IMG-LOGO

2025 අප්‍රේල් මස 24 වන බ්‍රහස්පතින්දා


තරග විභාගයකින් රැකියාවලට ගන්න රජයට නිර්දේශ කරනවා

 21_SLMA_P18_Back

 

ජනාධිපතිතුමාගෙන් අහන්න විශේෂාංගය සඳහා පාඨක ඔබගෙන් ලැබුණු ප්‍රශ්න, ගැටලු අතරින් තෝරාගත් කිහිපයකට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ලබාදුන් පිළිතුරු අපි ඉකුත් සතියේ ඉරිදා ලංකාදීප පුවත්පතේ පළකළෙමු. එහි දෙවැනි කොටස පහතින් පළවේ.

 


ප්‍රශ්නය : මහනුවර දළදා මාලිගාව අසල මාර්ගය වාහන ධාවනය සඳහා විවෘත නොකිරීමෙන් ඇතිව තිබෙන මාර්ග තදබදය සුළුපටු නොවේ. මෙම මාර්ගය වාහන ධාවනය සඳහා විවෘත කිරීමට මල්වතු මහනාහිමියන් ද කැමැත්ත පළ කර ඇත. එසේ තිබිය දී මේ මාර්ගය වාහන ගමනාගමනයට විවෘත නොකරන්නේ ඇයි.?
සී. රාජපක්ෂ, දඹගොඩ.


පිළිතුර : මම ජනාධිපති ධුරයට පත්ව පළමු සතියේම දළදා මාලිගාව ඉදිරිපිට මාර්ගය විවෘත කිරීමට පොලිසියට හා නගර සභාවට උපදෙස් දුන්නෙමි. එහෙත් එහිදී මහානායක ස්වාමීන් වහන්සේලාගෙන් ඒ සඳහා විරෝධයක් මතුවිය. මා දන්නා පරිදි මල්වතු පාර්ශ්වයේ මහානායක ස්වාමීන් වහන්සේ මේ සඳහා අනුමැතිය ලබාදී තිබේ. එහෙත් අස්ගිරි පාර්ශ්වයේ මහානායක ස්වාමීන් වහන්සේ සහ දළදා මාලිගාවේ දියවඩන නිලමේතුමාගෙන් මේ සඳහා තවමත් එකඟතාවක් ලැබී නැත. අස්ගිරි පාර්ශ්වයේ මහානායක ස්වාමීන්වහන්සේලාගෙන් සහ දියවඩන නිලමේ තුමාගෙන් මේ සඳහා අවසරයක් තිබේ නම් අපට එය වහා ක්‍රියාත්මක කළ හැකිය.

 

5
ප්‍රශ්නය : රාජ්‍ය බැංකුවල බැංකු සහායක කාර්යාල කාර්ය සහායක කම්කරු තනතුරු ආදිය වෙනුවෙන් කෙරෙන බඳවා ගැනීම් සිදු කෙරෙනුයේ බොහෝ විට දේශපාලන හිතවතුන්ගෙනි. ඔබතුමාගේ යහපාලන රජය මගින් පුවත්පත් දැන්වීම් පළකර සුදුසුකම් ඇති අය සාධාරණ පදනමකින් බඳවා ගැනීමට ක්‍රමවේදයක් සකසා දෙන්න.
චම්පිකා දිසානායක, මාතර.


පිළිතුර : මගේ ප්‍රතිපත්තිය ද රාජ්‍ය බැංකුවලද බඳවා ගැනීම් සියල්ලම තරග විභාගයකින් සිදුවිය යුතුය යන්නයි. රජයේ බඳවා ගැනීම් සියල්ල විවෘත තරග විභාගයකින් බඳවා ගත යුතුය යන ප්‍රතිපත්තියට මම ද එකහෙළා එකඟවෙමි. ඒ නිසා මේ සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට මා අමාත්‍ය මණ්ඩලයට දැනුම් දෙන බව සඳහන් කරනු කැමැත්තෙමි.

