IMG-LOGO

2024 නොවැම්බර් මස 25 වන සඳුදා


ඩී. එස්. ගිය මග නොගිය අප

ජාතියේ පියා ලෙස හැඳින්වෙන නිදහස් ශ්‍රී ලංකාවේ පළමුවැනි අග්‍රාමාත්‍යවරයා වූ මාහාමාන්‍ය ඩී.එස්. සේනානායක ශ්‍රීමතාණන්ගේ 138 වැනි ගුණ සමරුව අද (20) යෙදී තිබේ. මේ සටහන ඒ නිමිත්තෙනි.

1884 ඔක්තෝබර් මස 20 දින හාපිටිගම් කෝරළයේ උඩුගහ පත්තුවේ පිහිටි බෝතලේ නම් ගම උපන් ඩී.එස්. යන නාමයෙන් කවුරුත් ආදරයෙන් සිහිපත් කරන මහාමාන්‍ය ඩී.එස්. සේනානායක මැතිතුමාගේ දැක්ම හා ගමන් මග වූයේ සරුසාර ලක් පොළොවේ කෘෂිකර්මය නගාසිටුවීමත් ජනතාව සුඛිත මුදිත කොට බලශක්තියෙන් හා විධිමත් තාක්ෂණයෙන් දියුණු කොට රට සෞභාග්‍යවත් කිරීමත්ය.

මේ අරමුණ ඇතිව එතුමා නිදහසින් පසුව පළමු රජයේ ප්‍රමුඛතාව ලබා දුන්නේ මෙතෙක්  සහනාධාර මත යැපුණු රට සියලු අයුරින් සංවර්ධනය කිරීමටයි. එතුමා ගැමියන් අතර ගැමියකු ලෙසත් ගොවියන් අතර ගොවියකු ලෙසත් ගැමි ජනවහර මැනවින් පරිහරණය කරන්නකු  ලෙසත්  ජනතා හදවතට ළං වූවෙකි. ඩී.එස්. සේනානායක ශ්‍රීමතාණන්ගේ ශ්‍රේෂ්ඨත්වය සිහියට නඟන විට එතුමා කරන ලද අමරණීය සේවාව පිළිබඳ සිහිපත් කරන්නේ එතුමන්ගේ දර්ශනය තුළින් පිළිබිඹු කළ ක්‍රියා පිළිවෙත අපගේ  මාතෘ භූමිය ගොඩනගන්නට සිතන්නෙකුට අදටත් මනා පෙර දැක්මක් වනු නිසාවෙනි.

නිදහස් ලංකාවේ පළමුවැනි අගමැතිවරයාසේ එතුමන් ජාතිය අමතා කළ කතාව මේ සඳහා කදිම උදාහරණයකි. ‘අපගේ මුතුන් මිත්තන් මේ කුඩා දූපතෙහිදී භුක්ති විඳි නිදහස අපි යළි ලබා ගත්තෙමු. එහෙත් මේ නිදහස යථාර්ථයක් වනු ඇත්තේ අප විසින් අලුතෙන් දිනාගත් අයිතීන් හා වගකීම් මනා ලෙස රැක ගැනුමට සමර්ථ වුවහොත් පමණයි. අපි එක් අරගලයක නිමාවක් දුටිමු. එහෙත් එය තවත් අරගලයක ඇරඹුමකි. එය කලින් අරගලයට වඩා අභියෝගාත්මක වන්නක් වනු ඇත.

1915 දී ඇරඹුණු සිංහල, මුස්ලිම් කෝලාහලය වකවානුවේදී එෆ්.ආර්. සේනානායක මහතාගේ නායකත්වයෙන් එවකට දිවයිනේ ප්‍රබල මහජන සංවිධානයක්ව පැවැති අමද්‍යප මහ සභාව, පරම විඥානාර්ථ සමිතිය, තරුණ බෞද්ධ සමිතිය එකට එක්ව ශක්තිමත්ව ක්‍රියා කරනු දුටු බ්‍රිතාන්‍ය රජය, සේනානායක තුන්පල (ඩී.එස්, එෆ්.ආර්, ඩී.සී) වහාම සිරබාරයට ගනු ලැබූහ. සති ගණනාවක් එතුමා ඇතුලු පිරිස මෙලෙස කටුක සිරබත් කෑවේ සිංහල ජාතිය නිදහස් කරගැනීමේ පරම අදිටනින් යුතුවය.

