පසුගිය පස්වැනිදා පැවති තීරණාත්මක මහ මැතිවරණයේදී මේ රටේ බහුතර ජනතාවගේ කැමැත්තෙන් එනම් ඡන්ද 6,853,693 (59.09%) කින් ආසන 128 ක් සමග ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර 17ක් ලබාගනිමින් දේශපාලන පක්ෂයක් ලැබූ වැඩිම මන්ත්‍රීධුර සංඛ්‍යාව ලබා (ආසන 145) පොදු ජන පෙරමුණට හිතවත් දේශපාලන කණ්ඩායම් එකතු කරමින් (ආසන 151) තුනෙන් දෙකක බහුතරයක ජයක් ලැබීම ඓතිහාසික අවස්ථාවක් ලෙස සැලකිය හැකිය. විශේෂයෙන් අලුත් දේශපාලන ධාරාවක් ගොඩනගා ඉතාමත් කෙටි කාල පරිච්ඡේදයක් තුළ දී ප්‍රාදේශීය සභා මැතිවරණයක් විශිෂ්ට ලෙස ජයග්‍රහණය කරමින් ඉන්පසු එළැඹි ජනාධිපතිවරණය 69 ලක්ෂයක් ජනතා වරමින් ජයග්‍රහණය කොට ඉන් මාස කිහිපයකට පසු තුනෙන් දෙකක අතිබහුතර ජනතා වරමින් ජයග්‍රහණය කිරීමට ලැබීම ලංකා දේශපාලනය ඉතිහාසය තුළ නොමැකෙන සටහන් තබා හමාරය.
මෙයින් ප්‍රධාන වශයෙන් ගම්‍යවන්නේ මේ රටේ අලුතින් සිතන අලුත් ආරක ගමනක් යෑමට තැත් කරන නිර්දේශපාලනික වූ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා කෙරෙහි ජනතාව තුළ ඇති විශ්වාසයයි. අපට පෙනී යන ආකාරයට මේ රටේ බහුතර ජනතාව ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ “සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාශය ඉහළින් අගයකොට ඇති බව පෙනී යයි. අනෙක් අතට ඔහු නිර්දේශපාලනිකව සිදු කරනු ලබන ඇතැම් ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් ජනතාව තුළ පවතින්නේ ඉහළ ප්‍රසාදයකි. ඔහු බලයට පත්වීමෙන් පසු රාජ්‍ය ආයතන සඳහා සුදුසුකම් ඇති වෘත්තීයවේදීන් පත්කිරීම්වල සිට කොරෝනා වසංගතය ඉතාමත් ක්‍රමෝපායික ලෙස මර්දනය කිරීම ජනතාවගේ විශ්වාසය තවදුරටත් තහවුරු කිරීමට සාධකයක් විය. ජනතාවට හිසරදයක් වූ පාතාලය මර්දනය කිරීම, රටේ අනාගත පරපුර විනාශ කරන මත් උවදුර විනාශ කිරීමට ගත් කඩිනම් පියවර ජනතා විශ්වාසය තවදුරටත් තහවුරු කරන්නක් විය.
ඉතිහාසයේ ප්‍රෞඪ රාජ්‍යයක් බවට පත් වී තිබූ ශ්‍රී ලංකාව නිදහසින් පසු සංවර්ධනය වීමට නොහැකි වීමට බලපෑ ප්‍රධාන හේතුවක් ලෙස ලෙස දැකිය හැක්කේ 70 දශකයෙන් පසු පත්වූ රජයන් තුළ පැවති දූෂණය, නාස්තිය සහ අකාර්යක්ෂමතාවයි. ඉහළ සිට පහළට ආයතන තුළ පවතින නාස්තිය සහ දූෂණය අවම කර ගැනීමෙන් විශාල මුදල් සම්භාරයක් රජයට ඉතුරු කර ගත හැකිය. ඒ සඳහා නව ක්‍රමවේද හඳුන්වා දීම සිදුකළ යුතුය. රජයට ලැබෙන ණය, විදේශ ආධාර නිසියාකාර කළමනාකරණය කිරීම සඳහා පුළුල් ක්‍රමවේදයක් හඳුන්වා දිය යුතුය.
