දෝෂාභියෝගයෙන් පසු රටේ නව දේශපාලන වටපිටාවත් ක‍්‍රමයෙන් වර්ධනය වෙමින් තිබෙන ආගම්වාදී ප‍්‍රවණතාත් ව්‍යවස්ථාමය හා පරිපාලන ප‍්‍රතිසංස්කරණ යෝජනාත් සම්බන්ධයෙන් මෙවර සඳුඳා හමුවෙන් අදහස් දක්වන්නේ ජනතා විමුක්ති පෙරමුණේ ප‍්‍රචාරක ලේකම් පාර්ලිමේන්තු මන්ත‍්‍රී විජිත හේරත් මහතා ය.
⋆ ආණ්ඩුව දෝෂාභියෝගයෙන් ජය ලැබුවේ මාරාන්තික තුවාල සහිතව යැයි ජ.වි.පෙ කීවත් අවසන මරණ තර්ජන එල්ලවුණේ දෝෂාභියෝගයට විරුද්ධ වූ නීතිඥවරුන්ටයි. දෝෂාභියෝගයට සාමකාමීව විරෝධය පළකළ පිරිස් මැර ප‍්‍රහාරයට ලක්වුණත් කිසිවකුත් අත්අඩංගුවට ගත්තේ නෑ. විපක්ෂයෙන් විරෝධය කෙසේ ආවත් ආණ්ඩුවේ ගමන වැළැක්වීම දුෂ්කරයි නේද? විශේෂයෙන්ම සාමාන්‍ය ජනතාවගෙන් ප‍්‍රමාණාත්මක විරෝධයක් ආණ්ඩුවට නෑ?
රටක නීතිය පිළිබඳ විශ්වාසය බිඳවැටීම කිසිසේත්ම ජයග‍්‍රහණයක් නෙවෙයි. පසුබැසීමක්. ආණ්ඩුව මෙම දෝෂාභියෝගය ජයගත්තේ කුලූ පොලූ රැගත් මැරයන් යොදා අවනීතිය ක‍්‍රියාත්මක කරලා බලහත්කාරය පාවිච්චි කිරීම තුළයි. ඉතින් මේ ඒකාධිපති ආණ්ඩුවේ ඇත්ත පැටිකිරිය ඉන් මහජනතාවට හොඳින් හෙළිදරව් වුණා. නීතිඥවරුන්ට තර්ජනය කිරීම හා ඊට සම්බන්ධ වූ පිරිස් මර්දනය කිරීම හරහා පෙන්නුම් කරන්නේ සැබෑ ගමන කුමක්ද යන්නයි. ඒකෙන් සිදුවුණේ ආණ්ඩුව හිටපු තැනිනුත් ඇදවැටිලා පසුබැස්ස එක විතරයි.
ජනතා විමුක්ති පෙරමුණේ ප‍්‍රචාරක ලේකම් විජිත හේරත් |
⋆ විපක්ෂය කවරක් කීවත් අද ආණ්ඩුව සතු තුනෙන් දෙකේ බලයට ඉන් අභියෝගයක් වන තත්ත්වයක් නෑ. පක්ෂ මාරු කිරීමේ දේශපාලන කලාව සෘජුවම මෙරට ජනතා පරමාධිපත්‍යයට බලපෑමක් එල්ල කර තිබෙන බව හොඳින්ම ඔප්පු වී තිබෙනවා. විශේෂයෙන්ම බහුතරයේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය අද පුස්සක් වී තිබෙනවා නේද?
