IMG-LOGO

2024 ඔක්තෝබර් මස 05 වන සෙනසුරාදා


තවමත් නොලැබුණු වී කිලෝවේ සහතික මිල

 

 VEE-KILOVE_P26

 

මේ රජයේ අතුරු අයවැය යෝජනාවලිය ඉදිරිපත් කරමින් මුදල් ඇමැති රවී කරුණානායක මහතා ප‍්‍රකාශ කළේ වී කිලෝවක් සඳහා රුපියල් 50.00ක සහතික මිලක් නියම කරනු ලබන බවයි. රටේ ලක්ෂයකට අධික වී ගොවීන්ට මෙම යෝජනාව ඉතා දැඩි ප‍්‍රීතියට හේතුවන්නට ඇත. එහෙත් රජය ඉදිරිපත් කළ යෝජනාව ක‍්‍රියාවට නැංවීමේදී ගොවියාගේ බලාපොරොත්තු සුන්වී සහල් වල මිල ඉහළ යාම සිදුවී ඇත. මේ මහ කන්නයේ වී අස්වැන්න සාර්ථක වුවත් සහල් මිල කැපී පෙනෙන ආකාරයට අඩු වීමක් නැත. සහල් මිල ඉහළයාම පාරිභෝගිකයාට බරක් වී ඇත. වී ගොවියාට සහනයක් ලැබී නැත.


රජය පොරොන්දු වූ ආකාරයට වී කිලෝවකට රුපියල් 50.00 බැගින් අලෙවි කර ගැනීමට බොහොමයක් ගොවීන්ට නොහැකි වී ඇති බව වාර්තාවේ. එක් ගොවියෙකුගෙන් රජය මිලදී ගන්නේ වී කිලෝ 200කි. එම ප‍්‍රමාණය පොදුවේ ගොවියෙකුගේ වී අස්වැන්නෙන් සියයට .5කි.


රජය නියම කර ඇති පරිදි සම්බා වී කිලෝවකට රුපියල් 50.00ක්ද, නාඩු වී කිලෝවකට රුපියල් 45.00ක්ද වශයෙන් මිල නියම කර ඇත.


එහෙත් මෙම මිල ගණන් වලට වී විකුණාගත හැකි වූයේ ගොවීන් කී දෙකෙටද යන ගැටලූව ඇතිවේ. එහෙත් වී අලෙවි කර ගැනීමට නොහැකිවීම එක් හේතුවක් වී ඇත්තේ වී වල අඩංගු තෙත බර ඉහළයාම බව ගොවීහූ ප‍්‍රකාශ කරති. අලෙවි කිරීමේදී වී වල තෙත බර සියයට 14ක් ඉවත් කළ යුතුවේ. ඒ සඳහා අවශ්‍ය යාන්ත‍්‍රණය ගොවීන් සතු නොවේ.


රජයේ අනුග‍්‍රහයෙන් වී මිලදී ගන්නා සමුපකාර හෝ වී අලෙවි මණ්ඩලය සතුවද තෙත ඉවත් කිරීමේ යන්ත‍්‍ර නොමැත. ඒ පහසුකම ඇත්තේ පෞද්ගලික අංශයටය. එබැවින් සමුපකාරයට හෝ වී අලෙවි මණ්ඩලයට අලෙවි කිරීමට වී රැුගෙන එන  ගොවියාට, හිස් අතින් නිවසට යනවා වෙනුවට අතර මැදියකුට අඩු මිලකට වී අලෙවි කිරීමට සිදුවේ. එසේ අලෙවි කරනු ලබන්නේ වී කිලෝව රුපියල් 20.00ත් 30.00ත් අතර මිලකටය.


වී වල තෙත ඉවත් කිරීමට ගොවියාටද පහසුකම් නැත. වී විකුණා මුදල් ලබා ගැනීම ගොවියාගේ ප‍්‍රධාන අරමුණයි. හේතුව ගෙවීමට ඇති ණය බරයි. රජය වී සඳහා සහතික මිලක් නියම කරනු ලැබූවත් එම මිලට වී අලෙවි කර ගැනීමට ගොවියාට අවස්ථාව අහිමි වේ. සහතික මිල මුවාවෙන් අඩු මිලට පෞද්ගලික අංශයට වී ටික අලෙවි කර වීමට රජය අනියම් ක‍්‍රියාමාර්ගයක යෙදි සිටින බව ජනතාවගේ අදහස වී ඇත.


