IMG-LOGO

2025 අප්‍රේල් මස 20 වන ඉරිදා


ජපන් රටේදී හමුවූ අපේ රටේ නෑදෑයෝ

ජපානයේ ෆුකුෂිමා හි සිදු වූ සුනාමිය මෑත කාලයේ ජපානය අත් විඳි බියකරුම ව්‍යසනය වෙයි. හිරෝෂිමා හි හා නාගසාකියේ ඛේදවාචකයට නොදැවැනි ඒ විපත හමුවේ ජපානයට හිස ඔසොවන්නට සෑහෙන තරම් කාලයක් ගතවනු ඇතැයි ගණන් බැලූ පිරිස්ද සිටියහ. ”අපි ඒ පළාත බලන්න යමුද?” මම සමන් ප‍්‍රියංකරගෙන් ඇසුවෙමි. ඔහු සිනාසුනේය. ”ඒ සුනාමියේ ලකුණක්වත් දැන් එහෙ නෑ. ඒ විතරක් නොවෙයි ඒ ගැන කිය කිය හිත හිතා වැළපෙන අයත් නෑ. ඔවුන්ට ඒක තවත් එක් දුක්බර අත්දැකීමක් පමණයි. සමන් ප‍්‍රියංකර කීවේය. ඒ ජපානයේ හැටිය. ඉරණම වෙනස් කළ නොහැකි නම් සරදම් කළ ඉරණම හමුවේ වැළපීම ජපන් ජනයාගේ සිරිත නොවීය. ඔවුන් යෝධයකු පරිද්දෙන් නැගී සිටින්නේ එහෙයිනි. ”සුනාමිය සිදු වුණේ එහේ. ඒත් ඒ ප‍්‍රශ්නය ටෝකියෝ වලට ගෙනාවේ නෑ. මේ පළාත් වල වැඩ කටයුතු ඒ විදියටම සිද්ධ වුණා. එහෙ එහෙම දෙයක් වුණා කියලා මෙහෙ කිසිම වෙනසක් වුණෙත් නෑ. ජපානයේ හැටි එහෙමයි” සමන් ප‍්‍රියංකර වැඩිදුරටත් කීවේය.”වව්ලගේ ගෙදර ආවම ඒ විදියට ඉන්න  ඕනැ කියනවනේ. ඒ වගේ ජපානයට ආවොත් ඉන්න වෙන්නෙ මෙහෙ විදියට. වැඩ කරන්න වෙන්නේ මෙහෙ වැඩ කරන විදියට.” සමන් ප‍්‍රියංකර තව ඉසව්වක් අනාවරණය කළේය. එය සත්‍යයකි ජපානයේ වෙසෙන ශ්‍රී ලාංකිකයන්ගේ සංඛයාව දහස් ගණනකි. ඇතැමෙක් ව්‍යාපාර කරති. තවකෙක් විවිධ ආයතනවල සේවය කරති. ඒ කොතැන කොහොම සේවය කළද ඔවුන්ගේ ජංගම දුරකතනය ක‍්‍රියාත්මක වන්නේ දිවා ආහර වේලාවේදී හා සවස වැඩ නිමවීමෙන් පසුවය. එතෙක් ඔවුහු වෙහෙස නොබලා වැඩ කරති. සන්ධ්‍යා සාදය හෝ  උත්සවවලට සහභාගි වීම් ඉතා අඩුය. ඒ පසුවදා රාජකාරි කටයුතු වලට එවා බාධාවක් වනු ඇතැයි සිතන හෙයිනි. ඉරිදා දිනය නිවාඩු දිනයකි. ”එදාට තමයි යාළුවෙක් හරි මුණ ගැහෙන්නේ. ඒ ආශ‍්‍රයත් ළඟම ඉන්න දෙතුන් දෙනකුට සීමා වෙලා තියෙනවා. අපට ඒක ටිකක් නුහුරු වුණත් ජපානයෙ හැටියට එහෙම නොකර ජීවත් වෙන්න බෑ.” මොරටුව රාවතාවත්තේ සිට ජපානයට ගොස් අද එහි සාර්ථක ව්‍යාපාරිකයකුව සිටින  