ගලේවෙල ගල් කොරි රැසක් වසර ගණනාවක සිට ජන ජීවිත උකසට ගෙන ඇති බවත් ව්‍යාපාරිකයන් දේශපාලනඥයන් ඇතැම් රජයේ නිලධාරීන් තම ප්‍රදේශයේ ගල් කඳුවලින් සුර සැප විඳින බවත් ජනතාව කියති.
මාතලේ දිස්ත්‍රික්කයේ පිහිටි ගලේවෙල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ විශාල වශයෙන් ගල් වැටි සහ ගල් කඳු පැවැති නිසා එම ප්‍රදේශයේ ගම්මානවලට නම් පටබැඳී ඇත්තේ ද ගල් යන නම මුලට හෝ අගට, මැදට යෙදීමෙනි.
එනම්, ගලේවෙල, දිග්ගල, පහළ දිග්ගල, යටිගල් පොත්ත, ගල්කරුයාය, ආදී නම් වලින් සෑදුන ගම්මාන රැසකි. ඒ නිසාම වර්තමානයේ රටේ සංවර්ධනයට අවශ්‍ය කළුගල් සැපයීමට මේ ප්‍රදේශයේ ස්වභාවික සම්පතක් වූ කළුගල් බොහෝමයක් පෞද්ගලික වයාපාරිකයන්ට ලබා දී ඇත.
එම ව්‍යාපාරිකයන් රිසි සේ තම රාජකාරිය වූ ගල් කැඩීම බෝර දැමීම ගල් ප්‍රවාහනය සිදු කොට මේ භූ සම්පත විකුණා මුදල් උපයා ඔවුන්ගේ දරු පැටවුන් සමඟ වායු සමනය කළ තට්ටු නිවෙස්වල ජීවත්වෙති. කෝටි ගණන් වටිනා වාහන වල ගමන්යති. එහෙත් වසර ගණනාවක සිට මෙම ප්‍රදේශවල ජීවත්වන ගම්මුන්ට සිදුව ඇත්තේ ඊට හත්පසින්ම වෙනත් ක්‍රියා දාමයක්ය. මාර්ග අබලන්වීම, වතුර බොන ළිං අපිරිසිදුවීම, ජලය හිඟ වීම, ඉතා දුක්විඳ තනාගත් නිවාස ඉරිතලා කඩාවැටීමට ආසන්නවීම, ගොවිතැනක් කළ කුඹුරු වතුපිටි ගල් කැබිලි හා ගල්කුඩු වලින් විනාශවීම, මැසි මදුරු වසංගත, ස්වසන රෝග, වකුගඩු රෝග, දිවා රාත්‍රී දූවිලි නෑම, කන්අඩි පැලෙන තත්ත්වයේ ගල් බෝර හඬ ආදී තෑගි කන්දරාවකි.
මෙම ත්‍යාග පිළිබඳව ගම්මුන් නිලධාරින්ට පැමිණිලි කිරීමට යද්දී නිලධාරින්ට ද ගල් ව්‍යාපාරිකයන්ගෙන් ලැබෙන්නේ ඉහළ ප්‍රතිචාර බව ගම්මු කියති. දේශපාලනඥයන්ට ද එමමය. මෙම විනාශයන් පිළිබඳව කාලයක් තිස්සේ ජනතාව ඉවසාගෙන සිට බැරිම තැන පසුගියදා ගල්ලෙන බිඳ ජන විරෝධය පළවිය.
ගලේවෙල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ දිග්ගල ප්‍රදේශයේ ගම්වාසීහු පිරිසක් තම ගමට පිවිසෙන මාර්ගය සම්පූර්ණයෙන් වසා දමා ජගත් පරිසර දිනයේ විරෝධතාවයේ නිරත වූයේ එදිනම ජගත් පරිසර දින ජාතික උත්සවය ජනපතිගේ ප්‍රධානත්වයෙන් මාතලේ දිස්ත්‍රික්කයේ පැවැත්වෙද්දීය.
