IMG-LOGO

2024 ඔක්තෝබර් මස 04 වන සිකුරාදා


තමන් ගැන අධිතක්සේරුව සහ හමුදාව ගැන අවතක්සේරුව ප්‍රභාකරන් කළ ලොකුම වැරැද්දයි

10_MA_P_14

 

 

යාපනයේ පුරපති ඇල්ෆ්‍රඞ් දොරයප්පා ඝාතනය කළේ 1975 වසරේ ජුලි මස 25 වැනිදාය. එය ප්‍රභාකරන් නැමති ජන ඝාතකයාගේ  ඊලාම් සිහිනයේ ආරම්භය වූයේය. ඉන් පසුව ඔහු හා ඔහුගේ ත්‍රස්ත කණ්ඩායම දශක තුනකට ආසන්න කාලයක් ජීවිත දහස් ගණනක් උදුරා ගනිමින් ත්‍රස්තවාදය ව්‍යාප්ත කළහ. මිනිස් බෝම්බ භාවිත කළ කුරිරුම ත්‍රස්තවාදය එය වු අතර ඉන් ජාති ආගම් බේදයකින් තොරව මිනිස් ජීවිත ගණනාවක් අහිමිවිය. එවන් වූ ත්‍රස්තවාදයේ අවසානය සලකුණු වූයේ 2009 වසරේ මැයි 19 වැනි අඟහරුවාදාය. ඒ නන්දිකඩාල් කළපුවෙනි.


එදා 53 වැනි සේනාංකය කළපුව අල්ලා ගත්තේය. එහි ප්‍රභාකරන්ගේ මළ සිරුර විය. දේශයේ මුරදේවතාවෝ මිනිස් ජීවිත දහස් ගණනක් උදුරාගත් ත්‍රස්තවාදීයාගේ නිසල දේහය රැගෙන ආවෝය. යුදබිම දුරු වූ රටක නිදහසේ අරුණලු නැඟුණේය. නිදහස් ගී ඇසුණේය. එවන් වූ මෙහෙයුමකට 53 වැනි සේනාංකය හරහා නායකත්වය සැපයුවේ මේජර් ජනරාල් කමල් ගුණරත්නය.


ඔහු පසුගියදා විශ්‍රාම ගියේය. එහෙත් දේශය එක්සේසත් කිරීමේ මානුෂික මෙහෙයුම වෙනුවෙන් ඔහු කළ කැපකිරීම කිසිදා අමතක කළ නොහැකිය. ඒ නිසාම පෞද්ගලික ජීවිතය පසෙකලා පොදු යහපත උදෙසා නායකත්වය දුන් ඒ අසහාය රණවිරුවගේ ජීවන අත්දැකීම් මෙසේ සටහන් කරමු.


ප්‍රශ්නය:- ඔබ ගැන හඳුන්වා දුන්නොත්...
පිළිතරු:-
මම ඉපදුණේ කොළඹ පන්නිපිටියේ කොට්ටාවේ. පන්නිපිටිය ධර්මපාල විද්‍යාලයෙන් පහවසර දක්වා අධ්‍යාපනය ලැබුවා. හයේ පන්තියේ සිට අධ්‍යාපනය ලැබුවේ කොළඹ ආනන්ද විද්‍යාලයෙන්. එහිදී මම ජනාධිපති පදක්කම් ලාභී බාලදක්ෂයෙක් බවට පත්වුණා. ඒ වගේම ජ්‍යෙෂ්ඨ ශිෂ්‍යනායකයකු වුණා. ඒ වගේම පාපන්දු කණ්ඩායමේ සාමාජිකයකු වුණා. අධ්‍යාපන සහතික පත්‍ර උසස් පෙළ විභාගය සමත් වුවාට පසුව කැඩට් නිලධාරියකු විදියට යුද හමුදාවට බැඳුණා.

 


