IMG-LOGO

2025 අප්‍රේල් මස 07 වන සඳුදා


ජනපතිවරණය කල්තැබීමේ නූල් සූත්තර

ජනාධිපතිවරයාගේ නිල කාලය වසර හයකැයි ප්‍රකාශයට පත් කරන ලෙසද එතෙක් ජනාධිපතිවරණය පැවැත්වීම කල්දමන ලෙස ද ඉල්ලා මොරටුවේ පදිංචිකරුවකු වූ චමින්ද ලේනව නමැති අය විසින් පසුගිය 3 වැනිදා ඉදිරිපත් කරන ලද මූලික අයිතිවාසිකම් පෙත්සමක්  ඉකුත් 8 වැනිදා ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නිශ්ප්‍රහ කෙරිණි.

එහිදී ජනාධිපතිවරයාගේ නිල කාලය වසර පහකැයි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ අදාළ වගන්තිය පෙන්වමින් අග විනිසුරු ජයන්ත ජයසූරිය මහතා කරුණු ඉදිරිපත් කළේය. ලේනව මහතා ද එය පිළිගත්තේය.

ලේනව මහතා සිය පෙත්සම ඉදිරිපත් කළ සැණින්ම ඒ පිටුපස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිටින බවට විපක්ෂයෙන් චෝදනා නැඟෙන්නට විය. එහෙයින්දෝ එම පෙත්සමට ජනාධිපතිවරයාගේ කිසිදු සම්බන්ධයක් නැතැයි ද පෙත්සම ඉදිරිපත් කරන්නට පෙර ලේනව මහතා ජනාධිපතිවරයා සමග හෝ ඔහුගේ නීතිඥයන් සමඟ හෝ ඒ පිළිබඳව සාකච්ඡා කළේ නැතැයි ද ජනාධිපති මාධ්‍ය ඒකකය සඳහන් කළේය.

ජනාධිපතිවරයාට එසේ චෝදනා කරන්නට විපක්ෂයට හේතු තිබිණි. ජනාධිපතිවරණය කල් දැමිය යුතු යැයි ද වික්‍රමසිංහ මහතා නිතරඟයෙන් යළිත් ජනාධිපති කළ යුතු යැයි ද ජනාධිපතිවරයාගේ පක්ෂය වන එක්සත් ජාතික පක්ෂයේ නායකයෝ පසුගිය වසරේ සිටම කියති. ඔවුන් එසේ විටින් විට පවසන්නේ වික්‍රමසිංහ මහතා හැර වෙනත් කෙනකුට මේ රට ගොඩ නැඟිය නොහැකි බව පවසමිනි. එහෙත් සත්‍යය නම් එජාපයට ශක්තිමත් ඡන්ද පදනමක් නැති තත්වය යටතේ ජනාධිපතිවරණයට මුහුණ දී පරාජය වීමට ඇති බිය නිසා ඔවුන් මෙසේ විටින් විට කියාපානා බවයි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ නිල කාලය තවත් වසරකින් දීර්ඝ කෙරෙන අයුරින් තීන්දුවක් ඉල්ලා ලේනව මහතා ඉදිරිපත් කළ පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නිෂ්ප්‍රභ කරනු ලැබ ඇති තත්වය යටතේ ඊට පසුදින (ජූලි 9 වැනිදා) ජනාධිපතිවරයාගේ නිල කාලයට අදාළ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ වගන්තියක් සංශෝධනය කරන්නට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කළ යෝජනාවක් කැබිනට් මණ්ඩලය විසින් සම්මත කෙරිණි.

යෝජිත සංශෝධනය මගින් වසර පහක් වන ජනාධිපතිවරයාගේ නිල කාලය වෙනස් නොවන බවත් එම නිලකාලය පිළිබඳ වෙනත් අදහසක් දිය හැකි වගන්තියක් වෙනස් කිරීම පමණක් ඉන් අදහස් කෙරෙන බවත් එජාප මහලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතා ඉකුත් අඟහරුවාදාම (9) ජනමාධ්‍ය හමුවේ ප්‍රකාශ කළේය.

