IMG-LOGO

2025 අප්‍රේල් මස 25 වන සිකුරාදා


ණය ගෙවීම අභියෝගයක්

සාකච්ඡා කළේ - චමින්ද මුණසිංහ

ගෝඨාගේ ගුණ වැයීම, නීති විරෝධී වැඩ නවත්වලාද, ආර්ථිකය හැදුවාද, ඒකපුද්ගල ණය, විදේශ ආයෝජන, අයවැයට නැගෙන චෝදනා, උද්ධමනය, පළාත් පාලන ඡන්දය යනාදී කරුණු පිළිබඳ ජාතික ප්‍රතිපත්ති සහ ආර්ථික කටයුතු නියෝජ්‍ය ඇමැති ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා දැක්වූ අදහස් මෙවර සඳුදා හමුවෙන් මෙසේ එළිදක්වමු.

ප්‍රශ්නය:- මොකද මේ හිටිගමන් ගෝඨාභයගේ ගුණ වයන්න සිතුනේ?
පිළිතුර:- මම එදා කතා කළේ නාගරික සංවර්ධන අධිකාරිය සම්බන්ධයෙන්. මම පුද්ගලික දේශපාලනයේ නියැලෙන කෙනෙක් නෙමෙයි. මම පෞද්ගලිකව මිනිස්සුන්ට පහර ගහන්නේ නෑ. මම වැඩ කරන්නේ ප්‍රතිපත්තියක් අනුවයි. කෝට්ටේ ඉදිවන මහල් නිවාස සංකීර්ණ සම්බන්ධයෙන් ඒ වෙලාවේ කතා කළා.

ඉතාමත්ම අයුතු ආකාරයට අනුමැතිය ලබාගෙන කෝටි ප්‍රකෝටි ගණන් වංචා කරමින් පසුගිය අවුරුදු කීපය තුළ මේ වැඬේ සිද්ධ වෙන්නේ කොහොමද කියලා කතා කළා. මාධ්‍යවල දාන්නේ කියන කතාවෙන් බාගයයි නේ.

ශ්‍රී ජයවර්ධනපුර නගරය නිර්මාණය කරන්න පටන් ගත්තේ ජේ.ආර්. කෝට්ටේ නගරයේ සංවර්ධනය පටන් ගත්තේ ඔහුයි. පසුව ගෝඨාභයත් මේ සංවර්ධන ක්‍රියා පිළිවෙතට ඍජුව සම්බන්ධ වී උද්‍යාන හදා, ඇළවල් ශුද්ධ කරලා, ලයිට් දාලා ඒ වැඬේ කළා. මේ වැඩ හරියට ඉදිරියට ගෙනයාමේ වගකීම කෝට්ටේ මන්ත්‍රීවරයා හැටියට මට තිබෙනවා. කෝට්ටේ වැල්ලවත්තක් කරන්න මම කැමැති නැහැ. හරි ක්‍රමයට නීත්‍යානුකූලව මේව කරන්න ඕන. ඕක තමයි කතාව. හැබැයි මාධ්‍යවල පළවුනේ අර කෑල්ල විතරයි. දේශපාලන පක්ෂ මොකද්ද කියා මට වැඩක් නෑ. මිනිහෙක් හොඳ වැඩක් කළා නම් ඒ පිළිබඳ කතා කරන්න මම පැකිලෙන්නේ නෑ. එතුමාගෙ කාලෙදි මිනිස්සු එළවපු එක ගැන, හමුදාව ගෙනත් පහරදී එළවා දැමීම ගැන නඩුවට මමත් ගියා. ඒක වෙනම දෙයක්.


