රට ලොක්ඩවුන් කරන්නැයි ඉල්ලා දේශපාලන පක්ෂ කිහිපයක් ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් ගෙවුණු 18 වැනිදා කළ ලිඛිත ඉල්ලීම බරපතල ආන්දෝලනයක් නිර්මාණය කිරීමට තුඩු දුන්නේය. ලිපියේ අන්තර්ගතය ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතිශයින් කෝපයට පත්කිරීමට සමත් විය.
ඔහුගේ පළමු ප්‍රතිචාරය වූයේ අමාත්‍ය විමල් වීරවංශ මහතාට ගත් දුරකතන ඇමතුමකි. ලිපියට අත්සන් තැබීම සම්බන්ධයෙන් අමාත්‍යවරයාට දැඩිව දොස් පැවරූ ඔහු ජනපතිවරයා ලෙස තමාට වුවමනා නම් ඔහුව කැබිනට් මණ්ඩලයෙන් ඉවත් කිරීමට පවා හැකියාව පවතින බවට අනතුරු ඇගවූයේය. මෙසේ ලිපියට අත්සන් තබා තිබීම කැබිනට් මණ්ඩලයේ සාමූහික වගකීම යන ප්‍රතිපත්තිය උල්ලංඝණය කරන්නක් යැයි පැවසූ ජනපතිවරයා, ලොක්ඩවුන් ක්‍රියාමාර්ගයක් පැනවීමට වුවමනා වූයේ නම් එම ගැටලුව කැබිනට් රැස්වීමේදීම මතු කරන්නට තිබුණා නොවේදැයි අමාත්‍යවරයාගෙන් විමසා සිටියේය.
තවද ගෙවුණු සතියේ කැබිනට් රැස්වීම පැවැත්වී තිබුණේ ද සඳුදා දිනයේ නොව අගහරුවාදා දින පස්වරු 6.00ට ය. ජනපතිවරයාගේ දෙවැනි සහ තුන්වැනි ඇමතුම් ලැබුණේ පිළිවෙලින්, අමාත්‍ය උදය ගම්මන්පිල සහ වාසුදේව නානායක්කාර යන මහත්වරුන්ටය.
ඔවුන්ටද, ඔහු ඇමතූයේ පෙර ආකාරයෙන්මය. මින් පසුව මෙවැනි ගැටලු කැබිනට් මණ්ඩලයේදීම සාකච්ඡා කළ යුතුව තිබෙන බවට ජනපතිවරයා ඔවුන්ට අවවාද කළේය. විශේෂයෙන්ම, ඔවුන් කැබිනට් අමාත්‍යවරුන් වන නිසා එසේ කළ යුතුව තිබෙන්නේ යැයි ඔහු අවධාරණය කර සිටියේය.
“මේ සිදුවීම සම්බන්ධයෙන් යම් අනවබෝධයක් ඇතිවෙලා තිබෙනවා” යයි අමාත්‍ය උදය ගම්මන්පිල සන්ඩේ ටයිම්ස් සමග පැවසුවේය. ඔහු වැඩිදුරටත් මෙසේ පැහැදිලි කළේ ය.
“අපි විපක්ෂයේ සිටිනකොට, සතියේ දේශපාලන ගැටලු සහ වෙනත් කාරණා සතිපතා පක්ෂ නායක රැස්වීමක් පවත්වන්නට අප පුරුදුවෙලා හිටියා. කෙසේවුවත්, පාලක සන්ධානය බලයට පැමිණියායින් පසුව එම පුරුද්ද නැති වුනා. ඒ නිසා පක්ෂ නායකයින් වන අපි කිහිපදෙනෙක් සෑම සතියකම අගහරුවාදා දිනයේ හමුවීමට තීරණය කළා. එහෙම රැස්වීම් පවත්වන්නට තීරණය වුනේ සතියෙන් සතියට එක් එක් පක්ෂ නායකයාගේ නිවසට රැස්වීම මාරු වන ආකාරයට. ඒ අනුව, මෙවර රැස්වීම පවත්වන්නට අවස්ථාව ලැබී තිබුණේ මට”
සිය රියදුරා කෝවිඩ්-19 ආසාදිතයෙක් යැයි හදුනාගැනීමෙන් පසුව දෙවැනි වතාවටත් සිය නිවසේ නිරෝධායනයට යොමුව සිටින අමාත්‍යවරයා වැඩිදුරටත් අදහස් දක්වමින් මෙසේ කීවේ ය.
