IMG-LOGO

2024 සැප්තැම්බර් මස 30 වන සඳුදා


තලේබාන් තීන්දුව අනාගතයට

‍ලෝකයේ ඉතා දියුණු රහස් ඔත්තු සේවයක් ඇතැයි කියන ඇමෙරිකාවට ද තාලිබාන් සංවිධානය මෙතරම් ඉක්මනින් ඇෆ්ගනිස්ථානයේ  අගනුවර වන කාබුල් අල්ලා ගනු ඇතැයි සිතා ගත නොහැකි වී ඇති බව පෙනේ.

පසුගිය 15 වැනිදා තාලිබාන් සටන්කරුවන් කාබුල් නුවරට ඇතුළුවීමට දින හතරකට පෙර ප්‍රකාශයක් කළ ඇමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් තාලිබාන්වරුන්ට එරෙහිව සටන් කිරීම සඳහා තම රජය තවදුරටත් ඇෆ්ගනිස්ථානයේ ජනාධිපති අෂ්රෆ් ගනීගේ හමුදාවන්ට ආහාර, යුද උපකරණ හා වැටුප් ආදියට ආධාර කරන බවත් ඇෆ්ගන් හමුදාව ක්‍රියාකාරී තත්ත්වයෙන් පවත්වාගෙන යාම සඳහා ගුවන් සහය දෙන බවත් ප්‍රකාශ කළේය.

එහෙත් සිදු වූයේ දින හතරකින් අෂ්රෆ් ගනීට රටින් පලා යන්නට සිදුවීමය. ඔහු පලා යනවිට හෙලිකොප්ටර් යානයක් පුරා මුදල් හා මෝටර්  රථ හතරක් රැගෙන ගිය බව ඇතැම් මාධ්‍ය වාර්තා කොට තිබුණි. දැන් ඔහු එක්සත් අරාබි එමීර් රාජ්‍යයට ගොස් සිටී.

එක් අතකින් ගත්විට ඇමෙරිකාවම තාලිබාන් සංවිධානයට යළි බලයට පත්වීමට අවශ්‍ය තත්ත්වයක් නිර්මාණය කොට දුන් බවද කිව හැකිය. 2019දී ඇමෙරිකානු රජය තමන්ට ත්‍රස්තවාදීන් යැයි හැඳින් වූ තාලිබාන්වරුන් සමග කටාර්හි අගනුවර වන දෝහාහි දී සාකච්ඡා ආරම්භ කළේය. ඒ අනුව මේ වසරේ මැයි 1 වැනිදා වන විට තම හමුදා ඇෆ්ගනිස්ථානයෙන් ඉවත් කර ගැනීමට හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ රජය පසුගිය වසරේ පෙබරවාරි මාසයේ දී එකඟ විය.

එම එකඟතාව අනුව තම හමුදා ඉවත් කර ගැනීමට  හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ රජය  පසුගිය වසරේ පෙබරවාරි මාසයේ දී එකඟ විය. එම එකඟතාව අනුව තම හමුදා ඉවත් කර ගැනීමට හිලව් වශයෙන් තාලිබාන්වරුන් අල් කායිදා සංවිධානය සමග පවත්වන සබඳතාව නැවැත්විය යුතු යැයි ද අෂ්රෆ් ගනීගේ රජය සමග සාකච්ඡා ආරම්භ කළ යුතු යැයිද ඇමෙරිකාව කියා සිටියේය. තාලිබාන්වරු ඊට එකඟ වූහ. වෙනත් රටවලට එරෙහිව ත්‍රස්තවාදී කටයුතුවලට ඇෆ්ගනිස්තානය තුළ ඉඩකඩ නොදිය යුතුය යන්න ද ඉන් කියවිණි. මේ ගිවිසුමම තාලිබාන්වරුන්ගේ බලය පිළිගැනීමක් වැනිය.