ප්‍රශ්නය:- ඔබලා බලයට ආවේ ඔය නීති විරෝධී වැඩ නවත්වන්න නේද?
පිළිතුර:- ඔය කොන්ඩමීනියම් හදන්න පටන් ගත්තේ අද ඊයෙ නෙමෙයි. මේවා කාලයක් තිස්සේ හැදෙනවා. වැඩ පිළිවෙළක් ක්‍රියාත්මක වෙනවා. එක් පටු පාරක තට්ටු 12ක බිල්ඩිමක් හදන්න අවසර දී තිබෙනවා. ඒ හැකියාව එතන තිබෙනවා. හැබැයි තට්ටු 25කට මේ බිල්ඩිම හදන්න අයුතු ලෙස අවසර ගෙන තිබෙනවා. මේවා මිලියන ගණන්වලට විකුණන්න දැන්වීම් පළ කරනවා. සාමාන්‍යයෙන් වෙන්නේ මොකද්ද? මේ බිල්ඩිම හැදෙනවා. අපි ආවේ මේවා නවත්වන්නනේ. මම දැන් මේවා නවත්වල තියෙන්නේ.  මාව නැති කරන්න බෑ.

නීති විරෝධී වැඩවලට එරෙහිව බය නැතිව මම නැගිටිනවා. කෝට්ටේ ඉදිවන මෙවැනි ගොඩනැගිලි 37කින් සම්පූර්ණ අනුමැතිය තිබෙන්නේ හතරකට පමණයි. මේක අද ඊයේ වුණු දෙයක් නෙමෙයි. දිගින් දිගටම වෙන දෙයක්. අපි මේවා එළිපිට කතා කරනවා. නීති විරෝධී වැඩ නවත්වනවා. ඒකයි වෙනස. විරුද්ධව පියවර ගන්නවා. දඩ ගහන අයට දඩ ගහනවා. මම මොකද්ද කරන්නේ කියා බලන්නකෝ. මම යකෙක්ටවත් බය නෑ.

මේවා කතා කරන්න ආණ්ඩුවට, මන්ත්‍රීවරුන්ට ඇමැතිවරුන්ට එදා කොන්දක් තිබුණේ නෑ. රටේ නීතියක් තිබුණේ නෑ. යහපාලනයක් තිබුණේ නෑ. මාධ්‍ය නිදහසක්, තොරතුරු දැන ගැනීමේ අයිතියක් තිබුණේ නෑ. ඒක තමයි වෙනස. ලයිට් ස්විච් එක දානව වගේ මේවා නවත්වන්න බෑ. හැබැයි අපි ආවේ මේවා නවත්වන්න. ඒක තමයි දැන් කරන්නේ. අගාධයට යන රට අනෙක් පැත්තට හරවන්නේ මෙහෙම තමයි.


ප්‍රශ්නය:- එහෙම කිව්වට එදා වගේම අදත් රටේ වංචාව දූෂණය පිරිලා නේද? මේ ආණ්ඩුවත් මහා හොරකමක් කළා නේද?
පිළිතුර:- මම 2012 මොකද්ද කිව්වේ කියලා ඔයාලා කියවන්න. ඇයි ඒවා කතා කරන්නේ නැත්තේ. කබ්රාල්ලා එක්ක එකතු වෙලා කොටස් වෙළෙඳපොළ හරහා උස්සල අතාරින ඒව කළේ කවුද? සේවක අර්ථසාධක අරමුදල සම්පූර්ණයෙන් අපයෝජනය කළේ කවුද? ගලධාරි එකේ කොටස්, අනෙක් ආයතනවලට කොටස් රුපියල් 25ට අරගෙන රුපියල් 187ට අර්ථ සාධකේට විකුණුවේ කවුද? මම එදා මේවා කියන විට මිනිස්සුන්ට තේරුණේ නෑ. දැන් තේරෙනවා.
මේවා ගැන ගිරිය කැඩෙනකම් මම කතා කළා. එදා විපක්ෂයේ මන්ත්‍රීවරයකුට කටක් අරින්න හැකියාවක් තිබුණේ නෑ. හම්බන්තොට වරාය බලන්න ගියාම අපට වෙඩි තියන්න ආවා. කොලොන්නාවේ තෙල් පිරිපහදුවට ගියාම අපට ගැහැව්වා. අපේ වාහන කුඩු කළා. මාධ්‍ය ආයතන ගිනි තැබුවා. රාජපක්ෂ කියන නම කිව්වාම ඒ වෙනුවට රූපවාහිනීවල “පීක්” කියලා දාලා ඒ නම මැකුවා. මේ අය කළේ මහා හොරකම්. කොටස් වෙළෙඳපොළේ, අර්ථ සාධකේ කළ හොරකම් අමතකද? ග්‍රීක බැඳුම්කර හොරකම අමතකද? ටෙම්සල්ටන් හොරකමත් හොයන්න ඕන. ලොකුම හොරකම ඒක තමයි. තාම මිනිස්සුන්ට මේවා තේරෙන්නේ නෑ. හොරුන්ට පක්ෂ පාට නෑ. අපේ කාලයේ හොරකම් වුණේ නෑ කියා අද හොරුම කියනවා. ඒ නිසා එදා හොරකම් වුණේ නෑ කියා සුදුහුණු ගාන්න එපා. එදා කරපු හොරකම් මාධ්‍යයෙන් වහන්න හදනවා.