ගොවියා අඩු මුදලකට වී අලෙවි කළත් පාරිභෝගිකයා සහල් මිලදී ගන්නේ ඉහළ මිලකටය.


අද වෙළඳ පොළේ සම්බා සහල් කිලෝවක මිල රුපියල් 89.00කි. නාඩු සහල් කිලෝවක මිල රුපියල් 86.00කි. පසුගිය සති කීපය තුළ කොළඹ නගරයේ සම්බා කිලෝවක මිල රුපියල් 90.00ක් වී තිබිණි. යාපනයේ සහල් කිලෝවක මිල රුපියල් 120.00ක් විය.


වී කිලෝ ග‍්‍රෑම් 100ක් සහල් කිරීමෙන් ලබාගත හැක්කේ කිලෝ ග‍්‍රෑම් 65කි. සරලව සඳහන් කළහොත් සහල් කිලෝවක් ලබාගැනීම සඳහා වී කිලෝ 1 1/2ක් පෑහිය යුතුය.


ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරන ආකාරයට වී කිලෝ එකක නිෂ්පාදන වියදම රුපියල් 33.29කි. මීට අමතරව ස්වභාව ධර්මයෙන් සිදුවන වගා පාළුවීමේ පාඩුවද ගොවියාටය. මහන්සියට සරිලන ආදායමක් නොලැබුණු විට ජීවත්වීම සඳහා රන් භාණ්ඩ උගස් තැබීමට රාජ්‍ය ණය ලබා ගැනීමට ගොවියාට සිදුවෙයි.
අයහපත් කාලගුණය වී වගාවට හානි කිරීමෙන් සිදුවන අලාභයත් ගොවියාටය. එය ඉතා විශාල වශයෙනි. උදාහරණයක් වශයෙන් 2012/2013 මහ කන්නයේදී නැගෙනහිර පළාතෙන් වැඩි වගා හානියක් වාර්තාවී ඇති බව  ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි. මේ හේතුව නිසා 2011/12 මහ කන්නයේ අස්වැන්න හෙක්ටයාරයට  කිලෝග‍්‍රෑම් 4,444 සිට 4,281 දක්වා පහළ බැස ඇත. 2012 දෙසැම්බර් හා 2013 ජනවාරි මසදී පැවැති අධික වර්ෂාපතනය හා ගංවතුර තර්ජනය නිසාද වගා හානි සිදුවීමට හේතුවී  ඇත.


ස්වභාවික හේතූන් මත ගොවිතැන පාඩු වූ විට අසරණ ගොවියාට ජීවත් වන්නට සිදුවන්නේ රාජ්‍ය ණය ගැනීමෙනි. එම රාජ්‍ය ණය ගෙවන්නට  සිදුවන්නේ ද වී අස්වැන්න අලෙවි කිරීමෙන්මය.


අස්වැන්න යහපත් වන විට සියලූ වියදම් පියවා ගැනීමට ගොවියාට  හැකිවේ. ඒ සඳහා වී වලට ඉහළ මිලක් ගොවියාට ලැබිය යුතුවේ. එහෙත් රජය  සහතික මිලක් නියම කර ඇතත් එම මිලට වී අලෙවි කර ගැනීමට නොහැකිවීමෙන් ඉල්ලන අඩුමිලට වී ටික අලෙවිකර නිවසට යාමට ගොවියාට සිදුවී ඇත.


ණය බර අඩු කර ගැනීමටත්, ජීවත්වීමට අවශ්‍ය මුදල් ලබා ගැනීමටත් අමතරව, වී ගබඩා කර තැබීමේ පහසුකමත් බොහොමයක් ගොවීන් සතු නොවේ.
එබැවින් වී, මුදල් කර ගැනීමට කිලෝවක් 20.00ත් 30.00ත් අතර මිලකට අලෙවි කිරීමට සිදුවී ඇත. ඒ පෞද්ගලික අංශයටය.


