මීරිගම - අඹේපුස්ස ප‍්‍රදේශයේ ගොංමන් කළුවර වැටීගෙන එන වෙලාවට තනියම ගමන් කරන කාන්තාවන්ගේ ඇඟට කඩා පැන බදා ගන්නා අද්භූත පුද්ගලයකු නිසා කිසිම කාන්තාවක් තනිපංගලමේ ගමනක් බිමනක් යාමට බිය වූහ.
අමුතුම තාලයේ පෙනුමක් ඇති බව පැවසුනු මේ අද්භූත පුද්ගලයාගේ සිරුරෙන් ඉවසිය නොහැකි ගඳක් වහනය වන බවත් එය සිරුරක් කුණුවීමෙන් ඇතිවන ගඳට සමාන බවත් පැවසිණි.
ප‍්‍රදේශයේ බොහෝදෙනෙක් මෙය අවතාරයක් භූතයකු මළ පෙරේත ආත්මයක් බවට විශ්වාස කළහ.
මම වැඩ ඇරිලා පාර දිගේ එද්දි එකපාරටම මිනිහෙක් මගේ ඇඟට පැනලා බදා ගත්තා. මං බයවෙලා කෑගැසුවා. ඒත් එක්කම මිනිහා කැලෑවට පැනලා ගියා. ඉවසන්න බැරි ගඳක් මිනිහා ළඟ තිබුණේ. හරියට මිනියක් නරක්වෙලා එන ගඳ වගේ කළුම කළු පාටයි.
මේ අද්භූත පුද්ගලයාගේ අතවරයට ලක්වී බියට පත්වූ තරුණියන් හා කාන්තාවන් පැවසුවේ බියෙන් ගැහෙමිනි.
මීරිගම පොලිසියට ද මේ අද්භූත පුද්ගලයා පිළිබඳව පැමිණිලි ගලා ගෙන එන්නට වූ අතර ගම්වාසීන් හා පොලිසිය එක්ව මොහු අල්ලා ගැනීමට නොගත් උත්සාහයක් නැත.
මාසයක පමණ කාලයක් තිස්සේ සිදුවන මේ අද්භූත පුද්ගලයාගේ ක‍්‍රියාකාරකම් නිසා අඹේපුස්ස ජනතාව සිටියේ බියට හා සංත‍්‍රාසයට පත්වය.
මේ අද්භූත පුද්ගලයා අඹේපුස්ස ජනතාව බියට පත්කළේ මීට වසර 14 කට තරම් එපිට කාලයකදීය. ඒ කියන්නේ 1990 වසරේදීය.
මීරිගම පොලිස් ස්ථානාධිපති ලෙස එවකට කටයුතු කළේ ප‍්‍රධාන පොලිස් පරීක්ෂක නෝර්ටන් ද සිල්වා මහතාය.
පොලිස් අධිකාරී නිලයට උසස්වීම් ලබා මේ වන විට නෝර්ටන් ද සිල්වා මහතා විශ‍්‍රාම සුවයෙන් පසුවේ.
අඹේපුස්ස ජනතාව බියට පත්කළ මේ අද්භූත පුද්ගලයා ගැන මට මුලින්ම කිව්වේ විශ‍්‍රාමික සහකාර පොලිස් අධිකාරී එන්. ඒ. ජයශාන්ත මහතාය.
මේ අද්භූත පුද්ගලයා ගැන පරීක්ෂණ කළේ පොලිස් අධිකාරි නෝර්ටන් සිල්වා මහත්තයා. එයාගෙන් වැඩි විස්තර දැනගන්න පුළුවනි යැයි විශ‍්‍රාමික සහකාර පොලිස් අධිකාරී ජයශාන්ත මහතා පැවසූ පසු මා කථා කළේ නෝර්ටන් සිල්වා මහතාටය.
විශ‍්‍රාමික පොලිස් අධිකාරීවරයා පැවසුවේ ඇසුවන්ගේ ඇස් උඩ යන ඇඟ කිළිපොලා යන කතාවකි.
ඒ කතාව මෙසේ පෙළ ගස්වන්නෙමු.