කැබිනට් මණ්ඩලය මෙම යෝජනාව සම්මත කළේ ලේනව මහතාගේ පෙත්සම නිෂ්ප්‍රභ කරනු ලැබීමෙන් දිනකට පසුවය. ඊට පෙර එම යෝජනාවේ අරමුණ පැහැදිලි කළේ කැබිනට් ප්‍රකාශකවරයා නොව එජාප මහලේකම් රංගේ බණ්ඩාර මහතාය. රංගේ බණ්ඩාර යනු ඉකුත් මැයි මස 28 වැනිදා ජනමත විචාරණයක් මගින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කොට වික්‍රමසිංහ මහතාට තවත් වසර දෙකක් ජනාධිපති ධූරයේ සිටීමට ඉඩ සැලසිය යුතු යැයි කී පුද්ගලයාය. ආණ්ඩුව මෙම යෝජනාව සම්මත කළේ මැතිවරණ කොමිසමට ජනාධිපතිවරණය ප්‍රකාශ කිරීමේ බලය ලැබෙන්නට හරියටම සතියකට පෙරය. (කොමිසමට එම බලය ලැබෙන්නේ මේ මස 17 වැනිදාය)

මේ කරුණු සියල්ලෙන් කෙරෙන ඉඟිය ජනාධිපතිවරණය නිසි පරිදි සැප්තැම්බර් මාසයේ 17 වැනිදාත් ඔක්තෝබර් මාසයේ 16 වැනිදාත් අතර පැවැත්වීම අපේක්ෂා කරන්නන්ට යහපත් එකක් නොවන බවය. විශේෂයෙන්ම මැතිවරණ කොමිසම ජනාධිපතිවරණය පැවැත්වීම ප්‍රකාශයට පත් කරන්නට පෙර මෙම ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්නට එජාපය හදිසි වන බවක් ද පෙනේ.

මෙවැනි සංශෝධනයක් කැබිනට් මණ්ඩලය විසින් අනුමත කරනු ලැබීමෙන් පසු එය ගැසට් පත්‍රයේ පළ කරනු ලැබිය යුතුය. එසේම එය ශ්‍රේෂ්ඨාධිකරණයේ විමසුමට ද ලක්වනු ඇත. එහිදී ඊට එරෙහි පෙත්සම් ඉදිරිපත් කිරීමටද ජනතාවට අවස්ථාව ලැබේ. ඒවාද එහිදී සලකා බැලේ. මේවා සඳහා කාලය අවශ්‍ය වේ. 17 වැනිදාට පෙර නම් ඒ කටයුතු කළ නොහැකිය.

ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කරන්නට මැතිවරණ කොමිසමට මේ මස 17 වැනිදා (ලබන අඟහරුවාදා) බලය ලැබුණ ද එදිනම එය ප්‍රකාශයට පත් කෙරෙන්නේ නැත. ජනාධිපතිවරණය ප්‍රකාශ කිරීමේ දීනය තීරණය කෙරෙන්නේ ජනාධිපතිවරණය පැවැත්වීමට අපේක්ෂා කෙරෙන දිනයට උපරිම වශයෙන් සති 9ක් ආපස්සට ගණන් බැලීමෙනි.

ජනාධිපතිවරණය පැවැත්වීමට කොමිසමට බලය ලැබෙන මුල්ම දින සැප්තැම්බර් 17 වැනිදා එම මැතිවරණය ප්‍රකාශයට පත් කිරීමට කොමිසමට බලය ලැබෙන දිනය මේ මස 17 වැනිදා යැයි පැවසෙන්නේ එසේ ගණන් බැලීමෙනි. එහෙත් මැතිවරණය පැවැත්වීමට මාසයක කාල පරාසයක් තිබෙන හෙයින් මැතිවරණය ප්‍රකාශයට පත් කිරීමේ දිනය ද ඒ අනුව වෙනස් විය හැකිය.

ඒ අනුව මේ මස අගදී ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කොට නාම යෝජනා දිනය නියම කරන බව මැතිවරණ කොමිසමේ සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායක මහතා ප්‍රකාශ කළේ යැයි ජූලි 9 වැනිදා ඩේලි මිරර් පුවත්පතේ පළවී තිබිණි. එහෙයින් මැතිවරණය ප්‍රකාශයට පත් කරන්නට පෙර යෝජිත ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්නට ආණ්ඩුවට කාලය ලැබේ.

