ජයතිලක ද සිල්වා
අපි අර්බුදයකට මුහුණදී සිටිමු. එය අද ඊයේ හටගත්තක් නොව කලක් තිස්සේ පැවැත එන්නකි. යටත් පිරිසෙයින් පසුගිය වසර තුන හතරම අපි ඊට ගොදුරු වීමු. ආර්ථිකය, දේශපාලනය, විදේශ සම්බන්ධතා, ජාතික සමගිය හා එක්සත්කම පවත්වා ගන්නේ කෙසේ දැයි නිශ්චය කළ නොහැකිව ඔබමොබ දෝලනයවෙමින් එක්වරම එකිනෙක පරස්පර පිළිවෙත් අනුගමනය කරමින් රට පඹ ගාලක පැටැලී පැවැතියේය. මෙම මොහොතෙහි අප මුහුණ දෙන්නේ එම අර්බුදයෙහි වඩා තීව්‍ර වඩා උත්සන්න අවස්ථාවකටය.
මෙම අවස්ථාවෙහි අලුත් සාධකය ව්‍යවස්ථා අර්බුදයයි. එය හටගත්තේ පසුගිය ඔක්තෝබර 26 වැනි දින ජනාධිපතිතුමන් විසින් අගමැති ඉවත් කර නව අගමැතිවරයකු පාර්ලිමේන්තුවෙන් බාහිරව පත් කිරීමෙනි. එහි ප්‍රතිඵලය රට අස්ථාවර වීමය. අද දෙපිරිසක් ආණ්ඩුව තමන් යැයි කියා සිටිත්. පරිපාලනය ඇන හිට ඇත. පාර්ලිමේන්තුව ආණ්ඩුවම වර්ජනය කරයි. අවුල නිරාකරණයට අධිකරණයෙහි පිහිට ද පතා ඇත.
මෙම අර්බුදය අපට කියාදෙන පාඩම් කිහිපයෙකි. ඉන් සමහරක් විමසා බලමු. පළමුවෙන්ම අප දකින්නේ රට අස්ථාවර වූයේ ජනාධිපතිවරයාගේ ක්‍රියාව නිසා බවය. එම ක්‍රියාව ව්‍යවස්ථානුකූල වුව නොවූව, සදාචාරමය වුව නොවූව, එය රටට අයහපත් ඵලවිපාක දැනවීය. ඒ අතින් එය අහිතකර නපුරකි. විධායක ජනාධිපති රට ජාතිය සහ බුද්ධාගම බේරාගන්නා ගැලැවුම්කරුවෙකු වෙතැ යි උන්මත්තක දේශපාලනඥයන් සහ අන්තවාදී කණ්ඩායම් බයිලා කීව ද ඇත්තටම ඔහු ගත් පියවරෙන් රට විනාශය අබියසය. රට විනාශවන්නේ නම් ආගම ඉතිරි වෙයිද? බුලත් හෙප්පුවට හෙණ වැදුන විට හුණු කිල්ලෝටය ඉතිරි වෙයිද?
මෙසේ වත්මන් අර්බුදය අපට කියාදෙන පළමු වැනි පාඩම විධායක ජනාධිපති ක්‍රමය මෙරටට නොගැළපෙන සහ ව්‍යසන ගෙන දෙන උවදුරක් බවය. ජනතාව එයට ආරම්භයෙහි සිට එරෙහි වූයේ එහෙයිනි. කවරකු එම නිලය හෙබ වූවද විධායක ජනාධිපති ක්‍රමය ජනතා විරෝධී බව අත්දැකීමෙන් පෙනේ. එය ඒකාධිපති ප්‍රවණතා ශක්තිමත් කරන්නකි. එහෙයින් අහෝසි කළ යුත්තකි.
