IMG-LOGO

2024 නොවැම්බර් මස 28 වන බ්‍රහස්පතින්දා


ජන වරමින් නොකියන කතාව

1978 ව්‍යවස්ථාව වෙනුවට නව ව්‍යවස්ථාවක් සම්පාදනය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජනවරමක් අපේක්ෂා කළේය. ඒ අනුව ප්‍රධාන මැතිවරණ දෙකකදී පොදුජන පෙරමුණු ආණ්ඩුවට විශිෂ්ට ජයක් හිමිකරදීමට ජනතාව කටයුතු කර තිබේ. රටට ගැළපෙන ආකාරයේ ව්‍යවස්ථාවක් සම්පාදනයට ඇති මහජන කැමැත්ත එයින්ම තහවුරුය. මෙම පාර්ලිමේන්තුව තුළ ආණ්ඩුවට තුනෙන් දෙකක බලයක් ඇති බව විරුද්ධ පක්ෂ පවා පිළිගෙන අවසන්ය. ඒ නිසා ඒ ගැන තවදුරටත් තර්ක කිරීමෙහි පලක් නැත. වත්මන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ජේ.ආර්.ජයවර්ධන මහතාගේ එක්සත් ජාතික පක්ෂය විසින් 1978 දී පැනෙව්වේ සියයට පනස් එකකටත් අඩු ඡන්ද සංඛ්‍යාවක් ලබාගනිමිනි. එහෙත් අවසන් වරට පැවැති මහමැතිවරණ හා ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ලබාගත් සියයට හැටකට ආසන්න විසල් ජය විසින් ඉදිරි මාර්ගය පැහැදිලි කරනු ලැබ තිබේ. එදා එක්සත් ජාතික පක්ෂය හයෙන් පහක බලයක් ගැන උදම් ඇනුවේ ආසන ක්‍රමය යටතේය. යම් හෙයකින් මේ වෙද්දීත් ආසන ක්‍රමය තිබුණේ නම් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ලබන්නේ ඊටත් එහා ගිය ජයකි.
 
1970දිත් මෙවැනිම දෙයක් සිදුවිය. එදා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බණ්ඩාරනායක මැතිනිය යටතේ සමසමාජ හා කොමියුනිස්ට් පක්ෂ හා එක්ව සමගි පෙරමුණක් නිර්මාණය කරගෙන ජනතාවගෙන් ජනවරමක් ඉල්ලා සිටියේ එවකට පැවැති සෝල්බරි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ඉවත්කර නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගෙනඑන්නටය. අවශ්‍ය ජනවරම ලැබුණු අතර ඡන්දයෙන් තේරීපත් වූ මන්ත්‍රීවරුන් ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයක් බවට පත්ව පළමු වැනි ජනරජ ව්‍යවස්ථාව බිහි විය. එහෙත් ඊට පෙර පාර්ලිමේන්තුවේම කොටසක් වූ සෙනෙට් සභාව අහෝසි කරනු ලැබුවේ ජනවරම පාවිච්චි කරගෙනය. දැන් වත්මන් ජනාධිපතිවරයාට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ ඇමැතිකමක් දැරිය නොහැකි බවට තර්ක කරන්නන් එදා සිටියා නම් සෙනෙට් සභාව අහෝසි කිරීම ද නීතිවිරෝධී යැයි කියනු ඇත. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පැහැදිලිව කියන්නේ ‘ජනාධිපතිවරයා අමාත්‍ය මණ්ඩලයේ සාමාජිකයෙක් ද අමාත්‍ය මණ්ඩලයේ ප්‍රධානියා ද වන්නේය.’ යනුවෙනි.

එසේම ඔහුට ඕනෑම මෙහෙයක් දැරීමේ අයිතිය ඔහුට තිබේ. ප්‍රතිවිරුද්ධ තර්කය වී තිබෙන්නේ 43(2)ට අනුව අග්‍රාමාත්‍යවරයාගේ උපදෙස් පරිදි පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අතරෙන් ඇමැතිවරුන් පත්කළ යුතුය යන්නය. මෙය පැටලිලිසහගතය. එකක් සුදුය. අනෙක කළුය. එක තැනක ජනපති සභාපති යැයි කියයි. තව තැනක සාමාජිකයෙක් යැයි කියයි. මේ 19 වැනි ව්‍යවස්ථාවේ හැටිය. එනිසා ඉතාම ඉක්මනින් එය ඉවත් කළ යුතුය.