 යෝජිත සංශෝධනය බැලූ බැල්මට අහිංසක එකකි. ජනාධිපතිවරයාගේ නිල කාලය වසර පහකැයි ව්‍යවස්ථාවේ 20 (2) වගන්තිය ඉතා පැහැදිලිව පවසයි. එසේම පාර්ලිමේන්තුවේ නිල කාලය වසර පහක් බව එහි 62 (2) වගන්තිය පවසයි. එහෙත් ජනාධිපතිවරයාගේත් පාර්ලිමේන්තුවේත් නිල කාලය වසර හයකට වඩා දීර්ඝ කරන පනත් කෙටුම්පතක් සම්මත කිරීමේ දී එය පාර්ලිමේන්තුවේ දී තුනෙන් දෙකකට වැඩි ඡන්දයෙන් සම්මත කොට ජනමත විචාරණයකින් ජනතාව විසින් ද අනුමත කරනු ලැබිය යුතු යැයි ව්‍යවස්ථාවේ 83 (ඇ) වගන්තිය පවසයි.

මුල් වගන්ති දෙකේ වසර පහක් ගැන සටහන් වේ. එහෙත් ඉහතින් තුන් වැනිව සඳහන් කෙරුණු  වගන්තියේ වසර හයක් ගැන සඳහන් වේ.

මෙසේ වී ඇත්තේ 2015 දී යහපාලන ආණ්ඩුව සම්මත කළ 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් ජනාධිපතිවරයාගේත් පාර්ලිමේන්තුවේත් නිල කාලය වසර හයේ සිට පහ දක්වා අඩු කළ ද යම් අතපසුවීමක් නිසා  83 (ඇ) වගන්තිය ඒ අනුව වෙනස් නොවීමයි.

මෙම ගැටලුව දෙආකාරයකට විසඳිය හැකිය. එක්කෝ 83 (ඇ) වගන්තියේ ‘‘වසර හය’’ යනුවෙන් ඇති සඳහන ‘‘වසර පහ’’ යනුවෙන් සංශෝධනය කළ යුතුය. නැත්නම් එම වගන්තිය වෙනස් නොකොට ජනාධිපතිවරණයාගේත් පාර්ලිමේන්තුවේත් නිල කාලය පිළිබඳ සඳහන් සෑම වගන්තියකම ‘‘වසර හයක්’’ යනුවෙන් වෙනස් කිරීමයි.

ලේනව මහතා ද සිය පෙත්සමෙන් මෙම වෙනස පෙන්වා දී තිබිණි. ඔහු කියා සිටියේ සෑම වගන්තියකම ‘‘වසර හයක්’’ යනුවෙන් සඳහන් විය යුතු බවයි. මේ අවස්ථාවේ දී එවැන්නක් යෝජනා කෙරෙන්නේ කාගේ වුවමනාවටදැයි විපක්ෂය ප්‍රශ්න කළේ ඒ අනුවය. ජූලි 9 වැනිදා කැබිනට් මණ්ඩලයේ දී සම්මත වූ යෝජනාවෙන් කියවෙන්නේ 83 (ඇ) වගන්තියේ ‘‘වසර හය’’ යනුවෙන් සඳහන් යෙදුම ‘‘වසර පහ’’ යනුවෙන් වෙනස් කළ යුතු බවයි. එය නිවැරැදි වන්නා සේම පහසු ද වේ.

රංගේ බණ්ඩාර මහතා පවසා තිබුණේ ජනාධිපතිවරයාගේ නිල කාලය ව්‍යවස්ථාවේ 30(2) වගන්තිය අනුව වසර 05ක් ලෙස කියවෙන බවත් 83 (ඇ) වගන්තිය අනුව වසර 6ක් ලෙස කියවෙන බවත්ය. එය වැරැදි මතයකි.

83 (ඇ) වගන්තියෙන් කියවෙන්නේ ජනාධිපතිවරයාගේත් පාර්ලිමේන්තුවේත් නිල කාලය වසර ‘‘හයකට වඩා’’ දීර්ග කරන්නේ නම් තුනෙන් දෙකේ බහුතරයට අමතරව ජනමත විචාරණයක් පැවැත්වීම අවශ්‍ය බවයි. ඒ අනුව ජනාධිපතිවරයාගේත් පාර්ලිමේන්තුවේත් නිල කාලය වසර පහේ සිට ‘‘හය දක්වා’’ දීර්ඝ කිරීමට ජනමත විචාරණයක් අවශ්‍ය නොවේ, යැයි කෙනකු අර්ථ දැක්විය හැකි නමුත් ජනාධිපතිවරයාගේත් පාර්ලිමේන්තුවේත් නිල කාලය වසර හයක් යැයි ඉන් කියවෙන්නේ නැත.

