තුරඟ සරින් ඉගිලී යන රෝද හතරේ වාහනය තුළ ගමනේ වෙහෙස නිවාගන්නට අපූරු ගිමන්හලක් එක් තැනකදී හමුවෙයි. ඔරුවක අයුරු ගත් කැනොවින් ආර්කේඞ් නම් මෙම සාප්පු සංකීර්ණය හා අවන්හල හමුවෙන ඒ තැන ඔබට කියන්නට අපට සිත්වුණේ කියන්නට සිත්වෙන තරම් අලූත් අලූත් දෑ ඔරුවක රුවින් දිස්වෙන කැනොවින් ගිමන්හල සන්තකව පවත්නා හෙයිනි. දක්‍ෂිණ අධිවේගී මාර්ගයේ වැලිපැන්න පිවිසුම ආසන්නයේ ගමනක වෙහෙසකර බව නිවාලන මේ ගිමන්හල ඉදිව තිබේ. දක්‍ෂිණ අධිවේගී මාර්ගයේ ගමන් කරන්නන්ට ඒ සඳහා පැයක පමණ කාලයක් ගතවෙයි. ඒ පැයක ගමනේදී අතරමග මොහොතක් නතරවී ගිමන් හරින්නට ඔබට සිදුවුවහොත් නොඑසේනම් කුමක් හෝ රසවත් ආහාරයකින් සප්පායම් වී අලූතින් ඇඳුමක් ආයිත්තමක් මිලට ගන්නට සිතුණොත් වාහනයට නැවත ඉන්ධන ගසා ගැනීමේ අවශ්‍යතාවක් වැනි කී නොකී බොහෝ අවශ්‍යතා සපුරන එකම සෙවණක් ලෙස කැනොවින් ගිමන්හල හඳුන්වාදීම එයට ඉටුකරන සාධාරණයකි. සුපිරි වෙළෙඳ සංකීර්ණ දෙකක්, ගිහාන්ස් අවන්හලත්, ලක්සල, ඩයිනමෝ අවන්හලත්, ගිල්ස් කැෆේ, ඉටලියන් කැෆේ, ඉරොසියා ටී. සයිබර් කැෆේ, පුංචි පැටවුනට දුව පැන සෙල්ලම් කරන්නට ඉසව්වක් මෙන්ම ගත සිත වෙහෙස මඟහැර ගන්නට විවේකී කඩඉම්ද මේ නව නවාතැනේ අන්තර්ගතය. කැනොවින් ගිමන්හල වෙත කාටත් පහසුවෙන් ළඟාවිය හැක්කේ වැලිපැන්න පිවිසුම ආසන්නයේදී වෙනම මංතීරුවකින් ඇතුළුවී වෙනම මංතීරුවකින් යළි අධීවේගී මාර්ගයටම සම්බන්ධ විය හැකි ආකාරයට මංතීරු හයක් සම්බන්ධ කරමින් මෙම ගිමන්හල පිහිටුවා තිබීම නිසාය. එදා අතීතයේ දවසකදී කාගේ හෝ වේවා ගමනක වෙහෙස නිවාලන සිතුවිල්ලෙන් මහ මග තැනින් තැන පිංතාලි තබා තිබුණේය. ඒ දිය පොදකින් පවස නිවන පරමාර්ථයෙනි. පිංතාලිය සේම අම්බලම්ද එදා මහ මග තැනින් තැන ඉදිවුනේ මහන්සියට ඔසුවක් ලෙසිනි. ඒ අම්බලම සංකල්පයද කැනොවින් ගිමන්හල ව්‍යාපෘතියේදී පදනමක් කරගත් බව පැවසුයේ එම ව්‍යාපෘතියේ කළමනාකාර අධ්‍යක්‍ෂ ප‍්‍රියන්ත ප‍්‍රනාන්දු මහතාය. දක්‍ෂිණ අධිවේගී මාර්ගයේ ගමනේ යෙදෙන ඔබට මෙම නවමු අත්දැකීම අසිරිමත් ලෙස විඳගන්නට බලකරන දසුනක් වෙයි. ඒ නිලට නිලේ පෙනෙන තණ බිම්ය. අනාගතයේදී සංචාරකයින්ගේ ප‍්‍රිය නවාතැනක් බවට කැනොවිල් ගිමන්හල පත්වෙන බවට එය නිහඬ මුවින් පවසන එක් සාක්‍ෂියක් වැන්න. ශ්‍රී ලංකා රක්‍ෂණ සංස්ථාව මූල්‍ය අනුග‍්‍රහය දැක්වූ ප‍්‍රිප(ර්) ඇසෝෂියේට්ස් සමාගම