ගිවිසුම අනුව පසුගිය මැයි මාසයේ ඇමෙරිකානු හමුදා ඉවත් කර ගැනීම ආරම්භ විය. ඒ සමගම තාලිබාන් සංවිධානය ඇෆ්ගන් හමුදාවන්ට එරෙහිව පහරදීම් ආරම්භ කළේය. මෙය ගිවිසුමට පටහැනි වුවද ඇමෙරිකාව එය වැළැක්වීමට කිසිවක් කළේ නැත. මුලින් ඉරානය, පාකිස්තානය, තජිකිස්තානය හා උස්බෙකිස්තානය යන රටවලට පිවිසෙන මාර්ග අල්ලා ගත් කැරලිකරුවෝ ඉතා වේගයෙන් පළාත් අගනුවරවල අල්ලා ගනිමින් ඉදිරියට ආහ.

වෙනත් යුද්ධවල දී දෙපාර්ශ්වයේ මියගිය භටයන් සංඛ්‍යාව වාර්තා වීම සිරිතකි. එහෙත් තාලිබාන් කැරැලිකරුවන් මෙසේ ප්‍රධාන නගර අල්ලා ගෙන ඉදිරියට එද්දී එසේ මරණ වාර්තා වූයේ නැත. ඊට හේතුව වූයේ බොහෝ ස්ථානවල ඇෆ්ගන් රජයේ හමුදා සටන් නොකරම කැරැලිකරුවන්ට එම නගර අල්ලා ගැනීමට ඉඩ දී පසු බැසීම යැයි කියවේ. ඇමෙරිකානු බලධාරීන් මීට හේතු වශයෙන් දැක් වූයේ ඇෆ්ගන් හමුදාවන්ගේ චිත්ත ධෛර්ය ඒ වනවිට බොහෝ දුරට බිඳී තිබීමයි.

අවසානයේ දී මුළු ලෝකයම රූපවාහිනී තිර මත දුටුවේ ඇමෙරිකානු හා අනෙකුත් නේටෝ හමුදා සමගම රටින් පිටවීමට උත්සාහ කරන දහස් ගණන් ඇෆ්ගන් හමුදාවන්ටත් ඇෆ්ගන් ආණ්ඩුවටත් පක්ෂපාතීව කටයුතු කළ අයයි. ඊට පෙර තම  හමුදාවන්ට භාෂා පරිවර්තනයෙන් සහ වෙනත් ආකාරවලින් සහය දුන් විශාල පිරිසක් තම රටට ගෙන්වා ගැනීමට ඇමරිකානු රජය කටයුතු කොට තිබිණි.

මේ තත්ත්වය අපට සිහි ගන්වන්නේ 1990දී ඉන්දීය හමුදා මෙරටින් පිටවන විට ඇතිවූ තත්ත්වයකි. ඉන්දීය හමුදා මෙරටින් පිටත් වන්නට පටන් ගන්නවාත් සමගම තාලිබාන් සංවිධානය කළාක් මෙන් කොටි සංවිධානය ද එමගින් හිස් වූ ප්‍රදේශ අල්ලා ගත්තේ ශ්‍රී ලංකා හමුදාවට ඊට ඉඩ නොතබමිනි.

එදා ඉන්දීය හමුදා මෙරටින් රැගෙන යන්නට ඉන්දීය නෞකා උතුරට පැමිණි විට එතෙක් එම හමුදාවන්ට සහය දුන් උතුරු නැගෙනහිර පළාතින් ප්‍රධාන ඇමැති වරදරාජ පෙරුමාල් ඇතුළු ඊ.පී.ආර්.එල්.එෆ්. සංවිධානයේ සාමාජිකයන් හා උතුරේ බොහෝ පිරිසක් පොරකමින් ඉන්දීය නෞකාවලට නැග ගත් බව දෙමළ ජනමාධ්‍ය වාර්තා කොට තිබිණි.

දහස් ගණන් ඇෆ්ගන් ජනතාව පසුගිය ඉරිදා සිට ගුවන් යානාවල පිටත ද එල්ලී පලා යාමට දැරූ උත්සාහය ජාත්‍යන්තර ජනමාධ්‍ය සමාන කොට තිබුණේ 1975 අප්‍රේල් 30 වැනිදා වියට්මිං හා වියට්කොං විප්ලවකාරී භටයන් දකුණු වියට්නාමයේ සයිගොන් අගනුවර අල්ලා ගන්නා විට එතෙක් ඇමෙරිකානුවන්ට හා දකුණු වියට්නාම් ආණ්ඩුවට සහය දුන් පිරිස් සයිගොන් නුවර ඇමෙරිකානු තානාපති කාර්යාලයේ වහලය මතට ගොඩබාන ලද හෙලිකොප්ටර් යානාවලට නැග ගැනීමට පොර කෑ ආකාරය සමගය.

