IMG-LOGO

2024 ඔක්තෝබර් මස 01 වන අඟහරුවාදා


දකුණු අතින් දීලා වම් අතින් ගන්නා පාපකර්මයට යටවූ කර්මාන්ත


කොරෝනා වසංගතය පැමිණීමත් සමග දේශීය ආර්ථිකයක් ගොඩනැගීමේ අරමුණෙන් රජය විවිධ පියවර ගත්තේය. රජයේ ඒ පියවරයන් හි ප්‍රතිඵල ලෙස කොමඩ් ඇතුළු නාන කාමර කට්ටල නිෂ්පාදනය කරන දේශීය කර්මාන්තකරුවෝද තම නිෂ්පාදන දෙගුණ තෙගුණ කිරීම සඳහා පියවර රැසක් ගත්හ. ඒ සඳහා ඔවුනට ණය දීමට මෙරට වාණිජ බැංකුද නොබියව ඉදිරිපත් විය. රජය හා වාණිජ බැංකු එසේ කටයුතු කරගෙන යද්දී ඇතැම් රාජ්‍ය නිලධාරීන් මුදල් අමාත්‍යවරයාද වන අග්‍රාමාත්‍යවරයාගේ කනෙන් රිංගමින් නැගී එන දේශීය කර්මාන්ත වනසා දැමීමට යම් යම් පියවර ගෙන තිබෙන බවට නාන කාමර කට්ටල නිෂ්පාදනය කරන දේශීය කර්මාන්තකරුවෝ චෝදනා කරති. දේශීය කර්මාන්ත වැනසීමට ගෙන තිබෙන පියවර ගැන ආර්.එස්.එල්. සෙරමික් සමාගමේ විධායක අධ්‍යක්ෂ කුසල් පෙරේරා මහතා මෙසේ කරුණු දක්වයි.

නාන කාමර කට්ටල ආනයන බද්ද 2021 අය වැය ලේඛනයෙන් සියයට 30 සිට සියයට 15 දක්වා අඩු කර තිබේ. ආනයන තාවකාලිකව නවතා තිබෙන බව සත්‍යයකි. එහෙත් දැනට පවතින මේ ආනයන තහනම ඉවත් කළ විගස පිටරවලින් අසීමාන්තිකව බඩු එයි. එදාට අවශ්‍ය දේවල් මෙන්ම අනවශ්‍ය දේවල්ද රටට එනු නිසැකය. යුරෝපා සංගමය ඇතුළු ඇතැම් ජගත් සංවිධානවලින් ආනයන තහනමට එල්ල වී තිබෙන ඇතැම් විවේචන නිසා ආනයන තහනම ඉවත් කිරීමට රජය යුහුසුළුව කටයුතු කරන බවටද ආරංචි පැතිරෙයි. එදාට යළිත් කිසිම ගුණාත්මකභාවයක් හෝ ප්‍රමිතියක් නැති භාණ්ඩවලින් වෙළෙඳ පොළ පිරෙනු ද නිසැකය.

කොරෝනා වසංගතය නිසා ලෝකයේ බොහෝ රටවල් ලොක් ඩවුන් කිරීම නිසා දේශීය ආර්ථිකයක වටිනාකම ගැන අපේ රටේ කවුරුත් කතා කළහ. රජයේ අවශ්‍යතාව වූයේද එයයි. ඒ සඳහා රජයද නොයෙක් පියවර ගත්තේය. ආනයන තහනම ඉන් එක් පියවරකි. ඒ අනුව 2021 වසර අවසන් වනතෙක් වාහන ආනයනය කිරීම තහනම්ය. ඒ තහනම් කිරීම යටතේ රට ඇතුළේ නිෂ්පාදන කළ හැකි දේවල් තහනම තවදුරටත් පවත්වාගෙන යායුතු බව දේශීය කර්මාන්තකරුවන්ගේ ස්ථාවරයයි. දේශීය කර්මාන්තවල පැවැත්වමට තර්ජනයක් වන ද්‍රව්‍ය යළිත් දිගට හරහට රටින් ගෙන්වුවහොත් වන්නේ දේශීය කර්මාන්ත යළිත් වළපල්ලට යාමය.

