ඉදිරියේදී එළැඹෙනු ඇත්තේ අතිශය තීරණාත්මක කාලපරිෙඡ්දයකි. ඒ ගැන විවාදයක් නැත. බස්නාහිරට සහ දකුණට හැමූ ආණ්ඩුවේ මැතිවරණ සුළඟ තව තෙමසකින් පමණ ඌවට හැමූ පසු ඒ සුළඟ සුළං කුණාටුවක් වන තරමට බලසම්පන්න වෙමින් මුළු රටම වෙළාගනු ඇත. ඒ ආණ්ඩුව දැනටමත් තීරණය කර ඇති පරිදි ලබන වසරේදී පැවැත්වීමට නියමිත මීළඟ ජනපතිවරණයත් සමගිනි. මේ සුළඟ රට කලඹන සුළිකුණාටුවක් බවට පත්ව දේශපාලන බල පෙරැුළියක් සිදුවේද නැද්ද කියා කීමට තවමත් කාලවේලා වැඩිය.
ආණ්ඩුවේ අභ්‍යන්තර ආරංචි මාර්ග තහවුරු කරන ආකාරයට එළැඹෙන වසරේ ජනවාරි මස ජනාධිපතිවරණයක් පවත්වන්නේ නම් එය, ලංකාවේ පවත්වන හත්වැනි විධායක ජනාධිපතිවරණය ලෙස ඉතිහාසයගත වනු ඇත. අනෙක් අතට පිට පිට දෙවතාවක් ධුරය හෙබවූ පුද්ගලයෙකු (මහින්ද රාජපක්ෂ) අඛණ්ඩව තෙවැනි වරටත් තරග කරන මංගල අවස්ථාව බවටද එම ජනාධිපතිවරණය ඉතිහාසයට එක්වනු ඇත.
කතාව අනෙකකි.
මීළඟ ජනාධිපතිවරණය පවත්වන දිනවකවානු පිළිබඳව ආණ්ඩුව අභ්‍යන්තරයේ සාකච්ඡා ඇතිවන්නට කල්තියාම විපක්ෂයේ දේශපාලන පක්ෂ මෙන්ම දිලිසෙන සිවිල් චරිතද අද හෙට එතැයි කියන මේ ජනාධිපතිවරණයට වැඩ අල්ලනු දක්නට ලැබිණි. විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීම, 17 වැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය යළි බලාත්මක කිරීම ආදී දැවෙන දේශපාලන කාරණා කීපයක් සමග කරළියට පැමිණි එම පක්ෂ මෙන්ම සිවිල් චරිත ද මේ මොහාත වන විට කිසියම් තීරණාත්මක සන්ධිස්ථානයකට පැමිණ ඇති බවක් පෙනෙන්නට තිබේ. යථෝක්ත දේශපාලන අභිලාෂ කරපින්නාගෙන සංවාද පිටියට බට ඔවුන් දැන් සිටින්නේ ඒවා යථාර්ථයක් බවට පත්කර ගැනීම සඳහා සුදුසු පුද්ගලයා කවුරුන්ද යන්න පිළිබඳව අතීරණයකය. වෙන විදියකට කියනවා නම් වත්මන් ජනපති මහින්දට එරෙහිව විපක්ෂයේ පොදු අපේක්ෂක ලෙස අභිෂේක ගන්වන්නේ කවුද යන්න පිළිබඳව බර සාකච්ඡාවකය.
