IMG-LOGO

2025 අප්‍රේල් මස 21 වන සඳුදා


ඩොලර්වලින් අල බතල ගෙන්වන ශ්‍රී ලංකාව

‘‘ආසියාවේ ආශ්චර්ය, මාස 60න් අලුත් රටක්’’ වැනි සාඩම්බර වාගාලාපයන්ගෙන් වසා තිබූ රටෙහි ඇත්ත ඇතුළාන්තය එම වැකි මුද්‍රණය කළ කඩදාසිවල තීන්ත වේලෙන්නත් පෙර ඇස් පනාපිටම ප්‍රදර්ශනය විය. අවසානයේදී නිර්මාණය වූයේ දිවා රෑ වෙනසකින් තොරව සාපිපාසිතව පෝලිම්වල ලගිමින් නරා දුක් විඳීමට සිදුවූ රටකි. බංකොලොත් රටක වින්දිත නින්දිතයන් වීමට මෙරට ජනයාට සිදුවිය.

රටේ ඉරණම එසේ ලියැවීමට බලපෑ හේතු සාධක කෙරෙහි ගැඹුරු අවධානයක් යොමු වී නොමැති බව ඒකාන්ත සත්‍යයකි. ආණ්ඩු පක්ෂය නියෝජනය කරමින් කොළඹ දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තුවට ගිය මධුර විතානගේ මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවේදී අනාවරණය කළ තොරතුරකින් ඒ බව මනාව පසක් වේ.

මධුර විතානගේ මන්ත්‍රීවරයා ප්‍රකාශ කර තිබුණේ ‘‘ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ඩොලර් කෝටි 30ක ණයක් බලාපොරොත්තු වන රට පසුගිය වසරේ මෙරට වැවෙන බෝග කිහිපයක් ගෙන්වීමට ඩොලර් විසිනවකෝටි පනස් ලක්ෂයක් වියදම් කර ඇති බවය.

එතරම් ඩොලර් විශාල ප්‍රමාණයක් වියදම් කර මෙරටට ගෙන්වා ඇත්තේ සුදු ලූනු, අල, කජු, ගොරකා, තක්කාලි, ගස්ලබු, කොමඩු, කිරිඅල, අන්නාසි, මෑකරල්’’ ආදිය බවද මන්ත්‍රීවරයා පෙන්වාදී තිබුණි.

එකී අනාවරණයෙන් පමණක් නතර නොවී ‘‘ආණ්ඩු පක්ෂයේ හිටියාට බොරු පම්පෝරි ගසන්නට එපා යැයි ඇමැතිවරුන්ට කියන බවත් අමාත්‍යංශවලට ජනපති වෙන්කළ මුදල්වලින් තමන්ගේ යුතුකම ඉටු කරන්නැයි ඉල්ලා සිටින බවත්’’ සඳහන් කර ඇත. එමෙන්ම තමන්ට බාරදී තිබෙන කාර්ය සාධනය නිසි පරිදි ඉටු කරන්නැයි ඉල්ලා ඇති මන්ත්‍රීවරයා එසේ නොමැතිව තවදුරටත් කිරිඅල, මඤ්ඤොක්කා, බතල ගෙන්වන ආර්ථිකයක් හදා වැඩක් නැතැයි ද පවසා ඇත.

මහපොළොවේ වැවෙන බෝග ටික වවා ගන්නේ නැතිව පොළොව යට ඛනිජ ගැන සෙවීමෙන් වැඩක් නැතැයි ද කියා ඇති මන්ත්‍රීවරයා කිරිඅල මඤ්ඤොක්කා ගෙනැවිත් රටේ තිබෙන ඩොලර් පිටරට යවන්න උත්සාහ කරනවා නම් එය සැමගේ අවාසනාව බවද පවසා තිබේ.

ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරයකු ලෙස ඔහුගේ නිර්භීතභාවය ගැන අපි සතුටු වෙමු. එහෙත් මේවා බීරි අලින්ට වීණා වාදනයක් වන්නේ නම් එය ද රටේ අවාසනාවක් බව අවධාරණය කරමු. ‘‘කණාගේ පයේ හැපුණ මැණික් ගලක්’’ යනුවෙන් කියමනක් වහරෙහි එයි. මැණික කෙතරම් වටිනා වුවද කණාට එහි ඇති අගයක් නැත. අප රටට සිදුවී තිබෙන්නේ ද එයමය. රටෙහි වටිනාකම දන්නා පාලකයන් දුරාතීතයේ සිටම සිටියේනම් මේ රටට මෙහෙම වන්නේ නැත.

අප රට සතුව සරු සාර පොළොවක් තිබේ. රට පුරා ගලායන මහා වාරි මාර්ග පද්ධතියක් තිබේ. කලාතුරකින් වෙනස් වුවද කලට වැසි වැටේ. අප රට අතීතයේ බත බුලතින් සශ්‍රීක වූයේ මෙම අගනා වටිනා සම්පත් නිසි පරිදි ප්‍රයෝජනයට ගත් හෙයිනි. රට ‘කෘෂි කාර්මික’ වුවද අප රට තුළ එය කර්මාන්තයක් වශයෙන් විද්‍යාත්මකව වර්ධනය වූයේ නැත.

අවසානයේදී අල, බතල, මඤ්ඤොක්කා පිටරටින් ආනයනය කරන තැනට පත්වූ දිළිඳු රටක් බවට අප රට පත්ව තිබේ. කොස්ස, ඉදල, සරුංගලය පවා පිටරටින් ගෙන්වන විසම පරිසරය තුළ අල, බතල, මඤ්ඤොක්කා පිටරටින් ගෙන්වීම සම්බන්ධයෙන් අමුතු විමතියක් ඇති කර ගත යුතුද නැත.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් අපට ලැබීමට නියමිත මුදල ඩොලර් කෝටි 30කි. පසුගිය වසරේ කිරිඅල, ගස්ලබු ගෙන්වීමට වැය කර ඇති මුදල ඩොලර් විසිනවකෝටි පනස් ලක්ෂයකි. රට මේ මට්ටමින් හෝ තිබීම ගැන අප සතුටු විය යුත්තේ එහෙයිනි.

(***)



අදහස් (4)

ඩොලර්වලින් අල බතල ගෙන්වන ශ්‍රී ලංකාව

Nilantha Gamage Monday, 27 November 2023 09:20 PM

ගාන වැරදුණා වගේ, විසිනවකෝටි පනස් ලක්ෂයකි. ඩොලර් ද රුපියල් ද ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් අපට ලැබීමට නියමිත මුදල ඩොලර් කෝටි 30කි. පසුගිය වසරේ කිරිඅල, ගස්ලබු ගෙන්වීමට වැයකර ඇති මුදල ඩොලර් විසිනවකෝටි පනස් ලක්ෂයකි...

:       1       0

sam Tuesday, 28 November 2023 06:46 AM

ඩොලර්වලින් අල බතල ගෙන්වන ශ්‍රී ලංකාවට බුද්ධිමත්ව සිතා කටයුතු කරනා කෘෂි ඇමැතිවරුන් සිටින්නේ නම් අල බතල ලංකාවට ආනයනය කිරීම නොව ලංකාවෙන් විදේශ රටවලට අපනයනය කිරීමට සැලසුම් සකස් කළයුතු වේ. වර්තමාන පාර්ලිමේන්තුවේ සිටිනා නළුවන්/ නිළියන් ඉවත් කර රට වෙනුවෙන් වසර 5ක් අවන්කවම කැපවන කණ්ඩායමක් පාර්ලිමේන්තුවට පත්කර රටට වෙනසක් ලබාදීමට පුරවැසියන්ගේ වගකීම වේ. වර්තමානයේ පාර්ලිමේන්තුවේ සිටිනා ඇමැතිවරුන්ට රටක් දියුණු කිරීම පිළිබඳව අවබෝධයක් නැත. එමනිසා ඔවුන් පිළිබඳව අදහස් ප්‍රකාශ කරනවා වෙනුවට ඉදිරි මැතිවරණයේදී කතිරයෙන් දේශපාලකයින්ගේ ජනතාව රවටමින් සිටි ප්‍රජා අයිතිය අහෝසිකර ගෙදර යැවීමට ඉදිරියේදී පැවැත්වීමට නියමිත ජාතික මැතිවරණය යොදාගැනීමට කටයුතු කළයුතුවේ..