මෙම අර්බුදය සක්සුදක් සේ පැහැදිලිව පෙන්වා දෙන තවත් කරුණක් වන්නේ පාලනය දරන සහ අපේක්ෂා කරන ප්‍රධාන දේශපාලන ප්‍රවාහ දෙක තුනම සිය පරමාධ්‍යාශය හෙවත් පළමු අභිප්‍රාය කර ගන්නේ බල තණ්හාව මිස ජනතා සුබසිද්ධිය නොවන බව ය. රට හා ජනතාව විපතට ලක්වූවද තම පෞද්ගලික ආශා මුදුන් පත් කළ හැකි නම් ඔවුනට ඒ කදිමය. එයින් බැස ගත යුතු පාඩම වන්නේ රට ගොඩගැනීමට නම් වෙනත් අතක් බලා ගත යුතු බවය. නව බලවේගයක්, ජනතා ප්‍රේමී දුප්පතුනට හිතකර බලවේගයක් හදා ගත යුතු බවය. බඩගෝස්තරවාදී දේශපාලනය පරාර්ථකාමී සහ පොදු යහපත පෙර දැරි කර ගන්නා දේශපාලනයකින් ආදේශ කළ යුතු බවය.
පසුගියදා පාර්ලිමේන්තුවෙහි ප්‍රදර්ශනය වූ අසික්කිත හැසිරීම අපට පෙන්වා දුන්නේ අපේ නියෝජන ප්‍රජාතන්ත්‍රවාදයෙහි පවත්නා අඩුපාඩුවකි. යුරෝපයෙන් පක්ෂ දේශපාලනය පිරුළට ගත්ත ද එහි හරයට වඩා පිටපොත්ත පිළිගත් සේ පෙනේ. මෙරට දේශපාලන පක්ෂ අභ්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදයෙන් තොරය. ඒවා පූර්ව ධනේශ්වර හා ගෝත්‍රික සම්බන්ධතා සමඟ මුසුව පවතී. ධනය හා බලය පාදක කැරැගත් ධූරාවලියක් ඒවා තුළ බල පැවැත්වෙයි. විධායක ජනාධිපති ක්‍රමය සමඟ පක්ෂ නායකයාට අසීමිත බලයක් සපයන්නට ප්‍රධාන දේශපාලන පක්ෂ දෙකම පියවර ගත් බව නොරහසකි. පොදුජන පෙරමුණෙහි තත්ත්වය ද එසේමය. ඇත්තෙන්ම එය අනෙක්වාට හපන්ය. එහි නායකයා අධිරාජෙයකි.
වර්තමාන අර්බුදයට විසඳුම මහා මැතිවරණයකැයි විද්වත්තු ඇතුළු බොහෝ දෙනා පවසත්. එහෙත් දේශපාලන පක්ෂවල පවත්නා ප්‍රජාතන්ත්‍රවාදී ඌණතා හේතුවෙන් සැබෑ නියෝජනයක් සහතික කළ නොහැකිය. මන්දයත්, මන්ත්‍රීධුරාපේක්ෂකත්වය ලැබෙන්නේ පක්ෂ නායකයාගේ අභිමතයට යටත්ව හෙයිනි. ඡන්දදායකයන්ට තෝරාපත් කරන්නට සිදුවන්නේ පක්ෂ නායකයන් නාමයෝජනා පවරන නියෝජිතයන්මය. ඔවුන් කවරකු වුව, යහපත් වුව අයහපත් වුව, විනයගරුක වුව දාමරික වුව, අපරාධකරුවන් වුව නොවුව, තෝරා යැවිය යුතුවන්නේ ඔවුන්මය. තරුණයන්ගේ හිසට ප්‍රසිද්ධියේ පරාල ඇණ ගැසූවන්, සමූහ වශයෙන් ස්ත්‍රී දූෂණයෙහි යෙදුනවුන්, ඉහළතර වැඩි ඡන්ද සහිතව මැතිවරණ දිනීම එහි ඍජු ප්‍රතිඵලයකි. එහෙයින් මෙම අවාසනාවන්ත තත්ත්වයෙහි මැතිවරණ නියෝජන ක්‍රමයෙහි වෙනසක් අවශ්‍ය බව අර්බුදය කියා දෙන තවත් පාඩමකි.