 


ප්‍රශ්නය : යහපාලන රජයේ දින 160ක් සේවය කර ඇති අනියම් සේවකයින්ට ඔබතුමාගේ අධීක්‍ෂණය යටතේ ස්ථිර පත්වීම් ලබාදීම පැසසිය යුතුය. තැපැල් දෙපාර්තමේන්තුවේද වැඩබලන උපතැපැල් ස්ථානාධිපතිවරුන් 147 දෙනෙකු ඒ වන විට වයස වැඩි බව පවසමින්, ස්ථිර නොකරන ලදී. අප සියලුදෙනා වසර 15ට වැඩි සේවා කාලයක් සපුරා ඇති අතර තවත් වසර දෙක තුනකින් විශ්‍රාම යෑමට නියමිතය. වැඩබලන පත්වීම් ලබාගන්නා විට වයස අවුරුදු 45 නොඉක්මවූ අපගේ පත්වීම් ස්ථිර නොවීම නිසා විශ්‍රාම වැටුපද අහිමි වී තිබේ. අප 147 දෙනාගේ සේවය ස්ථිර කර විශ්‍රාම වැටුපක් ලබන තත්ත්වයට පත්කර දෙන්නේ නම්, එය මහඟු උපකාරයකි. පිළිතුරක් අපේක්‍ෂා කරනවා.
අසාධාරණයට ලක්වූ උපතැපැල් ස්ථානාධිපතිවරුන් පිරිසක්.


පිළිතුර : බඳවා ගන්නා අවස්ථාවේ නියමිත වයස සපුරා තිබුණා නම්, ඒ අය ස්ථිර කිරීම අනිවාර්යයෙන් කළ යුතුවේ. ඒ නිසා මේ ලිපිය යොමු කරන අයට කම්කරු උසාවියට ගොස්, එම කාරණය ඉදිරිපත් කළ හැකිය. මටත් මේ පිළිබඳ සොයා බැලිය හැකිය. ඒ අනුව ඔබගේ මෙම කාරණය වහාම අදාළ අමාත්‍යාංශය වෙත දන්වන බව සඳහන් කළ යුතුය. ඒ අතරම මේ සම්බන්ධයෙන් නීතිමය කාරණාවලට යොමුවීමට ඔබටද අයිතියක් තිබෙන බව කිව යුතුය.

 


ප්‍රශ්නය : අපි නැගෙනහිර මඩකළපුව උපන් පදිංචිකරුවෝ වෙමු. 1987 න් පසුව අපට උපන් ගම්බිම් අහිමි විය. ඉනට ඇඳි වස්ත්‍රය පමණක් සමඟ දරු මල්ලන්ද කැටුව, අනාථ කඳවුරුවලට ගාල් වී මාස කීපයකින් සමහරු සිංහල ගම්වලට සංක්‍රමණය වූහ. සමහරු කොළඹ මාදිවෙල අනාථ කඳවුරකට ගෙන යනු ලැබූහ. අප සතු සියලු දේ කුරිරු ත්‍රස්තයන් විසින් කොල්ලකන ලදී. තිස් වසරක යුද්ධය තුළ ජනාධිපතිවරුන් 4 දෙනෙකු පත්වූ අතර, ඔබතුමා පස්වැනියාය. මඩකලපුවේ ඉතිරි ඉඩම් කීපයද කොල්ලකෑමට ප්‍රදේශයේ සමහර දේශපාලකයෝ සැරසෙති. එබැවින් අපේ ජනජීවිතය ආරක්‍ෂිත කිරීමට ඔබතුමා මැදිහත් වන්නේ නම්, එය අපට කරන මහඟු මෙහෙවරකි.
බී. එම්. ප්‍රේමදාස

මඩකළපුව දිස්ත්‍රික්කයේ සිංහල අනාථයින්ගේ සංගමයේ කැඳවුම්කරු හා සංවිධායක.


