නිසිකලට මැතිවරණ පැවැත්වීම ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන ක්‍රමයක අත්‍යවශ්‍ය අංගයකි බොහෝ මැතිවරණ නිසි කලට නොපවත්වන්නට උත්සාහ දරන මහජන මතය යටපත් කරන්නට වැර දරන රටක් ලෙස අද අප රට ලෝකය තුළ ප්‍රසිද්ධයට පත් වී හමාරය.
76 අවුරුද්දක දේශපාලන සාපයෙන් බැට කමින් සිටින පුරවැසියන්ට මෙවර 09 වැනි ජනාධිපතිවරයා තෝරා පත් කර ගැනීමේ කාර්යට තව ඇත්තේ දින හතළිස් ගණනකි. ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයන් 17ක් මේ වන විට ඇප තැන්පත් කොට තිබෙන අතර ඡන්ද සටනේ ත්‍රව්‍රරතාව ද ඉහළ යමින් පවතී.
මෙවර ජනාධිපතිවරණය පවත්වන්නට යන්නේ මහජන අරගලයෙන් පසු ක්‍රියාත්මක වන පළමු ඡන්දය ලෙසය. කෙසේ වෙතත් මෙවර ජනාධිපතිවරණය කල් දැරීමට දැරූ සියලුම උත්සාහයන් අසාර්ථක වූ තත්වයක් තුළ පැවැත්වෙන ජනාධිපතිවරණය මීට පෙර පැවැති ජනාධිපතිවරණවලට වඩා වැඩි අපේක්ෂකයන් සංඛ්‍යාවක් ඉදිරිපත් වෙමින් වෙනස් මුහුණුවරක් ගෙන තිබීම හේතූකොටගෙන ඒ පිළිබඳව විමසීම කාලෝචිතය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ශ්‍රී ලංකා පොදුජන එක්සත් පෙරමුණ හා අනෙකුත් ඇතැම් පක්ෂ කඩාවැටීම සහ පිල්මාරු දේශපාලනය සමඟ බද්ධවීම හේතුකොටගෙන ආණ්ඩු පක්ෂයට බහුතරය අහිමි වෙමින් යන තත්වයක් නිර්මාණය වී තිබේ. ප්‍රධාන දේශපාලන පක්ෂ කෑලි කෑලිවලට කැඩී යමින් දිනන අපේක්ෂකයා යැයි තමන් සිතන පුද්ගලයන් සහ කණ්ඩායම් වටා එකතු වන දේශපාලන පිල්මාරුව ද ගජරාමෙට සිදු වෙමින් පවතී. ඇතැමුහු පක්ෂ කැඩීයාම හේතුකොට ගෙන දේශපාලන අනාථයෝ (Political Orphan) බවට පත්ව සිටිති. අනෙක් කොටස පාක්ෂිකයන්ගේ අවශ්‍යතාව යැයි කියා සජිත් සහ රනිල් වටා තරගයට මෙන් එකතු වෙමින් සිටින ආකාරය ද දැකිය හැකිය.
ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන ක්‍රමයක් තුළ මැතිවරණ සඳහා ඕනෑ තරම් අපේක්ෂක සංඛ්‍යාවකට ඉදිරිපත් වීමට ඇති හැකියාව පිළිගනී. මැතිවරණ කොමිෂම පවසන්නේ අපේක්ෂකයන් සංඛ්‍යාව අඩු කර ගත හැකි නම් මැතිවරණ වියදම අඩු කර ගත හැකි බවයි. පොරයට ඇප මුදල් තැන්පත් කරමින් මිලියන 17කට අධික ඡන්ද සංඛ්‍යාව බෙදා ගැනීම සඳහා ජනාධිපතිවරණ අපේක්ෂකයන් අතර ඡන්ද සටනක් නිර්මාණය වී ඇත. ලෝකයේ දියුණු දේශපාලන ක්‍රම සහ ජනාධිපති ක්‍රම ක්‍රියාත්මක වන ඇමෙරිකා එක්සත් ජනපදය සහ ප්‍රංශය දෙස බැලීමේ දී පෙනී යන්නේ අවසාන මැතිවරණ සටන සඳහා ඉදිරිපත් වන්නේ ප්‍රබල අපේක්ෂකයන් දෙදෙනකු හෝ කිහිප දෙනකු හෝ පමණක් බවයි.