මෛත්‍රිපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයා මීට වසර දෙකකට පෙර පාර්ලිමේන්තුව විසුරුවා හළ අවස්ථාවේදී ද මේ ප්‍රශ්නය මතු වූ අතර අධිකරණ නියෝගය අනුව නැවතත් පාර්ලිමේන්තුව කැඳවන්නට සිදුවිය. එවැනි තැනකට තර්ක මතුවුයේ ද 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයේ පරස්පරතා නිසාය. 33(2)ඇ ව්‍යවස්ථාව මගින් කියා තිබුණේ පාර්ලිමේන්තුව විසුරුවා හළ හැකි බවය. එහෙත් අධිකරණය එය පිළිගත්තේ නැත. අපි එම අධිකරණ නියෝගය පිළිගනිමු. දැනට ඇති අර්ථනිරූපණය එය බැවින් මේ කරන්නේ ඒ ගැන ප්‍රශ්න කිරීමක් නොවේ. මෙයින් අප කියන්නේ 19 වැනි සංශෝධනය මගින් රටේ මූලික නීතිය විහිඵවක් බවට පත් කර ඇති බවය. 19 වැනි සංශෝධනය ලහි ලහියේ සම්මත කළේ එක්තරා දේශපාලන පවුලකට එරෙහිවය. ඡන්ද බලය හිමි ඕනෑම රටක තරුණ පිරිස්වලට ඡන්දය ඉල්ලීමේ අයිතිය ලැබේ. වයස අවුරුදු දහ අට සපුරන්නන්ට ඡන්ද බලය ලංකාවේදී අභ්‍යාස කළේ එංගලන්තයටත් පෙරය. එහෙත් 19 වැනි සංශෝධනයෙන් කළේ ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමේ සුදුසුකම වයස අවුරුදු තිහේ සිට තිස් පහ දක්වා ඉහළ දැමීමය. මේ සංශෝධනය ගෙනාවේ කිසියම් දේශපාලන පවුලක තරුණ සාමාජිකයකු ඉලක්ක කරගෙන බව පොඩි දරුවකුට වුවද වැටහේ. ශිෂ්ටසම්පන්න ලෝකයක එසේ කිසියම් පුද්ගල කණ්ඩායමක් පමණක් ඉලක්ක කරගෙන නීති සෑදිය නොහැකිය. එහෙත් අපේ රටේ මූලික නීතිය හැදුවේ ඒ ආකාරයටය. ද්විත්ව පුරවැසිභාවය සම්බන්ධයෙන් ඇතුළත් කළ කාරණය ද එසේය. ද්විත්ව පුරවැසිභාවය තිබුණ ද පාර්ලිමේන්තු යෑමේ අවස්ථාව ඉන්දියාව වැනි ඇතැම් රටවල ඉඩ තිබේ. තවත් රටවල ඇතැම් කාරණාවලදී ද්විත්ව පුරවැසිභාවය ලබාගැනීමට ධෛර්ය දේ.

එහෙත් ද්විත්ව පුරවැසිභාවය හිමි පුද්ගලයන්ට පාර්ලිමේන්තුවට පිවිසීමේ අවස්ථාව 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයෙන් අහිමි විය. එය ද රටට ආදරයට නොවේ. කිසියම් දේශපාලන පවුලක් ඉලක්ක කරගෙනය.

