IMG-LOGO

2025 අප්‍රේල් මස 10 වන බ්‍රහස්පතින්දා


ජනාධිපතිවරණයට පෙර ව්‍යවස්ථා ගැටලු ලිහා ගනිමු

රටේ පාලනය හරස් පාරවල බ්‍රේක් නැතිව ගමන් කරන වාහනයක තත්ත්වයකට වැටී තිබෙන අතරවාරයේ මැතිවරණයක අවශ්‍යතාව ප්‍රධාන මාතෘකාවක් වීම බලාපොරොත්තු විය යුතුය. මැතිවරණ කල් දැමීම ගැනද වත්මන් රජයට ඇත්තේ අඛණ්ඩ වාර්තාවකි. එහෙත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලව මේ වසරේ නොවැම්බර් 08 වැනිදාත් දෙසැම්බර් 08 වැනිදාත් අතර දිනක ජනාධිපතිවරණය පැවැත්විය යුතුවෙයි. එම දිනය බොහෝදුරට දෙසැම්බර් 07 වැනිදා වියහැකි යැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පසුගියදා ඉන්දියාවේදී ප්‍රකාශ කර තිබිණි. තමන් එම ජනාධිපතිවරණයට ඉදිරිපත් නොවීමට ඉඩ ඇති බවත් ඒ සමඟ ඔහු ඉඟිකර තිබිණි. 

වත්මන් ජනාධිපතිවරයා මීළඟ ජනාධිපතිවරණයට තරග නොකරන්නේ නම් මීළඟ ජනාධිපතිවරණයේදී ජයගන්නා අපේක්ෂකයා මැතිවරණ කොමිසමේ සභාපතිවරයා විසින් ප්‍රතිඵල ප්‍රකාශයට පත්කරනු ලැබූ වහාම ජනපතිධූරයේ වැඩ බාරගත යුතුවෙයි. එසේ වැඩ බාරගන්නා ජනාධිපතිවරයා 19 වැනි ව්‍යවස්ථාව යටතේ මහජන ඡන්දයකින් තෝරාපත් කරගනු ලබන ප්‍රථම ජනාධිපතිවරයා වෙයි. මේ හේතුවෙන් එම ජනාධිපතිවරයාට හිමිවන බලතල පිළිබඳ වැටහීමක් රටේ මහජනතාව තුළ තිබීම අවශ්‍යම සාධකයක් බවට පත්ව තිබේ. විධායක ජනාධිපතිවරයකු වශයෙන් තෝරාපත්කර ගනු ලැබූවද 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් එම ධූරය සතුව තිබූ විධායක බලතල ගණනාවක් පාර්ලිමේන්තුවට පවරා තිබීම ඊට හේතුවය. මේ බල හුවමාරුව පිළිබඳව රට තුළ විධිමත් කතිකාවක් සිදුනොවීම අනාගතයේදී දැනටත් වඩා බරපතළ අර්බුද ඇති කිරීමට හේතුවනු ඇත. 

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා නීතිය පිළිබඳ හිටපු මහාචාර්යවරයකු වන ආචාර්ය නිහාල් ජයවික්‍රම පසුගිය සතියේ මාධ්‍ය ඔස්සේ පළකර ඇති අදහසක් හේතුවෙන් මෙවැනි කතිකාවක ඇති අවශ්‍යතාව ප්‍රබල ලෙස මතුවී තිබේ. අධිකරණ අමාත්‍යාංශයේ හිටපු ස්ථිර ලේකම්වරයකු ද වන ඔහු ප්‍රකාශ කරන්නේ 19 වැනි සංශෝධනයෙන් පසුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 43 වැනි වගන්තිය මගින් සිදුකර ඇති අර්ථ නිරූපණය අනුව මීළඟට පත්වන විධායක ජනාධිපතිවරයා හුදෙක් නාමික ජනාධිපතිවරයකුගේ තත්ත්වයට පත්වනු ඇති බවය. මීළඟ ජනාධිපතිවරයා හෝ ජනාධිපතිවරියගේ ප්‍රධානම භූමිකාව වනු ඇත්තේ ඔහු හෝ ඇය රාජ්‍ය නායකයා වශයෙන් කටයුතු කිරීමය. ආණ්ඩුවේද විධායකයා වනු ඇත්තේ ඔහු හෝ ඇයයි. එසේම සේනාධිනායකයා ද වනු ඇත. මේ තත්ත්වය 1972 පළමු ජනරජ ව්‍යවස්ථාවට අනුකූලව පත්ව සිටි ජනාධිපතිවරයා වූ විලියම් ගොපල්ලව මහතා සතු වූ බලතලවලට සමානය. 

