IMG-LOGO

2024 නොවැම්බර් මස 26 වන අඟහරුවාදා


තෙලෙන් විදුලියෙන් බිඳවැටෙන ඇඟලුම්

ලංකාවේ වසරක අපනයන ආද‌ායම ඇමෙරිකන් ඩොලර් බිලියන 15 කි. ඉන් 11 ක් ලැබෙන්නේ කාර්මික අපනයන වලිනි. කාර්මික අපනයනවලින් ලැබෙන ආද‌ායමෙන් සියයට 48 සිට 49 අතර ප්‍රමාණයක් ලැබෙන්නේ ඇඟලුම් අපනයනවලිනි. සංඛ්‍යාත්මකව දැක්වුවහොත් එය ඇමෙරිකන් ඩොලර් බිලියන පහකි. කොරෝනා උවදුර පැවැතිය දී 2021 දී ද අපි එතරම් ආද‌ායමක් රටට උපයා දුන්නෙමු.

රටට ලැබෙන විදේශ ආද‌ායමෙන් නැතහොත් ඩොලර් වලින් සියයට 80 ක් ගෙනෙන්නේ ආයෝජන මණ්ඩල පනත යටතේ ස්ථාපිත කර්මාන්ත ශාලාවලිනි.

කොරෝනා ආරම්භ වූ 2020 මාර්තු මාසයේ සිට 2021 අවසන් වනතුරු රටට ලැබුණු ඩොලර් ආද‌ායම උපයා දුන්නේ අපේ කර්මාන්ත ශාලා හිමියන්ය. එය රටට ලැබෙන තිරසාර ආද‌ායමකි.

විදෙස් රටවල සේවය කරන ලාංකිකයන් ලංකාවට එවූ මුදල් ප්‍රමාණය වසරකට ඇමෙරිකන් ඩොලර් බිලියන 7 ක් පමණ වෙයි. එහෙත් වර්තමාන රජයේ අදූරදර්ශී පිළිවෙත් නිසා ඒ ආදායම එන්න එන්නම අඩුවෙයි. විදේශ ශ්‍රමිකයන් එවන මුදල් රුපියල් කළ යුතු බවත් ඔවුන් එවන විදේශ මුදල්වලට සියයට 10 ක් වැඩිපුර ගෙවන බවත් රජය කියයි. එවැනි කතන්දර කීම නිසා විදේශ ශ්‍රමිකයන් මෙරටට මුදල් එවීම සීමා විය. එහෙත් කාර්මික අපනයනවලින් ලැබුණේ ශුද්ධ ආද‌ායමකි. අපනයනකරුවන්ට උණ්ඩියාල් මාර්ගවලින් මෙරටට සල්ලි ගෙන්විය නොහැකිය.

අද රටේ තිබෙන ප්‍රශ්න තුනකි. විදේශ විනිමය හිඟය පළමුවැනි ප්‍රශ්නයයි. ඉන්ධන නොමැතිකම දෙවැනි ප්‍රශ්නයයි. තෙවැනි ප්‍රශ්නය විදුලිය කැපිල්ලයි. ඒ ප්‍රශ්න තුනෙන් වැඩිම බලපෑමක් වන්නේ කාර්මික අපනයන අංශයටයි. ‘රත්තරන් බිත්තර දමන කිකිළිය මරාගෙන කන්න එපා.’ යි ඉංග්‍රීසි කියමනක් තිබේ. රජය දැනට කරගෙන යන හැම ක්‍රියාමාර්ගයකින් වන්නේ ඒ දෙයයි.