දේශීය කර්මාන්ත නගාසිටුවීමට රජය හඳුන්වා දුන් ප්‍රතිපත්ති මත වාණිජ බැංකුද දේශීය කර්මාන්තවලට ණය දීමට නොබියව ඉදිරිපත් විය. ඒ අනුව දැනටත් පවතින්නේ දේශීය නිෂ්පාදන ඉහළ නැංවීමට සහයෝගයක් දෙමින් පවතින තත්ත්වයකි.

එහෙත් නාන කාමර කට්ටල ආනයන බදු සියයට 30 සිට සියයට 15 දක්වා අඩු කිරීම නිසා දේශීය කර්මාන්තකරුන් වන අප පමණක් නොව බැංකු ද බිය වී සිටියි. ප්‍රමිතියක් නැති බාල බඩු දිගට හරහට රට ඇතුළට ගලා ආවොත් දේශීය කර්මාන්ත පවත්වාගෙන යාමට හැකියාවක් ලැබේදැයි කියන සැකය අපට ණය දීමට ඉදිරිපත් වූ දේශීය වාණිජ බැංකුවලටද දැන් ඇතිවී තිබේ. උද්ගත වී තිබෙන බරපතළ ප්‍රශ්නය එයයි. එනම් නාන කාමර කට්ටල ආනයන බදු සියයට 30 සිට සියයට 15 දක්වා අඩු කිරීමය.

රටට අවශ්‍ය තරම් නාන කාරම කට්ටල රට ඇතුළේ නිෂ්පාදනය කළ හැකි බව  රජයට බැංකුවලට පෙන්වාදීමේ ව්‍යාපෘතියක් කර්මාන්තකරුවන් වශයෙන් අපි දියත් කළෙමු. එහි ප්‍රතිඵලයක් හා රාජ්‍ය ප්‍රතිපත්තිය මත බැංකුද අපට ණය දීමට නොබියව ඉදිරිපත් විය. උදාහරණයකට අපේ සමාගම රුපියල් මිලියන 100ක ණයක් දීමට මෙරට පෞද්ගලික වාණිජ බැංකුවක් ඉදිරිපත් වී සිටියි. අප ඒ ණය ගැනීමට සැරසෙන්නේ අපේ නිෂ්පාදන ප්‍රමාණය ඉහළ නැංවීමටය. ගුණාත්මක බවින් ඉහළ නිෂ්පාදන කිරීමට ගෙන්වාගෙන තිබෙන්නේ ලොව පිළිගත් හොඳම යන්ත්‍ර සූත්‍ර වන ඉතාලියේ නිෂ්පාදිත යන්ත්‍ර සූත්‍රය. ඒවා සවි කිරීමට අවශ්‍ය ගොඩනැගිලි ද ඉදිකර තිබේ. ඒ කටයුතු පමා වන්නේ කොරෝනා වසංගතය නිසාය. එහෙත් කොරේ පිටට මරේ කිව්වා වැනි තත්ත්වයක් ඇති වී තිබෙන්නේ රාජ්‍ය ප්‍රතිපත්ති හිටි හැටියේ වෙනස් වීමෙනි. එනම් නාන කාමර කට්ටල ආනයන බදු අඩු කිරීමය. මේ නිසා දැන් බැංකුද බියවී සිටියි. මා මේ කියන්නේ අප පමණක් නොව කොමඩ් ඇතුළු නාන කාමර කට්ටල හා වෙනත් සියලු සෙරමික් භාණ්ඩ නිපදවන කාර්මාන්තකරුවන් අද වනවිට මුහුණ දී සිටින තත්ත්වයක් ගැනය. දේශීය කර්මාන්තකරුවන් සියලු දෙනා බියවී සිටින්නේ රාජ්‍ය ප්‍රතිපත්තිය හදිසියේ වෙනස්වීම ගැනය.