සහල් මිල ඉහළ යාම පිළිබඳව රජයේ ඉහළ පෙළේ සාකච්ඡුාවකදී දේශපාලන ප‍්‍රධානියෙක් සඳහන් කර ඇත්තේ අනෙකුත් අත්‍යාවශ්‍ය භාණ්ඩ මිල පහළ දමා ඇති නිසා සහල්වල ඉහළයාම ගැටලූවක් නොවන බවයි. එහෙත් අද වන විට වී ගොවියාත් පාරිභෝගිකයාත් යන දෙපාර්ශවයම දැඩි අසීරුවකට පත්වී සිටින අතර, වී මිලදීගෙන සහල් ව්‍යාපාරයේ යෙදෙන ප‍්‍රධානීන් තිදෙනෙක් එන්න එන්නම පෝෂණය වීම පමණක් සිදුවන බව කියති.


ගොවියාට වී සඳහා රජයෙන් සහතික මිලක් නියම කළත්, පෞද්ගලික අංශයේ මහා පරිමාණ වී ව්‍යාපාරිකයන් තිදෙනෙක් මුළු රටේම සහල් මිල පාලනය කරනු ලබන බව වී ගොවියෝ ප‍්‍රකාශ කරති.


සහතික මිලක් රජයෙන් නියම කළත්, එම සහතික මිලට වී අලෙවි කර ගැනීමට ගොවියාට හැකියාවක් නැත. ගෘහ ඒකක ආදායම් හා වියදම් සමීක්ෂණයට අනුව ග‍්‍රාමීය ගෘහ ඒකකයකට මාසික වියදම වශයෙන් රුපියල් 21440ක් අවශ්‍ය වී ඇත. මේ රටේ වී ගොවියාට මෙම සාමාන්‍ය ආදායමවත් සිය වී වගාවෙන් ලබා ගැනීමට නොහැකි වී ඇත. පවුලේ ද්‍රරිද්‍රතාවය දිනෙන් දිනම අගාධයට ඇද වැටෙමින් පවතී. එයට හේතුවී ඇත්තේ මාස ගණනාවක් පුරා සිය දහදිය, මහන්සිය, කාලය යොදවා ලබා ගන්නා ලද වී අස්වැන්නට නිසි මිලක් ලබා ගැනීමට නොහැකිවීමයි.


දේශපාලනඥයන් සිය පෞද්ගලික වාසියට වී සඳහා සහතික මිලක් නියම කර ඇති බවට පුරාජේරු කතා කියති. එහෙත් මේ රටේ වී ගොවියන් කී දෙනෙකුට මේ නියම කරන ලද සහතික මිලට වී අලෙවි කර ගැනීමට හැකි වූවාදැයි කිසිදු දේශපාලනඥයෙක්  පසුවිපරමක් කර නැත. අදටත් දේශපාලනඥයන් කරනු ලබන එකම කාර්ය පුරාජේරු කතා කීම පමණි. දේශපාලනඥයන් මේ පුරාජේරු කතා කියන්නේ සිය  ප‍්‍රධාන ආහාරය ලෙස බත් අනුභව  කරන රටේ බහුතර ජනතාවටය.


සහල් මිල අඩුවීම සමස්ත ජනතාවටය. එහෙත් සහල් සපයන ගොවි ජනතාවට සහතික කළ මිලට වී අලෙවි කර ගැනීම දුෂ්කර වී ඇත.


වී සහතික මිලට ගන්නා අවස්ථාවලදීත් මුදල් ලබාගැනීම අසීරු වී ඇති බව ගොවියෝ ප‍්‍රකාශ කරති.


වී මිලදී ගත් අවස්ථාවල ඒ සඳහා මුදල් ලබා දෙන්නේ දින ගණනාවක් ප‍්‍රමාද වීමෙන් පසුව බවට චෝදනා ඇත.

