IMG-LOGO

2025 පෙබරවාරි මස 24 වන සඳුදා


ඩෙංගු අවදානම් පරෙස්සමින් සිටිමු

බොහෝ දුෂ්කර කාල පරිච්ඡේදයක් ගෙවා දැමීමට මෙරට ජනයාට සිදු වී තිබේ. සැණකෙළි සිරි මරාගෙන ආර්ථික ගිනිකෙළි මතු වී තිබේ. නව කොවිඩ් ප්‍රභේදයක් සම්බන්ධ භීතිය දනවනසුළු පුවත් එක් අතකිනි. ඩෙංගු මාරයා දත් විළිස්සාගෙන ජන ජීවිතය සිය සැහැසි ග්‍රහණයට ගැනීමට උත්සාහ දැරීමේ පුවත් තවත් අතකිනි.

අප පුවත්පත ඉකුත්දා වාර්තා කළේ ඩෙංගු උණ රෝගය වැළඳී රෝහල්ගත කළ යාපනය විශ්වවිද්‍යාලයේ සිසුවියක ජීවිතක්ෂයට පත්ව ඇති බව රෝහල් බලධාරීන් ප්‍රකාශ කරන බවය. යාපනය විශ්ව විද්‍යාලයේ කලා පීඨයේ තෙවැනි වසර ඉගෙනුම ලැබූ ගුණරත්නම් සුඛීතා නමැති  සිසුවියක මෙසේ ජීවිතක්ෂයට පත්ව ඇති බවද එම ප්‍රවෘත්තියේ වැඩිදුරටත් සඳහන්ය.

සංඛ්‍යා ලේඛනවලින් ලැබෙන ඉඟි කිසිසේත්ම යහපත් නැත. මෙම වසරේ ජනවාරි 01 වැනිදා සිට ඉකුත් දෙසැම්බර් 26 වැනිදා වන විට හමුවී ඇති සමස්ත ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 85619 කි. එයින් 50 දෙනකු ජීවිතක්ෂයට පත්ව ඇති බවද වාර්තා වේ. මෙම සංඛ්‍යා ලේඛනවලින් අපගේ හිසට ඉහළින් ළඹදෙන මරණයේ අනතුර එයට හිමි නිසි බරින් හඳුනාගත යුතුය.

එක් අතකින් අපගේ සෞඛ්‍ය සේවාව පවතින්නේ ඉතාම රෝගි තත්ත්වයේය. එක් අතකින් අවශ්‍ය තරම් ඖෂධ නැත. ඖෂධ උපකරණ ද නැත. කෝටි ප්‍රකෝටි ගණනින් වියදම් කර ආනයනය කර ඇත්තේත්, ආනයනය කරන බවට පවසා මෙරට තහඩු මඩුවල නිෂ්පාදනය කර තිබෙන්නේත් බාල ඖෂධ වේ. ජාවාරම්කාර මාෆියාකරුවන්ගේ තිප්පොළක් බවට සෞඛ්‍ය ක්ෂේත්‍රය පත්වී තිබේ. සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම්වරයා ඇතුළු ප්‍රබලයෝ කිහිප දෙනෙක් බාල ඖෂධ ගෙන්වීමේ චෝදනාවට සැකපිට බන්ධනාගාරගතව සිටිති.

මෙම පරිසරය තුළ ‘ලෙඩවීම’ යනු කිසිදා සමාවක් නැති වරදකි. එහෙත් ඩෙංගු මාරයාට ඒ සම්බන්ධයෙන් වගේ වගක් නැත. අප විසින්ම තනා දෙන තවාන්වල ද අපගේ නොසැලකිලිමත්කම නිසා ඉදිවූ තවාන්වල ද ඩෙංගු මදුරුවෝ පිණුම් ගසති. විනාශය, ගෙවත්ත පැන නිවෙසටම ඇතුල්වන තුරු ඇතැම් පුරවැසියෝ බලා සිටිති.

ඇදහැළුණු අනෝරා මහ වැසිවලින් පසුව වසංගත තත්ත්වයක් උද්ගත විය හැකි යැයි තේරුම් ගැනීමට අමුතු නුවණක් ඇවැසි නොවේ. එහෙත් බලධාරීන් එම අනතුර සම්බන්ධයෙන් ප්‍රමාණවත් මට්ටමින් සක්‍රිය වූයේ ද යන්න විමසිය යුතුය. ජනතාව ද තමා කරා පැමිණීමට නියමිත උපද්‍රවය සම්බන්ධයෙන් විශේෂ අවධානයකින් කටයුතු කරන බවක් පෙනෙන්නට නැත. ප්‍රතිඵලය වී තිබෙන්නේ විනාශයේ වගුර තව තවත් පුළුල් වීමය.

මෙම මාරක උපද්‍රවය හමුවේ තමාට පමණක් ගැලවුමක් ඇතැයි සිතන්නේ නම් එය බරපතළ වරදකි. එහෙත් ඇතැමකු එසේ සිතා කටයුතු කරන බවක් පෙනෙන්නට තිබේ. තම නිවෙස හා ගෙවත්ත පමණක් පිරිසුදු කර එම ටින් බෙලෙක්ක ඇතුළු කැළිකසළ අල්ලපු වත්තට වීසි කරති. නොඑසේ නම් මහ පාරට දමති. එයින් තම දූ දරුවන්ගේත් තමන්ගේත් ජීවිත ආරක්ෂා වෙතියි ඔවුහු සිතති.

