IMG-LOGO

2025 අප්‍රේල් මස 21 වන සඳුදා


ජාවක චන්ද්‍රභානු අවසන් ගමන් ගිය තැන

ශ්‍රී ලංකාවේ ප්‍රෞඪ ඉතිහාසයේ අනුරාධපුරය, පොළොන්නරුව, මහනුවර ආදී වූ සුවිශේෂී යුග කිහිපයක ඓතිහාසික තොරතුරු ආශ‍්‍රිත පර්යේෂණ ගවේෂණ කොතෙක් වුවද මධ්‍යකාලීන යුගයේ මෙරට ඉතිහාසයේ වැදගත් සිදුවීම් පිළිබඳ තොරතුරු විරල ය. ඒ අනුව මෙරට දඹදෙණි රාජධානි සමය හා බැඳි තොරතුරු අධ්‍යයනයේ දී ජාවක චන්ද්‍රභානු නමැති විදේශිකයාගේ ආක‍්‍රමණය මෙරට මධ්‍යකාලීන ඉතිහාසයේ වැදගත් අවස්ථාවක් ලෙස ගත හැකිය. ඓතිහාසික මූලාශ‍්‍ර රචකයන් දක්වන පරිදි දඹදෙණි රාජධානි සමයේ ජාවක දේශයෙන් මෙරටට ආක‍්‍රමණයක් සිදුවී ද, ආක‍්‍රමණික චන්ද්‍රභානු ,, වැනි පැරකුම්බා රජු අතින් පරාජයට පත්වීම සැබෑවක් ද, එය සිදු වූයේ කෙසේ ද, කිනම් ස්ථානයක දී ද, නැතහොත් යථෝක්ත ආක‍්‍රමණය ඉතිහාස රචකයන්ගේ ප‍්‍රබන්ධයක් ද, යනාදී වූ ගැටලූ රැසකට විසඳුම් සෙවීමට ප‍්‍රායෝගික දායකත්වය සපයන ප‍්‍රධාන සාධකය වන්නේ ජාවක චන්ද්‍රභානු සොහොනයි. දඹදෙණි රාජධානියට අයත් කටුගම්පොළ හත්පත්තුව දේවමැදි හත්පත්තුව ආදී ප‍්‍රදේශාශ‍්‍රිත ජන සම්ප‍්‍රදායගත තොරතුරු අනුව මෙම ජාවක චන්ද්‍රභානු ආක‍්‍රමණය සිදු වූ ගමන් මාර්ගයත් ,, වැනි පැරකුම්බා රජුගේ පිරිස ආක‍්‍රමණිකයන් සමග සටන් කළ ප‍්‍රදේශයත් හඳුනාගත හැකි අතර කටුගම්පොළ හත්පත්තුවේ බොහෝ ග‍්‍රාම නාම පවා සකස් වී ඇත්තේ එම සටන් හා බැඳි සිදුවීම් ආශ‍්‍රිතව ය. වයඹ සංස්කෘතික චතුරස‍්‍රය ආශ‍්‍රිත දඹදෙණි රාජධානිය හා බැඳි ඓතිහාසික සිදුවීම් අතර වැදගත් වන ජාවක චන්ද්‍රභානු ආක‍්‍රමණය ජනප‍්‍රවාදගත කතාවක් හෝ මූලාශ‍්‍රකරුවන් තම රජුගේ දක්‍ෂතාව දැක්වීමට සකස් කළ ප‍්‍රබන්ධයක් නොවන බවට සාධක බොහොමයක් හමුවේ. ,, වැනි පැරකුම්බා රජුගේ රාජ්‍ය හෝ පාත‍්‍රා ධාතුව හා දන්ත ධාතුව ලබා දෙන ලෙස තර්ජනය කරමින් ජාවක දේශයේ චන්ද්‍රභානු කළ ආක‍්‍රමණය හා පළමුවර පළවාහරින ලද මෙම ආක‍්‍රමණිකයා මරා දමා ලබාගත් ජයග‍්‍රහණය සත්‍යයක් බව සනාථ කිරීමට දඹදෙණි රාජධානියට අයත් ‘‘ඇන්නරුව’’ ප‍්‍රදේශයේ කුඹුරු යායක් මධ්‍යයේ තිබී හමුවූ ජාවක චන්ද්‍රභානුගේ බව සැලකෙන සොහොන වැදගත් සාක්ෂියක් වේ. ලාංකිකයන්ගේ බෞද්ධාගමික සංස්කෘතිිය අනුව සතුරාට ද අවසන් ගෞරව දැක්වීමට අවනත වෙමින් දුටු ගැමුණු රජු, ආක‍්‍රමණික පාලක එළාර රජු වෙනුවෙන් ඔහු මළ ස්ථානයේ සොහොනක් කරවූවා මෙන්ම දෙවැනි පැරකුම්බා රජු ද තමන් අතින් මරණයට පත් ආක‍්‍රමණික ජාවක චන්ද්‍රභානු ඔහු මළ ස්ථානයේ සොහොනක් කරවූ බව ඇන්නරුව විහාරාධිපති පල්ලේවෙල ආනන්ද