මෑත පුවත් වාර්තා අනුව මෙම වසරෙහි මෙතෙක් ඩෙංගු රෝගය වැළැඳුණු රෝගී සංඛ්‍යාව 70,000ට ආසන්න ය. එයින් හරි අඩක් හෙවත් සියයට 50ක්ම හැම දෙයකින්ම ඉදිරියෙන් ඇති බස්නාහිර පළාතෙනි. රට පුරා මෙම වසර මුල් හය මාසයේ මියගිය ඩෙංගු රෝගී සංඛ්‍යාව 160 ද ඉක්මවයි.
කෙසේ වෙතත් මෙම සංඛ්‍යාව පිටුපස සැඟවුණු අනුවේදනීය මානව විපත ගැන එයින් හරි වැටහීමක් දැනැවෙන්නේ නැත. සංඛ්‍යාති වියැළි හෝ දිරාපත් හෝ දර කෝටු වැනි. වුවමනා අතට කඩා නමා රිසි සේ පාවිච්චියට ගත හැකි. හරියට යකා ධර්ම පාඨ ගෙන හැර පානා සේය. විවිධ දේශපාලනඥයන් ඒ සංඛ්‍යාති ගෙන තමන් ඩෙංගු රෝගය සිය පිළිමලූන්ට වඩා යෙහෙකින් කළමනා කෙළේ යැයි වහසි බස් දොඩන්නේ එම නිසාය. සුපතළ ඇමෙරිකානු ලේඛක මාක් ට්වේන් කී පරිදි බොරු තෙවර්ගයක් වන අතර ඒවා හැඳින්වෙන්නේ බොරු, පට්ටපල් බොරු සහ සංඛ්‍යාති වශයෙනි.
සංඛ්‍යාති ගෙන හැරැපාමින් මරණ අනුපාතිකය අඩු ව ඇතැ යි හෝ සාපේක්ෂව අඩු වෙමින් පැවතිතැ යි හෝ යමෙකුට තර්කක නඟන්නට පිළිවනි. එහෙත් මරණ අනුපාතිකය සැබැවින්ම අඩු වුව මළ තැනැත්තාගේ පවුලේ සාමාජිකයන්ට සහ සමීප ඥාතීන්ට එයින් සැලැසෙන සෙතක් නැත. මෙම අරුතින් ගත් කල එක් මරණයක් වුව පමණට වැඩිය. එහෙයින් මානව හිතවාදීව අපේ ඉලක්කය විය යුතු වන්නේ මරණ සංඛ්‍යාව 0 දක්වා අඩු කිරීම මිස අන් කිසිවක් නොවේ.
මෙරට ඩෙංගු රෝගය මුල් වරට සොයාගන්නා ලද්දේ 1960 ගණන් මුලදීය. එහෙත් එදා එය හුදකලා සහ තනි වූ ප‍්‍රපංචයක් විය. එය අනල්පව පැතිර ගියේ 2004-07 සමයෙහිය. දැන් එය වසංගත මට්ටමක් ගෙන ඇත. එහෙත් එම කරුණ වැඩියෙන් අවධාරණය නොකැරෙයි.
එදා මෙදා පැවැති හා පවත්නා ආණ්ඩු රෝග නිවාරණය සහ අහෝසි කැරීම සඳහා නිසි අවධානය යොමු නොකළ බව කනගාටුවෙන් වුව කිව යුතුය. ලස්සන වැඩසටහන් සම්පාදනය කළ ද සුන්දර කතා කීව ද ඒ කිසිවක් භාවිතයට ගැනුණේ නැත. ඩෙංගු රෝගය මැඬලීම පිළිබඳ අගනා සාර්ථක අත්දැකීම් සහිත කියුබාවෙන් තෙවරක්ම විශේෂඥ කණ්ඩායම් පැමිණ රෝග මර්දන පියවර සම්බන්ධයෙන් වාර්තා රජයට ඉදිරිපත් කළ ද ඒවා ක‍්‍රියාත්මක නොකැරැම බැහැර කැරිණි. ඩෙංගු කීට විනාශ කැරීම සඳහා බී ටී සැපැයුන ද කල් ඉකුත් වන දින තෙක්ම වාගේ ගබඩාවෙහි තබා ගත්තා මිස ප‍්‍රයෝජනයට ගැනුණේ නැත. ඉනික්බිතිව ඒවා නිෂ්පාදනයට කම්හලක් පිහිටුවීමට කියුබාව ඉදිරිපත් වුව ද එම යෝජනාව අනුව කටයුතු මෙතෙක් සිදුව ඇත්තේ නැත. කියුබානු ආරංචි මාත‍්‍ර අනුව පසුගිය රජයක එක් ඇමැතිවරයකු අප රටට කියුබානු ආධාර නැතිව රෝගය මැඬලිය හැකි බව පවසා තිබේ (අදත් එම ඇමැතියා වෙනත් ඇමැති ධුරයක් හොබවමින් ඇමැති මණ්ඩලයෙහි සිටී). ඒ අතර කොළඹ නගර සභාව ඇමෙරිකාවෙන් එම බැක්ටීරියාව කලක් ගෙන්වා භාවිතා කළේය. දැන් ඕස්ටේ‍්‍රලියාවෙන් ගෙන්වන බව කියැවෙයි. වන්නාට ය. හොඳ ය.