පිළිතුර : අප රජය ගෙනයන ප්‍රතිපත්තියේදී සිංහල, දෙමළ, මුස්ලිම් කියා භේදයක් නැත. ඉඩම් නැවත ලබාදීමේදී, යුද්ධයට පෙර ඔවුන් සිටි ඉඩම් ඔවුන්ට ලබාදීමේ ප්‍රතිපත්තිය රජය ක්‍රියාත්මක කරමින් සිටී. ඔබ ඉදිරිපත් කරන කරුණු නැවත පදිංචි කිරීමේ අමාත්‍යාංශය හරහා සොයා බැලීමට හැකියාව තිබේ. ඒ නිසා ඔබ ඉදිරිපත් කරන ලිපියේ සඳහන් පුද්ගලයින්ගේ නම්, ලිපිනයන් නිවැරදි නම්, ඔවුන් කැඳවා මේ සම්බන්ධයෙන් කටයුතු කිරීමට මඩකළපුව දිසාපතිවරයාටත්, නැවත පදිංචි කිරීමේ අමාත්‍යාංශයේ ලේකම්වරයාටත් දැනුම්දෙමි.

 


ප්‍රශ්නය : මාතර දෙමටපිටිය මහ විදුහල වසර 70ක් පැරැණි පාසලකි. මෙහි ගොඩනැගිලි සියල්ල ඉතා අබලන් තත්ත්වයේ පවතී. අධ්‍යාපන කටයුතු කරගෙන යාමට කිසිසේත් නොහැකි නිසා ගොඩනැගිල්ලක් ලබාදෙන ලෙස දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍යවරයාට ඉල්ලීම් යොමු කළද අද වන තුරු කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නැත. ඒ නිසා ඔබතුමාගේ අවධානය යොමුකර එක් දෙමහල් ගොඩනැගිල්ලක් හෝ ලබාදිය හැකිද?
ආදි ශිෂ්‍ය සංගමය - මාර/දෙමටපිටිය මහා විදුහල.

 

පිළිතුර : මට තිබෙන්නෙත් මේ කාරණය පිළිබඳව දකුණු පළාත් සභාවට දැනුම්දීමයි. පාසල්වලට ගොඩනැගිලි ලබාදීමේදී ප්‍රතිපත්තියක් තිබේ. එහි සිටින සිසුන් ගණන හා ඒ තිබෙන කාර්යයන් අනුව ගොඩනැගිලි ඉදිකෙරේ. මේ පාසලට ගොස් සොයා බලා අවශ්‍ය පියවර කඩිනමින් ගන්නැයි මම දකුණු පළාත් මහ ඇමැතිතුමාට දැනුම්දීමට පියවර ගන්නෙමි.

 


ප්‍රශ්නය : මහාමාර්ග දෙපාර්තමේන්තුව 1984 වසරේ ඈවර කිරීමෙන් අනතුරුව, එදා ඊට අදාළව විශ්‍රාම වැටුප්ලාභීන් 6000කට ආසන්න පිරිසක් සිටියද, අද ඉතිරිව සිටින්නේ 1000 කටත් අඩු පිරිසකි. ඉන් වැඩි දෙනා සුවකළ නොහැකි රෝගවලින් පෙළෙන අතර, අවුරුදු 65,70,80 ආදී වයස්වල පසුවෙති. එදා සිට වරින්වර කළ ඉල්ලීම් අනුව 2009 පෙත්සම් කාරක සභාවෙන් සතුටුදායක පිළිතුරක් ලැබුණද පැවැති රජය එම තීරණය ඉවත දැමීය. ඉහත පෙත්සම් කාරක සභාවේ තීරණයට අනුව, කැබිනට් පත්‍රිකාවක් මගින්, මෙම මහාමාර්ග ඇතුළු සේවක විශ්‍රාම වැටුප කඩිනමින් ලබාදීමට ඔබතුමාට කටයුතු කළ හැකිද? 


මහින්ද ජයවීර - කැඳවුම්කරු - විශ්‍රාම වැටුප් අහිමි කළ මහාමාර්ග සේවකයින්ගේ කමිටුව.