“මම මගේ කාර්යාල කාමරයේ සිට සූම් තාක්ෂණය ඔස්සේ කැබිනට් රැස්වීමට සහභාගීව සිටියේ. අපි ඒ වන විට න්‍යාය පත්‍රයේ තිබුණු ප්‍රධාන කාරණා සාකච්ඡා කර අවසානයි. ඉතිරිව තිබුනේ වෙනත් කාරණා අංගය. මම එහි කොටසකට සවන්දීගෙන සිටිනකොට මට මතක් වුනා අනෙක් අය මම බලාපොරොත්තුවෙන් මගේ නිවසේ රැදී සිටිනවාය කියා. පැමිණ නොසිටියේ අමාත්‍ය විමල් වීරවංශ පමණයි. මොකද ඔහුත් සූම් තාක්ෂණය ඔස්සේ කැබිනට් රැස්වීමට සහභාගීවෙලායි සිටියේ”
“මාව තවදුරටත් තිරයේ දිස්නොවුණු නිසා ඔහුත් රැස්වීමෙන් ඉවත්ව මගේ නිවස බලා පැමිණ තිබෙනවා. ඔය ආකාරයෙන් තමයි අගහරුවාදා මගේ නිවසේ දී රැස්වීම පැවැත්වුණේ. ජනතාව ගැන සලකා ජනපතිවරයාට ලිපියක් යොමුකරන්නට අපි තීරණය කළේ එහිදී. එය 18 වැනිදා (බදාදා) ඔහු වෙත යොමු කෙරුණා. ඒ වගේම පසුව මාධ්‍ය වෙතත් යොමු කෙරුණා. මෙයින් ජනපතිවරයාට කිසිදු ආකාරයක අපහසුතාවයක් වනු ඇතැයි අපට මොනයම් හෝ ආකාරයක අදහසක් තිබුණේ නැහැ. ඒ සම්බන්ධයෙන් අපි සෑම දෙනාම අපගේ දැඩි කණගාටුව පළකර සිටියා, යයිද ගම්මන්පිල මහතා පැවසීය.
සන්ඩේ ටයිම්ස් හට දැනගැනීමට හැකිවූ ආකාරයට ජනපති ගෝඨාභය රාජපක්ෂ ඒ වන තෙක්ම ලොක්ඩවුන් ක්‍රියාමාර්ගයක් පැනවීමේ අදහසකින් සිට නැත. සම්පූර්ණයෙන්ම රටේ ආර්ථික කටයුතු සහ එය අදාළ හේතු මත පදනම්ව ජනපතිවරයා එම තීරණයට එළැඹ සිට ඇත්තේ රට ලොක්ඩවුන් කළහොත් ආර්ථික කටයුතුවලට දැඩි පහරක් එල්ලවනු ඇතැයි බියෙනි.
කොටින්ම, නුවර බලා පියාසර කර, අස්ගිරි සහ මල්වතු පාර්ශවයන්ගේ මහනායක හිමිවරුන් හමුවී රට ලොක්ඩවුන් කිරීමේ ක්‍රියාමාර්ගයක් (හෝ ඇදිරි නීතිය දීර්ඝ කිරීමක්) මෙවර අනුගමනය කිරීම තමාට දුෂ්කර ඇයිදැයි උන්වහන්සේලාට විස්තර කරදීමටත් ඔහු සැළසුම් කරගෙන සිට ඇත.
