දෙවියන්ගේ හාල් කැවුණු කෙනාට සිදුවූ දෙයම වැට් බදු මුදල් වංචා කළ පුද්ගලයින්ටත් සිදු වුණාද? දකුණු ආසියාවේම සිදුවූ විශාලතම බදු මුදල් වංචා කිරීමේ චෝදනාවට වරද පිළිගත් ආණ්ඩුවේ කන්තෝරුවක මහ පුටුවක වැජඹෙමින් සිටි මහ කෙරුමෙකුට ලැබුණු දඬුවම බලද්දි දෙවියන්ගේ හාල් කැවුණු කෙනෙකුට ලැබෙන්නේද එවැනි දඬුවමක්දැයි අප සිත සලිත විය.
ආණ්ඩුවේ කන්තෝරුවලට වී පුටු රත් කරමින් සිට රාජ ඌෂ්ණයෙන් පිම්බී සිටින ඇතැම් නිලදරුවෝ රජුගේ දේ හොරා කති. එයද එදා මෙන් අදද මට මෙන් ඔබටද අත් දැකීමට පුළුවන. ඒ සඳහා දැඩි වෙහෙසක් දැරීමට කිසිසේත්ම අවශ්‍ය වන්නේ නැත.
විත්තිකරුවූ ඥාණසිරි ද සොයිසා ජයතිලක |
රජුගේ දේ සොරා කෑ පුද්ගලයකුටත් වන්නේ දෙවියන්ගේ හාල් කෑ පුද්ගලයාට සිදුවූ දේමය.
විසිවැනි ශත වර්ෂය ආරම්භයත් සමග දකුණු ආසියාවම තුෂ්නිම්භූත කරවන අන්දමේ වංචාවක් වාර්තා විය.
ලොකුම දේට නිරන්තරයෙන් උරුමකම් කීමට දඟලන අපේ රටේ උදවිය දකුණු ආසියාවේ ලොකුම බදු මුදල් වංචාවටත් උරුමකම් කීම අපට කොතරම් නම් ආඩම්බරයක්ද?
මම ඔබෙන් අසමි.
ඇත්තෙන්ම මෙය ආඩම්බරයක්ද?
රටේ ආර්ථිකය ශක්තිමත් කරන තේ, පොල්, රබර් කර්මාන්ත ගත් තැනට ඇඟලූම් කර්මාන්තය පැමිණීමට වැඩි කලක් ගත නොවීය. මේ කර්මාන්තයෙන් රජයට ලැබෙන ආදායම වැඩිකර ගැනීම සඳහා ”වැට්” නමින් බදු මුදලක් එක්විය.
දේශීය ආදායම් දෙපාර්තමේන්තුව හරහා මෙම බදු මුදල් එක්රැුස් කර ගැනීමට මහා භාණ්ඩාගාරය කි‍්‍රයා කළේය.
නීති දැඩි වන තරමට නිල දරුවෝ කැමැත්තෝය. අලූතින් නීති පැමිණෙන තරමට ඔවුහු ඊටත් වඩා කැමැත්තෝය. ඒ නීතියෙන් තැළෙන අයගෙන් වැඩිපුර මුදලක් ගසා කෑමට හැකියාව ඇති වන හෙයිනි.
ඇතැම් නිලදරුවෝ ගසා කෑමට රුසියෝය. ගසා කෑමේ මාර්ග ඔවුන් ඉතා හොඳින් කාපට් කරගනිති. ඕනෑම මඩ ගොහොරුවකට උඩින් මඩ චුට්ටක්වත් කකුලේ නොගෑවී යෑමට ඔව්හු අති දක්ෂයෝය.
නීතියට හසු නොවී මඩ ගොහොරුවලට නොදැනී ඉන් පැන යෑමට දඟලන ඇතැම් නිලදරුවෝ පය පැටලී බිම වැටුණු අවස්ථා ඇති බවට අපේ ඉතිහාසය සාක්කි දැරූ අවස්ථා තිබිණි.
වැට් බදු මුදල් වංචා කිරීමේ චෝදනාවට වරදකරු වූ දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ හිටපු නියෝජ්‍ය කොමසාරිස් වරයකුවූ ඥාණසිරි ද සොයිසා ජයතිලක මහතාට ලැබුණු ඉතිහාසගතවන දඬුවම බලද්දී ඔහු බිම වැටුණේ කාගේ කකුල් මාට්ටුවකටදැයි හිතා ගැනීමටත් අපහසුය.
