ඉන්ධන ගාස්තු විශාල ලෙස ඉහළ දැමීමත් සමඟ ජනතාව පෙළු ජීවන බර තවත් අධිකවීම නිසාදෝ පෞද්ගලික බස්, ධීවර, පාසල් වෑන්, ත‍්‍රීවිල් ආදී සියලූ ක්ෂේත‍්‍ර තුළින් මතුවූයේ දැවැන්ත විරෝධතාවකි. පෞද්ගලික ප‍්‍රවාහන ඇමැති සී.බී. රත්නායක රට තුළ පවතින එකී ගිනියම් බව ගැන එළිදැක්වූ මතවාදයි මේ. ප‍්‍රශ්නය:- ඔබට තිබූ ඇතැම් ඇමතිකම් ගලවා වෙන අයට දුන්විට ඔබ නිතරම කියන්නේ පක්‍ෂය වෙනුවෙන් ජනතාව වෙනුවෙන් හිස දන් දුන් බවයි. මේ පසුබිම ඔබට හිසරදයක් නොවෙයිද? පිළිතුර:- වපුරපු බීජ අනුවයි ඇස්වැන්න ලැබෙන්නේ කියලා මම හිත හදා ගන්නවා. ප‍්‍රශ්නය:- ඒත් ඔබට කැපිල්ලක් නැත්නම් ඔබේ අකාර්යක්‍ෂමතාව මේකට හේතුවක් වෙන්න බැරිද? පිළිතුර:- අපට කැපිලි දාන්න කාටවත් බෑ. එජාපය වසර 17 ක පාලනය එක්ක හැප්පිලා ගාමිණී දිසානායක වගේ ප‍්‍රබලයො එක්ක ගැටිලා 94 ඉඳලා ශ්‍රීලනිපය දිනවන්න අපි කැපවුණා. මට මෙහෙම වෙන්න ඔබ කී දෙවැනි කරුණ එනම් අකාර්යක්‍ෂමතාව හේතු වෙනවද කියල දන්නෙ නෑ. මම ලැබෙන දෙයින් සතුටු වෙලා රටට උපරිම සේවයක් කරන්න කැපවෙනවා. ප‍්‍රශ්නය:- ඔබට ලැබුණු බලවත්ම ඇමතිකම ක‍්‍රීඩායි. එහි නාස්තිය, දූෂණයට එරෙහිවෙමින් ඊට එළිපිට බැට දෙමින් ක‍්‍රිකට් ඇතුලූ සමස්ත ක‍්‍රීඩාවට ශුද්ධයක් දෙන්න හැදූවිටම ඔබ ඉන් ඉවත් කළා. ඒ ගැන යමක් කිව හැකිද? අදීනව වැඩ කරන අයට මේ ආණ්ඩුව තුළ ඉඩක් නැද්ද? පිළිතුර:- ජීවිතයේ සීමාව ඉක්මවූ අපේක්‍ෂා තියාගත්තොත් ඒක දුකට හේතුවක්. ඒ ගැන හිතලයි මම වැඩ කරන්නේ. මිනිහෙකුට ඉරණමක් තිබෙනවා. ඉරණම උරුමය කියන්නෙ ඒකටයි. ඒවාට අඬලා වැඩක් නෑ. ප‍්‍රශ්නය:- ඔබට දැන් ලැබී ඇති වගකීම සබන් නැතුව වුවත් හොඳට නාන්න ලැබෙන අභියෝගාත්මක තැනක්. නව අභියෝග ගැන මොකද කියන්නේ? පිළිතුර:- මම සතුටින් සෙමින් ඉදිරි දැක්මක් එක්ක ඉදිරියට යන්නයි බලන්නේ. ශක්තිමත් අත්තිවාරමක් දැම්මාම හොඳ දෙයක් කළ හැකියි. ඒත් බිල්ඩිම ගැන මිසක් අත්තිවාරම ගැන බොහෝ අයට මතකත් නෑ. හැමදාම මම අත්තිවාරම් දැම්මා විතරයි. පෞද්ගලික ප‍්‍රවාහන පද්ධතිය