ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයේ ආදිශිෂ්‍යයකු වන නාලක ජයසේන කොළඹ විශ්වවිද්‍යාලයේ සිංහල විශේෂ උපාධිය ප්‍රථම පංති සාමර්ථ්‍යයක් සහිතව දිනාගන්නේ එම වසරේ සිංහල අධ්‍යයනාංශයේ විශිෂ්ටතම සිසුවාට හිමිවන ස්වර්ණ මුද්‍රිකා තුනක්ද සමගිනි. පසුව ඔහු එම විශ්වවිද්‍යාලයේ සහකාර කථිකාචාර්යවරයකු ලෙස සේවය කොට දැනට එහිම පශ්චාත් උපාධි පර් යේෂණ කටයුතු සිදු කරයි. සාහිත්‍ය, සංස්කෘතිය, ජනශ්‍රැතිය හා බෞද්ධ දර්ශනය වැනි විෂය පිළිබඳ පර්යේෂණාත්මක පත්‍රිකා 40කට ආසන්න සංඛ්‍යාවක් පළකර ඇති ඔහුගේ නවතම කෘතිය වන සිංහල අවුරුදු ජනවහරට මෙවර බෞද්ධ සාහිත්‍ය සම්මාන උලෙළේදී හොඳම ජනශ්‍රැති පර් යේෂණ කෘතියට හිමි සම්මානය ලැබුණි. මෙම සංවාදය එම කෘතිය පිළිබඳව සහ පොදුවේ සාහිත්‍ය හා ජනශ්‍රැතිය ගැන ඔහුගේ අදහස් විමසීමටයි.
•මෙවර බෞද්ධ සාහිත්‍ය උලෙළේදී ප්‍රශස්තතම ජනශ්‍රැති පර් යේෂණ කෘතිය ලෙස සම්මාන ලැබූ සිංහල අවුරුදු ජනවහර රචනා කිරීමේදී ඔබේ පර් යේෂණ වෙහෙස සහ මේ මාතෘකාවට තේමා වූ පරිසරය ගැන මුලින්ම කථා කරමු.
මුලින්ම මා කියන්න කැමැතියි සිංහල අවුරුද්ද ගැන පර් යේෂණයක් කරන්නට මා යොමු වුණේ ඇයි කියා. ඒ ගැන මා හට පළමුව අදහස ඇති වුණේ පාසල් වියේදී. එදිනෙදා දෛනික ක්‍රියාකාරකම්වලින් මිදිලා අප්‍රේල් මාසයේ පාසල් නිවාඩු කාලය කායිකව හා මානසිකව සුවිශේෂ එකක් වූ නිසා අවුරුද්ද ගැන පත පොත කියවන්නට හා ඒවා එකතු කරන්නට මම යොමු වුණා. අපේ මිත්තණියගේ ගමට නෑගම් යෑම, ගමේ අවුරුදු ක්‍රීඩා උත්සව ආදිය තුළ සුන්දරත්වයක් සේම ගාම්භීරත්වයකුත් මම දුටුවා. පසුව විශ්වවිද්‍යාලයට පැමිණ පර් යේෂණ ක්‍රමවේදය හදාරද්දී මා සිතුවා අර පෙර එකතු කළ අවුරුදු සාහිත්‍ය යම් ශාස්ත්‍රීය ආස්ථානයක පිහිටවිය යුතුයි කියා. ඒ අනුව මා අවුරුද්ද ගැන පර්යේෂණයක් මගේ මූලික උපාධියට සිදු කළා.
එහෙත් එය එතැනෙන් අවසන් කළේ නැහැ. මා දිගින් දිගටම ඒ ගැන විමසුවා. එවිට මා හට වැටහුණු කරුණක් තමයි අවුරුද්ද පිළිබඳ දත්ත, තොරතුරු ආදිය ගැන සෑම වසරකම බක් මාසයේදි මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍ය මගින් ජනතාව දැනුම්වත් වුණත් සිංහල අවුරුද්දේ හරය පිළිබඳ භාවමය තලය ඉක්මවා ගිය දැනුමක් අපේ අනාගත පරම්පරාවට දිය යුතුය යන්න.
•රටක ජනශ්‍රැති අධ්‍යයනය ඒ රටට සමාජ සංස්කෘතික වශයෙන් වැදගත් වන්නේ කොහොමද?
