IMG-LOGO

2024 නොවැම්බර් මස 26 වන අඟහරුවාදා


තෙත් වූ පොත් මැද සුසුම් හෙළන රාධිකා

තරිඳු ජයවර්ධන සහ බිඟුන් මේනක ගමගේ

(හඳුගල සංචාරයකින් පසු)

රාධිකා අට වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන්නීය. ගංවතුරට වැනසුණු නිවස දෙස බලා ඇගේ දෙමාපියන් සුසුම් හෙළද්දී ඇය සුසුම් හෙළන්නේ ගංවතුරෙන් තෙත් වුණු තම පොත් ගොඩ දෙස බලාගෙනය.

වලස්මුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පහළ හඳුගල ඇය පදිංචිව සිටින්නීය. දින කිහිපයකට පෙර මහා විනාශයක් කළ කිරම ආර දැන් ඇගේ වත්ත පහළින් සංසුන්ව ගලා බසියි.

එදා 25 වැනි දා රාධිකා නින්දට සුපුරුදු පරිදි නින්දට ගියේ පසුදින සිදුවන මහා විනාශය ගැන නොදැනය. පසුදින අලුයම ගංවතුර නිවසට ඇතුළු වෙද්දී ඇය මෙන්ම ඇගේ දෙමාපියෝ ද අවදිවූහ. ඒ වන විටත් ප්‍රමාද වැඩිය. කඩිමුඩියේ සියලු දෙනා තරමක් ඉහළ නිවසකට දිව ගියහ.

කතාව ඇරැඹෙන්නේ එතැන් සිටය. ගංවතුරෙන් දිවි බේරා ගත්තද සෙසු සියල්ල බේරා ගැනීමට ඔවුනට නොහැකි විය. ගංවතුර බැස ගිය පසු පැමිණ බලද්දී නිවස තිබූ තැනවත් නැත. ඇත්තේ නිවසේ පාදම සහ වැසිකිළි පොච්චිය පමණි. රාධිකාගේ පොත් වතුරට පෙඟී ගොස් සීසීකඩ තිබිණි. ඒවා එකතු කර වේලීමට දමා ඒ දෙස බලමින් ඇය සුසුම් හෙළන්නීය.

‘දුවගේ පොත් පත් ඔක්කොම තෙමිලා. ගන්න දෙයක් නෑ. අපිට ගොඩක් දේවල් නැති වුණා.දැන් මඩුවක ඉන්නවා.‘ රාධිකාගේ පියා වීරසිංහ දයාරත්න කීවේය.  

‘අපේ ගෙයි පාදම විතරයි ඉතුරු වුණේ. වැසිකිලියේ පෝච්චිය විතරයි ඉතුරු වුණේ. මට මතක ඇති කාලයක මෙහෙම ඇවිත් නෑ. 2003දිත් ගංවතුර ආවලු. හැබැයි මෙච්චර දුරට දැම්මේ නෑ.‘ රාධිකාගේ සහෝදරයා මහේෂ් කීවේය.

ඇගේ නිවසට ඉදිරිපිටින් ඇත්තේ එම්.ඒ අජන්ත මහතාගේ නිවසයි. එම නිවස ඉදිරිපිට ද තෙත බරිත වු පොත් රැසක් වේලීම පිණිස ලෑල්ලක මේසයක වනා තිබිණි.

‘අපේ එක පුතෙක් තුන වසරේ. තව පුතෙක් හත වසරේ. පොඩි පුතාට තවම අවුරුදු එක හමාරයි.   ලොකු පුතාල දෙන්නාගෙම පොත් ඔක්කොම ගංවතුරට අහුවුණා.‘ අජන්ත මහතා කීවේය.

‘අම්මාගේ තුන්මාසේ දානේ තිබ්බේ ළඟදි. ඒකට ගෙනාපු බඩු ගොඩක් ගංවතුරට අහුවුණා. දානෙට හට් එකක් කුලියට ගෙනත් තිබ්බා. හට් එකත් නෑ. අපිට දැන් හට් එකටයි දානෙට ගෙනාපු ඉතුරු බඩු වලටත් ගෙවන්න වෙනවා.‘ යැයි අජන්තගේ බිරිය කීවාය.