මීරිගම පොලිස් ස්ථානාධිපතිවරයා ලෙස මම කටයුතු කරමින් සිටිය කාලයේ ඒ කියන්නේ 1990 වසරේදී ඔය සිද්ධිය වුණේ. අඹේපුස්ස ප‍්‍රදේශයේ සවස් කාලයේ අද්භූත පුද්ගලයෙක් සැරිසරන බවත් ඔහු පාරේ තනියම යන කාන්තාවන් හා තරුණියන් ගේ ඇඟට පැන බදාගන්නා බවටත් පැමිණිලි රැුසක් ලැබී තිබුණා. මේ අද්භූත පුද්ගලයා නිසා ප‍්‍රදේශයේ ජනතාව හොඳටම බයවෙලා හිටියේ. සවස් වුණාට පස්සේ කිසිම කෙනෙක් තනියම පාරේ බැහැලා යන්නේ නැති තත්ත්වයක් උදාවෙලා තිබුණේ.
පොලිසිය ගමේ මිනිස්සු එක්ක එකතුවෙලා මේ අද්භූත පුද්ගලයා අල්ලා ගන්න හුඟක් මහන්සි වුණා. ඒත් මිනිහාව අල්ලාගන්න බැරිව ගියා. මාසයක් විතර මේ භූත කරදරේ තිබුණා. දවසක් ?ක මට පණිවිඩයක් ලැබුණ ගමේ මිනිස්සු එකතුවෙලා භූතයා අල්ලාගෙන කියා. මම උපපොලිස් පරීක්ෂක එච්.පී.එච්. විජේසිංහ එක්ක ටීම් එකක් ඉක්මනට අඹේපුස්සට පිටත්කර හැරියා. ගම්මුන් අල්ලාගෙන හිටපු භූතයා පොලිසියට අරන් ආවා. මිනිහාගේ ඇෙඟ් පුදුම ගඳක් තිබුණේ. මුළු පොලිසියම ගඳ ගහන්න පටන්ගත්තා. ඇඳගෙන හිටපු ඇඳුම් කියන්න බැරිතරම් දුර්වර්ණ වෙලා. මාස ගණනාවකින් නෙමේ අවුරුදු ගණනාවකින් නෑව පාටක් පේන්න තිබුණේ නැහැ.
කන් දෙකේ පොරොප්ප දෙකක් ගහගෙන හිටියා. කන් දෙකෙන් සැරව ගලනවා. ඇඟිලිවල නියපොතු අඟල් දෙකකට වඩා දිගයි. කොණ්ඩය හොඳට වැවී එකට ගැට ගැසී තිබුණා. අපි කථා කළත් මිනිහා වචනයක්වත් කතා කළේ නැහැ. ඇහුණේ නෑ වගේ හිිටියා. මේ මිනිහා ළඟ තිබුණ ඉවසිය නොහැකි ගඳ නිසා පොලිසියේ සේරම දෙනා හිටියේ නාස අතින් වහගෙන. මළ සිරුරක් නරක්වුණාම එන ගඳට සමාන ගඳක් තමා මේ මනුස්සයාගේ ඇෙඟන් වහනය වුණේ.
අත්අඩංගුවට ගත් මේ මනුස්සයාව පහුවදා අපි ගම්පහ අධිකරණයට ඉදිරිපත් කළා. අධිකරණ නියෝගය අනුව ඔහු රිමාන්ඞ් බාරයට පත්කළා. මහර බන්ධනාගාරයට තමා මිනිහාව යැව්වේ යැයි විශ‍්‍රාමික පොලිස් අධිකාරීවරයා පැවසීය.
මේ සම්බන්ධයෙන් පැවති නඩුවට පෙනී සිටීම සඳහා නෝර්ටන් ද සිල්වා මහතා පසු කාලයක අධිකරණයට ගොස් ඇත.
කාන්තාවන්ගේ හා තරුණියන්ගේ ඇඟට කඩා පැන සිපගන්නා මේ පුද්ගලයාගේ ඇස් දෙකම වෙළුම් පටි වලින් වෙලා ඇති බව නෝර්ටන් සිල්වා මහතා දැක පසුව ඒ ගැන බන්ධනාගාර නිලධාරීන් ගෙන් විමසා ඇත.
නෝර්ටන් සිල්වා මහතා සමග බන්ධනාගාර නිලධාරීන් පැවසූ ඒ කතාව කිසිම කෙනෙක් එක්වරම විශ්වාස නොකරනවා නිසැකය.