සම්පත් කීවේය. තෝකියෝ නුවර යෝයෝගි උද්‍යානයේ පැවති ”ආශ්චර්යමත් දේශයේ සැණකෙළිය” ශ්‍රී ලාංකිකයන්ට වඩාත් වැදගත් වන්නේ එහෙයිනි. එම සැණකෙළිය දෙදවසක් පුරා පැවැත්විණි. ජපන් ජාතිකයන්ට අමතරව දහස් ගණනක් ශ්‍රී ලාංකිකයෝ එහි රොඳ බැඳ සිටියහ. ඒ සැණකෙලි දෙදවස ඔවුන්ට අනුව ”ගමේ යෑමකි” ”මහ ගෙදර යෑමකි” ශ්‍රී ලාංකිකයන්ගේ එම බලාපොරොත්තු මුදුන් පමුණුවන ආකාරයටම එම සැණකෙළි දෙදවසෙහි සියලූ කටයුතු සංවිධානය කිරීමට ජපානයේ ශ්‍රී ලංකා තානාපති, හිටපු නාවික හමුදාපති අද්මිරාල් වසන්ත කරන්නාගෙඩ මහතා ඇතුළු ඔහුගේ නිල මඩුල්ල ගත් වෑයම වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම සාර්ථක යැයි පැවසිය හැකිය. ”මේ මගේ රටේ මිනිස්සු, ඔවුන්ට විනෝද වෙන්න අවස්ථාවක් සලසා දුන්නාම මට හිතෙන්නේ මම මගේ දරුවන්ට යමක් දුන්නා වගෙයි කියලයි” තානාපති අද්මිරාල් වසන්ත කරන්නාගොඩ මහතා කීවේය. මම, ඒ බිමේ එ  මේ අත ඇවිද යමින් ශ්‍රී ලාංකිකයන් සමග කතා බස් කළෙමි. ජගත් චන්දන රාමනායක මට හමුවූයේ ඒ මොහොතේය. ඔහු ශ්‍රී ලංකා වාහන අපනයනකරුවන්ගේ සංගමයේ සභාපතිවරයාය. ඔහු මෙසේ කීවෙය. ශ්‍රී ලංකාවේ ඉඳලා ජපානයට ආපු අය කොටස් දෙකක් ඉන්නවා. ඒ තමයි පැරැණි අය හා අලූතෙන් ආව අය. මේ දෙපිරිස අතර සම්බන්ධය අඩුයි එහෙම වුණාම ඒ අයට වැඩ කරගෙන යන්න අමරු වෙනවා. ඉතින් ඒ නිසා පැරැනි අය හා අලූත් අය අතර සම්බන්ධය හදන්න තමයි මේ සංගමය පිහිටෙව්වේ. විශේෂයෙන්ම නීති රීති ගැන නිසි අවබෝධයක් නැති වුණොත් ව්‍යාපාරික කටයුතු වලදී අසීරුතාවන්ට පත් වෙනවා. ඔවුන්ට ඒ ගැන නිසි අවබෝධය ලබා දීමත් අපේ සංගමයේ අරමුණක්. ජපන් රජයේ වගේම ශ්‍රී ලංකා රජයේ වාහන ප‍්‍රතිපත්තිය ගැන අවබෝධයක් ලබා ගැනීම හා රජය හා ව්‍යාපාර අතර මතුවන ගැටලූවටල මැදිහත්වීම අපේ සංගමයේ අරමුණයි. ජපානයේ සිට ශ්‍රී ලංකාවට වාහන අපනයනය කිරීමේ ව්‍යාපාරයට සැහෙන තරම් දිගු ඉතිහාසයකි. එමෙන්ම එම ව්‍යාපාරයේ යෙදෙන, ජපානයේ වෙසෙන ශ්‍රී ලාංකිකයන්ගේ සංඛ්‍යාව ද අති විශාලය. එහෙත් ඔවුන් ඒකරාශී කිරීමේ වැඩ පිලිලෙක් මෙතෙක් ක‍්‍රියාවට