මෙම 83 (ඇ) වගන්තියේ එක්තරා අපැහැදිලි බවක් තිබෙන බව සත්‍යයක් වුවද ඒ නිසා එම වගන්තියෙන් ජනාධිපතිවරයාගේ නිල කාලය වසර පහක් යැයි ඉතා පැහැදිලිව සඳහන් කරන 30 (2) වගන්තිය යටපත් කළ නොහැකිය.

වඩා ගැටලු සහගත කාරණය නම් ජනාධිපතිවරණයක් අත ළඟ තිබිය දී මෙම 83 ඇ වගන්තිය සංශෝධනය කිරීමට උත්සාහ කිරීමයි. මෙම සංශෝධනය පිළිබඳ පනත් කෙටුම්පත ද ශ්‍රේෂ්ඨාධිකරණයේ පරීක්ෂාවට ලක්විය යුතුය. එහිදී ඊට පක්ෂවත් විරුද්ධවත් තවත් පෙත්සම් ද ඉදිරිපත් වනු ඇත. රංගේ බණ්ඩාර මහතා පවසන්නා සේ 83 (ඇ) වගන්තියෙන් ජනාධිපතිවරයාගේ නිල කාලය වසර හයක් බව කියෙන්නේ යැයි යම් යම් පෙත්සම්කරුවන් තර්ක කළ  හැකිය. ඒ අනුව පෙත්සම් විභාගය අවසාන වන තෙක් ජනාධිපතිවරණය පැවැත්වීමට අතුරු තහනම් නියෝගයක් ඉල්ලා සිටිය හැකිය. අධිකරණය එවැනි නියෝගයක් පැන වීමට ද පුළුවන.

ආණ්ඩුව කරන්නට යන්නේ 83 (ඇ) වගන්තියේ ‘‘වසර හය’’ යන්න ‘‘වසර පහ’’යනුවෙන් වෙනස් කිරීම පමණකැයි රංගේ බණ්ඩාර මහතා පැවසුව ද එජාපයම ඉහත කී අයුරින් ජනාධිපතිවරණය සම්බන්ධයෙන් අතුරු තහනම් නියෝගයක් ඉල්ලා සිටිය හැකිය.

ආණ්ඩුව කරන්නට යන්නේ 83 (ඇ) වගන්තියේ ‘‘වසර හය’’ යන්න ‘‘වසර පහ’’ යනුවෙන් වෙනස් කිරීම පමණකැයි රංගේ බණ්ඩාර  මහතා පැවසුව ද එජාපයම ඉහත කී අයුරින් ජනාධිපතිවරණය සම්බන්ධයෙන් අතුරු තහනම් නියෝගයක් ඉල්ලා සිටිය හැකිය.

නීතිමය ගැට මගින් මැතිවරණ  කල් දැමීමට එජාපයට විශේෂ නිපුනතාවක් ඇත. මෙහිදී පළාත් සභාවල කාන්තා නියෝජය පිළිබඳ පනත් කෙටුම්පතක් පිළිබඳ පාර්ලිමේන්තුවේ කාරක සභා අවස්ථාවේ දී එම පක්ෂය කාන්තා නියෝජනයට කිසිදු සම්බන්ධයක් නැති මිශ්‍ර මැතිවරණය පිළිබඳ වගන්ති රාශීයක් එම කෙටුම්පතට ඇතුල් කළේය. ඒ අනුව පළාත් සභා සඳහා සීමා නීර්ණය වාර්තාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යුතු විය. එවැන්නක් ඉදිරිපත් කෙරුණද එය ඉදිරිපත් කළ ඇමැතිවරයා පවා ඊට එරෙහිව ඡන්දය දී එය  සම්මත  වීම වළකා ලනු ලැබීය. එම මැතිවරණ අද දක්වා පැවැත්වීමට නොහැකිව තිබේ.