ඇදිරි නීතිය දීර්ඝ කිරීමට තීරණය කර ඇතැයි යන්න දෙපාර්ශවයකින් දැනුම්දෙනු ලැබිණ. ඉන් එක් පාර්ශවයක් වූයේ සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාය. ජනපතිවරයාගේ සම මාධ්‍ය ප්‍රකාශක කිංස්ලි රත්නායක මහතා අනෙක් පාර්ශවය විය. 27 උදැෑසන ජනපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැති රැස්වීමක දී ඇදිරි නීති තත්ත්වය දීර්ඝ කිරීමට තීරණය කෙරිණ යැයි ට්විටර් පණිවුඩයක් ඔහු නිකුත් කර තිබිණ.
ජනතාව අමතමින් කළ කතාවේ දීත් ජනපතිවරයා මෙසේ පැවසුවේ ය.
“සෞඛ්‍ය ක්ෂේත්‍රය මේ ගැටලුව දෙස එක් කෝණයකින් බැලුවත්, විදේශ ණය ගෙවන්නට, වැටුප් ගෙවන්නට, බාධාවකින් තොරව දීමනා ආදිය ලබාදෙන්නට නම්, රජයක් හැටියට අපට මේ කුඩා ආර්ථිකය කළමණාකරනය කරගන්නට වෙනවා”
ඒ කෙසේවුවත්, මාරාන්තික ඩෙල්ටා ප්‍රභේදය නිසා කෝවිඩ්-19 ආසාදිතයන් මෙන්ම මරණ ප්‍රමාණයත් දිනෙන් දිනම ඉහළ යමින් තිබෙන තත්ත්වයක එතෙක් පැවැති ලොක්ඩවුන් ක්‍රියාමාර්ගය තවදුරටත් දීරඝ කිරීමට ඔහුට අවසානයේ සිදුවිය.
ගතවූ දින කිහිපයේ වාර්තා වූ බරපතල ගැටලු අතරින් ප්‍රධානම වූයේ ජනතාව බහුල වශයෙන් භාවිතයට ගන්නා ආහාර ද්‍රව්‍යයන් දෙවර්ගයක් වන සීනි සහ පරිප්පුවල මිල ඉහළ යෑමය.
කිරිපිටි දැන් සොයාගන්නට නැත. පරිප්පු යනු රටේ සාමාන්‍ය ජනතාව එදිනෙදා සිය ආහාර වේලට එකතු කරගන්නා ආහාරයක් වන අතර එහි මිල කිලෝවක් රුපියල් 245 ක් දක්වා ඉහළ ගොස් ඇත. අනෙක් පසින් සීනි, කිලෝවක් රුපියල් 240 ක් දක්වා කිසිදා නොවූ විරූ ආකාරයෙන් ඉහළ ගොස් තිබේ.
නම සදහන් නොකිරීමේ පොරොන්දුව මත අදහස් දැක්වූ මෙරට සිටින සීනි ආනයන ක්ෂේත්‍රයේ ප්‍රමුඛයෙක්, මෙසේ මිල ඉහළ යාමට ප්‍රධානම හේතුව වී තිබෙන්නේ ඩොලරයට සාපේක්ෂව රුපියලේ පහත වැටීම යැයි පැවසුවේය. ඊට අමතරව ඔහු, සීනි ආනයනය තාවකාලිකව තහනම් කිරීමට රජය ගත් තීරණයත් මෙම තත්ත්වයට බලපා ඇතැයි පැහැදිලි කළේය.