නැගුණේ නැත. අද්මිරාල් වසන්ත කරන්නාගොඩ මහතා ඒ දුෂ්කර කාර්යයටද අත තැබුවේය. ශ්‍රී ලංකා වාහන අපනයනකරුවන්ගේ සංගමය බිහි වූයේ එහි ප‍්‍රතිඵලයක් වශයෙනි. ”දැන් අපට  ඕනෑම ගැටලූවකට උත්තරයක් තියෙනවා” ජගත් චන්දන රාමනායක මහතා පැවසීය. ජපානයේ දී අධ්‍යාපනයට සෑහෙන තරම් ඉඩක් මෙන්ම පහසුකම් සැලසීමක් කරන බව අපි පසුගිය සතියේ දී සඳහන් කළෙමු. අමෝදනී රාජකරුණා හරහා ද එම ඉසව්වේ ඇති වැඩි ඉඩකඩ හඳුනාගත හැකිය. ඇය ශ්‍රී ලංකා අධ්‍යයන සමාජිකයන්ගේ සංගමයේ සභාපතිනිය ද වන්නීය. අමෝදනී රාජකරුණා පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ දන්ත වෛද්‍ය පීඨයේ ඉගෙන ගෙන වෛද්‍ය උපාධිය උසස් ලෙස සමත්ව එම පීඨයේම ආධුනික කථිකාචාර්යවරියක ලෙස සේවය කළාය. එහෙත් එය එක් වසරකට පමණක් සීමා විය. විශ්ව විද්‍යාල අතර සිදුවන ශිෂ්‍යත්ව හුවමාරු වැඩසටහනකදී අමෝදනීට ජපානයේ වෛද්‍ය හා දන්ත විශ්ව විද්‍යාලයේ වැඩිදුර අධ්‍යාපනයට ශිෂ්‍යත්වයක් හිමි විය. ”ඒ විදියට විශ්ව විද්‍යාල අතර ශිෂ්‍යත්ව හුවමාරු වෙනවා. නමුත් හුඟාක් දෙනෙක් ඒ ගැන දන්නේ නෑ. මම මේ විශ්ව විද්‍යාලයට ඇවිත් දැන් ආචාර්ය උපාධියත් සම්පූර්ණ කළා. ඊට පස්සේ මම පර්යේෂණ අංශයට යොමු වුණා. පර්යේෂණ කටයුතු සඳහා ජපන් රජය විශාල අනුග‍්‍රහයක් දක්වනවා. දැන් මම ඒ විශ්ව විද්‍යාලයේම පර්යේෂකයෙක් විදියට කටයුතු කරනවා. මේ රටේ අධ්‍යාපන ක්‍ෂේත‍්‍රයේ ඉහළට යාමේ අවස්ථා අසීමිතයි. නමුත් ලංකාවේ හුඟක් දෙනෙක් මේ ගැන දන්නේ නෑ. සාමාන්‍ය පෙළ විභාගයේ ඉඳලා අධ්‍යාපන අවස්ථා මේ රටේ දෙනවා. ඒවායින් ප‍්‍රයෝජන ගන්නවා නම් මේ රටට විශාල සේවයක් කරන්න පුළුවන්” අමෝදනි රාජකරුණා කීවාය. ඉංග‍්‍රීසි භාෂාව දැන සිටීම ජපානයේ දී අත්‍යවශ්‍ය නොවන බව පැහැදිලිය. අධ්‍යාපනයේදීත් එය එසේමය. ”ඔව් ඉංග‍්‍රීසි භාෂාව දැන සිටීම අතිරේක සුදුසුකමක් විතරයි. නමුත්  ජපන් භාෂාව ඉගෙන ගැනීම අනිවාර්යයි. මෙහේට ආවම ජපන් භාෂාව උගන්වනවා. ඒ නිසා භාෂාව එතරම් තීරණාත්මක සාධකයක් නොවේ.” අමෝදනී කීවාය. කසුනි ද සිල්වා මට හමුවූයේ යොයෝගි