ප්‍රශ්නය:- එදා නම් කිව්වේ ඔබලා ආවාම ආර්ථිකය හදනවා කියලයි. දැන් ආර්ථිකය හදලද?
පිළිතුර:- රාජපක්ෂ කල්ලිය මේ රට ණය උගුලක හිර කරනවා කියලයි මම එදා කිව්වේ. සමහරුන්ට අපි එදා කියපුවා තේරුණේ නෑ. අද මොකද්ද වෙලා තියෙන්නේ. මේ ණය ගෙවා ගැනීම මහා අභියෝගයක්. 2019, 2020, 2021, 2022 අවුරුදුවලට ඇමරිකන් ඩොලර් බිලියන තුනහමාර හතර ගානේ අවුරුද්දක් පාසා ගෙවන්න වෙනවා. මේ ණය අරන් මොකද කළේ. මේ කරපු වැඩවලින් ශත පහක් අපට එන්නේ නෑ. හම්බන්තොට ක්‍රිකට් ක්‍රීඩාංගණයෙන්, සම්මන්ත්‍රණ ශාලාවෙන් ඇති වැඬේ මොකද්ද? මේවාගේ බල්ලෙක්වත් නෑ. හැබැයි අපි ණය ගෙවන්න ඕන.

හම්බන්තොට වරායේ පළමු අදියරෙන් ශත පහක්වත් එන්න කලින් මිලියනයක් වියදම්කර දෙවැනි කොටසත් හැදුවා. මේවාට ප්‍රතිලාභ නෑ. මත්තලින් ප්‍රතිලාභ නෑ. උඩින් යන්න යටින් යන්න මාර්ග ඉදිකළාට ඒවායෙන් ප්‍රතිලාභ නෑ. මේ ආණ්ඩුව බෝක්කුවක්වත් හැදුවේ නෑ කියා දැන් කියනවා. බෝක්කුවක්වත් හදන්න කලින් රාජපක්ෂලා ගත්ත ණයවලට අපි පොලිය ගෙවන්න ඕන. ඒ අය බැලුවේ කොන්ත්‍රාත් කර ඒ හරහා හොරකම් කරන්නයි. අපි වගේ ආර්ථිකයක් ඉස්සරහට යන්නේ ලෝකයට එකතු කළොත් විතරයි. රාජපක්ෂලා ආණ්ඩුව ගනිද්දී මේ රටේ නිෂ්පාදනයෙන් සියයක් ගත්තොත් එයින් 33ක් අපනයනය කළා. ඒ අය අපට ආණ්ඩුව දෙන විට රුපියල් සියයක් නිපදවූවා නම් එයින් දහතුනයි අපනයනය කරන්නේ. මෙහෙම වුණාම ඩොලර්වලින් ගත්ත ණය ගෙවන්න අපට ඩොලර් කෝ.

අපනයන ආර්ථිකය කාබාසිනියා කරලා රට ණය උගුලක හිර කරලා රට අපට බාර දුන්නා. කොහොම හරි මේක ගොඩගන්න ඕන. පියවරෙන් පියවර අපි ඉදිරියට යනවා. මුලින්ම ලෝකයත් සමග තිබූ හුටපටය බේරා ගත්තා. ජී.එස්.පී. ප්ලස් යළි ගත්තා. යුරෝපා මත්ස්‍ය තහනම ඉවත් කර ගත්තා. ඇයි ඒවා ගැන කතා නොකරන්නේ. දැන් අපි අපනයන ආර්ථිකය හදාගෙන ලංකාව ලෝකයට එකතු කරගෙන ණය බේරගන්න ක්‍රමවේදයක් හදාගෙන ඉදිරියට යනවා.