මෙරට ඩෙංගු කීට ගහණය ඉතා ගන හෙයින් එය මර්දනයට සියලූ ක‍්‍රමවේද භාවිතා කළ යුතුය. එහෙයින් බී ටී අයි භාවිතය මෙන් ම දුමායනය ආදී සෙසු පියවර ද ගත යුතුය.
ප‍්‍රශ්නයෙහි බරපතළකම නිසි ලෙස වටහා ගෙන ඇත්දැයි සැකයෙකි. එම සැකය උපදින්නේ බලධාරීන්ගේ ක‍්‍රියාකලාපය දෙස විමසා බැලීමෙහි දීය. ඇත්තටම නිල සංඛ්‍යාති දක්වන ප‍්‍රමාණයට වඩා රෝගය පැතිර ඇත. රෝහල්ගත නොවන රෝගීන් සහ විවිධ දේශීය වෙදකම්වල පිහිට පතන්නන් සංඛ්‍යාතිවලට ගැනෙන්නේ නැත. ඇතැම් රෝගීන්ට වැළැඳී ඇත්තේ ඩෙංගු නොවේ යැයි සාවද්‍ය රෝග විනිශ්චයන් ද තිබිය හැකි. දේශපාලනඥයන් සහ බලධාරීන් ඩෙංගු වසංගතය මැඩලීමෙහි තමන් සාර්ථක වන බවට කියන පුරෝකතන සැක උපදවයි. ඒවා නිසි ක‍්‍රමවේදයක් අනුගමනය නොකරන බවට දැක්වෙන සාක්ෂි සේ පවා ගිණිය හැකි.
පවත්නා ක‍්‍රමවේදයෙහි එක් දුර්වලතාවක් වන්නේ එය හුදු සෞඛ්‍ය ප‍්‍රශ්නයක් සේ දැකීමය. ඇත්ත එය නොවේ. එය ඊට වඩා පුළුල් සමාජමය ප‍්‍රශ්නයකි. එය බරපතළ පාරිසරික ප‍්‍රශ්නයකි. පරිසර පවිත‍්‍රතාව නැතිකමෙහි ඵලයකි. එසේ ගත් කල කසළ කළමනාකරණය ආශ‍්‍රිත ප‍්‍රශ්නයකි. එනම් පළාත් පාලන ක්ෂේත‍්‍රයෙහි ප‍්‍රශ්නයෙකි. ඩෙංගු ව්‍යසනය හේතුවෙන් බෙහෙවින් පීඩනයට පත්වන්නවුන් අතර ළමයි සහ ශ‍්‍රම බලකායෙහි සක‍්‍රීය සාමාජිකයෝ ද බොහෝ ය. එය අධ්‍යාපනයට මෙන්ම ආර්ථිකයට ද තදින් බලපායි. මේ සියල්ලෙන්ම පෙනෙන්නේ ඩෙංගු මර්දනය හුදකලා වූ හෝ ආංශික හෝ ක‍්‍රමවේදයකින් මැඬලිය නොහැකි බව සහ එයට සාර්වත‍්‍ර ප‍්‍රවේශයක් සහ ක‍්‍රමවේදයක් වුවමනා බවය.