පිළිතුර : මෙය මහාමාර්ග අධිකාරිය පිහිටුවීමට පෙර තිබූ මහාමාර්ග දෙපාර්තමේන්තුවට සම්බන්ධ පැරැණි සිද්ධියකි. ඒ නිසා මේ සම්බන්ධයෙන් සොයාබලා අවශ්‍ය පියවර ගන්නැයි මුදල් අමාත්‍යාංශයට දැනුම්දීමට කටයුතු කරමි. 

 


ප්‍රශ්නය : මොරටුව සොයිසාපුර මහල් නිවාස සංකීර්ණයේ පදිංචිව සිටින මුස්ලිම් ජනගහනය 1000 කට අධිකය. මුස්ලිම් ජනයාට වන්දනාමාන කිරීමට ආගමික ස්ථානයක් සකස් කරදෙන්නැයි නිවාස යෝජනා ක්‍රමය ආරම්භ කළ දා සිට ඉල්ලා සිටියද එය ඉටු නොවීය. 2002 වසරේදී මේ සඳහා වර්ග අඩි 450 ක පමණ ස්ථානයක් ලබාදුන්නද එය ඊට උචිත ස්ථානයක්ද නොවේ. ඒ සඳහා සුදුසු ස්ථානයක් ඉතා ඉක්මනින් ලබාදීමට ඔබතුමාට කටයුතු කළ හැකිද? 
ටී. රුහාන් ජොෆ් - ලේකම් මදරසාතුල් ෆලාන් - සොයිසා පුර  - මොරටුව


පිළිතුර : මේ සම්බන්ධයෙන් කටයුතු කළ යුත්තේ, මුස්ලිම් ආගමික කටයුතු භාර අමාත්‍යවරයායි. ඒ නිසා මේ ගැන වහාම අවධානය යොමුකර අවශ්‍ය පහසුකම් ලබාදෙන්නැයි මුස්ලිම් ආගමික කටයුතු භාර අමාත්‍යවරයා වෙත දැනුම් දෙන්නෙමි.

 


ප්‍රශ්නය : කෑගල්ල දිස්ත්‍රික්කයේ ජීවත්වන අපගේ ප්‍රධාන ජීවනෝපාය මාර්ගය රබර් කැපීමයි. රබර් කිලෝග්‍රෑමයකට රුපියල් 170 ක් ගෙව්වද ඉන් ලැබෙන ආදායම කුඩා රබර්වතු හිමියන් බහුතරයකට ජීවත්වීමට ප්‍රමාණවත් නොවේ. අධික වැසි කාලවලදී කිරි කැපීමට නොහැකි නිසා ජීවත්වීම සඳහා විශාල සටනක් කළ යුතුය. ඒ නිසා රබර් කිලෝවක මිල රුපියල් 300 දක්වාවත් වැඩිකළ හැකිද? 
නිල්මිණි හේරත්, හකහින්න, කෑගල්ල.


පිළිතුර : රබර් යනු අපනයන භාණ්ඩයක් බව හැම කෙනෙක්ම දනිති. විදේශ වෙළෙඳපොළේ රබර් සහ තේ මිල විශාල වශයෙන් පහත වැටී ඇති බවද බොහෝ දෙනා දන්නා කාරණයකි.
විදේශ වෙළඳ පොලේ මිල ඉහළයාමත් සමඟ අපේ රටේද තේ, රබර් මිල ඉහළ යයි. නමුත් ලෝක වෙළෙදපොළ රබර් සහ තේ මිල පහළ යාම අපටද දැඩි සේ බලපා තිබේ. රජය පැත්තෙන් අපට දිය හැකි මට්ටමේ මිලක් නියම කිරීම පිළිබඳව රජයේ අවධානය යොමුවී තිබේ. රටේ තිබෙන ආර්ථික තත්ත්වයත් භාණ්ඩාගාරයේ මුදල් තත්ත්වයත් සැලකිල්ලට ගනිමින් මේ කටයුතු කළ යුතුවේ.
ප්‍රධාන වශයෙන්ම, විදේශ වෙළඳපොළේ රබර්, තේ මිල ඉහළ යන්නේ නම්, අපේ රටේත් තේ, රබර් මිල ඉහළ යයි. එය මෙහි තිබෙන සාමාන්‍ය තත්ත්වයයි. අපේ රටේ රබර් මිල පහත වැටීමට බලපා තිබෙන්නේ, විදේශ වෙළඳපොලේ මේ තිබෙන මිල පහත වැටීමේ තත්ත්වයයි.