 2019 දී වැටුණු ඇඟලුම් ආද‌ායම 2020 දී ද අඩුවිය. එහෙත් 2021 දී අපි එය යළිත් කොරෝනාවලට පෙර තිබූ තත්ත්වයට රැගෙන ආවෙමු. 2021 දී යම් යම් ප්‍රශ්න තිබුණත් තෙල් හා විදුලි ප්‍රශ්න නොතිබිණි. එහෙත් දැන් පවතින ඒ ප්‍රශ්න නිසා අපට ඇතිවී තිබෙන බලපෑම අති විශාලය. 2025 දී තම ආද‌ායම ඩොලර් බිලියන 7 ක් දක්වා ඉහළ නංවා ගැනීමට ඇඟලුම් නිෂ්පාදකයෝ බලාපොරොත්තු වෙති. එහෙත් මෙවැනි ආර්ථික අවපාතයක් සහ ඉහළ උද්ධමනයක් යටතේ අපට ඒ ඉලක්කයට යා නොහැකිය.

වෙළෙඳ කලාපවල විදුලිය කපන්නේ නැතැයි කීවාට කටුනායක හැර අනෙක් සියලු වෙළෙඳ කලාපවල විදුලිය කපයි. ආණ්ඩුවේ ප්‍රතිඥ‌ා හා පොරොන්දු වචන පමණකි. ඒ කිසිවක් ප්‍රායෝගිකව ක්‍රියාත්මක නොවෙයි. විදුලි කප්පාදුව තිබිය දී තෙල් හෝ තිබුණා නම් ජෙනරේටර්වලින් දුවන්න පුළුවන් කර්මාන්ත ශාලා එසේ පවත්වාගෙන යයි. එහෙත් තෙල් නැති නිසා එය ද කළ නොහැකිය. එසේ නම් කර්මාන්ත ශාලා පවත්වාගෙන යන්නේ කෙසේද? අපට මේ වන විට තිබෙන ප්‍රධානතම ප්‍රශ්නය එයයි.

තෙල් නැති නිසා දැනටත් ඇතැම් කර්මාන්ත ශාලා වසා දමා තිබේ. එමගින් ආයතනයට ඇතිවන ප්‍රශ්න සුවිශාලය. ඒ ප්‍රශ්න ඉතා දිගු කාලීනය. 2022 දී අපේ ඇණවුම් පොත් පිරී පවතියි.

 එහෙත් දැන් ඒ ඇණවුම්වලට නිසි ලෙස සැපයිය නොහැකිය. උද‌ාහරණයකට අප්‍රේල් මාසයේ දී අවුරුදු නිවාඩු සමය එළඹෙයි. ඒ කාලයේ දී සෑම කර්මාන්ත ශාලාවකටම තම සේවකයන්ට නිවාඩු දීමට සිදු වෙයි. ඒ නිසා දැනට ලැබී තිබෙන ඇණවුම් හැකි ඉක්මනින් සැපිරීමට කර්මාන්තකරුවෝ කවුරුත් වෙහෙසෙති.

එහෙත් විදුලිය හා තෙල් නැති නිසා අපට ඒ කටයුතු කර ගැනීමට නොහැකි වෙයි. රටේ පවතින ප්‍රශ්න නිසා අපට අහිමි වන ගැනුම්කරුවන් යළි ලබා ගැනීම ඉතාමත් අමාරු හා අපහසු කාර්යයකි. විදුලිය කප්පාදුව නිසා කම්හල වසා දැමීම හේතුවෙන් සේවකයන්ගේ ආද‌ායම අඩුවෙයි. අතිකාල දීමනා අඩුවෙයි.

බෝනස් ඇතුළු වෙනත් දිරි දීමනා ද අඩුවෙයි. එවිට ආද‌ායම අඩු වී ඔවුන්ගේ ජීවන තත්ත්වය පහත වැටෙයි. සරලව කිවහොත් ඔවුන්ට කන කෑම පවා සීමා කිරීමට සිදුවෙයි. ඒ සේවකයන්ගේ පැත්තය. අනෙක් පැත්තෙන් කම්හල්වල සැපයුම් ජාලය කඩා වැටෙයි. කන්ටේනර් දුවන්නේ තෙල්වලින් මිස වතුරවලින් නොවේ. ඒ නිසා අප ආනයනය කරන භාණ්ඩ ගෙන්වා ගැනීමටත් අපනයනය කරන භාණ්ඩ පිට රටවලට යැවීමටත් නොහැකි වෙයි.