ප්‍රශ්නය:- ආරක්ෂක අංශය වෘත්තීය වශයෙන් තෝරාගත්තේ ඇයි?
පිළිතුර:-
මට ආරක්ෂක අංශයට බැඳීමේ ආශාව ඇතිවුණේ හතර වැනි පන්තියේ අධ්‍යාපනය හදාරද්දියි. ආනන්දයට ගියාට පස්සේ ඒ ආශාව වැඩි වුණා. හේතුව ආනන්දයේ ආදි ශිෂ්‍යයන් රාශියක් ආරක්ෂක අංශයට බැඳිලා හිටියා. ඒ අය පාසලට නිල ඇඳුමින් පැමිණෙනවා. එය දකික්දී මගෙ ආශාව තව තවත් වැඩි වුණා. ඒ වගේම අපේ ප්‍රින්සිපල් හිටියේ කර්නල් ඩී.ඩබ්ලිව්. රාජපක්ෂ. එතුමත් හමුදා නිලධාරියෙක්. හමුදාවට බැඳීමට දිරිමත් වීමට එතුමා එක් හේතු සාධකයක් වුණා. ඒ නිසා ආනන්දයේ ආදි ශිෂ්‍යයෝ විශාල ගණනක් හමුදාවට බැඳී අවසන් යුද්ධය දක්වාම නායකත්වය දුන්නා. ගෝඨාභය රාජපක්ෂ, ෆීල්ඞ් මාෂල් සරත් ෆොන්සේකා, ඇඩිමිරල් වසන්ත කරන්නාගොඩ, ඇඞ්මිරල් සරත් වීරසේකර, මේජර් ජෙනරාල් ජගත් ඩයස්, මේජර් ජනරාල් ප්‍රසන්න සිල්වා, මේජර් ජනරාල් කමල්රත්න මේජර් ජනරල් ගාල්ලගේ යන සියලු දෙනාම ආනන්දයේ ආදි ශිෂ්‍යයෝ වගේම කර්නල් ඩී.ඩබ්ලිව්. රාජපක්ෂ ප්‍රින්සිපල් සර්ගේ ශිෂ්‍යයෝ.

 

h

 


ප්‍රශ්නය:- ඔබ ආරක්ෂක සේවයට බැඳුණේ කුමන කාලසීමාවකද?
පිළිතුර:-
1980 දී මම උසස් පෙළ සමත් වුණා. ඒත් එක්කම මම රැකියාවට අයදුම්පත්‍ර දැම්මා. සම්මුඛ සාකච්ඡා මාලාවට වසරක කාලයක් ගතවුණා. 1981 වසරේ අගෝස්තු මාසේ 31 වැනිදා යුද හමුදා නිලධාරියෙක් විදියට රැකියාවට බැඳුණා.

 


ප්‍රශ්නය:- 1983 කළුජුලිය වන විට ඔබ නවකයෙක්. කොහොමද එදා සිදුවීම දකින්නේ.
පිළිතුර:-
1983 කළු ජූලියට පාදක වුණේ ලුතිනන් වාස් ගුණවර්ධන සහ ඒ සෙබළුන් 12 දෙනා ඝාතනය කළ සිද්ධියයි. වාස් ගුණවර්ධනයි මමයි ආනන්දෙ එක පන්තියේ එකම බංකුවේ එකට ඉගෙන ගත්ත යාළුවෝ. මම පාස් අවුට්වෙලා ගිය ගමන් වගේ එය සිදුවුණේ. අලුත් අත්දැකීමක්. එය ලංකාවේ සිදුවුණ අප්‍රසන්නම සිද්ධිමාලාවෙන් එකක්. ලංකාවේ නමේ මඩ ගෑවිච්චි අවස්ථාවක්. ඒ වෙලාවේ ඒ සිදුවීමෙන් අපි පාඩම් ඉගෙන ගත්තේ නෑ කියලා හිතෙනවා. ඒත් පසු කාලයේ ඒකේ ප්‍රතිවිපාක දිහා බලලා අපි පාඩම් ගොඩක් ඉගෙන ගත්තා කිව්වොත් එය වඩා නිවැරදියි.

 


ප්‍රශ්නය:- දශක තුනකට වඩා වැඩි කාලයක් යුද්ධය පැවතුණා. එය ආරම්භක අවස්ථාවේ සිට අවසානය දක්වාම ඔබ සිටියා. ඒ කාලය තුළ ලද අද්දැකීම්වලට අනුව ප්‍රභාකරන් කියන පුද්ගලයා හඳුන්වා දෙන්නේ කොහොමද?
පිළිතුර:
- ප්‍රභාකරන්ව හඳුන්වන්න ක්‍රම කීපයක් තියෙනවා.
දෙමාපියන් දස දහස් ගණනකට දරුවන් අහිමි කළ, භාර්යාවන් දහස් ගණනකට තම ස්වාමි පුරුෂයන් අහිමි කළ, ශ්‍රී ලංකා ඉතිහාසයේ සිටි කෲරතම මිනිසා ලෙස ඔහුව හඳුන්වා දෙන්න පුළුවන්. එය තමයි ඔහුව හඳුන්වාදීමට ඇති හොඳම හැඳින්වීම.