1931 පිහිටුවන ලද ව්‍යවස්ථාදායක සභාවට මිනුවන්ගොඩ ආසන නියෝජිතයා ලෙස නිතරගයෙන් පත්වූ එතුමාට කෘෂිකර්ම ඇමැති පදවිය හිමිවිය. එම තනතුර තුළින් කළ  මහඟු මෙහෙවරක් වන්නේ ශ්‍රී ලංකාවේ ඉඩම් ප්‍රතිපත්තියට නව මුහුණුවරක් ලබාදෙමින් සේනානායක කෘෂිකර්ම ඇමැතිතුමා 1933 දී ඉඩම් පනත සම්මත කර ගැනීමයි. 1934 දී මින්නේරිය ගොවි ජනපද ව්‍යාපාරයට අඩිතාලම දමා ඇරඹුණු ජනපද ව්‍යාපාරය වවුනියාවේ සිට සිංහල පත්තු දක්වාද, ගල්ඔය මිටියාවතේ සිට පොතුවිල දක්වාද, කන්තලේ, සේරුවිල, අල්ල, පුල්මුඩේ වැනි ප්‍රදේශ දක්වාද, කඩිනමින් ව්‍යාප්ත කෙරුණි. අක්කර 1700 ක ප්‍රදේශයක් පුරා පැතුරුණු කහගම කොලනියද, කලලුවැව වාරි ව්‍යාපාරයද, මිනිපේ ව්‍යාපාරයද, ගල් ඔය සේනානායක සමුද්‍රයද, ඩී.එස්. සේනානායක මැතිතුමා කෙටි කලක් තුළ මෙරට කෘෂිකර්මයට මෙන්ම සිරිලක සියලු ජාතීන්ට කළ මෙහෙවර පිළිබිඹු කරන සිහිවටන වේ.

1939 වසරේදී පන්නල් ඔය ව්‍යාපාරය දියත් කිරීම සඳහා අඩිතාලම දැමූ එතුමා කළ කතාවේදී වියළි කලාපයේ ජනතාවට පානීය ජලය අත්‍යවශ්‍ය බව හා දරුවනට ඉගෙනීමට බාධා නොවන පරිදි පානීය ජලය ප්‍රමුඛතාවයෙන් යුතුව ලබාදීමට ක්‍රියා කළ යුතු අයුරු පෙන්වා දුනි. වසර 75කට වැඩි කාලයක්  ගතවී අදත් රජරට ජනතාව දුක් විඳින්නේ පානීය ජලය නොමැතිවයි. ඩී.එස්. සේනානායක මහතා ගෙන ගිය එම ප්‍රතිපත්තිය නොසලකා හැරීමේ සරදමට අද අප මුහුණදී තිබෙන බව පෙනීයයි.

1946 දී ඩී.එස්. තම කැබිනට් අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වූයේ ජාතියේ නිදහස් සටන වඩාත් තීව්‍ර කරමිනි. ඒ සමගම, එක්සත් ජාතික පක්ෂය බිහි කිරීම සඳහා ක්‍රියා කරමින් එවකට සිංහල මහ සභාව, ලංකා ජාතික සංගමය, මුස්ලිම් සංගමය වැනි දේශපාලන සංගම් මෙන්ම ඉන්දියානු හා ලංකා දෙමළ නායකයින් රැසක් එකට එක් කිරීමටද එතුමාට හැකිවිය. මෙවන් එකමුතුවක් තුළින් ඉදිරියට පා තැබූ එතුමා 1948 පෙබරවාරි 4 දින ස්වාධීන ශ්‍රී ලංකාවේ ප්‍රථම අග්‍රාමාත්‍යවරයා ලෙස තේරී පත්විය.

