මේ දිනවල රට අගුලු දැමීමක් ක්‍රියාත්මක වෙනවාදැයි සැකයක් මතුවන බවත් එයට හේතුව එම සැකය මතුවන තරමට මිනිස්සු මහ පාරේ යැයි ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ සභාපතිනි විශේෂඥ වෛද්‍ය පද්මා ගුණරත්න මහත්මිය කළ ප්‍රකාශයක් අප පුවත්පත ඉකුත්දා වාර්තා කළේය. ජනතාව අවශ්‍ය කැප කිරීම් නොකරන්නේ නම් සංචරණ සීමා අවශ්‍යවන කාලය තවත් දීර්ඝ විය හැකි බවද විශේෂඥ වෛද්‍යවරිය ප්‍රකාශ කළ බවද අප ප්‍රවෘත්තියෙහි වැඩිදුරටත් සඳහන්ය.
නිර්භය බව හා මුග්ධ බව අතර ඇත්තේ කෙස් ගසක පරතරයකි. නිර්භය බව හා මුග්ධ බව වෙන වෙනම හඳුනා ගැනීමට සියල්ලන්ටම නොහැකිය. ඒ සඳහා දියුණු කළ මනසක් තිබිය යුතුය. අප සමාජයේ එක් පිරිසකට මෙම දියුණු කළ මනස නැත. එහෙයින් ඔවුන්ට නිර්භය බව හා මුග්ධ බව වෙන වෙනම හඳුනා ගත නොහැකිය. එපමණක් නොව මුග්ධ බවම නිර්භය බව ලෙස හඳුනා ගනිති. ලෝක වසංගතයක් ඉදිරිපිට අවිචාරවත් ලෙස හැසිරෙන්නෝ මුග්ධ බව සාඩම්බර පදක්කමක්ව පළඳින්නෝ වෙති.
කොරෝනා මාරාන්තික වයිරසයට ප්රත්යක්ෂ ඖෂධයක් වන්නේ වයිරසයට බිය වීමය. වයිරසයට ප්‍රමාණය ඉක්මවා යන තරමට බිය විය යුතුය. ආරක්ෂා විය හැක්කේ එමගින් පමණි. ආසාදිතයකු නොවී සිටීමට නම් ආරක්ෂා විය යුතුමය. සංචරණ සීමා පනවනු ලබන්නෙත් ඒ වෙනුවෙන්ම විනා අන් යමකට නොවේ. එහෙත් මුග්ධ බව නිර්භය බව ලෙස සලකා කටයුතු කරන පිරිස් සංචරණ සීමා පැනවීමේ අරමුණ හඳුනා නොගනිති. රට අගුලු දැමීමක් ක්‍රියාත්මක වන්නේදැයි සැක මතුවන පරිසරයක් නිර්මාණය වී තිබෙන්නේ එහෙයිනි.
සෞඛ්‍ය අමාත්‍යාංශයේ දත්ත අනුව ආසාදිතයන් දෙදහසකට ආසන්න සංඛ්‍යාවක් දිනකට වාර්තාවන බව පෙන්වා දෙන විශේෂඥ වෛද්‍ය පද්මා ගුණරත්න මහත්මිය මෙම කොරෝනා රැල්ලෙන් පසුව තවත් රැල්ලක් ඇතිවිය හැකි හෙයින් ජනතාව වගකීම් සහගත ලෙස හැසිරීම වැදගත් බවද අවධාරණය කරන්නීය.
ජනතාවගේ තියුණු අවධානය එම තත්ත්වය කෙරෙහි යොමුවිය යුතුය. කොරෝනා මාරක වසංගතය පළමු රැල්ල සාර්ථකව මැඩ පැවැත්වීමට අපි සමත්වීමු. ඒ සම්බන්ධයෙන් සෞඛ්‍ය අංශවලට ආරක්ෂක අංශවලට රජයට හා ජනතාවට ප්‍රමාණය ඉක්මවා ගිය ප්‍රසාදය පිරිනැමිය යුතුය. එහෙත් කවර හෝ හේතුවක් මත දෙවැනි රැල්ලක් නිර්මාණය විය. එය නොසැලකිල්ල නිසා හෝ අත් වැරදීමක් නිසා විය හැකිය. එහෙත් ඒ වෙනුවෙන් මුළු රටටම වන්දි ගෙවීමට සිදුවිය. දැන් තුන්වැනි රැල්ලක් ඇරැඹී තිබේ. තුන්වැනි රැල්ලට අදාළ සෞඛ්‍ය අමාත්‍යාංශයේ දත්ත මරණ බිය රැගෙන ඒමට සමත්ය. මෙම භයානක තත්ත්වය කවදා තුරන් කළ හැකිදැයි කිව නොහැකිය. එමෙන්ම තුන්වැනි රැල්ලෙන් පසුව හතරවැනි රැල්ලක් නොපැමිණේවි යැයි ඒකාන්ත සහතිකයක් නැත. ජනතාව වඩාත් වගකීමෙන් යුතුව කටයුතු කළ යුතු වන්නේ එහෙයිනි.