රජය තවමත් අනුගමනය කරන්නේ ඉහළ සිට පහළට ගමන් ගන්නා නිලබලවාදී යාන්ත‍්‍රණයක් සහිත ක‍්‍රමවේදයකි. ජනතා සහභාගීත්වය ගැන කතා කරතත් එවන් සහභාගීත්වයක් ලබාගන්නට බිම් මට්ටමෙහි ක‍්‍රියාකාරිත්වයක් නැත. ඇත්තෙන්ම ආණ්ඩුවෙහි වැඩපිළිවෙළෙහි ප‍්‍රධාන තැනක් ගන්නේ නීතිය ක‍්‍රියාත්මක කරන නිලධාරීන්ගේ සහභාගීත්වයෙනි. විශේෂයෙන්ම සන්නද්ධ හමුදා සහ පොලිස් නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් කරන සෝදිසි හරහා ඩෙංගු බෝවන තැන් පවත්නා ගෙවතුවල ගෘහමූලිකයන්ට නඩු පවරා දඩ ගැසීමය. මෙය ජනතාව ඇද ගන්නා නොව දුරස් කරන මර්දනකාරී වැඩපිළිවෙළකි. තමන් සුදනන්ව ජනතාවට දොස් පැවැරීමට දේශපාලකයන් ගජ හපනුන් බව අපි දනිමු. පෙරේදා (අඟහරුවාදා) රාත‍්‍රී රූපවාහිනී නාලිකාවක බස්නාහිර මහ ඇමැති කීවේ තම තමන්ගේ ගෙවල්වල කුණු තම තමන් විසින් බැහැර කළ යුතු බවත් රජයට හෝ පළාත් පාලන ආයතනවලට කරන්නට දෙයක් නැති බවත් ය. එසේම තව තවත් නීති ගෙනෙමින් කුණු ප‍්‍රශ්නය නිසා ජනතාව දඬුකඳේ ගසන බවකි.
නෛතික දණ්ඩන මඟින් මදුරු ගහණය අඩු කරන්නට නොහැකි බව දැන් වනවිටවත් ආණ්ඩුවට තේරුම් යා යුතුය. කසිප්පුවලට දඩ ගැසීමෙන් කසිප්පු උවදුර මැඬලන්නට නොහැකි වූ පරිද්දෙන්ම තමා. බස්නාහිර මහ ඇමැති කියන්නේ ආණ්ඩුව හිතාමතා මදුරුවන් බෝ නොකරන බවය. එහෙත් දඩ ගැසීමෙහි දී කියන්නේ ගෙහිමියන් හිතාමතා මදුරු තවාන් පවත්වා ගන්නා බවය. මාධ්‍ය වාර්තාවලත් ඇත්තේ එම අදහසමැයි. එහෙත් ආණ්ඩුව කොයි හැටි වෙතත් හිතාමතා මදුරු තවාන් දමන ජනයා මෙරට නම් නැත. අනෙක් අතට හිතාමතා නොවුවත් ආණ්ඩුවෙහි කාර්යාලවල, පාසල්වල, මහමඟ කාණු පද්ධතිවල නම් මදුරු තවාන් එමට යි.
සාර්ථක වන්නට නම් ආණ්ඩුවෙහි වැඩපිළිවෙළ බිම් මට්ටමෙන්, ගම් මට්ටමෙන්, නාගරික කොට්ඨාස මට්ටමෙන්, වැඩබිම් මට්ටමෙන් පටන් ගෙන ඉහළට යා යුතුය. නොඑසේ්ව දැන් පරිදි ඉහළ සිට පහළට කඩුව අත දරාගෙන යන වැඩපිළිවෙළෙහි අවසානය කග පතෙන් මැසි මදුරුවන් මරන්නට යාමෙහි ආනිශංසයම විය හැකිය.
සැබෑ ජනතා සහභාගීත්වයක් සඳහා වැඩපිළිවෙළෙහි හිමිකරුවන් තමන් බව ජනතාවට හැඟී යා යුතුය. බිම් මට්ටමෙහි පදිංචිකරුවන් රැස් කර ඔවුනට සිය පරිසරය පිරිසිදුව තබා ගැනීමෙහි වගකීම් පවරා උදවු කළහොත් ජනතාවට එම පරිසරය, විශේෂයෙන්ම අතුරු මාර්ග සහ පොදු ස්ථාන තමන්ගේම බවට හැඟීමක් ද ඇති වනු නොඅනුමාන යි. එසේම වඩාත්ම පිරිසිදු පරිශ‍්‍රය හෝ ප‍්‍ර‍්‍රදේශ තරග තුළින් තෝරා ත්‍යාග ප‍්‍රදාන ආදියෙන් ද පවිත‍්‍රතාව රැක ගන්නට ජනතාව හුරුපුරුදු කැරුණු විය හැකිය. මෙම කටයුත්තට නායකත්වය දෙන්නට බිම් මට්ටමෙහි රාජ්‍ය නිලධාරීන්ට සහ දේශපාලනඥයන්ට වුවමනාවක් ඇතොත් මෙය කරන්නට බැරි දෙයක් ද නොවේ. බණ දේශනාවලින් පමණක් සදාචාරය ඇති නොකළ හැකි පරිද්දෙන්ම මැති ඇමැති ආයාචනාවලින්ම පමණක් පරිසරය පිරිසුදු කරන්නට ද නොහැකිය.