ගත්තාම බස් විතරක් නොවෙයි. ගොන් කරත්තේ ඉඳලා පෞද්ගලික ජෙට් එක දක්වා මීට අයිතියි. රටේ අනාගතයට අත්‍යවශ්‍ය අමාත්‍යංශයක් මේ නිර්මාණය කරල තියෙන්නේ. ලංගමට බස් 4000 යි තියෙන්නේ. පෞද්ගලික බස් 23,800 ක් තියෙනවා. පාසල් වෑන් 50,000 කට ආසන්නයි. ත‍්‍රීවිල් 6,45,000 ක් හා කුලී රථ 15,000 ක් විතර තිබෙනවා. ප‍්‍රවාහන ලොරි, කන්ටේනර්, වෑන් තිබෙනවා. 2005 දී ජනාධිපතිතුමා රට බාරගන්න කොට තිබුණු වාහන ලක්‍ෂ 23 දැන් දෙගුණයකට ආසන්නයි. මේ අමාත්‍යාංශයේ වගකීම්වල දැවැන්ත බව පේන්නෙ එතනදීයි. පෞද්ගලික ප‍්‍රවාහනයට අදාළව අනාගත දැක්මක් සහිත ජාතික ප‍්‍රතිපත්තිය හදලා ගමනාගමන කොමිසම් පනත සංශෝධනය කරන්නත් ඒකාබද්ධ කාලසටහනක් තුළ බස් සේවය ක‍්‍රියාත්මක කරන්නත් අපි කැපවෙනවා. පළාත් සභා මට්ටමින් මාර්ගස්ථ ප‍්‍රවාහන අධිකාරීන් ක‍්‍රියාත්මකයි. අද මේ රටේ ප‍්‍රවාහන ඇමතිවරු 11 ක් ඉන්නවා. ප‍්‍රශ්නය:- හිටි හැටියේ ඉන්ධන මිල ඉහළයාම සමස්ත ජනතාවට දරාගත නොහැකි බරක් බවට පත්වී ජනතාව පාරට බැහැලා අරගල කළා. බස් හිමියන් ඉන් මූලික වුණා. ඔබ එක් බස් සංගමයක නිලධාරියෙකුත් ළඟ තියාගෙන ස්ට‍්‍රයික් කළොත් අපි බලා ගන්නම් කියල උජාරු කතා කිව්වත් මුළු රටේම පෞද්ගලික බස් නැවතුණු විට බස් ගාස්තු වැඩිකර ජනතාව මත ඒ බරක් පටවන්න ආණ්ඩුව ඉඩ දුන්න නේද? පිළිතුර:- බස් හිමියන් බලන්නේ ලාබයක් උපයන්නයි. ඒත් ඔවුන් රටට බරක් නෑ. බස් 23,000 නිසා හිමියන්, රියැදුරන්, කොන්දොස්තරවරු, මිකැනික්ලා කී දාහක් හා ඒ පවුල්වල ලක්‍ෂ 02 ක් විතර රටට බරක් නැතුව ජීවත් වෙනවා. මොන චෝදනා අවලාද ආවත් ඔවුන් බස් මගීන්ටත් පහසුකම් සලසනවා. බස් සංගම් කීපයක් තියෙන නිසා ඔවුන්ගේ ඉල්ලීම් විවිධයි. ඔවුන් පිටුපස දේශපාලනයක් තිබෙනවා. රාජ්‍ය නොවන සංවිධානවලින් යැපෙන බස් සංගම් තියෙනවා. බස් සංගම් ඉල්ලන ඇතැම් දේ සාධාරණ නෑ. එතැනදී මම ඔවුන්ට අභියෝග කරනවා. මම ඇමතිකම බාරගත්තාට පසු හතරවතාවක් ඔවුන් වර්ජන තර්ජන දැම්මා. එතැනදී මම වෙන මොකෙන් උත්තර දෙන්නද? දරුවෙකුට