ජනතාව කිසියම් දේශපාලන පක්ෂයකට ඡුන්දය දෙන්නේ ඒ පක්ෂ ප‍්‍රතිපත්ති මතයි. නමුත් පක්ෂෙ මාරු කරලා අනෙක් පැත්තට යනවා කියන්නේ ජනතා කැමැත්තට පයින් ගැසීමක්. ලබාගත් ජනවරමට පයින් ගැසීමක්. එනිසා මෙය සම්පූර්ණයෙන්ම වැරැදි ක‍්‍රියාවක්. පසුගිය කාලයේ ඇතිවෙච්ච තත්ත්වයන්ට රුකුලක් වුණේ එයයි. එනිසා තමයි ආණ්ඩුවට පුළුවන් වුණේ සුජාත නොවූ තුනෙන් දෙකේ බලයක් හදාගන්න. මේක සැබෑ ජන නියෝජනයක් සහිත තුනෙන් දෙකේ බලයක් නෙවෙයි. කිසිම වෙලාවක මේ ආණ්ඩුවට ජනතාව තුනෙන් දෙකේ බලයක් දුන්නේ නෑ. වරදාන වරප‍්‍රසාද අල්ලස් දීලා හදාගත්ත තුනෙන් දෙකේ බලය මර්දන නීතිරීති සම්පාදනය කරගනිමින් අද වනවිට ජනතාවට එරෙහිවම ක‍්‍රියා කරමින් තිබෙනවා. අපි දකින්නේ මේ විදියට පක්ෂ මාරු කිරීම හා ඒ පක්ෂවලින් ඉවත්වෙලා ජනතා විරෝධීව ආණ්ඩුවේ බඩගෝස්තරවාදී දේශපාලනය හා සම්බන්ධවීම කිසිසේත්ම මේ රටේ ජනතාව අනුමත කරන්නේ නැති බවයි. එනිසා ආණ්ඩුව කෘතිමව හදාගත් බලය ජනතාවගේ හෘද සාක්ෂිය තුළින් සුජාත වන්නේ නෑ.
⋆ ව්‍යවස්ථා සංශෝධනයක් සම්බන්ධයෙන් සකසන මතය මගින් දෝෂාභියෝගයේ විවේචනාත්මක අවසානයට හේතුව ද ව්‍යවස්ථාව බව අගවන්නට ආණ්ඩුව උත්සාහ ගන්නා බවකුයි පෙනෙන්නේ. දැන් 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයකටත් සූදානමක් තිබෙනවා. ඇත්තටම දෝෂාභියෝගයේ වැරැදි ක‍්‍රමවේදයට ව්‍යවස්ථාවත් හේතු වුණා ද?
එය බැලූ බැල්මටම පෙනුමෙන් අධිකරණය හා පාර්ලිමේන්තුව අතර ගැටුමක් විදියට තමයි තිබුණේ. අදත් ඒක තිබෙන්නෙ එහෙම. නමුත් හරයෙන් ඒක එහෙම නෙවෙයි. විධායක ජනාධිපතිවරයාගේ අභිලාශයන් ඉටුකරගැනීම හා බලය තහවුරු කරගැනීම පිළිබඳ ප‍්‍රශ්නයකුයි තිබෙන්නේ. ආණ්ඩුවේ වුවමනාව වුණේ ජනපතිවරයාට හීලෑවන අධිකරණයක් නිර්මාණය කරගැනීමයි. මෙතැන තිබෙන්නේ ව්‍යවස්ථාව පිළිබඳ ප‍්‍රශ්නයක් නෙවෙයි. ව්‍යවස්ථාව වෙනස් කරලා දැන් මේ ලෑස්ති වෙන්නේ මන්ත‍්‍රීවරුන්ගෙ පාර්ලිමේන්තුවේ බලය තවත් වැඩිකරගෙන ඒ පාර්ලිමේන්තු බලයත් ජනතාවට විරුද්ධව පාවිච්චි කරන්නයි. ව්‍යවස්ථාව වෙනස් විය යුත්තේ ජනතාවට බලය ලැබෙන ලෙසයි. එය මේ ඒකාධිපති විධායක ජනාධිපති ක‍්‍රමයම වෙනස් කරන ව්‍යවස්ථා සංශෝධනයක් විය යුතුයි. ජනතාවට සෑබෑ ලෙස බලය ලැබෙන්නේ ජනතා අයිතීන් සැබෑ ලෙස තහවුරු වන්නේ එමගින් පමණයි. දෝෂාභියෝගය ඇතිවෙන්න හෝ එය වැරැදි පීල්ලක යන්න සැබෑ හේතුව මේ විධායකය අධිකරණය තමන්ට හීලෑ කරගන්න දරපු උත්සාහයයි. ඊට හේතුව ව්‍යවස්ථාව බව පෙන්වා ආණ්ඩුව දැන් මේ හදන්නේ පව් සමාකරගන්නා ගමන් රටත් ජනතාවත් අන්ඳවන්නටයි.