කාර්ල් මාක්ස් ඉදිරිපත් කරන තර්කයක් තමයි යම් සමාජයක ව්‍යුහ දෙකක් පවතිනවා. ඒ උපරි ව්‍යුහය හා අධෝ ව්‍යුහය වශයෙන්. ඔහු මූලික හෙවත් අධෝ ව්‍යුහය ලෙස දක්වන්නේ ආර්ථිකය. ඉහළ හෙවත් උපරි ව්‍යුහය ලෙස ඔහු සලකන්නේ සාහිත්‍යය සංස්කෘතිය යනාදී සංකල්පවේදී කාරණා. ඒත් මා හිතන්නේ එම සිද්ධාන්තය අපේ සමාජයට වලංගු නැහැ. මාක්ස්වාදය මෙරටට වලංගු නොවන්නත් එය හේතුවක්. මේ රටේ සමාජයේ පාදම ආර්ථිකය නෙවෙයි. එය සංස්කෘතියයි. සංස්කෘතියකට අයත් අංග තමයි ජනශ්‍රැතිය හා විශ්වාස පද්ධති ආදිය.
දැන් අවුරුද්ද ගත්තම එහි ළිප්ගල් තුනක් වගේ බලපාන කරුණු තුනක් තිබෙනවා. ඒ තමයි බුදුදහම, ජ්‍යොතිෂ්‍ය හා ආයුර්වේදය. එතකොට ජනශ්‍රැතිය ඒ සෑම විෂයකටම බැඳී පවතිනවා. ඇත්තටම ආයුර්වේදය වශයෙන් අපි පෙරදිග වෙදකම පොදුවේ නම් කළත් සිංහල වෙදකම වෙනම ස්වාධීන විෂයයක්. අපේ සිංහල වෙදකම පළාතෙන් පළාතට එදා වෙනස් වුණා. ඊට අදාළ ප්‍රතිකාර ක්‍රම පරපුරෙන් පරපුරට පැමිණියෙ ජනශ්‍රැතියෙන් හා පරම්පරාවෙන්. ඉතින් යම් රටක ජනශ්‍රැතිය සහ එම ජනශ්‍රැතියට අයත් සංස්කෘතිය අධ්‍යයනය මගින් තමයි ඒ රටේ හෝ සමාජයේ ස්වීයත්වය නැත්නම් ඊටම ආවේණික සහලක්ෂණ පද්ධතිය දැනගන්න පුළුවන්. එය සමාජ හා මානව විද්‍යාත්මකව සිදු කළ යුත්තක්.
•අපේ රටේ ජනශ්‍රැති අධ්‍යයනවල වැදගත්කම මුලින්ම පෙන්වා දුන්නේ විදේශිකයන්. ඇත්තටම ඇයි ඔවුන් ඒවා ඒ තරම් වැදගත්කොට සලකා එකතු කළේ?
ඔව් ඇත්තටම කෙනෙකුට කියන්නට පුළුවන් අප රටේ සුන්දරත්වය අපට වඩා හොඳින් දුටුවේ විදේශිකයන් කියා. විශේෂයෙන්ම බ්‍රිතාන්‍ය අධිරාජ්‍ය සමයේ මෙරට පැමිණි පරිපාලකයන් ආදී පිරිස් අපේ අතීතයෙන් බිඳක් හෝ වාර්තාකර තැබුවා. සිංහල අලුත් අවුරුද්ද සම්බන්ධව ගත්තම විශේෂයෙන්ම උඩරට ප්‍රදේශයේ අවුරුදු සැමරුම් ගැන සෙවීමේදී අපිට බ්‍රෝහියර්, ජෝන් ඩේව්, රොබට් නොක්ස් වැනි අයගෙ සටහන් සදය මූලාශ්‍රය වෙනවා.