2010 ජනාධිපතිවරණයේදී නිර්xපාක්ෂික පොදු අපේක්ෂක හැටියට ජෙනරල් සරත් ෆොන්සේකා අභිෂේක ගන්වන්නට එජාප, ජවිපෙ ඇතුළු ඇතැම් විපක්ෂ කණ්ඩායම් වලට හැකිවුවද 2015 දී නම් එය සිතන්න තරම් පහසු නැති බව මේ වන විට තහවුරු වී හමාරය. ඊට බලපා තිබෙන ආසන්නම එක් හේතුවක් වන්නේ පොදු අපේක්ෂකයකු වෙනුවෙන් වෙහෙසෙන විපක්ෂ කණ්ඩායම් සහ ප‍්‍රකට සිවිල් පුද්ගලයන්ගේ කේන්ද්‍රීය දේශපාලන සටන් පාඨයක් වන විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීම නම්වූ කොන්දේසිය ඉටුකිරීම ෆොන්සේකා විසින් ප‍්‍රසිද්ධියේම බැහැර කරනු ලැබ තිබීමය. ඔහු කියන්නේත් ජාතික හෙළ උරුමය කියනාකාරයටම විධායක ජනාධිපතිධුරය වටා ඇති මර්දනකාරී, හිතුවක්කාරී බලතල කප්පාදු කොට එය පවත්වාගෙන යෑම සුදුසු බවය. මේ අනුව ෆොන්සේකා කිසිලෙසකවත් පොදු අපේක්ෂක වෙතැයි අනුමාන කළ නොහැකිය.
එසේ නම් ඔය කියන පොදු අපේක්ෂක කමට සුදුසු කවුද?
මේ ප‍්‍රශ්නයට උත්තර කීපයක් තිබේ. රනිල් වික‍්‍රමසිංහ, සජිත් පේ‍්‍රමදාස, ශිරානි බණ්ඩාරනායක, මාදුළුවාවේ සෝභිත හිමි යනු එවැනි පිළිතුරු කීපයකි.
ගැළපෙන පිළිතුර කුමක් වේදැයි ටක්කෙටම කිව නොහැකිය. අනිත් අතට මේ වන විටත් එජාපය තීන්දු කොට තිබෙන්නේ එළැඹෙන ජනපතිවරණය ඇතුළු ඉදිරියේදී පත්වන සෑම ජාතික මැතිවරණයකදීම පක්ෂයක් හැටියට තනිව තරග කිරීමටය. මේ අනුව 2015 දී පවත්වන ජනාධිපතිවරණයට එජාපය තරග කිරීමට බොහෝදුරට ඉඩකඩ තිබේ. ඉදිරියේ පවත්වන ජනපතිවරණ අපේක්ෂකයා රනිල් වික‍්‍රමසිංහ වීමට ද පුළුවන. මෙනයින් පැහැදිලි වන්නේ සරත් ෆොන්සේකා සහ එජාපය පොදු අපේක්ෂක සංවාදයෙන් කල්තියාම ඈත්වී සිටින බවය. කරුණු කාරණා මෙසේ පෙළගැසෙද්දී පැතිර ගිය අලූත් ආරංචියකින් කියැවුණේ ජවිපෙ නව නායක අනුර කුමාර දිසානායක මීළඟ ජනපතිවරණයට බොහෝ දුරට තරග කරනු ඇතැයි කියාය. ජනතා විමුක්ති පෙරමුණ තවමත් ඒ සම්බන්ධව නිල තීරණයක් ගෙන නැති වුවද ජවිපෙ නායක අනුරට ඒ සඳහා අවශ්‍ය ප‍්‍රමාණයටත් වඩා සුදුසුකම් තිබෙන බවට රට ඇතුළේ මතයක් නිර්මාණය වීමට වැඩි වෙලා ගියේ නැත. අනුර මීළඟ ජනපතිවරණ සටනට සුදුසු බව දක්වමින් දයාන් ජයතිලක වැනි විචාරකයක් අදහස් දක්වා තිබෙනු පවා අපි දුටුවෙමු.