වුණත් හොඳින් කියල බැරිනම් කෝටුව පාවිච්චි කරන්න වෙනවා. මිනිස්සු ඇපයට තියල වැඩ කරන අයට තර්ජන දාන්න වෙනවා. ප‍්‍රශ්නය:- මුලදී ඔබ තර්ජන දැම්මට බස් වර්ජනයට පසු සියලූ ඉල්ලීම් ලබාදී විශාල බස් ගාස්තුවක් ඉහළ දාන්න දුන්නේ කවර පදනමක් තුළද? පිළිතුර:- මම පිළිගන්නවා ඔබ කියන තර්කය ඇත්තයි කියලා. දේශපාලකයො වැජඹෙන්නේ ජනතාව නිසයි. ජනතාව හා පාසල් දරුවා බස් වර්ජනයෙන් ලක්වූ අපහසුතාව දැකලා මම ඒ තීන්දුවට ආවා. බස් සංගම් මට දුන් සහාය ගැනත් මම ස්තූති කරනවා. ඒත් මුදල් අමාත්‍යාංශ ලේකම්, ගමනාගමන කොමිසමේ සභාපති එක්ක කතා කරලා එළියට ඇවිත් එක සංගමයක කෙනෙක් මාධ්‍යයට කිව්වේ බස් සහනාධාරයට කැමති බවයි. ඒත් පසුව ජනතාව ඇපයට තියලා අයිතීන් දිනන්න ඒ සංගමය ක‍්‍රියා කළා. එතැනදී අපිත් අසරණ වුණා. මෙච්චර මුදලකින් ඞීසල් වැඩි වෙයි කියල මම හිතුවෙත් නෑ. ප‍්‍රශ්නය:- බස් වර්ජනය ප‍්‍රකාශ වී තිබියදී සටන පාවාදී හෝ ජනතාව ගැන හිතමින් හෝ බස් දුවන බවට ඔබට රටට පොරොන්දු වූ සංගමයත් බස් ධාවනය කළේ නැහැ නේද? රූපවාහිනීවල ලොකු කතා කී ඒ සංගමයේ කෙනෙකුගේ බස් රථය පවා ගාල්කර තිබුණා. ආණ්ඩුව හා ඔබ එවැනි අවස්ථාවාදීන්ට රැුවටුණා නේද? පිළිතුර:- අන්තිමේ එයාගෙ බස් දිව්වෙත් නෑ. ඒ විතරද මැති ඇමැතිවරුන්ගෙ පොලිස් හමුදා ලොක්කන්ගෙ බස් දිව්වෙත් නෑනේ. ඞීසල් මිල මෙච්චර වැඩි වුණාම දරන්න බැහැ කියන විරෝධතාව දක්වන්නත් බස් හිමියො එතනදී කි‍්‍රයා කළා. දුවපු බස් 10 කට පහර දුන්නා. ඒ නිසා කතාවට කියන දේම මහපොළොවේ ක‍්‍රියාත්මක කරන්න අමාරු වෙනවා. ප‍්‍රශ්නය:- පෙට්රල්, ඞීසල්, භූමිතෙල් මෙතරම් විශාල මුදලකින් ඉහළ යාම ගැටලූකාරීයි. ලෝක මිල වැඩිවීම නිසා වැඩි කළ බව ආණ්ඩුව කිව්වත් ඒක පිළිගන්න බෑ. ඩොලර් 148 ට තෙල් බැරලයක් ගිය වෙලාවෙවත් ලංකාවේ මෙච්චර ඉන්ධන මිල ඉහළ ගියේ නෑ. ගිය මාසේ ඩොලර් 126 ට තිබූ තෙල් බැරලය දැන් 116 ට බැහැලා. ඒත් ලංකාවේ මෙච්චර මිල ඉහළ දැමීම සාධාරණද? තවමත් රු. 