 


ප්‍රශ්නය : වෙළඳපොලේ මාළු, කරවල යනාදිය කල් තබා ගැනීමට යොදන රසායනික ද්‍රව්‍ය ප්‍රමිතියකින් තොරව යෙදීම නිසා, ඒවා කෑමට ඉතාමත් නුසුදුසු තත්ත්වයක පවතී. ඒවා පිළිබඳව සොයා බැලීමේදී මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන්ගේ සේවයද නිසි ලෙස ඉටු නොවන බවක්ද පෙනෙන්නට තිබේ. මේවා පිළිබඳව මීට වඩා සක්‍රීයව සොයා බලන ක්‍රමවේදයක් සැකසිය නොහැකිද?
ජයරත්න පෙරේරා - හොරණ පාර, පිළියන්දල.


පිළිතුර : ඔබ කියන කාරණය ඇත්තක් බව මමද දනිමි. මා සෞඛ්‍ය ඇමතිව සිටියදීද මේ සම්බන්ධයෙන් කටයුතු කරන ලෙස සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයාටද උපදෙස් දී තිබිණි. මේ පිළිබඳව ඔහුගේ නිලධාරීන් හරහා වහාම ක්‍රියාමාර්ග ගන්නා ලෙස මා ඔහුට නැවතත් උපදෙස් දෙන බව සඳහන් කළ යුතුය.

 


ප්‍රශ්නය : රජයේ සේවයට උපාධිධාරීන් දහස් ගණනක් බඳවා ගනිද්දී උපාධියට සරිලන නතතුරු නොමැතිව, කළමනාකරණ සහකාර හා ලේඛන සහකාර තනතුරුවල උපාධිධාරීහු විශාල පිරිසක් සිටිති. රාජ්‍ය සේවයේ වසර 4 ක් ඉක්මවා ඇති ඔවුන්ටද උපාධියට සරිලන තනතුරු උසස්කර දීමට ක්‍රමවේදයක් සකසා දෙන්න.
උපාධියට සරිලන තනතුරු නොමැති කළමනාකරණ සහකාර හා ලේඛන සහකාර උපාධිධාරීන් පිරිසක්.


පිළිතුර : කළමනාකරණ සහකාර සේවයේ සිටින උපාධිධාරීන්ට තමන් සේවය කරන ආයතනවල උසස්වීම් ලබාගැනීමේ ක්‍රමවේදයක් තිබේ. ඒ සම්බන්ධයෙන් යම් ගැටලුවක් තිබේනම්, ඒ පිළිබඳව සොයා බලන ලෙස රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයට උපදෙස් දීමට හැකිය.

 


ප්‍රශ්නය : රජයේ සේවයට 2016 ජනවාරි 1 වැනිදා සිට බඳවා ගන්නා අය දැනට ක්‍රියාත්මකවන විශ්‍රාම වැටුප් ක්‍රමයට ඇතුළත් නොවන බවත්, ඔවුන්ට දායක විශ්‍රාම වැටුප ක්‍රියාත්මක කරන බවත්, සමහර මැති ඇමතිවරු කියති. නියමිත අධ්‍යාපන සුදුසුකම් සම්පූර්ණ කර, රජයේ සේවයට බැඳී වසර 25 - 30 සේවය කර විශ්‍රාම යාමේදී දැනට ක්‍රියාත්මක වන විශ්‍රාම වැටුප ලබානොදීම ඉතාම අසාධාරණ නොවේද? කිසිදු අධ්‍යාපන සුදුසුකමක් නැති, මුදල් වැයකර මහජන ඡන්දයෙන් පත්වන පාර්ලිමේන්තු මැති ඇමැතිවරුන්ට වසර 5 ක් ගිය පසු විශ්‍රාම වැටුපක් ගෙවීම මේ අනුව සාධාරණද?
ඒ. ඒ. දයානන්ද - වෙන්නප්පුව.