මීට අමතරව තවත් පරාසයන් කීපයක් යටතේ ඔහුව හඳුන්වා දෙන්න පුළුවන්. නායකයෙක් විදියට ඔහු ඉතාමත් දක්ෂ නායකයෙක්. අද ලෝකයේ බොහෝ ත්‍රස්තවාදී සංවිධාන මිනිස් බෝම්බ පාවිච්චි කරනවා. ඒත් එය ලොවට හඳුන්වා දුන්නේ ප්‍රභාකරන්.


අද අයි.එස්.අයි.එස්. ත්‍රස්තවාදීන් අල්කයිඩා ත්‍රස්තවාදීන් මිනිස් බෝම්බ එල්ල කර ලොකු විනාශ සිදු කරනවා. මරාගෙන මැරෙන ත්‍රස්තවාදය තමයි අද ලොකුම අවිය වෙලා තියෙන්නේ. නමුත් ඒ මුස්ලිම් ත්‍රස්තවාදයේ හරය ස්වර්ගයට යාම සඳහා මරාගෙන මැරීම. ඒත් ප්‍රභාකරන්ගේ ත්‍රස්තවාදයේ දිව්‍යලෝක තිබුණේ නෑ. ඔවුන් දිවි දුන්නේ සිහින ඊළාම් දේශය වෙනුවෙනුයි.


එවැනි අරමුණක් උදෙසා දහස් ගණනක් මරාගෙන මැරෙන ත්‍රස්තවාදීන් බිහිකළ ඔහු අසාමාන්‍ය නායකයෙක්. ඔහු පෙලඹවීමට වගේම තමාට අවශ්‍ය දේ අවශ්‍ය ආකාරයට කර ගැනීමටත් පුදුමාකාර දක්ෂයෙක් වුණා.


ඒ වගේම ඔහු සුරා සොඬෙක් හෝ සල්ලාලයකු නොවෙයි. නමුත් ඔහුගේ ජීවිතේ තිබුණ ප්‍රධානම අරමුණ පළිගැනීමයි. යම් අයෙකු ඔහුට සුළු රිදවීමක් හෝ කළා නම් එම පුද්ගලයා මොලොවින් තුරන් කරන තුරු ඔහුට නින්ද යන්නේ නෑ. හොඳම උදාහරණය තමයි රජිව් ගාන්ධි මරා දැමීම. ඒ නිසා පළිගැනීමේ හා රෞද්‍රකමේ ඉහළටම ගිය කෙනෙකු ලෙස ඔහුව හඳුන්වාදෙන්න පුළුවන්. මම ඒ පිළිබඳව මගේ පොතේ ලියලා තියෙනවා. එය කියවන කෙනෙකුට ප්‍රභාකරන් මොනවගේ කෙනෙක්ද කියන එක තේරුම් ගන්න පුළුවන් වෙයි.

 


ප්‍රශ්නය:- යුද්ධය නිමා කිරීම සඳහා විවිධ මෙහෙයෙුම් ක්‍රියාත්මක කළා. අවසන් මෙහෙයුම වන්නි මානුෂික මෙහෙයුම කියලයි හැඳින්වූවේ. ඒකට හේතුව කුමක්ද?
පිළිතුර:-
එය වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම සර්වසාධාරණ හඳුන්වා දීමක්. අපි හැම ක්‍රියාන්විතයකටම නමක් දැම්මා. ඒ නම ඒ මෙහෙයුමට සම්බන්ධයි. අපි ජයසිකුරු කියන නම භාවිත කළේ සිකුරටම ජය ගන්නවා කියන අදහසින්. මේ මෙහෙයුමට වන්නි මානුෂීය මෙහෙයුම කියලා නම දැම්මේ වන්නි ජනතාව බේරා ගැනීම සඳහා පමණක් නොවෙයි. වන්නි ප්‍රදේශය එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදීන්ගෙන් මුදවාගැනීමත් අරමුණ වුණා.


මේ කරුණු දෙක නිසයි මේ මෙහෙයුම වන්නි මානුෂික මෙහෙයුම කියලා හැඳින්වූවේ. එය සැබැවින්ම උතුම් මානුෂික මෙහෙයුමක් කියලයි මම දකින්නේ.