පිටරටවලින් ගෙන්වන ඇඟලූම් සඳහා අය කරනු ලබන වැට් බදු මුදල් රජය විසින් අදාළ පුද්ගලයින්ට ආපසු ගෙවනු ලබන අතර එලෙස ගෙවන මුදල් වංචා කිරීම කාගේ කාගේත් මඩි තරකර ගැනීමට පහසුම ක‍්‍රමයකි.
ඕනෑම දෙයක හොර ක‍්‍රමය අල්ලා ගැනීමට අපේ රටේ මිනිස්සු අති දක්ෂයෝය. එම දක්ෂකම් පාවිච්චි කරමින් රජයට බදු ලෙස අයකර ගන්නා වැට් බදු මුදල් වංචා කිරීමේ හොර ක‍්‍රමය අපේම රටේ අය විසින් සොයා ගන්නා ලදී.
වැට් බදු මුදල් ලෙස රජයට ගෙවන බදු මුදල් ආපසු රජය විසින් නිදහස් කරනු ලබන්නේ ලියාපදිංචි කළ ආයතන වලටමය. ඒ බව දැනගත් අපේම අපේ අය වැට් බදු මුදල් වංචා කිරීම පිළිබඳ නියම තැනට ඉන්ජක්ෂන් එක ගැසුවේය.
ඔවුන් ව්‍යාජ ලෙස ආයතන 13 ක් ලියාපදිංචි කළේය. ඒ සියලූම ආයතනවල ලිපින තිබුණේ කොටහේන ප‍්‍රදේශයේය.
වැට් බදු මුදල් වංචා කිරීමේ සිද්ධියට සම්බන්ධිත ආයතන 25න් ව්‍යාජ ආයතන 13ම ලියාපදිංචි කර තිබුණේ වැට් නඩුවේ චෝදනා ලැබ සිටි කාමිල් කුකුම්දීන් නමැති විත්තිකරුගේ නමටය.
කිසිදු ඇඟලූමක් ලංකාවට ගෙන්වා නොමැති රජයට ශතයක හෝ බදු මුදලක් ගෙවා නොමැති පුද්ගලයෝ ව්‍යාජ ආයතන හරහා වැට් බදු මුදල් ආපසු ඉල්ලා සිටිති.
රජයට ආදායම් වැඩි කරදෙන වැට් බදු මුදල් අයකර ගන්නා දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුවේ නිලධාරින් තමන්ගේ ඔඩොක්කුවලට දමා ගන්නා මොවුහු තමන් ලක්ෂ ගණනින් රජයට බදු මුදල් ගෙවා ඇති බව හඟවමින් දුන් බදු මුදල් ආපසු ඉල්ලා සිටිති.
අපි ජීවත්වන්නේ ආශ්චර්යයෙන් මෙන්ම අනුහස්වලින් ද අග තැන්පත් රටක වන නිසාදෝ ලොකු පුටුවල සිටින නිලදරුවන්ගේ දෑස් ගිනිකණ වැටෙන වෙලේ ඉදිරිපත් කරන අදාළ ලේඛනවලට නොදැනීම වගේ අත්සන් තැබේ.
2004 සිට 2006 දක්වා වූ වසර දෙකක කාලය තුළ නොදැනීම අත්සන් තැබුණු එවැනි ලේඛන මඟින් ඔවුහු නොදැනීම වගේ රජයෙන් මුදල් සොරකම් කළහ.
මෙය කාටත් තේරුණේ නැත. නොදැනීම සිදුවූ මේ සිද්ධිය වීමට වසර දෙකක කාලයක් ගත විණි. මහා භාණ්ඩාගාරයේ තිබූ රුපියල් කෝටි 399 කට අධික මුදලක් නොදැනීම ව්‍යාජ ගිණුම්වල එක් රැස්විය.
නොදැනීම එලෙස ලැබෙන මුදල් නොදැනීම මෙන් විත්තිකරුවන්ගේ සාක්කුවල එක් රැුස් වූ අතර ඔවුන් නොදැනීම හිටි හැටියේ පොහොසත් විය. ගේ දොර වතු පිටි යාන වාහන ඔවුන්ට ලැබුණේ නොදැනීම වාගේය.