පිල් මාරු කිරීම සඳහා රුපියල් මිලියන ගණනින් අල්ලස් පිරිනමන බව නොබෝදා හෙළිදරව් කළේ අන්කවරකුවත් නොව ජනාධිපතිතුමන්මය. කරුණූ රහිතව එතුමන් එසේ කියතැ යි අපි නොසිතමු. එසේ මුදලට, අල්ලසට පිල් මාරුවට ඉඩකඩ ඇහිරිය යුතුය. මැතිවරණ වියදම් විගණනය සඳහා නීති හා ව්‍යවස්ථා සම්පාදනය ද අවශ්‍යය.
මෙරට දේශපාලන පක්ෂ ක්‍රමයෙහි බරපතළ ඌණතාවක් වන්නේ ඒවා ජනතාව සමගි කිරීමට වඩා ජාතිය හා ආගම අනුව ඔවුන් බෙදීමට රුකුල් දීමය. ආගම සහ ජාතිය පදනම්ව වෙන් වෙන් වශයෙන් පක්ෂ බිහිවීමෙන් තත්ත්වය වඩාත් පිරිහුණි.
වර්තමාන අර්බුදය විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙහි පවත්නා අඩුපාඩු මොනවට ප්‍රදර්ශනය කර ඇත. ඇත්තෙන්ම එහි වාසිය නීතිඥයන්ට පමණෙකැයි පැවැසෙන අතර එහි ද යම් අර්ථයක් තිබේ. හිටපු රාජ්‍ය නායිකාවක එය බහුභූත ව්‍යවස්ථාවකැයි කියා ඇත්තේ ද සහේතුකව යැයි දැන් පෙනේ. ගරුතර මහා සංඝරත්නය කුමක් කීව ද නව ව්‍යවස්ථාවක අවශ්‍යතාව වර්තමාන අර්බුදය උස් හඬින් කියාදෙන පාඩමකි.
බටහිර ප්‍රජාතන්ත්‍රවාදය සමඟ අපට දායාද කළ මතයක් වූයේ සර්වජන ඡන්ද බලය සහ බහුතරයේ පාලනය මඟින් ප්‍රජාතන්ත්‍රය සාක්ෂාත් වන බවය. එහෙත් එය එසේ නොවන බව අත්දැකීමෙන් සනාථව ඇත. බොහෝ විට එමඟින් සුළුතර ප්‍රජාවන්හි අයිතීන් යටපත් කැරෙන අතර පාලකයන්ගේ ප්‍රභූ ස්වභාවය හේතුවෙන් බහුතර ජනයාගේ අයිතීන්ද නොරැකෙන තත්ත්වයක් පවතී.
අප උරුම කැරැගත් ප්‍රජාතන්ත්‍රය පරිසමාප්ත වූවක් නොව කිහිප අතකින්ම සංවර්ධනය කළ යුත්තකි. වර්තමානයෙහි, විශේෂයෙන්ම දියුණුවන රටවල් සහභාගීත්ව ප්‍රජාතන්ත්‍රවාදයක් කරා පියනඟන්නට වෙහෙසෙන්නේ එහෙයිනි. ඡන්දදායකයා මැතිවරණයෙහි දී සිය නියෝජිතයන් තෝරා ගැනීමට අමතරව එදිනෙදා පාලනය ගෙන යාමෙහි දී ද යම් ආකාරයකින් සහභාගී වන්නේ නම් එය වඩා ප්‍රජාතාන්ත්‍රික වනු ඇත. ප්‍රජාතන්ත්‍රය ශක්තිමත් වන්නේ සහ සමාජ සංගතිය සහතික වන්නේ සියල්ලම සහභාගි කරවන තරමටය. යම් පිරිසක් බැහැර ෙකරේ නම් එය සාමයට තර්ජනයක් වෙයි. එවිට සමාජ ගැටුම් මතුව, වර්ධනයව සමාජ වියමනම ලිහී අනතුරට ලක් වෙයි.