 


ප්‍රශ්නය:- වන්නි මානුෂික මෙහෙයුම ආරම්භයේ සිට අවසානය දක්වා ගිය ගමනේදී ප්‍රභාකරන් විවිධ යුද උපක්‍රම භාවිත කරන්න ඇති. ඒ පිළිබඳව ඇති අද්දැකීම් මොනවාද?
පිළිතුර:-
ප්‍රභාකරන් මෙතනදි වැරදි දෙකක් කළා. එකක් ඔහුගේ සංවිධානය පිළිබඳ අධි තක්සේරුවෙන් සිටීම සහ යුද හමුදාව පිළිබඳ කළ අවතක්සේරුව. ඔහු හිතුවා යුද හමුදාවේ තත්ත්වය පහළයි ඔහුගේ සාමාජිකයන්ගේ තත්ත්වය ඉහළයි කියලා. එහෙම හිතාගෙන ඔහු සම්මත යුද ක්‍රමවලට ඇබ්බැහි වෙන්න පටන් ගත්තා. කලින් ඔහු කළ යුද උපක්‍රම අතහැරීමම ඔහුගේ පරාජයට හේතු සාධක වුණා.

 


ප්‍රශ්නය:- අවසන් මෙහෙයුමේදී ආරක්ෂක හමුදාව නොමග යැවීමට ප්‍රභාකරන් කටයුතු කළේ කොහොමද? කාන්තාවන්, දරුවන් ආබාධිත සෙබළුන් මිනිස් බෝම්බ ලෙස භාවිත කළා නේද?
පිළිතුර:-
අපි අපේ ආබාධිත සෙබළෙකු දෙස බලන්නේ බොහොම මානුෂීය හැඟීමකින්. ඒ මනුස්සයා තමන්ගේ අත කකුල පරිත්‍යාග කරලා තියෙන්නේ මේ රට ජාතිය වෙනුවෙන් කියන හැගිමෙන්. ඔහුගේ අද දවස රටේ ජනතාවගේ හෙට දවස වෙනුවෙන් කැපකළ මිනිසෙක් විදියටයි හඳුන්වන්නේ. නමුත් ප්‍රභාකරන් කවදාවත් ඔහුගේ සාමාජිකයන් දෙස ඒ ආකාරයෙන් බැලුවේ නෑ.
ඔහුගේ අණ දේව වාක්‍යකටත් වඩා ඉහළින් පිළිගත්ත සාමාජික සාමාජිකාවන් මොන දුෂ්කරතාවලට පත්වුණත් ඒ දෙස සානුකම්පිකව බැලුවේ නෑ. ඔහුගේ සැලකීම තිබුණේ ඔහුගේ සංවිධානයත්, දරු පවුලත්, ඊළාම් දේශයත් ගැන පමණයි.
ඒ නිසයි ඔහු මිනිස් බෝම්බ ලෙස කාන්තාවන් දරුවන් භාවිත කළේ.

 


ප්‍රශ්නය:- අවසන් මෙහෙයුමේදී ප්‍රභාකරන්ගේ එවැනි උගුල් පිළිබඳ ලැබූ සජීවී අද්දැකීම් මොනවද?
පිළිතුර:-
තවත් විශාල පළපුරුදු, දැඩි මතදාරී එක් යුද හමුදාවක් සමග සටන් කරන්න සිදුවීම ලොකු අත්දැකීමක්. එතැනදි බරපතළ තත්ත්වයන් රාශියකට මුහුණදීමට සිදුවුණා. අපි කිසිම කෙනෙක් කැමැති නෑ අපේ සෙබළු අකාලයේ ආබාධිත වෙනවට. නැතිනම් මිය යනවට. එතැනදි තීරණ ගැනීමේ දැඩි මානසික බලපෑමක් තිබුණා. අපිට වේගවත්ව ගතයුතු තීරණ ගැනීම යම් මොහොතකට හෝ ප්‍රමාද වුවා නම් ඒ සියගණනක් සෙබළුන්ගේ හා සාමාන්‍ය ජනතාවගේ ජීවිත අවදානම අවම කිරීම සඳහා කාලය ගත් නිසා. ඒ පිළිබඳ කතා කළොත් දවස් ගණනාවක් කතා කළ හැකියි. හැම සටනකදිම ඇතිවුණ තත්ත්වය ඒකයි.

 