ඇමෙරිකාව නෙ​​ටෝ හමුදා සහායෙන් ඇෆ්ගනිස්ථානය ආක්‍රමණය කළේ 1991 ඔක්තෝබර් මාසයේදීය. ඒ ඊට මසකට පෙර එනම් 1991 සැප්තැම්බර් 11 වැනිදා අල් කායිදා සංවිධානය ඇමෙරිකාවේ ලෝක වෙළඳ මධ්‍යස්ථානයට හා පෙන්ටගනයට පහර දී තුන්දහසක් පමණ දෙනා ඝාතනය කිරීමෙන් පසුවය. ජෝ බයිඩන් ඇමෙරිකානු හමුදා ඉවත් කර ගැනීම අවසන් කිරීමට යොදා ගත්තේ ද එම ප්‍රහාරයන්ට විසි වසරක් පිරෙන මේ වසරේ සැප්තැම්බර් 4 වැනිදාය.

මෙසේ වසර 20ක් පුරා ඇමෙරිකාව ඩොලර් ට්‍රිලියනකට වැඩි මුදලක් වියදම් කරමින් තම භටයන් 2500කට වැඩි පිරිසකට ජීවිත අහිමි කර ගනිමින් ඇෆ්ගනිස්ථානයේ රැඳී සිටීමෙන් ලබාගත් දේ කුමක්ද? යන්න බොහෝ දෙනා දැන් නඟන ප්‍රශ්නයයි. මීට පිළිතුරු වශයෙන් පසුගිය 11 වැනිදා ධවල මන්දිරයේ ප්‍රවෘත්ති ලේකම් ජෙන් ප්සාකි (Jen Psaki)  පවසා තිබුණේ ඇමෙරිකානු හමුදා ඇෆ්ගනිස්ථානයට ගියේ සැප්තැම්බර් 11 ප්‍රහාර එල්ල කළවුන් සම්බන්ධයෙන් යුක්තිය පසිඳලීම සඳහාත් ත්‍රස්තවාදීන් ඇමෙරිකාවට එරෙහිව තවදුරටත් ඇෆ්ගනිස්ථානය යොදා ගැනීම වැළැක්වීමට බවත් තම රට එම අරමුණු ඉටුකර ගත් බවත්ය.

ඇමෙරිකාව ඇෆ්ගනිස්ථානය ආක්‍රමණය කළේ ලෝකයේ ත්‍රස්තවාදයට එරෙහි යුද්ධයේ පියවරක් වශයෙනි. ඔවුන් තාලිබාන් සංවිධානය සැලකුවේ ද ත්‍රස්තවාදී සංවිධානයක් ලෙසය. අවසානයේ දී ඇමෙරිකාව එම සංවිධානයටම ඇෆ්ගනිස්ථානය බන්දේසියක තබා පිළිගන්වා පෙරළා පැමිණ තිබේ.

බොහෝ විචාරකයන් සලකන්නේ මෙය ඇමෙරිකාවේ පරාජයක් ලෙසය. ඇත්ත වශයෙන්ම පසුගිය වසර විස්ස තුළ ප්‍රධාන නගරවලින් තාලිබාන්වරුන් පළවා හැරීමට හැකිවූවා විනා ඇමෙරිකාව ප්‍රමුඛ නේටෝ හමුදාවන්ට තාලිබාන් සංවිධානය විනාශ කිරීමට නොහැකි විය. ඊට හේතුව ලෙස දැක්වෙන්නේ ඇෆ්ගනිස්ථානයේ ජනගහනය පැතිරී ඇති රටාව හා එරට භූගෝලීය තත්ත්වයි.