රාජ්‍ය රාමුව තුළ සිදුවන දූෂණ මර්දනය සඳහා හොංකොං රාජ්‍යයේ පවතින (Independent Commission Against Corruption) දූෂණයට එරෙහි ස්වාධීන කොමිසම වැනි පුළුල් බලතල සහිත ස්වාධීන ආයතනයක් පිහිටුවීම ඉතාම වැදගත් සාධකයකි. ඉහළ දේශපාලන නායකයාගේ සිට පහළ පුරවැසියා දක්වා ඔවුන්ගෙන් සිදුවන දූෂිත ගනුදෙනු විශ්ලේෂණය සඳහා ස්වාධීන කාර්යමණ්ඩලයක් පත් කළ යුතුය. බටහිර රටවල් මෙන් අදාළ පුද්ගලයා සහ ඔහුගේ පවුලේ සාමාජිකයන්ගේ බැංකු ගිණුම් ස්වයංක්‍රීය ක්‍රමවේදයක් ඔස්සේ නිරීක්ෂණය වන අතර සැකකටයුතු ගනුදෙනුවක් සිදුවන්නේ නම් එය ස්වයංක්‍රීයව නිරීක්ෂණය වේ. ලෝක ආර්ථික කවුන්සිලයට අනුව ලෝකය තුළ සිදුවන දූෂණය සහ නාස්තිය හේතුවෙන් ලෝක ආර්ථිකයට වන බලපෑම් ඇමරිකානු ඩොලර් ට්‍රිලියන 2.6 ක් වන අතර එය ගෝලීය දළ දේශීය නිෂ්පාදිතයේ අගයක් ලෙස සියයට පහක් වන බව දක්වා ඇත. Transparency International ආයතනයේ CPI (Corruption Perceptions Index) 2019 අනුව ලෝකයේ දූෂිතම රාජ්‍යය ලෙස නම් කර ඇත්තේ සෝමාලියාවය. ලංකාව ඔවුන්ගේ වර්ග කිරීම්වලට අනුව 93 වැනි ස්ථානයට වර්ගීකරණයකොට ඇත. ලංකාව තුළ දූෂණය හා නාස්තිය සම්බන්ධයෙන් ආර්ථිකයට වූ පාඩුව ගණනය කර නොතිබුණත් එය ඇමරිකානු ඩොලර් බිලියන ගණනක් වන බව කවුරුත් දන්නා කාරණයකි. මේ මුදල් සම්භාරය රටට ඉතුරු කරගැනීමට හැකිව තිබුණේ නම් මේ වනවිටත් ලංකාව සංවර්ධනය වූ රටක් බවට පත්වීම නොවැළැක්විය හැකිය. එසේනම් රාජ්‍ය පාලනය තුළ පවතින දූෂණය, නාස්තිය සහ අකාර්යක්ෂමතාව ඉතා කඩිනමින් ඉවත් කරගැනීමට ක්‍රමවේදයක් සකස් කිරීම ජනතාව නව රජයෙන් අපේක්ෂා කරන ප්‍රධාන කාරණයකි.
මේ වනවිට ලාංකික ජනතාව නව දේශපාලන මත කරා යොමුවී ඇති බව පෙනී යයි. මිනීමැරීම්, ඇනකොටා ගැනීම්වලින් තොර වූ සාධාරණ, අපක්ෂපාතී මැතිවරණයක් ලෙස මෙවර මැතිවරණය ඉතිහාසයට එක්වනු ඇත. මෙය ජනතාවගේ දේශපාලන විඤ්ඤාණයේ ඉහළ යාම කියාපාන්නකි. කෙසේ වෙතත් මැතිවරණයේ දත්තවලට අනුව ලක්ෂ 7කට වැඩි ඡන්ද ගණනක් ප්‍රතික්ෂේප වීම නැවත වතාවක් සිතා බැලිය යුතු කාරණයකි. තවදුරටත් මෙම ඡන්ද ක්‍රමය පිළිබඳ ජනතාවට ප්‍රසාදයක් නොමැති අතර මෙම ඡන්ද ක්‍රමයෙන් දූෂිත ජනතා නියෝජිතයන් බිහිවීම නොවැළැක්විය හැකිය. මැතිවරණයක් ජයග්‍රහණය කොට ජනතා නියෝජිතයකු වීම සඳහා අඩුම තරමින් අඩු වැඩි වශයෙන් මිලියන 50කට අධික මුදලක් වැය කළ යුතු අතර එම මුදල් ඔවුන් නැවත කෙසේ උපයන්නේ ද යන්න පිළිබඳ කාටත් ගැටලුසහගතය. එම නිසා මෙම මැතිවරණ ක්‍රමයම දූෂිතයන් බිහි කරන ක්‍රමයක් වන බැවින් එය වෙනස් කිරීම ජනතා අපේක්ෂාවකි.
ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කිරීමටත් විධායක ජනාධිපති ක්‍රමයේ පවතින බලතල අඩු කිරීමටත් යැයි කියාගෙන ආ 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයේ පවතින බොහෝ දුර්වලතා ඉවත්කොට ජනතා පරමාධිපත්‍යයේ බලය තහවුරු වන නව ව්‍යවස්ථාවක අවශ්‍යතාව පසුගිය කාල පරිච්ඡේදය තුළදී ඉදිරිපත් වූ තවත් යෝජනාවකි.
අපනයන ව්‍යුහවල පුළුල් වෙනසක් ඉදිරියේදී ඇතිවිය යුතුය. තේ, රබර්, පොල් සාම්ප්‍රදායි අපනයනවලින් පමණක් නොව අලුත් ආර්ථික අවස්ථා ආර්ථිකයේ ඇති කිරීම ඉදිරි ආර්ථික සංවර්ධනයේදී වැදගත් සාධකයක් වනු ඇත. සාම්ප්‍රදායික ඇඟලුම් කර්මාන්තයෙන් මිදී නව අවස්ථා කර්මාන්තය තුළට හඳුන්වා දීමෙන් අලුත් වෙළඳපොළ සොයාගැනීම, අලුත් නිර්මාණ ඇති කිරීමෙන් ආදායම් වැඩිකර ගැනීමට හැකිය. නිර්මාණාත්මක ආර්ථික අවස්ථා සොයාගැනීමෙන් අලුත් ආර්ථික අවස්ථා සොයාගත හැකිය. සුළු අපනයන බෝග සඳහා මේ වනවිට විදේශීය වෙළෙඳපොළ පුළුල් වී ඇති අතර අගය එකතු කළ සුළු අපනයන බෝග අපනයනයෙන් විශාල ලෙස විදේශීය විනිමයක් උපයාගත හැකිය. ඒ සඳහා වෙළෙඳපොළ සොයා දීම රජයේ වගකීමකි. දේශීය වශයෙන් නිෂ්පාදනය කළ හැකි සුළු අපනයන බෝග ආනයනය සීමා කිරීම වැදගත් වන අතර එය එකවිට කිරීමෙන් සිදුවන්නේ වෙළෙඳපොළ තුළ මිල ඉහළ යාම පමණකි.
දේශීය වශයෙන් නිෂ්පාදනය වැඩිකොට ආනයන සීමා කිරීමේ ක්‍රමෝපාය වැදගත් වන අතර එය මනා කළමනාකාරීත්වයෙන් යුතුව සිදුකළ යුතුය. ගමට ලෝක වෙළෙඳපොළ ගෙන යාම සඳහා විදේශීය අපනයනකරුවන් ගම්වල ස්ථාපනය කිරීමෙන් දේශීය නිෂ්පාදන සඳහා ජාත්‍යන්තර මිලක් ලබාගත හැකි අතර මෙහිදී අතරමැදියන්ගේ සූරා කෑම වළක්වා ගත හැකිය.
පාස්කු ප්‍රහාරය නිසා කඩාවැටුණු ආර්ථිකය කොරෝනා වයිරසය නිසාවෙන් තවදුරටත් කඩාවැටීම සිදුවෙමින් පවතියි. ඒ අනුව 2020 වර්ෂයේ පළමු කාර්තුවේදී ආර්ථික වර්ධන වේගය 1.2 පහළ යාමක් වාර්තා විය. ජනතා අපේක්ෂා ඉටු කරන ගමන් කඩාවැටුණු ආර්ථිකය ඉදිරියේ දී ගොඩනගන්නේ කෙසේද යන අභියෝගය රජය සතුව තිබේ. විදේශ ආයෝජන ශක්තිමත් කිරීම සඳහා මෙයට වඩා පුළුල් ක්‍රමෝපායක් ඉදිරියේදී සකස් විය යුතුය. කොරෝනා මර්දනය හේතුවෙන් ලෝක ප්‍රජාව තුළ ශ්‍රී ලංකාව ආරක්ෂිත රාජ්‍යයක් ලෙස ඇති