ප්‍රශ්නය:- නන්දිකඩාල් කළපුව විශාල භූමි ප්‍රමාණයකින් යුක්තයි. එහිදී මාස ගණනාවක් සැලසුම් සහගතව සටන් කිරීමට සිදුවූවා. කොහොමද අභියෝග ජයගත්තේ.
පිළිතුර:-
අපි මාස තුන හමාරකට ආසන්න කාලයක් නන්දිකඩාල් කළපුව ආසන්නයේ යුද්ධ කළා. නන්දිකඩාල් කළපුවට දකුණින් තිබුණ මුලතිව් ප්‍රදේශයේ ජෙනරල් නන්දන උඩවත්ත යටතේ භට කණ්ඩායම මාස ගණනාවක මෙහෙයුමක් ක්‍රියාත්මක කළා. ඉන්පසුව එම ප්‍රදේශය අත්පත්කරගත්තා. මම ඇතුළු පිරිස මාස දෙක හමාරක් තිස්සේ පුදුකුඩුඉරිප්පු ප්‍රදේශය බේරා ගැනීමේ සටනේ නිරත වුණා. ඊට ජෙනරාල් ශ්වේන්ද්‍ර සිල්වාගේ සේනාංකයත් එකතු වුණා. අපි දෙගොල්ලොම එකතු වෙලා. ඒ ප්‍රදේශය බේරා ගත්තා. ඉන් පස්සේ යුද මුක්ත කලාපයට අපි ඇතුළු වුණා. එය සම්පූර්ණයෙන්ම නන්දිකඩාල් කළපුව ආසන්නයේ තිබුණු ප්‍රදේශයක්. ඊට අමතරව සටනේ අවසානම ජවනිකාව සිදුවුණේ නන්දිකඩාල් කළපුවේ උතුරු කොනේ ඇති කඩොලාන සහිත වගුරු බිම් ප්‍රදේශයේ.

 


ප්‍රශ්නය:- අවසන් සටන සම්බන්ධව සුදු කොඩි ඔසවාගෙන ආ පිරිසට වෙඩි තැබූ බවට කතා පැතිරුණා. එහි සත්‍යතාව කුමක්ද?
පිළිතුර:-
සුදු කොඩි ඔසවාගෙන කිසිවෙක් ආවේ නැහැ. එය මම පිළිගන්නේ නැහැ.

 


ප්‍රශ්නය:- ප්‍රභාකරන් අවසන් වනතුරුම සටනින් පසු නොබසින බව ප්‍රකාශකරලා තිබෙනවා. ඒ පිළිබඳව ඔබට මොනවද කියන්න තියෙන්නේ.
පිළිතුර:-
මමත් ඒකට එකඟ වෙනවා. අපි අවසන් වනතුරුම ප්‍රභාකරන් නන්දිකඩාල් කළපුවේ ඉන්නවා කියා දැනගෙන හිටියේ නැහැ. කවුරු හරි කියනවා නම් අපි දැනගෙන හිටියා කියලා. එය අමූලික බොරුවක්. මම එතන අණ දීපු නිලධාරියා විදියට බොහොම වගකීමෙන් කියනවා. ප්‍රභාකරන් ඉන්නවා කියලා අපිට දැනුණේ 19 වැනිදා උදේ.
ඊට පස්සේ අපි ඒ ප්‍රදේශයට ප්‍රහාර එල්ල කළා. අවසාන මොහොත දක්වාම සටන ගෙන ගියා. ඒත් ප්‍රභාකරන් පුද්ගලිකව සටන් කළාද කියලා නම් දන්නේ නැහැ. හැබැයි ඔහුගේ අනුගාමිකයෝ අවසාන උණ්ඩය දක්වාම සටන් කළා. යටත් වීමට කිසිදු අවස්ථාවක ක්‍රියා කළේ නෑ.

 


ප්‍රශ්නය:- ඔබගේ කණ්ඩායමේ සෙබළුන් ප්‍රභාකරන්ගේ දේහය ඔසවාගෙන එන විට මොකද හිතුණේ.
පිළිතුර:-
ඇත්තටම මගේ සේනාංකයේ සෙබළුන් වසර 30 ට අධික කාලයක් මෙරට අඳුරු අගාධයකට ඇද දාපු එමෙන්ම මේ ලංකාවේ ජීවත්වූ දස දහස් ගණනක් අහිංසක මිනිස්සු අමානුෂික ලෙස අමු අමුවේ මරා දාපු ශ්‍රී ලංකාවේ එක් දේශයක් වනචාරී දේශයක් විදියටත්, එහි සිටින මිනිසුන් වනචාරීන් ලෙසත් හඳුන්වාදීපු අපේ රටේ නමේ දැලිගාපු ඒ කෲරතර ප්‍රභාකරන් මරලා මගේ ළඟට ගෙන ආ අවස්ථාවේ ඇතිවුණ හැඟීම වචනවලින් විස්තර කරලා කියන්න බෑ. එය මගේ ජීවිතයේ උත්තරීතර අවස්ථාවක් ලෙසයි මට දැනෙන්නේ.