නමුත් ඔවුන්ට දැනෙන්න පටන් ගත්තේ වැට් බදු මුදල් වංචා කරන බවට කාකි කෝට්වලට ඉව දැනෙන්නට පටන් ගත් පසුය.
දේව අණට පිටුපා තහනම් ගහේ ගෙඩි කෑ අන්දමට තමන් හෙලූවැල්ලෙන් බව තේරුණේ කළ වරද අතටම අසුවීමෙන් පසුවය. වැට් බදු මුදල් වංචාකරුවෝත් එසේම වූහ.
තමන් හෙලූවැල්ලෙන් බව අන් අයට නොපෙනීම සඳහා ඇඟිල්ල දික්වූ ව්‍යාපාරිකයෝ මෙන්ම රජයේ නිලධාරීහු කිහිප දෙනෙකුම පැදුරටත් නොකියා රටින් පැන ගියහ.
එසේ පැන ගැනීමට නොහැකිවීම නිසා හෝ පැන ගැනීමට අකමැතිවීම නිසා රටේම නතරවූ කිහිප දෙනෙකුගේ දෑතට විලංගු වැටුණි.
නීතිපතිවරයා ඔවුන්ට විරුද්ධව චෝදනා එල්ල කළේය. ඒ මීට වසර 06කට පමණ ඉහතදීය. මෙම නඩුව විභාග කිරීම ආරම්භ කළ විනිසුරුවරු අද විශ‍්‍රාම සුවයෙන් පසු වෙති.
විත්තිකරුවන්ට එරෙහි චෝදනා එල්ල කොට මෙම නඩුව විභාග කිරීම 2007 ජනවාරි 29 වැනිදා ආරම්භ කරන ලදී. එදා සිට විත්තිකරුවන්ට එරෙහි චෝදනා ඔප්පු කිරීම සඳහා සාක්කිකරුවන් 34 දෙනකු කැඳවන ලද අතර ලේඛන 4000ක් ලකුණු කෙරුණි.
සාක්කිකරුවන් දුන් සාක්කි ටයිප්කළ පිටු 15,000ක් අතර සැඟව ගත්තේය.
ලංකාවේ සිටි විත්තිකරුවන් අතුරින් එක එකා වරද පිළිගන්නා ලදී. එක් එක් අවස්ථාවලදී ඔවුන්ට දඬුවම් නියම කෙරිණි.
එසේ තිබියදී මෙම නඩුවේ පළමු විත්තිකරු ලෙස නම් කොට සිටි දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුවේ හිටපු නියෝජ්‍ය ආදායම් බදු කොමසාරිස් ඥාණසිරි ද සොයිසා ජයතිලක මහතාත් ඔහුට එරෙහිව තිබූ චෝදනා 43කට වරද පිළිගත්තේය.
ජයතිලක මහතාට දැඩි දඬුවම් ලබා නොදී ලිහිල් දඬුවම් ලබාදෙන ලෙස ඔහු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ තිලක් මාරපන මහතා ඉල්ලා සිටියේය.
දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගේ ආකාර්යක්ෂමතාව හා නොසැලකිල්ල නිසා රජයට රුපියල් බිලියන 388ක බදු ආදායමක් අහිමිවී ඇති බව විගණකාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ වාර්තාවක සඳහන් වන්නේ යැයි කී ඔහු මෙම නඩුවට පාදක වී ඇති රුපියල් මිලියන 3.9ක අලාභය සමඟ සැසඳීමේ දී මෙම මුදල සමස්ත අලාභයෙන් දශම 5ක් යැයි කීහ.
නඩුවට අදාළ වසර දෙකක කාලය තුළ වැට් බදු මුදල් ආපසු ඉල්ලීම් 75,000ක් පමණ සලකා බලා ඇති මෙම විත්තිකරු අතින් වැරැුදී ඇත්තේ ආදායම් බදු අයදුම් පත‍්‍ර 260 ක් පමණක් බවත් නිවැරැුදිව රාජකාරි කළ සියයට 99.5ක් ගැන කිසිවකුත් කතා නොකරන නමුත් වැරැුදි වූ සියයට දශම 5 පදනම් කර ගනිමින් හැමෝම කතා කරන බවත් එම කරුණම නිසා මෙම නඩුවේ විත්තිකරුවකු වීමට තම සේවාදායකයාටත් සිදුවී ඇතැයිද ජනාධිපති නීතිඥ මාරපන මහතා කීය.