 

පිළිතුර : පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට තියෙන විශ්‍රාම වැටුපත් බොහෝම සුළු මුදලක් කියලයි මා හිතන්නේ. මේ සම්බන්ධයෙන් සොයා බලා කටයුතු කරන බව දන්වනු කැමැත්තෙමි. 
2016 අයවැය යෝජනාවල යම් යම් වෙනස්කම් කර ඇත. එහිදී මේ කාරණයද සංශෝධනයට යටත්වූයේද යන්න පැහැදිලි නැත. ඒ නිසා මේ ප්‍රශ්නය නිරාකරණය කර, ඔවුන්ට සහනදායි පියවරක් ගන්නැයි මම මුදල් අමාත්‍යංශයට දැනුම් දෙමි.

 


ප්‍රශ්නය : 2015 පෙබරවාරි මස ඉදිරිපත් කළ අයවැයෙන්, රජයේ සේවකයින්ට රුපියල් 10,000 ක වැටුප් වැඩිවීමක් යෝජනා කර, එය දීමනාවක් ලෙස වැටුපට එකතු කළේය. 2016 අයවැය යෝජනාවලින් එම මුදල මූලික වැටුපට කොටස් වශයෙන් එකතු කර, ජනවාරියේ සිට 2500 ක් මූලික වැටුපට එක්කරන බව රජය ප්‍රකාශ කළේය. මම 2015 මැයි මස විශ්‍රාම ගිය අයෙක්මි. වැඩිකළ දීමනාවෙන් රුපියල් 8000 ක් විශ්‍රාම යන මොහොතේ වැටුපට එක්කර තිබිණි. එමනිසා 2015 පෙබරවාරි මාසයෙන් පසුව, රජයේ සේවයෙන් විශ්‍රාම ගිය සියලුදෙනාටම රුපියල් 10,000 දීමනාත් මූලික වැටුපට එක්කර විශ්‍රාම වැටුප ගෙවන මෙන් ඔබතුමාගෙන් ඉල්ලමි.
එම්. එම්. සෙනෙවිරත්න - පේමඩුව, අනුරාධපුර.


පිළිතුර : මේ කාරණයේදී විශේෂයෙන්ම අප කටයුතු කරන්නේ මහා භාණ්ඩාගාරයේ සිටින ආර්ථික විශේෂඥයින් සමග බව කිව යුතුය. ඒ නිසා මේ ඉල්ලීම සම්බන්ධයෙන් සහනදායීව කටයුතු කළ හැකිද යන්න මුදල් අමාත්‍යාංශයෙන් විමසීම වැදගත් වේ. එබැවින් මේ කාරණය මුදල් අමාත්‍යාංශයට දැනුම්දීමට මම පියවර ගන්නෙමි.

 


ප්‍රශ්නය : මම බදුල්ලේ පිහිටි මධ්‍යම පරිමාණ මත්පැන් නිෂ්පාදනාගාරයක වසර ගණනාවක් සේවය කළ අයෙක්මි. පසුගිය අයවැයෙන් මත්පැන් නිෂ්පාදන බලපත්‍ර සඳහා විශාල බද්දක් අය කිරීම හේතුවෙන්, එම ආයතනය පවත්වාගෙන යා නොහැකි නිසා වසා දැමීමට එහි හිමිකරුවන් කටයුතු කළා. මේ නිසා එහි සේවය කළ 65 දෙනෙකුට එහි සේවය අහිමි විය. ඉන් වැඩිදෙනා වයස අවුරුදු 50 ඉක්ම වූ අය නිසා නව රැකියා සොයා ගැනීමටද නොහැකිය. එබැවින් මෙම කර්මාන්තය රජයට පවරාගෙන හෝ පවත්වාගෙන යමින්, අපේ රැකියා ආරක්‍ෂිත කිරීමට පියවර ගත නොහැකිද?
එස්. ආර්. පතිරන - බදුල්ල.