නිර්මාණ දායකත්වය දැක්වූ මේ අපූරු ව්‍යාපෘතියේ නිමැවුම පසුපස එහි කළමනාකාර අධ්‍යක්‍ෂවරයාගේ මෙන්ම ෆටීමා පටෙල්, රසිනි බාලසූරිය, යසාසි හෙට්ටිආරච්චි සහ ෂරින් හුසේන් යන තරුණ නිමැයුම්කරුවන්ගේ නිර්මාණාත්මක පරිකල්පනයේ සාරයද රැඳීතිබේ. අනාගත අධීවේගී මාර්ග සඳහාද මේ සොඳුරු සංකල්පය ව්‍යාප්ත කිරීම මේ නිර්මාණවේදීන්ගේ එක් අභිලාෂයකි. ආසියානු නිර්මාණ රටාවට නෑකම් කියමින් ලාංකික නිර්මාණ කලාවේ අනන්‍යතාවද සුරැකිමින් හරිත තාක්‍ෂණය යොදාගත් මෙම ඉදිකිරීම ඇමෙරිකාවේ හරිත ඉදිකිරීම් මණ්ඩලයේ රන් සහතිකයෙන්ද සහතික කර ඇත. අවම පිරිවැයක් දරමින් යාන්ත‍්‍රික ඉදිකිරීම්වලටත් වඩා මිනිස් ශ‍්‍රමයට මුල් තැනක් දෙමින් පරිසර හිතකාමී ලෙස මෙම ගිමන්හල ඉදිකර ඇත. අවම විදුලි පරිභෝජන රටාවක් කෙරෙහි අවධානය යොමුකරමින් හරිත තාක්‍ෂණයට අනුකූලවූ වායු සමීකරණ පද්ධතියක් සහිත කැනොවින් ගිමන්හල ව්‍යාපෘතියේදී ජලය ගැලූම් ලක්‍ෂ 3 ක් නැවත නැවත පාවිච්චියට ගෙන ඇත. එමෙන්ම ඉදිකිරීම් ක්‍ෂේත‍්‍රයේදී ප‍්‍රතිචක‍්‍රීය කරන ලද ද්‍රව්‍ය යොදාගෙන ඇත. වැසි වතුරින් ගත හැකි ප‍්‍රයෝජනය උපරිම ලෙස ලබා ඇත. දුෂිත ජල මාර්ගවල වූ ජලය පිරිපහදුවට ලක් කර භාවිතයට ගෙන ඇත. තවද උණුසුම අවම කර ගැනීම සඳහා වීදුරු අඩු ප‍්‍රමාණයක් භාවිත කර තිබේ. මේ සියලූ ක‍්‍රියාදාමයේ ප‍්‍රතිඵලයක් ලෙස වාර්ෂිකව මිලියන 9.9ක බලශක්තියක් ඉතිරි කරගන්නට මෙම ව්‍යාපෘතිය සමඟ අත්වැල් බැඳගත් පිරිසට හැකිව තිබේ. සමාජය හා මිනිසුන් පන්ති අනුව බෙදී සිටියත් මේ අපූරු ගිමන්හල තුළ කිසිදු පන්ති භේදයක් නැත. පැමිණෙන මිනිසා සමාජය තුළ නියෝජනය කරන්නේ කවර සමාජ පසුතලයක් වේවා මේ බිමට පැමිණි පසු විඳින්නට ඇති සියලූ දේ තුළ ඔවුහු සමානයෝ වෙති. එයද මෙම නිර්මාණකරුවන් මෙම නිර්මාණ කාර්යයේදී පූර්වාදර්ශ කරගත් එක් මානුෂීය රීතියකි. ”දැන් ඔබ සියලූදෙනා අපගේය” වැනි සෙනෙහසකින් කැනොවින් ගිමන්හලට පැමිණෙන සියලූදෙනා පිළිගන්නේ එලෙසිනි. එමනිසාම සමානාත්මතාවේ පදනම මත ඉදිවූ ගිමන්හලේ මොහොතක් නවතින්නට දෙගිඩියාවකින් තොරව ඔබ කාටවුවත් එහි යා හැකිය. කෝටි 2100ක පමණ වියදමකින් ඉදිකළ මෙම ගිමන්හල දැන් ඔබ වෙනුවෙන් විවෘතය. ”ඔබ එන්න - ඇවිත් යන්න එන්න” ඒ දක්‍ෂිණ අධිවේගී මාර්ගයේ ගමනේ යෙදෙන ඔබට ”කැනොවින් ආර්කේඞ්” කරන ආදරණීය ඇරියුමයි.