ජවිපෙ නායකත්වය වෙනස් වීමෙන් අනතුරුව එම පක්ෂය මැතිවරණ පෙරමුණේ දී සැලකිය යුතු ප‍්‍රගතියක් ලැබූ බව පසුගිය දකුණ බස්නාහිර පළාත් මැතිවරණ ප‍්‍රතිඵලවලින් පැහැදිලිවම පෙනෙන්ට තිබිණි. අනෙක් අතට සාමාන්‍ය ඡුන්ද දායකයා අතර ජවිපෙ කෙරෙහි විශ්වාසවන්ත බැඳීමක් ගොඩනැගෙන අයුරු මීට ඉහත දී වනාතමුල්ලේ දී සිදුවූ සිද්ධියට ජවිපෙ කළ මැදිහත්වීමෙන් පැහැදිළි විය. මේ සියලූ තත්ත්වයන් සැළකිල්ලට ගැනීමේදී ජනතා විමුක්ති පෙරමුණට නව ජවයකින් ඉදිරියේ දී පවත්වන ඕනෑම මැතිවරණයකට මුහුණදීමට හැකි බව පෙනේ. ඌව ඡුන්දයෙන් පසු එහි සත්‍යාසත්‍යතාව හරියටම දැනගත හැකි වනු ඇත. ජවිපෙට ලැබී තිබෙන මේ අලූත් දිස්නය එළඹෙන ජනපතිවරණයට එම පක්ෂයෙන් අපේක්‍ෂකයකු ඉදිරිපත් කිරීමට තරම් අගයෙන් යුතු නිර්ණායකයක් වීමට ද බැරි නැත.
කෙසේ වෙතත් ජවිපෙන් මීළඟ ජනපතිවරණයට අපේක්ෂකයකු වශයෙන් එහි නායක අනුර කුමාර දිසානායක මහතා තරග කිරීම සම්බන්ධයෙන් මේ වන විටත් විවිධ මත පළව තිබේ. ඒ අතරින් ආචාර්ය දයාන් ජයතිලක දැකවන අදහස් කෙරෙහි අවධානය යොමු කිරීම වැදගත්ය.
‘මගේ අදහස කුමන තත්ත්වයක් යටතේ හෝ ජවිපෙ නායක අනුර කුමාර දිසානායක ජනාධිපතිවරණ අපේක්‍ෂකයකු හැටියට ඉදිරිපත් විය යුතු බවයි. එයට හේතුව වන්නේ අද මේ ආණ්ඩුවට එරෙහිව තර්කානුකූලව, සහේතුකව සහ රට ගැන ආදයරයක් කැක්කුමක් ඇතිව කථාකරන එකම පක්ෂය ජවිපෙ වීමයි. ඇත්තටම ජවිපෙ නායකත්වය මේ ආණ්ඩුවට විරුද්ධව විද්‍යාත්මක විවේචන ඉදිරිපත් කරන නායකත්වයකි. එජාපයේ සජිත් පේ‍්‍රමදාසටත් මීළඟ ජනපතිවරණ අපේක්ෂකයා වීමට ඕනෑතරම් සුදුසුකම් තිබේ. නමුත් යථාර්ථය වන්නේ ඒ මහතාට මේ මොහොතේ එජාප අපේක්‍ෂකයා වීමට කිසිම හැකියාවක් නැති බව පෙනෙන්නට තිබීමයි. ඒ තත්ත්වය මත විපක්ෂයේ විශාල හිදැසක් තිබේ.
විපක්ෂයේ අපේක්‍ෂකයා වශයෙන් හෝ එජාප අපේක්ෂක වශයෙන් වත්මන් එජාප නායකයා මීළඟ ජනාධිපතිවරණයට තරග කළහොත් මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාට වැඩි ඡුන්ද ප‍්‍රමාණයකින් ජයග‍්‍රහණය කිරීමට පුළුවන් වෙනු ඇත. එබැවින් විකල්ප අපේක්‍ෂකයා වශයෙන් ජෙනරල් සරත් ෆොන්සේකා හෝ අනුර කුමාර දිසානායක යන දෙදෙනාගෙන් කෙනකුට ඉදිරිපත් වීමට සුදුසුකම් තිබේ. ෆොන්සේකාට ප‍්‍රමාණයටත් වඩා පොදු අපේක්‍ෂක වීමට සුදුසුකම් තිබුණද අවසන් මොහොතේදී ඔහුගේ ඉදිරිපත් වීමෙහි නීත්‍යානුකුලභාවය විමසමින් ආණ්ඩුව පෙත්සමක් ඉදිරිපත් කරන්නට පුළුවන. එවැන්නක් වුණොත් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ජෙනරාල් ෆොන්සේකාට එරෙහිව තීන්දුවක් දිය හැකිය. එසේ වුවහොත් විපක්ෂයේ අපේක්‍ෂාවන් ලත්තැනම ලොප්වනු ඇත.