ආසියාවේ අප්‍රිකාවේ සහ ලතින් ඇමෙරිකාවේ ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයන්ගේ මැතිවරණ ඉතිහාසය තුළත් මෙපමණ අපේක්ෂක සංඛ්‍යාවක් ඉදිරිපත් වන්නට උත්සහ දරන ජනාධිපතිවරණයක් මෙතෙක් වාර්තාගත වී නැත. වැඩි අපේක්ෂක සංඛ්‍යාවක් ඉදිරිපත් වීමෙන් ජනතාවරණයට සහ ජනතා පරමාධිපත්‍යයට ඇති අයිතිය වඩා තහවුරුවන්නේ යැයි කෙනකුට තර්ක කළ හැකි වුවත් එවැනි අපේක්ෂකයන් සංඛ්‍යාවක් ඉදිරිපත් වීමෙන් මෙවර ජනාධිපතිවරණයෙන් සැබෑ ජන මතය පිළිබිඹු කරන්නට අවස්ථාවක් උදා වේ යැයි සිතිය නොහැක්කේ ඔවුන්ගෙන් බොහෝමයක් පටු පරමාර්ථයෙන් ඉදිරිපත්වී තිබීම හේතූ කොටගෙනය.
මෙරට දේශපාලනය තුළ නියුතු බොහෝ දෙනකු ප්‍රජාතන්ත්‍රවාදය ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසියකම් සහ නිදහස යන වදන් භාවිත කරන්නේ පෞද්ගලික යහපත හෝ වාසිය තකාගෙනය. ඇත්ත වශයෙන්ම මහජන නියෝජිතයන් යැයි අප අදහස් කරන උදවිය කොතරම් දුරට මහජනතාව නියෝජනය කරනවාද? යන්න නම් ගැටලුවකි. ඔවුන් මහජන ඡන්දයෙන් බලයට පත්වුවත් බලයට පත්වීමෙන් අනතුරුව සිදු කරන මහජන නියෝජනය කුමක් දැයි යන්න කතා කිරීම පවා නිශ්ඵලය. 1978 පසුව මැතිවරණ සංස්කෘතිය (Political Culture) දැඩි ලෙස දූෂිත තත්වයකට පත්ව තිබේ. මෙලෙස අපේක්ෂකයන් වැඩි ගණනක් ඉදිරිපත් වීමෙන් මැතිවරණ වියදම ඉහළ යාම හරහා එය ආර්ථිකයට තවත් අනවශ්‍ය බරක් බවට පත්විය හැකිය. මැතිවරණයක දී මැතිවරණ පත්‍රිකාවේ දිග වැඩි වීම මගින් සිදුවන මැතිවරණ වියදම පමණක් නොව ඡන්ද කටයුතුවලට ඉදිරිපත් වන නිලධාරීන් සහ අනෙකුත් කටයුතු සඳහා ද මුදල් විශාල ප්‍රමාණයක් වැය කරන්නට සිදුවේ. අනෙක් අතට අපේක්ෂකයන් සංඛ්‍යාව වැඩි වන විට ඔවුන් සඳහා ලබාදිය යුතු ආරක්ෂාව ද වැඩි කළ යුතුය. එසේ මැතිවරණ වියදම අනවශ්‍ය ලෙස වැඩි වීමෙන් අපතේ යන්නේ ජනතා මුදල්ය. අනෙක් අතට වැඩි අපේක්ෂකයන් සංඛ්‍යාවක් ඡන්ද පත්‍රිකාවට එකතු වීමෙන් ඡන්ද දායකයන්ට ඡන්දය ප්‍රකාශ කිරීම සම්බන්ධ සංකීර්ණතාවක් ඉස්මතු වීමටද එය හේතුවක් වනු ඇත.