ප්‍රශ්නය:- හැබැයි එදා තිබූ ඒකපුද්ගල ණය බරට වඩා අද ඒකපුද්ගල ණය බර වැඩිවෙලා නේද?
පිළිතුර:- තිබෙන ණය අපි ගෙවන්නේ කොහොමද කියලා බලන්න. අපිට ණය නොගෙවා ඉන්න පුළුවන්ද? බැහැ. ඒ නිසා පුළුවන්තරම් අඩුවෙන් ණය අරගෙන වැඩිපුර රාජ්‍ය, පෞද්ගලික අංශ හවුල් ව්‍යාපාරවලට යන්න බලනවා. වැඩියෙන් ඍජු විදේශ ආයෝජන ගේන්න බලන්නේ ඒ නිසයි. ඉන්දියාව, චීනය, ජපානය සමග අපි වැඩ කරන්නේ මේ ප්‍රශ්න විසඳගන්නයි. බඬේ අමාරුව හැදිල තිබෙන්නේ. ඒක නවතින්න අපි බෙහෙත් දෙනවා. බෙහෙත් දුන්න ගමන් බඬේ අමාරුව නවතින්නේ නෑ. රටට බඬේ අමාරු හැදෙන ජරාව කවපු අය අපෙන් අහනවා වෙලා තියෙන්නේ මොකද්ද කියලා. ඒ නිසා ඔය හුදු දේශපාලන තර්ක ගේන අයට උත්තර දීලා වැඩක් නෑ.

මම කවදත් කෙළින් කතා කරනවා. අපේ හොර නෑ, බොරු නෑ. කෙළින් කියනවා. විනාශ කරපු කුඩුපට්ටම් කරපු මැරෙන්න දාපු ලෙඩෙක් අපට බාරදී තිබෙනවා. අපි කොහොමහරි මේ ලෙඩා සුව කරනවා.


ප්‍රශ්නය:- ගේනවා කියූ ඍජු විදේශ ආයෝජන කෝ?
පිළිතුර:- මේවා ගේන්න යම් කාලයක් අපට අවශ්‍ය වෙනවා. ගස් වැවිලා වැඩක් නැතිවෙලා තිබුණ හම්බන්තොට බොහොම අමාරුවෙන් ගොඩදාගන්නයි හදන්නේ. ඒකට ඍජු විදේශ ආයෝජන එනවා. ගිය වසරට වඩා දෙගුණයක ඍජු විදේශ ආයෝජන ලැබී තිබෙන බව ආයෝජන මණ්ඩලයේ සභාපතිවරයා කියා තිබුණා. මේවා ගැනත් කියන්න. සිංගප්පූරුව, චීනය, ඉන්දියාව සමග වෙළෙඳ සහ ආයෝජන ගිවිසුම් අත්සන් කරන්නේ ඍජු විදේශ ආයෝජන ගේන්න තමයි. මීට වඩා වේගයෙන් විදේශ ආයෝජන ආව නම් මම කැමතියි. මේ රට අලුත් ගමනක යනවා. අලුත් ලිහිල් කිරීම් කරන්න අවශ්‍ය වී තිබෙනවා. එදා ඇඟලුම්වලට විදේශ ආයෝජන ආවාට අද එහි එතරම් තරගකාරිත්වයක් නෑ. අපේ අය වෙනත් රටවල විදේශ ආයෝජන කරනවා. අපට විදේශ ආයෝජන ලබාගන්න මීට වඩා ඉහළ තරගාකාරිත්වයක් තිබෙන භාණ්ඩ හා සේවාවලට යන්න ඕන. ඒකට තමයි යම් පරිවර්තනයක් කරන්නේ. දැනුම මත පදනම් වූ ඉහළ තරගකාරිත්වයක් ගොඩනැගීම යන අපේ දැක්ම ඉදිරිපත් කර තිබෙනවා. ජී.එස්.පී. ප්ලස් හරහා ලොකු ආයෝජකයන්ට අවස්ථාව තිබෙනවා. යම් ප්‍රමාදයක් තිබෙන බව මම පිළිගන්නවා. ඒකට හේතු තිබෙනවා.