නමුත් අනුර කුමාර සම්බන්ධයෙන් මේ ප‍්‍රශ්න කිසිවක් නැත. ඒ අනුව ඔහුට පැහැදිලි, නිරවුල් ජනාධිපති අපේක්ෂකත්වයක් මතුකරගත හැකියි. එසේම ජනාධිපතිවරණයට ජවිපෙ තරග වදින්නේ නම් ඔවුන්ට මීළඟ පාර්ලිමේන්තු මැතිවරණයේදී වැඩි ආසන ප‍්‍රමාණයක් දිනාගැනීමට ද හැකිවනු ඇත. නමුත් මෙතනදී නොකියාම බැරි කරුණක් තිබේ. එනම් ජනාධිපතිධුරය අහෝසි කළ යුතුයි කියන අවිද්‍යාත්මක සටන් පාඨය ජවිපෙ විසින් අත්හැරිය යුතුය යන්නයි. මන්ද ලොව සිටින බොහෝ වාමාංශික නායකයන් ජනාධිපතිධුර දැරූ අය වීමය. ජනාධිපති ක‍්‍රමය වනාහි ප‍්‍රගතිශීලී ප‍්‍රතිසංස්කරණ ක‍්‍රියාත්මක කළ හැකි අසහාය යන්ත‍්‍රයකි. මේ යන්ත‍්‍රය ප‍්‍රජාතන්ත‍්‍රවාදී ලෙස සංශෝධන කරනු මිස අත්නොහළ යුතුය.
ආචාර්ය දයාන් ජයතිලකයන් කියන්නේ ජනාධිපතිවරණ අපේක්‍ෂකයකු වීමට ජවිපෙ නායක අනුර කුමාරට වුවමනාවටත් වඩා සුදුසුකම් තිබෙන බවත්, විධායක ජනාධිපතිධූරය අහෝසි කළ යුතුය යන එම පක්‍ෂය ඉදිරිපත් කරන අවිද්‍යාත්මක සටන් පාඨය හකුළා ගත යුතු බවත්ය.
ජවිපෙ මධ්‍යම කාරක සභික බිමල් රත්නායක මහතා මේ සම්බන්ධව පළ කරන මතය මෙබඳුය.
‘‘පක්ෂයක් විදියට අප තවම ඔය පිළිබඳව නිල තීන්දුවක් අරගෙන නෑ. නමුත් මම පෞද්ගලිකව විශ්වාස කරනවා අනුරකුමාර සහෝදරයා අපේක්‍ෂකයකු හැටියට තරග කරන්න ඉතාම සුදුසුයි කියලා. මම එහෙම කියන්න එක හේතුවක් තමයි, මේ රටේ විධායක ජනාධිපතිධුරය අහෝසි කරනවා කියලා ශ්‍රී.ල.නි.පය සහ එජාපය යන ප‍්‍රධාන පක්‍ෂ දෙකම කිව්වත් ඒක වෙන්නෙ නෑ. මහින්ද රාජපක්ෂ දිනුවත්, රනිල් වික‍්‍රමසිංහ දිනුවත් ඒ කිසිකෙනෙක් මේක අහෝසි කරන්නෙ නෑ. නමුත් ජවිපෙ පැහැදිලිවම මේ රටේ ක‍්‍රියාත්මක කළේ ප‍්‍රතිපත්තිගරුක දේශපාලනයක්. අපි ඒක අපේ භාවිතාවෙන්ම පෙන්නලා තියෙනවා. අන්න ඒ ප‍්‍රතිපත්තිගරුක පක්‍ෂයෙන් අනුරකුමාර සහෝදරයා ඉදිරිපත් වීම තමයි පළවැනි සුදුසුකම.
