අතිකාල දීමනා සම්බන්ධයෙන් ලංකාවේ ඇතැම් රාජ්‍ය දෙපාර්තමේන්තු සහ ආයතනවලට ඇත්තේ වාර්තාගත ඉතිහාසයකි. වර්තමානයේදී එහි වැඩි වෙනසක් නැත. එහෙත්, කනගාටුවට කරුණ වන්නේ, මේ වාර්තා බොහොමයක් හොඳට නොව නරකට සම්බන්ධ ඒවා වීමයි. තැපැල් දෙපාර්තමේන්තුව ද මේ කියන දෙපාර්තමේන්තු අතුරින් එකකි. විගණන කාර්යාලය පසුගිය දා නිකුත් කළ අලුත් වාර්තාව මේ බව සනාථ කර තිබේ.
ජාතික විගණන කාර්යාලය නිකුත් කළ මෙම වාර්තාවෙන් පෙන්වා දී තිබෙන්නේ තැපැල් මූලස්ථානයේ රියැදුරන් 81 දෙනකුට මාස 8ක කාලයකදී රුපියල් එක්කෝටි තිස්හය ලක්ෂයකට වැඩි අතිකාල දීමනා ගෙවා තිබෙන බවය. 2022 දෙසැම්බර් මාසයේ සිට 2023 ජුලි මාසය දක්වා එම අතිකාල ගෙවා ඇතැයි කියන මේ වාර්තාව තවදුරටත් හෙළි කර ඇත්තේ භාණ්ඩාගාරයේ කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුවේ අනුමැතිය ලබා ගැනීමකින් තොරව මේ ඇතැම් දීමනා ගෙවා ඇති බවයි.
මේ දීමනා ගෙවීම පසුපස බරපතළ මූල්‍ය අක්‍රමිකතාවක් තිබෙන බව හඳුනාගත හැක්කේ එම කිසිදු අතිකාල වවුචරයක රියැදුරු ධාවනය කළ වාහනවල අංක සටහන් කර නොමැති වීමෙනි. එසේ තොතුරු හැංගූ විට අදාළ ගෙවීම්වල නිවැරැදිභාවය විගණනය කිරීමට හැකියාවක් නැත. එය සංවිධානාත්මක ගසාකෑමක් බව හොඳින් ඔප්පු වෙයි. වාහන අංක සඳහන් නොමැති වවුචර්වලට අතිකාල ගෙවන්නැයි නියෝග කළ ආයතන ප්‍රධානීන් කවුදැයි වහාම සොයා බැලිය යුතු නොවේ ද? රියැදුරන් මෙසේ වංචනිකව ලබාගන්නා අතිකාල දීමනාවලින් කොටසක් ඒවා අනුමත කළ ප්‍රධානීන්ගේ සාක්කුවලට වැටෙන්න ඇති බව අනුමාන කළ හැකිය. ධාවනය කෙරුණු බවට සහතිකයක් නැති වාහනයක රියැදුරකුට අතිකාල ගෙවීම තැපෑලේ ඇතැම් අංශ බාර ප්‍රධානීන්ට ‘කල්ල මරේ’ වැඩක් වී ඇති බව ඒ අනුව සිතාගත හැක.
මෙවැනි ආකාරයේ විවිධ අක්‍රමිකතා හේතුවෙන් පාඩු ලබන්නේ එම රියැදුරන් හෝ ප්‍රධානීන් හෝ නොව තැපැල් දෙපාර්තමේන්තුවයි. තැපෑල පෞද්ගලීකරණය කළ යුතු බවට යෝජනා ඉදිරිපත් වන්නේ ද මේ පසුබිමේය. පාඩු ලබන රාජ්‍ය දෙපාර්තමේන්තුවක් වශයෙන් තැපෑල ද ඉදිරියෙන් සිටී. පසුගිය වසරේ නිකුත් කෙරුණු මහ බැංකු වාර්තාවේ දක්වා තිබුණේ තැපැල් දෙපාර්තමේන්තුව සිය මෙහෙයුම් කටයුතුවලදී රුපියල් කෝටි 700ක අලාභයක් වාර්තා කර ඇති බවය. ලංගම සහ දුම්රිය සේවා මගින් හිඟ තබා ඇති ගෙවීම් ද මීට හේතු වී ඇති බවත් එහි සඳහන් කර ඇතත්, එවැනි තත්වයක් යටතේ තැපැල් රියැදුරන්ට පමණක් රුපියල් කෝටියකටත් අධික අතිකාල දීමනා ගෙවීම් වැනි අක්‍රමිකතා ද එම අලාභය වඩාත් තීව්‍ර කර ඇති බවත් පෙන්වා දිය යුතුය.
තැපෑල ජනතාවට ලබා දෙන සේවය ඉතා ඉහළ බව සැකයකින් තොරව පැවැසිය හැකිය. එහෙත්, ඒ සමග බැඳී ඇති මූල්‍යමය අක්‍රමිකතා හේතුවෙන් ලබන පාඩුව එහි අගය සීමා කරන බවත් සඳහන් කරමු. එහි එක් අනිවාර්ය ප්‍රතිඵලයක් වූයේ, තැපැල් ගාස්තුව ද ඉහළ ප්‍රතිශතයකින් වැඩි කිරීමට රජය කටයුතු කිරීමයි.