ලෝක ආයෝජන ශ්‍රේණිගත කිරීමේදී අපව තිබූ තැන ඍණ මට්ටමේ ඉඳලා ස්ථාවර මට්ටමට ගෙනාවා. මේවා මාධ්‍යවල යනවා අපි දැක්කේ නැහැ.


ප්‍රශ්නය:- අයවැයෙන් බියර් බදු අඩු කළා හැරෙන්නට ජනතාවට දුන් සහනයක් නෑ නේද?
පිළිතුර:- බඩු මිල අඩු කරන්න අයවැය ගේනවා කියලයි සමහරුන් සිතන්නේ. බඩු මිල අඩු කිරීම අයවැයට පෙර දිනයේ කළා. අය වැය කියන්නේ රජයේ ආදායම් හා වියදම් පිළිබඳව ඉදිරිපත් කරන යෝජනාවලියයි. ගිය ආණ්ඩුවේ අයවැයත් හෑල්ලුවට ලක්කරලයි තිබුණේ. වසරක ඉදිරි දැක්ම අපි ජනතාව මත තබා තිබෙනවා.
අඩු කාර්යක්ෂමතාවයක් තරගකාරිත්වයක් තිබෙන රටක සිට වැඩි කාර්යක්ෂමතාවක්, ඉහළ තරගකාරිත්වයක් තිබෙන ආර්ථිකයකට අපේ රට ගෙනියන වැඩපිළිවෙළයි මේ ඉදිරිපත් කර තිබෙන්නේ. ඒ ඒ අංශ දියුණු කරන හැටි පැහැදිලිව කියා තිබෙනවා. ව්‍යවසායකත්වය අපේ රටේ මිනිස්සුන්ගේ ඇඟේ තිබෙන දෙයක්. අපේ රට යම් යම් අවස්ථාවල ඉහළ තැන්වල තිබුණා. ඒ සෑම අවස්ථාවකම ලෝකය සමග එක්වී වෙළෙඳාම් කරමිනුයි සිටියේ.

ඒ නිසා තමයි ලිහිල් කිරීම් අවශ්‍යය. නැව් ක්ෂේත්‍රය ලිහිල් කරන්න ඕන කියන්නේ ඒකයි. විනිවිදභාවයෙන් බදු පනවන්න කියා කියන්නේ ඒ නිසයි. ලෝකයේ සෑම රටකම බදු ගහන්නේ මද්‍යසාර ප්‍රතිශතය අනුවයි. මේක කාලයක් අපේ රටේදී කණපිට හරවා තිබුණා. අය වැයෙන් කළේ ඒක හොඳ පිට හැරවීම පමණයි. දැන් මේ රටේ පවතින්නේ ලෝකයේ අනෙක් රටවල් සම්ප්‍රදායිකව ගහන බදු ක්‍රමයයි. වාහන බදුත් විනිවිදභාවයට පත් කළා.

ප්‍රශ්නය:- අයවැය ඉදිරිපත් කළේ මූල්‍ය අරමුදලේ කොන්දේසිවලට අනුව බවට නැගෙන චෝදනාව ගැන මොකද කියන්නේ?
පිළිතුර:- මූල්‍ය අරමුදලෙන් ඩොලර් බිලියන 2.6ක් ගන්න ඔවුන්ගේ කොන්දේසි පන්සියයකට විතර  එකඟ වුණේ කවුද? අපිද? අපිට සමච්චල් කරන අය තමයි ඒව කළේ. ඒ අය මූල්‍ය අරමුදල ළඟ දෙකට නැවුණේ ඇයි කියලා අහන්න. අපි ඉදිරිපත් කර තිබෙන්නේ අපේ දැක්මයි. “2025 පොහොසත් රටක්” දැක්ම ඉදිරිපත් කර තිබෙන්නේ අපේ දැක්ම හැටියටයි. ඒක මූල්‍ය අරමුදලේ දැක්ම නෙමෙයි. සියලු ජන කොටස්වලට එකට ජීවත් විය හැකි, ආර්ථික නිදහස තිබෙන, දූෂණයෙන් වංචාවෙන් තොර කතා කිරීමේ, තොරතුරු දැන ගැනීමේ අයිතිය ඇති වැදගත් රටක් ගොඩනගන්නයි අපි හදන්නේ. එහෙම කරන විට සමහරුන්ට රිදෙනවා. ඒ නිසා ඒ අය මේවා කඩාකප්පල් කරන්න හදනවා.