හිමියන් පැවසූ අතර මෙම ඉපැරණි සොහොන හා ඇන්නරු යුද්ධය පිළිබඳ වැදගත් තොරතුරු රැසක් විහාරාධිපති හිමියන් සතුය. මහාවංසයෙහි තත්කාලීන යුගය ආශ‍්‍රිත සිදුවීම් දක්වන වංසකතාකරුවා ජාවක චන්ද්‍රභානු ආක‍්‍රමණය හා ඇන්නරු යුද්ධය විස්තර කරමින් අලි 998ක්, අශ්වයන් 878ක් සහිත හතලිස් දහසක සේනාව හමුවේ පසුබා පළා යන චන්ද්‍රභානු හට, ‘‘එම්බල දුෂ්ටය, රජකුට බයේ රජෙක් පළා ගිය රටක් නොවන්නේ’’ යැයි දක්වමින් වහා සටනට කැඳවූ බව දැක්වේ. ,, පැරකුම්බා රජු අත වූ ජය කොන්තයෙන් ඇන්න පහරින් සටන සිදුවූ වෙල් යාය මැද මැරී වැටුණු චන්ද්‍රභානුගේ භෂ්මාවශේෂ තැන්පත් කර රාජානුග‍්‍රහයෙන් මෙම වෙල්යාය මධ්‍යයේ චන්ද්‍රභානු සොහොන ඉදිකර තිබේ. දෙවැනි පැරකුම්බා රජු තම සතුරට ජය කොන්තයෙන් පහර දුන් ආකාරය දුටු සිංහල සේනාව ‘‘ඇන්නරුව’’ යනුවෙන් පැවසූ අතර එතැන් පටන් එම වෙල් යාය ආශ‍්‍රිත ගම් ප‍්‍රදේශය ‘‘ඇන්නරුව’’ ලෙසත් එම ජාවක චන්ද්‍රභානු හා දෙවැනි පැරකුම්බා රජු අතර සිදු වූ සටන ‘‘ඇන්නරුව යුද්ධය’’ ලෙසත් ප‍්‍රදේශවාසීන් අතර ඉතිහාසගත වී තිබේ. ලංකාවේ සොහොන් සංස්කෘතියේ තවත් වැදගත් අවස්ථාවක් ලෙසින් ඉතිහාසගත වුව ද වැඩි අවධානයට ලක් නොවූ ලංකාවේ නිරිතදිග රාජධානි සමයේ දඹදෙණි යුගයට අයත් ජාවක චන්ද්‍රභානු සොහොන ආශ‍්‍රිත සාධක වර්තමානයේ ද දක්නට ලැබේ. ඓතිහාසික වශයෙන් මෙහි ඇති අගය කොතරම් වුවද කෘෂිකාර්මික කටයුතු ආශ‍්‍රිතව එයට විශාල බලපෑමක් එල්ලවී ඇත. චන්ද්‍රභානු සොහොන වටා ඇත්තේ කුඹුරු යායක් බැවින් මෙම සොහොන වටා ප‍්‍රදේශය කුඹුරු ගොවිතැන් කටයුතු සඳහා පස් කපා ඉවත් කිරීම නිසා සොහොන වර්තමානයේ තණකොළින් වැසුණු කුඩා ගල් ගොඩකට සීමා වී තිබෙන අතර ඇන්නරුව ශ්‍රී විජය සුන්දරාරාම අධිපති පල්ලෙවෙල ආනන්ද හිමියන් සතුව මෙසේ ගොවිතැන් කටයුතුවල දී ගැලවී ඉවත්වුණු චන්ද්‍රභානු සොහොනෙහි ගඩොලක් සුරක්ෂිතව තිබීම සතුටට කරුණකි. මෑතක දී පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මගින් මෙම ස්ථානයේ ශිලා ස්ථම්භයක් පිහිටුවීමට ද කටයුතු කර තිබේ. මේ ආශ‍්‍රිතව තවදුරටත් පර්යේෂණ කිරීමෙන් ඓතිහාසික තොරතුරු රැසක් අනාවරණය කර ගැනීමට අවස්ථාව සැලසෙනවා මෙන්ම වයඹ පළාත ආශ‍්‍රිතව වර්තමානයේ වයඹ සංස්කෘතික චතුරස‍්‍රය නම් සංකල්පය යටතේ ක‍්‍රියාත්මක වන පුරාවිද්‍යාත්මක හා සංචාරක කටයුතු තවදුරටත් වර්ධනය කරගත හැකි වන අතර, දඹදෙණිය රාජධානිය ආශ‍්‍රිත පුරාණ සොහොන් සංස්කෘතිය හා බැඳි ජාවක චන්ද්‍රභානු සොහොන ප‍්‍රාදේශීය සංචාරක ආකර්ශන ස්ථානයක් ලෙස ද ප‍්‍රවර්ධනය කළ හැකිය.