එළැඹ ඇත්තේ සියලු ජනයා අවදි කරගත් මහා මිනිස් අනුරාගයෙන් පණ  පෙවී ඩෙංගු මදුරුවා ඇතුළු සියලු වසංගතවලට එරෙහිව මහා ක්‍රියාන්විතයක් බලමුළු ගැන්විය යුතු තීරණාත්මක හෝරාවකි. එය වටහා නොගන්නේ නම් සිදුවනු ඇත්තේ අවිරෝධීව සුසාන භූමිය කරා කරබාගෙන ගමන් කිරීමට ය.

(***)



අදහස් (1)

ඩෙංගු අවදානම් පරෙස්සමින් සිටිමු

chandima Sunday, 31 December 2023 10:10 AM

මදුරුවෝ විද්දාම අපට ලෙඩ හැදෙනවා වෙනුවට, මදුරුවන්ට ලෙඩ හැදෙන එන්නතක් හොයාගන්න පුළුවන් වුණොත්...?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 

විශේෂාංග

පළාත් පාලන මැතිවරණය සිහිනයක්ද?
2025 පෙබරවාරි මස 22 124 0

පළාත් පාලන ආයතන 227ක මන්ත්‍රීවරුන්ගේ නිල කාලය ලබන ජූනි 2වැනිදා ආරම්භ වනු ඇතැයි රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන ඇමැති ආචාර්ය ඒ.එච්.එම්.එච්. අබයරත්න


දැක්මක් නැති ආණ්ඩුවේ අයවැය
2025 පෙබරවාරි මස 21 1476 10

ලංකාවේ පැවති පසුගිය ඕනෑම ආණ්ඩුවකට තමන්ගේ ම කියා යම්කිසි දර්ශනයක් හා වැඩපිළිවෙළක් තිබුණි. එම ආණ්ඩුව තමන්ගේ එම දර්ශනය හා වැඩපිළිවෙළ ක්‍රියාවට වරනැගූ ප


ඩිජිටල් තාක්ෂණයට ඇබ්බැහිවීම නතර කරන්න රජරටින් අලුත් වැඩක්
2025 පෙබරවාරි මස 20 669 1

ඩිජිටල් තාක්‍ෂණය අද වන විට අප සියලු දෙනාගේ එදිනෙදා ජීවිතයට අත්‍යවශ්‍ය කරුණක් වී ඇත. සමහරකුට එය තම ජීවිතයේ ම අංගයක් වී අවසානය. අද වන විට ලෝක ජනගහනය ආසන්න


ලෙයට ලෙය ඉල්ලන පාතාලය
2025 පෙබරවාරි මස 20 606 0

සමහරු අතුරුදන් ය. සමහරු හිරගෙදර සිය ජීවිතයේ අවසාන කාලය ගත කරමින් සිටිති. සාමාන්‍යයෙන් පාතාල නායකයන් සැඟවුණු ජීවිත ගත කරන්නේ ඔවුන්ට තිබෙන ජීවිත අවදානම


ආර්ථිකයේ විප්ලවයකට බර අයවැයක්
2025 පෙබරවාරි මස 20 179 1

2025 වර්ෂය සඳහා අයවැය ඉදිරිපත් කෙරුණු මෙම අවස්ථාවේ රටේ පවත්නා පොදු ආර්ථික තත්වයත් රාජ්‍ය මූල්‍ය තත්වයත් සම්බන්ධයෙන් ජනතාව තුළ යම් අවබෝධයක් තිබීම අවශ්‍


අයි.එම්.එෆ්. මග යන අයවැයක්
2025 පෙබරවාරි මස 19 756 1

ජාතික ජන බලවේග රජයේ ප්‍රථම අයවැය ලේඛනය පසුගියදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබීය. “පොහොසත් රටක්, ලස්සන ජීවිතයක්” සහිත නව ආර්ථික පුනරුදයක සමාරම්භය


මේවාටත් කැමතිවනු ඇති

රෙදි සේදුම් යන්ත්‍ර අතර පෙරළියක් ඇති කරමින් Samsung Sri Lanka, වෙතින් Bespoke Ai Laundry ලෙස කිලෝ   ග්රෑම් 12ක ධා රිතා ව සහත ඉදිරිපසින් විවෘ ත කළ හැ කි නවතම රෙදි සෝ දන යන්ත්‍ර පෙළ 2025 පෙබරවාරි මස 19 165 0
රෙදි සේදුම් යන්ත්‍ර අතර පෙරළියක් ඇති කරමින් Samsung Sri Lanka, වෙතින් Bespoke Ai Laundry ලෙස කිලෝ ග්රෑම් 12ක ධා රිතා ව සහත ඉදිරිපසින් විවෘ ත කළ හැ කි නවතම රෙදි සෝ දන යන්ත්‍ර පෙළ

නව කිලෝ ග්රෑම් 12 ධා රිතා වය සහිත විශා ල සේදුම් ප්‍රමා ණයන් සඳහා සුදුසු වන, පාරිභෝගිකයන්ට දිනපතා ම රෙදි සේදුම් කා ර්යය පහසුකරමින්, කා ලය ඉතිරි කිරීමට ස

Samsung සමාගමෙන් උසස් AI විශේෂාංග වලින් සමන්විත දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාවක් 2025 පෙබරවාරි මස 07 406 1
Samsung සමාගමෙන් උසස් AI විශේෂාංග වලින් සමන්විත දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාවක්

ශ්‍රී ලංකාවේ අංක එකේ පාරිභෝගික ඉලෙක්ට්‍රොනික සන්නාමය වන Samsung සිය නවතම දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාව ශ්‍රී ලංකාවට හදුන්වාදෙන ලදි.

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 174 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

Our Group Site