2020 අප්‍රේල් මැයි මාසවලදී රජය ගත් ප්‍රතිපත්ති තීන්දු අවම වශයෙන් අවුරුදු දහයක්වත් ඉදිරියට ක්‍රියාත්මක විය යුතුය. එහෙත් දැන් වී  තිබෙන්න් මාස 6ක් වැනි කෙටි කාලයක් ඇතුළතදී ඒ ප්‍රතිපත්ති වෙනස් වීමය. දේශීය සෙරමික් කර්මාන්තකරුවන් බලාපොරොත්තු වූයේ ලංකාවේ නිෂ්පාදන පිටරවලට යැවීමටය. ඒ තරමට නිෂ්පාදනය කිරීමටය. 2020 අප්‍රේල් මැයි මාසවලදී රජය ගත් ප්‍රතිපත්ති තීන්දු දිගටම ක්‍රියාත්මක වුවහොත් 2023 දී පමණ දේශීය කොමඩ් ඇතුළු නාන කාමර කට්ටල රට යැවීමට අපේ කර්මාන්තකරුවෝ සැලසුම් කරගෙන සිටියහ. රටට අවශ්‍ය නාන කාමර කට්ටල පිටරටවලින් ගෙන්වීම සඳහා දැනට අවුරුද්දකට රටින් පිටව යන මුදල් ප්‍රමාණය රුපියල් කෝටි 500ක් පමණ වෙයි. දේශීය කර්මාන්තකරුවන් ලෙස අප සැලසුම් කළේ රටින් පිටට යන ඒ මුදල් රට ඇතුළේ ඉතිරි කරගෙන විදේශ විනිමය සරලව කිවහොත් ඇමෙරිකන් ඩොලර් රටට ගෙන ඒමටය. නාන කාමර කට්ටල ආනයන බද්ද සියයට තිහේ තිබුණේ නම් තවත් අවුරුදු තුනකින් නිසැකවම එතැනට යාමට අපට හැකියාව තිබිණි. එහෙත් ආනයන බද්ද සියයට 15 දක්වා අඩු කිරීමෙන් සිදුවන්නේ රට ඇතුළේ ඉතිරි කරගත හැකි සල්ලි වැඩි වැඩියෙන් රටින් පිටට ඇදීයාමය.

රාජ්‍ය ප්‍රතිපත්තිය මෙසේ වෙනස් වූ විට දේශීය කර්මාන්තකරුවන් බලන්නේද රට ඇතුලේ නිෂ්පාදනය කිරීමට නොව චීනයෙන් හෝ බංග්ලාදේශයෙන් ගෙන්වා ගෙන විකිණීමටය. රාජ්‍ය ප්‍රතිපත්ති මෙසේ වෙනස් වන්නේ නම් කර්මාන්ත ශාලා පවත්වාගෙන යනවාට වඩා ඒවා වසා දමා රටින් බඩු ගෙන්වා විකිණීම ඉතා ලාබය. එසේම ඉතා පහසුය. දේශීය කර්මාන්තකරුවන් එතැනට තල්ලු කරන්නේ රාජ්‍ය ප්‍රතිපත්තිය විසිනි. ඒ ප්‍රතිපත්තිය දේශීය කර්මාන්තවලට හිතකර ලෙස වෙනස් කළ හැක්කේද රජයටම පමණකි. රාජ්‍ය ප්‍රතිපත්ති මෙසේ නිතර නිතර වෙනස් වන්නේ දේශපාලන බලාධිකාරියේ වුවමනාවට නොව දූෂිත නිලධාරී තන්ත්‍රයේ වුවමනාවට බව අපට සහතිකය. අපි එය උදාහරණයක් ඇසුරින් සනාථ කරමු. 2020 අප්‍රේල් මැයි මාසවලදී ආනයන තහනම් පනවද්දී කොමඩ්වලට අත්‍යවශ්‍ය කොමඩ් ෂීට් කවර හා ෆ්ලෂිං සෙට් ගෙන්වීමද තහනම් කෙරිණි. ඒවා දැනට මෙරට නිෂ්පාදනය නොකරන නිසා ගෙන්වන්නේ චීනයෙනි. එහෙත් ඒවා ගෙන්වීම තහනම් කිරීම නිසා උදාවෙමින් තිබුණේ දේශීය කොමඩ් නිෂ්පාදන කර්මාන්තයේ මළගමය. ඒ තහනම අප ඉවත් කර ගත්තේ ජනාධිපති ලේකම් කාර්යාලය සමඟ සම්බන්ධීකරණය වීමෙනි.