ඒ රටේ බහුතරය පෂ්තූන් ජාතිකයන් වන අතර ඔවුන් ප්‍රධාන වශයෙන්ම ජීවත් වන්නේ රටේ පාකිස්තානය දෙසට ඇති කොටස්වලය. ඉන් ඔබ්බට පාකිස්තානයේ ඇති කොටසේ ද ජීවත් වන්නේ පෂ්තූන්වරුය. මේ නිසා ඇමෙරිකානු හා රජයේ ඉලක්කවලට පහර දී පාකිස්තානය තුළට පලා යාමට කැරැලිකරුවන්ට හැකියාව තිබිණි.

අනෙක් අතට ඇෆ්ගනිස්ථානයේ විශාල කොටසක් වසා ගනු ලැබ ඇත්තේ හින්දු කුෂ් කඳුවැටිය විසිනි. මෙය ලෝකයේ ඉතාම දුෂ්කර මාර්ග ඇති ප්‍රදේශයකි. කයිබර් දුර්ගය ඇත්තේ ද මෙම කඳුකරය ඔස්සේය. අඩි දහස් ගණන් උස අතිශයින්ම දළ බෑවුම් සහිත කඳු මැදින් වැටී ඇතැම් මාර්ගවල ඡායාරූප දකින විට පවා ලොමු දැහැගැන් වේ.

හමුදා මෙහෙයුමක දී හමුදා බල ඇණියකට පිටුපසින් ආහාර, අවි හා ඖෂධ සැපයුම් මාර්ගයක් අනිවාර්යය වේ. එසේම තුවාලකරුන් ඉවත් කර ගැනීමට ද එම මාර්ගය උපයෝගී කර ගැනේ. ඇතැම් විචාරකයන් පෙන්වා දෙන්නේ ඇෆ්ගනිස්ථානයේ කඳුකර ප්‍රදේශවල මෙවැනි සැපයුම් මාර්ග පවත්වා ගත නොහැකි බවයි. ඒ යම් විදියකින් කැරැලිකරුවන් එම සැපයුම් මාර්ගය විනාශ කළහොත් හමුදාවත් කොටුවන නිසාය. ඇමෙරිකානු හමුදා බොහෝ විට කළේ මෙම ප්‍රදේශවලට ගුවන් ප්‍රහාර එල්ල කිරීමය.


ඇමෙරිකානු හමුදාවන්ට අවාසි සහගත වූ තවත් සාධකයක් නම් ඕනම ජන කොට්ඨාසයක් තුළ මෙන්ම ඇෆ්ගන් ජාතිකයන් තුළ ද ඇති වාර්ගික හැඟීමයි. විදේශීකයන්ට එරෙහිව ඕනෑම ජන කොට්ඨාසයක ජාතික වාර්ගික හැඟීම ඉතා පහසුවෙන් ඇවිළ විය හැකිය. 1979 ඇෆ්ගනිස්ථානයට ඇතුල් ව සෝවියට් හමුදාවන්ට එරෙහිව ඇමෙරිකානු හා සවුදි අරාබි සහයෝගයෙන් එරට විවිධ කැරැලි කණ්ඩායම් ඇවිළ වූ ඇත්තන් ජාතික හැඟීම ද ඇමෙරිකානු හමුදාවටම එරෙහි විය. එය හමුවේ තාලිබාන්වරුන්ගේ කෲරකම් ඉවසා සිටීමට ඇෆ්ගන් ජාතිකයෝ හුරු වූහ.

ශ්‍රී ලංකාවේ උතුරේ දී ද අපට මෙය දැකගත හැකිවිය. කොටි සංවිධානය මව්පියන් විලාප දෙද්දී දරුවන් පැහැර ගෙන ගියහ. බදු නමින් දෙමළ ජනයාගෙන් සිත්සේ මුදල් අය කළහ. බරපතළ ලෙස රෝගී වූවන් පවා කොළඹට රැගෙන යාමට ඉඩ නොදුන්හ. ඒ රෝගියා සමග යනවුන් නැවත උතුරට නොඑනු ඇතැයි සිතාය. සොරකම්, වෙනත් මතයක් දැරීම ආදියට මරණ දඬුවම දුන්හ. එහෙත් උතුරේ ජනතාව ඉන්දීය හෝ සිංහල හමුදාවක් අතින් කොටි සංවිධානය පරාජය වීම දකින්නට කැමැති වූයේ නැත.

