ශ්‍රී ලංකාවේ ප්‍රෞඪ ඉතිහාසයේ අනුරාධපුරය, පොළොන්නරුව, මහනුවර ආදී වූ සුවිශේෂී යුග කිහිපයක ඓතිහාසික තොරතුරු ආශ‍්‍රිත පර්යේෂණ ගවේෂණ කොතෙක් වුවද මධ්‍යකාලීන යුගයේ මෙරට ඉතිහාසයේ වැදගත් සිදුවීම් පිළිබඳ තොරතුරු විරල ය. ඒ අනුව මෙරට දඹදෙණි රාජධානි සමය හා බැඳි තොරතුරු අධ්‍යයනයේ දී ජාවක චන්ද්‍රභානු නමැති විදේශිකයාගේ ආක‍්‍රමණය මෙරට මධ්‍යකාලීන ඉතිහාසයේ වැදගත් අවස්ථාවක් ලෙස ගත හැකිය. ඓතිහාසික මූලාශ‍්‍ර රචකයන් දක්වන පරිදි දඹදෙණි රාජධානි සමයේ ජාවක දේශයෙන් මෙරටට ආක‍්‍රමණයක් සිදුවී ද, ආක‍්‍රමණික චන්ද්‍රභානු ,, වැනි පැරකුම්බා රජු අතින් පරාජයට පත්වීම සැබෑවක් ද, එය සිදු වූයේ කෙසේ ද, කිනම් ස්ථානයක දී ද, නැතහොත් යථෝක්ත ආක‍්‍රමණය ඉතිහාස රචකයන්ගේ ප‍්‍රබන්ධයක් ද, යනාදී වූ ගැටලූ රැසකට විසඳුම් සෙවීමට ප‍්‍රායෝගික දායකත්වය සපයන ප‍්‍රධාන සාධකය වන්නේ ජාවක චන්ද්‍රභානු සොහොනයි. දඹදෙණි රාජධානියට අයත් කටුගම්පොළ හත්පත්තුව දේවමැදි හත්පත්තුව ආදී ප‍්‍රදේශාශ‍්‍රිත ජන සම්ප‍්‍රදායගත තොරතුරු අනුව මෙම ජාවක චන්ද්‍රභානු ආක‍්‍රමණය සිදු වූ ගමන් මාර්ගයත් ,, වැනි පැරකුම්බා රජුගේ පිරිස ආක‍්‍රමණිකයන් සමග සටන් කළ ප‍්‍රදේශයත් හඳුනාගත හැකි අතර කටුගම්පොළ හත්පත්තුවේ බොහෝ ග‍්‍රාම නාම පවා සකස් වී ඇත්තේ එම සටන් හා බැඳි සිදුවීම් ආශ‍්‍රිතව ය. වයඹ සංස්කෘතික චතුරස‍්‍රය ආශ‍්‍රිත දඹදෙණි රාජධානිය හා බැඳි ඓතිහාසික සිදුවීම් අතර වැදගත් වන ජාවක චන්ද්‍රභානු ආක‍්‍රමණය ජනප‍්‍රවාදගත කතාවක් හෝ මූලාශ‍්‍රකරුවන් තම රජුගේ දක්‍ෂතාව දැක්වීමට සකස් කළ ප‍්‍රබන්ධයක් නොවන බවට සාධක බොහොමයක් හමුවේ. ,, වැනි පැරකුම්බා රජුගේ රාජ්‍ය හෝ පාත‍්‍රා ධාතුව හා දන්ත ධාතුව ලබා දෙන ලෙස තර්ජනය කරමින් ජාවක දේශයේ චන්ද්‍රභානු කළ ආක‍්‍රමණය හා පළමුවර පළවාහරින ලද මෙම ආක‍්‍රමණිකයා මරා දමා ලබාගත් ජයග‍්‍රහණය සත්‍යයක් බව සනාථ කිරීමට දඹදෙණි රාජධානියට අයත් ‘‘ඇන්නරුව’’ ප‍්‍රදේශයේ කුඹුරු යායක් මධ්‍යයේ තිබී හමුවූ ජාවක චන්ද්‍රභානුගේ බව සැලකෙන සොහොන වැදගත් සාක්ෂියක් වේ. ලාංකිකයන්ගේ බෞද්ධාගමික සංස්කෘතිිය අනුව සතුරාට ද අවසන් ගෞරව දැක්වීමට අවනත වෙමින් දුටු ගැමුණු රජු, ආක‍්‍රමණික පාලක එළාර රජු වෙනුවෙන් ඔහු මළ ස්ථානයේ සොහොනක් කරවූවා මෙන්ම දෙවැනි පැරකුම්බා රජු ද තමන් අතින් මරණයට පත් ආක‍්‍රමණික ජාවක චන්ද්‍රභානු ඔහු මළ ස්ථානයේ සොහොනක් කරවූ බව ඇන්නරුව විහාරාධිපති පල්ලේවෙල ආනන්ද හිමියන් පැවසූ අතර මෙම ඉපැරණි සොහොන