අද ඩෙංගු සහ වෙනත් උණ රෝග කෙතරම් ශීඝ‍්‍රයෙන් සහ පුළුල් වශයෙන් පැතිර ඇත්දැයි කිවහොත් ප‍්‍රධාන රෝහල් බොහොමයකම රෝගීහු පිරී ඉතිරී සිටිති. අලූතෙන් රෝගීන් ඇතුළත් කැරීම ද නතරව ඇත. ඇඳක රෝගීන් දෙදෙනකුවත් සිටින අතර ඇඳන් යට බිම පවා රෝගීහු වැතිර සිටිත්. කුඩා දරුවෝ ඇඳකට තුන් දෙනෙක් වෙත්. උවදුරෙහි භයානකත්වය දැකිය හැකි වන්නේ මෙම තත්ත්වවලින් මිස හිත්පිත් නැති සංඛ්‍යාති අනුසාරයෙන් නොවේ.
ප‍්‍රතිකාර කැරීම ද ඉමහත් දුෂ්කර කටයුත්තකි. විශේෂඥ වෛද්‍යවරයාගේ සිට කණිටුම සේවකයා දක්වා සුව සේවා සේවකයෝ මහත් කැපවීමකින් සිය රාජකාරිය කරත්. එහෙයින්ම මරණ සංඛ්‍යාව සාපේක්ෂව පහළ මට්ටමකය. එහෙත් වේදිකාවක් වේදිකාවක් පාසා නිමා වූ යුද්ධයක් දිනපතාම සිහි කැඳවමින් රණවිරු ස්තෝත‍්‍ර ගායනා කරන දේශපාලන නායකයන්ට ඔවුන්ගේ පරිත්‍යාගය සහ ජීවක කාරිය ගැන වචනයක්වත් කිව නොහැකි ව ඇත්තේ ”සයිටම්” සරණ යාම නිසා වත් දෝයි පුංචි සැකයෙකි!
(සටහන - ජයතිලක ද සිල්වා)
ප්‍රවීණ ගත්කරුවකු සහ ලේඛකයකු වූ පියදාස වැලිකන්නගේ මහතා ඉකුත් 25 වැනිදා අභාවප්‍රාප්ත විය. මේ ලිපිය ඒ නිමිත්තෙනි.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙම නොවැම්බර් මස 17 වැනිදා සිට 23 වැනිදා දක්වා ශ්‍රී ලංකාවේ විස්තීර්ණ ණය ගිවිසුම සම්බන්ධයෙන් පැවැති සමාලෝචනය අවසන් වී තිබේ. ඒ අ
පෞද්ගලික හා අර්ධ රාජ්‍ය අංශයේ සේවය කරන විශ්‍රාම වැටුප් ක්‍රමයකට හිමිකම් නොමැති සේවක පිරිස් සඳහා අනිවාර්ය විශ්‍රාම දායක මුදල් ක්‍රමයක් ලෙස 1958 අංක 15 දරන
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් විසින් පසුගිය දා ශ්‍රී ලංකාව සමග දැනට ක්‍රියාත්මක වැඩසටහනට අදාළව තුන් වැනි සමාලෝචනය නොබෝදා සිදුකරන ලදී. මූල්‍ය
මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේ දී ඉතිහාසයේ පළමු වතාවට සිදුවීම් ගණනාවක් දැකගත හැකි විය. ඒවා ජාතික ජන බලවේගය පිහිටු වූ වාර්තා ලෙසද ඇතැමුන් හඳුන්වනු දුටුව
මහ මැතිවරණය නිමා වී ඇත. නව පාර්ලිමේන්තුව ද පළමු වතාවට ඊයේ රැස්වූයේය. ජාතික ජන බලවේගයේ දේශපාලන වැඩසටහන විධායකය සහ ව්‍යවස්ථාදායකය යන ක්ෂේත්‍ර දෙකේම ශක්
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ඩෙංගු මර්දන පාර හරිද
athula Thursday, 29 June 2017 12:47 PM
සයිටම් එකට විරුද්ධව සටන් කරන අයට නම් නොයෙකුත් හේතු තියෙනවා. ආණ්ඩුවේ ගිරා පෝතකයින් ඩෙංගු වලට මොකද කියන්නේ? පරිසරය විනාශ කලේ අපිද වනාන්තර විනාශ කලේ අපිද අද ඒවගේ අනිසි ප්‍රතිඵල තමයි ඩෙංගු කෝ දැන් විසදුම්? එදා කියුබාවෙන් බැක්ටීරියාවක් ගෙනත් ඩෙංගු විනාශ කරන්න හදපු වෙලේ එකත් වහල දැමුවා.
priya Sunday, 02 July 2017 06:14 PM
මුළු පාර්ලිමේන්තුවටම ඩෙංගු හැදුණා නම් එයින් විඳවනකොට පිළිතුරක් දුප්පතුන්ට ලැබේවි !!!