විත්තිකරුට එරෙහිව චෝදනා එල්ල කළ නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥ ශනිල් කුලරත්න මහතා කරුණු ඉදිරිපත් කරමින් විත්තිකරු රජයේ සේවකයකු ලෙස සේවය කර ඇතත් ඔහු කුරුණෑගල ප‍්‍රදේශයේ පොල් ඉඩම් මෙන්ම කොළඹ 07න් ඉඩම් කිහිපයක්ම ලබාගෙන ඇතැයි කියමින් එම ඉඩම් පිළිබඳව විස්තරයක්ද උසාවියට ඉදිරිපත් කළේය.
එම ඉඩම්වලට අමතරව විත්තිකරුගේ නමට ඇති බැංකු හතරක ගිණුම් කිහිපයකම රුපියල් කෝටි ගණනක මුදල් තැන්පත් කොට ඇතැයි කියමින් එම බැංකු ගිණුම පිළිබඳ වාර්තාද අධිකරණයට ඉදිරිපත් කළේය. රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥ ශනිල් කුලරත්න මහතා විත්තිකරුට සුදුසු දඬුවමක් ලබා දෙන්නැයි ඉල්ලා සිටියේය.
දෙපාර්ශ්වයෙන් ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ විනිසුරුවරිය එක් චෝදනාවකට වසර තුන බැගින් විත්තිකරුට එරෙහිව ඉදිරිපත් කළ චෝදනා 34ට ඔහුට වසර 102ක සිරදඬුවමක් නියම කොට එය වසර 03ක කාලයකින් ගෙවෙන ලෙස කි‍්‍රයාත්මක කිරීමට නියම කෙරිණි.
එම දඬුවමට අමතරව විත්තිකරු වංචා කළ රුපියල් කෝටි 399 කට අධික මුදල මෙන් තුන් ගුණයක් වන රුපියල් කෝටි 1198 ක දඩයකට ඔහු යටත් කළ විනිසුරුවරිය එම දඩ මුදල නොගෙවුවහොත් ඔහුගේ දේපළ රාජසන්තක කොට එම මුදල් රජයට අයකර ගන්නා ලෙස නියම කළාය. මේ සියලූ දේවල් මෙන්ම දුන් දඬුවම්ද සැලකිල්ලට ගෙන බැලීමේදී දෙවියන්ගෙ හාල් කැවී ඇත්තේ කාටද යන ප‍්‍රශ්නය යළි යළිත් නැගෙනු ඇත.
මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේ දී ඉතිහාසයේ පළමු වතාවට සිදුවීම් ගණනාවක් දැකගත හැකි විය. ඒවා ජාතික ජන බලවේගය පිහිටු වූ වාර්තා ලෙසද ඇතැමුන් හඳුන්වනු දුටුව
මහ මැතිවරණය නිමා වී ඇත. නව පාර්ලිමේන්තුව ද පළමු වතාවට ඊයේ රැස්වූයේය. ජාතික ජන බලවේගයේ දේශපාලන වැඩසටහන විධායකය සහ ව්‍යවස්ථාදායකය යන ක්ෂේත්‍ර දෙකේම ශක්
බ්‍රිතාන්‍ය යටත්විජිත සමයේ සිට මෙරට භාණ්ඩ අපනයනය සිදු වුණි. එදා සිට අද දක්වාම මෙරට ප්‍රධාන අපනයනික බෝග ලෙස හඳුනාගන්නේ තේ, පොල්, රබර් ය. එහෙත් එම පිළිගැන
ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රමුඛ ජාතික ජන බලවේගය මෙවර මහ මැතිවරණයේ දී ජනතාවගෙන් ඉල්ලා සිටියේ ‘පොහොසත් රටක් ලස්සන ජීවිතයක්’ ජනතාවට උරුම කර දීම සඳ
පෙරදිග ධාන්‍යාගාරය යන්න ඇසූ සැණින් කාගේත් මතකයට නැගෙන්නේ මහා පරාක්‍රමබාහු සමයේ අප රට හැදින් වූ නමයි. වචනයේ අර්ථය අනුව ගතහොත් පෙරදිග ලෝකයටම අවශ්‍ය තරම