තව ද මෙතෙක් පැවති ජනාධිපතිවරණවලට වඩා මෙවර ජනාධිපතිවරණයේ දී දෙවැනි සහ තෙවැනි මනාපවලට ඇති වටිනාකම වැඩිය. එයට හේතූව පවතින තරඟකාරිත්වය තුළ එක් අපේක්ෂකයකුටවත් පළමු මනාපයෙන් පමණක් 50% ලබා ගැනීම අසීරූ තත්වයකට පත්ව ඇත යන විශ්වාසයයි. මෙරට ඡන්ද දායකයන් බොහෝ දෙනකු තවමත් නිවැරැදිව ඡන්දය ලකුණු කරන්නටවත් නොදන්නා තත්වයක් තුළ මනාප ලකුණු කිරීම පිළිබඳව ඔවුනට ඇත්තේ අඩු දැනුමකි. එහෙයින් අපෙක්ෂකයන් වැඩි සංඛ්‍යාවක් ඉදිරිපත් කිරීමෙන් සැබෑ ජනමතය නියෝජනය කිරීමට අවස්ථාව උදාකිරීම මැතිවරණ කොමිසම සතු වගකීමකි. මනාප ලකුණු කිරීම පිළිබඳ ජනතාව දැනුවත් කිරීමට විවිධ වැඩසටහන් සංවිධානය කළ යුතුය. එසේ නොවුණහොත් ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව වැඩි විය හැකි අතරම දෙවන සහ තෙවන මනාපවලින් අපේක්ෂිත තත්වය ළඟාකර ගැනීමට ද නොහැකි වනු ඇත.
මෙතෙක් මෙරට දේශපාලනය තුළ තීරණාත්මක සාධකය ලෙසට පත්ව තිබූ මුස්ලිම් සහ ද්‍රවිඩ ප්‍රජාවට අමතරව විදෙස් ගත ශ්‍රී ලාංකික ශ්‍රම බළකාය මෙවර ජනාධිපතිවරණයට සැලකිය යුතු බලපෑම් සහගත කණ්ඩායමක් ලෙස ක්‍රියා කරමින් සිටින ආකාරය දැකිය හැකිය. විදේශ ගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් (Expatriats) බොහෝ පිරිසක් මෙවර මැතිවරණයේ දී බලපෑම් සහගත කණ්ඩායමක් ලෙස අනුර වටා ඒකරාශී වී සිටිති. අනෙක් අතට ලක්ෂ 40කට වැඩි ඡන්ද ප්‍රමාණයක් හිමි නව ඡන්ද දායකයන් තමන්ගේ ඡන්දය දෙන්නේ කාටදැයි තවමත් තීරණය කොට නොමැත. මෙතෙක් පැවති මැතිවරණ තුළ මුස්ලිම් සහ ද්‍රවිඩ ප්‍රජාවගේ ඡන්ද මැතිවරණය තුළ විශාල බලපෑමක් කරන්නට හේතුවී ඇතත් මෙවර මැතිවරණය එයට අමතරව ඉහතින් සඳහන් කළ කණ්ඩායම්වල නියෝජනයට සහ බලපෑමට ද හසුව තිබේ. විශේෂයෙන් මුස්ලිම් සහ ද්‍රවිඩ ප්‍රජාවගේ ඡන්ද මීට පෙර පැවති මැතිවරණ තුළ ප්‍රධාන කණ්ඩායම් දෙක අතර අඩු වැඩි වශයෙන් බෙදී ගිය බවක් පෙනෙන්නට තිබිණ. මෙවර මැතිවරණ සටන දෙස බැලීමේ දී පෙනී යන්නේ ඔවුන්ගේ ඡන්ද අනුර සජිත් සහ රනිල් අතර අඩු වැඩි වශයෙන් බෙදී යාමට අවශ්‍ය තරගකාරි පරිසරයක් නිර්මාණය වී තිබෙන බවයි.
