ගැටුමකදී මිය ගිය තරුණයකුගේ අවසන් කටයුතු නිරෝධායන නීතිය ද නොතකමින් විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් යාපනය ගුරුනගර් ප්‍රදේශයේ පැවැත් වූ බව සේයාරුවක් ද සමගින් අප පුවත්පත ඉකුත්දා වාර්තා කළේය. සේයාරුවෙන් දැක්වුණේ විශාල පිරිසක් රතිඤ්ඤා දල්වමින් මාර්ගයේ ගමන් කරන ආකාරයයි.
දෙසතියකට පමණ වැඩි කලක සිට රට වසා දමා තිබේ. එක් දිනක් වුවත් රට වසා දමා රටට ඉදිරියට යාමට නොහැකි නමුදු රට වසා දමා තිබෙන්නේ කොරෝනා මාරාන්තික වයිරසය පැතිරවීම වැළැක්වීම පිණිසය. රටේ අගුළු ඇරෙනු ඇත්තේ තත්ත්වය පාලනය කර ගැනීමට සෞඛ්‍ය අංශවලට හැකියාව ලැබුණු දිනයටය. ඒ දිනය කවදාදැයි කීව නොහැකි තත්ත්වයකි. මෙම පරිසරය සම්බන්ධයෙන් ප්‍රමාණවත් අවබෝධයෙන් කටයුතු කිරීම සෑම පුරවැසියකුගෙන්ම අපේක්ෂිත තත්ත්වයකි.
කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව දස දහසේ සීමාව ඉක්මවා ගියේය. එකම පවුලේ දෙතුන් දෙනා කොරෝනා මාරයා රැගෙන යාමේ අනුවේදනීය පුවත් එකක් පසුපස එකක් වශයෙනි. මරණය ඉදිරිපිට මිනිස් ජීවිත මෙතරම්ම අසරණ වූ යුගයක් සියවසකින් එපිට මිස මෙපිට දී හමුවී නැත. පෙර අත්දැකීම් නොමැති නිසාම දිනෙන් දින අලුත්වන තත්ත්වයට අනුව කටයුතු කිරීමට සිදුවේ. එහෙයින්ම අපගේ මාතෘ භූමිය දුරාතීතයේ විශාලා මහනුවර තත්ත්වයටත් නූතනයේ ඉන්දියාවේ තත්ත්වයටත් පත්වීම වළක්වා ගැනීමේ වගකීම සෑම පුරවැසියකු ඉදිරිපිටම වේ.
කරුණු කාරණා එපරිදි වුවද රටේ තත්ත්වය සම්බන්ධයෙන් අබමල් රොනක තරම් හෝ වගකීමක් නොමැතිව ඉතාම මුග්ධ හා මුරණ්ඩු ලෙස කටයුතු කරන පිරිස් සිටිති. යාපනයේ ගුරුනගර් ප්‍රදේශයෙන් වාර්තා වූයේ එබඳු පිරිසකි. අප පුවත්පත වාර්තා කළ තවත් ප්‍රවෘත්තියකින් කියැවුණේ කොටගල සෞඛ්‍ය වෛද්‍ය ප්‍රදේශයේ කුඩාගම හෝටලයක නිරෝධායන ඇඳිරි නීතිය උල්ලංඝනය කරමින් විවාහ උත්සවයක් සඳහා පැමිණි 15 දෙනකු ස්වයං නිරෝධායනයට ලක් කිරීමට එම සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලය පියවර ගත් බවය. තවත් ප්‍රවෘත්තියකින් කියැවුණේ වව්නියාව ඕලුමඩම පට්ටේපෙරින්දකුලම ගම්මානයේ නිරෝධායනය නීති උල්ලංඝනය කරමින් අවමංගල්‍ය උත්සවයකට සහභාගී වූ පුද්ගලයන් 28 දෙනකු කොරෝනා ආසාදිතයන් ලෙස හඳුනාගත් බව වවුනියාව මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරීන් පවසන බවය.
කොරෝනා මාරාන්තික වයිරසය අප රට ආක්‍රමණය කළ දා පටන් රජය ගත යුතු සෑම පියවරක්ම ගත්තේය. සෞඛ්‍ය අංශ තම ජීවිත අවදානම ද නොතකමින් ආසාදිතයන් සුවපත් කර නිවෙස් කරා ගමන් කිරීමට පියවර ගත්හ. ආරක්ෂක අංශ සිය රාජකාරී සිමාවන්ගෙන් එළියට පැමිණ කොරෝනා මර්දන මෙහෙයුමට තම අනුපමේය දායකත්වය ලබා දුන්හ. ඉකුත් 31 වැනිදා වනවිට සුවය ලබා පිටත්ව ගිය පිරිස 374156 කි. රෝහල්වල හා ප්‍රතිකාර මධ්‍යස්ථානවල ප්‍රතිකාර ලබන පිරිස 55098 කි. මෙම සංඛ්‍යා ලේඛන යම් ප්‍රමාණයකට සුබදායි බව පැවසිය යුතුය. මෙම තත්ත්වය සෞඛ්‍ය අංශවල හා ආරක්ෂක අංශවල උපමා නැති කැපකිරීම් හි ප්‍රතිඵල බව ඒකාන්ත සත්‍යයකි.