කොරෝනා උවදුර නිසා දැනටත් සේවකයන් ගෙන්වාගත යුත්තේ සෞඛ්‍ය මාර්ගෝපදේශ යටතේය. තෙල් ප්‍රශ්නය නිසා පොදු ප්‍රවාහන සේවා අඩපණව හා ඇතැම් ඒවා ඇණහිටව පවතී. එවිට අපට අපේ සේවකයන් ප්‍රවාහනය කර ගැනීමට සිදු වෙයි. එහෙත් ඒ සඳහා අපට ද තෙල් නැත. මේ ප්‍රශ්නය නිසා කලින් සියයට හතරක් පහක් පමණ වූ සේවක නොපැමිණීම් දැන් සියයට දහය ද ඉක්මවා තිබේ. ඒ ප්‍රශ්න ගැන අපි ලිවිය යුතු තැන්වලට ලිව්වෙමු. කතා කළයුතු තැන්වලට කතා කළෙමු. එවිට ඔවුන් පොරොන්දු වූයේ නිදහස් වෙළෙඳ කලාපවල විදුලිය විසන්ධි නොකරන බවටය. එහෙත් ඒ පොරොන්දු ප්‍රායෝගිකව ක්‍රියාත්මක නොවෙයි. ඒ පොරොන්දු හා ප්‍රතිඥ‌ා හිස් වචන පමණකි.

ආණ්ඩුවේ මේ ක්‍රියා පිළිවෙත නිසා අපේ වියදම් එන්න එන්නම වැඩි වෙයි. එසේම තරගකාරිත්වය ද එන්න එන්නම වැඩිවෙයි. කොරෝනාවලට පෙරත් අප සිටියේ ශ්‍රම කුලිය ඉහළ රටකය. දැන් එය තවත් වැඩි වෙයි. ඒ නිසා ලෝක වෙළෙඳ පොළේ පවතින තරගකාරිත්වය ජය ගැනීමට නම් අප තව තවත් නූතන තාක්ෂණය භාවිත කළ යුතුය. ඒවා නොකර අපට අඩු පිරිවැයකින් භාණ්ඩ නිෂ්පාදනය කළ නොහැකිය. එසේ නම් ඒ නූතන තාක්ෂණය හැකි තරම් පාවිච්චි කිරීමට සිදු වෙයි. ඒ සඳහා දැරිය යුතු වියදම ද ඉතා ඉහළය. එහෙත් තෙල් හා විදුලිය නැති රටක අප එවැනි වියදම් දැරීමේ තේරුමක් තිබේද?

ආයෝජන ආරම්භ කිරීමට පෙර කර්මාන්තශාලාවලට අවශ්‍ය මූලික පහසුකම් විදුලිය ජලය, තෙල්, ගෑස් වැනි අත්‍යවශ්‍ය දේවල් අඛණ්ඩව සපයන බවට රජය පොරොන්දු වෙයි. එහෙත් අද වනවිට ලංකාවේ විදුලිය, තෙල් හා ගෑස් ද නැත. විදුලිය නොමැති නිසා ජල සැපයුමට ද බාධක ඇතිවී තිබේ. ඉතින් මේ පවතින ප්‍රශ්නවලට අපට විසඳුම් යෝජනා කළ හැකිය. එහෙත් අපට විසඳුම් දිය නොහැකිය.

විසඳුම් දිය හැක්කේ රජයටම පමණකි. අපට අවශ්‍ය පහසුකම් සැපයීමට ආයෝජන මණ්ඩලය උපරිමයෙන් උත්සාහ කරයි. එහෙත් ඔවුනට ද ඔවුන්ගේ සීමාවලින් එහාට යාමට නොහැකි තත්ත්වයක් දැන් උද්ගතව තිබේ. ආයෝජන මණ්ඩලය අපට සහාය දෙයි. අප සමඟ එකතු වී අපේ ප්‍රශ්න විසඳීමට කටයුතු කරයි. එහෙත් ඔවුන්ට ද සීමා පවතී. අපට අවශ්‍ය තෙල් සපයාගත හැකි ක්‍රමවේදයක් ආයෝජන මණ්ඩලය මැදිහත්ව සකස් කළත් අදටත් අපට තෙල් සපයන්නේ නැත. ප්‍රමුඛතාවක් තියා කිසිම විශේෂ සැලකිල්ලක් අපට හිමි නොවෙයි.