හා ඇන්නරු යුද්ධය පිළිබඳ වැදගත් තොරතුරු රැසක් විහාරාධිපති හිමියන් සතුය. මහාවංසයෙහි තත්කාලීන යුගය ආශ‍්‍රිත සිදුවීම් දක්වන වංසකතාකරුවා ජාවක චන්ද්‍රභානු ආක‍්‍රමණය හා ඇන්නරු යුද්ධය විස්තර කරමින් අලි 998ක්, අශ්වයන් 878ක් සහිත හතලිස් දහසක සේනාව හමුවේ පසුබා පළා යන චන්ද්‍රභානු හට, ‘‘එම්බල දුෂ්ටය, රජකුට බයේ රජෙක් පළා ගිය රටක් නොවන්නේ’’ යැයි දක්වමින් වහා සටනට කැඳවූ බව දැක්වේ. ,, පැරකුම්බා රජු අත වූ ජය කොන්තයෙන් ඇන්න පහරින් සටන සිදුවූ වෙල් යාය මැද මැරී වැටුණු චන්ද්‍රභානුගේ භෂ්මාවශේෂ තැන්පත් කර රාජානුග‍්‍රහයෙන් මෙම වෙල්යාය මධ්‍යයේ චන්ද්‍රභානු සොහොන ඉදිකර තිබේ. දෙවැනි පැරකුම්බා රජු තම සතුරට ජය කොන්තයෙන් පහර දුන් ආකාරය දුටු සිංහල සේනාව ‘‘ඇන්නරුව’’ යනුවෙන් පැවසූ අතර එතැන් පටන් එම වෙල් යාය ආශ‍්‍රිත ගම් ප‍්‍රදේශය ‘‘ඇන්නරුව’’ ලෙසත් එම ජාවක චන්ද්‍රභානු හා දෙවැනි පැරකුම්බා රජු අතර සිදු වූ සටන ‘‘ඇන්නරුව යුද්ධය’’ ලෙසත් ප‍්‍රදේශවාසීන් අතර ඉතිහාසගත වී තිබේ. ලංකාවේ සොහොන් සංස්කෘතියේ තවත් වැදගත් අවස්ථාවක් ලෙසින් ඉතිහාසගත වුව ද වැඩි අවධානයට ලක් නොවූ ලංකාවේ නිරිතදිග රාජධානි සමයේ දඹදෙණි යුගයට අයත් ජාවක චන්ද්‍රභානු සොහොන ආශ‍්‍රිත සාධක වර්තමානයේ ද දක්නට ලැබේ. ඓතිහාසික වශයෙන් මෙහි ඇති අගය කොතරම් වුවද කෘෂිකාර්මික කටයුතු ආශ‍්‍රිතව එයට විශාල බලපෑමක් එල්ලවී ඇත. චන්ද්‍රභානු සොහොන වටා ඇත්තේ කුඹුරු යායක් බැවින් මෙම සොහොන වටා ප‍්‍රදේශය කුඹුරු ගොවිතැන් කටයුතු සඳහා පස් කපා ඉවත් කිරීම නිසා සොහොන වර්තමානයේ තණකොළින් වැසුණු කුඩා ගල් ගොඩකට සීමා වී තිබෙන අතර ඇන්නරුව ශ්‍රී විජය සුන්දරාරාම අධිපති පල්ලෙවෙල ආනන්ද හිමියන් සතුව මෙසේ ගොවිතැන් කටයුතුවල දී ගැලවී ඉවත්වුණු චන්ද්‍රභානු සොහොනෙහි ගඩොලක් සුරක්ෂිතව තිබීම සතුටට කරුණකි. මෑතක දී පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මගින් මෙම ස්ථානයේ ශිලා ස්ථම්භයක් පිහිටුවීමට ද කටයුතු කර තිබේ. මේ ආශ‍්‍රිතව තවදුරටත් පර්යේෂණ කිරීමෙන් ඓතිහාසික තොරතුරු රැසක් අනාවරණය කර ගැනීමට අවස්ථාව සැලසෙනවා මෙන්ම වයඹ පළාත ආශ‍්‍රිතව වර්තමානයේ වයඹ සංස්කෘතික චතුරස‍්‍රය නම් සංකල්පය යටතේ ක‍්‍රියාත්මක වන පුරාවිද්‍යාත්මක හා සංචාරක කටයුතු තවදුරටත් වර්ධනය කරගත හැකි වන අතර, දඹදෙණිය රාජධානිය ආශ‍්‍රිත පුරාණ සොහොන් සංස්කෘතිය හා බැඳි ජාවක චන්ද්‍රභානු සොහොන ප‍්‍රාදේශීය සංචාරක ආකර්ශන ස්ථානයක් ලෙස ද ප‍්‍රවර්ධනය කළ හැකිය.