රුවිනි සඳමලී පුරාවිද්‍යා විශේෂවේදී (දෙවන වසර) - කැලණිය විශ්වවිද්‍යාලය
පල්ලේවෙල ආනන්ද හිමි ඇන්නරුවෙන් හමුවූ සොහොන් කොත නයි පෙනය සහිත මුර ගලක් ජාවක චන්ද්‍රභානු සොහොන් ගලක්



අදහස් (0)

ජාවක චන්ද්‍රභානු අවසන් ගමන් ගිය තැන

ධනූ Wednesday, 10 April 2013 03:33 PM

හොද ලිපියක්. (නි)

:       0       0

සරත් Tuesday, 18 December 2012 12:56 AM

අපේ උරුමයෙන් වැදගත් ලිපියක් (දී)

:       0       0

සංජීව Friday, 21 December 2012 09:46 AM

මුකුත් හම්බවුණේ එහෙම නැද්ද (ස)

:       0       0

සිරිලාල් Wednesday, 20 March 2013 10:36 PM

හොද ඉතිහාසයක් තියෙන නියම සිංහලයෝ අපි. (නි)

:       0       0

නිරංජන Wednesday, 05 June 2013 09:48 AM

කතා කරන්න පුළුවන් වයසෙහි සිට මහල්ලා දක්වා අප ඉතිහාසය කියා දීම අපේ වගකීමක්. (නි)

:       0       0

දර්ශන Wednesday, 12 December 2012 08:45 AM

ඇත්තටම හොද ලිපියක් (දී)

:       0       0

පහන් Saturday, 08 March 2014 12:24 PM

දමිත ඉතිහාසයේ වෙච සිද්දි 1ක් 2ක් කියල ලංක්වේ ඉතිහයසම කල දාන්න එපා.අපිට අපේ රට ගෙන ආඩම්බර වෙනපුළුවන් තාමත්...(අ)

:       0       0

නිත්‍යා Saturday, 05 January 2013 01:00 PM

අපිත් ආසයි ඉතිහාසය ගැන මෙහෙම හරි දැනගන්න (ස)

:       0       0

ඉන්දික නිරෝෂන් Monday, 13 May 2013 09:10 AM

උත්සාහය හොදයි. සොහොන තවමත් දැකගන්න තියෙනවා. කැමතිනම් බලලා යන්න එන්න. සොහොන ලගදී හොරු හෑරුවා නිදන් ගන්න. අපි එකතුවෙලා හොයලා බලමු. (නි)

:       0       0

ජනක Monday, 15 April 2013 02:03 PM

දැන් ඉන්න අයට ඔක්කොටම කලින් ඉතිහාසය උගන්නන්න ඕනෑ (නි)

:       0       0

දමිතා Wednesday, 15 May 2013 05:33 PM

මට නම් තේරෙන්නේ නැහැ. ලංකාවට ප්‍රෞඩ ඉතිහාසයක් තියනවා කියලා කියනවා. කෂ්‍යප එයාගේ තාත්ත මැරුවේ කොහොමද කියලා දන්නවා නේද? අමු අමුවේ මඩ වලින් ගහලා නේද? තව දෙයක් තමා ලංකාවේ මිනිස්සු ඉන්දියාවට බනිනවා දන්නවානේ බුදු දහම කාගේද කියලා. අපි කාගෙන්ද පැවතෙන්නේ කියලා. ලංකාවට පැමිණි විජය ලංකාවේ සිටිය කුවේණි සමග විවාහ උනා. ඉතින් ඒ දෙන්නගෙන් ඇති උණු අපි යක්කු නේද. එතකොටත් ඔය කියන බුදු දහමද කට්ටියම ඇදහුවේ. නෑ නේද. එදත් කරේ මිනි මරණ එකමයි අදත් වෙන්නේ ඕකමයි.(නදී)

:       0       0

ලසි Tuesday, 16 April 2013 03:29 AM

මෙහි නිරූපනය වෙන්නේ අපේ පන්සලින් සහ හාමුදුරුවන්ගෙන් ජාතියට ඉටුවුණු සේවාවයි. එදා මෙන් අදත් ජාතියේ සහ බුදුදහමේ විරස්ථිතිය වෙනුවෙන් පෙරට එන අපේ හාමුදුරුවන්ට ජාතිවාදින් යැයි හංවඩු ගසනුයේ ආක්‍රමිකයන් සහ ඔවුන්ගේ ගොලයින්ය. (නි)

