IMG-LOGO

2024 ඔක්තෝබර් මස 05 වන සෙනසුරාදා


තවමත් පාසල් නොයන මීරියබැද්දේ ළමයි

21-page1-S2-1

 

 

cfhcසමීපතම ඥාතීන් සහ දේපල අහිමිව ඇ`දිවත පමණක් ඉතිරිව මාස තුන හමාරක් තිස්සේ සිය ජිවිත ගොඩගන්නට වෙහෙස දරණ කොස්ලන්ද මීරියබැද්දවත්තේ නාය යාමෙන් දිවිගලවාගත් සැබෑ අවතැන්වුවෝ මේ වන විට ගැටලූ රැසකින් පීඩාවට පත්ව සිටිති.

   


බෙරගල සිට වැල්ලවායට යන ”ඒ” හතර ප‍්‍රධාන පාර වූ කොළඹxමඩකළපුව පාරදිගේ යනවිට කිලෝමීටර් 196 සහ 197 අතර ඇති මීරියබැද්ද හන්දියෙන් වමට හැරී කිලෝමීටර් දෙකහමාරක් තුනක් පමණ යායුතුය. එසේ යනවිට මීරියබැද්ද වත්තේ ඉතිරිවූ ලැයින් කාමරවල සහ වසා දැමුණු මීරියබැද්ද රෝහල් ගොඩනැගිල්ලේ නැවතී සිටින මේ විපතේ අවතැන් වුවන්ගෙන් කොටසක් හමුවිය හැකිය.


නායයාමත් සමගම ඊට මීටර් තුන්සියයක් පමණ දුරින් පිහිටි මිරියබැද්ද දෙමළ විද්‍යාලය වසාදමා ඇත. ඒ ආසන්නයේ වූ පෙර පාසලත් එදාසිට වැසූ ගමන්ය. දෙමළ විද්‍යාලයට මීටර් පනහක් පමණ ආසන්නයේ ඇති ලැයිම්කාමර පේළියට නායයාමෙන් හානියක් නොවුනත් නායත් සමග ඔවුන් වහා ඉවත් කරනු ලැබිණි. මෑතක සිට දිවා කාලයේදී ඔවුහු මේ ලැයින් කාමරවලට පැමිණෙති. ඉන්පසු වත්තේ වැඩට යති. හැන්දෑවට සමහරු ඒ ලැයින් කාමරවල උයා පිහාගෙන ඒවාද රැුගෙන මීරියබැද්ද රෝහලේ තාවකාලික නවාතැනට යති.


නාය විපතින් විනාශවූ ලැයින්කාමර හතේ නිවාස හැටතුනේ සිටි දැනට ජීවතුන් අතර සිටින සාමාජිකයන් පමණක් නොව නාය අවට ලැයින් කාමරවල පදිංචිකරුවන් ඇතුලූ මිරියබැද්ද ගමේ වැඩි දෙනෙක් නාය ගිය 2014 ඔක්තෝබර් 29 දින සවස්වන විට වහා ඉවත්කර කොස්ලන්ද ශ‍්‍රී ගනේෂ් දෙමළ විද්‍යාලයේ සහ පුනාගල දෙමළ විද්‍යාලයේ අවතැන් ක`දවුරු දෙකකට ආරක්‍ෂාව සඳහා යොමුකරනු ලැබීය.


පාසල් පටන් ගත යුතු නිසා පුනාගල දෙමළ විද්‍යාලයේ අවතැන් කඳවුරේ පදිංචිව සිටි අවතැන්වූවන් ඒ අසල මාකන්ද තේ කර්මාන්ත ශාලාවේ අවතැන් ක`දවුරක් සකසා ඊට යොමු කෙරුණි. මේ වනවිට පවුල් හෑත්තෑ පහක් එහි සිටිති. කොස්ලන්ද ගනේෂ් දෙමළ විද්‍යාලයේ අවතැන් ක`දවුරේ පවුල් තිහක් වෙසෙති.