උද්‍යානයේදීය. ඇය අඔයම් ගකුයින් විශ්ව විද්‍යාලයේ සිසුවියකි. ඒ විශ්ව විදයාලයට අවේ කොහොමදැයි මම ඇයගෙන් විමසීමි. මම ඉගෙන ගත්තේ කැලණිය විශ්ව විද්‍යාලයේ මම ඉගෙන ගත්තෙ පළමු වසරෙයි. ඊට පස්සේ මම අන්තර්ජාලය හරහා මේ විශ්ව විද්‍යාලයට ඉල්ලූම්පත‍්‍රයක් දැම්මා. මාව තේරුණා. මම ආව” ඇය කීවාය. විශේෂත්වයකි ඇය ජපානයේ රැකියාවක්ද කරන්නීය. රැකියාවක් කරන අතරවාරයේදී ඉගෙනිම් කටයුතු බාධාවකින් තොරව කරගෙන යා හැකිද? මම ඒ ගැන කසුනිගෙන් විමසුවෙමි ”අපොයි පුළුවන්. ඒකට ශක්තිය තියෙන්න  ඕනෑ, මම දැනට බ‍්‍රස්ටෙල් සමාගමේ සේවය කරනවා. හවසට විශ්ව විද්‍යාලයට යනවා.  ඕනෑම කෙනෙකුට එහෙම කරන්න පුළුවන්. මට නම් තේරෙන දේ තමයි ලංකාවේ ඉන්න හුඟක් දෙනෙකුට ජපානයේ අධ්‍යාපන අවස්ථා පිළිබඳව නිසි අවබෝධයක් නෑ. නමුත් මේ රටේ ඒ සඳහා ගොඩක් පහසුකම් තියෙනවා. ඒවා හොයා ගත යුතුයි.” කසුනි කියන්නීය. මේ කියන අවස්ථා නිසි පරිදි හඳුනා ගන්නේ නම්, ජපන් රටට පැමිණ අධ්‍යාපනයේ ඉහළ අවස්ථා අත්පත් කැර ගැනීමට  ඕනෑම අයකුට හැකියාව තිබේ. ඒ අවස්ථා තව තවත් පුළුල් කර එමගින් ද රටට ප‍්‍රතිලාභයක් අත්කර දීමේ වෑයමක ජපානයේ ශ්‍රී ලංකා තානාපති, අද්මිරාල් වසන්ත කරන්නාගොඩ මහතා නිරතව සිටී. එමෙන්ම අද්මිරාල් වසන්ත කරන්නාගොඩ මහතා ජපන් තානාපතිව පැමිණීමෙන් පසුව ශ්‍රී ලාංකිකයන් තුළ අලූත් උනන්දුවක් ද දළුලා වැඞී තිබේ. විවිධ සමිති සමාගම් හරහා ඔවුහු එක පොකුරට එකතු වෙමින් සිටිති. ”ජපානයේ ඉන්නා ශ්‍රී ලාංකිකයන් හරි උනන්දුයි. රටට සේවයක් කරන්න ඔවුන්ට අවශ්‍ය වෙලා තියෙනවා. යුද ජයග‍්‍රහණයේදීත් මේ ශ්‍රී ලාංකියන් අපේ රටට විශාල සේවයක් කළා. නමුත්  ඕනෑම රටක වෙසෙන ශ්‍රී ලාංකිකයකුට තමන්ගේ රටට සේවයක් කරන්න දැන් තමයි හොඳම අවස්ථාව. යුද්ධයෙන් පසුව නැගී සිටින්නට වෙර දරන රටක් විදියට අපේ රටට මේ මොහොතේ දී විදෙස්ගතව සිටින සෑම ශ්‍රී ලංකාකියකුගේම සේවය අවශ්‍යයි. ජපානයේ ඉන්න ශ්‍රී ලාංකියන් ඒ අතින් බොහෝ ඉදිරියෙන් ඉන්නවා. මට ඒ ගැන ආඩම්බරයි” තානාපති, අද්මිරාල් වසන්ත කරන්නාගොඩ මහතා පැවසීය.