තවත් එකක් තමයි ඔහු පසුගිය අවුරුදු 14ක පාර්ලිමේන්තු කාලය ඇතුළත ඉතාමත් හොඳින් කරුණු ගෙනහැර පාමින් ජනතාවගෙ ප‍්‍රශ්න වෙනුවෙන් පෙනී ඉඳලා තියෙනවා.
අනිත් එක තමයි එතුමා ඇමති ධුරයක් දරපු කාලේ වුණත් ඉතාමත් නිහතමානීව වංචා දුෂණයෙන් තොරව කටයුතු කරපු කෙනෙක්. එහෙම බැලූවොත් ජවිපෙ නායකයට තියෙන මේ කිසිදු සුදුසුකමක් අනෙක් ප‍්‍රධාන පක්‍ෂ දෙකේ අපේක්ෂකයන් දෙන්නටම නෑ. ඔය කරුණු සියල්ල නිසා මා විශ්වාස කරනවා අනුර සහෝදරයා මේකට සුදුසුයි කියලා.
අනුර සහෝදරයා අපේක්‍ෂකකමට සුදුසුයි කියලා දකින අතරෙ අපි තවත් ප‍්‍රශ්න පහක් දකිනවා. රටේ ආර්ථිකය කොහොමද හදන්නෙ, ජනතාවාදී පාලනයක් කොහොමද ගේන්නෙ, රටේ ජාතික-ආගමික සමගිය හදන්නෙ කොහාමද, රට අධිරාජ්‍යවාදී බලපෑමෙන් මුදවගන්නෙ කොහොමද හා නිවහල් මිනිසෙක් හදන්නෙ කොහොමද කියන ඒවා තමයි ඒ ප‍්‍රශ්න පහ. මෙන්න මේ අභියෝග ජයගන්න එක තමයි මේ වෙලාවෙ ලංකාවේ දේශපාලනය තුළ වැදගත් වෙන්නෙ. අනුර සහෝදරයට තමයි මේවා ජයග‍්‍රහණය කිරීමේ හැකියාව තියෙන්නෙත්. මේකත් ප‍්‍රබල හේතුවක් විදියට අප දකිනවා.’’
ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි මහතා පවසන්නේ තමන් සහාය දෙන්නේ මාදුළුවාවේ සෝභිත හිමියන්ට බවත්, අනුර කුමාර දිසානායක පක්ෂයක අපේක්ෂකයකු මිසක් නිර්xපාක්ෂික පොදු අපේක්ෂකයකු නොවන බැවින් ඔහු මේ සඳහා සුදුසු නොවන බවත්ය. නිර්xපාක්ෂික පොදු අපේක්ෂකයකුට සමාජයේ විවිධ කොටස් මෙන්ම කණ්ඩායම් එකට එකතු කළ හැකි බැවින් එවැන්නකු මේ සඳහා වඩාත් සුදුසු බව ද ඔහු පවසයි.