එතුමා ජාතික සමගිය ඉහළින්ම අගය කළ අතර ශ්‍රී ලාංකීය ජාතික අනන්‍යතාවය ගොඩ නංවන්නට අත්‍යවශ්‍ය සාධක මැනවින් හඳුනා ගෙන, දුරදක්නා නුවණින් යුතුව ගොවි ජනපද ව්‍යාපාර හා එක්සත් ජාතික පක්ෂය පිහිටුවීමෙන් සුවිසල් මෙහෙවරක් ක්‍රියාත්මක කළේය. එහෙත් ගොවි ජනපද ව්‍යාපාරයත්, ආර්ථික සංවර්ධන ක්‍රියාදාමයත්, ජාතීන් අතර සමගියෙන් ඉදිරියට යන්නට බිහිකළ එක්සත් ජාතික පක්ෂයත් ඒ අයුරින්ම පවත්වාගෙන යාම පටු දේශපාලන ඉලක්ක හඹාගිය විවිධ නායකයින්ගේ ක්‍රියාකලාප හේතුවෙන් ඉතා දරුණු ලෙස පරිහානියටත් කඩාකප්පල් වීමටත් බලපෑවේය. පසු කාලීන සිද්ධීන් හා ඇති වූ විනාශකාරී කුරිරු යුද්ධයටත් මඟ පෑදුන ප්‍රධාන කරුණක් වන්නේ පටු ජනතාවාදී සහ ආගම්වාදී දේශපාලන අවස්ථාවාදීන් නිසා බවට අද බොහෝ දෙනාගේ මතයවී ඇත.

එතුමා ආගමික පුනරුදයක් ඇතිකිරීමට වෙහෙර විහාර නවීකරණයට කටයුතු කර මහියංගන පුදබිම ප්‍රතිසංස්කරණයට මුල පුරමින් මහියංගන සෑ රදුන් ප්‍රතිසංස්කරණයද ඇරඹීය. ඩී.එස්. සේනානායක මැතිතුමාගේ සුවිශේෂී වූ කාර්යභාරයන්හි ප්‍රතිඵලයක් ලෙස අද මහියංගන නගරය ගොඩනැගෙන්නේද එම අඩිතාලම මතයි. ත්‍රිපිටකය මුද්‍රණයට මූලික අත්තිවාරම දැමීය. අනුරාධපුර නව නගරය ඇතිකළේය. රුවන්වැලි සෑරදුන් ප්‍රතිසංස්කරණයට ප්‍රබල නායකත්වයක් දුන්නේය. එතුමා ශාසනයට කෙතරම් කැප වුණේද යත්, තම මුතුන් මිත්තන්ගේ පරපුරෙන් ඉඩකඩම් රැසක් එකතු කරමින් සුවිශේෂ වූ සෙනසුනක් වන සල්ගල ආරණ්‍ය මුල්කොට බුදුසසුනට පුදනු ලැබීය.

නිදහස් මන්දිරය තැනීමත්, ඒ අවට පෙදෙස නිදහස් චතුරශ්‍රය ලෙස නම් කිරීමත් එතුමාගේ කාලයේදී සිදුවූ අතර අදටත් එම පෙදෙස අපගේ අභිමානය ඔප්නංවන ප්‍රතාපවත් සිහිවටන ලෙස  ගෞරවාදරයට පාත්‍ර වෙමින් පවතී. කොළඹ ක්‍රමයද එකල ඇරඹූ ශ්‍රී ලංකාවට මහඟු සේවාවක් වූ ව්‍යාපාරයකි. කොළඹ ක්‍රමය මගින් සිරිලකට සිදුවූයේ මහඟු සේවාවකි. එහෙත් එම කරුණු අද බොහෝ දෙනාට අමතකය. එතුමා මාධ්‍ය නිදහස අගය කළ නායකයෙකි.

උඩවලවේ ජලාශ යෝජනා ක්‍රම පිළිබඳ මූලික පිඹුරුපත් සකසන්නේද 1948 ඩී.එස්. අගමැතිතුමාගේ කාලයේදීය. එහි මූලික සමීක්ෂණ වාර්තාව 1954 දී එලිදකින්නට හැකි විය. පසුකලෙකදී ක්‍රියාත්මක කෙරුණු මිනිපේ ඇළ, කාගම සංවර්ධන ව්‍යාපාරය, තෝපා වැව සංවර්ධනය, හුරුලු වැවැ ප්‍රතිසංස්කරණය ආදී වැදගත් ව්‍යාපාතීන් ඇඹීය. අදටත් රිදී බැඳි ඇළ ව්‍යාපාරය මගින් ප්‍රතිලාභ ලබන ජනතාව දහස් ගණනකි. එම මහඟු සේවාවන් අදටත් අනුස්මරණය කළයුතු මහඟු දායාදවේ.