ඇත්තෙන්ම කියනවා නම් බන්ධනාගාර නිලධාරීන් එදා පැවසූ කතාව මටත් එක්වරම අදහාගන්න බැරිව ගියා යැයි කියමින් විශ‍්‍රාමික පොලිස් අධිකාරීවරයා ලොමු ඩැහැගන්වන සුළු ඒ කතාව කීමට මුල පිරුවේය.
හිරකාරයෝ කෑගසා තිබෙනවා. මෙන්න මේ මිනිහාගේ ඇහැක් ගැලවිලා එල්ලා වැටෙනවා. අනිත් ඇහැ පේන්න නැහැ කියා. ඇස් දෙකෙන්ම ලේ ගලාගෙන යනවා කියා. බන්ධනාගාර නිලධාරීන් දුවගෙන ඇවිත් බලද්දි කතාව ඇත්ත. ඊට පස්සේ බිම වැටිලා තිබුණ ඇහැ හොයාගෙන තිබෙනවා. බන්ධනාගාරයේ වෛද්‍යවරුන් මූලික ප‍්‍රතිකාර ලබාදී මේ මනුස්සයාව කොළඹ ඇස් රෝහලට ඉක්මනටම අරගෙන ගිහින් තිබෙනවා. ඇස් රෝහලේ කාලයක් නවත්වාගෙන ප‍්‍රතිකාර කර තිබෙනවා.
නෝර්ටන් සිල්වා මහතා සමග බන්ධනාගාර නිලධාරීන් පැවසූ ඒ කතාව කිසිම කෙනෙක් එක්වරම විශ්වාස නොකරනු ඇතිවාට නිසැකය.
බන්ධනාගාර නිලධාරීන් පැවසූ කථාව විශ‍්‍රාමික පොලිස් අධිකාරීවරයා ගෙනහැර දැක් වූයේ.
මේ මනුස්සයා එයාගේ ඇඟිලි ඇස් දෙකම ඇතුළට දමාගෙන ඇස් දෙකම ගලවාගෙන තිබෙනවා. මේ මනුස්සයාගේ තියුණු නියපොතු තිබූ නිසා මේ වැඬේ පහසුවෙන් කර ගැනීමට හැකිවී තිබෙනවා. මොහුගේ නියපොතු අස්සේ සියුම් මස් වැදලි තිබී ඔහු පරීක්ෂාකර බැලූ අධිකරණ වෛද්‍ය විශේෂඥයා සොයාගෙන තිබෙනවා.
අපි මේ පුද්ගලයා අත්අඩංගුවට ගත් පසු ඔහුගේ වගතුග සොයා බැලූවත් ඔහුගේ මවුපියන් ඥාතීන් තියා පදිංචිව සිටින ගම් පළාතවත් සොයාගන්න බැරිව ගියා. නමුත් මේ සිද්ධිය වෙලා ටික දවසකට පස්සේ පියා ඔහු බැලීමට රෝහලට පැමිණ තිබෙනවා. ඔහුගේ පියා කළුතර පැත්තේ පදිංචි අයෙක්.
මොහුගේ තාත්තා පොලිසියටයි බන්ධනාගාර නිලධාරීන්ටයි චෝදනා කළා. පහරදීලා පුතාගේ ඇස් ගලවා දමා ඇති බවට. ඔහු මේ සම්බන්ධයෙන් මානව හිමිකම් කොමිසමට පවා පැමිණිලි කළා. මෙය අප කිසිසේත් නොකළ දෙයක්. මේ පුද්ගලයාගේ තාත්තා මූලික අයිතිවාසිකම් නඩුවක් අපට විරුද්ධව ශ්‍රේෂ්ඨාධිකරණයේ ගොනු කළා.
මේ මනුස්සයා විසින්ම ඇස් දෙක ගලවාගෙන ඇති බව තමා බන්ධනාගාර නිලධාරීන් මාත් එක්ක කිව්වේ.