කලින් කලට ඡන්ද බලයෙන් මෙරට ආණ්ඩු පෙරළි සිදුවුණ ද 1972 දක්වාම මේ රටේ නාමික පාලකයා මහ රැජණ විය. ඒ සම්බන්ධයෙන් පුළුල් සාකච්ඡාවක් කළ යුතු යැයි කතාබහක් මතුවීම මේ පමාවට හේතු විය. එහෙත් 1972 දී රටට ආදරය කළ පිරිසක් නව ආණඩුක්‍රම ව්‍යවස්ථාවක් ද ගෙන එමින් ජාතික රාජ්‍ය සභාවක් බිහිකළහ. එක්සත් ජාතික පක්ෂය කළේ එය නැවතත් පාර්ලිමේන්තුව බවට පත්කිරීමය. ඊට එකම හේතුව වූයේ ජාතික රාජ්‍ය සභාව සමගි පෙරමුණු ආණ්ඩුවේ නිර්මාණයක් වීමය. ජේ.ආර්.ජයවර්ධන මහතා මේ ආකාරයට 1978 ව්‍යවස්ථාව සම්පාදනය ආරම්භ කළේම රැවටිල්ලකිනි. එසේ බලද්දී සැබෑ ජාතිකත්වය හිමි ජාතික රාජ්‍ය සභාවේ නිර්මාණකරුවන්ටද ඉංග්‍රීසි පාර්ලිමේන්තුවේ නිර්මාණකරුවන්ට ද යන්න පැහැදිලිය. ඉංග්‍රීසියෙන් පාර්ලිමන්ට් යන වචනයට පාර්ලිමේන්තුව යැයි වහරනවා නම් ගවර්මන්ට් යන්න ගෝරමේන්තුව විය යුතු නොවේද? 1972 දී සිරිමාවෝ රජයෙන් ගෙනාවේ ජනරජ ව්‍යවස්ථාවකි.

එහෙත් ජේ.ආර් ජයවර්ධනලා ගෙනාවේ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයකි. එයින් කළේ ද ජනතාව රැවටීමය. කණ්ඩායම් දෙකේ වැඩ සසඳද්දී වඩා සමාජවාදී කවුදැයි පැහැදිලිය. ජනමත විචාරණය යනු ප්‍රජාතන්ත්‍රවාදයේ යහ ලක්ෂණයකි. එහෙත් ජයවර්ධන රජය එය භාවිත කළේ ද මැතිවරණය කල්දැමීමටය. එකී කුප්‍රකට ජනමත විචාරණයේ ප්‍රජාතන්ත්‍රවාදී වටපිටාව ගැන එකල මැතිවරණ කොමසාරිස්වරයාගේ වාර්තාවම දෙස් දෙයි.

 මෙම තත්ත්වය වෙනස් කර යථා පරිදි ව්‍යවස්ථාව සැකැසීමට ජන වරමක් ඉල්ලා සිටි විට ජනතාව ඊට ඉහළින්ම ප්‍රතිචාරය දක්වා තිබේ. අවස්ථා දෙකකදීම හැට නව ලක්ෂයක් පමණ වූ ජනතාවකගේ අනුමැතිය ලබා දී තිබේ. සාමාන්‍යයෙන් සමානුපාතික මැතිවරණ ක්‍රමය යටතේ ලබා ගත නොහැකි තුනෙන් දෙකක පාර්ලිමේන්තු බලයක් ලබාදීමෙන් ඊට ජනතාව සාවධාන වූ තරම පැහැදිලිය. ඒ අනුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශය වූ සෞභාග්‍යයේ දැක්ම ක්‍රියාවට නැන්වීමේ අවස්ථාව දැන් උදා වී තිබේ.

ජනාධිපතිවරයාගේ ධුර කාලය වාර දෙකකට සීමා කිරීම 19 වැනි සංශෝධනයෙන් වූවකි. නව සංශෝධනයේදී මේ ගැන විශේෂ ඉල්ලීමක් නැති බව පෙනේ. ඇත්තෙන්ම එවැන්නක් අමුතුවෙන් අවශ්‍ය නැත. මන්දයත් දේශපාලන සමාජ පරිසරයෙහි වෙනසක් වී ඇති බැවිනි. 2005 දී ජනාධිපති ධුරයට පත් මහින්ද රාජපක්ෂ මහතා සේනාධිනායකයා වශයෙන් ලොව කුරිරුම ත්‍රස්තවාදය පරාජය කළ පසු ජනාධිපති ධුරයේ දෙවරක සීමාව ඉවත් කළේ ඔහුට කෘතගුණ දැක්වීමක් හැටියටය. දැන් එය තිබුණත් නැතත් ප්‍රායෝගික වශයෙන් වැදගත්කමක් නැත. බලයේ සිටින ගෝඨාභය රාජපක්ෂ මහතාට තවත් අවුරුදු පහකින් නැවතත් ජනාධිපතිවරණයට ඉදිරිපත් විය හැකිය. තුන් වරක් තරග කිරීම අදාළ වනවා නම් ලංකාවේ ඊට අදාළ වන්නේ චරිත දෙකක් පමණි. ඒ මහින්ද රාජපක්ෂ මහතා චන්ද්‍රිකා කුමාරණතුංග මහත්මියයි. තවත් වසර පහකින් හෝ දහයකින් මේ දෙදෙනාම ජනාධිපතිවරණයකට තරග කරනු ඇතැයි මම සිතන්නේ නැත.