වනසතුන්, වෘක්ෂලතා ඇතුලු පරිසරය සංවර්ධනයේ නමින් විනාශ නොකොට මතු පරපුරට සුරක්ෂිතව බාරදීමට අපේෂා කළ එතුමා 1938 වැනි ඈත කාලයක රුහුණ (යාල) හා විල්පත්තු අභය භූමි නීත්‍යානුකූලව ස්ථාපිත කළේය.

ගලායන ගංගා හරස්කොට ජලවිදුලිය නිපද වීමට ආරම්භක පියවරක් ලෙස ලක්ෂපාන විදුලි බලාගාරය රටට හඳුන්වා දුන්නේ එතුමාගේ කාලයේදීය.

1923 දී ඇරඹුණු සමුපකාර ව්‍යාපාරයද එතුමාගේ සංකල්පයකි. එය ගොවි ජනපද ව්‍යාපාරයට මෙන්ම දෙවන ලෝක යුද්ද සමයේදීත් පසු කාලීනවත් මහත් සේවාවක් කරන ලදී. උඩරට ගැමි පුනරුත්ථාපන කොමිසමද එතුමා දියත් කළ උඩරට ගැමියාට මහඟු උපකාර වූ වැඩ පිළිවෙළකි. ඩී.එස්. සේනානායක මැතිතුමා තුන්කල් දුටු ජන නායකයෙකි. එතුමා නිදහස් අධ්‍යාපනය හා මධ්‍ය මහා විද්‍යාල ක්‍රමය ඇති කළේය. නිදහස් අධ්‍යාපනය තුළින් බිහිවූ විද්වතුන්, වෛද්‍යවරුන්, ඉංජිනේරුවන්, අද රටටම ආඩම්බරයකි. ගොවි ජනතාවගේ තාක්ෂණික දැනුම ලබාදෙන්නට අම්පාර හාඩි තාක්ෂණික විද්‍යාලය ඇතුලු තාක්ෂණික විද්‍යාල ඇරඹූයේ එතුමායි.

1951-57 සය අවුරුදු සැලැස්ම තුළින් එතුමා ආයෝජන වැඩපිළිවෙළක් ඇරඹූ අතර, එතෙක් තිබූ මුදල් මණ්ඩල ක්‍රමය වෙනුවට 
ශ්‍රී ලංකා මහ බැංකුව ඇරඹීමට සියලු කටයුතු සකසා තිබුණි. වස විස නැති රටක් මුලින්ම ගොඩනගන්නට, රජරට සහලින් සමෘද්ධිමත් කරන්නට, මුල් අඩිතාලම දැමුවේ එතුමා විසිනි. රජරට වැව් යලි ගොඩනගා, කුඹුරු අස්වද්දා, ජනපද පිහිටුවා, නවගම් බිම් හා නගර උදා කිරීමේ නිදහස්  ශ්‍රී ලංකාවේ මුල් සැලසුම්කරුවා, නියමුවා, නිර්මාතෘවරයා ඩී.එස්. සේනානායක ශ්‍රීමතාණෝය.

අප දකින ආකාරයට එතුමන්ගේ දැක්ම ක්‍රියා පිළිවෙත සාධාරණ හා යුක්තිගරුක සමාජයක් බිහි කිරීම සඳහා පුරෝගාමී වන්නකි. එතුමාගේ දර්ශනය හා ගමන් මග අවංකව හා නිහතමානීව අඛණ්ඩව ගෙන ගියේ නම් අද ශ්‍රී ලංකාව වසර 74 ක දේශපාලනයට හා දේශපාලකයන්ට දොස් පවරන්නේ නැත. එතුමන් ජාතියේ පියා සහ දේශයේ ගැලවුම්කරුවා යැයි සදා සැමරිය යුත්තේ එනිසයි. ගල්ඔය මිටියාවතේ ජනතාව අදටත් දේවත්වයෙන් පුද සත්කාර පවත්වමින් ඩී.එස්. සේනානායක ශ්‍රීමතාණන්ට වන්දනාමාන කරනුයේ ඒ උතුම් මහත්මා ගුණයට ගරු කිරීමක් ලෙසිනි.