එහෙත් රජයෙ නිලධාරි තන්ත්‍රයේ සුළු පිරිසක් අප එසේ කරගත්තාට කැමති නොවූහ. ජනාධිපති ලේකම් කාර්යාලය හරහා අප වෙනස් කරගත්තේ ඔවුනගේ තීණ්දුවය. ඔවුනට අවශ්‍ය දේශීය කොමඩ් ඇතුළු නාන කාමර කට්ටල නිපදවන කර්මානතය වනසා දැමීමටය. නාන කාමර කට්ටල ආනයන බද්ද සියයට 30 සිට සියයට 15 දක්වා අඩු කිරීමේ තීරණය වත්මන් රජයේ දේශපාලන අධිකාරිය විසින් ගන්නා ලද තීරණයක් ලෙස අපට විශ්වාස කළ නොහැකිය. රටට වැඩි වැඩියෙන් විදේශ විනිමය අත්‍යවශ්‍ය කාලයක රටේ තියෙන විදේශ විනිමය ටිකත් රටින් පිට කරන තීරණයක් මුදල් අමාත්‍යවරයා විසින් ගනු ලබනු ඇතැයි අපට කිසි ලෙසකින්වත් විශ්වාස කළ නොහැකිය.

කාලයක් ලංකාවට කාර් ගෙන්වූයේ ඒවායේ වටිනාකම අවතක්සේරු කරමිනි. එසේ කළේ ලංකාව ඇතුළේදී ගෙවන බදු ප්‍රමාණය අඩුකර ගැනීම සඳහාය. එමගින් රජයට ලැබිය යුතු නියම බදු ප්‍රමාණය නොලැබෙයි. එසේම වාහනයේ නියම වටිනාකම සඳහා ගෙවිය යුතු ඉතිරි මුදල කාර් ගෙන්වන රටට යැව්වේ උණ්ඩියාල් ක්‍රමයට හොර පාරේය. එමගින් වන්නේ රට සතු විදේශ විනිමය හොර පාරෙන් රටින් පිටවීමය. කොමඩ් ඇතුළු නාන කාමර කට්ටල රටින් ගෙන්වීමේදී ද සිදුවන්නේ එයමය. එක පැත්තකින් රජයට ලැබිය යුතු බදු ප්‍රමාණය අඩුවෙයි. අනෙක් පැත්තෙන් රටේ තිබෙන විදේශ විනිමය හොර පාරෙන් රටෙන් පිටවෙයි. එය පැහැදැලිවම ජාවාරමකි. රටින් ගෙන්වන්නේ කොමඩය, ජල ටැංකිය හා වොෂ් බේෂින් යන කෑලි තුනක කට්ටලයයි. ඒ කට්ටලයක පොතේ වටිනාකම (Book Value) ඇමෙරිකන් ඩොලර් 35ක් නොහොත් රුපියල් 6,500 ක් පමණය. බදු ගහන්නේ ඒ ගණනටය. එසේ නිශ්චිත ගණනක් දමා තිබෙන්නේ වටිනාකම අවතක්සේරු කර අඩුවෙන් බදු ගෙවා ඉතිරි මුදල හොර පාරෙන් රට යවන නිසාය. අප කියන්නේ දැනට ඩොලර් 35ක්ව තිබෙන පොතේ වටිනාකම ඩොලර් 100ක් කළ යුතු බවය. එසේ කළහොත් ප්‍රමිතියෙන් අඩු දැනට ඒ රටවලවත් පාවිච්චි නොකරන තුට්ටු දෙකේ බඩු ලංකාවට ගෙනඒම නවතියි. එස්.එල්.එස්. ප්‍රමිති සහතික ගත යුතුය, රේගුවේදී ප්‍රමිතිය සොයා බලන ක්‍රමවේද ඇති කළ යුතුය කියන කතා කිසි දිනෙක සිදු නොවන දේවල්ය. ඒවා සුරංගනා කතාය. එහෙයින් කළ යුත්තේ ඇමෙරිකන් ඩොලර් 100කට අඩු වටිනාකමක් ඇති නාන කාමර කට්ටල රටින් ගෙන්වීම තහනම් කිරීමය. එසේ කළවිට තුට්ටු දෙකේ බඩු ලංකාවට ගෙනැවිත් අපේ අසරණ ජනතාව කොල්ලකෑම නවතිනු ඇත. එය නැවතීම රටටත් ජනතාවටත් වාසිදායකය. එසේම දේශීය කර්මාන්තයේ පැවැත්මටද යහපත්ය.