2022 දී රුපියල් 15ක් වූ තැපැල් මුද්දරයක මිල රුපියල් 50 දක්වා වැඩි කරනු ලැබීය. එම මුදල රුපියල් 100 දක්වා වැඩි කිරීමට ද යෝජනාවක් විය. මේ සියලු මිල වැඩි කිරීම්වලදී හේතුව වශයෙන් පෙන්වා දෙන්නේ තැපෑල ලබන අධික පාඩුව තරමකින් හෝ අඩු කරගැනීම සඳහා මේ මිල වැඩි කිරීම් සිදු කරන බවය. එහෙත්, කෝටි ගණන්වලින් අතිකාල දීමනා ගෙවීම් වැනි අක්‍රමිකතා වළක්වාගත හැකි නම්, මේ ලබන පාඩුව තරමක් දුරකට හෝ අඩු කරගැනීමට හැකි වනු ඇත. ධාවනය කළ බවට අංකයක් පවා නැති වාහනවල රියැදුරන්ට ගෙවන අතිකාල දීමනාවල පාඩුව ද තැපැල් මුද්දරය මිලදී ගන්නා පොදු ජනතාවගේ කර පිට පැටවීම මහා අසාධාරණයක් බව පෙන්වා දිය යුතුය.
(***)
සිංහල නාට්‍ය කලාවේ අමරණීය යුගයක් නිර්මාණය කරමින් එහි සන්ධිස්ථානයක් ඇති කළ මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර මහතාගේ නාට්‍යාවලිය තුළ නිශ්ශංක දිද්දෙනිය න
මෙම වසරේ මැයි මස 6 වැනි දින පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණය ශ්‍රී ලංකාවේ මැතිවරණ ඉතිහාසයේ සුවිශේෂ මැතිවරණයක් ලෙස හැඳින්විය හැකිය.
ලොව පුරා වෙසෙන මුස්ලිම් ජනතාව මහත් හරසරින් සමරන රාමසාන් උත්සවය අදට (31) යෙදී ඇත. ඒ නිමිත්තෙන් මෙම ලිපිය පළ වේ.
අතීතයේ බුරුමය ලෙසින් හැඳින්වුණු මියන්මාරය, ථෙරවාදී බෞද්ධ රාජ්‍යයකි. 2021 වසරේ සිට මියන්මාරයේ යළිත් වරක් පවතින්නේ හමුදා ජුන්ටාවකි; එසේත් නැතිනම් හමුදා ප
කොළඹ විශ්වවිද්‍යාලයේ උප කුලපති ලෙස මාගේ ධූරකාලය අප රටේ විශ්වවිද්‍යාල පද්ධතියේ ඉතිහාසයෙහි වඩාත්ම දරුණු කාලපරිච්ඡේදය හා සමපාතව පැවතිණි. සියලු පද්ධත
ශ්‍රීධර වින්සන්ට් සුබසිංහයන්ගේ 119වැනි ජන්ම දිනය අදට (29) යෙදේ. මේ ලිපිය ඒ නිමිත්තෙනි.
මිනි සීරීස් කන්සෙප්ට් එකෙන් සීරීස් කිහිපයක්ම නිර්මාණය කරපු අධ්‍යක්ෂකවරයෙක් තමයි ජෝ දිසානායක. Hello Dada අධ්‍යකෂණය සිදු කරන්නේද ඔහු විසින්ම. බොහෝ ජනප්‍රිය
ප්‍රයිම් සමූහය ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ පෙරළියක් සිදුකරමින් නව ගෙවීම් ක්‍රමවේදයක් හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේ ය.
දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
තැපෑලේ අතිකාල මගඩි නතර කිරීමට ක්‍රමයක් නැද්ද?
nimal Wednesday, 10 July 2024 07:06 AM
තැපැල් දෙපාර්තමේන්තුවේ සිදුවන දුෂණය වළක්වා ගැනීමට පිළියම තැපැල් මුද්දරයක මිල දෙගුණ තෙගුණ කිරීම නොවේ. මෙම තීන්දු සහ තැපැල් මුද්දරයක මිල ආකාරයට වැඩිකිරීමෙන් සිදුවන්නේ සොරකම සහ දූෂණය ඒ ආකාරයෙන්ම සිදුවීම පමණි. තැපැල් මුද්දරයක මිල වැඩිකිරීම විසඳුම නොවේ. තැපැල් දෙපාර්තමේන්තුවේ දූෂණ වළක්වා ගැනීමට නම් මෙම ආයතනය පුද්ගලීකරණය කළයුතු වේ. එසේ නොවන්නට දශක ගණනාවක් මේ ආකාරයෙන් පාඩු ලබමින් පවත්වාගෙන යන්නා වූ ආයතන දියුණු කළ නොහැකියි. රියැදුරන් මෙසේ වංචනිකව මුදල් ලබාගැනීම නැවැත්වීමට නම් සියලු වාහන බාරව කටයුතු කරනා පුද්ගලයා සහ තැපැල් දෙපාර්තමේන්තුවේ ආරක්ෂක නිලධාරියකු විසින් 6 am වාහන අංකය හෝ ලියාපදිංචිය සහ වාහන සියල්ලේම odometer reading ලබාගත යුතුවේ. ඉන්පසු නැවත 6pm වලදී එම වාහන සියල්ලෙම odometer reading ගැනීමක් සිදුවිය යුතුයි. මෙවැනි කටයුතු සිදුවන්නේ ඉහළ නිලධාරීන්ගේද අනුදැනුම සහ සහයෝගය මතවේ...