පිළිතුර : මෙම බදු පැනවීම නිසා ඔබ සඳහන් කරන කර්මාන්ත ආයතනයේ පමණක් නොව, තවත් කර්මාන්ත ආයතන රැසකට ඔය ප්‍රශ්නය ඇති වී තිබේ. මේ ආකාරයෙන් රැකියා අහිමිවන ලෙස කටයුතු කිරීම සුදුසු නොවන බව මා මුදල් ඇමතිවරයාටද දැනුම් දී ඇත. ඒ නිසා මේ සම්බන්ධයෙන් අවශ්‍ය පියවර ගන්නැයි මම මුදල් අමාත්‍යාංශයට නැවත දැනුම්දීමට පියවර ගනිමි.


 

ජනපතිගෙන් අහන්න

“ජනපතිගෙන් අහන්න” ඉරිදා ලංකාදීපය පාඨක ඔබ වෙත ගෙන එනු ලබන නවතම විශේෂාංගයයි


ජනපති යනු රටේ සියලු ජනී ජනයාගේ නායකයා වේ. ඒ සමගම රටේ සියලු වැදගත් තීන්දු තීරණ ගනු ලබන්නේ ජනාධිපතිවරයා විසිනි. රට හමුවේ නිමැවන සියලු අභියෝග ජය ගනිමින් රටට නොනැවතී ජයග්‍රහණ නිර්මාණය කිරීමේ වගකීම ජනපතිවරයා සතුය. ඒ සඳහා රටේ නියම තත්ත්වය සහ ජනතා අභිලාෂයන් පිළිබඳ නිවැරදි අංගසම්පූර්ණ අවබෝධයක් ජනාධිපතිවරයා තුළ තිබිය යුතුය.


එහෙත් කාලාන්තරයක් මුළුල්ලේ රටේ ගොඩනැගෙමින් තිබෙන ප්‍රශ්න දෙස බලන විට රට පිළිබඳ නිවැරදි තොරතුරු රටේ පළමු පුරවැසියාට ගලා එනවාද යන සැකයක් ද මතුවේ. සාමාන්‍යයෙන් රටේ සකස්වී ඇති ක්‍රමයට අනුව ඉහළ සිට පහළට තොරතුරු ගලා එනවා විනා පහළ සිට ඉහළට තොරතුරු ගලායාමක් සිදු නොවේ. එදා මෙදා කවදත් සිදුවූයේ එයමය. එහෙයින් පෙර රජවරු විවිධ වෙස් ගෙන ජනතාව අතරට ගියේ ජනතාවගේ සැබෑ, නිවැරදි තොරතුරු අසා දැක ගැනීමේ අටියෙනි. එහෙත් අද එසේ කළ නොහැකිය. ‘ජනපතිගෙන් අහන්න” විශේෂාංගය අප ගෙන එන්නේ ඒ වෙනුවෙනි.


මේ හරහා ඔබේ පළාතේ, ඔබේ ගමේ, ඔබේ ආයතනයේ, ඔබේ ජන කණ්ඩායමේ ප්‍රශ්න ඍජුව ජනාධිපතිවරයා වෙත යොමුකිරීමේ අවස්ථාව ඔබට හිමිවේ. ඒ අනුව ඔබ යොමුකරන ප්‍රශ්න ජනාධිපතිතුමාට ඉදිරිපත්කර ලැබෙන පිළිතුරු මසකට වරක් පුවත්පතේ පළ කෙරේ. එහෙත් පෞද්ගලික ප්‍රශ්නවලට මේ යටතේ ඉඩක් නොලැබෙන බවද සඳහන් කළ යුතුය.


රටවැසියකු ලෙස ඔබගේ වගකීම නිසි ලෙස හඳුනාගනිමින් පුරවැසි ජනමාධ්‍යයේ නව පරිච්ඡේදයක් ඇරඹීමට ඔබට හිමිවෙන මෙම අගනා අවස්ථාව එයට හිමි නිසි අර්ථයෙන්ම ඔබ හඳුනාගනු ඇතැයි අපි විශ්වාස කරමු. ඔබගේ ප්‍රශ්න පහත ලිපිනයට යොමුකරන්න.