2
සෙසු පිරිස් මිරියබැද්දේ ඔවුන් පදිංචි නිවෙස්වලට යොමුකර ඇත. මේ අතර නායගිය මුල් දිනවල පැවසුවේ මිරියබැද්ද ගම්මානයම එතැනින් ඉවත්කර වෙනත් ස්ථානයක ස්ථාපිත කරන බවකි. කෙසේ නමුත් අවතැන් කඳවුරු අතහැර යළි මිරියබැද්ද ගමේ නැදෑ නිවෙස්වල හෝ මීරියබැද්ද රෝහලේ තාවකාලික පදිංචියට ආ වැසියෝ ගැටලූ රැුසකින් පීඩා විඳිති.


ඉන් පළමුවැන්න මිරියබැද්දේ දෙමළ විද්‍යාලයේ ඉගෙනුම ලැබු දරුවන් නායගිය දින සිට මේ දක්වා පාසල් නොයාමයි. අනෙක් කාරණය නම් 2015 වසරේ පාසල්වල පළමුවන ශ්‍රේණියට ඇතුළත් විය යුතු වයසේ පසුවන මීරියබැද්ද වත්තේ ළමයින් පාසලකට ඇතුළත් නොවීමයි. මේ කාරණ දෙකට අමතරව පෙර පාසල් යායුතු වයසේ ළමයින් ද පෙර පාසල්  නොයාමයි.


මීරියබැද්ද නායට හසුවී තම නිවසත්, බිරි`දත් අහිමිව පාසල් යන වයසේ දරුවන් දෙදෙනකු සහ තවත් කුඩා දරුවකු සමග තනිවූ එම්. රාම්රාජ් (32* වසාදමා ඇති මීරියබැද්ද දෙමළ විද්‍යාලය අසලදී මට හමුවිය.


”මගේ වැඩිමහල් දරුවාට වයස අවුරුදු දහයයි. දෙවැනි දරුවාට අවුරුදු නවයයි. ඒ දෙන්නා ඉස්කෝලේ යනවා. මේ මීරියබැද්ද දෙමළ ඉස්කෝලෙට ආවේ. නාය යාමෙන් පස්සේ ඒ අය ඉස්කෝලේ යන්නේ නෑ. ඒකට හේතුව මේ ඉස්කෝලේ තවම පටන් ගත්තේ නෑ. මේ ඉස්කෝලෙට මීරියබැද්ද, දියගල, ආර්නුල්, අම්රාගල, කොස්ලන්ද වගේ ඩිවිෂන් හයක ළමයි එනවා. එකේ පන්තියේ ඉඳලා එකොළහ දක්වා පන්ති තියනවා. ටවුමේ ඉස්කෝලෙක වගේම හොඳට ළමයින්ට ඉගැන්නුවා. පහසුකම් තියනවා. නාය යයි කියලා බයට ගුරුවරු එන්නේ නෑ කියලා ඉස්කෝලෙ අරින්නේ නෑ.”


”අපි මේ ගැන ග‍්‍රාමසේවක මහත්තයට, උප දිසාපති තුමාට කිව්වා. මේක නායයයි කියලා අරින්න බෑ කියලයි කියන්නේ. නමුත් ඒක ඇත්ත වෙන්න පුළුවන්. නාය නොයන තැන් කොහේද තියෙන්නේ? මුහුද අද්දර ඉන්න අයට මුහුද ගොඩගලනවා. එහෙම වුණා කියලා මුහුද අද්දර පදිංචිය අත්හැරියද?

අනතුරුවෙලා මැරෙනවා කියලා වාහනවල ගමන් බිමන් නැවැත්තුවද? මේකත් එහෙමයි. නාය ගිය එක ගියා. ඒ හින්දා අපි හැම දේටම මුහුණ දෙන්න  ඕනෑ. ඇත්තටම හැම දෙයක්ම නැතිවුණ අපි ජීවිත බිංදුවෙන් පටන්ගන්න  ඕනෑ. ඒ හින්ද අපේ ළමයින්ට මේ ඉස්කෝලේ ඉක්මනට විවෘත කරලා දෙන්න. අපි දැන් දවල්ට මේ අවට ගෙවල්වල ඉන්නේ. තව ළමයි විසිපහක් විතර මේ අවුරුද්දේ ඉස්කෝලෙට ඇතුල් කරන්න බලාගෙන ගෙවල්වල නතර කරගෙන ඉන්නවා.” රාම්රාජ් කීවේය.