 

sg

sdhr

 

වී සඳහා රජය සහතික මිලක් නියම කළත් එම මිලට වී අලෙවි කර ගැනීමට ගොවීන්ට අවස්ථාවක් සැලසී නැහැ. රජයේ වී සහතික මිල සම්බා කිලෝවකට රුපියල් 45ක් වුවත්, ගොවියාට වී අලෙවි කිරීමට සිදු වී ඇත්තේ රුපියල් 20.00ත් 30.00ත් අතර මිලකට. පෞද්ගලික වී වෙළෙන්දන් කුණු කොල්ලයට ගොවීන්ගෙන් වී මිලදී ගැනීම සිදු කරමින් සිටිනවා. පෞද්ගලික වී වෙළෙන්දන් ඉතා විශාල වශයෙන් වී කොල්ලකෑම සිදු කරනවා.


කුඩා වී මෝල් 300ක පමණ ප‍්‍රමාණයක් මේ වන විට වැසී ගොස් තිබෙනවා. මේවා වසා දමන තත්තවයට පත්කර තිබෙනවා. රටේ වී ව්‍යාපාරය හසුරුවන ප‍්‍රධාන ව්‍යාපාර තුනක් තිබෙනවා.


අද රටේ සහල් වෙළඳපොළ හසුරුවන්නේ මේ හාල් ව්‍යාපාරිකයන් තිදෙනා විසින්. රජය වී කිලෝවක් රුපියල් 50.00ක සහතික මිලට ගන්නා බව ප‍්‍රකාශ කළත් එසේ මිලදී ගන්නේ මුළු වී නිෂ්පාදනයෙන් සියයට 5ක ප‍්‍රමාණයක් පමණයි. ඉතිරි සියයට 95ක වී ප‍්‍රමාණයට කළ හැකි වෙනත් විකල්පයක් ගොවියා සතු නොවේ. එහිදී අඩු මිලට හෝ පෞද්ගලික අංශය වී අලෙවි කිරීමට ගොවියාට සිදුවේ.


එක් ගොවියෙකුගෙන් වී කිලෝ 200ක් පමණක් මිලදී ගැනීමට රජය ගෙන ඇති තීරණය යටතේ ඉතිරි වී තොගයට කළ යුතු දේ පිළිබඳව රජය තීන්දුවක් ලබාදී නැත. මේ සහතික මිල ක‍්‍රමය මුළුමනින්ම ගොවියා රැුවටීමකි.


එබැවින් මේ තත්ත්වය වැළැක්වීමට වී සහතික මිල නීතිගත කළයුතුව ඇත. මේ නීතිගත කිරීමේ ක‍්‍රියාවලිය පිළිබඳව සමස්ත ලංකා ගොවිජන සම්මේලනය ඇමැති ගාමිණී ජයවික‍්‍රම පෙරේරා මහතා සමඟ සාකච්ඡුාවක් පැවැත්වූවා. එහෙත් වී සහතික මිල නීතිගත කිරීමේ ඉල්ලීමට ඇමතිවරයා පැහැදිලි පිළිතුරක් ලබා දුන්නේ නැහැ.


වී සහතික මිල නීතිගත කිරීම රජයකට මහා බරපතළ කි‍්‍රයාවලියක් නොවේ. පනතක් වශයෙන් පාර්ලිමේන්තුවේදී සම්මත කරවා ගෙන, ගැසට් පත‍්‍රයකින් ප‍්‍රකාශයට පත් කිරීම පමණක් කළ යුතුව ඇත. එසේ නීතියක් කි‍්‍රයාත්මක කළහොත් රජයේ සහතික මිලට හෝ ඊට වැඩි මිලකට වී මිලදී ගැනීමට පෞද්ගලික අංශයට සිදුවනු ඇත. එසේ වුවහොත් එය වී ගොවියාට විශාල සැනසීමක් වනු ඇත. නමුත් රජය වී සහතික මිල නීතිගත නොකරන්නේ පෞද්ගලික වී වෙළෙන්දන්ට සහනයක් වශයෙන්ද යන සැකය දැන් ඇතිවේ.