 


ප්‍රශ්නය:- අද වෙන විට ඔබ ආරක්ෂක සේවයෙන් විශ්‍රාම ගිහිල්ලා. යුද්ධය ආරම්භයේ සිට අවසානය දක්වා සිටි ඔබට ගෙවුණූ කාලය ගැන මොනවද හිතෙන්නේ?
පිළිතුර:-
ඔව් මම යුද්ධය මුල සිට අවසානය දක්වාම හිටි හමුදා නිලධාරියෙක්. මම පරාජයේ නිරස සහ ජයග්‍රහණයේ මිහිර කියන දෙකම විඳපු කෙනෙක්. පරාජයේ නීරස මොනතරම් තිත්තද කියන එකත් ජයග්‍රහණයේ සතුට මොනතරම් මිහිරිද කියන එකත් මම දන්නවා. යුද්ධයක් කිව්වාම ජය පරාජය දෙකම ඇති වෙනවා. නමුත් පරාජයක් ඇතිවූ සැනකින් සැලෙන්නේ නැතිව පරාජය ඇතිවීමට හේතු මොනවාද කියලා හොයාගෙන ඒ හේතුවලට අවශ්‍ය නිසි පිළියම් යොදලා ආපසු එවැනි දේ නොවෙන ලෙස වැඩකටයුතු සැලසුම්කර ජයග්‍රහණය දක්වා සෙබළුන් මෙහෙයවීම හා ඒ සෙබළුන් සමග ගොස් සටන් කිරීමයි කළ යුත්තේ. ආපසු හැරී බලන කොට මට ඒ ගැන ඇත්තේ ආඩම්බරයක්.


සැරින් සැරේ ඉදිරියට ගොස් යළිත් පසුපස හැර දුවපු හමුදාවක් මෙහෙම ජයග්‍රහණයක් ලබපු වීරෝදාර හමුදාවක් ලෙස හැඩ ගැසුවේ කොහොමද කියන එක සැලකිය යුතු හා පැසසුම් ලැබිය යුතු කාරණාවක්.


ආපසු හැරී බලන කොට මට බොහොම ආඩම්බරයි. විශ්‍රාම යාමෙන් පසුව මට බොහොම සැහැල්ලුවක් වගේම ප්‍රීතියකුත් දැනෙනවා. අද අපි අපේ අම්මගෙන් බීපු කිරිවලට ණය නැහැයි කියලා ආඩම්බර වෙන්න පුළුවන්.


“ඒ වගේම මුළු රටම ණය ගැති ඒත් මුළු රටටම ණය නැති හමුදාවක තවත් එක් සාමාජිකයෙකු වීමට ලැබීම ගැන බොහෝ සන්තෝෂයි” එය දෙවියන් දීපු වරමක් ලෙසින් මම සලකනවා.


යුද්ධයේ මිහිරි අමිහිරි මතක සමග ජයග්‍රාහී සොල්දාදුවෙකු ලෙස මම ගෙදර ආවා. ඒ ජයග්‍රහණයේ මිහිර මා මිය යන තෙක්ම මගේ හදවතේ රඳා පවතීවි.

 


ප්‍රශ්නය:- දිනාගත් නිදහස ආරක්ෂා කර ගැනීම පිළිබඳ මොනවද කියන්න තියෙන්නේ.?
පිළිතුර:-
මම දන්න තරමින් යුද්ධය නිසා සෙබළුන් විසිදාහකට අධික ප්‍රමාණයක් දිවි පුදලා තිබෙනවා. පන්දහසකට අධික ප්‍රමාණයක් ආබාධිත වෙලා ඉන්නවා. සමහර සෙබළු තවමත් ඇඳේ දුක් විඳිනවා. ඔවුන් ඔවුන්ගේ ජීවිත කාලයටම දුක්විඳින්නේ නිදහස ලබාදෙන්න ජීවිතය පරදුවට තැබූ නිසා. ඒ පිළිබඳව සිතන කොට ලොකු කනගාටුවක් දැනෙන්නේ. මේ සියලු සෙබළු වගේම ඔවුන්ගේ පවුල්වල අයත් දුක් විඳිනවා. ඒ හැම කැපකිරීමක්ම මේ දේශයට නිදහස ලබාදීම සඳහා කරපුවා. ඒ නිසා රණවිරුවන් දිවි පුදා රැකගත්ත නිදහස අපේ ඉදිරිපරම්පරාව වෙනුවෙන් රැකගත යුතුයි. දිනූ නිදහස ආරක්ෂාකර ගනියි කියලා මම විශ්වාස කරනවා.