 

ජනපතිගෙන් අහන්න
ඉරිදා ලංකාදීප, 
නො. 08, හුණුපිටිය හරස්පාර, කොළඹ - 2.

m



අදහස් (0)

තරග විභාගයකින් රැකියාවලට ගන්න රජයට නිර්දේශ කරනවා

කමනි Saturday, 27 February 2016 04:41 PM

මෙය පාඨකයන්ට ලබාදෙන සීමිත වූ අවස්ථාවකි. විසඳා ගැනීමට දහසකුත් ප්‍රශ්න ඇති රටේ, තමාගේ වෘත්තිය, වැටුප්, උසස්වීම් ගැන ප්‍රශ්න ජනාධිපතිගෙන් නොඅසා ඒවා අදාළ තැන්වලින්ම අසනවා නම් වඩාත් හොඳයි. (නි)

:       0       0

සමන් පෙරේරා Tuesday, 01 March 2016 06:10 AM

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තේරීමේදී තරංග විභාග නැද්ද ?(හේ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

විශේෂාංග

කොළඹ සර්පයින්, කලවැද්දන් බෝවන්නේ මෙහෙමයි
2025 අප්‍රේල් මස 23 579 0

කොළඹ මහ නගර සභාවේ පළිබෝධ පාලන ඒකකය ඉදිරිපස ඇති මෙම ස්ථානය නාගරික සංවර්ධන අධිකාරියට අයත් අතහැර දැමූ දේපළකි. එසේම මෙම ස්ථානය සර්පයන්ගේ සිට මීයන්, කලවැද්


ජනතාව වෙනුවෙන්ම කැපවූ ශුද්ධෝත්තමයාණෝ
2025 අප්‍රේල් මස 23 79 0

ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්තුමන්ගේ ස්වර්ගස්ථ වීම සම්බන්ධයෙන්, ආගම් භේදයකින් තොරව මුළු ලොවම කම්පා වෙයි. ඊට හේතුව ෆ්‍රැන්සිස් පාප්තුමන්, අනෙකුත් පාප්


වර්තමාන ආර්ථිකය කොතැනද?
2025 අප්‍රේල් මස 23 97 0

ශ්‍රී ලංකා මහබැංකුව විසින් 2024 වසරට අදාළ ආර්ථික විවරණය ජනාධිපති සහ මුදල් අමාත්‍ය අනුර කුමාර දිසානායක මහතා වෙත පසුගියදා ඉදිරිපත් කරනු ලැබීය. සෑම වසරක්ම


උතුරු මුහුදේ මසුන් අල්ලන තමිල්නාඩු ධීවරයන්ගේ ඇත්ත කතාව
2025 අප්‍රේල් මස 22 324 1

මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍ය වාර්තා කරන ආකාරයට ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ ශ්‍රී ලංකා සංචාරය බෙහෙවින් සාර්ථක එකක් විය. අප්‍රේල් 4 වැනි සිකු


ගීත නමින් දැන් තියෙන්නේ හරසුන් බොල් විප්‍රකාර
2025 අප්‍රේල් මස 22 218 1

ප්‍රවීණ ගීත රචක බණ්ඩාර ඇහැළියගොඩ මහතාගේ ගීත විමර්ශනය කරමින් ගෝනදෙණියේ විමලජෝති හිමියන් විසින් රචනා කරන ලද “නොනිවෙන පහන් සිළ-බණ්ඩාර ඇහැළියගොඩ නිර්මා


භවන ගිනිගනිද්දී දොරටුව රැකීම අමාරුයි
2025 අප්‍රේල් මස 22 110 0

ගෝනදෙණියේ විමලජෝති හිමි මීට පෙරද නිර්මාණාත්මක සාහිත්‍යය සම්බන්ධයෙන් මෙන්ම බුද්ධ ධර්මය සම්බන්ධයෙන් ද කෘති කිහිපයක්ම ලියා පළ කළ යතිවරයාණන් වහන්සේ නම


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 673 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 333 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 481 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site