මේ වන විට තුන් කොන් සටනක් බවට පත්ව තිබෙන ජනාධිපතිවරණය අනුර සජිත් සහ රනිල් අතර පවතින සටනට එකතු වී සිටින්නේ නාමල් රාජපක්ෂය. ඒ අතරම නාමිකව ඇප මුදල් තැන්පත් කරනු ලද අපේක්ෂකයෝ ගණනාවක් ද සිටිති. මෙලෙස අනවශ්‍ය ආකාරයට අපේක්ෂයකන් වැඩි වීම තුළ නිවැරැදි අපේක්ෂකයන් තෝරා ගැනීම ගැටලු සහගත විය හැකිය. බටහිර ප්‍රජාතන්ත්‍රවාදී රටවල මැතිවරණ ඉදිරිපත් වන්නේ අඩු අපේක්ෂිත සංඛ්‍යාවක් වන අතර ඔවුන් ශක්තිමත් දේශපාලන ප්‍රතිපත්ති සහ ප්‍රකාශන මගින් ජනතාව වෙතට සමීපවන අතර ජනතාව එම පක්ෂ ප්‍රතිපත්ති සහ ප්‍රකාශන තේරුම් ගැනීමෙන් අනතුරුව ඡන්දය ප්‍රකාශ කරති. මෙරට මුදල් යහ පමණින් වියදම් කිරීමෙන් මහජන නියෝජිතයන් ලෙස පත්වීම පහසු කාරණයක් බවට පත්වන්නේ 1978 පසු කාලයේදීය. මුදල් බලය මත දේශපාලන බලය ලබාගත හැකි යැයි යන වැරදි ජනමතය මෙරට සමාජගතව පවතින තවත් මතයකි. එයද අපේක්ෂකයන් සංඛ්‍යාව ඉහළයාමට බලපා ඇති තවත් කාරණයකි.
මැතිවරණ වියදම් නියාමනය කිරීම සඳහා 2023 අංක 03 දරන පනත පාර්ලිමේන්තුවේ සම්මත කළ අතර එමගින් අපේක්ෂකයන් වියදම් කරන මුදල් ප්‍රමාණය නියාමනය කිරීමේ බලය මැතිවරණ කොමිසමට පැවරී තිබීම හේතු කොට ගෙන ඇතැම් ජනාධිපති අපේක්ෂකයන් තමන් වක්‍රකාරාව ශක්තිමත් කර ගැනීම උදෙසා වෙනත් අපේක්ෂකයන් සංඛ්‍යාවක් ඉදිරිපත් කිරීමෙන් මෙවර මැතිවරණයට ඉදිරිපත් වන ජනධිපති අපේක්ෂකයන් සංඛ්‍යාව වැඩි වීමට බලපා ඇති තවත් කාරණයකි. එහෙයින් මෙවැනි දේශපාලන විකටයන් ඉදිරිපත් කිරීම හරහා බලාපොරොත්තු වන්නේ ජනමතය වෙනතකට යොමු කිරීමටය. සැබෑ වශයෙන්ම මහජනතාව සිය ඡන්දය ප්‍රකාශ කළ යුත්තේ තමන් සැබෑ ලෙසම නියෝජනය කළ හැකි යැයි සිතන මහජනයා පිළිබඳ වගකීම් දැරිය හැකි පුද්ගලයෙකුට බව දේශපාලන ක්‍රියාධාරීන් ලෙස අප තේරුම් ගත යුතුය.
අපේක්ෂයකයන් වැඩි සංඛ්‍යාවක් ඉදිරිපත්වීමෙන් පෙන්නුම් කරන තවත් කාරණයක් වන්නේ මෙරට දේශපාලන අස්ථාවරත්වයේ (Political Instability) ප්‍රමාණයයි. ශක්තිමත් දේශපාලන පක්ෂ ක්‍රමයක් නොමැති සහ දියාරු පක්ෂ ක්‍රමය අනෙක් අතට අපේක්ෂකයන් සංඛ්‍යාව වැඩි වීමට බලපා ඇති තවත් හේතුවකි. ජනාධිපතිවරණය සඳහා කොපමණ අපේක්ෂක සංඛ්‍යාවක් ඉදිරිපත් වුවත් විවිධ පක්ෂ කණ්ඩායම් සහ පුද්ගලයන් කවුරුන් වටා එකතු වුවත් වැදගත් වන්නේ ඔවුන් සතුව කොතරම් ඡන්ද පදනමක් තිබේ ද? යන්නය.