ප්‍රශ්නය:- එන්න එන්නම උද්ධමනය, ජීවන බර ඉහළ යනවා. මේකට විසඳුම් නැතිද?
පිළිතුර:- රාජපක්ෂලාගේ කාලයේ උද්ධමනය සියයට 29ට ගියා. මේක මතින් නැවැත්තුවා. සියයට තිහට ගියා. දැන් මේ කෑ ගහන්නේ සියයට පහ හමාරටයි. සියයට තිහකට උද්ධමනය ගෙනිච්ච මේ අය දැන් ඔලුව හැප්පිලා වගේ අපෙන් ප්‍රශ්න කරනවා. මේ අයට ලැජ්ජාවක් නැතිද? එදා උද්ධමන මාපකය පවා වෙනස් කළා. එහෙම අය දැන් කතා කිරීම විහිළුවක්. අවාසනාවකට අපට කාලගුණයත් සමග සටන් කරන්න බෑ. මහ කන්නයේ අස්වැන්න මෙටි්‍රක් ටොන් මිලියන 3ක් තිබූ එක මිලියන 1.5ට අඩු වුණා. යල කන්නයේ මෙටි්‍රක් ටොන් මිලියන 1.5ක අස්වැන්න මිලියන 0.6ට අඩුවුණා. කන්න තුනක් වගාව හරියට කරන්න බැරි වුණා. ගංවතුර ආවා. මේවා සියල්ලටම අපි මුහුණ දුන්නා. ජීවන බර ගැන අපට තේරෙනවා. ඒක තමයි පුළුවන් තරම් බදු අයින් කර ජනතාවට සහනයක් දෙන්න වැඩ කරන්නේ. ජීවත් විය හැකි ආකාරයට වැටුප්, විශ්‍රාම වැටුප්, සමෘද්ධි වැඩි කළා. තෙල් මිල, බෙහෙත් මිල අඩු කළා. මේවායෙන් ලැබුණු සහනය ගැන කවුරුවත් අහන්නේ නැහැ. සුව සැරිය ඇම්බියුලන්ස් සේවාව වගේ හොඳ දේවල් ගැන කතා නොකරන්නේ ඇයි?


ප්‍රශ්නය:- පළාත් පාලන ඡන්දයට කටයුතු සූදානම් වෙනවා. ශ්‍රීලනිප-ඒකාබද්ධ එකතු වෙන්නත් යනවා. එජාප ස්ථාවරය මොකද්ද?
පිළිතුර:- ශ්‍රීලනිප ඒකාබද්ධ එකතු වුණත් අපි දිනනවා. ඒ අය එකතු වුණේ නැතත් අපි දිනනවා. ඒකෙ කිසිම සැකයක් නැහැ. මේ ඡන්දය අපි දිනන බව දන්නවා. එච්චරයි.

 



අදහස් (2)

ණය ගෙවීම අභියෝගයක්

ruwan Monday, 04 December 2017 06:56 AM

කයිය ගහන්නැතුව වැඩ කරා නම් මොකද? බලේට ආපු දවසේ ඉඳන් අනිත් පැත්තේ මිනිසුන්ට බැන්න එක කරේ. කරපු දෙයක් නැහැ රටට..