90 කට ඉන්ධන ලීටරයක් දෙන්න පුළුවන් බව පිළිගන්නවාද? පිළිතුර:- මේ ගැන විවිධ විග‍්‍රහ දිය හැකියි. ත‍්‍රස්තවාදයෙන් මුදාගත් රට සංවර්ධනය කිරීමේ වගකීමත් ආණ්ඩුවට තියෙනවා. ලෝක මිල අනුව මීට අඩු මුදලට ඉන්ධන දිය හැකි බව කියන විශ්ලේෂකයො හිටියත් ඒවා අපට පිළිගන්න බැහැ. ඒ දත්ත වැරදි බවයි මම කියන්නේ. මේ වැරදි චිත‍්‍ර රටට දෙන්නෙ මාධ්‍ය හා කුමන්ත‍්‍රණකරුවනුයි. ප‍්‍රශ්නය:- ඔබ පුදුම තර්කයක් කරන්න හදන්නේ. ලෝක තෙල් මිල අද අන්තර්ජාලය තුළින් ඕනෑ කෙනෙකුට බලාගත හැකියි. ඩුබායි, සිංගප්පුරුව, ලන්ඩන්. නිව්යෝර්ක් තෙල් මාකට්වල මිල එසේ බලාගත හැකිව තිබියදී ඔබ ඒවා ප‍්‍රතික්ෂේප කරන්නේ කොහොමද? පිළිතුර:- මම කාගෙවත් අතවැසියකු හෝ අතකොලූවක් නොවන නිසා මට ඔය තොරතුරු ප‍්‍රතික්ෂේප කරන්න අයිතියක් තියෙනවා. අන්තර්ජාලය හරහා මොන තරම් බොරු ප‍්‍රචාර ගිහින් තියෙනවාද? ක්‍රෙඩිට් කාඞ්වලින් කොච්චර හොරකම් කරනවද? අන්තර්ජාලයෙන් මොන තරම් වැරදි තීන්දු දීල තියෙනවද? ෂඵත් ලොක්කා ප‍්‍රංශ ජනපතිවරණයට ඉල්ලන්න යනකොට ලිංගික අපචාර චෝදනා දාලා අධිකරණයෙන් පසුව ඔහු නිදොස් කොට නිදහස් කළා. ලංකාවේ ආර්ථිකය විනාශ කරපුවාම ජනතාව පාරට බැස්සුවාම ඒ හරහා මිනියක් දෙකක් කරගහගෙන ලෝකයට යමක් කිව්වට ජනාධිපතිතුමා හෝ ආණ්ඩුව වට්ටන්න බෑ. ප‍්‍රශ්නය:- මම අහපු ප‍්‍රශ්නයට උත්තර නොදී ඔබ මඟ ඇරියේ උත්තර නැති නිසාද? ලෝක තෙල් මිල ගැන ඇති තොරතුරුත් ප‍්‍රතික්ෂේප කරන ඔබ ජනතාවට තවත් බර පටවමින් ඉතිහාසයේ වැඩිම ප‍්‍රතිශතයකින් තෙල් මිල ඉහළ දැමීම සාධාරණ බවද කියන්නේ. පොරොන්දු වූ රු. 2500 පඩි වැඩිවීමක් ආණ්ඩුව දුන්නෙ නෑ. ජනතාවගේ ආදායම් රුපියලකින් ඉහළ නොදා මේ තරම් තෙල් මිල ඉහළ දැමීම සාධාරණද? පිළිතුර:- රු. 2500 එක පාරට නොදුන්නාට කොටසින් කොටස අපි දෙනවා. මම ප‍්‍රශ්නවලට උත්තර නොදී මග ඇරියා කියල ඔබ කිව්වා. ඒකත් මම ප‍්‍රතික්ෂේප කරනවා. ලෝක මිලට අනුව ඉන්ධන ගන්නා අපිට ඒ මිලට අනුගත වෙන්න වෙනවා. අපි ඉන්ධනවලට ජනතාවට සහනාධාර දීල තියෙනවා. ඒක දුප්පතාට වගේම කෝටිපතියාටත් ලැබුණා. ඒත් දැන් අඩු ආදායම්ලාභීන්ට