ප්‍රදේශයේ බලධාරීන්ගේ දෙකන්වලට වසර ගණනාවක් කීවද නෑසුන මෙම මහා විනාශය පිළිබඳව ලෝක පරිසර දිනය මහා ඉහළින් මාතලේ දී ජනපතිවරයා සමරද්දී තම දුක ජනපතිට කියන්නට ඔවුන් මෙම විරෝධය සංවිධානය කළහ. විරෝධයට එක් වූ ගම්මුන් තම දුක මෙසේ හෙළිකරන්නට වූහ.
දිග්ගල පදිංචි නිමල් ශාන්ත මහතා :-
“මේ ගමේ හතරෙන් තුනක් දැන් විනාශ වෙලා ඉවරයි. දැන් අපි කියන්නේ නැහැ මේක නතර කරන්න කියලා. මේ එක ගල් කොරියකින් දෙකකින් ගමේ අයට උදව් කරලත් තියෙනවා. හැබැයි අපි කාටවත් මේ පාරක බැහැලා යන්න බැහැ. අඩුම තරමේ මේ අයට කියන්න මේ කිලෝමීටර් එකහමාරක පාර හදලා දෙන්න කියලා. මුල් කාලේ මේ ගල් කොරි ව්‍යාපාරිකයන්ට නීති පනවලා තිබුණා. පාසල් වෙලාවේ වාහන ධාවනය නොකරන්න. ගල්බෝර නොගසන්න. දැන් මේ තහංචි සියල්ල අවසන්. කාලයක් වෙලාවක් නැතිව මේ සියල්ල රෑ දවල් දෙකේම කරනවා. මේ පාරේ ගල් කොරි හයක් විතර තියෙනවා. ගමේ පාරේ බර පටවපු ටිපර් 200ක් දවසට යනවා. රටේම පාරවල් හදන්න අපේ ගමේ ගල අරගෙන යනවා අපි ලෙඩ කරලා අපි විනාශ කරලා. අද මුළු ගමම ඉවරයි. වෙල්යාය ඉවරයි. වැව ඉවරයි. පාර ඉවරයි. ගෙවල් ඉවරයි. ගමම ලෙඞ්ඩු. ළගදීම ඉතින් මේ ගම මළගමක් වෙයි”.
ඉහළ දිග්ගල විදුහලේ විදුහල්පති එස්.ඩී.සී. මුණවීර මහතා:
“මේ ගමට හතරවටේ ඉන්න ව්‍යාපාරිකයෝ ඇවිල්ලා ගම පාළු කරගෙන රට සංවර්ධනය කරන්න හදනවා. පරිසර අධිකාරියේ නීති රෙගුලාසි කඩමින් බිම් බෝර ගහනවා. ගමට, පාරට මේක හානියක්. අපේ මේ ගමේ හැම පාසල් දරුවෙක්ම දැන් ස්වසන රෝගීන්. මේක බලධාරීන්ට කීවම කියනවා මේ කිලෝමීටරය පාරට තාර දාන්න තාර ගන්න සල්ලි නැතිලු.
මේ අවට වසම් කීපයම හෙල්ලුම් කනවා බිම් බෝර ගහනකොට. සමනල කඳු වගේ තිබුණ සුන්දර කඳු සහිත ගල් වැට අද බිමටම සමතලා කරලා. දැන් මහ පොළොව යට අඩි තිහ හතළිහ හාර හාර බෝර දානවා”.
ඉහළ දිග්ගල පන්සලේ වැඩවසන අවුකන විමලසාර හිමියන්:-
“මේ ගම්මාන අවට ජීවත්වන අයට අඩුම තරමේ යන්න එන්න පාර හදලා දෙන්න කියලයි අපි ඉල්ලන්නේ. ගමේ දරුවෝ වැසිදාකට සපත්තු දාගෙන යන්නේ නැහැ. පායන කාලයට සුදු ඇදුම් ගුරුපාට වෙනවා.