රජය මේ සහතික මිලක් නියම කිරීම මුළුමනින්ම වී ගොවියාත් පාරිභෝගිකයාත් රැුවටීමක් වී ඇත. මේ තීරණය තනිකරම ගොවියා හා ජනතාව රැුවටීමකි. රජය බලයට ආවේ මේ රටේ දුප්පත් ජනතාව නිසාය. එහෙත් රජය තීන්දු තීරණ ගනු ලබන්නේ අතලොස්සක් පිරිසගේ සුභ සිද්ධිය සඳහායි.


මේ අතලොස්සක් පිරිස විසින් සහල් හිඟයක් මවා පා වෙළඳපොළේ සහල් මිල ඉහළ දැමීම සිදු කරවයි. මිල ඉහළ ගිය පසු තමන් සතු වී සහල් කර වෙළෙඳ පොළට නිකුත් කිරීම සිදු කරයි. මේ තත්ත්වයන් ඇති කිරීමට ඉඩදී රජය විසඳුම් ලබා නොදී සිටීම විශේෂ කරුණක් වී ඇත.

 

ඒ ගණනට වී ගන්න බිලියන පහක්  ඕනෑ

වී අලෙවි මණ්ඩලයේ සභාපති එම්.බී. දිසානායක

 

වී අලෙවි මණ්ඩලය මගින් වී මිලදී ගැනීමේදී මුදල් ගෙවීමේ සුළු ප‍්‍රමාදයක් තිබෙනවා. එයට හේතුව මණ්ඩලය වී මිලදී ගන්නා ප‍්‍රමාණය අනුව භාණ්ඩාගාරය මුදල් ගෙවීමයි. දිනයක් දෙකක් ප‍්‍රමාද වූවත් මුදල් ලබාදීම අඛණ්ඩව සිදු කෙරෙනවා.
පසුගිය සිකුරාදා වනවිට මිලියන 500ක මුදලක් ලැබුණා. එයින් අනුරාධපුර දිස්ත‍්‍රික්කයට පමණක් රුපියල් ලක්ෂ 1300ක මුදලක් දිසාපතිවරන්ට යැව්වා.


මේ වන විට රටපුරා වී මෙටි‍්‍රක් ටොන් 78,000ක් වී අලෙවි මණ්ඩලය මිලදී ගෙන තිබෙනවා. ඒ සඳහා මහා භාණ්ඩාගාරයෙන් මේ වන විට රුපියල් බිලියන 3ක මුදලක් ලැබී තිබෙනවා. වී මිලදී ගැනීමට අවශ්‍ය වන මුළු මුදල රුපියල් බිලියන 5ක් වශයෙන් දැනට ගණන් බලා තිබෙනවා.


වී මෙටි‍්‍රක් ටොන් ලක්‍ෂ 2ක ප‍්‍රමාණයක් මිලදී ගැනීමට මණ්ඩලය ක‍්‍රියාකරනවා. වී මිලදී ගැනීම සඳහා භාණ්ඩාගාරය මුදල් ලබාදෙන්නේ දෛනිකවයි. දෛනිකව වාර්තා කරන ආකාරයට භාණ්ඩාගාරය දිනකින් දෙකකින් මුදල් ලබා දෙනවා. ඒ හැර මිලදී ගන්නා වී සඳහා දීර්ඝ කාලයක් මුදල් ගෙවීම පැහැර හැරෙන්නේ නැහැ.

 

 

m



අදහස් (0)

තවමත් නොලැබුණු වී කිලෝවේ සහතික මිල

යසිරු Thursday, 09 April 2015 05:37 PM

ඒ මිනිසුන්ට සහතික මිලක් ලැබුනා නම් මෙදා අවුරුදු ජයවෙයි (නි)

:       0       0

ජ‍ානක Thursday, 09 April 2015 05:37 PM

කවුරු කුමක් කිවුවද යහපාලන වෙනස තුළින් දින 100 සපිරෙන මෙම මොහොත වන විට ගොවියා අධි සංවර්ධනයකට ලක්වී අහිංසක පාරිභෝගික ජනතාව වෙනුවෙන් තම අතිරික්තය පරිත්‍යාග කිරීමකුයි මේකෙන් පෙනෙන්නෙ. මං ගොයම් පාගලා දැනුයි ගෙදර ආවේ. අපි පාරම්පරික ගොවියො. මට මේ දවස්වල ඒ බව හොඳටම දැනිලයි තියෙන්නෙ (නි)