අපි මේ පුද්ගලයා අත්අඩංගුවට ගත් පසු ඔහුගේ වගතුග සොයා බැලූවා. නමුත් ඔහු ගැන ඔහුගේ මව්පියන් හෝ ඥාතීන් ගැන කිසිම තොරතුරක් සොයා ගන්න බැරිව ගියා. නමුත් මොහු ඇස් දෙක ගලවාගත්තාට පස්සේ පියාට ආරංචි වෙලා රෝහලට ඇවිත් තිබෙනවා. මොහුගේ පියා කළුතර පැත්තේ පදිංචි අයෙක්. පුතාට පහරදීලා ඇස් ගලවා ඇති බව පවසමින් ඔහුගේ පියා මානව හිමිකම් කොමිසමටත් පැමිණිලි කරලා ශ්‍රේෂ්ඨාධිකරණයේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කරලා. මූලික අයිතිවාසිකම් පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස මාවත් බන්ධනාගාර කොමසාරිස්වරයා සහ ජේලර්වරුන් දෙදෙනෙක් නම්කර තිබුණා. නීතිපතිත් වගඋත්තරකරු කර තිබුණා.
රිමාන්ඞ් සැකකරු විසින්ම ඔහුගේ ඇස් දෙක ගලවාගෙන ඇති බව කිව්වාම ඒ බව ඔහුගේ පියා පිළිගැනීමට කිසිසේත්ම සූදානම් වුණේ නැහැ. ඔහු මුල ඉඳන්ම කිව්වේ පහරදීලා පුතාගේ ඇස් දෙක පොලිසිය හා බන්ධනාගාර නිලධාරීන් විසින් ගලවා දමා ඇති බවයි. කරන්න වෙන කිසිම දෙයක් ඉතිරි වෙලා තිබුණේ නැහැ. නීතිය ඉදිරියේ දී නිර්දෝශී භාවය ඔප්පු කරලා පෙන්වන එක විතරයි ඉතිරිවෙලා තිබුණේ. ඒ කාලේ මේ නඩුව මේ රටේ මහත් ආන්දෝලනයකට තුඩුදුන් එකක් යැයි විශ‍්‍රාමික පොලිස් අධිකාරීවරයා පවසයි.
කෲර වධහිංසාවට පත්කිරීමේ චෝදනාව යටතේ මේ නඩුව විභාග කර ඇත්තේ ශ්‍රේෂ්ඨාධිකරණයේ එවකට විනිසුරුවරයෙක් වශයෙන් සිටි තිස්ස බණ්ඩාරනායක මහතාගේ සභාපතිත්වයෙන් යුත් ත‍්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් විසිනි.
මේ නඩුවට මම තනියම මා වෙනුවෙන්ම පෙනී සිටියා. කෲර වධ හිංසා පනත යටතේ මේ නඩුව ගොනුකර තිබූ නිසා පොලිස් දෙපාර්තමේන්තුවෙන් මේ නඩුවට නීතිඥයකු විසින් මුදල් දිය නොහැකි බව මට දැනුම් දුන්නා. අන්න ඒ නිසා මම මා වෙනුවෙන්ම පෙනී සිටීමට තීරණය කළේ. ගරු විනිසුරුතුමන්ලා මගෙන් ඇසුවා කවුරුත් නීතිඥයින් ඔබ වෙනුවෙන් පෙනී සිටින්නේ නැත්ද කියා. මම දරු තුන්දෙනෙකුගේ පියෙක් මට නීතිඥ මහත්වරුන් අල්ලන්න සල්ලි නැහැ කියා මට තනියම පෙනී සිටින්න අවසර දෙන්න කියා ගරු අධිකරණයෙන් ඉල්ලා සිටියා. ඊට පස්සේ ශ්‍රේෂ්ඨාධිකරණ විනිිසුරු මඩුල්ල මගෙන් කරුණු විමසුවා. පසුව නඩු දිනයක නීතිපති මා වෙනුවෙන් පෙනී සිටියා.
මෙම නඩුවේ වගඋත්තරකරුවන් වූයේ මීරිගම පොලිස් ස්ථානාධිපති, මහර බන්ධනාගාර කොමසාරිස් එල්. කරුණානායක, ප‍්‍රධාන ජේලර් ගුණරත්න, ජ්‍යෙෂ්ඨ ජේලර් අබේගුණවර්ධන සහ නීතිපතිවරයාත්ය.