සටහන : ප‍්‍රසන්න සංජීව තෙන්නකෝන්  / සේයාරූ : සාගර ලක්මාල් ද මැල්
තානාපති අද්මිරාල් වසන්ත කරන්නාගොඩ ජගත් චන්දන අමෝදනී



අදහස් (0)

ජපන් රටේදී හමුවූ අපේ රටේ නෑදෑයෝ

හර්ෂණ Tuesday, 02 October 2012 09:48 PM

ඔය තියෙන්නේ ප්‍රතිඵල (නි)

:       0       0

හේමන්ත Sunday, 30 September 2012 08:32 PM

මොකද මේ එක්කෙනෙක් විතරක් බතික් ඇදගෙන? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

විශේෂාංග

ශ්‍රී ලංකාව ගෝලීය වෙළෙඳ කම්පනය
2025 අප්‍රේල් මස 18 148 0

ට්‍රම්ප්ගේ වෙෙළඳ කම්පනය ගෝලීය පිළිවෙලට දැවැන්ත පහරකි. එය නියෝජනය කරන්නේ 1970 ගණන්වලදී බ්‍රෙට්න්වුඩ්ස් ක්‍රමය අවසන් වීමෙන් පසු ඇති වූ විශාලතම බිඳවැටීමය


දළදා වහන්සේ සියැසින් දැකගැනීමේ ආනිශංසය
2025 අප්‍රේල් මස 18 507 0

ශ්‍රී සුගත තථාගත සම්මා සම්බුදු රජාණන් වහන්සේ පන්සාළිස් වසරක් මුළුල්ලේ දේශනා කොට වදාළ ස්වාසුදහසක් ශ්‍රී ධර්මස්කන්ධයේ පහස ලැබුවුවා වූ පරම පූජනීය අතිඋ


මාගේ දෙවියනි ඔබ මා අත්හැරියේ මක්නිසාද?
2025 අප්‍රේල් මස 18 144 0

ක්‍රිස්තුන් වහන්සේගේ මුළු මහත් මෙලෝ දිවිය, මනුෂ්‍ය පුත්‍රයකු සේ අත් විඳි ජීවිතය හමාර වන හෝරාව ක්‍රමිකව පැමිණෙමින් තිබේ. කල්වාරිය මත සිදුවෙමින් පැවති


භාරත ආසියා මොඩලය
2025 අප්‍රේල් මස 18 142 0

සිංහල හා හින්දු අලුත් අවුරුදු උණුසුම තවමත් පහව ගොස් නැත. කුමන ආර්ථික ගැටලුකාරිත්වයක් තිබුණත් අපේ රටේ ජනතාව අලුත් අවුරුද්දට සූදානම් වූයේ ඒ සියලු අගහිඟ


ගොවියා රවටන පාරිභෝගිකයා සනසන ස්වයංපෝෂිත කිරි නාඩගම
2025 අප්‍රේල් මස 17 321 0

ලෝකයේ ඉතාම ජනප්‍රිය එසේම පෝෂණීය පානයක් වන්නේ දියර කිරිය. එය ජනප්‍රිය වීමට හේතුව වන්නේ එහි ඇති පෝෂණීය ගුණය සහ විශ්වාසවන්ත භාවය නිසාය. එහෙත් ශ්‍රී ලංකාව


පම්බන් පාලම ඉන්දු-ලංකා යාකරන මුහුදු මාවතේ ඇරැඹුමද?
2025 අප්‍රේල් මස 17 623 0

ශ්‍රී ලංකාවට පැමිණි ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා එම නිල සංචාරය නිමකර අනුරාධපුර ගුවන්තොටුපොළෙන් ඉන්දියාව බලා පිටත්ව ගියේ තවත් සුවිශේෂ කටයුත්තක


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 266 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 244 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 404 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site