දැන් ප්‍රශ්නය වී ඇත්තේ තාලිබාන් පාලනය යටතේ ඇෆ්ගන් ජනතාවගේ ජීවිතය කෙබඳු එකක්වේද යන්නයි. 1996 සිට 1991 දක්වා පැවැති ඔවුන්ගේ පාලන කාලයේ දී ඔවුහු ලෝකයේ අප්‍රසාදයට ලක් වූහ. කාන්තාවන් නිවෙස්වලට කොටු කළහ. ගැහැනු ළමයින්ගේ අධ්‍යාපනය සීමා කළහ. වෙනත් ආගමිකයන්ට හිරිහැර කළහ. ලෝක ප්‍රකට බාමියාන් බුදු පිළිම පුපුරුවා හැරියහ.

මෙවර බලයට පත් වූ පසු පසුගිය අඟහරුවාදා ඔවුන්ගේ නායකයන් පැවැත් වූ පළමු ජනමාධ්‍ය හමුවේ දී ඔවුන් පැවසුවේ ඉස්ලාමීය නීති රාමුව තුළ කාන්තාවන්ට රැකියා කිරීමටත් ඉගෙනීමටත් ජනමාධ්‍යයට කටයුතු කිරීමටත් ඉඩකඩ දෙන බවය. ඔවුන් ඉස්ලාමීය නීති රාමුව යනුවෙන් කුමක් අදහස් කරන්නේ ද යන්න පැහැදිලි නැත. මන්දයත් කාන්තාවන් ඉගෙනීම, රැකියා කිරීම ආදිය සම්බන්ධයෙන් හා ආගමික සුළුතර පිරිස් සම්බන්ධයෙන් ඔවුන් ඔවුන්ගේ කලින් පාලන කාලයේ දී අනුගමනය කළේ ලෝකයේ අනෙක් මුස්ලිම් රටවල නැති දැඩි මර්දනකාරී පීඩාකාරී පිළිවෙතකි. ඔවුන් දැන් වෙනස්වී සිටින්නේ ද යන්න පැහැදිලි නැත.

මෙම ජනමාධ්‍ය හමුව පැවැත් වූ දිනට පසුදින බුර්කාව (මුහුණ මුළුමනින්ම වැසෙන හිස් ආවරණය) නොපැළදීම නිසා ඔවුන් කාන්තාවක් වෙඩි තබා මරා දමා ඇති බව ජනමාධ්‍යවල වාර්තා විය. ඒ අතරම සී.එන්.එන්. රූපවාහිනියේ වාර්තාකාරිනියක් මුහුණ විවෘත වන ආකාරයේ හිස් ආවරණයක් පැළඳ තාලිබාන් නායකයන් හා සමාජිකයන් සමග සම්මුඛ සාකච්ඡා පවත්වනුද දක්නට ලැබිණි.

තවත් තාලිබාන් නායකයකු සමග මුහුණ විවෘත  කරගත් නිවේදිකාවක් සම්මුඛ සාකච්ඡාවක් පවත්වනු ඇෆ්ගනිස්ථානයේ ප්‍රධානතම පෞද්ගලික  රූපවාහිනී සේවය වන තොලෝ රූපවාහිනිය මගින් පසුගිය බදාදා දැකගත හැකිවිය.

බලය ලබා ගැනීමේ දී එක්සත්ව කටයුතු කළ ද තාලිබාන් සංවිධානය තුළ ඉතාමත් පසුගාමී අන්තගාමී පිරිසක් හා පසුගිය 20 වසර තුළ ලැබූ අත්දැකීම් අනුව එක්තරා දුරකට වෙනස් වූ පිරිසක් සිටින බව ඇතැම් වාර්තාවල දැක්වේ. ඉහතකී සිදුවීම්වලින් පෙනෙන්නේ එම දෙපිරිස අතර වෙනස විය හැකිය.