1946 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව ද රටේ විධායක බලතල පැවරී තිබුණේ අග්‍රාණ්ඩුකාරවරයාටය. මේ තනතුර හෙබැවූ සර් හෙන්රි මොන්ක් මේසන් මුවර්, සෝල්බරි සාමි සහ සර් ඔලිවර් ගුණතිලක තිදෙනාම රටේ පාලනයට හවුල් නොවූහ. ඔවුන් එකම අවස්ථාවකදී හැර කිසිදු අවස්ථාවක අඩුම තරමින් කැබිනට් රැස්වීමකට හෝ සහභාගීවී නැත. මීළඟට පත්වන ජනාධිපතිවරයා ද 42 වගන්තිය යටතේ කැබිනට් මණ්ඩලයේ ප්‍රධානියා වුවද ඔහුට තමන්ගේ ප්‍රතිපත්ති කැබිනට් මණ්ඩලය හරහා ක්‍රියාත්මක කරවා ගැනීමට හැකියාවක් නැත. අඩුම තරමින් පාර්ලිමේන්තු සැසිවාරයක් ආරම්භයේදී රාජ්‍ය නායකයා වශයෙන් සිදුකරනු ලබන ප්‍රතිපත්ති ප්‍රකාශනයේ අඩංගු කරුණු ක්‍රියාත්මක කරවාගැනීමට ඔහුට හෝ ඇයට අදාළ රේඛීය අමාත්‍යවරයාගේ අනුමැතිය ලැබීම අවශ්‍ය වනු ඇත. 

එපමණක් නොව 43 වැනි වගන්තියට අනුව ජනාධිපතිධූරය හැර වෙනත් කිසිදු අමාත්‍යධූරයක් මීළඟ ජනාධිපතිවරයාට හිමි කරගත නොහැක. ව්‍යවස්ථාදායක සභාවේ අනුමැතියකින් තොරව උපරිමාධිකරණවල විනිශ්චකාරවරුන්, නීතිපති සහ වෙනත් ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පත්කිරීම, අස්කිරීමද කළ නොහැක. මේ ඇතැම් කාරණා සම්බන්ධයෙන් වරින් වර සාකච්ඡා ඇතිවිය. විශේෂයෙන් පසුගිය ඔක්තෝබර් 26 වැනිදා සිදුවූ බල අර්බුදයකට මඟපෑදු අගමැති වෙනස් කිරීම පසුබිම් කරගෙන බොහෝ කතිකා ඇතිවිය. එහෙත් එම කතා ඊළඟට පත්වන ජනාධිපතිවරයා සතුවන බලතල කෙසේවිය යුතුද යන තරමට ගැඹුරින් විග්‍රහ නොකෙරුණු බව අපගේ වැටහීමය. 
කෙසේ වුව ද මීට වෙනස් මතයක්ද නොබෝදා ඉදිරිපත් විය. ඉන් කියැවුණේ ජයවික්‍රම මහතා කියන ආකාරයට ජනපති බලතල කප්පාදු නොවන බවයි. කෙසේ වුවද මේ තර්ක විතර්ක නිරාකරණය කරගත යුතුය.  

ආචාර්ය නිහාල් ජයවික්‍රම පවසන ආකාරයට සාම්ප්‍රදායික රාජ්‍ය නායකයා වශයෙන් ජනාධිපතිවරයාට යුද්ධ ප්‍රකාශ කළ හැකිය. එහෙත් ඒ සඳහා වන මෙහෙයුම් කටයුතු සියල්ලට අවශ්‍ය හමුදාව සහ අවි ආයුධ ඇතුළු පහසුකම් සපයා දිය යුතු වන්නේ ආරක්ෂක අමාත්‍යවරයා විසිනි. හදිසි නීතිය පැනවීම සම්බන්ධ ක්‍රියාදාමය සිදුවන්නේ ද ඒ ආකාරයටමය. අනාගත ජනාධිපතිවරයකුට ඇත්තේ ප්‍රකාශ කිරීමේ බලතල පමණක්බව බැලූ බැල්මට පෙනෙන සත්‍යයයි. 

ජනාධිපතිවරයාගේ බලතල සම්බන්ධයෙන් පවතින සහ එළඹෙන තත්ත්වය පිළිබඳ විද්වත් කතිකාවක් අවශ්‍ය බව අප අවධාරණය කරන්නේ එවැනි “නාමික” ජනාධිපතිවරයකු පත්කිරීම මේ රටේ ප්‍රධානම මැතිවරණ ක්‍රියදාමය බවට පත්විය යුතුද යන්න ප්‍රශ්න කළහැකි බැවිනි. රටේ සියලු  පාලන ක්‍රම සකස්වන්නේ ජනාධිපතිවරණයේ ප්‍රතිඵලය අනුවය. ඉන්පසුව පැවැත්වෙන මහ මැතිවරණයට මේ ප්‍රතිඵලය එක එල්ලේ බලපායි. එසේ පත්වෙන්නේ “නාමික” ජනාධිපතිවරයකු නම් ජනාධිපතිවරණයක් පැවැත්වීමට කෝටි 400ක පමණ මුදලක් වැය කළ යුතුද යන ප්‍රශ්නය පැන නඟින්නේය. 72 ව්‍යවස්ථාවෙන් නිරූපිත සම්ප්‍රදායානුකූල ජනාධිපතිවරයකු බිහිකරගැනීම සඳහා එතරම් වියදමක්, කාලයක් සහ ශ්‍රමයක් වැයකිරීම කොතරම් දුරට සාධාරණදැයි යන්න වරක් දෙවරක් නොව කිහිපවරක්ම සිතාබැලිය යුතු ප්‍රශ්නයකි. 