පසුගිය වසරේ මාර්තු 9 වැනිදා පළාත් පාලන මැතිවරණ පැවැත්වෙන බව මැතිවරණ කොමිසම නිවේදනය කළේය. ඊට එරෙහිව විශ්‍රාමික හමුදා නිලධාරියෙක් ශ්‍රේෂ්ඨාධිකරණයට  පෙත්සමක් ඉදිරිපත් කළේය. ඒ අතර මැතිවරණයට අවශ්‍ය මුදල් නිකුත් කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයාට ඉකුත් වසරේ මාර්තු 3 වැනිදා නියෝග කළේය. එය සිදු නොවුයෙන් එම ලේකම්වරයාට එරෙහිව අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවක් එල්ල විය. මුදල් නිකුත් කරන ලෙසට අධිකරණය දුන් නියෝගය තමන් මුදල් ඇමැතිවරයාට යොමුකළ බව එම ලේකම්වරයා කීවේය. මුදල් ඇමැතිවරයා විධායක ජනාධිපතිවරයා වූයෙන් අධිකරණයට කිසිවක් කළ නොහැකි විය. එම මැතිවරණයට ආදාළ නඩු තවමත් දිග්ගැසෙමින් තිබේ. මැතිවරණය දින නියමයක් නැතිව කල් ගොස් තිබේ.

ජනාධිපතිවරණය අත ළඟ තබාගෙන ඊට බලපෑ හැකි ව්‍යවස්ථා සංශෝධනයක් ගෙන එන්නට උත්සාහ කරන්නේ එම එජාපයමය.

 

(*** එම්.එස්.එම්. අයුබ්)

 



අදහස් (3)

ජනපතිවරණය කල්තැබීමේ නූල් සූත්තර

ලිලිපුට් Saturday, 13 July 2024 01:37 PM

ජනපතිවරණය කල්තැබීමේ නූල් සූත්තර යැයි හුවා දක්වමින් පහුගිය දිනවල විවිධ මාධ්‍ය පරාසයන් තුළ පලවූ හරයක් නොමැති කුණු ඛිත්තර හා සමකළ හැකි අරුත් විරහිත හෑලි එකතු කර පැසක බහා කාරණා කාරණා තුළින් මනාව දැනුවත් "ලංකාදීප" පාඨකයා වෙත දමා ගසමින් එකී පිරිස පුස්සන් සේ සැලකූ සෙයක් ගම්‍ය නොවන්නේද?

:       9       2

chandima Tuesday, 16 July 2024 02:07 AM

නිදහස දෙද්දි යටත් වැසියෝ එක්කලා පප්පාට දිලා ගිය රටනේ මේක ඉතින් දාලා යන්න දුකයි....

:       0       5

kahawita Thursday, 18 July 2024 04:41 PM

මොන හිතකින් දාලා යන්නද? ආයේ ජීවිතේට ඡන්දයකින් එන්න පුළුවනෑ. මොන උප්පරවැට්ටියක් හරි දාලා මේකෙ ඉන්න තමයි බලන්නේ..! 

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

විශේෂාංග

කැනඩාවේ අධිකරණ ඇමැති පුටුවට ගිය යාපනයේ උපන් දෙමළ ජාතිකයා
2025 අප්‍රේල් මස 05 694 2

කැනඩාවේ නව ලිබරල් පක්ෂ නායක මාර්ක් කාර්නි 2025 මාර්තු 14 වැනි දින කැනඩාවේ 24 වැනි අගමැති ලෙස වැඩ භාර ගත්තේය. 1965 මාර්තු 16 වැනි දින උපත ලැබූ කාර්නි, කැනඩා බැංකුවේ


දූෂිතයින් පිටුදැකීමේ අභියෝගය
2025 අප්‍රේල් මස 05 111 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් වැලිගම ප්‍රදේශයේ පැවැති පළාත් පාලන මැතිවරණ ප්‍රචාරක රැස්වීමක දී කරන ලදැයි කියන ප්‍රකාශයක් සම්බන්ධයෙන් චම්