⋆ මනාප ඡන්ද ක‍්‍රමය අහෝසි කරනවාත් සමග අතීතයේ පැවැති ගම් සභා ක‍්‍රමය යළි ස්ථාපිත කළයුතු බව ආණ්ඩුව අවධාරණය කරනවා. විශේෂයෙන්ම වාරිමාර්ග හා ජල සම්පත් කළමනාකරණ අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පසුගියදා පවසා තිබුණේ එමගින් ගමට ජනතාවට බලය දීමේ පළාත් පාලන ක‍්‍රමයක් ස්ථාපිත කළහැකි බවයි?
සීමා නිර්ණය කොමිසම හරහා තමන්ගේ බල සීමාවල් ලකුණු කරගැනීමයි ආණ්ඩුව මේ දිනවල සිදුකරමින් තිබෙන්නේ. ජන ඝනත්වයේ, ජන සංයුතියේ ව්‍යාප්තිය අනුව විද්‍යාත්මකව කොට්ඨාශ නිර්ණය කරනවා වෙනුවට ප‍්‍රදේශයේ මන්ත‍්‍රීවරයාගේ ඡන්ද ගොඩ කොහොමද හදාගන්නේ කියන එක මත පදනම්ව තමයි මේ දිනවල ඡන්ද කොට්ඨාශ ප‍්‍රාදේශීය වශයෙන් හදමින් තිබෙන්නේ. ආණ්ඩුවේ යටි අරමුණු හරිම පැහැදිලියි. ඒ නිසා අපි දකින්නේ මේ ඡන්ද ක‍්‍රමය වෙනස් කළාට පමණක් හරියන්නෙ නෑ රටේ දේශපාලන සංස්කෘතිය වෙනස් නොකර. මැර ප‍්‍රචණ්ඩ දේශපාලනය ඔය ඡන්ද ක‍්‍රමය ගෙනාවාය කියලා වෙනස් වෙන්නේ නෑ. ඒ සඳහා මුළුමනින්ම මේ දුර්දාන්ත දේශපාලන ක‍්‍රමය වෙනස් කළ යුතුයි. ආණ්ඩුව හදන්නේ මේ ඡන්ද ක‍්‍රමය හරහා දිවි නැගුම පනත හරහා තමන්ගේ දේශපාලන ව්‍යාපෘතින් බලහත්කාරයෙන් ගමට ඔබ්බවන්නයි. එහෙම කරලා තමන්ගේ බල ව්‍යාපෘතිය ශක්තිමත් කරගන්න දමන උගුලක් තමයි මේ යෝජනා තුළ තිබෙන්නේ.
⋆ ආණ්ඩුව එවැනි කතාවක් කියද්දී ශ‍්‍රී ලංකා කතෝලික රදගුරු සංගමය උගත් පාඩම් නිර්දේශ ක‍්‍රියාත්මක කර උතුරු පළාත් සභාව පිහිටුවා සිවිල් පරිපාලනය ස්ථාපිත කරන්නැයි ආණ්ඩුවෙන් නිල වශයෙන්ම ඉල්ලීමක් කර තිබෙනවා. මේ පරිපාලන ක‍්‍රම එකිනෙකට වෙනස්?
මෙය ඉතාම කනගාටුදායක තත්ත්වයක්. දැන් යුද්ධය ඉවර වෙලා අවුරුදු හතරකටත් ආසන්න වෙලා තිබියදීත් උතුරේ තවමත් ක‍්‍රියාත්මක වෙන්නේ අර්ධ මිලිටරි පාලනයක්. උතුරේ ජනතාවට නිදහසේ හුස්ම ගන්න පුළුවන් තත්ත්වයක් නෑ. නිදහසේ කතා කරන්න, නිදහසේ ඇවිදින්න බෑ. අදත් උතුරේ නිවැසියන්ට සමූහ ඡායාරූපයක් ගන්න බෑ. එහෙම ගත්තොත් පොලිසියෙන් ඇවිත් ඒවාට බාධා කරනවා. බලපෑම් කරනවා. හැබැයි හමුදාවෙන් ඇවිත් බොහෝ නිවැසියන්ගේ සමූහ ඡායාරූප අරන් යනවා. උතුරේ ජනතාවගේ ආගමික කටයුතුවලට, අධ්‍යාපනයට භාෂණයේ ප‍්‍රකාශනයේ තත්ත්වයන් සියල්ලට හමුදාව මැදිහත්වෙනවා. ඒ තුළ කිසිම ආකාරයක සිවිල් පරිපාලනයක් නෑ. මේ අර්ධ මිලිටරි පාලනය තිබෙනතුරු කිසිමදාක ඒ ජනතාවගේ මානව හිමිකම් ආරක්ෂා වෙන්නේ නෑ. ප‍්‍රජාතන්ත‍්‍රවාදයක් ඇතිවෙන්නේ නෑ. මේවා තුළින් වෛරය තවත් අවුලූවාලමින් ප‍්‍රශ්නය ඔඩුදුවනවා. ජනතා විමුක්ති පෙරමුණ පක්ෂයක් හැටියට මේ කාරණා අවධාරණය කළේ යුද්ධය අවසන් වූ මෙහොතේ සිටයි.