ජාතික ජන බලවේගයට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක් ඉක්මවා යන ආසන 159ක අද්විතීය ජයග්‍රහණයක් ලබා දෙමින් 2024 පාර්ලිමේන්තු මැතිවරණය නිමාවට පත්විය. එහිදී සමඟි ජන බ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
දකුණු ආසියාවේ ලොකුම වැට් බදු වංචාව
රුනිලා Thursday, 15 May 2014 12:39 AM
අනේ මේ මොලේ හොන්ඩ දෙකට යෙදුවානම් ............(දී)
සර්ෆළ් Sunday, 18 May 2014 08:51 AM
අපේ ගෙවල් ගාව ඉන්න රේගු නිලදාරියෙක් දැන් මාස කීපයකට කලින් කෝටි හයකට ඉඩමක් මිලදී ගත්තා. රජයේ සේවකයන්ට කෝටි ගණන් පඩි ගෙවන බව දැන ගත්තේ ඊට පස්සේ තමයි.(නදී)
මදුර Sunday, 18 May 2014 05:03 PM
සරත්ගේ කතව අත්ත. අනිත් අයව අල්ලන හොද මොලයක්. තව හොරු ගොඩක් ඉන්නවා බලමු අල්ලන හැටි.(නදී)
ගොඩකන්ද Tuesday, 20 May 2014 01:54 AM
බොරුවට මිනිස්සු රවට්ටන්නයි මිනිහව එලියට දාන්නයි ඔය සේරම කලේ.ඔය සල්ලි ලබා ගත්ත තව අය ඉන්නවා. (ස)
අජිත් Friday, 16 May 2014 06:18 AM
මේ වගේ අය තව කීදෙනෙක් මේ රටේ ඇද්ද? (නි)
තිලක් Thursday, 15 May 2014 11:21 AM
මේ හොර මහත්තයා නිදහස් කරගන්න කතා කළ නීතිඥ මහත්තයාට නීතිඥ ගාස්තු වශයෙන් කීයක් ගෙව්වද කියලා හොයලා බලන්නකෝ. (නි)
ස්වර්ණපාල Tuesday, 20 May 2014 04:22 PM
අනේ අනිච්චං! (නි)
බමුණු Wednesday, 14 May 2014 07:53 PM
"පළමු විත්තිකරු ලෙස නම් කොට සිටි දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුවේ හිටපු නියෝජ්‍ය ආදායම් බදු කොමසාරිස් ඥාණසිරි ද සොයිසා ජයතිලක මහතාත් ඔහුට එරෙහිව තිබූ චෝදනා 43කට වරද පිළිගත්තේය." ඉතින් කොහොමද මෙය මහතා උනේ.(නදී)
මිහිරි Friday, 16 May 2014 05:55 PM
මාර මොලයක් මොනවා උනත් (දී)
බමුණුසිංහ Wednesday, 14 May 2014 07:57 PM
අනේ මෙහෙවු රටක අපිත් ඉපදුනානේ? (නි)
සරත් බණ්ඩාර Saturday, 17 May 2014 10:47 PM
ඔය පොඩි හාල් මැස්සෙක්. තෝරු මෝරු නිදැල්ලේ (ස)
ජාග්. Monday, 19 May 2014 06:44 AM
මෙයාගේ සල්ලි තියෙන්නේ ඔස්ට්‍රේලියාවෙයි නවසීලන්තෙයි නේද? පවුලයි ළමයි දෙන්නයිත් එහේ නේද ඉන්නේ? (නදී)
ජයති Monday, 19 May 2014 06:51 AM
අවුරුදු 120 කොහොමද 3 වුනේ ? මට තේරෙන්නේ නැහැ. එයාලට අරන් දීපු ගෙවලුත් රාජසන්න්තක නේද? ( ගත්තේ රජයේ වියදමින් නම් ?) රාජසන්න්තක කරන්න ඕනේ.(නදී)
ජයතිස්ස Monday, 19 May 2014 06:57 AM
අවුරුදු 120 කොහොමද 3 වුණේ ? මට තේරෙන්නේ නැහැ උතුමාණන් වහන්ස, මේකද නීතිය? (නි)
ගිහාන් Monday, 19 May 2014 06:59 AM
ඒ සල්ලි ගැන කතා නොකරන්නේ සල්ලි බලෙන්මයි කියලයි මට නම් හිතෙන්නේ (නි)