අපි සහන දෙනවා. තෙල් මිල ගැන කතා කරන අය ඒවා අමතක කරනවා. ඒත් ඔබ කිව්වා වගේම මේ තරම් වැඩි ප‍්‍රතිශතයකින් ඉන්ධන මිල ඉහළයාම එකපාරටම සිදු කළාම කාටත් දරා ගන්න අමාරු බව පිළිගන්න වෙනවා. ජනතාව අපහසුතාවට පත්වෙලා ඔවුන් නැගී සිටියේ ඒ නිසයි. ඒත් ලෝක මිල වැඩි වුණාම අපටත් මිල වැඩි කරන්න වෙනවා. යථාර්ථය හා තිත්ත ඇත්ත ඒකයි. ප‍්‍රශ්නය:- එහෙත් ආණ්ඩුවේ නාස්තිය දූෂණ වැඩ බැරිකම ලංකාව ලෝකය තුළ තනිවීම හා රාජ්‍ය ආයතන අධික ලෙස අලාභ ලැබීමේ මුදල් පියවා ගැනීමට ජනතාව පිට සියලූ බර දරන බවට මත පළ වෙනවා. විදුලිබල මණ්ඩලය, මිහින් ලංකා, ශ්‍රී ලංකන් අධික අලාභ ලැබීම හෙජින් ගිවිසුම, වරාය හා නොරොච්චෝලෙට ගත් අධික ණය මෙන්ම දැයට කිරුළට වැය කළ රු. දශ ලක්‍ෂ 21,000 ජනතාව පිට මේ බර පැටවීමට බලපෑවේ නැද්ද? පිළිතුර:- දැයට කිරුළ සංදර්ශනයක්ම නෙවෙයි. ඒ හරහා ඇතිවූ සංවර්ධනය ගිහින් බලන්න. මඬේ එරි එරී ගිය පාරවල් කොන්ක‍්‍රීට් වෙනවා නම් අඳුරේ හිටපු අයට ලයිට් ලැබුණා නම් බොන්න වතුර නැති අයට ජලය ලැබෙනවා නම් ආණ්ඩුවට මොන චෝදනා ආවත් කමක් නෑ. මගේ වලපනේ 22% ට තිබූ විදුලිය අද 90% ට නැගලා. රාජ්‍ය ආයතන පාඩු බවට නම් ලැයිස්තු එළිදකිනවා. සමහර තැන්වල එහෙම වෙනවා. විදුලි මණ්ඩලය පාඩුයි. ඒත් විදුලි බලය රට පුරා ගෙනයාම විශාල ආයෝජනයක් බව පිළිගන්න වෙනවා. රටේ ජාතික ගුවන් සේවා අද පාඩු වුණාට ඒවා හෙට ලාබ ලබන තැනට ගේන්න කටයුතු කළයුතු වෙනවා. ප‍්‍රශ්නය:- ලාබ ලැබූ ශ්‍රී ලංකන් අද ආණ්ඩුව පවරා ගෙන දස ලක්‍ෂ 22,000 ක් පාඩුවීමයි ගැටලූව වෙන්නේ? පිළිතුර:- පාඩු වුණත් ශ්‍රී ලංකන් දැන් අපේයි. ඒක ලාබ කර ගැනීම අපේ වගකීමයි. මිහින් ලංකන් අද පාඩු වුණත් හෙට ලාබ ලබන්න ඕනෑ. ප‍්‍රශ්නය:- ඉන්ධන මිල වැඩිවීමට පමණක් බස් ගාස්තු ළඟදී වැඩි කළ නිසා සෙසු නඩත්තු වෙනුවෙන් තවත් 02% ක බස් ගාස්තු වැඩිවීමක් බස් සංගම් ඉල්ලනවා. තවත් වර්ජනයක් අත ළඟද? පිළිතුර:- මම තර්ජන දානවා කියල හිතන්න එපා. උපරිමයටත් එහා ගිහිනුයි බස් ගාස්තු ඉහළ දාන්න