කොරෝනා මාරක වසංගතය මෙරට ආක්‍රමණය කර වසර එක හමාරක කාලයක් ගතවී තිබේ. මෙම කාලයට සාපේක්ෂව තමන්ගේ හැසිරීම් කෙසේ සකසා ගත යුතු දැයි අවබෝධ කර ගැනීමට අමුතු නුවණක් ඇවැසි නැත. එහෙත් ඇතැම් අශිෂ්ට පුරවැසියෝ තමන්ගේ ජීවිතයත් තම සමීපතමයන්ගේ ජීවිතත් අනතුරට හෙළමින් කටයුතු කරති. අත්‍යවශ්‍ය නොවන ගමන් බිමන් සඳහා මහ පාරට පිවිසෙන්නෝ ඔවුහු වෙති. ඔවුන් මේ සෙල්ලම් කරන්නේ මුළු රටේම අනාගතය සමගය.
පහ වසර ශිෂ්‍යත්ව විභාගය මෙන්ම අපොස උසස් පෙළ විභාගය සාර්ථකව පැවැත්වීමට හැකි විය. මෙම විභාගවලට දරුවෝ ලක්ෂ ගණනින් ඉදිරිපත් වූහ. එහෙත් ‘‘ශිෂ්‍යත්ව පොකුරක්’’ හෝ ‘‘උසස් පෙළ පොකුරක්’’ බිහි නොවීය. එයට හේතුව එම විභාග විධිමත් ලෙස හා සෞඛ්යාරක්ෂිත පිළිවෙත්වලට යටත්ව පැවැත්වූ හෙයිනි. එම විභාග සාර්ථකව පැවැත්වීම අසිරිමත් ජයග්‍රහණයකි. එමගින් පැහැදිළි වන්නේ විධිමත් ලෙස හා සෞඛ්යාරක්ෂිත පිළිවෙත්වලට යටත්ව කටයුතු කරන්නේ නම් අනවශ්‍ය ප්‍රශ්න මතු නොවන ලෙස එම කටයුතු ජයග්‍රාහීව අවසන් කළ හැකි බවය.
රජයකට කළ හැක්කේ කොරෝනා මාරක වසංගතය මැඩලීම සඳහා අවශ්‍ය ප්‍රතිපාදන, උපදෙස් ලබාදීම හා එයට අදාළ යාන්ත්‍රණය සකස් කිරීමය. ජනතාවගේ වගකීම වන්නේ සෞඛ්යාරක්ෂිත පිළිවෙත් වලට යටත්ව ක්‍රියා කිරීමය. ජනතාව එම වගකීම නිවැරැදිව ඉටු කරන්නේ නම් මෙම මාරක වසංගතය තුරන් කළ දිනය නුදුරේදීම උදාවනු ඇත.
(***)
පෞද්ගලික හා අර්ධ රාජ්‍ය අංශයේ සේවය කරන විශ්‍රාම වැටුප් ක්‍රමයකට හිමිකම් නොමැති සේවක පිරිස් සඳහා අනිවාර්ය විශ්‍රාම දායක මුදල් ක්‍රමයක් ලෙස 1958 අංක 15 දරන
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් විසින් පසුගිය දා ශ්‍රී ලංකාව සමග දැනට ක්‍රියාත්මක වැඩසටහනට අදාළව තුන් වැනි සමාලෝචනය නොබෝදා සිදුකරන ලදී. මූල්‍ය
මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේ දී ඉතිහාසයේ පළමු වතාවට සිදුවීම් ගණනාවක් දැකගත හැකි විය. ඒවා ජාතික ජන බලවේගය පිහිටු වූ වාර්තා ලෙසද ඇතැමුන් හඳුන්වනු දුටුව
මහ මැතිවරණය නිමා වී ඇත. නව පාර්ලිමේන්තුව ද පළමු වතාවට ඊයේ රැස්වූයේය. ජාතික ජන බලවේගයේ දේශපාලන වැඩසටහන විධායකය සහ ව්‍යවස්ථාදායකය යන ක්ෂේත්‍ර දෙකේම ශක්
බ්‍රිතාන්‍ය යටත්විජිත සමයේ සිට මෙරට භාණ්ඩ අපනයනය සිදු වුණි. එදා සිට අද දක්වාම මෙරට ප්‍රධාන අපනයනික බෝග ලෙස හඳුනාගන්නේ තේ, පොල්, රබර් ය. එහෙත් එම පිළිගැන
ජනාධිපති අනුර කුමාර දිසානායක ප්රමුඛ ජාතික ජන බලවේගය මෙවර මහ මැතිවරණයේ දී ජනතාවගෙන් ඉල්ලා සිටියේ ‘පොහොසත් රටක් ලස්සන ජීවිතයක්’ ජනතාවට උරුම කර දීම සඳ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනතා සහායක් නැත්නම් සංචරණ නීතිවලින් වැඩක් නෑ