19 වැනි සංශෝධනයේ අප සෙවිය යුත්තේ රටේ පාලනයට වැට බඳින අවස්ථා ගැනය. ඊට එක් උදාහරණයක් මැතිවරණ කොමිසමේ ක්‍රියාකාරිත්වයයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 41(ආ) (6) මගින් කියන්නේ මැතිවරණ කොමිසම හැර අනෙක් සියලු කොමිෂන් සභා පාර්ලිමේන්තුවට වගකියන බවය. ඒ අනුව මැතිවරණ කොමිසම සිටින්නේ පාර්ලිමේන්තුවටත් ඉහළිනි. කොමිසමක් ස්වාධීන වූ පමණනින් එසේ කළේ ඇයි? එවිට කොමිසමේ සාමාජිකයන් ප්‍රශ්න කරන්නේ කොතැනින්ද? අප මේ කරුණ නගන්නේ සිද්ධියක් වූ නිසාය.

පාර්ලිමේන්තුව විසුරුවීම සම්බන්ධයෙන් ඉදිරිපත් වූ මූලික අයිතිවාසිකම් පෙත්සම් නඩුවේදී එක් පෙත්සම්කරුවකු වූයේ මැතිවරණ කොමිසමේ සාමාජිකයෙකි. මැතිවරණ කොමිසමේ සාමාජිකත්වය දරන අතරේම මැතිවරණය සම්බන්ධ කාරණයකදී තම පෞද්ගලික මතය අධිකරණයට කියන්නට පැමිණි විට ඔහුව ප්‍රශ්න කරන්නට තැනක් නැත. එනිසා අදාළ වගන්තිය වෙනස් කළ යුතුය. එපමණක් නොවේ. එම පුද්ගලයාම තවත් අවස්ථාවක කියන්නේ ශ්‍රී ලංකාවට අවශ්‍ය ෆෙඩරල් ආණ්ඩුක්‍රමයක් බවය. ෆෙඩරල් යනු ඒකීය ආණ්ඩු ක්‍රමයට මුළුමනින්ම ප්‍රතිපක්ෂයයි. ඒකීය යනු අහස නම් ෆෙඩරල් යනු පොළවයි. ශ්‍රී ලංකාව ඒකීය රාජ්‍යක් යන්න ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ වෙනස් කළ නොහැකි වගන්තියකි. මේ ආකාරයට රටේ උත්තරීතරම කොමිසමක සිටිමින් තම පෞද්ගලික මත ආන්දෝලනාත්මක ලෙස ප්‍රකාශ කිරීමේ අවකාශය ඇහිරීම ගැන ද 19 වැනි සංශෝධනය වෙනස් කිරීමේදී අවධානයට ගත යුතුය.