වී තිබෙන ප්‍රසාදය උපයෝගී කරගනිමින් විදේශ ආයෝජන ආකර්ෂණය කරගැනීම සඳහා ඉතා සරල ක්‍රමවේද ඉදිරියේදී හඳුන්වා දීමෙන් ඉතා ඉක්මනින් විදේශ ආයෝජන ආකර්ෂණය කරගත හැකිය. ඉදිරියේදී ගෙවීමට ඇති ඇමෙරිකානු ඩොලර් බිලියන 4.9 ක් පමණ වන විදේශ ණය අයකර ගැනීම කල් දැමීම සඳහා ඒ ඒ ආයතන සමඟ පුළුල් සාකච්ඡාවකට ගොස් මේ අවස්ථාව අප රටට ලබාදෙන ලෙස ඉල්ලීම් කර ගැනීමෙන් ආර්ථිකමය වශයෙන් රටට සහනයක් වනු ඇත. පසුගිය දශක කීපය තුළ දී අවධානය යොමු කරන ලද්දේ යටිතල පහසුකම් සංවර්ධනය සඳහා අවශ්‍ය විදේශ ආයෝජන, ණය ආධාර ලබා ගැනීමයි. එහෙත් අප කිසිවිටෙක දේශීය වශයෙන් නිෂ්පාදනය වැඩි කළ හැකි ආයෝජන අවස්ථා සඳහා දැක්වූයේ අඩු උනන්දුවකි. එම නිසා ඉදිරියටත් විදේශීය වෙළෙඳපොළ ප්‍රමුඛකොටගත් නිෂ්පාදනය ඉහළ නැංවිය හැකි ආයෝජන අවස්ථා ළඟාකර ගැනීම සඳහා උනන්දු විය යුතුය.
ඉදිරියේදී රට ගොඩනැගීමට අවම වශයෙන් ඇමරිකානු ඩොලර් බිලියන 4 සිට 5 දක්වා විදේශ ආයෝජන පැමිණිය යුතුය. එසේනම් මෙයද රජය සතු වන බැරෑරුම් ඉලක්කයකි. අප සැමවිටම සරල බදු ක්‍රමයක් පිළිබඳව නිරන්තරයෙන් කතිකා කළද තවමත් අපට සමීප සරල බදු ක්‍රමයක් හඳුන්වා දීමට නොහැකි වීම කනගාටුවකි. දේශීය අපනයනකරුවන්, වෙළෙඳුන්, ව්‍යාපාරික ප්‍රජාව ආරක්ෂා වන පරිදි මල නොතලා රොන් ගන්නා සේ ඔවුන් පීඩාවට පත් නොවන ආකාරයෙන් සරල බදු ක්‍රමයක් හඳුන්වා දීමෙන් රාජ්‍ය ආදායම් වැඩි කරගත හැකිය. සෞඛ්‍ය සේවා, සංචාරක, අධ්‍යාපනය, ගුවන් සේවා, සංවර්ධන ව්‍යාපෘති සඳහා ස්වෛරී ණය මත රඳා පැවතීම අවම කිරීම සඳහා රාජ්‍ය - පෞද්ගලික හවුල්කාරිත්වය දිරිගැන්වීම උදෙසා පැහැදිලි ප්‍රතිපත්තියක් සකස් කළ යුතුය. අපනයන තවදුරටත් දිරිගැන්වීම සඳහා රේගු බදු ක්‍රමයේ පවතින අඩුපාඩු ඉතා ඉක්මනින් සකස් කොට අපනයනකරුවන්ට පවතින දුෂ්කරතා අවම කිරීම මේ අවස්ථාවේදී ඉතා වැදගත් කාර්යයක් වනු ඇත. කෙසේ වෙතත් පුළුල් ජාතික වෙළෙඳ ප්‍රතිපත්තියක අවශ්‍යතාව ඇති වෙමින් පවතී. ඒ තුළින් ශ්‍රී ලංකාවට විදේශ ආයෝජන ආකර්ෂණය කර ගැනීමට, ජාත්‍යන්තර වෙළෙඳපොළට පිවිසීමට, නව තාක්‍ෂණය අනුගමනය කිරීමට, ධාරිතාව වර්ධනය කිරීමට සහ කලාපය තුළ සහ ඉන් පිටත වෙළෙඳාම වැඩිදියුණු කිරීම සඳහා මගපෙන්වීම සිදුවනු ඇත.
