බදුල්ල තෙල්බැද්දවත්ත අංක 01 දෙමළ විද්‍යාලයේ සිසු දරුවන් කුඩා ටකරන් මඩුවක් පන්ති කාමරයක් බවට පත්කරගනිමින් අධ්‍යාපනය ලබන ආකාරය පිළිබඳව ඡායාරූප සහිත විස්තරයක් අපගේ ලංකාදීපෙය් පසුගියදා පළවූයේය. එම තාවකාලික “පන්ති කාමරය” විද්‍යාලයේ අබලි ද්‍රව්‍ය දැමීමට ඉදිකර තිබූ මඩුවක් බවද සඳහන්ය. මෙම විද්‍යාලයේ සිසු දරුදැරියන් 250 දෙනකු පමණ අධ්‍යාපනය ලබන බවද කොතරම් දුෂ්කරතා තිබුණත් විදුහල්පතිනිය ඇතුළු ගුරුවරුන් පිරිස අධ්‍යාපන කටයුතු සාර්ථකව සිදුකරන බවද මවුපියන් පිරිසක් පුවත්පතට ප්‍රකාශ කර තිබිණි.
අධ්‍යාපනය සම්බන්ධයෙන් අපට බොහෝ දේ ප්‍රකාශ කළ හැකිය. එය දරුවන්ගේ මූලික අයිතියක් බවද රටේ අනාගතය බාර ගැනීමට හෙට දවසේ ඉදිරිපත් වන්නේ අද දවසේ පාසල් අවධ්‍යාපනය ලබන සිසු දරුවන් බවද නිදහස් අධ්‍යාපනයේ වටිනාකමද ඉතා ඉහළ බවද යනාදී වශයෙන් පෙන්වා දිය හැකි කරුණු කාරණා නිමක් නැත. එහෙත් ඒ ප්‍රකාශවල වටිනාකම බරපතළ ලෙස ප්‍රශ්න කෙරෙන එක් අවස්ථාවක් හැටියට බදුල්ල තෙල්බැද්දවත්ත දෙමළ විද්‍යාලයේ පවතින සැබෑ තත්වය පෙන්වා දිය හැක. අධ්‍යාපනය වෙනුවෙන් බලයට පත්වෙන හැම ආණ්ඩුවක්ම කොතරම් පොරොන්දු ලබා දුන්නත් ඒ පොරොන්දු තවමත් ඉටු කෙරෙන්නේ “කොළඹට කිරි-ගමට කැකිරි” න්‍යායෙන්ම බවට මෙය කදිම උදාහරණයකි.
මෙරට සිසු දරුවන්ගේ අධ්‍යාපන මට්ටම උසස් තත්වයකට ගෙන ඒමට ආණ්ඩු කරවන බලධාරීන් කිසිවක් නොකරන්නේ යැයි අපි නොකියමු. විවිධ ආණ්ඩු මගින් කෙටි කාලීනව සහ දීර්ඝකාලීනව සැලසුම් කර ක්‍රියාත්මක කෙරෙන අධ්‍යාපනයේ තත්වය ඉහළ නංවන ව්‍යාපෘති විශාල ගණනක් තිබෙන බවද කිව යුතුය. එහෙත් පාසල්වලට යටිතල පහසුකම් සැපයීමේදී ඇතැම් පාසල් බලධාරීන්ගේ අවධානයෙන් ගිලිහී යන බව බදුල්ල තෙල්බැද්දවත්ත විද්‍යාලය පෙන්වා දී තිබේ. නැත්නම් ඒ පාසලේ දරුවන්ට මේ ගිනිගහන අව්වේ කැකෑරෙන ටකරං මඩුවක අධ්‍යාපනය ලැබීමට තරම් අවාසනාවන්ත ඉරණමකට මුහුණදීමට සිදුවන්නේ නැත.
බදුල්ල දිස්ත්‍රික්කය ප්‍රධාන වශයෙන් කෘෂිකාර්මික සහ පශූ සම්පත් ආර්ථිකයක් මත රඳා පවතින දිස්ත්‍රික්කයකි. එසේම බදුල්ල සැලකෙන්නේ ශ්‍රී ලංකාව තුළ ආර්ථික වශයෙන් දිළිඳු මට්ටමක පවතින එක් දිස්ත්‍රික්කයක් වශයෙනි. කලකට පෙර සිදුකර ඇති එක් අධ්‍යයන වාර්තාවක සඳහන් වන්නේ මොනරාගල, බදුල්ල, හම්බන්තොට සහ ත්‍රිකුණාමලය ඉතා අඩු ආදායම් ලබන ජනතාවක් වෙසෙන දිස්ත්‍රික්ක වශයෙනි. එහෙත් එසේ වූ පමණින් පාසල් දරුවන් ටකරන් මඩුවලට දමා ඉගැන්වීමට සිදුවන තත්වයක් තිබිය යුතු නැත. බදුල්ල දිස්ත්‍රික්කය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට පැමිණ කැබිනට් අමාත්‍ය ධුර හෙබවූ දේශපාලනඥයෝ විශාල පිරිසක් වෙති. එයට වතු යටිතල පහසුකම් විෂයයෙහි පුරෝගාමී භූමිකාවක් ඉටුකරන අමාත්‍යධුරය දරන දේශපාලනඥයන් හැමවිටම නියෝජනය කරන්නේ ආණ්ඩු පක්ෂයයි. එසේ තිබියදීත් මෙවැනි තත්වයක් උදාවී තිබීම සම්බන්ධයෙන් අපට ඇතිවන්නේ දැඩි කනගාටුවකි.