⋆ විපක්ෂය, ආගමික නායකයන් සිවිල් පරිපාලනය ස්ථාපිත කිරීමක් ගැන කීවත් මේ වනවිට නීති පද්ධතියට සාමාන්‍ය නීති ඉක්මවා යන විශේෂ නීති එකතු වෙමින් තිබෙනවා. විශේෂයෙන්ම අපරාධ නඩු විධාන සංග‍්‍රහයේ විශේෂ විධිවිධාන පනත අතීතයට බලපාන පරිදි සම්මත කරගැනීම තුළ මානව හිමිකම් හා මූලික අයිතිවාසිකම් නඩු රැසක්ම බලරහිත තත්ත්වයට පත්වීමේ අවදානමක් තිබෙනවා. එය අවධාරණය කරන්නේ මානව හිමිකම් කොමිසමේ නිලධාරින්මයි?
තුනෙන් දෙකේ බලය ජනතාවට එරෙහිව පාවිච්චි කිරීම තමයි පැහැදිලිවම මේ තිබෙන්නේ. එක පැත්තකින් අතීතයට බලපාන පරිදි සම්මත කරගන්නවා. අනෙක් පැත්තෙන් සැකකරුවකු රඳවා තබාගැනීම පැය 48 දක්වා දිගු කරනවා. මේ පොලිසිය මගින් අත්අඩංගුවට ගන්නා පුද්ගලයන්ව අදත් විවිධ කෲර වධහිංසාවලට ලක්කරනවා. තමන්ගේ දේශපාලන විරුද්ධවාදීන්ව මර්දනය කරන්න මේක අනිවාර්යයෙන්ම පාවිච්චි කරනවා. මේ ගෙනැල්ලා තිබෙන්නේ ඉතාම බරපතල මර්දනකාරී පනතක්. ඒ මර්දනකාරී පනත් ගේන්නේ වෙන මොකකටවත් නෙවෙයි ආර්ථික වශයෙන් බංකොලොත් වෙච්ච ආණ්ඩුවට ජනතාවගේ ප‍්‍රශ්න විසඳන්න බැරි වෙනකොට සිදුවන ජනතා නැගිටීම් කැළඹීම් මර්දනය හරහා පාලනය කරන්නටයි.
⋆ සංවිධානාත්මක ලෙස දියත් වන විවිධ ව්‍යාපෘති මගින් මේ වනවිට පැහැදිලිවම රට තුළ ආගම්වාදී හා ජාතිවාදී ප‍්‍රවණතා ඉස්මතු වන තත්ත්වයකුයි අප දකින්නේ. බෞද්ධයන්ටත් විවාහ පහක් කරගැනීම පිළිබඳ අදහස් මතුවෙද්දී කැබිනට් මණ්ඩලය හරහා කලාකෘති වාරණයට ලක්කරන තැනකට තවත් ආගමික කණ්ඩායම් ගමන් කර තිබෙනවා. මෙය ආගමික නිදහස ද?