නරේන්ද්‍ර මෝදිගේ ශ්‍රී ලංකා සංචාරය
2025 අප්‍රේල් මස 04 233 2

අනුර කුමාර දිසානායක මහතා, ජනාධිපති ධුරය බාර ගැනීමෙන් පසු, පළමු විදෙස් සංචාරය සඳහා තෝරා ගත්තේ අසල්වැසි ඉන්දියාවය. ඒ අනුව, පසුගිය 2024 දෙසැම්බරයේ, නවදිල්ලි


පොරොන්දුවල අතරමං වූ ආණ්ඩුව
2025 අප්‍රේල් මස 04 443 2

ජනාධිපතිවරයා පළාත් පාලන ඡන්දය ඉලක්කගත කර සිදුකරන ලද කතා කීපයක් අසා සිටි මෙම ලියුම්කරුට හැඟී ගියේ ඔහුගේ හඬ ජවය දැන් දැන් දුර්වල වී ඇති බවයි. එහි විශ්වාස


සහල් මිල පාලනයට වැඩපිළිවෙළක් නැද්ද?
2025 අප්‍රේල් මස 04 100 1

ශ්‍රී ලංකාවේ මෑත කාලයේ සහල් අර්බුදයක් පැන නැගී ඇති අතර, එයට විසඳුම් ලබා දීමට රජය අපොහොසත් වී ඇත. අපේ ප්‍රධාන ආහාරය සහල් වන අතර, තුන් වේල බත් කන ජාතියක් සි


ඉන්දු - ශ්‍රී ලංකා සබඳතා කඩයිම්
2025 අප්‍රේල් මස 04 78 0

ශ්‍රී ලංකාවේ මහකොමසාරිස් සංතෝෂ් ජා මහතා සමඟ ඉන්දීය අග්‍රාමාත්‍ය ශ්‍රී නරේන්ද්‍ර මෝදි මහතාගේ ශ්‍රී ලංකා නිල සංචාරය (2025 අප්‍රේල් 4-6) පිළිබඳව පැවැත් වූ සම


මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී පාද අඩවිය පිරිසිදුව තබාගැනීමට සියපත ෆිනෑන්ස් වෙතින් නිර්මාණශීලී විසඳුමක් 2025 අප්‍රේල් මස 04 428 0
ශ්‍රී පාද අඩවිය පිරිසිදුව තබාගැනීමට සියපත ෆිනෑන්ස් වෙතින් නිර්මාණශීලී විසඳුමක්

නව්‍යකරණයෙන් පිරිපුන් හෘද්‍යාංගම මූල්‍ය සේවාවක නියැලෙමින් ශ්‍රී ලාංකිකයන්ගේ විශ්වාසය දිනූ සියපත ෆිනෑන්ස් පීඑල්සී ආයතනික සමාජ සත්කාරක වැඩසටහන් මා

Hello Dada කියලා කියන්නේ Say Prime චැනල් එකෙන් නිෂ්පාදනය වුන පළවෙනි මිනි සීරීස් එක. 2025 මාර්තු මස 31 477 1
Hello Dada කියලා කියන්නේ Say Prime චැනල් එකෙන් නිෂ්පාදනය වුන පළවෙනි මිනි සීරීස් එක.

මිනි සීරීස් කන්සෙප්ට් එකෙන් සීරීස් කිහිපයක්ම නිර්මාණය කරපු අධ්‍යක්ෂකවරයෙක් තමයි ජෝ දිසානායක. Hello Dada අධ්‍යකෂණය සිදු කරන්නේද ඔහු විසින්ම. බොහෝ ජනප්‍රිය

ප්‍රයිම් සමූහය වෙතින් PrimeMax: අවම මූලික ගෙවීමක් සහ ඇදහිය නොහැකි මාසික වාරිකයක් සමගින් දේපළ සඳහා ආයෝජනය කිරීමට අනගි අවස්ථාවක් 2025 මාර්තු මස 21 971 0
ප්‍රයිම් සමූහය වෙතින් PrimeMax: අවම මූලික ගෙවීමක් සහ ඇදහිය නොහැකි මාසික වාරිකයක් සමගින් දේපළ සඳහා ආයෝජනය කිරීමට අනගි අවස්ථාවක්

ප්‍රයිම් සමූහය ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ පෙරළියක් සිදුකරමින් නව ගෙවීම් ක්‍රමවේදයක් හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේ ය.

Our Group Site