවරභාවයත්, මහජනතාවගේ ජීවිත සුරක්ෂිත කිරීමත් සඳහා වන බවයි.

එසේ වුව ද, හමුවීම්වල ප්‍රබල වෙනසක් ද දක්නට ලැබේ. අනෙක් දේශපාලන පක්ෂ නායකයන් ජනාධිපතිවරණය අරමුණු කරගෙන මහජනතාව හමුවෙද්දී, ජනාධිපතිවරයා ද සෑම සතියකම රජයේ කටයුතු සඳහා මහජන හමුවලට සහභාගි වන බව පෙනේ. එසේ වුව ද, ඒ සෑම අවස්ථාවකදීම රටට සහ මහජනතාවට අදාළ කිසියම් හෝ සේවාවක් ඉටු කරමින් හෝ අලු‍තින් යමක් හඳුන්වා දෙමින් හෝ ක්‍රියාත්මක වන බව පෙනේ. අනෙකුත් දේශපාලන නායකයන් කතා මගින් මහජනතාව හමු වෙද්දී, ජනාධිපතිවරයා වැඩ මගින් මහජනතාව හමුවන බව පෙනේ.

(***)
කැලණිය විශ්වවිද්‍යාලයේ
ආර්ථික විද්‍යා අධ්‍යයනාංශයේ
හිටපු ජ්‍යෙෂ්ඨ මහාචාර්ය
සුනන්ද මද්දුමබණ්ඩාර



අදහස් (2)

ජන අභිලාෂය වැඩද? කතාවද?

මැක්ස් Wednesday, 15 May 2024 11:11 AM

ඉතිහාසය පුරා වර්ජන කාරයින් විසින් සිදුකරනු ලැබූවේ රට අගාධයටම තල්ලු කිරීමයි. දොස්තරවරු වේවා, හෙදියන් වේවා, සරසවි ඇදුරන් වේවා, කම්කරුවන් වේවා කව්රු කළත් මෙම වැඩ වර්ජන නිසා රටට අත්වූ සෙතක් නැත. රටෙන් තමන්ට විනා තමන්ගෙන් රටට විය යුත්තේ කුමන විදියේ සේවයක් ද යනවග පිළිබඳ කිසිඳු හැඟීමක් මේ වර්ජන උන්මත්තකයින්ට නැත. ගෝඨා මහතාගෙන් ජනතාව අපේක්ෂාකළ තද පාලනය රනිල් මහතාවත් ක්‍රියාත්මක කර මෙම වර්ජන ත්‍රස්තවාදයෙන් රට මුදා ගැනීම කළ යුතුම කාරියකි...

:       6       6

E A I Kumarasinghe Thursday, 16 May 2024 02:50 PM

මුහුණ ට මුහුණ බලන්න බරි සිනහ වෙන්නේ අමරු සිංහල ජාතියක් තමන්ට අවාසි නිසා පාරෙට බහිනවා රටේ නායකයාට විරුද්ධව . පිටරට මිනිස්සුන්ගේ කෝච්චියක බස්එකක යන්නේ...

:       2       2

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

මගේ හිතේ කොනකවත් තිබුණේ නෑ
2024 සැප්තැම්බර් මස 27 357 0

අගනුවර පුරෝගාමී කතෝලික පාඨශාලාවක් වන කොළඹ 13, ශාන්ත බෙනදික්ත විද්‍යාලයේ ‘වාර්ෂික සිංහල සාහිත්‍ය කලා උළෙල අද (27) පස්වරු 2.30 ට විද්‍යාලයීය රංග ශාලාවේදී පැවැ


මීළඟ පොරය කොයිබටද?
2024 සැප්තැම්බර් මස 27 181 0

මෙවර කිවිදා දැක්ම ලියන්නේ ජනාධිපතිවරණය නිමාවට පත් වී තිබෙන මොහොතකය. අනුර කුමාර දිසානායක මහතා රටේ ජනාධිපති ධුරයට පත්වීම හරහා ජාතික ජනබලවේගයේ ප්‍රතිපත


ශාස්ත්‍රීය දියුණුවට දිරිදුන් හාරඹ වලව්ව
2024 සැප්තැම්බර් මස 26 633 0

හාරඹ වලව්ව බලපිටියේ පිහිටි වලව් අතරින් පැරැණිතම වලව්වකි. සිංහල, පාළි, සංස්කෘත, ඉංග්‍රීසී හා ලතින් භාෂා මැනැවින් දැන සිටි ලු‍වී ද සොයිසා විජයසේකර ජයතිල


​ඡන්දයෙන් රටට දුන් පණිවිඩය
2024 සැප්තැම්බර් මස 26 516 1

මෙවර ජනාධිපතිවරණය මෙරට මැතිවරණ ඉතිහාසයෙහි පැවැති ඉතාම සාමකාමී මැතිවරණයකි. ඒ නිසාම එම සාමකාමී පරිසරය ජාත්‍යන්තර මැතිවරණ නිරීක්ෂකයන්ගේ ප්‍රසාදයට ලක්


පැවිදි දිවියේ 36 වසර සපුරන තලල්ලේ චන්දකිත්ති හිමියෝ
2024 සැප්තැම්බර් මස 25 393 0

විචිත්‍ර ධර්ම දේශකයාණන් වහන්සේ නමක වන තලල්ලේ චන්දකිත්ති හිමියන්ගේ පැවිදි දිවියට අදට (25) වසර 36ක් සම්පූර්ණ වේ. මේ ලිපිය ඒ නිමිත්තෙනි.


රටට අහිමි වූ අසහාය බැලරිනාව වජිරා
2024 සැප්තැම්බර් මස 25 411 1

ජගත් නර්තන කලාව හා සමසුන් ගත හැකි විශිෂ්ට නර්තන කලාවක් බිහිකළ අසහාය බැලරිනාව - වජිරා චිත්‍රසේන අද (25) ජාතියෙන් සමුගෙන යන්නීය. ඇය පුරා වසර හැටකට අධික කාලය


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37706 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24855 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 223 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 728 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 258 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site