නිර්-පාක්ෂික පොදු අපේක්ෂකයකු ගැන විශ්වාසය තබන කණ්ඩායම් වලට මාදුළුවාවේ සෝභිත හිමි, ශිරානි බණ්ඩාරනායක වැනි පුද්ගල චරිත කෙරෙහි වැඩි බරක් තැබිය හැකි වුවද ඔවුන් ඉදිරි ජනපතිවරණයට තරග වදිනු ඇතැයි කීම අපහසුය. මේ අනුව 2015 ජනාධිපතිවරණයේදී බොහෝදුරට එජාපයෙන් රනිලූත්, ජවිපෙන් අනුර කුමාරත්, ඉදිරිපත් වනු ඇතැයි අනුමාන කළ හැකිය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මහින්ද ඔබ හරි (දී)
ශ්රී ලංකාවට වෙනසක් අවශ්‍ය කරන කාළයක් මේ. (අ)
මොකද වෙන්නේ කියලා තමා අපිත් මේ බලාගෙන ඉන්නේ (දී)
බන්දුඅල පෙරේරා දේශපාලනය ගැන ළදරු අදහස් දරන්නෙකි අපි සැවොම ඔහුට අනුකම්පා කරමු ,ලාල් ජයවර්ධන යල් පැනගිය දේශපාලන මත දරන්නෙකි එනමුදු අනුර කුමාර යනු අද අපේ රට නව මාවතකට යොමුකළ හැක්කෙකි.බුද්ධිමත් විචාරක මතය එයයි (දී)
දයාන් ජයතිලකල ඉතාමත් දක්ෂ පුද්ගලයෙක් (දී)
බන්දුල පෙරේරා.. ඔයාගේ කතාව හරියට හරි... නොමේරු අයට මේවා නොතේරේ..... (දී)
මොනවා වෙන්නද මහත්තයෝ (දී)
රුපියල් මිලියන ගණනක් වියදම් කර ස්ටාර්ල තෝරන අපි , ජනාධිපති අපේක්ෂකයන් 3ක් තොරා ගැනීමට එස් එම් එස් ගහමු. එක නම්බර් එකෙන් 10ක් ගහන්න පුළුවන් . ගෙදර ඉන්න 18 වැඩි ඔක්කොම සම්බන්ද කල හැකිය (අ)
අද අපේ රටේ ගමන දිහා බැලුවම අපි යන්නේ අදුරට අනාගතේ වැඩි ඈතක ගමනක් යන්න බෑ. බන්දුල පෙරේරා , මහි, ලාල්, ලසිත්, සදුනිලා වගේ දේශපාලන කැනහිල්ලු ඉන්නකම් (දී)
දේශපාලනය කියන්නේ සමාන දෙයක් වෙනස් වෙන්නේ පාට පක්ෂ නම් , හා පුද්ගලයින් විතරයි (දී)
ඔබට පුළුවන්! මේ නරකාදී වලේ වැටිලා තියෙන අපේ රට ගොඩගන්න. ඉදිරිපත් වෙන්න. රටට සුබයි. (ස)
ඔබ ලා කියන්නේ බොරු නේද? (නදී)
මහින්ද ඔබ හරියට හරි. මේ පවතින පාදඞ ක්‍රමය ඊළග ජනාධිපති මැතිවරනයේදිවත් වෙනස් කරගත යුතුයි. (නදී)
අනුර මහත්තයා හොඳ කෙනෙක් (නි)
අද මුළු රටම විනාශ මුඛයට ඇද දාලා තියෙන්නේ මෙතෙක් කල් රට පාලනය කළ සමහර දේශපාලකයන් විසින්මයි. මෙහෙම ගියොත් අපේ රටේ අනාගත පරපුරට නිදහසේ ජීවත්වෙන්න රටක් ඉතුරුවෙන එකක් නැහැ. දැන් මේ රටේ නීතියක් කියලා දෙයක් ඇත්තෙම නැහැ. (නි)