ඉඩ දුන්නේ. මිල සූත‍්‍රය අනුව රුපියලක් වැඩි කළ යුතු වුණත් අපි ඊට වඩා ඉඩ දුන්නා. අනාගතයටත් එක්කයි ඒ වැඩි කිරීම කළේ. කවුරු හරි උසාවි ගියොත් වැඩි කළ ගාස්තුත් අඩු කරගන්න වේවි. බස් අයට මම කියන්නේ දඟලලා තිබෙන දේත් නැති කරගන්න එපා කියලයි. ප‍්‍රශ්නය:- ඉන්ධන මිල ඉහළටම දාලා සහනාධාර දෙන බව ආණ්ඩුව කියනවා. සහන දෙන්න පුළුවනි නම් මිල වැඩි නොකර ඉන්න තිබුණෙ නැද්ද? ගිය පාරත් ධීවරයන්ට සහන දෙන බව කියල ආණ්ඩුව බොරු කළේ නැද්ද? බස් හිමියනුත් එසේ රවටාගන්න ගියත් ඔවුන් නොරැුවටී ගාස්තු ඉහළ දමාගත්තා නේද? පිළිතුර:- ලියාපදිංචි බස්වලට සහනාධාර දෙන්නයි අපි හැදුවේ. බස් එක ගෙදර නවත්තල තිබ්බත් මාසෙකට රු. 50,000 ක් විතර ගන්න තිබුණු එක සහනාධාර එපා කියලා ඔවුන් නැති කර ගත්තා. මම කියන්නෙ එච්චරයි. ධීවරයන්ට ගියවර බොරු කළා කියල මම හිතනන්නෙ නෑ. බොරු කළා නම් ඒ ඇයි කියලා අදාළ අයගෙන් අහන්න. ප‍්‍රශ්නය:- ජීවන බර අධිකවීම, ප‍්‍රජාතන්ත‍්‍රවාදය හා නීතිය හරි හැටි ක‍්‍රියාත්මක නොවීම ආණ්ඩුවේ නාස්තිය දූෂණය ජනතාව පෙළන විරැුකියාව ආදී ප‍්‍රශ්නවලදී ජනතාවට ඊට එරෙහිව පාරට බැසීමේ අයිතිය ව්‍යවස්ථාවෙන්ම තහවුරු කොට තිබුණත් පාරට බහින ජනතාවට පහරදී ඒවා ප‍්‍රචණ්ඩත්වයට තල්ලූ කිරීම හා මිනිසුන් වෙඩි තබා මරණ තැනට ආණ්ඩුව පත්වීම දැවැන්ත ගැටලූවක් බව පිළිගන්නවාද? පිළිතුර:- පාරට බහින ජනතාවට පහර දෙන්න ආණ්ඩුවට අයිතියක් නෑ. ඒත් විස සහිත කඳුලූ ගෑස් හා ජල ප‍්‍රහාර කතාව මම ප‍්‍රතික්ෂේප කරනවා. උද්ඝෝෂකයන්ට වෙඩි තැබීමටත් පොලිසියට හෝ කාටවත් බැහැ. ඒත් ඉන්ධන විරෝධතා කරනවා වෙනුවට ප‍්‍රචණ්ඩත්වය කරා යාමට හෝ විවිධ න්‍යාය පත‍්‍ර අනුව ක‍්‍රියාත්මක වෙන්න ගියොත් ජනතා ආරක්‍ෂාව වෙනුවෙන් ආණ්ඩුවට පියවර ගන්න වෙනවා. ප‍්‍රශ්නය:- ජනතා ආරක්‍ෂාව යැයි කියමින් විරෝධතා මර්දනය කරන්න වෙඩි තබා මිනිස්සු මරන්න ආණ්ඩුවට අයිතිය දුන්නේ කවුද? පිළිතුර:- මිනිස්සු මරන්න ආණ්ඩුවට අයිතියක් නෑ. ඒක ඇත්ත. ධීවරයන් හැසිරෙන්න ගියේ අමුතු ක‍්‍රමයට බව