ඒ වගේම තමයි පොතින් මතු නොව නෙතින් අදටත් දැකිය හැකි ඓතිහාසික සිංහල මිනිසාගේ ඉන්ද්‍රීය ප්‍රත්‍යක්ෂ ජන චින්තනය සීගිරි කැටබිත. එය සොයා ගියෙත් මේජර් ෆෝබ්ස්, එච්.සී.පී. බෙල් සහ ඔහුගේ පවුලේ උදවිය වැනි විදේශිකයන්. ඔවුන්ට එහි දැනුණු වැදගත්කම කුමක්දැයි සිතා බැලීම මනෝවිද්‍යාත්මක කරුණක්. අපට නැති අනුනට ඇති දේ සොයන්නට පුහුදුන් මිනිසා නිරතුරු පෙළඹෙනවා. මා හිතන්නේ මේ විදේශිකයන් ඔවුන්ට අලුත් හා අමුතු සුවිශේෂ සුන්දර පරිසරය දුටුවා. ඒ වගේම අපේ මිනිසුන්ගේ සාමූහිකත්වය හා ආගන්තුක සත්කාර ඔවුන් දකින්නට ඇති. මා සිතන්නේ මනෝමූලිකව අපේ සංස්කෘතිය තමයි ඔවුන්ව එවන් ගවේෂණ පිණිස යොමු කරන්නට ප්‍රධාන සාධකයක් වන්නට ඇත්තේ. ලෙනාඩ් වුල්ෆ්ගේ බැද්දේගම කියවාගෙන යද්දී වුවත් මේ ගැන සිතුවොත් ඔබට ඒ ගැන යමක් වැටහෙනවා ඇති.
•විදේශිකයන් වැදගත්කොට සැලකූ මෙරට ජනශ්‍රැති ගැන අපේ ලාංකිකයන් තුළ වර්තමානයේ ඇති අවධානය ප්‍රමාණවත්ද? ජනශ්‍රැති පර් යේෂණ තුට්ටුවට ඇද දමා තිබීමේ හේතුව කුමක්ද?
ඉතාම වැදගත් ප්‍රශ්නයක්. සරල පිළිතුර නැහැ යන්නයි. ජනශ්‍රැතිය යන්න එදා අපේ මිනිසුන්ගේ දැනුමේ අත්‍යවශ්‍ය අංගයක්. අද මේ කථා කරන මා ඇතුළු තරුණ පරම්පරාව මේ රටේ ජනශ්‍රැතිය පිළිබඳ ප්‍රමාණාත්මක අවබෝධයකින් පසුවන්නේද යන්න ගැටලුවක්. මා ඒ ක්ෂේත්‍රය ගැන පර්යේෂණ කරන්නෙක් නිසා මට ඒ ගැන ගුණාත්මක අවබෝධයක් තිබෙනවා වෙන්න පුළුවන්. ඒත් අද තිබෙන තාක්ෂණික හා පරිභෝජනවාදී සමාජය තුළ අපේ අතීතය සහ එහි අභිමානය අපට මතක් වන්නේ පතපොත රචනාවලදි හා වෙළෙඳ ප්‍රචාරණ වැඩසටහන්වලදි. ඇත්තටම ජනශ්‍රැති අධ්‍යයන පුළුල් විෂයයක්. වර්තමාන ලෝකයේ අධ්‍යයනවල දිශානතිය තිබෙන්නේ අන්තර්ශික්ෂණීය හා බහුශික්ෂණීය පදනමින්. ඒ කියන්නේ එක් එක් විෂයය හුදෙකලාව අධ්‍යයනය කරන්න බැහැ. ජනශ්‍රැති අධ්‍යයනය පහළ යාමට ප්‍රධාන හේතුවක් ලෙස මම දකින්නේ එය වෙනම හා තනිවම අධ්‍යයනය කරන්නට යෑම. ඒ තත්ත්වය වෙනස් විය යුතුයි. එම විෂය තුට්ටුවට දාල සලකන්න බෑ.
•ජනශ්‍රැතිය ජන දිවියේ කැටපතක්. ඒ වටිනාකම දරුවන් වෙත රැගෙන යාමට පාසල් හා විශ්වවිද්‍යාලවල වැඩපිළිවෙළක් සකස් කිරීමේ අවශ්‍යතාව කෙබඳුද?
මේ ජනශ්‍රැතිය අයිති වන්නේ අස්පර්ශනීය සංස්කරණ උරුම යටතට. අපිට පුළුවන් සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයකම අස්පර්ශනීය සංස්කෘති උරුම පර් යේෂණ මධ්‍යස්ථානයක් ආරම්භ කරන්න. එයින් නව රැකියා උත්පාදනය කරන්න පුළුවන්. උපාධිධාරීන්ට පමණක් නොවේ වෙනත් ඕනෑම අයකුට ඊට සම්බන්ධව පර් යේෂණ පමණක් නොවේ නිෂ්පාදන පවා කරන්න පුළුවන්. ඒ වගේමයි මම පෙර කිවුවා වගේ අන්තර්ශික්ෂණීය බහුශික්ෂණීය දැනුම් ක්‍රමවේද යොදාගෙන අපිට ජනශ්‍රැති එකතු කරන්න, ඒවා ගබඩා කරන්න ජංගම දුරකථන ඇප් එකක් නැත්නම් යෙදවුමක් නිර්මාණය කරන්න පුළුවන්. ඒවා විවිධ භාෂාවලට පරිවර්තනය කරලා ලෝකයටම මාර්ගගතව විවෘත කරන්න පුළුවන්. මේ මධ්‍යස්ථානවලට ක්‍රියාකාරිත්වයට ඒ ඒ ප්‍රදේශවල සිසු දරුවන් කුඩා කල සිට එක්කරගන්න පුළුවන්. ඒ දරුවන්ට ප්‍රායෝගික අත්දැකීම් ඒ ඔස්සේ ලබාගන්න පුළුවන්.