කෙසේ වෙතත් වසර 40ක පමණ යුද ගැටුම් නිසා විනාශ වී ඇති ඇෆ්ගනිස්ථානය ආර්ථික හා සමාජය වශයෙන් ගොඩ ගැනීම විදේශ සහායෙන් තොරව කළ හැකිද යන්න සැක සහිතය. තාලිබාන් නායකයන් ඒ සඳහා සුදුසු වටපිටාවක් සකස් කරනු ඇත්ද යන්න කාලය විසින් පිළිතුරු දෙනු ලැබිය යුතු ප්‍රශ්නයකි.

(*** එම්.එස්.එම්. අයුබ්)



අදහස් (2)

තලේබාන් තීන්දුව අනාගතයට

හේමන්ත විජේකෝන් Sunday, 22 August 2021 08:38 PM

සැප්තැම්බර් 11 ප්‍රහාරය සිදු වු කාලවකවානුව 2001 ලෙස නිවරදි විය යුතුයි. මෙහි එය 1991 ලෙස සදහන් වී ඇත.

:       0       4

suresh Monday, 23 August 2021 12:53 PM

අල්කයිඩා ඇමරිකාවට ගැහුවේ 2001 දී 91 නොවේ .ඒවාගේම ඇමරිකාව ඇෆ්ගනිස්ථාන් වලට ගැහුවෙත් 2001 දී

:       0       2

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

මැදපෙරදිග හෙල්ලුම් කෑ නසරැල්ලා ඝාතනය
2024 සැප්තැම්බර් මස 30 673 0

ලෙබනනයේ ෂියා මුස්ලිම් හිස්බුල්ලා සංවිධානයේ මහ ලේකම්වරයා, එසේත් නැතිනම් නායකයා ෂෙයික් හසන් නසරැල්ලා ඝාතනය කිරීමට ඊශ්‍රායලය සමත් විය. 64 හැවිරිදි නසරැල


දේශපාලනයේ පෙරළිකාරයා - කළුගංතොට සිංහයා
2024 සැප්තැම්බර් මස 30 327 0

හිටපු අමාත්‍යවරයකු අභාවප්‍රාප්ත කුමාර වෙල්ගම මහතාගේ අවසන් කටයුතු අද (30) සවස මතුගම ආදාහනාගාරයේ දී සිදු කෙරේ මේ ලිපිය ඒ නිමිත්තෙනි.


අලුත් දැක්මක නව යුගයක ආරම්භය
2024 සැප්තැම්බර් මස 30 118 0

නිදහසට පසු යුගය තුළ ශ්‍රී ලාංකික දේශපාලන ඉතිහාසයේ පළමු වතාවට සාම්ප්‍රදායික වම හෝ දකුණ හෝ බලයට එන දේශපාලනය වෙනුවට අලුත් බලවේගයක් නිර්මාණය වී තිබේ. ඉකුත


උපන්ගෙයි අවලංගු වන පුහු තර්ක
2024 සැප්තැම්බර් මස 28 4221 2

පසුගිය ජනාධිපතිවරණ සමයේදී ඉදිරිපත් වූ ඉතාමත් ප්‍රබල තර්කය වූයේ 2019 ජනාධිපතිවරණයේ දී සියට 3.16ක ඡන්ද සංඛ්‍යාවක් ලැබූ ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිස


මගේ හිතේ කොනකවත් තිබුණේ නෑ
2024 සැප්තැම්බර් මස 27 12647 0

අගනුවර පුරෝගාමී කතෝලික පාඨශාලාවක් වන කොළඹ 13, ශාන්ත බෙනදික්ත විද්‍යාලයේ ‘වාර්ෂික සිංහල සාහිත්‍ය කලා උළෙල අද (27) පස්වරු 2.30 ට විද්‍යාලයීය රංග ශාලාවේදී පැවැ


මීළඟ පොරය කොයිබටද?
2024 සැප්තැම්බර් මස 27 679 0

මෙවර කිවිදා දැක්ම ලියන්නේ ජනාධිපතිවරණය නිමාවට පත් වී තිබෙන මොහොතකය. අනුර කුමාර දිසානායක මහතා රටේ ජනාධිපති ධුරයට පත්වීම හරහා ජාතික ජනබලවේගයේ ප්‍රතිපත


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38256 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25200 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 257 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 852 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 301 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site