රටක් ආර්ථික වශයෙන් බංකොලොත් වෙනකොට විවිධ මිථ්‍යා විශ්වාස ඒ වගේම අන්තවාදී ආගමික හැගීම් සමාජය තුළ ව්‍යාප්ත වන්නේ ඉතාම සීඝ‍්‍රයෙන්. අද අප අත්දකින්නේ එවැනි තත්ත්වයක්. මේ පිළිබඳව අපට මේ රට තුළම පහුගිය කාලයේ අමිහිරි අත්දැකීම් තිබෙනවා. එදා බෙදුම්වාදී ත‍්‍රස්තවාදය ක‍්‍රියාත්මක වුණේ නිකම් නෙවෙයි. ඊට දශක ගණනාවකට ඉස්සෙල්ලා උද්ගත වූ තත්ත්වය වර්ධනය වෙලා එහි ප‍්‍රතිපලය විදියටයි ප‍්‍රශ්නයක් යුද්ධයක් දක්වා ඔඩුදිව්වේ. දැන් මේ ඇතිවෙලා තිබෙන තත්ත්වය කොයි පැත්තෙන් වුණත් ඉතාම වැරැදියි. අන්තවාදී ක‍්‍රියාමාර්ග සේවය කරන්නේ ඇත්ත ප‍්‍රශ්නය යටගසා නැති ප‍්‍රශ්න ඇති කිරීමටයි. ආණ්ඩුව දැනුවත්වම මෙයට ඉඩහැර තිබෙනවා. මොකද ආණ්ඩුවේ තිබෙන ආර්ථික ප‍්‍රශ්න දේශපාලන බංකොලොත්කම් ඔක්කොම මේ ජාතිවාදී, ආගම්වාදී ප‍්‍රශ්නවලින් යටගහන්න පුළුවන්. ඇත්තටම අද රට තුළ මෙසේ උද්ගත වෙමින් තිබෙන ප‍්‍රවණතා නිසා බරපතළ ව්‍යසනයක් ඇතිකිරීමේ අනතුර ජනතා විමුක්ති පෙරමුණ දකිනවා. එනිසා කවර පාර්ශ්වයකින් හෝ අන්තවාදී ලෙස ජාතිවාදී ප‍්‍රවණතාවකින් යුතුව කෙරෙන උසිගැන්වීම් වහාම නතර කළයුතුයි. දැන්ම තේරුම් අරගෙන ඒවා පරාජය කළොත් පමණයි ජාතික සමගියක් ඇතිකළ හැකිවන්නේ. එසේ නොමැතිව මෙවැනි ක‍්‍රියාකාරකම්වලට උඩගෙඩි දීමෙන් ලාංකීය ජන සමාජය ගෝත‍්‍රික සමාජයක් දක්වා ආපස්සට ගොස් නැවත යුද්ධ නිර්මාණය වන්නට පුළුවන්.
⋆සියලූ පක්ෂවල සහායෙන් ඒ සඳහා තේරීම් කාරක සභාවක් පත්කරන බව ආණ්ඩුව කරන යෝජනාව නොතකා හරින්න බෑ නේද?
ඒවා මේ ප‍්‍රශ්න කල්දාන්න කරන උප්පරවැට්ටි. ඇත්තටම රජය වහාම මැදිහත් වෙලා මේ සිද්ධිවලට සම්බන්ධ අය කැඳවා ඔවුන් සමග සාකච්ඡා කරලා මේක නියපොත්තෙන්ම කඩාදාන්න ඕනෑ. මේක පොරවෙන් කපන තැනට එන්න ඉඩදෙන්න ඕන නෑ. ඉතින් මෙච්චර හරියක් වෙලා තිබෙද්දී තේරීම් කාරක සභා පත්කරලා ඒකෙ ඇතුළෙ සාකච්ඡා කර කර ඉන්නකොට පෙරහර ගිහිල්ලා ඉවරයි. ජනතාව මර්දනය කරන්න ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී ලෙස භාවිත කරන්න පුළුවන් ඔය කියන ඊනියා තුනෙන් දෙකේ බලයෙන්ම ආණ්ඩුවට හැකියාවක් තිබෙන්න ඕනෑ මෙවැනි සමාජ විරෝධී ක‍්‍රියාකාරකම් වළක්වන්නට. හැබැයි ආණ්ඩුව ඒක කරන්නෙ නෑ.