මේ පාර්ලිමේන්තුවේ ඇතැම් මන්ත්‍රීවරුන් 17, 18 හා 19 යන ව්‍යවස්ථා සංශෝධනවලට එකිනෙකට ප්‍රතිවිරුද්ධ ලෙස අත උස්සා තිබීම ගැන ද ඇතැම්මු ප්‍රශ්න කරති. එම ප්‍රශ්නය බැලූ බැල්මටම සාධාරණ බව පෙනුණත් ඔවුන් ඒ ඒ අවස්ථාවල කටයුතු කර තිබෙන්නේ වෙනස් පරිසරවලය. උදාහරණයකට ලොව කුරිරුම ත්‍රස්තවාදය පරාජය කළ සේනාධිනායකයාට තුන් වැනි වරට ජනාධිපතිවරණයට තරග කිරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් සීමා කර ඇති අවස්ථාවක මහජනතාවගේ ඡන්දයෙන් තේරී පත් වූ මන්ත්‍රීවරුන් යෝජනා කළේ ඔහුට නැවතත් අවස්ථාවක් දිය යුතු බවය. 18 වැනි සංශෝධනය ඉදිරිපත් වුණේ ඒ අනුවය. ඉන්පසු ආණ්ඩු මාරු වූ අතර එම මන්ත්‍රීවරුන්ගෙන්ම පිරිසක් 19 වැනි සංශෝධනයට අත ඉස්සූහ. දැන් තත්ත්වය නැවතත් වෙනස් වී තිබේ. හිටපු සේනාධිනායකයා අගමැති වී ඔහුගේ ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා සේනාධිනායකයා වී ඇත. ඉතින් ඒ මන්ත්‍රීවරුන්ට නැවතත් 20 වැනි සංශෝධනයකදී ද අත උස්සන්නට සිදුවනු ඇත. ඒ අවස්ථානුකූලවය. හැම අවස්ථාවකදීම මන්ත්‍රීවරුන්ට ක්‍රියා කිරීමට සිදුවන්නේ ජනතාව නිවැරැදිය යන උපකල්පනයෙහි පිහිටාය. ඇරිස්ටෝටල් හෝ කාල් මාක්ස් හෝ මෙසේ ප්‍රකාශ කළේ යැයි කියා අපේ රටට ගැළපෙන්නේ නැති චින්තන මෙහි පැළ කළ යුතු නැත. මන්දයත් අපටම අනන්‍ය වූ සමාජ මෙන්ම දේශපාලන සංස්කෘතියක් අපට ඇති නිසාය. එය ශ්‍රී ලංකාවට පමණක්ම සීමා වූවකි. මෙවර ජන වරමින් නොකියා කියන්නේ එයයි.

(*** සටහන - බිඟුන් මේනක ගමගේ)



අදහස් (3)

ජන වරමින් නොකියන කතාව

dhamneth Wednesday, 19 August 2020 08:57 AM

බොහෝ දෙනා කියන්නේ මේ රටේ ජනතාව ආණ්ඩු වෙනස්කරනවා මිසක් ආණ්ඩු ක්‍රම හෝ ව්‍යවස්ථා සංශෝධන ගැන වැඩි උනන්දුවක් හෝ වැඩි වුවමනාවක් නැති බවයි. මේ වරද ආණ්ඩුවට 2/3ට වැඩි බලයක් ලැබෙන්නේ සහරාන්ලාගේ මුස්ලිම් අන්තවාදය නිසා නැවත යුද්ධයක් ඇතිවෙයි කියන බය නිසාලු...

:       7       3

rana Wednesday, 19 August 2020 10:52 AM

ඔබේ මතය පරිදි එදා වෙනස පවුලකින් පිළිගැනීමට නම්... දැන් වෙනස් විය යුත්තේ ඔවුන්ට සදාකාලිකව බලයේ සිටීමටද?