සීනි ආනයනය කිරීම සදහා ණයවර ලිපි විවෘත කළ අවදියේ ඩොලරය පැවතියේ රුපියල් 182 ක මිලට වුවත් අද වන විට එය රුපියල් 225 ක් දක්වා ඉහළ ගොස් ඇතැයි, ඔහු කීවේය. පාරිභෝගික කටයුතු අධිකාරිය සිය විෂය යටතේ පැවතියත්, රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා සිටින්නේ කරකියාගන්නට දෙයක් නොමැතිවය. නීතිය නොතකා කටයුතු කරන වෙළදුන්ට දැඩි දඩුවම් පැනවීමේ අරමුණින්, පවත්නා නීතිවලට හඳුන්වාදුන් සංශෝධනවලට තවමත් පාර්ලිමේන්තු අනුමැතිය හිමිව නොමැත. කෙසේවුවත්, දැන් පාර්ලිමේන්තු රැස්වීම් පැවැත්වෙන්නේ මාස්පතා පමණකි.
මේ අතර, ලබන ඔක්තෝබරයේ ඉන්ධන හිගයකට ද, මුහුණදීමට සිදුවනු ඇතැයි බිය පළවෙමින් ඇත. මේ සම්බන්ධයෙන් ඉන්දියාව, චීනය සහ බටහිර ආසියාතික රටවලින් ඉල්ලීම් සිදුකර තිබෙන බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පැවසුවේය.
“අපි තවමත් සාකච්ඡා කරනවා” ඔහු කීවේය.
සෑම උදැෑසනකම බලශක්ති අමාත්‍යවරයාගේ ජංගම දුරකතනයට ලැබෙන කෙටි පණිවුඩයක් වේ. එය එවන්නේ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවයි. විවිධ ඉන්ධන වර්ගයන්වල පවත්නා තොග මට්ටම එහි සදහන් වේ. තිබෙන ඉන්ධන තොග සෑහෙන්නේ තවත් සති තුනකට අඩු කාලයකට පමණක් යැයි ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ආරංචි මාර්ගයක් පැවසුවේය. සලාක ක්‍රමයකට ඉන්ධන ලබාදීමේ අදහස දැඩි ලෙස ප්‍රතික්ෂේප කළ ඔහු,
“ඔක්තෝබර් මැදවෙන කොට තත්ත්වය ඉතා අසීරු වන්නට පෙර අප මොනවා හෝ කළ යුතුයි” යැයි පැවසුවේය. ආනයනයන් සම්බන්ධයෙන් සැළකීමේ දී රජය ප්‍රමුඛත්වය ලබා දී තිබෙන්නේ ඖෂධවලටය. ඉන්ධන තිබෙන්නේ දෙවැනි තැනය.
රටේ පාලනයට අදාළ කරුණු එසේ පවතින්නේ කෝවිඩ්-19 ආසාදිතයන් දෛනිකව 4000ක් සහ මරණ 200කට අධික ප්‍රමාණයක් වාර්තාවෙමින් තිබේ යැයි බිය පළව තිබෙන වාතාවරණයකය. රජයෙන් නිල වශයෙන් නිකුත් කරන සංඛ්‍යාලේඛනවල පදනම් සහගතභාවය වෛද්‍ය ක්ෂේත්‍රයේ සැළකිය යුතු කොටසකගේ ප්‍රශ්න කිරීම්වලට ලක්වෙමින් තිබෙන්නේ වුවත්, එසේ නිල වශයෙන් නිකුත් කැරෙන සංඛ්‍යාලේඛණවලට අනුව ගත්ත ද තත්ත්වය අතිශයින් බරපතලය.
දින කිහිපයක් පුරාම දෛනික මරණ සංඛ්‍යාව 190 ආසන්නයේ පැවතියත්, බ්‍රහස්පතින්දා වන විට එය 200 දක්වාම ඉහළ නැග තිබිණ. එපමණක් නොව, සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සේවයේ නියුතුව සිටින්නෝ, වඩවඩාත් වෛරසයේ ගොදුරු බවට පත්වෙමින් සිටින තත්ත්වයක් ද හදුනාගන්නට ඇත.