මෙය හුදකලා සිද්ධියක් වශයෙන් නොසලකා සමස්තයක් හැටියට කිසියම් අධ්‍යයනයක් සිදුකර විසඳුම් ලබාදිය යුතු ගැටලුවක් බව පෙන්වා දිය යුතුය. අද බදුල්ලේ පාසලකට උරුම වී තිබෙන මේ තත්වයක් සෙසු ඇතැම් දිස්ත්‍රික්කවලද පොදු ප්‍රශ්නයක් වශයෙන් පවතින බව රහසක් නොවේ. බොන්න වතුර නැති, හදිසියකට යාමට වැසිකිළි පහසුකම් නැති. ප්‍රමාණවත් පන්ති කාමර නැති පාසල් විශාල සංඛ්‍යාවක් මෙරට තිබෙන බව වරින්වර වාර්තා වෙයි. මේ සියල්ලට එක රැයින් විසඳුම් දිය නොහැකි නමුත් සැලසුම්සහගතව වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන තුරු තාවකාලිකව හෝ මෙලෙස අනන්ත දුක් විඳ දරා ගනිමින් කෙසේ හෝ අධ්‍යාපනය ලබාගැනීමට වැරදරන මේ සිසුදරුවන්ට සාධාරණය ඉටුකර දිය යුතුය.
මේ ගැටලුවට විසඳුම වන්නේ අදාළ පාසලේ විදුහල්පතිනියට හෝ ගුරුවරුන්ට හෝ එරෙහිව විනය පියවර ගැනීම නොවන බවද දේශපාලන බලධාරීන්ට පෙන්වා දීමට කැමැත්තෙමු. ඔවුහු තිබෙන පහසුකම් උපරිමව ලබා දෙමින් දරුවන්ට අධ්‍යාපනය ලබාදෙන බව මවුපියෝ ප්‍රකාශ කරති. අඩුම තරමින් ආරම්භයක් හැටියට හෝ තෙල්බැද්දවත්ත සිසු දරුවන්ගේ ගැටලුව විසඳා දෙන්නැයි අපි බලධාරීන්ගෙන් ඉල්ලා සිටිමු.
(***)
වහලය මත සවිකරන සූර්යබල විදුලි පද්ධති මගින් නිෂ්පාදනය කෙරෙන විදුලිය මිලදී ගැනීමේ දී ලංකා විදුලිබල මණ්ඩලය මෙතෙක් ගෙවන ලද මිල ගණන් විශාල ලෙස පහළ දැමීමට
සිංහල නාට්‍ය කලාවේ අමරණීය යුගයක් නිර්මාණය කරමින් එහි සන්ධිස්ථානයක් ඇති කළ මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර මහතාගේ නාට්‍යාවලිය තුළ නිශ්ශංක දිද්දෙනිය න
මෙම වසරේ මැයි මස 6 වැනි දින පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණය ශ්‍රී ලංකාවේ මැතිවරණ ඉතිහාසයේ සුවිශේෂ මැතිවරණයක් ලෙස හැඳින්විය හැකිය.
ලොව පුරා වෙසෙන මුස්ලිම් ජනතාව මහත් හරසරින් සමරන රාමසාන් උත්සවය අදට (31) යෙදී ඇත. ඒ නිමිත්තෙන් මෙම ලිපිය පළ වේ.
අතීතයේ බුරුමය ලෙසින් හැඳින්වුණු මියන්මාරය, ථෙරවාදී බෞද්ධ රාජ්‍යයකි. 2021 වසරේ සිට මියන්මාරයේ යළිත් වරක් පවතින්නේ හමුදා ජුන්ටාවකි; එසේත් නැතිනම් හමුදා ප
කොළඹ විශ්වවිද්‍යාලයේ උප කුලපති ලෙස මාගේ ධූරකාලය අප රටේ විශ්වවිද්‍යාල පද්ධතියේ ඉතිහාසයෙහි වඩාත්ම දරුණු කාලපරිච්ඡේදය හා සමපාතව පැවතිණි. සියලු පද්ධත
මිනි සීරීස් කන්සෙප්ට් එකෙන් සීරීස් කිහිපයක්ම නිර්මාණය කරපු අධ්‍යක්ෂකවරයෙක් තමයි ජෝ දිසානායක. Hello Dada අධ්‍යකෂණය සිදු කරන්නේද ඔහු විසින්ම. බොහෝ ජනප්‍රිය
ප්‍රයිම් සමූහය ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ පෙරළියක් සිදුකරමින් නව ගෙවීම් ක්‍රමවේදයක් හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේ ය.
දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
තෙල්බැද්ද හුදකලා නොකර රටේම ප්‍රශ්නයක් සේ සලකමු