ගරු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල මේ නඩුව අහලා අපි සියලූදෙනාම නිදොස් කර නිදහස් කළා යැයි විශ‍්‍රාමික පොලිස් අධිකාරී නෝර්ටන් ද සිල්වා මහතා පැවසීය.
උතුරු කොළඹ (රාගම) ශික්ෂණ රෝහලේ විශේෂඥ අක්ෂි වෛද්‍ය දයා ඞී. සිල්වා සහ කොළඹ ඇස් රෝහලේ අධ්‍යක්ෂ විශේෂඥ අක්ෂි වෛද්‍ය උපාලි මෙන්ඩිස් යන මහත්වරුන් ඇස් ගලවාගත් රිමාන්ඞ් සැකකරුට ප‍්‍රතිකාර කළ විශේෂඥ වෛද්‍යවරු වූහ.
ඇස් දෙක තමා විසින්ම ගලවාගත් රිමාන්ඞ් සැකකරු පරීක්ෂා කර බලා මානසික රෝග වාර්තාවක් ඉදිරිපත් කර තිබුණේ උතුරු කොළඹ (රාගම) වෛද්‍ය පීඨයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය විශේෂඥ මනෝ වෛද්‍ය ඞී. එච්. එස්. පී. කේ. බණ්ඩාර මහතා විසිනි.
”CATATONIC SCHIZOPHRENIA” නමැති මානසික රෝගයෙන් පෙළෙන පුද්ගලයන් තමාගේ සිරුරේ අවයවවලට තමාම හානි කරගන්නා බවත් මෙයත් එවැන්නක් බවත් සඳහන් කරමින් වෛද්‍ය වාර්තාව ඉදිරිපත් කර තිබිණි යැයි පැවසුවේ ද විශ‍්‍රාමික පොලිස් අධිකාරීවරයාය.
මේ පුද්ගලයා අධිකරණ වෛද්‍ය පරීක්ෂණයකට ලක්කර තිබුණේ එවකට උතුරු කොළඹ (රාගම) ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයාව සිටි දැන් මාලබේ වෛද්‍ය පීඨයේ වෝහාරික වෛද්‍ය දෙපාර්තමේන්තුවේ අංශ ප‍්‍රධානී මහාචාර්ය, ආනන්ද සමරසේකර මහතා විසිනි.
අධිකරණ වෛද්‍ය විශේෂඥ මහාචාර්ය ආනන්ද සමරසේකර මහතා පැවසුවේ මෙවැනි කතාවකි.
බන්ධනාගාර නිලධාරීන් විසින් රෝහල්ගත කර සිටි මේ කියන පුද්ගලයා වෛද්‍ය පරීක්ෂණයකට ලක් කළේ මමයි. මොහුගේ එක් ඇසක් තිබුණේ නැහැ. අනෙක් ඇස එල්ලෙමින් තිබූ නිසා ශල්‍ය කර්මයකට ලක්කර ඉවත් කර තිබුණා.
බන්ධනාගාර නිලධාරීන් මොහු කෲර ලෙස වධහිංසාවලට ලක්කර ඇස් ගලවා දමා ඇති බවට චෝදනාවක් එල්ලවී තිබුණා. මෙය කුමන ආකාරයකින් කෙසේ සිදුවූයේ ද යන්න වෛද්‍ය විද්‍යාත්මකව හෙළිකර ගැනීමට මා පරීක්ෂණ ආරම්භ කළා. මෙය මොහු විසින්ම සිදුකරගෙන ඇති බව එම පරීක්ෂණයේ දී කරුණු කාරණා හා සාධක සහිතව හෙළිකර ගත්තා. මේ පුද්ගලයා ඔහුගේ තියුණු නියපොතු හා යකඩ කූරක් ආධාරයෙන් ඔහුගේ ඇස් ගලවාගෙන ඇති බව අනාවරණය වුණා. තමාගේම සිරුරේ අවයවවලට තමන්ම හානිකර ගැනීම විකෘත්ති කර ගැනීම ීෑඛත්‍ඵඋඔෂඛ්ෂධභ ලෙස හඳුන්වනු ලබනවා මෙය මානසික රෝගී තත්ත්වයක්.