අනෙක් කාරණය ප්‍රජාතන්ත්‍රය හරි ආකාරයෙන් ක්‍රියාත්මක වීම සඳහා ජනතාවගේ පුරවැසි විඥානය හෙවත් තම සමාජ යුතුකම් පිළිබඳ දැනුම උසස් විය යුතුය. සමාජයට තමන්ගෙන් ඉටු වියයුතු යුතුකම් සහ තම සමාජ වගකීම් නොදන්නා කල නිසි අයුරින් සිය ඡන්ද අයිතිය භාවිතාවටවත් යමෙකු අසමත් වනු ඇත. හොරුන්, තක්කඩින්, ස්ත්‍රී දූෂකයන් සහ වෙනත් අපරාධකරුවන් ජනතා කර පිටින් පාර්ලිමේන්තුවට පිවිසෙන්නේ සහ පාර්ලිමේන්තුව කෝලම් මඩුවක් වන්නේ එහෙයිනි.
ආත්මාර්ථයට ප්‍රමුඛත්වය දෙන සමාජයක, පරාර්ථය අවඥාවට ලක් කැරෙන සමාජයක පොදු යහපත පිළිබඳ හැඟීමක් ඇති පරපුරක් බිහි වෙතැයි සිතිය නොහැකිය. තමන් හිසට තම අතමය සෙවණැල්ල යැයි පවසමින් මිනිසුන් හුදකලා කරවන සමාජයක, බාලාංශයෙහි පටන් අනෙකා පරයන්නට දරුවන් හුරුකරවන සමාජයක, ජාතිය කුලය ආගම අනුව අපි-තොපි යැයි බෙදා තමන් ලෝකෙට ලොක්කන් යැයි පිළිගැනීමට දරුවනට පවා උගන්වන සමාජයක පොදු යහපතක් ගැන කවර කතාද?
වර්තමාන අර්බුදය විදේශ කුමන්ත්‍රණයකැයි අැතැම්හු කියති. අර්බුදය දියත් කළ ජනාධිපතිතුමන් ද එවන් අදහසක් පැවැසූ බව වාර්තා විය. අද බලවත් රටවල් අපේ ඔළුවට අත හෝදන බව ඇත්තකි. අපට වැදි බණ දෙසන බවද ඇත්තකි. ඔවුන් මෙරට කටයුතුවලට ඇඟිලි නොගසනවා ද නොවේ. එහෙත් කාගේ වරදින්ද? අපේම වරදිනි. අපේම අසමගිය නිසාය. අපේම දීනකම් නිසාය.
ප්‍රවීණ ගත්කරුවකු සහ ලේඛකයකු වූ පියදාස වැලිකන්නගේ මහතා ඉකුත් 25 වැනිදා අභාවප්‍රාප්ත විය. මේ ලිපිය ඒ නිමිත්තෙනි.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙම නොවැම්බර් මස 17 වැනිදා සිට 23 වැනිදා දක්වා ශ්‍රී ලංකාවේ විස්තීර්ණ ණය ගිවිසුම සම්බන්ධයෙන් පැවැති සමාලෝචනය අවසන් වී තිබේ. ඒ අ
පෞද්ගලික හා අර්ධ රාජ්‍ය අංශයේ සේවය කරන විශ්‍රාම වැටුප් ක්‍රමයකට හිමිකම් නොමැති සේවක පිරිස් සඳහා අනිවාර්ය විශ්‍රාම දායක මුදල් ක්‍රමයක් ලෙස 1958 අංක 15 දරන
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් විසින් පසුගිය දා ශ්‍රී ලංකාව සමග දැනට ක්‍රියාත්මක වැඩසටහනට අදාළව තුන් වැනි සමාලෝචනය නොබෝදා සිදුකරන ලදී. මූල්‍ය
මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේ දී ඉතිහාසයේ පළමු වතාවට සිදුවීම් ගණනාවක් දැකගත හැකි විය. ඒවා ජාතික ජන බලවේගය පිහිටු වූ වාර්තා ලෙසද ඇතැමුන් හඳුන්වනු දුටුව
මහ මැතිවරණය නිමා වී ඇත. නව පාර්ලිමේන්තුව ද පළමු වතාවට ඊයේ රැස්වූයේය. ජාතික ජන බලවේගයේ දේශපාලන වැඩසටහන විධායකය සහ ව්‍යවස්ථාදායකය යන ක්ෂේත්‍ර දෙකේම ශක්
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජපකළ ව්‍යවස්ථා මන්ත්‍රය