:       0       0

හැල්විටිගල සුමංගල හිමි Tuesday, 11 December 2012 09:41 AM

ඇත්තටම හොදයි. (නි)

:       0       0

සෞම්‍යා Friday, 14 June 2013 03:41 PM

වැදගත් ලිපියක්.ඇත්තටම වටිනවා (නි)

:       0       0

සුනිමල් Monday, 04 March 2013 07:50 PM

අපිට හොද ඉතිහාසයක් තියෙනවා.(නදී)

:       1       0

චන්දිම Sunday, 21 April 2013 08:06 AM

ඇති විශිෂ්ටයි. චන්ද්‍රභානු ආක්‍රමණය ගෙන තව විස්තර ලිපියක් සකස්කර පළකරන්න. (නි)

:       0       0

සිරි Thursday, 11 April 2013 05:29 PM

එදා සටනේදී මියගිය සතුරු නායකයා මැරුණු බිම සිහිවටනයක් හදන්න තරම් අපේ රජවරුන් ධාර්මික වීම අපේ ජාතියට අභිමානයක්. නමුත් අද? (නි)

:       0       0

හසන්ත Saturday, 27 April 2013 05:51 PM

ඒ යුගයේ ඉපදෙන්න අපිත් පතමු (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

විශේෂාංග

පාස්කු දා ප්‍රහාරයේ මහ මොළකරුවා මත දෙකක්
2025 අප්‍රේල් මස 21 83 0

පාස්කු ඉරිදා සංහාරයට අදට වසර හයකි. මෙම ප්‍රහාරය පිරිමින්, කාන්තාවන් සහ ළමුන් ඇතුළු ජීවිත 269 ක් බිලිගත් ඛේදවාචකයක් වන අතර, එම අවස්ථාව වන විට ඔවුන්ගෙන් බොහ


සත්‍යය යුක්තිය සංහිඳියාව වෙනුවෙන් තවමත් බලාසිටී
2025 අප්‍රේල් මස 21 21 0

පාස්කු ඉරිදා ඛේදජනක ප්‍රහාරයට වසර හයක් ළඟා වන අවස්ථාවේදී, ශ්‍රී ලංකාව තවමත් පැටළී සිටින්නේ පිළිතුරු නොලැබෙන ප්‍රශ්න, ප්‍රමාද වූ නඩු පැවරීම්, දේශපාලන ම


නව ලොවට නව සංවර්ධන ආකෘතියක්
2025 අප්‍රේල් මස 21 34 0

ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සියලු‍ රටවලට අප්‍රේල් 05 වැනි දා සිට බලපාන ලෙස ඔවුන්ගේ ආනයන තීරු බදු සියයට 10 දක්වා ඉහළ දැමීමේ නිල විධානයකට මෙම අප්‍රේල් 02 වන දි


ජීවිත 114ක් බිලිගෙන 750 කට බරපතළ තුවාල කළ පිටකොටුව කාර්බෝම්බය
2025 අප්‍රේල් මස 21 76 0

කොළඹ මධ්‍යම බස් නැවතුම්පොළේ බෝධිය ආසන්නයේ නවතා තිබූ කාර් රථයක අටවන ලද අධිබලැති බෝම්බයක් පුපුරා ගියේ 1987 වසරේ අප්‍රේල් මස 21 වැනිදා සවස් යාමයේය.


ශ්‍රී ලංකාව ගෝලීය වෙළෙඳ කම්පනය
2025 අප්‍රේල් මස 18 213 0

ට්‍රම්ප්ගේ වෙෙළඳ කම්පනය ගෝලීය පිළිවෙලට දැවැන්ත පහරකි. එය නියෝජනය කරන්නේ 1970 ගණන්වලදී බ්‍රෙට්න්වුඩ්ස් ක්‍රමය අවසන් වීමෙන් පසු ඇති වූ විශාලතම බිඳවැටීමය


දළදා වහන්සේ සියැසින් දැකගැනීමේ ආනිශංසය
2025 අප්‍රේල් මස 18 816 0

ශ්‍රී සුගත තථාගත සම්මා සම්බුදු රජාණන් වහන්සේ පන්සාළිස් වසරක් මුළුල්ලේ දේශනා කොට වදාළ ස්වාසුදහසක් ශ්‍රී ධර්මස්කන්ධයේ පහස ලැබුවුවා වූ පරම පූජනීය අතිඋ


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 453 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 275 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 431 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site