දැනට ලංකාවේ නාන කාමර කට්ටල නිපදවන දේශීය සමාගම් හතක් තිබේ. දැනට රටේ අවශ්‍යතාවෙන් සියයට 75ක් සපයන්නේ ඒ සමාගම් හතෙනි. වර්තමාන ආණ්ඩුව බලයට පත්වීමට පෙර මෙය තිබුණේ සියයට 50ක පමණය. යහපාලන රජය කාලේ ඇතැම් දේශීය නිෂ්පාදකයන් කළේ පිටරටවලින් නාන කාමර කට්ටල ගෙන්වා තම නම ගසා විකිණීමය. යහපාලන ආණ්ඩු කාලයේ දේශීය කර්මාන්තකරුවන්ට එසේ කිරීමට සිදුවූයේ ඒ ආණ්ඩුවේ ප්‍රතිපත්තිවල මහිමයෙනි.

යහපාලන ආණ්ඩුව පැමිණෙන විට රටින් ගෙන්වන නාන කාමර කට්ටල සඳහා කිලෝවකට රුපියල් 75ක සෙස් බද්දක් අය කළේය. ඒ ආණ්ඩුවේ හිටපු මුදල් ඇමැති රවී කරුණානායක එය රුපියල් 35දක්වා අඩු කළේය. එය දේශීය කර්මාන්තකරුවාට එල්ල කළ මරු පහරකි. ඒ රජයේ ආයු කාලය නිමවෙන්නට මාස හයක් පමණ තිබියදී එවකට සිටි ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා රජයේ ආර්ථික කමිටුවේ සාමාජිකයන් සමඟ දේශීය කර්මාන්තකරුවන්ගේ හමුවක් පැවැත්වූවේය. එහිදී රුපියල් 75ක්ව තිබූ සෙස් බද්ද රුපියල් 35 දක්වා අඩු කිරීමට එරෙහිව දේශීය කර්මාන්තකරුවන් කතා කළ විට එය වෙනස් කළ නොහැකි බව කීවෝ මුදල් ඇමැති මංගල සමරවීර සමඟ මහ බැංකුවේ ඇතැම් නිලධරයෝය. එහිදී අපේ සමාගමේ සභාපතිවරයා නැගිට කීවේ දේශීය කර්මාන්තකරුවන් සමඟ එක්ව යහපාලන රජය පෙරලීමට කටයුතු කරන බවය. එවකට හිටපු ජනපති ඒ ප්‍රකාශය බැරෑරුම්ව ගත්තත් මුදල් ඇමැති මංගල ඇතුළු රජයේ ඇමැතිවරුන් හා නිලධාරීහු අපේ කතා තුට්ටුවකටවත් මායිම් නොකළහ. ඇමැතිවරුන් වෙනස් වූවාට ඒ නිලධාරීහු දැනටත් සිටිති. ඒ ඇතැමුන් අද සිටින්නේ එදා සිටියාට වඩා ඉහළ තැන්වලය. නාන කාමර කට්ටල නිපදවන දේශීය කර්මාන්ත නැතිභංග කර දැමීමට දැන් කටයුතු කරන්නෝ ඔවුහුය. ඔවුන් එසේ කරන්නේ ඇයිදැයි සොයා බැලීම වර්තමාන රජයේ වගකීමකි. බුද්ධි අංශවලට රාජකාරිය භාර දුන්නොත් ඉතා පහසුවෙන් ඇත්ත සොයා ගත හැකි බව අපේ විශ්වාසයයි.

වර්තමාන රජය බලයට පත්වීමෙන් පසු හඳුන්වා දුන් ප්‍රතිපත්ති මත අපි අපේ දේශීය නිෂ්පාදන වෙළෙඳපොළ අවශ්‍යතාවෙන් සියයට 50 සිට සියයට 75 දක්වා ඉහළ නංවා තිබ්. ඒ අවුරුද්දක් ඇතුළතය. මේ අවුරුද්දේ ප්‍රගතියෙන් ඉදිරි අවුරුදු තුනකදී ඇතිවිය හැකි පෙරළිය ගැන ආණ්ඩුවට ඉතා පහසුවෙන් තක්සේරු කළ හැකි බව අපේ විශ්වාසයයි. නිගමනයයි. දේශීය කර්මාන්ත අවුරුද්දක් ඇතුළතදී සියයට 25ක ප්‍රගතියක් ලබා තිබියදී නාන කාමර කට්ටල ආනයන බද්ද සියයට 30 සිට සියයට 15කට අඩු කිරීමෙන් ඇතිවන අනිවාර්ය ප්‍රතිඵලය දේශීය කර්මාන්ත ඇදවැටීම නොවේද? රජයේ ප්‍රතිපත්ති මෙලෙස වෙනස් වන්නේ ජනපතිගේ හෝ අගමැතිගේ වුවමනාවට නොවන බවද අපට විශ්වාසය. මේවා කරන්නේ දේශීය කර්මාන්ත සමඟ වෛරයකින් පෙළෙන දූෂිත ඇතැම් නිලධාරීන් බව අපේ විශ්වාසයයි.