:       13       33

Champa Wednesday, 19 August 2020 04:14 PM

යහපාලන ආණ්ඩුවත් 2015 කිව්වේ ව්‍යවස්ථාව වෙනස් කරන්න ජනතාව තමන්ට බලය දුන්නා කියලා. දැන් රාජපක්ෂ ආණ්ඩුව වෙනුවෙන් මෙතන වයන්නෙත් ඒ හොරණෑවමයි. නමුත් ඇත්ත කතාව නම් ජනතාව 2015 යහපාලනය බලයට ගෙනාවේ එදා පැවති රාජපක්ෂ ආණ්ඩුව එපා වෙච්ච නිසා වගේම 2019 නැවත රාජපක්ෂ ආණ්ඩුව බලයට ගෙනාවෙත් එවකට පැවති යහපාලන ආණ්ඩුව එපා වෙච්ච නිසා... මමත් 2015 ඉඳන් මගේ ස්වාධීනත්වය ආරක්ෂා කරගෙන, මහින්දට සහයෝගය දෙන කෙනෙක්. නමුත් සාමාන්‍ය ජනතාව අතරේ ඉන්න කෙනෙක් විදිහට "සියලු පඬියන්ට" පැහැදිලිවම කියන්න ඕනේ ජනතාව මේ ආණ්ඩු දෙකම වෙනස් කලේ; (1). 2015 නම්; රාජපක්ෂ ආණ්ඩුව කතා කිරීමේ, ලිවීමේ සහ අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස ජනතාවට අහිමි කරමින්, අධිකරණයත් අතික්‍රමණය කරමින් ගෙනගිය අත්තනෝමතික පාලනයට එරෙහිවීම නිසා සහ (2). 2019 නම්; රටේ සම්පත් විදේශිකයන්ට විකිණීම, රට අනාගමික කිරීම සහ එම්සීසී ගිවිසුම මගින් රට පාවාදීමට සැරසීම දක්වා යහපාලන ආණ්ඩුව ගෙනගිය දේශද්‍රෝහී, ජාතිද්‍රෝහී පාලනයට එරෙහිවීම වැනි සරල පැහැදිලි හේතු නිසා මිසක්, ව්‍යවස්ථාව වෙනස් කිරීම හෝ අලුත් ව්‍යවස්ථාවක් ගෙන ඒම වැනි සංකීරණ හේතූන් නිසා නොවෙන බව...

:       61       115

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

ප්‍රගතිශීලී පෑන අත රැඳි පියදාස වැලිකන්නගේ
2024 නොවැම්බර් මස 27 158 0

ප්‍රවීණ ගත්කරුවකු සහ ලේඛකයකු වූ පියදාස වැලිකන්නගේ මහතා ඉකුත් 25 වැනිදා අභාවප්‍රාප්ත විය. මේ ලිපිය ඒ නිමිත්තෙනි.


අයි.එම්.එෆ්. එකඟතා ජනවරමට ගැළපේද?
2024 නොවැම්බර් මස 27 156 0

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙම නොවැම්බර් මස 17 වැනිදා සිට 23 වැනිදා දක්වා ශ්‍රී ලංකාවේ විස්තීර්ණ ණය ගිවිසුම සම්බන්ධයෙන් පැවැති සමාලෝචනය අවසන් වී තිබේ. ඒ අ


ඊ.පී.එෆ්. එකේ ට්‍රිලියන 3.9ක මුදලක් අනතුරේ
2024 නොවැම්බර් මස 26 1121 0

පෞද්ගලික හා අර්ධ රාජ්‍ය අංශයේ සේවය කරන විශ්‍රාම වැටුප් ක්‍රමයකට හිමිකම් නොමැති සේවක පිරිස් සඳහා අනිවාර්ය විශ්‍රාම දායක මුදල් ක්‍රමයක් ලෙස 1958 අංක 15 දරන


ආර්ථිකයේ අයි.එම්.එෆ්. සාධකය
2024 නොවැම්බර් මස 26 198 1

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් විසින් පසුගිය දා ශ්‍රී ලංකාව සමග දැනට ක්‍රියාත්මක වැඩසටහනට අදාළව තුන් වැනි සමාලෝචනය නොබෝදා සිදුකරන ලදී. මූල්‍ය


උතුර-දකුණ එකට එක්කළ ඡන්දයක්
2024 නොවැම්බර් මස 23 477 3

මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේ දී ඉතිහාසයේ පළමු වතාවට සිදුවීම් ගණනාවක් දැකගත හැකි විය. ඒවා ජාතික ජන බලවේගය පිහිටු වූ වාර්තා ලෙසද ඇතැමුන් හඳුන්වනු දුටුව


මාලිමාවේ ජයෙන් ඔබ්බට
2024 නොවැම්බර් මස 22 1124 3

මහ මැතිවරණය නිමා වී ඇත. නව පාර්ලිමේන්තුව ද පළමු වතාවට ඊයේ රැස්වූයේය. ජාතික ජන බලවේගයේ දේශපාලන වැඩසටහන විධායකය සහ ව්‍යවස්ථාදායකය යන ක්ෂේත්‍ර දෙකේම ශක්


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 563 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 766 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2147 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site