රටට ඩොලර් උපයාදෙන කර්මාන්ත ශාලාවලට සලකන්නේ එහෙමය. කොරෝනා අර්බුදය පවතිද්දීත් අපි රජයට වෙනදාටත් වැඩියෙන් ඩොලර් උපයා දුන්නෙමු. එහෙත් ඒ කම්හල්වලට බෙදන්නේ කාටත් බෙදන හැන්දෙනි. අද රටේ පවතින ප්‍රධාන ප්‍රශ්න තුන වන ඩොලර් හිඟය, විදුලිය කැපිල්ල සහ ඉන්ධන නැති කමට කළ යුතු පිළියම් ඒ ඒ ක්ෂේත්‍රවල විශේෂඥයන් රජයට පෙන්වා දී තිබේ. විශේෂඥ උපදෙස් පිළියම් හා යෝජනා ලංකාදීප පුවත්පත මගින්ද රට හමුවේ තබයි. එහෙත් ප්‍රශ්නයකට තිබෙන්නේ ඒ විශේෂඥ උපදෙස් යෝජනා හා පිළියම් රජය පැත්තෙන් ක්‍රියාත්මක නොකිරීමය.

රජය විශේෂඥයන්ට ඇහුම්කන් දෙන්නේම නැත. ණය වාරික හා පොලිය ගෙවීම කල් දමා ඒ ඩොලර්වලින් ඉන්ධන ආනයනය කර අඛණ්ඩව විදුලිය සපයමින් ප්‍රවාහන පද්ධතිය අඛණ්ඩව පවත්වාගෙන යා හැකි බව විශේෂඥයනුත් වාණිජ ප්‍රජාවත් රජයට පෙන්වා දුන්නේ මාස ගණනකට පෙර සිටය. එහෙත් රජය ඒ උපදෙස් පිළිගත්තේ නැත. තිබූ ඩොලර් ටිකත් ණය ගෙවීමට වැය කළේය. ඒ නිසා අද රටට අවශ්‍ය ඉන්ධන මිලදී ගැනීමට ඩොලර් නැත. ඉන්ධන නැති නිසා රටම අඳුරේය. ප්‍රවාහන පද්ධතිය කඩා වැටී ජන ජීවිත ද ඇද වැටෙමින් පවතී. එහෙත් ඒ පිළිබඳව රජය අසංවේදීය. ශ්‍රී ලංකා මහ බැංකුවේ ඉහළ පුටුවල සිටින අය ඉන්නේ වෙනම ලෝකවලය. කළ යුතු ප්‍රත්‍යක්ෂ පිළියම් යොදන්නේත් නැති නම් මේ තත්ත්වය කොහෙන් කෙළවර වේදැයි අපට ඇත්තේ බියකි. 