ඒ අතරම කිවයුත්තේ රවී කරුණායක අමාත්‍යවරයා රුපියල් 75 සිට 35 කට අඩු කළ සෙස් බද්ද තවමත් රුපියල් 75 දක්වා ඉහළ නංවා ගැනීමට නොහැකි වූ බවය. වර්තමාන රජය කළේ එය රුපියල් පහකින් එනම් රුපියල් 35 සිට 40 වැඩි කිරීම පමණකි. අප කියන්නේ දේශීය කර්මාන්තවල දියුණුව ආණ්ඩුවේ ප්‍රාර්ථනය නම් සෙස් බද්ද යළි කිලෝවකට රුපියල් 75 දක්වා ඉහළ නැංවිය යුතු බවය. නාන කාමර කට්ටල ආනයනය කිරීමේදී අය කරන බද්ද යළිත් සියයට 30ක් කළ යුතු බවය. එසේම දැනට ඩොලර් 35ක්ව තිබෙන පොතේ වටිනාකම ඩොලර් 100ක් කළ යුතු බවය. නැතහොත් ඇමෙරිකන් ඩොලර් 100කට අඩු වටිනාකමක් ඇති නානා කාමර කට්ටල රටින් ගෙන්වීම තහනම් කළ යුතු බවය. අප කියන මේ දේවල් කිරීමට ආණ්ඩුවට ශත පහක් වැය වන්නේ නැත. ආණ්ඩුව කළ යුත්තේ චක්‍රලේඛ නිකුත් කිරීම පමණකි. එසේ කළහොත් පළමුව තුට්ටු දෙකේ බඩු රටට පැමිණීම නවතිනු ඇත. දෙවනුව රටේ ඉතිරි වී තිබෙන විදේශ විනිමය ටිකවත් ඉතිරි කරගත හැකිය. තෙවනුව රටට විදේශ විනිමය උපයා ගත හැකිය. සිව්වනුව දේශීය කර්මාන්තවල ඇතිවන ප්‍රගතියෙන් දස දහස් ගණනකට ඍජු හා වක්‍ර රැකියා බිහිවන්නේය. වර්තමාන ආණ්ඩුවේ වුවමනාවත් එයම බව අපේ විශ්වාසයයි.

ආණ්ඩුවේ නායකයන් අප කියන කරුණු ගැන බරපතළව අවධානය යොමු කළ යුතුය. ඒ රටේ යහපත සඳහාය. අප ඉහත සඳහන් කළ සෙස් බද්ද රුපියල් 75 සිට රුපියල් 35 දක්වා යහපාලන ආණ්ඩු කාලයේ අඩු කළේ ඊට පෙර පැවැති වත්මන් අගමැතිතුමාගේ ආණ්ඩුවේ හිතවත් ව්‍යාපාරිකයකුගේ නාන කාමර උපාංග නිපදවන කර්මාන්තය වනසා දැමීමටය. එදා එය නාන කාමර කට්ටල ඇතුළු අනෙකුත් උපාංග නිපද වූ ප්‍රබල දේශීය සමාගමකි. එහි හිමිකරු හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ හිතවතෙකි. යහපාලන ආණ්ඩුව සෙස් බද්ද අඩු කළේ ඒ ව්‍යාපාරිකයාගෙන් පලිගැනීමටය. යහපාලන ආණ්ඩුව ඒ ව්‍යාපාරිකයාගෙන් පලිගැනීමට එසේ කළ විට ඔහු කළේ ඉන්දියාවේ ආන්ද්‍ර ප්‍රදේශයට ගොස් නාන කාමර කට්ටල ඇතුළු අනෙකුත් උපාංග නිපදවන කර්මාන්ත ශාලාවක් එහි ගොඩනැගීමය. ඒ කර්මාන්ත ශාලාවේ නිපදවූ භාණ්ඩ ඔහු වෙනත් රටවලට අපනයන කළේය. යහපාලන ආණ්ඩුවේ ඇමැතිවරුන් ටිකිරි මොළවලින් වැඩ කළාට, තීරණ ගත්තාට අපේ දේශීය ව්‍යාපාරිකයන් තීරණ ගන්නේ මහා මොළවලිනි. එය එදාට සේම අදටද වලංගුය. එහෙයින් ඒ ගැන වර්තමාන රජයේ නායකයන් සේම ඇමැතිවරුද දෑ හිතකාමී රාජ්‍ය නිලධරයෝද සිතිය යුත්තෝය. වැරැදි තීරණ නිවැරදි නොකළොත් හා ගතයුතු අලුත් තීරණ නොගතහොත් වන්නේ දේශීය කර්මාන්ත වැනසී යාමය. දැනට ඒවායේ රැකියා කරන දහස් ගණනක් පාරට වැටීමය.