⋆ සිංහල හා දමිල භාෂා දෙකෙන්ම ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ ඇති ජාතික ගීය දෙබසම එකට මුසු කර ගායනා කිරීම ජාතික එකමුතුව සම්බන්ධයෙන් යහපත් වනු ඇතැයි වාසුදේව අමාත්‍යවරයා යෝජනාවක් කළා. මේ ගැන ජවිපෙ දරන අදහස කෙබඳු ද?
ඇත්තටම ඒක හොඳ දෙයක්. අප අතර තිබෙන අන්‍යොන්‍ය අවිශ්වාසය සැකය නැතිකරගැනීම සඳහා ඒක හොඳ දෙයක්. නමුත් ඒක කිව්වට පමණක් මදි. භාවිතාවෙන් ඔප්පු කරන්න ඕන ඊට සූදානම් බව. ගිය අවුරුද්දෙ ඔය විදියටම මහා ලොකුවට කිව්වා 2012 ත්‍රෛභාෂික වර්ෂය කියලා. ඉන්දියාවෙ හිටපු ජනාධිපති අබ්දුල් කලාම් ලංකාවට ආපු වෙලාවේ නම් කළා 2012 ත්‍රෛභාෂික වර්ෂය කියලා. නමුත් ප‍්‍රායෝගිකව මහ පොළොවේ එහෙම දේවල් සිදුවුණේ නෑ. ඒ නිසා ඕවා කතා විතරයි. ක‍්‍රියාවට නගන ක‍්‍රමවේදයක් නෑ. අපි බහු ආගමික බහු සංස්කෘතික රටක්. එවැනි රටක ජාතික ගීය විතරක් නෙවෙයි සෑම කටයුත්තක්ම සිංහල හා දමිළ භාෂා දෙකෙන්ම කෙරෙන තත්ත්වයට රට පත්වෙනවා නම් ඒක හොඳ දෙයක් බව ජනතා විමුක්ති පෙරමුණේ විශ්වාසයයි.
⋆ ජවිපෙ නිතර කියන්නේ යුද්ධයේ සිදුවීම් හා ආණ්ඩුවේ අසමත්කම් පදනම් කරගෙන අධිරාජ්‍යවාදී බලපෑම් ලංකාවට එල්ලවනු ඇති බවයි. එහෙත් මේ වනවිට ඇමෙරිකානු ඩ්‍රෝන යානා ප‍්‍රහාර සම්බන්ධයෙනුත් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා. ඒ වගේම පෙබරවාරි 26 වැනිදා ජිනීවාහිදී ආරම්භ වන මානව හිමිකම් කවුන්සිලයේදී අප රටේ දේශපාලන තත්ත්වය කතාබහට ලක්වීමත් නොවැළැක්විය හැකියි. ජගත් සම්මුතින් නොතකා රටක් කටයුතු කළහොත් ජාත්‍යන්තරයෙන් යම් පීඩනයක් එල්ලවීම අධිරාජ්‍යවාදයටම පමණක් ලඝු කළ හැකිද?
ඇමෙරිකාව හෝ බටහිර අධිරාජ්‍යවාදී රටවල් ලොව අනෙක් රටවලට මැදිහත්වෙන්නේ ආදරයට නෙවෙයි. ඇමෙරිකාවේ භූමිකාව හරියට හොයා බැලූවොත් ඒක තේරුම්ගන්න පුළුවන්. ප‍්‍රශ්නය තිබෙන්නේ එදා මේ ලංකාව පාලනය කරපු ආණ්ඩු ජාතික ප‍්‍රශ්නය සැබෑ ලෙසම විසඳුවේ නෑ. ඒ වෙනුවට කළේ එය වර්ධනය වන්නට ඉඩහැරීමයි. ඒ අපේ රටේ අභ්‍යන්තර ප‍්‍රශ්නයක් වෙච්ච ජාත්‍යන්තර ප‍්‍රශ්නය දඩමීමා කරගෙන තමයි එක්සත් ජාතීන්ගේ සංවිධානය හා බටහිර රටවල් අපේ රටේ අභ්‍යන්තර ප‍්‍රශ්නවලට මැදිහත් වුණේ. අද ප‍්‍රජාතන්ත‍්‍රවාදය හා මානව හිමිකම් කියන කාරණා අපේ රට තුළ බරපතළ විදියට උල්ලංඝනය වෙනවා. ඇස් පනාපිටම නීති විරෝධීව කැලෑ නීතිය රජ කරන තත්ත්වයකට රට පත්වෙලා තිබෙනවා. අදත් ඔවුන්ට අපේ රටට ඇගිලි ගසන්නට පාර කපන්නේ මේ අනීතික පාලනයයි. ඔවුන්ගේ අධිරාජ්‍යවාදී බල ව්‍යාපෘතිය දියත් කිරීම සඳහා අවශ්‍ය ප‍්‍රශ්නවලට බීජ වැපිරීම් තමයි ජාත්‍යන්තර මැදිහත්වීම් කියන ඒවායෙන් සිදුවෙන්නේ. ඒ නිසා අපේ පැත්තෙන් අප කළයුතු වන්නේ අධිරාජ්‍යවාදී මැදිහත්වීම් පරාජය කිරීමට නම් මේ රටේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය ඇතිකර මානව හිමිකම් ආරක්ෂා කිරීමයි.