පිළියම් යෙදීමේ හෝ විසඳුම් ක්‍රියාත්මක කිරීමේ බලයක් අපට නැත. කර්මාන්තකරුවන් වන අප යෝජනා කළේත් විශේෂඥයන් යෝජනා කළ දේවල්මය. එහෙත් ඒ කිසිවක් කනකටවත් ගන්නේ නැතිකම නිසා අද මුළු රටම අර්බුදයක එරී සිටියි. රජය ප්‍රමුඛතාව දිය යුත්තේ ණය ගෙවීමට නොව ජනතාව ජීවත් කර වීමටය. රට පවත්වාගෙන යාමටය. ඒ සඳහා තෙල්, ගෑස්, ඖෂධ විදුලිය අත්‍යවශ්‍යය. එහෙත් අද අත්‍යවශ්‍ය ඒ කිසිවක් නැත. තීරණ ගැනීම අතින් රජය සිටින්නේ ඉතාමත් දුර්වල තත්ත්වයකය. රජය කියා සිටියේ මාර්තු 05 වැනිදායින් පසුව විදුලිය නොකපන බවය. අද මාර්තු 10 වැනිදාය. එහෙත් අදටත් විදුලිය කපයි. ඇතැම් ප්‍රදේශවලට අදටත් දවසක පැය හතහමාරක් විදුලිය කපයි. ඉතින් මේ කතා කියන්නේ කව් ද? කරන්නේ කව්ද? රජයේ ප්‍රතිඥා හා පොරොන්දු විහිළුවට ලක්වන්නේ මෙවැනි දේවල් නිසාය. 

අපට දේශපාලනයෙන් වැඩක් නැත. අප දේශපාලනය කරන්නේ ද නැත. ආයෝජකයන් වන අපේ ක්‍රියාමාර්ග වලින් යහපතක් වන්නේ රටට හා රජයටය. කාර්මික නොවන තේ හා රබර් අපනයනයට ද වර්තමාන තත්ත්වය නිසා විශාල බලපෑමක් ඇතිවී තිබේ. ඒ කර්මාන්තකරුවෝ ද අසරණව සිටිති. නිදහස් වෙළෙඳ කලාපවල පිහිටි කර්මාන්ත ශාලාවලට ආයෝජන මණ්ඩලය ඔස්සේ නව ආරම්භයක් අවශ්‍ය බව අපේ තක්සේරුවයි. රටේ පවතින ප්‍රශ්න නිසා ලෝක වෙළෙඳ පොළෙහි අපට තිබූ තරගකාරීත්වයේ වාසිය (competitive Advantage) අද අපට අහිමිය.

බංග්ලාදේශය, මියන්මාරය, වියට්නාමය, කෙන්යාව, ඉතියෝපියාව වැනි රටවල් සමඟ සසදා බැලුවහොත් එදා අපට පැවැති වාසි අද ක්‍රමයෙන් අහිමි වෙමින් යයි. අපේ පිරිවැය වැඩිවීම, ආයෝජන සඳහා රජයෙන් දෙන දිරිගැන්වීම් අඩුවීම වැනි කරුණු ඊට හේතු වෙයි. මා ඉහත කී රටවල් ආයෝජකයන්ට දෙන්නේ මොනවාද? අප දැනට දෙන්නේ මොනවාද? ඔවුන් නො​ෙදන්නේ මොනවාද? අපට දිය හැක්කේ මොනවාද කියා මැනවින් සසඳා බැලීමට දැන් කාලය එළඹ තිබේ. අනතුරුව අලුත් ආරම්භයකට යා යුතුය. එසේ නොකර කොටස් වෙළෙඳ පොළෙන් ආර්ථිකයක් පවත්වාගෙන යා නොහැකිය. කොටස් වෙළෙඳ පොළේ ආයෝජන අස්ථිරය, තාවකාලිකය. එසේම වෙනස්වන සුළුය. එලෙසින්ම වාෂ්පශීලීය. (Volatile) කොටස් වෙළෙඳ පොළේ ආයෝජන ඕනෑම වෙලාවක ආපසු ඇදගත හැකිය. එහෙත් කාර්මික ක්ෂේත්‍රයට යොදවන ආයෝජනයක් එසේ ලෙහෙසියෙන් ආපසු ඇදගත නොහැකිය. ඒ ආයෝජකයන්ගේ අරමුණ ලාබ ලබා ගැනීමය. ඒ ආයෝජන රටේ රැඳෙයි. එහෙත් කොටස් වෙළඳ පොළේ ආයෝජන එසේ නොරැඳෙයි. පලා යයි.