(***සාකච්ඡා සටහන - ගුණසිංහ හේරත්)



අදහස් (1)

දකුණු අතින් දීලා වම් අතින් ගන්නා පාපකර්මයට යටවූ කර්මාන්ත

සාරසී Tuesday, 19 January 2021 05:45 PM

අපෝ..!!!, මෙරට නිපදවන නාන කාමර කට්ටල හරිම ගණන්...

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

ළමයින්ට මුල් තැන දෙන්න
2024 ඔක්තෝබර් මස 01 39 0

ශ්‍රී ලංකාව මෙවර ළමා දිනය සමරන්නේ, රට තීරණාත්මක සන්ධිස්ථානයකට එළඹ සිටියදීයි. 9 වැනි විධායක ජනාධිපතිවරයා පත්කර ගත් ජනාධිපතිවරණය සහ පාර් ලිමේන්තුව තෝරා


මැදපෙරදිග හෙල්ලුම් කෑ නසරැල්ලා ඝාතනය
2024 සැප්තැම්බර් මස 30 1254 0

ලෙබනනයේ ෂියා මුස්ලිම් හිස්බුල්ලා සංවිධානයේ මහ ලේකම්වරයා, එසේත් නැතිනම් නායකයා ෂෙයික් හසන් නසරැල්ලා ඝාතනය කිරීමට ඊශ්‍රායලය සමත් විය. 64 හැවිරිදි නසරැල


දේශපාලනයේ පෙරළිකාරයා - කළුගංතොට සිංහයා
2024 සැප්තැම්බර් මස 30 590 0

හිටපු අමාත්‍යවරයකු අභාවප්‍රාප්ත කුමාර වෙල්ගම මහතාගේ අවසන් කටයුතු අද (30) සවස මතුගම ආදාහනාගාරයේ දී සිදු කෙරේ මේ ලිපිය ඒ නිමිත්තෙනි.


අලුත් දැක්මක නව යුගයක ආරම්භය
2024 සැප්තැම්බර් මස 30 189 0

නිදහසට පසු යුගය තුළ ශ්‍රී ලාංකික දේශපාලන ඉතිහාසයේ පළමු වතාවට සාම්ප්‍රදායික වම හෝ දකුණ හෝ බලයට එන දේශපාලනය වෙනුවට අලුත් බලවේගයක් නිර්මාණය වී තිබේ. ඉකුත


උපන්ගෙයි අවලංගු වන පුහු තර්ක
2024 සැප්තැම්බර් මස 28 4559 2

පසුගිය ජනාධිපතිවරණ සමයේදී ඉදිරිපත් වූ ඉතාමත් ප්‍රබල තර්කය වූයේ 2019 ජනාධිපතිවරණයේ දී සියට 3.16ක ඡන්ද සංඛ්‍යාවක් ලැබූ ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිස


මගේ හිතේ කොනකවත් තිබුණේ නෑ
2024 සැප්තැම්බර් මස 27 12920 0

අගනුවර පුරෝගාමී කතෝලික පාඨශාලාවක් වන කොළඹ 13, ශාන්ත බෙනදික්ත විද්‍යාලයේ ‘වාර්ෂික සිංහල සාහිත්‍ය කලා උළෙල අද (27) පස්වරු 2.30 ට විද්‍යාලයීය රංග ශාලාවේදී පැවැ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38455 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25331 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 270 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 904 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 326 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site