දිගින් දිගටම බඩු මිල ඉහළ යාම ජනතාව තුළ පීඩනය ඇති කිරීමට හේතුවක් වී තිබේ. දිගින් දිගටම ඉහළ යන බඩු මිල පාලනයට නිසියාකාර ක්‍රමවේදයක් ඉතා ඉක්මනින්ම සැකසිය යුතුය. අත්‍යවශ්‍ය ආහාරවල මිල පහළ දැමීම පමණක් නොව එක්තරා සාධාරණ මිලක් යටතේ ස්ථාවරව පවත්වාගෙන යායුතුය. සහල්, කිරිපිටි, කරවල, එළවළු වර්ග, පාන් පිටි වැනි අත්‍යවශ්‍ය ද්‍රව්‍යවල මිල ගණන් ඉහළ යාම පාලනය කළ යුතුය. මෑත කාලය තුළ සහල් වෙළෙඳපොළේ පවතින මාෆියාව බිඳ දැමීම සඳහා රජය උත්සාහයක් ගෙන තිබූ අතර තවම එය පාලනය කිරීමට නොහැකි වී තිබේ. කෙසේ වෙතත් ගොවීන් පසුගිය කාල පරිච්ඡේදය තුළදී වැඩියෙන් වගා කිරීමට පෙළඹුණ බැවින් ඉදිරි මාස කීපය තුළදී වෙළෙඳපොළට සහල් පැමිණීම හේතුවෙන් මිල පහළ යනු ඇත. ඒ අනුව ගොවීන්ගේ වී තොග මිලදී ගෙන මිල ස්ථායීව පවත්වාගෙන යාම සඳහා රජය ගබඩා පහසුකම් පුළුල් කර සහල් තොග ගබඩා කර තබාගැනීමේ ක්‍රමවේදයක් සකස් කළ යුතුය.
දැනටමත් රජය ආනයන සීමා කර ඇති බැවින් වෙළෙඳ ශේෂය අඩුවී ඇත. මෙය දිගින් දිගටම පවත්වාගෙන යාමෙන් රුපියලේ අගය ශක්තිමත්ව පවත්වාගෙන යාමට මග පෑදෙනු ඇත. රුපියල අවප්‍රමාණය වීම රටේ විශාල ප්‍රශ්න ගණනාවකට හේතු සාධක වනු ඇත. ඉන්ධන මිල ඉහළ යාමත් ඉන්පසු පාරිභෝගික අත්‍යවශ්‍ය ද්‍රව්‍යවල මිල ගණන් ඉහළ යාමත් නිෂ්පාදන යෙදවුම්වල මිල ගණන් ඉහළ යාමෙන් යළිත් වතාවක් රට තුළ උද්ධමනකාරී තත්ත්වය ඉහළ යෑමට බලපෑම් ඇති කරයි. ලෝක වෙළඳපොළේ බොරතෙල් බැරලයක මිල ඇමරිකන් ඩොලර් 40-43 අතර පවතින මෙම වකවානුව තුළදී තෙල් මිල සාධාරණ ලෙස පහළ දැමීමෙන් ජනතාවට සහනයක් ලබා දීමට හැකියාව ඇත. ඒ තුළින් ප්‍රශ්න ගණනාවකට පිළිතුරු ලබා ගත හැකිය.
රටේ විරැකියාව මේ වනවිට සියයට 5 මට්ටම ඉක්මවා ඇති අතර ඉදිරියේදී මෙය තවදුරටත් ඉහළයන බව පෙනී යයි. කොරෝනා වසංගතය හේතුවෙන් මේ වනවිට ඍජු හා වක්‍ර රැකියා විශාල ප්‍රමාණයක් අහිමි වී තිබේ. ගම්බද තරුණ තරුණියන්ගේ විරැකියාව තවදුරටත් දේශපාලන සටන් පාඨයක් කරගන්නවාට වඩා ඒ සඳහා පැලැස්තර විසඳුම් ලබාදීම නවතා දමා ස්ථිරසාර විසඳුමක් කෙරෙහි යොමුවීම ජනතා අපේක්ෂාවකි. ගම්වල තරුණ තරුණියන්ගේ රැකියා ප්‍රශ්නය සඳහා ගම් මට්ටමින් කර්මාන්ත ආරම්භ කිරීමට රජය ආයෝජකයන් ව්‍යවසායකයන් දිරිගැන්විය යුතුය. මේ වනවිට රට තුළ තරුණ තරුණියන් කෘෂිකර්මාන්තය සඳහා නැඹුරුවක් ඇතිවීම හොඳ ප්‍රවණතාවකි. තෝරාගත් තරුණ තරුණියන් සඳහා වගා නොකළ ඉඩම් වගා කිරීම සඳහා ලබා දීම කළ යුතුය. මෙය විරැකියාව නැති කිරීම සඳහා තවත් හොඳ ක්‍රමයකි.