මහ මැතිවරණය නිමා වී ඇත. නව පාර්ලිමේන්තුව ද පළමු වතාවට ඊයේ රැස්වූයේය. ජාතික ජන බලවේගයේ දේශපාලන වැඩසටහන විධායකය සහ ව්‍යවස්ථාදායකය යන ක්ෂේත්‍ර දෙකේම ශක්
බ්‍රිතාන්‍ය යටත්විජිත සමයේ සිට මෙරට භාණ්ඩ අපනයනය සිදු වුණි. එදා සිට අද දක්වාම මෙරට ප්‍රධාන අපනයනික බෝග ලෙස හඳුනාගන්නේ තේ, පොල්, රබර් ය. එහෙත් එම පිළිගැන
ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රමුඛ ජාතික ජන බලවේගය මෙවර මහ මැතිවරණයේ දී ජනතාවගෙන් ඉල්ලා සිටියේ ‘පොහොසත් රටක් ලස්සන ජීවිතයක්’ ජනතාවට උරුම කර දීම සඳ
පෙරදිග ධාන්‍යාගාරය යන්න ඇසූ සැණින් කාගේත් මතකයට නැගෙන්නේ මහා පරාක්‍රමබාහු සමයේ අප රට හැදින් වූ නමයි. වචනයේ අර්ථය අනුව ගතහොත් පෙරදිග ලෝකයටම අවශ්‍ය තරම
ජාතික ජන බලවේගයට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක් ඉක්මවා යන ආසන 159ක අද්විතීය ජයග්‍රහණයක් ලබා දෙමින් 2024 පාර්ලිමේන්තු මැතිවරණය නිමාවට පත්විය. එහිදී සමඟි ජන බ
ජ.වි.පෙ මූලිකත්වය ගත් මේ 2024 පාර්ලිමේන්තු මැතිවරණයේ ජා.ජ.බ නැතිනම් “මාලිමා” ජයග්‍රහණය සැබවින්ම ඓතිහාසික ජයග්‍රහණයකි. ඔවුන්ගේ දේශපාලනය මා නොපිළිගත්තද, ඔ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
දක්‍ෂිණ අධිවේගී මාර්ගයේ ගිමන් නිවන කැනොවින් ගිමන්හල
අසයා Sunday, 16 December 2012 02:23 PM
රුපියල් මිලියන 21,000ක්? වැරදීමක්වද්ද? (නි)
සුමනා Sunday, 16 December 2012 04:06 PM
හොද දෙයක්. නමුත් කන බොන දේවල් වල ගාණ තමයි ප්‍රශ්නෙකට තියෙන්නේ. (නි)
ප්‍රදීප් Monday, 28 January 2013 09:54 AM
සල්ලි නැති අපි කොහොමද ඕවට යන්නේ (දී)
මුතුකුඩ Sunday, 16 December 2012 07:31 PM
ලංකාවේ සමහර ඇත්තන්ට මේ ගිමන්හල්වලට ඒන්න බෑ මහත්තයෝ ඒ ඇත්තන්ෙග් ගමමැදින් තියෙන පාලමකැඩිලා අබලන් වෙලා මැරැණහම මිනියවත් ගෙනියන්න බැරිතත්ත්වයකයි ඒ ඇත්තෝ ඉන්නේ .ඒන්න ආසයි ඉතින් මක්කොරන්නැයි. (දී)