පෙනුණා. ඔවුන් අත ගල්මුල් පොලූ කඩුත් තිබිල තියෙනවා. ඒ මියගිය අය ගැන අප දැඩිව කනගාටු වෙනවා. ඒත් එක පැත්තක් ගැන විතරක් හිතන්න එපා. ප‍්‍රජාතන්ත‍්‍රවාදී උද්ඝෝෂණවලට ඉඩ තියෙනවා. ඒත් ප‍්‍රචණ්ඩ විරෝධතාවලට ඉඩ දෙන්න පුළුවන්ද? ප‍්‍රශ්නය:- ජිනීවා මානව හිමිකම් සමුළුව අද ඇරඹෙනවා. ඇමෙරිකාව හා බටහිර රටවල් විසින් ලංකා ආණ්ඩුවේ ක‍්‍රියා මාර්ගවලට එරෙහිව යෝජනාවක් ගෙන එන්නට සූදානම්වීම බරපතළ තත්ත්වයක් නේද? පිළිතුර:- ලංකාව ත‍්‍රස්තවාදය පරාජය කළා මිසක යුද අපරාධ හෝ මානව හිමිකම් කඩ කළ නොකළ බවත් අපේ නියෝජිත පිරිස එහිදී පැහැදිලි කරාවි. ඒ තුළ ලංකාවට එරෙහිව යෝජනා සම්මත කරන්න ලොව බහුතරයක් රටවල් ඉඩ නොදේවි කියල අපි හිතනවා.
මහ මැතිවරණය නිමා වී ඇත. නව පාර්ලිමේන්තුව ද පළමු වතාවට ඊයේ රැස්වූයේය. ජාතික ජන බලවේගයේ දේශපාලන වැඩසටහන විධායකය සහ ව්‍යවස්ථාදායකය යන ක්ෂේත්‍ර දෙකේම ශක්
බ්‍රිතාන්‍ය යටත්විජිත සමයේ සිට මෙරට භාණ්ඩ අපනයනය සිදු වුණි. එදා සිට අද දක්වාම මෙරට ප්‍රධාන අපනයනික බෝග ලෙස හඳුනාගන්නේ තේ, පොල්, රබර් ය. එහෙත් එම පිළිගැන
ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රමුඛ ජාතික ජන බලවේගය මෙවර මහ මැතිවරණයේ දී ජනතාවගෙන් ඉල්ලා සිටියේ ‘පොහොසත් රටක් ලස්සන ජීවිතයක්’ ජනතාවට උරුම කර දීම සඳ
පෙරදිග ධාන්‍යාගාරය යන්න ඇසූ සැණින් කාගේත් මතකයට නැගෙන්නේ මහා පරාක්‍රමබාහු සමයේ අප රට හැදින් වූ නමයි. වචනයේ අර්ථය අනුව ගතහොත් පෙරදිග ලෝකයටම අවශ්‍ය තරම
ජාතික ජන බලවේගයට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක් ඉක්මවා යන ආසන 159ක අද්විතීය ජයග්‍රහණයක් ලබා දෙමින් 2024 පාර්ලිමේන්තු මැතිවරණය නිමාවට පත්විය. එහිදී සමඟි ජන බ
ජ.වි.පෙ මූලිකත්වය ගත් මේ 2024 පාර්ලිමේන්තු මැතිවරණයේ ජා.ජ.බ නැතිනම් “මාලිමා” ජයග්‍රහණය සැබවින්ම ඓතිහාසික ජයග්‍රහණයකි. ඔවුන්ගේ දේශපාලනය මා නොපිළිගත්තද, ඔ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනතාව පාරට බස්වා ආණ්ඩුව වට්ටන්න බෑ