 


ප්‍රශ්නය:- ඔබ රණවිරුවෙක් යුද බිමේ සටන් කළ ඔබ විශ්‍රාම දිවිය ගෙවන්නේ කොහොමද?
පිළිතුර:-
වසර ගණනාවක් යුද බිමේ සිටියා. දැන් මම විශ්‍රාම ගියා. සති කීපයක් අවශ්‍යයි. පවුලේ අය සමග ගත කිරීමට. ඉන් පසුව ඉදිරිය කොහොමද ගත කරන්නේ කියලා සැලසුම් කරනවා. ඒ වගේම අනිවාර්යයෙන්ම කිව යුතු දෙයක් තියෙනවා. ඒ මම කිසිවිටකත් දේශපාලනයට නොඑන වග.

m



අදහස් (0)

තමන් ගැන අධිතක්සේරුව සහ හමුදාව ගැන අවතක්සේරුව ප්‍රභාකරන් කළ ලොකුම වැරැද්දයි

මහේෂ් ඩුබායි Wednesday, 14 September 2016 12:53 PM

ඔබ තුමා නියම දේශප්‍රේමියෙක්.... හරිම ආඩම්බරයි ඔබ ගැන සහ මගේ පාසල ආනන්දය ගැන. ප්‍රීතිමත් විශ්‍රාම දිවියකට අපෙන් සුබ පැතුම්. (අ)

:       0       0

මාර්ක් Monday, 12 September 2016 07:01 AM

මගේ කාලයේ දුටුගැමුණු ඔබයි (නි)

:       0       0

කුමාර Saturday, 17 September 2016 12:42 PM

මැතිතුමනි, මගේ උත්තමාචාරය! (නි)

:       0       0

ශශිකා Thursday, 15 September 2016 11:32 AM

ඔබවන් දිරිය පුතෙක්, සුපිරි මිනිසෙක් ලද මගේ මව්බිම වාසනාවන්! අනේ දේශපාලනයට නම් එන්න එපා (නි)

:       0       0

රොෂාන් Wednesday, 14 September 2016 06:00 AM

මේ තමයි සදාතනික රණවිරුවෝ ..කුහක කම කියන්නේ මාෂල් මහත්තයත් පොතක් ලියනවලු.,පේනවා නේද දැන් මාෂල් මහත්තය ගෙන ජනතාවගේ තියන තැන,විශ්‍රාම ගියේ ජනපති වෙන්නලුනේ..(බ)

:       0       0

සංජීව Tuesday, 13 September 2016 02:32 AM

ඔබට මාගේ හද පිරි ගෞරවය සහ ප්‍රණාමය! අපි ඔබට ණයගැතියි. යුද්ධය නිමකළ මහින්ද රාජපක්ෂ මැතිතුමාටත්, ගෝඨාභය මැතිතුමාටත් ණයගැතියි (නි)

:       0       0

දමයන්ති Wednesday, 14 September 2016 08:58 PM

හරිම ආඩම්බරයක් දැනෙනවා ඔබ ගැන. ප්‍රීතිමත් දිවියක් පතනවා (නි)

:       0       0

සෙනරත් Sunday, 18 September 2016 10:04 AM

මෙතුමා වීරයෙක් විදියට අපේ සිත්වල සදහටම සිටිනවා. ඒ වගේම තවත් බොහෝ සැග වුණු වීරයෝ අපේ හමුදාවල සිටිනවා, කුහකයන් අතලොස්සක් ඇරුණුකොට. ඒ සියලු දෙනාටත් එක්කම අපි ප්‍රාර්ථනය කරනවා නිරෝගී සුවය සහ සියලු යසිසුරු ලැබිලා ජිවිතයේ ඉතිරි කාලය සතුටින් ජිවත් වෙන්න ලැබේවා කියා.(හේ)

:       0       0

රොහාන් Tuesday, 13 September 2016 06:34 AM

රටේ හැම දෙනෙක්ම ඔබට ණයගැතිය (නි)

:       0       0

වීරසිංහ Monday, 12 September 2016 02:37 PM

ඔබ රටට ණය නැති මුත් අපි සදා ඔබට ණයගැති වෙමු (බ)

:       0       0

ඇලෙක්ස් Wednesday, 14 September 2016 01:35 AM

ආනන්ද විද්‍යාලයේ කෙනෙක් හැටියට සහ සිංහලයෙක් හැටියට ඔබ ගැන ආඩම්බර වෙනවා. (බ)

:       0       0

ශ්‍යාමා Thursday, 15 September 2016 06:16 PM

ඔබට ජය ශ්‍රී මැතිතුමනි! (නි)

:       0       0

සරත් Thursday, 15 September 2016 06:35 PM

මෙහෙම දුක් මහන්සිවෙලා නිදහසක් කරගත් රටේ තමයි අද ඉන්න නායකයෝ පිනුම් ගහන්නේ. (නි)