:       125       26

Bamunuarachchi Thursday, 07 December 2017 01:27 PM

මෙතන අහන්න ඕනේ ප්‍රශ්නය ඇසුවේ නැත. අහන්න තිබුනේ මහා බැංකු වංචාවෙන් මුළු ආර්ථිකයම කඩා වැටී බැංකු පොලී ඉහලගොස් ගෙවිය යුතු ණයත් ඉහල ගියා නේද කියලා. "ජීවත් විය හැකි ආකාරයට වැටුප්, විශ්‍රාම වැටුප්, සමෘද්ධි වැඩි කළා. තෙල් මිල, බෙහෙත් මිල අඩු කළා. මේවායෙන් ලැබුණු සහනය ගැන කවුරුවත් අහන්නේ නැහැ. සුව සැරිය ඇම්බියුලන්ස් සේවාව වගේ හොඳ දේවල් ගැන කතා නොකරන්නේ ඇයි?" විශ්‍රාම වැටුප්, රු 10000 වැඩිකර ගත්තේ ඔහෙලාට, බෙහෙත් මිල අඩු කළා. කියන එක ප්‍රෝඩාවක් කියලා කියන්නේ ෆාමසිකරුවන්මයි. තෙල් මිල අඩු කරලා කාර් තිබෙන අයට ගහපු අනික් බදු ටික කොහොමද? සුව සැරිය ඇම්බියුලන්ස් සේවාව? මේකත් දුන්නේ ඉන්දියාවෙන්... අනික සුව සැරිය ඇම්බියුලන්ස් සේවාව රටේ සංවර්දනයක්ද? මේ ගොල්ලෝ කියනවා අපි අහනවා. දෙන්නකෝ මට ප්‍රශ්න ටිකක් අහන්න...

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

විශේෂාංග

ඉන්දු-පාකිස්තාන් අර්බුදය මැද යළි ඇවිළෙන කාශ්මීරය
2025 අප්‍රේල් මස 25 205 0

කාශ්මීරය යනු මිහිපිට දෙව්ලොවකි. ආසියාවේ ස්විට්සර්ලන්තය යනුවෙන් හැඳින්වෙන්නේ ද කාශ්මීරයයි. ඉන්දියාවේ වඩාත් උතුරින් පිහිටි ප්‍රාන්තය ලෙස සැලකෙන්නේ ද


දැන් ඇත්තේ ටියුෂන් පන්ති කාලසටහනක්
2025 අප්‍රේල් මස 25 263 0

මම අගනුවරට කිලෝමීටර් 3000ක් දුර ඈත ගමක උපන්නෙමි. ලංකාවේ ඉපදුණු බොහෝ තරුණයන් මෙන් නිදහස් අධ්‍යාපනයෙන් දිව්‍ය ලෝකය සොයාගත නොහැකි වුණ මම ජීවිතය සොයා කොළඹ ආ


ඉහළින් ගිලිහුණු උළෙල
2025 අප්‍රේල් මස 25 147 0

මෙවර අලු‍ත් අවුරුදු උළෙල විශේෂයක් ගත්තේ ය. ඒ අන් කවරදාකවත් නොදුටු පරිදි රාජ්‍ය සහ මෙරට මහා සංස්කෘතික මංගල්‍ය අතර සම්බන්ධය ගිලිහී යාම ය. මෑත ඉතිහාසයේ සෑ


බියර් බොන්නේ බලාගෙනයි
2025 අප්‍රේල් මස 24 7660 3

සුරාබදු ආඥා පනත මෙරටට හඳුන්වා දෙන්නේ 1913 ජනවාරි 01 වැනිදාය. එහි සඳහන් වෙන්නේ “මෙය මත්පැන් සහ මත් ඖෂධ ආනයනය, අපනයනය, ප්‍රවාහනය, නිෂ්පාදනය, විකිණීම හා සන්තකය


නව ලිබරල් ආර්ථිකය මුළාවක්
2025 අප්‍රේල් මස 24 182 0

ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා පසුගිය දින තීරු බදු යුද්ධයක් ආරම්භ කළේය. බැලූ බැල්මට මෙය සාමාන්‍ය තත්වයක් නොවේ. ට්‍රම්ප් මෙම තීරුබදු පැනවීම


කොළඹ සර්පයින්, කලවැද්දන් බෝවන්නේ මෙහෙමයි
2025 අප්‍රේල් මස 23 1293 0

කොළඹ මහ නගර සභාවේ පළිබෝධ පාලන ඒකකය ඉදිරිපස ඇති මෙම ස්ථානය නාගරික සංවර්ධන අධිකාරියට අයත් අතහැර දැමූ දේපළකි. එසේම මෙම ස්ථානය සර්පයන්ගේ සිට මීයන්, කලවැද්


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 799 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 378 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 529 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site