ඩී.එස්. සේනානායක ගුණ සමරු කමිටුවේ මහලේකම් ආචාර්ය – අයි. දිසානායක

(***)



අදහස් (1)

ඩී. එස්. ගිය මග නොගිය අප

Nimal Sunday, 23 October 2022 06:38 AM

එතුමා ජාතික සමගිය ඉහළින්ම අගය කළ අතර ශ්‍රී ලාංකීය ජාතික අනන්‍යතාවය ගොඩ නංවන්නට අත්‍යවශ්‍ය සාධක මැනවින් හඳුනා ගෙන, දුරදක්නා නුවණින් යුතුව ගොවි ජනපද ව්‍යාපාර හා සියලු ශ්‍රී ලාංකිකයන්ගේ / ජාතීන්ගේ මුලිකත්වයෙන් සහ නියෝජනයෙන් එක්සත් ජාතික පක්ෂය පිහිටුවීමෙන් සුවිසල් මෙහෙවරක් ක්‍රියාත්මක විය. නමුත් පටු දේශපාලන ඉලක්ක හඹාගිය දකුණේ නායකයින්ගේ ක්‍රියාකලාපයන වුයේ එක පසෙකින් ශ්‍රී ලංකාවට federal පාලනයක් අවශ්‍ය බවට ප්‍රකාශ කරමින් සහ අනෙක් පසින් ජාතික රාජ්‍ය බාෂාව සිංහල පමණක් කිරීම නිසා මේ වනවිටත් ශ්‍රී ලංකාව සහ ශ්‍රී ලාංකිකයන් එක රටක් තුල ජතින් වසයෙන් / ආගම වසයෙන් බෙදී මේවනවිට අර්බුද ගණනාවකට මුහුණදෙමින් සිටි.

:       0       2

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

උතුර-දකුණ එකට එක්කළ ඡන්දයක්
2024 නොවැම්බර් මස 23 130 0

මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේ දී ඉතිහාසයේ පළමු වතාවට සිදුවීම් ගණනාවක් දැකගත හැකි විය. ඒවා ජාතික ජන බලවේගය පිහිටු වූ වාර්තා ලෙසද ඇතැමුන් හඳුන්වනු දුටුව


මාලිමාවේ ජයෙන් ඔබ්බට
2024 නොවැම්බර් මස 22 788 1

මහ මැතිවරණය නිමා වී ඇත. නව පාර්ලිමේන්තුව ද පළමු වතාවට ඊයේ රැස්වූයේය. ජාතික ජන බලවේගයේ දේශපාලන වැඩසටහන විධායකය සහ ව්‍යවස්ථාදායකය යන ක්ෂේත්‍ර දෙකේම ශක්


එලොව පොල් පෙන්වන පොල් මිලේ රහස
2024 නොවැම්බර් මස 21 1316 0

බ්‍රිතාන්‍ය යටත්විජිත සමයේ සිට මෙරට භාණ්ඩ අපනයනය සිදු වුණි. එදා සිට අද දක්වාම මෙරට ප්‍රධාන අපනයනික බෝග ලෙස හඳුනාගන්නේ තේ, පොල්, රබර් ය. එහෙත් එම පිළිගැන


ජයග්‍රහණ ජනසතුවේ අභියෝග
2024 නොවැම්බර් මස 21 182 0

ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රමුඛ ජාතික ජන බලවේගය මෙවර මහ මැතිවරණයේ දී ජනතාවගෙන් ඉල්ලා සිටියේ ‘පොහොසත් රටක් ලස්සන ජීවිතයක්’ ජනතාවට උරුම කර දීම සඳ


පෙරදිග ධාන්‍යාගාරයේ සහල් අර්බුදය
2024 නොවැම්බර් මස 20 415 1

පෙරදිග ධාන්‍යාගාරය යන්න ඇසූ සැණින් කාගේත් මතකයට නැගෙන්නේ මහා පරාක්‍රමබාහු සමයේ අප රට හැදින් වූ නමයි. වචනයේ අර්ථය අනුව ගතහොත් පෙරදිග ලෝකයටම අවශ්‍ය තරම


ආණ්ඩුවට භාරදූර වගකීමක්
2024 නොවැම්බර් මස 19 583 0

ජාතික ජන බලවේගයට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක් ඉක්මවා යන ආසන 159ක අද්විතීය ජයග්‍රහණයක් ලබා දෙමින් 2024 පාර්ලිමේන්තු මැතිවරණය නිමාවට පත්විය. එහිදී සමඟි ජන බ


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 511 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 732 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2040 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site