තිදරු මවක වූ පළනියන්ඩි සාරධා දේවි පැවසුවේ විපතින් අවතැන්වු පවුල්වල අයගේ දරුවන්ට දැන් පාසලක් නොමැතිවීම නිසා අසරණ මව්පියන් විශාල පීඩාවකට පත්ව සිටින බවයි.


”විදුහල්පතිතුමාත් එක්ක තව ගුරුවරයෙක් පාසලේ ඉන්නවා. තව ගුරුවරු නවදෙනෙක් එන්න බයයි කියනවා. දැන් අපිට ලොකු ප‍්‍රශ්නයක් තියනවා. මේ ළමයින් පූනාගල දෙමළ ඉස්කෝලෙට හරි කොස්ලන්ද ශ‍්‍රී ගනේෂ් ඉස්කෝලෙට හරි යවන්නලූ. පූනාගල ඉස්කෝලේ හයේ පන්තියෙ ඉඳලා තියෙන්නේ. මීරියබැද්දේ ඉඳලා එතනට කිලෝමීටර් හතරක් පහක් දුරයි. කොස්ලන්දටත් ඒ දුරමයි. මීරියබැද්දට හැරෙන හන්දියෙ ඉඳලා කිලෝමීටර් දෙකතුනක් වත්තට එන්න තියෙන්නේ පයින්. කොස්ලන්දට යනවානම් නායගිය පස්කන්ද මැද්දෙන් යන්න  ඕනෑ. පාර කපලා තියනවා. නමුත් මේ පුංචි ළමයි තනිව යවන්න බෑ. කවුරුහරි තනිවට යන්න  ඕනෑ. සමහර ළමයින්ගේ ජීවතුන් අතර ඉන්නේ අම්මා විතරයි. තව සමහරුන්ගේ තාත්තා විතරයි. ළමයි ඉස්කෝලේට එක්ක ගියාම ජිවත් වෙන්න වැඩ කරන්නේ කොහොමද? ඒක මහා ගැටලූවක්. ආණ්ඩුවේ මහත්තුරු කියනවා ඉස්කෝලෙ වැහුවට ඒකට ඉස්කෝල දීලා කියලා. ඒක ඇත්ත. නමුත් අපි කොහොමද ඒ ඉස්කෝලවලට ළමයි යවන්නේ. ඇත්ත තත්ත්වය ඒකයි.” සාරධා දේවි යථාර්ථය පැහැදිලි කළාය.


මීරියබැද්ද දෙමළ විද්‍යාලයට මීටර් විසිපහක් පමණ දුරින් වූ වතු නිවාසයක පදිංචිව සිටින පනස්පස් හැවිරිදි තිදරු පියෙකුවූ කේ. බාලසුබ‍්‍රමනියම් මහතා පවසන්නේ සැරින් සැරේ තැනින් තැනට මේ වැසියන් නොයවා ඉක්මනින් නිවාස හදාදෙන තෙක් මිරියබැද්දේම තාවකාලිකව පදිංචිකරවන ලෙසය.


”දැන් අපි ආයෙත් ඉන්නේ මේ මීරියබැද්දෙමයි. අපිට ගෙවල් හදලා දෙනවා කිව්වා. ඉදිරියේදී ඒවා හදලා දෙයි කියලා අපි විශ්වාස කරනවා. දවල්ට මේ මිනිස්සු එදා පදිංචිව හිටපු ලැයින් කාමරවලට එනවා. ඇවිල්ලා දරුවන් ඒකේ නවත්වලා වත්තේ වැඩට යනවා. ?ට ආයෙත් නැදෑ ගෙදරකට නැත්නම් ඉස්පිරිතාල ගොඩනැගිල්ලට යනවා. මම එහෙම නෑ. මම මේ ගෙයිමයි ඉන්නේ. අනික් ලැයිම්වලට ලයිට් වතුර නෑ. මම කිව්වා මම ඉන්නවා ලයිට් කපන්න එපා කියලා.”