නගරයේ සිට මදක් දුරින් පිහිටා ඇති නිසා වැඩි දෙනකුගේ අවධානය යොමු නොවුණත් මෙම ගම්මානයට ද ගංවතුරෙන් දැඩි හානි සිදුවී තිබේ. පාලම් සහ බෝක්කු රැසක් කැඩී ගොස් තිබුණු අතර මාර්ග ද තැනින් තැන ගිලා බැස තිබිණි.

ප්‍රදේශවාසීන්ගේ ඉල්ලීම හැකි ඉක්මණින් අවධානය යොමු කර තම ගම්මානය යළි යථා තත්ත්වයට පත් කර දෙන ලෙසයි.

((රාධිකාගේ නිවසේ ඉතිරිව තිබූ නිවසේ පාදම සහ වැසිකිළි පොච්චිය)

(අජන්ත මහතාගේ නිවස)

 

(අජන්තගේ ප්‍රත්‍රයා පොත් ගොඩ දෙස බලා සිටින අයුරු)

(රාධිකාගේ  පොත් ගොඩ)

 

(කැඩී ගිය මංමාවත් සහ පාලම්)



අදහස් (6)

තෙත් වූ පොත් මැද සුසුම් හෙළන රාධිකා

T M D THILAKARATNA Wednesday, 31 May 2017 08:46 AM

අපි කැමතියි මේ පොඩි ළමයාට උදව් කරන්න... කරුණාකර අපට විස්තර ලබා දෙන්න...

:       4       60

A.M.Shiyam deen Wednesday, 31 May 2017 09:03 AM

මට පුළුවන් මේ දරුවට පොත් ගන්න උදව් වෙන්න. දෙමාපියන්ගේ දුරකථන අංකයක් තියෙනවනම් දෙන්න කරුණාකරලා... ඔයාලට ගොඩාක් පින්...

:       0       68

නිලාන් බෝයගොඩ Wednesday, 31 May 2017 09:52 AM

මේ පින්තූර දැක්කාම අපිටත් ගොඩක් දුකයි. පුතේ ඔබලාගේ පොත් පත් වතුරට විනාශ වුනා. එත් ඔබලාගේ ශක්තිය ගංවතුරට අරන් යන්න බැරිවුණා. එ් නිසාම හොඳට මහන්සිවෙලා ඉගෙනගෙන තමාගේ අනාගතය ගොඩනඟාගෙන රටට වැඩදායි පුද්ගලයින් වන්න. ඒ වෙනතෙක් අපි ඔබලාට උදව් කරන්නම්.. කරුණාකර අප සමග සම්බන්ධ වෙන්න...

:       4       76

Kamal Wednesday, 31 May 2017 03:17 PM

කවුරු හරි ගෙදර කැඩුන එකට වඩා ළමයාගේ පොත් තෙමිච්ච එක ගැන දුක්වෙනවා නම් ඒක ගැන දෙපාරක් හිතන්න. ඔය ළමයා අට වසරේ නම් ඔය පොත්වලින් කඩඉම් විභාග වලට නම් කිසිම වැඩක් නෑ (මේක හැමෝටම වලංගු නැතත් බොහෝ දෙනෙක්ට වලංගු යයි සිතමි). අනික මට ඇහුන ආණ්ඩුව ළමයිගේ අඩුපාඩු ටික බලාගන්න කියල දිස්ත්‍රික්ක වශයෙන් බැංකු වලට බෙදනවා කියල. එහෙවු එකේ ඔය පොත්ටික මට නම් ලොකු ප්‍රශ්නයක් නෙමෙයි. හැබැයි ගෙදර හදාගන්න නම් පුළුවන් තරම් උදවු කරන්න ඕනේ. මොකද මිනිහෙක් අවුරුදු ගානක් දුක්විදල ගෙයක් හදන්නේ. හුඟක් වෙලාවට වෙන්නේ ගෙයි වැඩ ඉවරකරන්නේ ඊළඟ පරම්පරාව.