අනුර හැමදාම කියන්නේ නිවහල් ම්නිසෙක් හදන එක රටේ ප්‍රධාන අවශ්‍යතාවක් කියන එක. වැඩවසම් පාලනය ඔබව වහලෙක් බවට පත් කර ඇත. දැන් ඒ වහල් බව හුරුවෙලා එයින් මිදෙන්න බැරිනම් ඔබේ දරුවවත් අඩුම තරම් නිවහල් මිනිසෙක් කරන්න උත්සහ කරන්න. නැතිනම් ඔබේ දරුවටත් වෙන්නේ ඔබ වගේම වහල් බවට පක්ෂපාතී වෙමින් දුෂණයේ ගොදුරක් වෙමින්ම දුෂණයට ආවඩන්නෙක් වෙන්නයි.(නදී)
කාව ඉදිරිපත් කලත් කවුරු ඉදිරිපත් උනත් අන්තිමේදී තීන්දු තීරණ ගන්නේ ජනතාවනේ. ඒ නිසා ඕවට අපි මොකටද ඔච්චර උඩ පනින්නේ නේද . (නදී)
දුෂණය, ගසා කෑම, වංචාව, අල්ලස, කොමිස් වලට එරෙහිව ජනතාව පෙළගැස්වීමට ප්‍රායෝගික ක්‍රියාමාර්ග ගතයුතුය. (නි)
දේශපාලනය ගැන කතා නොකර ඉනාවානම් හොදයි (දී)
මොකද වෙන්නේ කියලා දැන්ම කියන්න බැහැ. ඇවිල්ලාම තමයි බලන්න වෙන්නේ (නි)
අපි අලුත් විදියකට හිතමු (නි)
අනුන්ට ලනු නොදී තමන්ම ඉදිරිපත් වෙලා බලන එක තමයි හොද..මේ ලියුම් කරු මන් හිතන්නේ තාම මොන්ටිසෝරි අධ්‍යාපනය ලබන කෙනෙක් වගේ..එහෙමත් නැත්නම් අනුර කුමාර මහත්තයව පුම්බන්න හදන කෙනෙක් වගේ..නැත්නම් කවුද අනුර කුමාරව ජනාධිපති කරන්න හදන්නේ..හිල් වුනු බැලුම් බෝල පුම්බන්න බැහැ කියලත් ජේ වී පි එක මේ රටේ මිනිස්සුන්ට අප්‍රිරිය තරමත් ඡන්දෙට ආව නම් මේ රටේ මිනිස්සු මේ ලියුම් කරුට හොදින්ම තේරුම් කරවල දේවි. (අ)
බන්දුල පෙරේරා ඔයා හරියට හරි. 8% ගත්තු දේශපාලන පක්ෂයක දේශපලකයෙක් පිම්බවීමක්. (නදී)
ලංකාවේ ඕන ඉස්කෝලෙකට ගිහිල්ල පහේ පන්තියේ ළමයෙක්ගෙන් ඔය ප්‍රශ්නේ අහන්න. ගත් කටටම කියයි පරාදයි කියලා. (නදී)
බන්දු ඔයා තාම දන ගානවා නේද ? (නදී)
සේනක මහත්තයෝ, දන ගාල වැටි වැටි නැගිටලා ඊට පස්සේ කෙලින් ඇවිදලා තමයි අද මේ වයසට ඇවිත් තියෙන්නේ. අපි අහසින් කඩා පාත් වෙලා නැහැ. මේ කතා ඇහුවම ඉල ඇදෙනවා අපේ නම්.(නදී)
බන්දුලගේ කටට මසුරන් දාන්න වටිනවා කියපු කතාවට (නදී)
සේනක ඔයා තාම බඩ ගානවා නේද (නදී)
ජනතාව අසීරුවට හා පීඩාවට පත්වී සිටින විට ජනතාව මුදවා ගැනීමට ඉදිරිපත් වීම මානව හිතවදියෙකුගේ වගකීම සහ යුතුකමකි. එහෙත් එම ජනතාවට එම අසීරුවෙන් හෝ පීඩාවෙන් ගැලවීම අවශ්‍ය නොවන්නේ නම් ද එකී දුෂිත පාලනයේම වහල් නිවට පුරවැසියන් ලෙසටම පැවතීම කැමැත්ත වන්නේ නම්, එවැනි ජනතාවකගෙන් ඈත්ව විසීම මානව හිතවාදියා වෙත වඩා යහපත් වේ. (නදී)