:       0       0

ලංකාරත්න Thursday, 09 April 2015 10:34 AM

පොරොන්දු වලට කලින් ගිවිසුම් ක්‍රියාත්මක කරන්න ඕනනේ . පොඩ්ඩක් ඉවසල ඉම්මු .(බ)

:       0       0

ඒකනායක Tuesday, 14 April 2015 04:59 PM

වී වලට සහතික මිල පමණක් නොවේ, අතුරු අයවැයේ තවත් පොරොන්දු ගොඩක් තිබුනා. ඒ එකක්වත් හරියට ක්‍රියාත්මක නැහැ. බැංකුවේ උගස් කළ රන් භාණ්ඩ සඳහා පොලිය කපා හරිනවා කිවුවා. නමුත් සතයක් අඩුකරලා නැහැ. ඡන්දය දුන් අපි කවුද? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

ප්‍රභාකරන් දරුකමට හදාගත් කොටි කෙල්ල
2024 ඔක්තෝබර් මස 04 4351 1

ජෝන් මේරි බවින්සා කියන්නේ එල්ටී.ටී.ඊ. සංවිධානයේ නායකයාව සිටි වේළුපිල්ලේ ප්‍රභාකරන් දරුකමට හදාගත් දරුවාය. ප්‍රභාකරන් දරුකමට දරුවකු හදා වඩාගත් බව දැනග


සත්‍යෙයන් අසත්‍යයට ගොදුරුවීම
2024 ඔක්තෝබර් මස 04 538 3

අලු‍ත් ආණ්ඩුවේ ක්‍රියාකාරිත්වයෙන් පැහැදිලි වන්නේ, ඔවුන් ද 2015 වසරේ යහපාලන ආණ්ඩුව සිය කැමැත්තෙන්ම වැටුණු වළට වැටීම තෝරාගෙන සිටින බවයි. ජනාධිපතිවරයාගේ


ලෙයට ලෙය ඉල්ලන ඉරාන - ඊශ්‍රායල ගැටුම
2024 ඔක්තෝබර් මස 03 1140 0

ඉරානය ඊශ්‍රායලයට පහර දුන්නේය. ලොව විශාලතම ෂියා මුස්ලිම් රාජ්‍යය වන ඉරානයත්, ලොව එකම යුදෙව් රාජ්‍යය වන ඊශ්‍රායලයත් පිහිටා ඇත්තේ කිලෝ මීටර් 1,700 ක පමණ දුරක


කාලයට ගැළපෙන ඡන්ද ක්‍රමයක්
2024 ඔක්තෝබර් මස 03 99 0

ජන්දදායකයා මැතිවරණ ක්‍රියාවලියට සම්බන්ධ වීම ප්‍රජාතන්ත්‍රවාදයේ ඉතාමත්ම උසස් ගුණාංගයකි. එය නියෝජන ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මක වීමට අත්‍යවශ්‍ය ක


සෑම කවියක්ම දේශපාලනිකයි
2024 ඔක්තෝබර් මස 02 186 0

ප්‍රවීණ කවියකු, තීරු ලිපි රචකයකු, නවකතාකරුවකු, කෙටිකතාකරුවකු, මෙන්ම ප්‍රකට විචාරකයකුද වන බුද්ධදාස ගලප්පත්ති මහතාගේ නවතම කෘති දෙකක් වන සමුදුර අසා සිටී


ආණ්ඩුවේ විපක්ෂයේ වගකීම
2024 ඔක්තෝබර් මස 02 244 2

ජනාධිපති තරගයෙන් රනිල් වික්‍රමසිංහ මහතා පරාජයට පත්විය. 2022 රට මුහුණදුන් ආර්ථික අර්බුදය අවස්ථාවේදී රට භාර ගැනීමට කිසිවකු නොසිටිය ද ඔහු එම අභියෝගය භාරගෙ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38984 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25535 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 307 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1052 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 371 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site