අඩුම තරමේ පෝයක් දවසකටවත් ගමේ පන්සලේ ආගමික උත්සවයක් සීල භාවනාවක් කරන්න බැහැ. එක පාර ගල් බෝර සීයක් විතර දානවා. වෙලාවක් කලාවක් නැහැ. පැය විසිහතරේම මේ ගල් කොරි වැඩ. පාන්දර දෙකට තුනටත් වැඩ. එළිවෙනකල් අපිට ගම්මුන්ට නිදහසක් නැහැ. අවට නිවාස සියල්ල අබලන්වෙලා”.
ගමේ පාසල් දියණියක්වන දිල්කි මදුමාලී දැරිය:-
“මම අපේ ජනාධිපතිතුමාට කියන්නේ, ඔබතුමාට බැරිනම් අපේ ගමට කව්රුහරි එවලා බලන්න අපේ පාසල් යන ළමයි විඳින දුක. අනෙක් අය ගැන හිතන්න බැරිනම් අපි ගැනවත් හිතලා අඩුම තරමේ මේ පාර හදා දෙන්න. උදේ පාසල් යන අපි සපත්තු අතේ අරගෙන ගිහින් පාසල් අසල නිවෙස්වලට ගිහින් ඇඟ කකුල් සෝදලා තමයි සපත්තු දාලා දූවිලි නම් ඇඳුම් ගසලා පාසල් යන්නේ”.
ගමේ පිරිස අපව මෙම ගල් වැඩපළ කීපයකට රැගෙන ගොස් පෙන්වීය. එම දසුන් දකින ඕනෑම අයකුට පරිසරයට සිදු වී ඇති දේ කුමක්ද යන්න වටහා ගැනීමට හැකියාව ඇත.
එම දිග්ගල ගල්කොරි කීපය පමණි. එහෙත් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ තවත් ගල් කොරි රැසකට බලධාරීන් අවසරදී හමාරය. ගලේවෙල බම්බාව ප්‍රදේශය නිරන්තර නායයන කඳු සහිත ප්‍රදේශයකි. කඳු මුදුනේ පස්වලින් වැසී තිබු විශාල ගලක් කැඩීමට මේ වන විටත් බලධාරීන්, නිලධාරීන්. අවසරදී හමාරය. එම ස්ථානයට යන ඕනෑම පුංචි දරුවෙකුට වුවත් එම ස්ථාන පිහිටීම අනුව ගල්කැඩීමට අවසර දුන්නේ කෙසේ දැයි ප්‍රශ්නයක් ඇතිවනු නියතය. එම ස්ථානය පමණක් නොව ප්‍රදේශයේ තවත් බලපත්‍ර උල්ලංඝනය කළ ගල්කොරි රැසක් ක්‍රියාත්මකය.
විශේෂයෙන් දිග්ගල ප්‍රදේශයේ ගල්කොරි පවත්වාගෙන යන ව්‍යාපාරිකයන් කීපදෙනෙකු සිටිති. ඒ අයගේ අදහස්වලට ද අප මෙහිදී ඉඩක් වෙන් කළෙමු.
ව්‍යාපාරිකයකු වූ ටී.එම්.එන්.බණ්ඩාර මහතා:-
“අපි ගොඩක් වියදම් කරලා තමයි මේක කරන්නේ. අපි කවදාවත් නීති විරෝධීව කරන්නේ නැහැ. මේ ගමේ අයටත් උදව් කරලා තියෙනවා. ගල් කොරි අවට ඇති කුඹුරු ඉඩම් අපි මිලදී ගන්නේ විශාල මුදල් ගමේ අයට දීලා. පන්සල්වලට උදව් කරනවා. අපි නිවාඩු දිනවල පෝය දිනවල වැඩ කරන්නේ නැහැ. ඒක බොරුවක්.
අපි නීත්‍යානුකූලව රජයට බදු ගෙවලා මේ රටේ සංවර්ධනයට දායකවෙලා තමයි රැකියාව කරන්නේ. එතකොට මේ පාරවල් හදන එක රජයේ වගකීමක්. ඒත් අවස්ථා කීපයක් අපි හදලා දුන්නා. ගලේවෙල ප්‍රාදේශීය සභාවෙන් පාර හදන්න කියලා එක ටිපර් රථයකින් දිනකට රුපියල් 120 ගානේ අවුරුද්දක් එකතු කළා. ඒ මුදල් කොහේ තියෙනවාද කියලා අපිවත් දන්නේ නැහැ. ජනතාව නගන චෝදනා සියල්ල ඇත්තම නෙවෙයි.”