එන්. ඥානසේකරම් තිස්තුන් වැනි වියේ පසුවන එක්දරු පියෙක්. ඔහුගේ බිරිඳත්, නිවසත්, නායයාමෙන් ඔහුට අහිමිව ඇත. ඔහු පවසන්නේ සහන ලැබෙනතෙක් යැයි පවසමින් අවතැන් ක`දවුරුවල සිටිනවාට වඩා වැටුුණු තැනින් ගොඩ එන්නට තමන් උත්සාහ කරන බවයි.

 

xg


”මගේ බිරි`ද නායට යටවුණේ මගේ ඇස් ඉදිරිපිටදීයි. මට ඉතිරිවුණේ අවුරුදු එකහමාරක් වයස මගේ පුතා විතරයි. මේ නායට යටවුණු ලැයින් කාමර පේළි හතේ ගෙවල් වැඩි ගණනක සහ අනික් අය කිරි හරක් ඇති කළා. දවසකට කිරි ලීටර් 1500ක් ලංකාවේ ලොකු කිරි සමාගම් දෙකකට දුන්නා. හරක් ගොඩාක් නායට යටවුණා. ගමේ අනිත් අය අවතැන් කඳවුරුවලට යන්න කිව්වම ඉතුරු වෙලා හිටපු කිරි හරක් ඒ මිනිස්සු විකුණුවා. ලැයින් කාමර ආසන්නයේයි, වත්තේ තැන තැන අතහැර තිබු ඉඩම්වල මිනිස්සු එළවළු වගා කළා. වත්තේ වැඩකළාට අපි අතට රුපියල් හයදාහක් හත්දාහක් ලැබෙන්නේ. ඒවායෙන් ජිවත් වෙන්න බෑ. අපි කිරි හරක් ඇති කරලා, එළවළු වවලා අතිරේක ආදායම් ගත්තා. දැන් එළවළු වගා කරන්න එපා කියලා වත්තේ මහත්තුරු කියනවා. අපි කොහොමද අතිරේක ආදායමක් නැතුව ජීවත්වෙන්නේ.” කී ඥානසේකරම් තවත් කාරණාවක් හෙළි කළේය.


”දැන් මේ නායයාමට ගෙවල් හැටතුනක් අසුවුණා. තිස් හත්දෙනෙක් මැරුණා. දොළොස් දෙනෙකුගේ සිරුර හම්බවුණා. නායට යටවූ සමහර ගෙවල්වල පවුල් දෙකතුන ජීවත් වුණා. හැබැයි ගෘහමූලීකය එකයි. ඒ කියන්නේ තාත්තාගේ ගෘහමූලිකය යටතේ පුතාලා දෙතුන් දෙනා විවාහ වෙලා හිටියේ ඒ ගෙයි. ඉතිං ගෙවල් හැටතුනක් නැතිවුණාට අවතැන්වුණ පවුල් ගණන ඊට වැඩියි. ඇත්තටම අවතැන් වුණ අපි ජිවිත ගොඩගන්න ආයෙත් මීරියබැද්දට ආවා. නමුත් පහසුකම් ආධාර ඇතුළු වෙනත් දීමනා බලාපොරොත්තුව අවතැන් ක`දවුරුවල සමහරු ඉන්නවා. ඉතින් අපි විශ්වාස කරනවා ආණ්ඩුවේ මහත්වරු හරියට හොයලා බලලා අලූතෙන් ගෙවල් හදලා දෙනකොට ඇත්තටම ගෙවල් දොරවල් නැතිවුණ අයට දෙයි කියලා.” ඥානසේකරම් පැවසුවේය.


මීරියබැද්ද වත්ත ආසන්නයෙන් කොස්ලන්දේ පදිංචිව සිටින හල්දුම්මුල්ල ප‍්‍රාදේශීය සභාවේ මන්ත‍්‍රී ශ‍්‍රී කාන්ත් මහතා පැවසුවේ දැන් විපතට පත්වුවන්ගෙන් සමහරුන් මුහුණ දෙන තවත් ගැටලූවකි.