පසුගිය කාලයේ එසේ සිදුවී ද තිබේ. සංචාරක කර්මාන්තයෙන් රටට එන ආදායමෙන් සියයට 80 ක් යළි රටින් පිටට යයි. එවිට රට ඇතුළේ ඉතිරි වන්නේ සියයට 20 කි. එහෙත් කාර්මික අපනයන එසේ නොවේ. කාර්මික අපනයනවල දී අගය එකතු කිරීම් හැකි තරම් කළ හැකිය. අගය එකතු කිරීම් වැඩිවන තරමට රටේ විදේශ විනිමය සංචිත තරවෙයි. එසේම අගය එකතු කිරීම් වැඩිවන තරමට රැකියා සුලබ වෙයි. අප යෝජනා කරන්නේ රට එතැනට ගෙන යාමටය. ඒ නිසා විදේශ ආයෝජනවලටත් ඩොලර්වලින් කරන ආයෝජනවලටත් දිරිගැන්වීම් වැඩි කළ යුතුය. ඒ දිරිගැන්වීම් ලාංකික ආයෝජකයන්ට ද ලබාදිය යුතුය. අප කාටත් නව ආරම්භයක් අවශ්‍යයි.

සාකච්ඡා සටහන ගුණසිංහ හේරත්



අදහස් (0)

තෙලෙන් විදුලියෙන් බිඳවැටෙන ඇඟලුම්

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

උතුර-දකුණ එකට එක්කළ ඡන්දයක්
2024 නොවැම්බර් මස 23 309 2

මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේ දී ඉතිහාසයේ පළමු වතාවට සිදුවීම් ගණනාවක් දැකගත හැකි විය. ඒවා ජාතික ජන බලවේගය පිහිටු වූ වාර්තා ලෙසද ඇතැමුන් හඳුන්වනු දුටුව


මාලිමාවේ ජයෙන් ඔබ්බට
2024 නොවැම්බර් මස 22 934 1

මහ මැතිවරණය නිමා වී ඇත. නව පාර්ලිමේන්තුව ද පළමු වතාවට ඊයේ රැස්වූයේය. ජාතික ජන බලවේගයේ දේශපාලන වැඩසටහන විධායකය සහ ව්‍යවස්ථාදායකය යන ක්ෂේත්‍ර දෙකේම ශක්


එලොව පොල් පෙන්වන පොල් මිලේ රහස
2024 නොවැම්බර් මස 21 1421 0

බ්‍රිතාන්‍ය යටත්විජිත සමයේ සිට මෙරට භාණ්ඩ අපනයනය සිදු වුණි. එදා සිට අද දක්වාම මෙරට ප්‍රධාන අපනයනික බෝග ලෙස හඳුනාගන්නේ තේ, පොල්, රබර් ය. එහෙත් එම පිළිගැන


ජයග්‍රහණ ජනසතුවේ අභියෝග
2024 නොවැම්බර් මස 21 218 0

ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රමුඛ ජාතික ජන බලවේගය මෙවර මහ මැතිවරණයේ දී ජනතාවගෙන් ඉල්ලා සිටියේ ‘පොහොසත් රටක් ලස්සන ජීවිතයක්’ ජනතාවට උරුම කර දීම සඳ


පෙරදිග ධාන්‍යාගාරයේ සහල් අර්බුදය
2024 නොවැම්බර් මස 20 440 1

පෙරදිග ධාන්‍යාගාරය යන්න ඇසූ සැණින් කාගේත් මතකයට නැගෙන්නේ මහා පරාක්‍රමබාහු සමයේ අප රට හැදින් වූ නමයි. වචනයේ අර්ථය අනුව ගතහොත් පෙරදිග ලෝකයටම අවශ්‍ය තරම


ආණ්ඩුවට භාරදූර වගකීමක්
2024 නොවැම්බර් මස 19 608 0

ජාතික ජන බලවේගයට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක් ඉක්මවා යන ආසන 159ක අද්විතීය ජයග්‍රහණයක් ලබා දෙමින් 2024 පාර්ලිමේන්තු මැතිවරණය නිමාවට පත්විය. එහිදී සමඟි ජන බ


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 530 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 743 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2065 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site