මහ මැතිවරණය නිමා වී ඇත. නව පාර්ලිමේන්තුව ද පළමු වතාවට ඊයේ රැස්වූයේය. ජාතික ජන බලවේගයේ දේශපාලන වැඩසටහන විධායකය සහ ව්‍යවස්ථාදායකය යන ක්ෂේත්‍ර දෙකේම ශක්
බ්‍රිතාන්‍ය යටත්විජිත සමයේ සිට මෙරට භාණ්ඩ අපනයනය සිදු වුණි. එදා සිට අද දක්වාම මෙරට ප්‍රධාන අපනයනික බෝග ලෙස හඳුනාගන්නේ තේ, පොල්, රබර් ය. එහෙත් එම පිළිගැන
ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රමුඛ ජාතික ජන බලවේගය මෙවර මහ මැතිවරණයේ දී ජනතාවගෙන් ඉල්ලා සිටියේ ‘පොහොසත් රටක් ලස්සන ජීවිතයක්’ ජනතාවට උරුම කර දීම සඳ
පෙරදිග ධාන්‍යාගාරය යන්න ඇසූ සැණින් කාගේත් මතකයට නැගෙන්නේ මහා පරාක්‍රමබාහු සමයේ අප රට හැදින් වූ නමයි. වචනයේ අර්ථය අනුව ගතහොත් පෙරදිග ලෝකයටම අවශ්‍ය තරම
ජාතික ජන බලවේගයට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක් ඉක්මවා යන ආසන 159ක අද්විතීය ජයග්‍රහණයක් ලබා දෙමින් 2024 පාර්ලිමේන්තු මැතිවරණය නිමාවට පත්විය. එහිදී සමඟි ජන බ
ජ.වි.පෙ මූලිකත්වය ගත් මේ 2024 පාර්ලිමේන්තු මැතිවරණයේ ජා.ජ.බ නැතිනම් “මාලිමා” ජයග්‍රහණය සැබවින්ම ඓතිහාසික ජයග්‍රහණයකි. ඔවුන්ගේ දේශපාලනය මා නොපිළිගත්තද, ඔ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනතා බලය රැකෙන ව්‍යවස්ථා වෙනසක් අවශ්‍යයි
ජයන්ත Sunday, 03 February 2013 12:03 PM
කතාව නම් ඇත්ත තමයි. නමුත් මෙය විස්වාස කරලා ඉදිරියට එන්න ජනතාවගේ ලොකු බියක් තියෙනවා.(නදී)
සමන් Sunday, 03 February 2013 12:14 PM
කතාව නම් හරියට හරි. දහයක් එක්ක කතාකළොත් නමදෙනෙක් කියනවා ඔය විදියට. නමුත් ආණ්ඩුව ඡන්ද දිනනවා.(නදී)
නිත්‍යා Saturday, 02 February 2013 03:09 PM
ඇත්ත ඇත්ත (ස)
උපුල් Monday, 28 January 2013 12:02 PM
කතාව ඇත්ත (දී)
අජිත් Saturday, 02 February 2013 11:44 AM
මොන ව්‍යවස්ථාවල්ද? ලෝකෙ ලොකුම කැබිනටි එක තියෙන්නේ අපේ රටේ, ගින්ස් පොතටත් දැමිම නේද?(නදී)