”නායෙන් මරණයට සහ අතුරුදන්වූ සහ ගෙවල් දොරවල් හා ළ`ගම නෑදෑයන් අහිමිවූ සමහරු වානිජ බැංකුවලින් ණය අරන් තිබුණා. ඒ ණය මුදල්වලට අත්සන් කරලා තිබුණේ මේ අවතැන්වු අය. ඉතිං ඒ වානිජ බැංකු අවතැන්වු අයට ණය ගෙවන්න කියලා බලපෑම් කරනවා. ඇත්තටම ඒ අය තවම ජීවත්වෙන්නේ අනුන්ගෙනි. ඒ නිසා ඒ අය තවත් පැත්තකින් මානසිකව වැටිලා. ඒ හින්දා එහෙම ණය හෝ ණයකට ඇපවූ අය ඉන්නවා නම් ඒ  ණය කපා හැරීමක් හෝ කළ යුතුයි. එහෙම කරනවානම් කොමිසමක් පත්කරලා ඒක කරන්න.” ඔහු ඉල්ලා සිටියේය.


”දැන් මේ අතුරුදන්වූ විසිපස් දෙනාට මරණ සහතික ලැබෙන්නේ තව අවුරුදු තුනකින්. නමුත් හොඳාකාරවම අපි දන්නවා ඒ අය මේ මහ පස්කන්දට යටවූ බව. ඉතිං එයාලගෙන් යැපෙන අයට වන්දියක් හෝ රක්‍ෂණයක් තියනවා නම් ඒක ගන්න විදිහක් නෑ මරණ සහතික නැති හින්දා. ඒනිසා මේ අතුරුදන්වූ අය වෙනුවෙන් කඩිනමින් මරණ සහතික නිකුත් කළ යුතුයි. ඒ වගේම ජිවිත අහිමි අය වෙනුවෙන් ඒ අයගෙන් යැපෙන්නන්ට සහ ළඟම ඥාතීන්ට දෙන බව කියූ වන්දි තවම ගෙවා නැතිබවද ඔහු කීවේය.”


”අලූතින් ගෙවල් හදන්නේ මීරියබැද්දෙමයි. මුලින් අවදානම් කලාප කියලා හඳුන්වපු ප‍්‍රදේශ දැන් මධ්‍යම මට්ටමේ අවදානම් කලාප බවට නම් කරලා. අනික අවතැන් කඳවුරුවල හිටපු අය ආයෙ මීරියබැද්දටම එවලා. මීරියබැද්ද ඉස්කෝලෙ විතරයි අරින්නේ නැත්තේ. ජනතාව කියන්නේ අලූතෙන් ගෙවල් හදලා දෙනකම් ඉස්කෝලෙත් පටන් ගන්න කියලයි. එතකොට දරුවන්ගේ පාසල් ගැටලූවට විසඳුමක් එනවා.” ශ‍්‍රී කාන්ත් මන්ත‍්‍රීවරයා පැවසුවේය.


මේ ගැටලූ සම්බන්‍ධව බදුල්ල දිස්ත‍්‍රික් ලේකම් රෝහණ කීර්ති දිසානායක මහතාගෙන් විමසුවෙමි. ජාතික ගොඩනැගිලි හා පර්යේෂණායතනය මීරියබැද්ද දෙමළ විද්‍යාලය අවදානම් කලාපයේ බවට නිර්දේශ කර ඇති නිසා විවෘත කිරීමට නොහැකි බව පැවසුවේය. ඒ නිසා ඌව පළාත් අධ්‍යාපන අධ්‍යක්‍ෂවරයා හරහා මේ දරුවන්ට පූනාගල දෙමළ විද්‍යාලය සහ කොස්ලන්ද ශ‍්‍රී ගනේෂ් විද්‍යාලය විකල්ප පාසල් ලෙස ලබාදී ඇති බව කීවේය. දරුවන් පාසල් යැවීමේ ගැටලූ ඇති බව සත්‍ය නමුත් අවදානම් බවට ලිඛිතව දී ඇති පාසලක් යළි විවෘත කිරීමට අනුමැතිය දෙන්නට තමන්ට නොහැකි බවද පැවසුවේය.