කොරෝනා මාරක වසංගතය හමුවේ ඇති එක් සාර්ථක විසඳුමක් වනුයේ වයිරස් ව්‍යාප්තිය පාලනය කිරීමය. ආසාදිතයන් වර්ධනය වීම මර්දනය කිරීමය. පළාත් අතර සංචරණ සීමා පනවනු ලබන්නේත් නිරෝධායන ඇඳිරි නීතිය පනවනු ලබන්නේත් මේ වෙනුවෙනි. එමගින් බලාපොරොත්තු වන්නේ ජනයා ඒකරාශිවීම වැළැක්වීමය. රස්තියාදුවේ යාම වැළැක්වීමය. පොලීසිය හෝ හමුදා භටයන් ගිනි අවි එල්ල කර ඒකරාශීවීම වැළැක්වීම වෙනුවට ස්වයං විනයකින් යුතුව ජනතාව එමගට පිවිසිය යුතුය.
යතුරු පැදියක ගමන් කළ අඹුසැමි යුවළක් අනතුරකට ලක්ව මිය ගියහ. අනතුරුව එම දෙදෙනාගේ පීසීආර් පරීක්ෂණයක් සිදු කළ අතර වාර්තා වූයේ එම දෙදෙනාම කොරෝනා ආසාදිතයන් බවය. ඇතැම්විට එම රිය අනතුර නොවන්න ඔවුන් කොරෝනා ආසාදිතයන් යැයි හඳුනා නොගැනීමට ඉඩ තිබිණි. මෙයින් පැහැදිලි වන්නේ වයිරසයේ බරපතළකමය. එහි ව්‍යාප්තිය සිදුවන ආකාරය ගැනය. කිසිදු රෝග ලක්ෂණයක් පෙන්නුම් නොකරන ආසාදිතයන් සිටින බව ද සෞඛ්‍ය විශේෂඥයෝ පවසති. ඔවුන් හා ඇසුර කෙසේ පැවැත්විය යුතු ද යන්න පැවසීම කළ නොහැක්කකි.
මහජනතාවගෙන් අවශ්‍ය සහයෝගය නොලැබෙන්නේ නම් කොරෝනා මර්දන මෙහෙයුම ගඟට කැපු ඉනි මෙන් අපතේ යනු ඇත. එමගින් සිදුවන්නේ කොරෝනා මාරක වසංගතයෙන් මිදුණු රටක් සම්බන්ධ ප්‍රාර්ථනය ගලක හැපුණු වීදුරු පාත්තරයක් මෙන් සුණුවිසුණු වී යාමය. එබඳු පරිසරයක මරණයට හිත හදාගෙන ජීවත් වීමට සියල්ලන්ටම සිදුවනු ඇත. එය කෙතරම් නපුරු අත්දැකීමක්දැයි පැවසිය යුතු නැත.
(***)
ලෙබනනයේ ෂියා මුස්ලිම් හිස්බුල්ලා සංවිධානයේ මහ ලේකම්වරයා, එසේත් නැතිනම් නායකයා ෂෙයික් හසන් නසරැල්ලා ඝාතනය කිරීමට ඊශ්‍රායලය සමත් විය. 64 හැවිරිදි නසරැල
හිටපු අමාත්‍යවරයකු අභාවප්‍රාප්ත කුමාර වෙල්ගම මහතාගේ අවසන් කටයුතු අද (30) සවස මතුගම ආදාහනාගාරයේ දී සිදු කෙරේ මේ ලිපිය ඒ නිමිත්තෙනි.
නිදහසට පසු යුගය තුළ ශ්‍රී ලාංකික දේශපාලන ඉතිහාසයේ පළමු වතාවට සාම්ප්‍රදායික වම හෝ දකුණ හෝ බලයට එන දේශපාලනය වෙනුවට අලුත් බලවේගයක් නිර්මාණය වී තිබේ. ඉකුත
පසුගිය ජනාධිපතිවරණ සමයේදී ඉදිරිපත් වූ ඉතාමත් ප්‍රබල තර්කය වූයේ 2019 ජනාධිපතිවරණයේ දී සියට 3.16ක ඡන්ද සංඛ්‍යාවක් ලැබූ ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිස
අගනුවර පුරෝගාමී කතෝලික පාඨශාලාවක් වන කොළඹ 13, ශාන්ත බෙනදික්ත විද්‍යාලයේ ‘වාර්ෂික සිංහල සාහිත්‍ය කලා උළෙල අද (27) පස්වරු 2.30 ට විද්‍යාලයීය රංග ශාලාවේදී පැවැ
මෙවර කිවිදා දැක්ම ලියන්නේ ජනාධිපතිවරණය නිමාවට පත් වී තිබෙන මොහොතකය. අනුර කුමාර දිසානායක මහතා රටේ ජනාධිපති ධුරයට පත්වීම හරහා ජාතික ජනබලවේගයේ ප්‍රතිපත
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
ජනතා වගකීම් පැහැර හැරීම් කොරෝනා උවදුරට හේතුවක්