:       0       0

රිෂාඩ් Wednesday, 21 December 2016 08:54 AM

ඔබට ජය වේවා..(බ)

:       0       0

ජූඩ් Saturday, 17 September 2016 08:43 AM

ඉතා හොඳ ලිපියක් (නි)

:       0       0

විජිත බණ්ඩාර හේරත් Sunday, 18 September 2016 03:36 PM

පාර්ලිමේන්තුවේ ඉන්න වංවාචරුවන් වෙනුවට මෙවන් අයගෙන් ඒ අසුන් ආදේශ කිරීම වැරදිද? මෙවැන්නන් හැකිතරම් දේශපාලනයට යොමු කළයුතුයි. හේතුව ඔවුන්ගෙන් තව ගන්න බොහෝ දේ ඇති නිසා. (නි)

:       0       0

ධම්ම Monday, 12 September 2016 06:14 AM

ලිපියේ අවසන් වාක්‍යය මා සිත්ගත්තා. ඔබතුමාට සුවබර විශ්‍රාම දිවියක් ප්‍රාර්ථනා කරනවා. (නි)

:       0       0

දර්ශන Monday, 12 September 2016 05:52 PM

අවසාන වාක්‍ය අප සියලු දෙනාටම ආදර්ශයක්. බඩගින්නක් තිබුන පළියට තණකොළ නොකන ඔබ නියම සිංහයෙක්. මගේ උත්තමාචාරය. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

ප්‍රභාකරන් දරුකමට හදාගත් කොටි කෙල්ල
2024 ඔක්තෝබර් මස 04 269 0

ජෝන් මේරි බවින්සා කියන්නේ එල්ටී.ටී.ඊ. සංවිධානයේ නායකයාව සිටි වේළුපිල්ලේ ප්‍රභාකරන් දරුකමට හදාගත් දරුවාය. ප්‍රභාකරන් දරුකමට දරුවකු හදා වඩාගත් බව දැනග


සත්‍යෙයන් අසත්‍යයට ගොදුරුවීම
2024 ඔක්තෝබර් මස 04 71 0

අලු‍ත් ආණ්ඩුවේ ක්‍රියාකාරිත්වයෙන් පැහැදිලි වන්නේ, ඔවුන් ද 2015 වසරේ යහපාලන ආණ්ඩුව සිය කැමැත්තෙන්ම වැටුණු වළට වැටීම තෝරාගෙන සිටින බවයි. ජනාධිපතිවරයාගේ


ලෙයට ලෙය ඉල්ලන ඉරාන - ඊශ්‍රායල ගැටුම
2024 ඔක්තෝබර් මස 03 780 0

ඉරානය ඊශ්‍රායලයට පහර දුන්නේය. ලොව විශාලතම ෂියා මුස්ලිම් රාජ්‍යය වන ඉරානයත්, ලොව එකම යුදෙව් රාජ්‍යය වන ඊශ්‍රායලයත් පිහිටා ඇත්තේ කිලෝ මීටර් 1,700 ක පමණ දුරක


කාලයට ගැළපෙන ඡන්ද ක්‍රමයක්
2024 ඔක්තෝබර් මස 03 70 0

ජන්දදායකයා මැතිවරණ ක්‍රියාවලියට සම්බන්ධ වීම ප්‍රජාතන්ත්‍රවාදයේ ඉතාමත්ම උසස් ගුණාංගයකි. එය නියෝජන ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මක වීමට අත්‍යවශ්‍ය ක


සෑම කවියක්ම දේශපාලනිකයි
2024 ඔක්තෝබර් මස 02 172 0

ප්‍රවීණ කවියකු, තීරු ලිපි රචකයකු, නවකතාකරුවකු, කෙටිකතාකරුවකු, මෙන්ම ප්‍රකට විචාරකයකුද වන බුද්ධදාස ගලප්පත්ති මහතාගේ නවතම කෘති දෙකක් වන සමුදුර අසා සිටී


ආණ්ඩුවේ විපක්ෂයේ වගකීම
2024 ඔක්තෝබර් මස 02 215 2

ජනාධිපති තරගයෙන් රනිල් වික්‍රමසිංහ මහතා පරාජයට පත්විය. 2022 රට මුහුණදුන් ආර්ථික අර්බුදය අවස්ථාවේදී රට භාර ගැනීමට කිසිවකු නොසිටිය ද ඔහු එම අභියෝගය භාරගෙ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38854 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25497 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 300 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1011 2
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 359 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site