:       1       271

T.d.k.a.prasanna. Thursday, 01 June 2017 01:27 AM

මේ ගම්මානයේ ගං වතුර නිසා තමන්ගේ පාසල් ජීවිතය තාවකාලිකව නතර වෙච්ච පොඩි අය 44ක් ඉන්නවා. එයාලට පොත් බෑගයේ ඉදන් පාසල් උපකරණ ටික අරන්දෙන්න අපි කටයුතු කරනවා. තරිඳු ඔයාලට ගොඩක් ස්තුතියි.

:       0       1

janaka Monday, 05 June 2017 03:48 AM

පොත් අරන් දුන්නත් අතින් ලියපු ටික.. මෙ වගේ සිද්ධි කොච්චර වෙන්න ඇතිද..? අපට නොපෙනුනාට ගොඩක් පැති වල ළමයින්ගෙ පොත් විනාශ වෙලා.. මෙ වගෙ අයට උදව් කරන එක ලොකු පිනක්... සා.පෙළ/උසස් පෙළ වගේ ළඟ නිසා ෆොටෝකොපි වත් ගහලා ගුරුවරුන් එහෙම උදව් කරනවා නම් වටිනවා.

:       0       1

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

ආර්ථිකයේ අයි.එම්.එෆ්. සාධකය
2024 නොවැම්බර් මස 26 90 0

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් විසින් පසුගිය දා ශ්‍රී ලංකාව සමග දැනට ක්‍රියාත්මක වැඩසටහනට අදාළව තුන් වැනි සමාලෝචනය නොබෝදා සිදුකරන ලදී. මූල්‍ය


උතුර-දකුණ එකට එක්කළ ඡන්දයක්
2024 නොවැම්බර් මස 23 405 2

මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේ දී ඉතිහාසයේ පළමු වතාවට සිදුවීම් ගණනාවක් දැකගත හැකි විය. ඒවා ජාතික ජන බලවේගය පිහිටු වූ වාර්තා ලෙසද ඇතැමුන් හඳුන්වනු දුටුව


මාලිමාවේ ජයෙන් ඔබ්බට
2024 නොවැම්බර් මස 22 1031 2

මහ මැතිවරණය නිමා වී ඇත. නව පාර්ලිමේන්තුව ද පළමු වතාවට ඊයේ රැස්වූයේය. ජාතික ජන බලවේගයේ දේශපාලන වැඩසටහන විධායකය සහ ව්‍යවස්ථාදායකය යන ක්ෂේත්‍ර දෙකේම ශක්


එලොව පොල් පෙන්වන පොල් මිලේ රහස
2024 නොවැම්බර් මස 21 1521 0

බ්‍රිතාන්‍ය යටත්විජිත සමයේ සිට මෙරට භාණ්ඩ අපනයනය සිදු වුණි. එදා සිට අද දක්වාම මෙරට ප්‍රධාන අපනයනික බෝග ලෙස හඳුනාගන්නේ තේ, පොල්, රබර් ය. එහෙත් එම පිළිගැන


ජයග්‍රහණ ජනසතුවේ අභියෝග
2024 නොවැම්බර් මස 21 246 0

ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රමුඛ ජාතික ජන බලවේගය මෙවර මහ මැතිවරණයේ දී ජනතාවගෙන් ඉල්ලා සිටියේ ‘පොහොසත් රටක් ලස්සන ජීවිතයක්’ ජනතාවට උරුම කර දීම සඳ


පෙරදිග ධාන්‍යාගාරයේ සහල් අර්බුදය
2024 නොවැම්බර් මස 20 457 1

පෙරදිග ධාන්‍යාගාරය යන්න ඇසූ සැණින් කාගේත් මතකයට නැගෙන්නේ මහා පරාක්‍රමබාහු සමයේ අප රට හැදින් වූ නමයි. වචනයේ අර්ථය අනුව ගතහොත් පෙරදිග ලෝකයටම අවශ්‍ය තරම


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 549 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 751 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2099 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site