බන්ධනාගාර ගතව සිටි රැුඳවියෙක් තමාගේම ඇස්දෙක ගලවා ගත් පළමු අවස්ථාව මෙය ලෙස සැලකෙනවා. බන්ධනාගාර රැඳවියෙක් මෙවැන්නක් කරගත්තා යැයි කියා මෙතෙක් වාර්තා වී නැහැ යැයිද අධිකරණ වෛද්‍ය විශේෂඥ මහාචාර්ය ආනන්ද සමරසේකර මහතා පවසයි.
මොහු මෙය කරගෙන තිබෙන්නේ රාත‍්‍රී කාලයේදීයි. පළමු ඇස ගලවා දමා දෙවැනි ඇස ගලවා ගනිමින් සිිටිය දී බන්ධනාගාර නිලධාරීන් ඒ බව දැක වළක්වාගෙන රෝහල් ගතකර තිබෙන්නේ යැයි මහාචාර්යවරයා කීය.
කෲර ලෙස වධහිංසා කිරීම යටතේ බන්ධනාගාර නිලධාරීන්ට මූලික අයිතිවාසිකම් නඩුවක් ඔහුගේ පියා විසින් පවරා තිබුණා. නමුත් රැුඳවියා තමා විසින්ම මෙය කරගත් බවට විද්‍යාත්මක පරීක්ෂණ වලින් තහවුරු වූ නිසා බන්ධනාගාර නිලධාරීන් පසුව ඒ නඩුවෙන් නිදහස් වුණා යැයිද මහාචාර්ය ආනන්ද සමරසේකර මහතා පවසයි.
තමන් විසින්ම ඇස් දෙක ගලවාගත් මේ රැුඳවියා පසුව මානසික රෝග විශේෂඥවරයකුට යොමුකර ප‍්‍රතිකාර ලබාදී ඇත.
මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේ දී ඉතිහාසයේ පළමු වතාවට සිදුවීම් ගණනාවක් දැකගත හැකි විය. ඒවා ජාතික ජන බලවේගය පිහිටු වූ වාර්තා ලෙසද ඇතැමුන් හඳුන්වනු දුටුව
මහ මැතිවරණය නිමා වී ඇත. නව පාර්ලිමේන්තුව ද පළමු වතාවට ඊයේ රැස්වූයේය. ජාතික ජන බලවේගයේ දේශපාලන වැඩසටහන විධායකය සහ ව්‍යවස්ථාදායකය යන ක්ෂේත්‍ර දෙකේම ශක්
බ්‍රිතාන්‍ය යටත්විජිත සමයේ සිට මෙරට භාණ්ඩ අපනයනය සිදු වුණි. එදා සිට අද දක්වාම මෙරට ප්‍රධාන අපනයනික බෝග ලෙස හඳුනාගන්නේ තේ, පොල්, රබර් ය. එහෙත් එම පිළිගැන
ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රමුඛ ජාතික ජන බලවේගය මෙවර මහ මැතිවරණයේ දී ජනතාවගෙන් ඉල්ලා සිටියේ ‘පොහොසත් රටක් ලස්සන ජීවිතයක්’ ජනතාවට උරුම කර දීම සඳ
පෙරදිග ධාන්‍යාගාරය යන්න ඇසූ සැණින් කාගේත් මතකයට නැගෙන්නේ මහා පරාක්‍රමබාහු සමයේ අප රට හැදින් වූ නමයි. වචනයේ අර්ථය අනුව ගතහොත් පෙරදිග ලෝකයටම අවශ්‍ය තරම
ජාතික ජන බලවේගයට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක් ඉක්මවා යන ආසන 159ක අද්විතීය ජයග්‍රහණයක් ලබා දෙමින් 2024 පාර්ලිමේන්තු මැතිවරණය නිමාවට පත්විය. එහිදී සමඟි ජන බ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
තමාගේ ඇස් ගලවාගත් බන්ධනාගාර රැඳවියා
නලීන් Friday, 03 October 2014 04:17 AM
මේ භවය හරි දුකයි මිතුරනේ...! (නි)
මහනාම Thursday, 09 October 2014 04:31 AM
මෙවන් මිනිසුන් ගැන පුදුම හිතෙනවා (නදී)
අජිත් Thursday, 02 October 2014 01:47 PM
ඇත්තටම මට නම් මේ ගැන කියන්න දෙයක් නැහැ (නි)