:       0       2

himal Tuesday, 28 November 2023 08:39 AM

ලංකාවේ යම් දෙයක් යම් පමණකින් වැවුණු පමණින් ඒවා ආනයනය කරන්න එපා කියන්න බෑ. බිත්තර වෙලෙඳාම මතක්කර ගන්න.

:       4       1

Kumar Thursday, 30 November 2023 09:55 PM

ලංකාවේ ඉන්න අය දන්නේ කටෙන් බතල සිටුවන්නයි...!

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

විශේෂාංග

පාස්කු දා ප්‍රහාරයේ මහ මොළකරුවා මත දෙකක්
2025 අප්‍රේල් මස 21 213 0

පාස්කු ඉරිදා සංහාරයට අදට වසර හයකි. මෙම ප්‍රහාරය පිරිමින්, කාන්තාවන් සහ ළමුන් ඇතුළු ජීවිත 269 ක් බිලිගත් ඛේදවාචකයක් වන අතර, එම අවස්ථාව වන විට ඔවුන්ගෙන් බොහ


සත්‍යය යුක්තිය සංහිඳියාව වෙනුවෙන් තවමත් බලාසිටී
2025 අප්‍රේල් මස 21 43 0

පාස්කු ඉරිදා ඛේදජනක ප්‍රහාරයට වසර හයක් ළඟා වන අවස්ථාවේදී, ශ්‍රී ලංකාව තවමත් පැටළී සිටින්නේ පිළිතුරු නොලැබෙන ප්‍රශ්න, ප්‍රමාද වූ නඩු පැවරීම්, දේශපාලන ම


නව ලොවට නව සංවර්ධන ආකෘතියක්
2025 අප්‍රේල් මස 21 80 0

ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සියලු‍ රටවලට අප්‍රේල් 05 වැනි දා සිට බලපාන ලෙස ඔවුන්ගේ ආනයන තීරු බදු සියයට 10 දක්වා ඉහළ දැමීමේ නිල විධානයකට මෙම අප්‍රේල් 02 වන දි


ජීවිත 114ක් බිලිගෙන 750 කට බරපතළ තුවාල කළ පිටකොටුව කාර්බෝම්බය
2025 අප්‍රේල් මස 21 168 0

කොළඹ මධ්‍යම බස් නැවතුම්පොළේ බෝධිය ආසන්නයේ නවතා තිබූ කාර් රථයක අටවන ලද අධිබලැති බෝම්බයක් පුපුරා ගියේ 1987 වසරේ අප්‍රේල් මස 21 වැනිදා සවස් යාමයේය.


ශ්‍රී ලංකාව ගෝලීය වෙළෙඳ කම්පනය
2025 අප්‍රේල් මස 18 224 0

ට්‍රම්ප්ගේ වෙෙළඳ කම්පනය ගෝලීය පිළිවෙලට දැවැන්ත පහරකි. එය නියෝජනය කරන්නේ 1970 ගණන්වලදී බ්‍රෙට්න්වුඩ්ස් ක්‍රමය අවසන් වීමෙන් පසු ඇති වූ විශාලතම බිඳවැටීමය


දළදා වහන්සේ සියැසින් දැකගැනීමේ ආනිශංසය
2025 අප්‍රේල් මස 18 868 0

ශ්‍රී සුගත තථාගත සම්මා සම්බුදු රජාණන් වහන්සේ පන්සාළිස් වසරක් මුළුල්ලේ දේශනා කොට වදාළ ස්වාසුදහසක් ශ්‍රී ධර්මස්කන්ධයේ පහස ලැබුවුවා වූ පරම පූජනීය අතිඋ


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 496 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 289 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 441 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site