ඒ වගේම විශ්වවිද්‍යාල විෂය නිර්දේශ ප්‍රතිසංස්කරණයේදී පාඨමාලා භේදයකින් තොරව මේ අස්පර්ශනීය උරුම අධ්‍යයනය ගැන පාඩම් මාලා එකතු කරන්න පුළුවන්. ජාතික වශයෙන් ඒ සියලු ප්‍රාදේශීය ඒකක සම්බන්ධීකරණය කරන තරුණ සේවා සභාව වගේ මධ්‍යස්ථානයක් හදන්න පුළුවන්. ඉන්පසු විදේශ රටවල් සමග සම්බන්ධ වෙලා ජනශ්‍රැති හා සංස්කෘතික පර් යේෂණ පිළිබඳ ජාත්‍යන්තර හුවමාරු වැඩසටහන් නිර්මාණය කරන්න පුළුවන්. පාසල් වියේ සිට විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් දක්වා විවිධ රටවල සංස්කෘතිය අධ්‍යයනයට කෙටි කාලයක් යොමු කරන්න පුළුවන්.
(*** සංවාද සටහන - ගාමිණි කන්දේපොළ)
ප්‍රවීණ ගත්කරුවකු සහ ලේඛකයකු වූ පියදාස වැලිකන්නගේ මහතා ඉකුත් 25 වැනිදා අභාවප්‍රාප්ත විය. මේ ලිපිය ඒ නිමිත්තෙනි.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙම නොවැම්බර් මස 17 වැනිදා සිට 23 වැනිදා දක්වා ශ්‍රී ලංකාවේ විස්තීර්ණ ණය ගිවිසුම සම්බන්ධයෙන් පැවැති සමාලෝචනය අවසන් වී තිබේ. ඒ අ
පෞද්ගලික හා අර්ධ රාජ්‍ය අංශයේ සේවය කරන විශ්‍රාම වැටුප් ක්‍රමයකට හිමිකම් නොමැති සේවක පිරිස් සඳහා අනිවාර්ය විශ්‍රාම දායක මුදල් ක්‍රමයක් ලෙස 1958 අංක 15 දරන
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් විසින් පසුගිය දා ශ්‍රී ලංකාව සමග දැනට ක්‍රියාත්මක වැඩසටහනට අදාළව තුන් වැනි සමාලෝචනය නොබෝදා සිදුකරන ලදී. මූල්‍ය
මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේ දී ඉතිහාසයේ පළමු වතාවට සිදුවීම් ගණනාවක් දැකගත හැකි විය. ඒවා ජාතික ජන බලවේගය පිහිටු වූ වාර්තා ලෙසද ඇතැමුන් හඳුන්වනු දුටුව
මහ මැතිවරණය නිමා වී ඇත. නව පාර්ලිමේන්තුව ද පළමු වතාවට ඊයේ රැස්වූයේය. ජාතික ජන බලවේගයේ දේශපාලන වැඩසටහන විධායකය සහ ව්‍යවස්ථාදායකය යන ක්ෂේත්‍ර දෙකේම ශක්
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනශ්‍රැති පර්යේෂණ තුට්ටුවට දාලා
ප්‍රතිභා පතිරාජ Sunday, 21 March 2021 02:58 AM
විභූතිමත් අතිතයක පුනරාගමනය ගෙන ඒමට ඔබ දරන උත්තම උත්සාහයට අපගේ උත්තමාචාරය...මේ පිලිබඳව ඉගෙන ගැනීමට හැදැරිය යුතු අධයන පාඨමාලාව මොනවද?? කොහොමද ඒවැනි දේකට අලුත් කෙනෙක් සම්බන්ධ වෙන්න ඕන...