බොහෝ මැතිවරණ සමීක්ෂණ මගින් පෙන්වා දී ඇති ආකාරයට ඡන්ද දායකයන්ගෙන් බොහෝමයක් තමන් ඡන්දය ප්‍රකාශ කරන අපේක්ෂකයා කවුරුන්දැයි තවමත් තීරණය කොට නැත. එහි තේරුම වන්නේ සැබෑ ජනවරම ඇත්තේ ජනතාව තුළ බවය. අනෙක් අතට ජනවාර්ගික තත්වය ඉස්මතු කරන කණ්ඩායම් සහ පුද්ලයන් ද මෙවර මැතිවරණයට ඉදිරිපත් වීමෙන් පෙනෙන්නේ එය ශ්‍රී ලාංකික ජාතිකත්වයක් නිර්මාණය කිරීම (Nationaliy) කෙරෙහි බාධාවක් වී ඇති බවයි. මෙරට බොහෝ පිරිසක් මැතිවරණයේ දී කටයුතු කරන්නේ ඡන්ද දායකයන් ලෙස පමණි. එය ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමය ශක්තිමත් කිරීමට ප්‍රමාණවත් නැත. ඇත්ත වශයෙන්ම ඡන්ද දායකයා ක්‍රියාකාරී පුරවැසියකු (Active Citizenry) ලෙස ක්‍රියාත්මක විය යුතුය. ඡන්ද පොළට ගොස් ඔහේ ඡන්දය දැමීම සිදු කරනවා වෙනුවට පක්ෂ ප්‍රතිපත්ති සහ පක්ෂයේ වැඩ පිළිවෙළ අධ්‍යයනය කොට ඡන්දය ප්‍රකාශ කරන ක්‍රියාකාරී පුරවැසියන් ලෙස අප මෙවර ජනාධිපතිවරණයේදීවත් කටයුතු නොකළ හොත් ඉදිරි අවුරුදු පහ මෙරට අනාගතයට එක්කරන්නේ තවත් සාපලත් කාලපරිච්ඡේදයක් වශයෙනි.
(***)
පෙරදිග ධාන්‍යාගාරය යන්න ඇසූ සැණින් කාගේත් මතකයට නැගෙන්නේ මහා පරාක්‍රමබාහු සමයේ අප රට හැදින් වූ නමයි. වචනයේ අර්ථය අනුව ගතහොත් පෙරදිග ලෝකයටම අවශ්‍ය තරම
ජාතික ජන බලවේගයට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක් ඉක්මවා යන ආසන 159ක අද්විතීය ජයග්‍රහණයක් ලබා දෙමින් 2024 පාර්ලිමේන්තු මැතිවරණය නිමාවට පත්විය. එහිදී සමඟි ජන බ
ජ.වි.පෙ මූලිකත්වය ගත් මේ 2024 පාර්ලිමේන්තු මැතිවරණයේ ජා.ජ.බ නැතිනම් “මාලිමා” ජයග්‍රහණය සැබවින්ම ඓතිහාසික ජයග්‍රහණයකි. ඔවුන්ගේ දේශපාලනය මා නොපිළිගත්තද, ඔ
මාස දෙකකට පෙර, සැප්තැම්බර් 21 වැනිදා පැවැති ජනාධිපතිවරණයේ ප්‍රතිඵල අනුව පෙරේදා පැවැති පාර්ලිමේන්තු මැතිවරණයේ ප්‍රතිඵල තේරුම් ගැනීම තරමක් දුෂ්කරය.
මේ වන විට මැතිවරණ ප්‍රතිඵල ලැබෙමින් තිබේ. සත්‍ය වශයෙන්ම ඡන්දය දැමීමට ගිය ප්‍රතිශතය කෙසේ වෙතත් මෙවර මැතිවරණයට පෙර කාලය තුළ නම් ජනතාව අතර උනන්දුවක් තිබු
තථාගතයන් වහන්සේ තමන් වහන්සේ විසින්ම මනාව අවබෝධ කරගත් ධර්මය තම ශ්‍රාවක පිරිසට සමීප කරවීම සඳහා විවිධ ක්‍රමෝපාය භාවිත කර ඇති ආකාරය ඉතා ප්‍රකටය. එම දේශනා
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනපතිවරණයේ දේශපාලන ප්‍රවණතා