එසේම නායයාමෙන් හැබෑවටම අවතැන්වූවන්ට නව නිවාස ලබාදීමට අවශ්‍ය කටයුතු මේ වනවිට සුදානම් කර ඇති බවද බදුල්ල දිස්ත‍්‍රික් ලේකම්වරයා කීවේය. හානිවූයේ නිවාස හැට තුනක් වුවත් එකම නිවසේ පවුල් දෙක තුන ජීවත් වූ නිසා අලූතින් නිවාස හැත්තෑ දෙකක් සාදා දෙන බවත් ඒවා නිවාස අහිමිවූ අයට මුලින් ලබාදෙන බවත් කීවේය.


විපතින් මියගිය අයට මරණ සහතික ප‍්‍රාදේශීය ලේකම්වරයාගෙන් ඉල්ලූම්කළ පසු ලබාගත හැකි බවද දිස්ත‍්‍රික් ලේකම්වරයා පෙන්වා දුන්නේය. වන්දි මුදල් ද ග‍්‍රාම නිලධාරිවරයා හරහා ඉල්ලූම් කරන අයට ලබාදෙන බවද පැවසුවේය. එසේම මව සහ පියා අහිමි ළමයින්ට මුදල් බැංකුපොත්්වලට බැරකර ඇති බවද කීවේය. මව්පියන් දෙදෙනාම නැති දරුවන් තුන් දෙනෙක් ද, මව හෝ පියා යන දෙදෙනාගෙන් එක් අයෙක් අහිමි දරුවන් අට දෙනෙක් ද මිරියබැද්දේ වෙසෙති.


අවතැන් පවුල් හැත්තෑ පහක් රඳවා සිටින මාකන්ද කඳවුරේ වෙසෙන පිරිමින්, එහි ආරක්‍ෂාවට එක්ව සිටින ආරක්‍ෂක අංශ නිලධාරීන් සමග එක්ව හැන්දෑවට මත්වතුර පානය කිරීම දැන් මත්වතුර නොබොන අයට සහ එහි සිටින කාන්තාවන් සහ දරුවන්ට ගැටලූවකි. ඇතැම් අවස්ථාවල සමහරු අතර සුළු සුළු ගැටුම් පවා ඇතිවන අවස්ථා ඇති බව කඳවුරේ වෙසෙන සමහරු කියති.


නායයාමෙන් යටවූ ගෙවල් ඇති තැන් සොයා ඒවා හාරා දේපළ සොයන  මිනිස්සුන් ද මේ අතර සිටී. කොස්ලන්ද පොලීසියේ නිලධාරීන්ට දැන් ඒනිසා දවසට වරක් හෝ දෙකක් මීරියබැද්දේ නායගිය තැනට එන්නට සිදුවෙයි.


සමහරුන්ට නාය වෙස්වලාගත් ආශිර්වාදයක් වී ඇති ආකාරයක් පෙනේ. ඔවුන්ට නායෙන් දේපළ හෝ ජීවිත හානි නැත. නමුත් තමන් සිටින ගෙවල් ද අවදානම් බව පවසමින් අවතැන් කඳවුරුවලට වී ඒවාට ලැබෙන දේවල් ගැනීමේ බලාපොරොත්තුවෙන් තවමත් රැඳී සිටිති. ආහාරපාන පවා ලැබෙන නිසා දහවල් කාලයේ සොයාගන්නා මුදලින් රහමෙර පානය කිරීමට පුරුදුව සිටිති. එය බරපතළ සමාජ ගැටලූවකි.


මීරියබැද්දේ නායයාමෙන් හැබෑවටම විපතට පත්වූවන් බින්දුවෙන් ගොඩඑන්නට උත්සාහ ගනිද්දී සැබැවින්ම අවතැන්වූවන්ගේ නාමය විකුණමින් ගෙවල් දොරවල් සහ වෙනත් සහන ගන්නට මාන බලන ව්‍යාජ අවතැන්වූවන් තෝරා බේරා සහන දෙන්නට රාජ්‍ය නිලධාරීන්ට ඇත්තේ විශාල ගැටලූවකි. නායගිය මුල් දින කිහිපයේ වේලක් හැර වේලක් කා රාජකාරී ඉටුකරමින් සමහරුන්ගේ පැසසුම් වගේම තවත් සමහරුන්ගෙන් දොස් පරොස් අසමින් කටයුතු කළ රාජ්‍ය නිලධාරීන් මීරියබැද්දේ සැබෑවටම අවතැන්වූවන් කවුදැයි නිවැරදිව හඳුනාගෙන තිබේ. තිබෙන නිවාසවලට නොයා කඳවුරුවල සිටි පමණින් නිවාස හෝ වෙනත් සහන ලබා නොදෙන අතර සැබෑවටම අවතැන්වූ එහෙත් කඳවුරුවල නොසිට ජීවත් වන්නට වෙර දරන අයට මුලින්ම සහන දෙනබව බදුල්ල දිස්ත‍්‍රික් ලේකම් රෝහණ කීර්ති දිසානායක මහතා පැවසුවේය. එසේම ජීවිත ගොඩනගාගන්නට කිරි හරක් සහ එළවළු වගාවට යොමුවන අයටද සහන ලබාදීමට උපදෙස් දෙන බවද දිස්ත‍්‍රික් ලේකම්වරයා කීවේය.