පාස්කු ප්‍රහාරයෙන් පසු රටේ ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් ජනතාව තුළ පැවැතියේ යහපත් ආකල්පයක් නොවේ. ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් පසුගිය රජය ගෙන ගිය අවම සැලකිල්ල පිළිබඳ ජනතාව සිටියේ මහත් කලකිරීමකිනි. එම නිසා ජනතාවගේ ආරක්ෂාව සහතික කළ හැකි ඍජුව වැඩ කළ හැකි නායකයකු සම්බන්ධයෙන් ජනතාව තුළ විශ්වාසයක් ගොඩනැගෙමින් පැවතියේය.
ජනතාව මේ අවස්ථාවේදී නව රජයෙන් අපේක්ෂා කරනු ලබන්නේ රට තුළ තවදුරටත් ජාතික ආරක්ෂාව තහවුරු කරමින් ශක්තිමත් පාලනයක් ගෙන යාමයි.
ජනතාව ශක්තිමත් නායකයකු කෙළින් වැඩ කරන නායකයකු මෙන්ම ශක්තිමත් රජයක් ලබාදී තිබේ. දැන් රජය සිදුකළ යුත්තේ තමන්ගේ යුතුකම් සහ වගකීම් ඉටුකිරීමයි. ජනතාවගේ එදිනෙදා ප්‍රශ්න ඉතා ඉක්මනින් හඳුනාගෙන ඒ සඳහා කෙටිකාලීන විසඳුම් සෙවීමේ වගකීම රජය සතු වේ. ජනතාව ඒ සඳහා කාලය දෙනු ඇත. එහෙත් ලබාදී ඇති කාල සීමාව ඉතා කෙටි බව සිහියේ තබාගෙන ඉතා ඉක්මනින් වැඩ පෙන්වීමේ කාලය එළඹ තිබේ.
(***)
ප්‍රවීණ ගත්කරුවකු සහ ලේඛකයකු වූ පියදාස වැලිකන්නගේ මහතා ඉකුත් 25 වැනිදා අභාවප්‍රාප්ත විය. මේ ලිපිය ඒ නිමිත්තෙනි.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙම නොවැම්බර් මස 17 වැනිදා සිට 23 වැනිදා දක්වා ශ්‍රී ලංකාවේ විස්තීර්ණ ණය ගිවිසුම සම්බන්ධයෙන් පැවැති සමාලෝචනය අවසන් වී තිබේ. ඒ අ
පෞද්ගලික හා අර්ධ රාජ්‍ය අංශයේ සේවය කරන විශ්‍රාම වැටුප් ක්‍රමයකට හිමිකම් නොමැති සේවක පිරිස් සඳහා අනිවාර්ය විශ්‍රාම දායක මුදල් ක්‍රමයක් ලෙස 1958 අංක 15 දරන
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් විසින් පසුගිය දා ශ්‍රී ලංකාව සමග දැනට ක්‍රියාත්මක වැඩසටහනට අදාළව තුන් වැනි සමාලෝචනය නොබෝදා සිදුකරන ලදී. මූල්‍ය
මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේ දී ඉතිහාසයේ පළමු වතාවට සිදුවීම් ගණනාවක් දැකගත හැකි විය. ඒවා ජාතික ජන බලවේගය පිහිටු වූ වාර්තා ලෙසද ඇතැමුන් හඳුන්වනු දුටුව
මහ මැතිවරණය නිමා වී ඇත. නව පාර්ලිමේන්තුව ද පළමු වතාවට ඊයේ රැස්වූයේය. ජාතික ජන බලවේගයේ දේශපාලන වැඩසටහන විධායකය සහ ව්‍යවස්ථාදායකය යන ක්ෂේත්‍ර දෙකේම ශක්
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනතා වරමට රජයේ වගකීම
සුභානි Tuesday, 25 August 2020 06:25 AM
ඉතා වටිනා විග්‍රහයක්. සංවර්ධනය සඳහා ජනමතය ගොඩනැංවීමට මෙවැනි තර්කානුකූල ලිපි වඩ වඩාත් පළකරන්න.
dhamneth Tuesday, 25 August 2020 08:15 AM
දූෂිතයන්ට පාර්ලිමේන්තු එන්න බැරි ක්‍රමයක් කවුරු හෝ ඉදිරිපත් කරනවා නම් හරිම වටිනවා. කොට්ඨාශ ක්‍රමය මේකට විසඳුමක් නෙමෙයි. කොට්ඨාශ ක්‍රමයේදී මුදල් වියදම් කර ඡන්ද ලබාගන්නා එක මීට වඩා පහසුයි.