රුවිනි සඳමලී පුරාවිද්‍යා විශේෂවේදී (දෙවන වසර) - කැලණිය විශ්වවිද්‍යාලය
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් ඉන්න අයට ඔක්කොටම කලින් ඉතිහාසය උගන්නන්න ඕනෑ (නි)
දමිත ඉතිහාසයේ වෙච සිද්දි 1ක් 2ක් කියල ලංක්වේ ඉතිහයසම කල දාන්න එපා.අපිට අපේ රට ගෙන ආඩම්බර වෙනපුළුවන් තාමත්...(අ)
වැදගත් ලිපියක්.ඇත්තටම වටිනවා (නි)
කතා කරන්න පුළුවන් වයසෙහි සිට මහල්ලා දක්වා අප ඉතිහාසය කියා දීම අපේ වගකීමක්. (නි)
මට නම් තේරෙන්නේ නැහැ. ලංකාවට ප්‍රෞඩ ඉතිහාසයක් තියනවා කියලා කියනවා. කෂ්‍යප එයාගේ තාත්ත මැරුවේ කොහොමද කියලා දන්නවා නේද? අමු අමුවේ මඩ වලින් ගහලා නේද? තව දෙයක් තමා ලංකාවේ මිනිස්සු ඉන්දියාවට බනිනවා දන්නවානේ බුදු දහම කාගේද කියලා. අපි කාගෙන්ද පැවතෙන්නේ කියලා. ලංකාවට පැමිණි විජය ලංකාවේ සිටිය කුවේණි සමග විවාහ උනා. ඉතින් ඒ දෙන්නගෙන් ඇති උණු අපි යක්කු නේද. එතකොටත් ඔය කියන බුදු දහමද කට්ටියම ඇදහුවේ. නෑ නේද. එදත් කරේ මිනි මරණ එකමයි අදත් වෙන්නේ ඕකමයි.(නදී)
උත්සාහය හොදයි. සොහොන තවමත් දැකගන්න තියෙනවා. කැමතිනම් බලලා යන්න එන්න. සොහොන ලගදී හොරු හෑරුවා නිදන් ගන්න. අපි එකතුවෙලා හොයලා බලමු. (නි)
ඒ යුගයේ ඉපදෙන්න අපිත් පතමු (නි)
ඇති විශිෂ්ටයි. චන්ද්‍රභානු ආක්‍රමණය ගෙන තව විස්තර ලිපියක් සකස්කර පළකරන්න. (නි)
මෙහි නිරූපනය වෙන්නේ අපේ පන්සලින් සහ හාමුදුරුවන්ගෙන් ජාතියට ඉටුවුණු සේවාවයි. එදා මෙන් අදත් ජාතියේ සහ බුදුදහමේ විරස්ථිතිය වෙනුවෙන් පෙරට එන අපේ හාමුදුරුවන්ට ජාතිවාදින් යැයි හංවඩු ගසනුයේ ආක්‍රමිකයන් සහ ඔවුන්ගේ ගොලයින්ය. (නි)
ඇත්තටම හොදයි. (නි)
එදා සටනේදී මියගිය සතුරු නායකයා මැරුණු බිම සිහිවටනයක් හදන්න තරම් අපේ රජවරුන් ධාර්මික වීම අපේ ජාතියට අභිමානයක්. නමුත් අද? (නි)
හොද ලිපියක්. (නි)
හොද ඉතිහාසයක් තියෙන නියම සිංහලයෝ අපි. (නි)
අපිට හොද ඉතිහාසයක් තියෙනවා.(නදී)
අපිත් ආසයි ඉතිහාසය ගැන මෙහෙම හරි දැනගන්න (ස)
මුකුත් හම්බවුණේ එහෙම නැද්ද (ස)
අපේ උරුමයෙන් වැදගත් ලිපියක් (දී)
ඇත්තටම හොද ලිපියක් (දී)