 



අදහස් (1)

ජනාධිපතිවරණයට පෙර ව්‍යවස්ථා ගැටලු ලිහා ගනිමු

Deepal Nirosh Thursday, 20 June 2019 06:56 AM

ගැටළුව නිවැරදියි, කාලය නුසුදුසුයි. ඒ් නිසා පළමුව නියමිත කාලයට ජනාධිපතිවරණය, දෙවනුව වසර 4 1/2 ඉකුත් වූ කල පාර්ලිමේන්තු මැතිවරණය, තෙවනුව රට අරාජික කළ 19 වන ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කිරීම, සිව්වනුව සැබෑ අවශ්‍යතාවලට අනුකූලව විධායක ජනාධිපති ක්‍රමය සහිතව ව්‍යවස්ථා සංශෝධනයක්.

:       1       0

ඔබේ අදහස් එවන්න

 

 
 

විශේෂාංග

හම්බන්තොට කෞතුකාගාරය ඉබිගමනක
2025 අප්‍රේල් මස 10 87 0

හම්බන්තොට තුඩුවේ වෙරළාසන්න උස්බිමක පිහිටා ඇති ලෙනාර්ඩ් වුල්ෆ් දිසාපතිවරයාගේ නිල නිවස අද කෞතුකාගාරයක් බවට පත්ව ඇත. එය නමින් මාගම්පුර රුහුණු උරුම කෞතු


මෝදි සංචාරය ආර්ථික දෘෂ්ටියකින්
2025 අප්‍රේල් මස 10 63 0

ඉන්දියා අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා ශ්‍රී ලංකාවේ පසුගියදා කළ සංචාරයත් එම සංචාරයේදී දෙරට අතර එළැඹි ගිවිසුම් ආදිය පිළිබදවත් බොහෝදෙනාගේ අවධානයට


ගෝලීය දකුණේ ස්ටාර්ලින්ක්
2025 අප්‍රේල් මස 09 495 0

ස්ටාර්ලින්ක් අක්‍රිය කළහොත් යුක්රේනයේ “සම්පූර්ණ ඉදිරි පෙළ” බිඳ වැටෙනු ඇති බවට එලොන් මස්ක් කළ ප්‍රකාශයට, ප්‍රතිචාර දක්වමින් පෝලන්ත විදේශ අමාත්‍ය රඩො


ට්‍රම්ප්ගේ තීරුබදු මරාලය
2025 අප්‍රේල් මස 09 247 0

ශ්‍රී ලංකාව ඇමරිකාවට අපනයන කරන භාණ්ඩ සඳහා තීරු බද්ද සියයට 44 දක්වා ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් අප්‍රේල් 02 දා ඉහළ දමනු ලැබීය. එම ආරංචිය ලැබීමෙන් පසු ශ්‍රී ලංක


​සිංහල භාෂාව හෑල්ලුකිරීම ඛේදවාචකයක්
2025 අප්‍රේල් මස 08 134 1

කිවියකු, ගීත රචකයකු, කෙටිකතාරචකයකු, මෙන්ම විචාරකයකු ද වන සුනිල් ගුණවර්ධන මහතා නිර්මාණ රැසක් සිංහල සාහිත්‍යයට එක් කළ ප්‍රවීණ නිර්මාණ රචකයෙකි.


ශ්‍රී ලංකාවේ අපරාධ එදා සහ අද
2025 අප්‍රේල් මස 08 179 0

පාතාල ක්‍රියාකාරකම්වල හිස එසවීම, අපරාධ කල්ලිවල වර්ධනය සම්බන්ධයෙන් පසුගිය දිනවල වැඩි වශයෙන් සාකච්ජාවට ලක් විය. මෙකල අපරාධ කණ්ඩායම්වල ක්‍රියාකාරකම් ම


මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 78 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි 2025 අප්‍රේල් මස 09 404 0
NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි

ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා

ශ්‍රී පාද අඩවිය පිරිසිදුව තබාගැනීමට සියපත ෆිනෑන්ස් වෙතින් නිර්මාණශීලී විසඳුමක් 2025 අප්‍රේල් මස 04 914 0
ශ්‍රී පාද අඩවිය පිරිසිදුව තබාගැනීමට සියපත ෆිනෑන්ස් වෙතින් නිර්මාණශීලී විසඳුමක්

නව්‍යකරණයෙන් පිරිපුන් හෘද්‍යාංගම මූල්‍ය සේවාවක නියැලෙමින් ශ්‍රී ලාංකිකයන්ගේ විශ්වාසය දිනූ සියපත ෆිනෑන්ස් පීඑල්සී ආයතනික සමාජ සත්කාරක වැඩසටහන් මා

Our Group Site