 

m



අදහස් (0)

තවමත් පාසල් නොයන මීරියබැද්දේ ළමයි

දුමින්ද Tuesday, 24 February 2015 03:40 PM

සෝඩා බෝතලේ සහන ඉවරද (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

ප්‍රභාකරන් දරුකමට හදාගත් කොටි කෙල්ල
2024 ඔක්තෝබර් මස 04 4351 1

ජෝන් මේරි බවින්සා කියන්නේ එල්ටී.ටී.ඊ. සංවිධානයේ නායකයාව සිටි වේළුපිල්ලේ ප්‍රභාකරන් දරුකමට හදාගත් දරුවාය. ප්‍රභාකරන් දරුකමට දරුවකු හදා වඩාගත් බව දැනග


සත්‍යෙයන් අසත්‍යයට ගොදුරුවීම
2024 ඔක්තෝබර් මස 04 538 3

අලු‍ත් ආණ්ඩුවේ ක්‍රියාකාරිත්වයෙන් පැහැදිලි වන්නේ, ඔවුන් ද 2015 වසරේ යහපාලන ආණ්ඩුව සිය කැමැත්තෙන්ම වැටුණු වළට වැටීම තෝරාගෙන සිටින බවයි. ජනාධිපතිවරයාගේ


ලෙයට ලෙය ඉල්ලන ඉරාන - ඊශ්‍රායල ගැටුම
2024 ඔක්තෝබර් මස 03 1140 0

ඉරානය ඊශ්‍රායලයට පහර දුන්නේය. ලොව විශාලතම ෂියා මුස්ලිම් රාජ්‍යය වන ඉරානයත්, ලොව එකම යුදෙව් රාජ්‍යය වන ඊශ්‍රායලයත් පිහිටා ඇත්තේ කිලෝ මීටර් 1,700 ක පමණ දුරක


කාලයට ගැළපෙන ඡන්ද ක්‍රමයක්
2024 ඔක්තෝබර් මස 03 99 0

ජන්දදායකයා මැතිවරණ ක්‍රියාවලියට සම්බන්ධ වීම ප්‍රජාතන්ත්‍රවාදයේ ඉතාමත්ම උසස් ගුණාංගයකි. එය නියෝජන ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මක වීමට අත්‍යවශ්‍ය ක


සෑම කවියක්ම දේශපාලනිකයි
2024 ඔක්තෝබර් මස 02 186 0

ප්‍රවීණ කවියකු, තීරු ලිපි රචකයකු, නවකතාකරුවකු, කෙටිකතාකරුවකු, මෙන්ම ප්‍රකට විචාරකයකුද වන බුද්ධදාස ගලප්පත්ති මහතාගේ නවතම කෘති දෙකක් වන සමුදුර අසා සිටී


ආණ්ඩුවේ විපක්ෂයේ වගකීම
2024 ඔක්තෝබර් මස 02 244 2

ජනාධිපති තරගයෙන් රනිල් වික්‍රමසිංහ මහතා පරාජයට පත්විය. 2022 රට මුහුණදුන් ආර්ථික අර්බුදය අවස්ථාවේදී රට භාර ගැනීමට කිසිවකු නොසිටිය ද ඔහු එම අභියෝගය භාරගෙ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38984 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25535 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 307 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1052 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 371 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site