අප මේ පිළිබඳව මාතලේ දිස්ත්‍රික් ලේකම් නීල් ද අල්විස් මහතාගෙන් විමසීමේදී කීවේ ගලේවෙල පමණක් නොව මාතලේ දිස්ත්‍රික්කයේ ගල් කොරි රැසක් පිළිබඳව තමන්ට විවිධ පැමිණිලි ලැබී තිබෙන බවය. ඒ නිසාම තමන් වහාම ක්‍රියාත්මක වන පරිදි දිස්ත්‍රික්කයේ ගල් කොරි පිළිබඳව නැවත පරීක්ෂා කිරීමට කණ්ඩායම් දෙකක් යවන බවයි. මෙහිදී රාජ්‍ය නිලධාරීන් තම සේවය නිසි ලෙස ඉටුකර ඇද්ද යන්න ගැනද විශේෂ අවධානය යොමු කරන බව ද පැවසීය.
පසුගියදා ජගත් පරිසර දිනය සැමරීම සඳහා මාතලේට පැමිණි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කීවේද පරිසරය විනාශ කරන සිද්ධීන්වලට වහාම ක්‍රියාත්මක වී නීතිය ක්‍රියාත්මක කරන ලෙසත් එසේ නොකරන අයට ද තරාතිරම නොබලා පියවර ගන්නා බවයි. මාතලේ දිස්ත්‍රික්කයේ සිදුවන මේ විනාශයන් පිළිබඳව සාධාරණයක් ඉටු වෙනතුරු අප බලා සිටින්නෙමු.
මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේ දී ඉතිහාසයේ පළමු වතාවට සිදුවීම් ගණනාවක් දැකගත හැකි විය. ඒවා ජාතික ජන බලවේගය පිහිටු වූ වාර්තා ලෙසද ඇතැමුන් හඳුන්වනු දුටුව
මහ මැතිවරණය නිමා වී ඇත. නව පාර්ලිමේන්තුව ද පළමු වතාවට ඊයේ රැස්වූයේය. ජාතික ජන බලවේගයේ දේශපාලන වැඩසටහන විධායකය සහ ව්‍යවස්ථාදායකය යන ක්ෂේත්‍ර දෙකේම ශක්
බ්‍රිතාන්‍ය යටත්විජිත සමයේ සිට මෙරට භාණ්ඩ අපනයනය සිදු වුණි. එදා සිට අද දක්වාම මෙරට ප්‍රධාන අපනයනික බෝග ලෙස හඳුනාගන්නේ තේ, පොල්, රබර් ය. එහෙත් එම පිළිගැන
ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රමුඛ ජාතික ජන බලවේගය මෙවර මහ මැතිවරණයේ දී ජනතාවගෙන් ඉල්ලා සිටියේ ‘පොහොසත් රටක් ලස්සන ජීවිතයක්’ ජනතාවට උරුම කර දීම සඳ
පෙරදිග ධාන්‍යාගාරය යන්න ඇසූ සැණින් කාගේත් මතකයට නැගෙන්නේ මහා පරාක්‍රමබාහු සමයේ අප රට හැදින් වූ නමයි. වචනයේ අර්ථය අනුව ගතහොත් පෙරදිග ලෝකයටම අවශ්‍ය තරම
ජාතික ජන බලවේගයට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක් ඉක්මවා යන ආසන 159ක අද්විතීය ජයග්‍රහණයක් ලබා දෙමින් 2024 පාර්ලිමේන්තු මැතිවරණය නිමාවට පත්විය. එහිදී සමඟි ජන බ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජන ජීවිතය උගසට ගත් ගල්කොරි
අයිරාංගනී Monday, 20 June 2016 10:13 PM
අපිට ඉතින් හැමදාම බලාඉන්න තමයි තියෙන්නේ (නි)