චාමික මෙයාටද මානව හිතවාදියා කිව්වේ. ඔයා කියනකම් අපිට එ්ක තේරුනේ නැහැනේ. මුණ දැක්කම අපිට පේන චිත්‍රේ අනුවයි අපි හිතුවේ.(නදී)
අනිවාර්යෙන්ම , ඔබතුමා ඉදිරිපත් වෙන්න , රටේ සිදුවන ගසා කෑම, වංචාව, අල්ලස, කොමිස් , පිළිබද ඉතා සරලව , පැහැදිලි සාක්ෂි ඇතිව නිරවුල්ව කතා කරන අපේ නියම විපක්ෂ නායකයා ඔබතුමා. හැමෝටම වඩා ජන්ද ඔබතුමාට ලැබේවි. ජය ශ්‍රී (නදී)
පෙරේරා වගේ නෙමේ මම නම් දන්නවා අපේ තාත්ත කවුද කියල. (අ)
මට නම් මේ ගැන හරියටම මොකුත්ම කියන්න අමාරුයි (නි)
88 දි මුලින්ම ඡන්ද පොලට ගිය 5 දෙනා මරා දමපු පක්ෂයකට කවදාවත් ඔලුව උස්සන්න බැහැ (නදී)
ලෙස්ලිලා වගේ මිනිස්සු නිසා තමයි අපේ රට තාම එතන (නදී)
බන්දුල යනු කඩේ යන්නෙකි. ඔහුගේ තරම අපි දනිමු. ඒත් බන්දුල කෙටි ප්‍රතිචාර දමන්න. එකම හෑල්ල හැමදාම ලියන්න එපා. ජාතිවාදය ඇවිස්සෙන අදහස් දමන්නත් එපා (නදී)
කොහොමත් හැමදාම වරද්ද ගන්න ලාංකිකයන්ට මෙවැනි අත්හදා බැලීමක් කරන එක හොඳයි. සැලකිය යුතු වෙනසක් බලාපොරොත්තු විය හැකිවෙවි. (ස)
මෙම ලිපිය කාගේ උවමනාවට ලියුවක්ද යන්න බුද්දියක් ඇති ඕනෑම අයෙකුට වැටහෙනු ඇත... මේ ප්‍රබල පොදු අපේක්ෂකයකු බිහිවීම වැළක්වීමේ ප්‍රබල පියවරකි.(අ)
එක පැත්තක් ගැන විතරක් විශ්වාසේ තියන්න එපා..තනි අතින් අත්පුඩි ගහන්න බැහැ..ඒ හින්ද අනෙක් පාර්ශවය ගැනත් හොයල බලල විශ්වාසද කියල බලන්න. මම නම් ඉතින් කඩේ යනව තමයි, කව්රුත් මට ගෙදරට බඩු ගෙනත් දෙන්නේ නැහැ. අනෙක මම ජාති වාදේ ඇවිස්සුවේ නැහැ. අනෙක් ජාතීන්ට ආගමිකයින්ට ඔවුන්ගේ අයතිවාසිකම් ඔවුන්ට වෙන අසාධාරනකම් කතා කරන්න පුලුවන්නම් අපිට ඒ දේ කරන්න ඉඩක් නැත්තේ එහෙම කල ගමන් ජාති වාදය ආගම් වාදය ඇදලා හංවඩු ගහන්නේ මොකද? අපි මහා ජාතියේ නිසාද? ඔලුව පාත් කලාම ඔලුව පාත් කරන කෙනාවත් ඔලුව පාත් කලාම බෙල්ල කපන්න හදන කෙනාවත් නිවැරිදිව හදුනා ගන්න ..නැත්නම් ඔබ තුමන්ලාට ඉදිරියේදී ඔලුව නැතුව තමයි යන්න වෙන්නේ. (ස)
සේනක පුතේ..ප්‍රභාකරන් සහ විජේවීර නමැති මිනිස් ඝාතකයන් දෙන්න නොහිටියා නම් අපේ රට අද සුරපුරයක් වෙන්ට තිබුණා (අ)