කොළඹ ජාතික රෝහලේ පමණක් වෛද්‍යවරුන් 400 දෙනෙක්, හෙදියන් සහ වෙනත් සෞඛ්‍ය සේවකයන් ආසාදිතයන් බවට පත්ව ඇත. දකුණු පළාතේ ප්‍රමුඛ පෙලේ රෝහලක් වන ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ ද, වෛද්‍යවරුන් 9 දෙනෙක් ඇතුලු කාර්යමණ්ඩලයේ 112 දෙනෙක් කෝවිඩ්-19 ආසාදිතයන් ලෙස හදුනාගෙන ඇත. රත්නපුර ශික්ෂණ රෝහලේ, වෛද්‍යවරුන් 7 දෙනෙක් හෙදියන් 20 දෙනෙක් ඇතුලුව කාර්යමණ්ඩලයේ සම්පූර්ණ 37 දෙනෙක්ට වෛරසය ආසාදනයව ඇත.
වෙනත් රෝහල්වල තත්ත්වය ද මීට සමාන හෝ බරපතල විය. නමුත් ගෙවුණු සතිය මැද දී එතෙක් වාර්තා කෙරුණු ආසාදිතයන් සංඛ්‍යාවේ වෙනසක් සිදු කැරුණු අතර පෙර අගයන් එම සංඛ්‍යාවලට එකතු කර නොතිබූ නිසා එම වෙනස සිදුකැරුණු බව සදහන් විය. එසේ කිරීමෙන්, දෛනිකව වාර්තාවන ආසාදිතයන්ගේ සංඛ්‍යාව 5000 ක් දක්වා ඉහළ යාමට ඉඩ ඇත. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ගෙවුණු සතියේ අනතුරු ඇගවීමක් කරමින්, මෙම තත්ත්වය දිගටම පැවතුනහොත් සැප්තැම්බර් මාසය වන විට රටේ කෝවිඩ් මරණ සංඛයාව 6000 සිට 10,000ක් දක්වා ඉහළ යනු ඇතැයි පැවසුවේය.
ද සන්ඩේ ටයිම්ස් ඇසුරිනි
පරිවර්තනය - කොවිද ගුණසේකර
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් විසින් පසුගිය දා ශ්‍රී ලංකාව සමග දැනට ක්‍රියාත්මක වැඩසටහනට අදාළව තුන් වැනි සමාලෝචනය නොබෝදා සිදුකරන ලදී. මූල්‍ය
මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේ දී ඉතිහාසයේ පළමු වතාවට සිදුවීම් ගණනාවක් දැකගත හැකි විය. ඒවා ජාතික ජන බලවේගය පිහිටු වූ වාර්තා ලෙසද ඇතැමුන් හඳුන්වනු දුටුව
මහ මැතිවරණය නිමා වී ඇත. නව පාර්ලිමේන්තුව ද පළමු වතාවට ඊයේ රැස්වූයේය. ජාතික ජන බලවේගයේ දේශපාලන වැඩසටහන විධායකය සහ ව්‍යවස්ථාදායකය යන ක්ෂේත්‍ර දෙකේම ශක්
බ්‍රිතාන්‍ය යටත්විජිත සමයේ සිට මෙරට භාණ්ඩ අපනයනය සිදු වුණි. එදා සිට අද දක්වාම මෙරට ප්‍රධාන අපනයනික බෝග ලෙස හඳුනාගන්නේ තේ, පොල්, රබර් ය. එහෙත් එම පිළිගැන
ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රමුඛ ජාතික ජන බලවේගය මෙවර මහ මැතිවරණයේ දී ජනතාවගෙන් ඉල්ලා සිටියේ ‘පොහොසත් රටක් ලස්සන ජීවිතයක්’ ජනතාවට උරුම කර දීම සඳ
පෙරදිග ධාන්‍යාගාරය යන්න ඇසූ සැණින් කාගේත් මතකයට නැගෙන්නේ මහා පරාක්‍රමබාහු සමයේ අප රට හැදින් වූ නමයි. වචනයේ අර්ථය අනුව ගතහොත් පෙරදිග ලෝකයටම අවශ්‍ය තරම
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
තත්ත්වය තවත් නරක අතට